Wednesday, August 17, 2016

රට යෑම හෙවත් The country going

“ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය“ කියා කවුදෝ කියා ඇත. ඉන්දියන් සාගරයේ ප්‍රමාණයත් මුතු ඇටයක ප්‍රමාණයත් සැසඳු කල අපේ රටට ඒ කියමනෙන් දී ඇති සොච්චම් තත්වය බලා හරිනං ඒ කියමන කියූ කෙනාට විරුද්ධව නඩු දාන්ට ඕනෑය. එහෙව් නොයෙක් ආකාරයෙන් නම්බු නාම දෙමින් පවත්වාගෙන යන මේ රට අස්සේ කෝටි ගණනක් ඉපදී මැරී යන්නේය. ඒ අතරින් කීප දෙනෙක් පමණක් ‘කරිජ්ජ වලල්ලෙං‘ එලියට යන්නේය.


මං පුංචිම කාලේ හිතාගෙන හිටි හැටියට ‘අපේ රට‘ මුහුදේ එක ඉවුරක තියෙන අතර මුහුදෙං එගොඩහ ගොඩේ තියෙන්නේ ‘පිටරට‘ය. ඒ රටේ ඉන්නේ සුද්දෝය. අපේ ගමේ තියෙන ගඟට වඩා මුහුද ‘හුඟාරියක්‘ විසාල හිංදා පිටරට ඉන්න සුද්දෝ ලංකාවට එන්නේ ‘නැවේ‘ නැත්තං ‘ආස්යාන්තරාවේ‘ය. මේ භූගෝල විද්‍යා දැනුම ලබාගැනීමටත් මට සෑහෙන වතාවක් පවුලේ අයගෙන් ලද “පන්ඩිතකං කියොවන්නැතුව වහක්කට“ යනාදී දිරිගැන්වීම් මහෝපකාරී විය.


පස්සෙං පහු කාලෙක රට යාම ගැන මං දැනගත්තේ ‘රේඩිවේකෙන්‘ ය.


“ඩුබායි යබුඩාබි සවුදියාරාබි දෝහාකටාර් ලෙබනන් මැදපෙරදිග යන රටවල්වලට විදේස රැකියා ඇබෑර්තු රැසක්. වහාම පැමිනෙන්න. දනාමෑන්පවර් විදේස රැකියායතනය අංක..................“


ඔන්න ඔහොම ඉරිදා දවල්ට රේඩිවේකේ යන දැන්නීමක් මට හොඳට මතකයි. ඒ කියන වෙලඳ දැන්වීම ඇහෙන කාලෙ වෙනකොටම අපේ ගමෙත් එක කාන්තාවක් කොහොමටවත් දකින්න නැතුව අතුරුදහන් වුනා. අපේ ආච්චම්මගෙ තීක්‍ෂණ නුවනට මේ අඩුව අහුවෙන්න වැඩි දවසක් ගියේ නෑ.


“කෝ මේ බුලත්හප උන්දැගෙ ලොකු එකී කාලෙකිං දැක්කෙ නෑනෙ. ආයි පාරක් මිනිහෙක් එක්ක පැල්ල ගිහිල්ලවත්ද“


“මොනප් පිස්සුද නැංදම්මෙ.... දැං සුමාන දෙකක් වෙනව රට ගිහිල්ලා.“


“අනෙප් පලෙයං පොඩිමැණිකෙ කෙබර කියොවන්නැතුව. ඒකිට පුලුවං රටයෑම. උංට කොයිංද ඒ තරං සල්ලියක්“



“ඒකනං මංද. බුලත්හප ගෑනි දැං කුලියට යන්නෙත් නෑ. කෙල්ල රට ඉඳං සල්ලි එවනව කියන්නෙ“


ඒ කතාව ඇත්තක්ම බවට තහවුරු වෙමින් බොහොම ටික දවසකින් ඒ ගෙදර අය බොහොම ලකේට ජීවත් වෙන්න පටංගත්තා. කඩෙන් නයට බඩු ගැනීම වෙනුවට හාල් මිටි ගනං ටවුමෙං ගෙනාවා. පුංචම්මගෙ කඩේ තියෙන සැමැන් ටිං, බීම බෝතල් සේරම වගේ ඒ ගෙදර අය සැරිං සැරේ අරං ගියා. රුපියල් දහය පහලොව වගේ නයට දීපු 'සුළු සුළු ගනං' ආපහු ගත්තෙ නෑ. කල දුටු වලවල් ඉසින්නෝ බාල්දි, පනිට්ටු, පොල්කටු, ටොනික් පියං ආදියද රැගෙන ඇවිත් වල ඉසින්න පටං ගත්තා. ඒ ගෙදර ළමයිනුත් වයිවාරන බඩුමුට්ටු ඉස්කෝලෙ ගෙනාවා. සුවඳ ගහන මකන, වතුර පුරෝපු අඩිරූල්, අකුරු අඳින අච්චු, සුවඳ පැන්සල්, පැණි රහ කෑම සුවඳක් එන මකන කෑලි, කටර්, පාට පාට පෑන්, පාට ජාති බරගානක් තියෙන පාට පෙට්ටි, ඒ අරුමෝසම් සේරම දාන්න පුලුවන් කවකටු පෙට්ටි (මේ කවකටු පෙට්ටියෙ පියන වැහෙන්නෙ කාන්දමකිං. ඒ අතරෙ එක එක සුයිච් ඔබලා කටර් එක, මකන කෑල්ල එහෙම එලියට ගන්නත් පුලුවං), තට්ටු දෙකේ බත් පෙට්ටි, සුයිච්චෙකෙං අරින වතුර බෝතල් එයිං සමහරක්. හාමුදුරුගොල්ලං ගැන කියද්දි 'අතිපූජ්‍ය' කියලා කොටසක් මුලට එක්කහු කරන්නා වගේ මේ සුකුරුත්තං ගැන කියද්දි මුලට 'රට' කියලා කොටසක් එක්කහු කරන්න ඕනෑ. එතකොට 'රට පැන්සල', 'රට මකනෙ' ආදී විදිහටයි කියවෙන්නේ.


ළමයින්ට දෙවෙනි නෑ ගෙදර අයත්. කවුරුවත් රස්සාවල් වලට ගියේ නෑ. කරපු රස්සාවල් නැවැත්තුවා. කලිං කාගෙ ගාව හරි වැඩ කලා නං "ඕකුංගෙ වාල් වැඩට ආයියන්නෑ" කියලා ඒ අයටත් ලොකුකං කියෝලා තරහ වුනා. රට ඉන්න කෙනා එවන සල්ලිවලිංම ජීවත් වුනා. ඒ ගොල්ලන්ගෙ නෑදෑයො වෙන දුප්පත් පවුලකුත් ඇවිත් ඒ ගෙදර පදිංචි වුනා. ගෙදර අයත් ඒ ගොල්ලන්ට කන්න බොන්න ටික දීලා වැඩකාරකමට තියා ගත්තා. හැමෝම ඇන්දෙ අලුත් ඇඳුං. ගෑනු අය දිලිසෙන 'ඇස් කඩාගෙන යන තරං දිස්නෙ පාටවල් තියෙන, ලොකු ලොකු පාට බෝල ඇඳපු' සිලික් ඇඳුං ඇන්දා. ඒ අය මාස දෙක තුනකට සැරයක්වත් "රටිං බඩු පෙට්ටියක් එවලා තිවුනා" කියලා කොහෙදෝ මන්දා ගිහිං විසාල පෙට්ටියක් අරං එනවා. ඒ ගමන ආයිත් අරුමෝසං ඇඳුං, බඩු මුට්ටු කල එළි බහිනවා. ගමේ අනික් ගෙවල් වලට "ජම්බල ගෙදර", "හාමිලවත්තෙ ගෙදර", "තෝර ගෙදර" ආදී නම් දැම්මා වගේ මේ ගෙදරට ගමේ මිනිස්සු දාපු නම තමයි "ඩුබායි ගෙදර". ඒ නම තමුන්ට දීපු නම්බුවක් හැටියටයි "ඩුබයි ගෙදර" අය සැලකුවේ.


තවත් කාලයක් යද්දි අර රටගිය කාන්තාව ආපහු ආවා. සති ගානක් යනතෙක් ඒ අවට ගෙවල්වල ලමයින්ට ටොපි, චොකලට් හිඟපාඩු උනේ නෑ. ඒ ගෙදරට ගිය අය කිව්වේ මහ විසාල බපල් සැට්ටෙකක් එහෙමත් ගෙනැත් තියෙන බවයි. විස්තර හෙවීමේ උවමනාවෙන් "ඩුබායි ගෙදර" පැත්තේ 'නිකං ආපු' උදවියට උත්තර දුන්නේ ඒ ගෙදර අය. 'රට ගිය' කෙනා ගෙදර තියෙන හොඳම කාමරේට වෙලා 'මහන්සි අරින' බවට ප්‍රකාශයක් නිකුත් කරන ගෙදර අය 'ආස්යන්තරාවේ එද්දි කන්න බොන්න හිටං හම්බුවෙන බවත්, කාපු බීපුවත්, ආදී සම්පූර්ණ ගමං විස්තර ඇතුලත් වාර්තාවක් දුන්නා. තමුංගේ දුව ගිහිං හිටියේ ඒ රටේ 'පුරාම පෝසත්' ගෙදරක වැඩට බවත්, ඒ මිනිස්සු තමුංගෙ කෙනෙට්ට වගේ සලකා ඇති බවත්, එව්වෑ සේරම වැඩ කෙරෙන්නේ මැසිං වලිං බවත්, දුවට කරන්න තිවුනේ මැසිමේ සුයිච්චෙක දමා බලං හිටීම පමණක් බවත්, තව තව ඒවා බවත් ඇතුලත් විස්තරයක් ගමේ සෑම මාධ්‍ය ඒජන්සියකටම පොදුවේ දැනුං දුන්නා. අන්තිමට ගමේ මාධ්‍යවල ප්‍රධාන සිරස්තලය එකක් බවට පත්වුනා.

බලහල්ලකො ඒකිගෙ උද්දච්ඡ කම

එයා ගමං බිමං ගියේ සෙනග අඩු බස්වල විතරයි. අත්වල, කංවල අරුමෝසං පිරිලා. 

"ඔය ඩුබයි සත්තරං බාලයි."

ගමේ ගෑනු අය කිව්වා. 

ඇන්දෙත් ඇස් කඩං යන තරං පාට ඇඳුං

"ඒ රටවල්ලොල ගෑනු ඇඳපුවා ඔය."

තව කොටසක් කිව්වා.

ගහගෙන ගියේ අහලගං හතකට දැනෙන සැං ජාති.

"නාහෙ කඩං යන ගඳක්. මට නං ඔක්කාරෙට එනව"

සුවඳ අල්ලපු අය කිව්වා.

ගමේ කා එක්කවත් කතා කලේ නෑ.

"හිතං ඉන්නව ඇත්තෙ මහ රජ්ජුරුවංගෙ බිසවුන්නාංසෙ කියලා"

කීප වතාවක් කතාවට පැටලෙන්න උත්සාහ කරපු අය කිව්වා.

ඔය විදිහට මාසයක් විතර යද්දි කනිං කොනිං ඇහෙන්න ගත්තේ කණු වේයො කන කතන්දර

"ඩුබයි ගෙදර උංගෙං රුපියල් දහයක් ගන්න බෑනෙ නයට."

කියලා කෙනෙක් කිව්වා.

"මං කාලෙකට ඉස්සර ගනිපු සල්ලි වගේකුත් ඉල්ලුව"

තව කෙනෙක් කිව්වා.


එයිටත් මාසයක් විතර යද්දී "ඩුබයි ගෙදර" නැවතිලා හිටපු වැඩකාර දුප්පත් නෑයොත් 'උං එක්ක ඉන්න බෑ' කියලා රණ්ඩු කරගෙන යන්න ගියා. එයිනුත් සති දෙක තුනක් ගියාට පස්සෙ ආච්චම්මගෙ සහාය වාර්තාකාරිනියක් දුංදාන ප්‍රවෘත්තියක් කොලේකින් වහලා අරගෙනාවා ආච්චම්මට දෙන්න.


"ආං නැංදම්මෙ අර රටගිය එකී උංගෙ අම්මත් එක්ක ආයිත් කුලියට දලු කඩනවලු. නරින්දරලෑ ඉඩමෙ විතරයිලු හැබැයි යන්නෙ. අපි කිව්වෙ නැද්ද නැංදම්මෙ ඔය සෙතේ වෙයි කියලා ඕකිගෙ උද්දච්ච කමට"


රට ගිහිං හම්බුකරපු සල්ලි නියමාකාරයෙං වැඩකට ගත්තෙ නැති හංදා අන්තිමට ‘ඩුබයි ගෙදර අය‘ හිටපු තැනටම වැටුනා. පුලුවං කාලෙ ප්‍රයෝජන ගත්ත අය "උංගෙ උද්දච්චකමට වෙච්චි දේ. යසම යස" කියලා වගකීමෙන් නිදහස් වුනා.


මේ විදිහට රට ගිහිං වලේ වැටිච්ච අය අපේ ගමේ හිටියත් රට ගිහිං දියුණු වෙච්චි අයගෙ කතන්දරත් මම අහලා තිබුනා. ඒ හංදා මගේ ඔලුවෙත් 'රට යන්න ඕනෑ' කියන කල්පනාව තදිංම කාවැදිලා තිබුනා. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම දළු කඩද්දී, කරේ තියාගෙන දළු ගෝනි ගෙනෙද්දි, වෙනයම් මොකක් හෝ අමාරු වැඩක් කරද්දි මගේ ඔලුවට ආවෙ 'රට ගිිහිංම ගොඩ යනවා' කියන එකයි. මගෙ වයසෙ අනික් අය උසස් පෙළට පන්ති යද්දි, මගෙ දැනුම මදි හිංදා විභාගෙ ඇනෙන බව දැනෙද්දි මං හිත හදාගත්තෙ “ඕවට වැඩිය ලේසියි රට ගිහිං අවුරුදු පහක් දහයක් ඉන්න එක“ කියලයි.

ඊශ්‍රායලේ ගිහිං 'වයසක මිනිස්සු බලාගෙන' සල්ලි හම්බුකරගෙන ආපු කෙනෙක් බොහොම ජයට ඉන්නවා දැකීමෙං මටත් ඒ රටට යන්න හිතුනා. බොහොම වටකුරු දියණියන් දෙන්නෙක් සහ එයිටත් වඩා ගෝලාකාර බිරිඳක්, අලුත්ම වෑන්නෙකක්, විසාල ගෙයක්, දවසට සිකරට් පැකැට්ටෙකක් දෙකක් පුච්චා දැමීමක් නිසා එයාගේ 'සල්ලිකාරකම' බොහොම ලේසියෙං දකින්න පුලුවං. මං මගේ පලවැනි 'පඩි කොලයක්' ලැබෙන රස්සාවට ගියේ ඊශ්‍රායල් යන්න සල්ලි හොයාගන්න. නමුත් ඒ අතරේ මේ රස්සාවට පාර කැපුන නිසාත්, රට ගියා වගේ නෙමෙයි ආංඩුවෙ රස්සාව, කියන නම්බුව ලැබුන නිසා මගේ රට හීනේ යට ගියා.


ඒ වුනාට දැනට මට ලැබෙන පඩියෙන් ජීවත්වෙනවා ඇරෙන්න වෙනිං දෙයක් කරන්න බැරි බව මට කාලයක් තිස්සේ දැනෙන්න ගත්තා. මගෙ පඩියෙ හැටියට ගන්න පුළුවන් උපරිම ණය මුදල ගත්තත් ගෙයක් හදාගන්න ඉඩමක්වත් ගන්න බැරි බවත්, එහෙම ගත්තොත් ජීවිතේටම වෙනිං දෙයක් කරන්න බැරිවෙන බවත් මගේ සාමාන්‍ය පෙළ ගණිතය දැනුම මට අවබෝධ කරලා දුන්නා. දවල්ට කන්තෝරුවේ වැඩ කරලා හවසට ත්‍රීවිල් හයර් දුවලා, වඩේ බැදලා, කඩල විකුණලා මුදලක් හොයන්න මහන්සි වුනොත් මට රෙද්දක් ඇඳගෙන පාරෙ යන්න ලාංකික සමාජයෙ ඉඩක් නෑ. එතකොට ඉතුරු පගාව සහ හොරා කෑම විතරයි. නමුත් මගෙ කලින් රස්සාවෙදි 'යටි මඩි ගැසීමේ' කුළුඳුල් මෙහෙයුම සාර්ථක කරගෙන ගත්ත රුපියල් අටදාහම එයිට සතියක් යන්න මත්තෙන් බයිසිකලේ ෂොක්ඇබ්සෝබර් දෙක වෙනුවෙන් යට කරන්න වීමෙන්ම මගේ 'හොරාකෑම' අත්හැරුනා. ලොකු සමාගමකින් වුනත්, දුප්පත් මනුස්සයෙක්ගෙන් වුනත් වංචා කලොත්, පගාව ගත්තොත් එව්වා යන්නේ පොලියත් අරගෙනයි කියන ධර්මය මං අත්දැකීමෙන්ම දැනගත්තා. ඒ හංදා මේ රස්සාවෙං මං අයුතු විදිහට එක රුපියලක්වත් උපයන්න ගියේ නෑ. පඩිය විතරයි. නමුත් මේ ඉන්න තැනින් වෙනින් තැනකට මාරුවක් ලැබිලා නිල නිවසක් නැතුව කුලී ගෙයක ඉන්න වුනොත් ළඟම තියෙන සිද්ධස්ථානය ඉස්සරහා ඉටිකොලයක් එලාගෙන හවසට පාට් ටයිම් කරන්න වෙන අවදානමක් මගේ ඉස්සරහ තියෙනවා.


මගේ රට යන හීනේ ආයිමත් පෑදුනේ සොඳුරු අතීතයෙන් බිඳක් ලියන කවිඳු දොස්තර මහත්තයගේ ලිපි කීපයක් හිංදයි. ඒ ලිපිවල තියෙන කරුණු හොයා බැලුවහං ලංකාවෙ මනුස්සයෙක්ගෙ දවසෙ පඩිය ඕස්ට්‍රේලියාවෙ එක පැයට හොයන්න පුලුවන් බව පෙනෙන්න තිබුනා. අපි දෙන්නා අවුරුදු ගානක් තිස්සේ හීන මවපු ‘ඉන්දියාවෙ  මං කවිඳු මහත්තයා ලියපු පාරවල් දිගේ යන්න පටං ගත්තා. මුලින්ම මගේ විස්තරේ දාලා අයදුම්පත්‍රයක් දැම්මා ඕස්ට්‍රේලියාවෙ රජයේ හැකියාවන් තක්සේරු කරන වෙබ් අඩවියට.


"ඔබට ඔබගේ රැකියාව සඳහා උපාධියක් තිබිය යුතුයි. ඩිප්ලෝමාව මදි."


කියලා උත්තරය ලැබුනා. ඒ ගමන මගෙ රස්සාවට අදාල උපාධියක් කරන්න තැනක් හෙව්වා. හම්බවුනේ නෑ. ලංකාවෙ එහෙම උපාධියක් බාහිරව හදාරන්න දෙන්නෑ කියලයි හුඟක් අය කිව්වේ. ඒ හංදා කැන්ගරු රටේ යන්න හිතන අය මේ රැකියා සඳහා අදාල උපාධිය හරි වැඩ කරපු බවට සුදුසුකම් හරි හදාගන්න ඕනෑ.


ඒ ගමන දෙවැනි ක්‍රමයට පය තිබ්බා. ඒ තමයි කවිඳු මහත්තයා තමුන්ගෙ නෑයොන්ට උගන්නපු 'මේසන් පාඨමාලාව' හැදෑරීම. නමුත් ඒකටත් බාධාවක් තිබ්බා. රජයට බදු, ඊ.ටී.එෆ්, ඊ.පී.එෆ්, ගෙවන තැනක අවුරුදු දෙකකවත් මං වැඩකලා කියලා සහතිකයත්, පඩිකොලත් ඕනෑ වෙනවා සුදුසුකම් ඔප්පු කරන්න. ඒ පාරත් උපන්ගෙයිම මියැදුනා. මට මේ රස්සාව අතෑරලා මේසන් වැඩ අවුරුදු දෙකක් කරන්න හිතත්, ආර්ථිකයත් හදාගන්න බෑ.


ඒ ගමන මට තවත් පාරක් අහුවුනා. ඔස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවෙ කෙනෙක් මට එයාගෙ සේවා ආයතනයෙ රස්සාව දෙන්න කැමති වුනා. එතනටත් හරහට හිටියේ සුදුසුකම් ඔප්පු කරන්න රජයට බදු, ඊ.ටී.එෆ්, ඊ.පී.එෆ්, ගෙවන තැනක අවුරුදු දෙකකවත් සේවා සහතිකය සහ පඩි කොළ. අකමැත්තෙන් වුනත් එතනිං ආපහු හැරෙන්න මට සිද්ධවුනා. ඒ හංදා ඕස්ට්‍රේලියාවට යන්න හිතං ඉන්න අනික් අයත් තමුන්ගෙ රස්සාව අවුරුදු දෙකක්වත් ලංකාවෙ තියෙන පිළිගත් ආයතනයක කරන්න ඕනෑ.


එතකොටම තමයි මට ආරංචිය ලැබුනේ මගේ රස්සාවට අදාල උපාධිය පේරාදෙනියෙ සරසවියේ බාහිර උපාධියක් හැටියට දෙනවා කියලා. මං අවුරුදු තුනෙන් කැන්ගරු දේශයට යන හීනෙ හිතේ තියාගෙන එතැනට කතා කලා.


"ඔව් ඔයාට කාටොග්‍රෆි වලට අමතරව තව සබ්ජෙක්ට්ස් දෙකක් කරන්න වෙනවා. නෝමල් බී.ඒ ඩිග්‍රී එකක් තමයි දෙන්නේ. ක්ලාසස් අපි කරන්නෙ නෑ. අපි ඒ ක්ලාසස් තියෙන තැන් සෙමිනා එකේදි ඉන්ට්‍රඩියුස් කරනවා. බුක්ස් ඔක්කොම ඔයලා ගන්න ඕනි"


පන්තිවලටයි, ගමන් ගාස්තුවලටයි යන වියදමත්, වැයවන කාලෙත් එක්ක මට කොහොමටවත් ඒ උපාධිය කරන්න බැරි නිසාත්, ඒකට අදාල පිළිගැනීම ලැබේ යැයි විශ්වාස නැති හිංදත් මං ඒ වැඩේ අතහැරලා දැම්මා. 


අන්තිමට මං මගේ ගැටළුව ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට වීසා හදලා දෙන 'ඇත්තම' ඒජන්සිකරුවෙක්ට යොමුකලා. එයා මට හරියටම හරියන මාර්ගයක් තෝරලා දුන්නා.


"ඔයාට පුළුවන් ස්ටුඩන්ට් හැටියට යන්න. IELTS අදාල ලකුණු ගාන ගත්තනම් හරි. එහෙ ගිහින් ඩිග්‍රිය කරලා ජොබ් එක පුරුදු වෙන්න ආපහු වර්කින් වීසා ඉල්ලන්නත් පුලුවනි."


අන්තිමට මට හරිපාර අහුවුනා. සෑහෙන සතුටක් හිතට දැනුනා. අනික් අයටත් දැනගන්න බ්ලොග් එකේ ලියන්න ඕනෑ කියලාත් මට හිතුනා. එයා අන්තිමට පුංචි කොටස් එකතු කලා.


"හැබැයි ඉතිං ඔයාට ලක්ෂ තිහක් විතර වත්කම් පෙන්වන්න වෙනවා."


ගුරුත්වාකර්ශණය සිතුවිලිවලටත් අදාලයි. ලක්ෂ තිහ විසින් මගේ හීනේ මහ පොලවට ඇද දැම්මා. ලක්ෂ හතරක් පහක් නං හොයන්න පුළුවන් කියමුකෝ. තුනයි බිංදු හයක් හොයන්නෙ කොහොමද? මං වැඩේ අතෑරියා කියලද හිතන්නෙ? නෑ. මං ඒ ගමන ඒ සල්ලි පස්සෙ එළවන්න ගත්තා. පත්තරේ, ඉන්ටනෙට් එකේ, අතන මෙතන තියෙන හැම මූල්‍ය සේවා ඇඩ් එකකටම කතා කළා. 


“ලක්ෂ තිහට වැඩි වටිනාකමක් තියෙන දේපලක් ඇප තියන්න ඕන“


“මන්ත්ලි ****** ලැක්ස් විතර සැලරි එකක් තියෙන දෙන්නෙක් ඕන“


මනුස්සයෙක්ට ලක්ෂ තිහක් ණයට ගන්න ලක්ෂ හැටකවත් දේපල තියෙන්න ඕනෑ. ඒ වැඩෙත් අතෑරියා. අපිට කවුද ලක්ෂ තිහකට ඇප තියන්න ඉන්නේ. බැංකුවෙනුත් මට හම්බවුනේ බඩගින්නට මාරියක් වගේ උත්තරයක්. මගේ මාසික පඩිය එහෙම්මම ඉතුරු කරත් ලක්ෂ තිහක් හොයන්න අවුරුදු අටක් යනවා. අවුරුදු අටක් යද්දි මං නාකි වෙලා ඉවරයි. එහෙනම් දැන් කරන්න තියෙන්නෙ මාසෙට ලක්ෂයක් හමාරක් හොයන්න පුළුවන් රටකට යන එක. අවුරුදු දෙකෙං ගාන හොයාගන්න පුළුවන්.


මං ලක්ෂ එකහමාරෙ පඩියක් දෙන රස්සා හෙව්වා. ඒකටත් රට යන්නම වෙනවා. පළමුවෙන්ම මතකෙට ආවෙ මැලේසියාව. එහෙ ඉන්න හිතවතෙක්ට බුකිය හරහා මගේ අවශ්‍යතාව කිව්වා.


"Ha ha haaa.baha mehe baha ...ekahamarak hoyanna baha.ITkenekutath,ganna baha accounter kenekuta ekahamaarak gatahaki.nattam amaruyi"


ඉතුරුවුනේ මගේ පොඩිකාලෙ ඉඳන් හීනෙ විතරයි. 


“ඊශ්‍රායලය සඳහා සාත්තු සේවක සේවිකාවන් අවශ්‍යයි“


අන්තර්ජාලය හරහා දැකපු දැන්වීමෙ තිවුන ආයතනයට කතා කළා. 


“අවුරුද්දකවත් කෙයා ගිවින් කෝස් එකක් ෆලෝ කරලා තියෙන්න ඕනි. එඩල්ට්ස් හෝම් එකකවත් ටූ ඉයර්ස් වර්ක් කරල තියෙන්න ඕන. ඒක චෙක් කරලා බලනවා. ෆෝටි ෆයිව් මිනිට්ස් අපේ ක්ලයන්ට් එක්ක ඉංග්ලිෂ් වලින් ස්පීක් කරන්න ඕන.“


ඉංග්‍රීසි නං බැරියැ. කෝස් එකක් කරලා වැඩිහිටි නිවාසෙක අවුරුදු දෙකක් වැඩ කරන්න ගියොත් මට ඉන්න වෙන්නෙ මහ පාරෙනෙ. ඒ අතරෙ මේ නීතිය වෙනස් වුනොත් මට අතු දෙකම නෑ. මං ඒ වැඩෙත් අතෑරියා. 


කොරියාවට, ඉතාලියට යවන  රස්සා ගැන දැන්වීම් තිබුනත් එව්වයෙ රස්සාවට යන්න වීසා එන්නත් කලිං ලක්ෂ පහක්, හයක් ඉල්ලනවා. ඒ හංදා ඒ පාර අතෑරලම දැම්මා. අන්තිමට මං මුලටම වැටුනා. මුලටම වැටිලා මුල ඉඳං උඩ බලාගෙන කල්පනා කලා. අන්න එතකොට මට මතක් වුනා බ්ලොග් එක. ලියන්න දෙයක් නැතුව උඩ බලාගෙන හිටපු මං මගේ ප්‍රශ්නෙ ගෙඩිය පිටිං ගෙනැත් මෙතන අතෑරියා.


ඉතිං නෝනාවරුනේ, මහත්තුරුනේ තමුන්නැහැලා දන්න ක්‍රමයක් තියෙනං මට පාරක් හදලා දෙන්න. මේ වෑයම ගෙයක් දොරක් හදාගන්න, වයසට ගියහම පණ කෙන්ද ගැටගහ ගන්න ක්‍රමයක් හදාගන්න, පිනක් දහමක් කරගෙන කාටවත් කරදරයක් නොවී ජීවත්වෙන්නයි. සතෙක්ටවත් මනුස්සයෙක්ටවත් හානියක් කරදරයක් නැතුව කරන්න තියෙන ඕනිම රස්සාවක් මට කරන්න පුළුවනි. 


හැබැයි, මට ඔබට දෙන්න පුලුවන් වෙන්නෙ ඔබේ නම්බුව කාබාසිනියා නොකරන පොරොන්දුවත්, පිං අනුමෝදනා කිරීමත් විතරයි. ඉස්තූතියි.










189 comments:

  1. ඇමරිකන් green card lottery එක try කරන්න. October to  November Online apply කරන්න පුලුවන්.මේ link එක ගිය අවුරුද්දෙ එක. https://travel.state.gov/content/dam/visas/Diversity-Visa/DV-Instructions-Translations/DV-2017-Instructions-Translations/DV-2017%20Instructions%20and%20FAQs.pdf සල්ලි යන්නෙ නෑ apply කරනවාට.
    All the best Putha,
    Aunty K from USA.

    ReplyDelete
    Replies
    1. මං ඒකත් අවුරුදු ගානක් ඉඳං කරන වැඩක්. තාම වාසනාව ඇඳුනේ නෑනේ. බොහොම ස්තූතියි ඔබ තුමියට

      Delete
    2. චූටි මැණිකෙටත් වෙනමම apply කරන්න පුලුවන්. K නැන්දා

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  2. එංගලන්තේ දැනට ඉඩ දෙන්නේ දොස්තර ලට හා හෙදියන්ටත් , කෙයාර් හෝම් වලටත් විතරයි. ජර්මනියේ නිකන් ඉගෙන ගන්න පුළුවන්. ලියලා බලන්න.
    අර ඉයන් ගේ ලිපියක තිබුන නේද පිටරට ගිහින් වැඩක් නැහැ කියල.
    http://www.studying-in-germany.org/
    http://www.studying-in-germany.org/how-to-apply-at-a-german-university/

    ReplyDelete
    Replies
    1. මට ඇත්තටම ඕනා මොකක්හරි කරලා ගානක් හොයාගන්නයි සර්. ඉගෙනගෙන රස්සාවක් නැතිවුනොත් මක්ක කරන්නද?

      Delete
    2. දැන් ඔය සින්දු 16 සෙල්ලම තියෙනවා නේද? ඕක CD වලට ගහල (කොම්පියුටරයක් තියනවනේ) විකුන ගන්න බැරිද? ඔය වගේ තමන් ආස කරන සින්දු එක තැනකට දාගන්න ඕනේ අය කොච්චර ඇතිද? නමුත් කරගන්න වෙලාව නැති? හැබැයි දැන් සීඩී අහන කට්ටිය අඩු ඇති? ලංකාවේ තත්වේ කොහොමද?
      මම තව මේල් එකක් දැම්මා.

      Delete
  3. කටුසු හදවතට මැසේජ් එකක් දාපං, මෑත කාලෙ රට යෑම ගැන තොරතුරු හොදටම දැනගෙන ඉන්න ඕනෙ කටුස්ස තමයි.
    රටින් පිට යන්න උත්සාහ කරනව වගේම ,දැන් කරන රස්සාවෙන් ඉහලට යන්න පුළුවන් විදිහත් බලන්න

    ReplyDelete
    Replies
    1. අලුත් සේවා ව්‍යවස්ථාව අනුව මේ අවුරුද්දෙ ලැබෙන්න තිවුන උසස්වීම තව අවුරුදු 5කට කල් ගියා මැතිතුමනි.

      Delete
  4. මාත් රට යන්ඩ ඉන්නේ මෙරට තිත්ත වෙලා

    ReplyDelete
  5. දිගටම උත්සහ කරලා බලන්න... ඒ වගේම කම්මල කියුව වගේ දැනට කරන ජොබ් එකේ ඉහළට යන්න බලන්න...

    ReplyDelete
    Replies
    1. වෙලා තියෙන්නෙ අතට එන එකත් හොරු ගැනීමනෙ.

      Delete
  6. Hi suranga

    Though I have not commented I am one of your regular follower. I think you should do the degree offered at peradeniya .You might not get a chance to abroad but at least you will have a degree at the end . It is worth even if you have to take a loan.I have known people who did nothing saying they will do everything after going abroad ,finally they became desperate. If you don't have money try to get the distress loan .If you try hard you will find a way .In the mean time get ready for IELTS.Read good magazines like national geographic and far eastern economic review. Buy a English news paper .Hope I am not prying into your personal life.

    Take care

    Thusitha

    ReplyDelete
    Replies
    1. මෙය ඉත සිතින් අනුමත කරමි.

      එලෙස ඉගෙන ලබා ගන්නා සුදුසුකම සහ හැකියාවෙන් දැන් කරන රැකියාවටත් හොඳයි නේද?

      නුවරට මාරුවක් ගන්න බැරිද?

      වැඩිදුර ඉගෙන ගන්න දෙපාර්තමේන්තුවෙන් අධ්‍යයන නිවාඩු දෙනවා නේද?

      Delete
    2. සුරංග...උපාදිය කරන්ස් එක තමයි නුවනක්කාරම වැඩේ...ඒක කරන්න...!

      Delete
    3. Agree,
      I can help you get recommended references if you are planning to do the degree.
      Do a bit of search to findout how the intended country recognizes this degree.
      Anyway, as Rasika has mentioned, it will be good for your job as well.

      Delete
    4. ඇත්තම කතන්දරේ කියතොත් මට උපාධිය කරන්න වුනොත් මාසෙකට තව හත් අටදහක් වැය කරන්න වෙනවා. එහෙම උනොත් කාලා හමාරයි. දැනටත් නිල නිවාසෙ තියෙන නිසා මෙහෙම ගැටගහගෙන ඉන්නවා. ඒ වුනාට නුවරට මාරුවෙලා ගියොත් කුලියට තමයි ඉන්න වෙන්නෙ. එතකොට පඩියෙන් බාගයක් ගෙට කුලිය දෙන්න වෙනවා. මං මේ හැම ක්‍රමයම බලලා බැරි තැනයි මේ කතාව ලිව්වෙ. අපේ දෙපාර්තමේන්තුවෙන් එහෙම ඉගෙනගන්න එවුන්ගෙ වැරදි හොයලා උන්ට ලෙඩ අදින එක තමයි කරන්නෙ. මං දැං කැනගරු හීනෙට වඩා බලන්නෙ ඊශ්‍රායල් යන්නයි. ඒකටත් දැන් පලපුරුද්ද, කලිං වැඩකර තිබීම ආදී සුදුසුකං ගොඩක් බලනවා. මට එතනත් පාරවැහිලා තියෙන්නෙ.

      Delete
  7. ශ්‍රන්ගයෝ උඹ වරෙන් මෙහෙ.

    ReplyDelete
  8. මගෙ යාලුවෙක් රට ගිහින් මලා

    ReplyDelete
    Replies
    1. ග්‍රීස් ගිහිං මළා කිව්වෙ එයා වෙන්ඩැති?

      Delete
    2. ‍අපරාදෙ. ග්‍රීස් ගන් එකක් තිබ්බනං වැඩේ ගොඩදාගන්න තිබුන.

      Delete
    3. බණ්ඩක්ක කිලොවක් උනත් හරි.

      Delete
  9. සුරංග, පොඩ්ඩක් මැළේ රාළ අමතන්ඩ. උන්දැ මලේසියා ඉන්නෙ. ගොඩක් දන්නව ඔය රට ගාය තියෙන උං වැටෙන වළවල් ගැනයි කාක්කො ගැනයි.

    උඹ IELTS කරනවනං මා ළග තියෙන ඊ පොත් ටික දෙන්නං. ගොඩක් තියෙනව.

    රස්සවෙ අවුරුදු පහක් හිටියනං රාජ්ය සේවක දේපළ ණය ගත්තහැකි. මං ගත්ත මිලියනෙයක්. ගෙවන්ඩ ඕනේ මාසෙකට හයදාහකට අඩු ගානක්. අවුරුදු හතක පඩිය ගත්තහැකි ලෝන් අමවුන්ට් එක හැටියට.

    මේ රටේ ඉදං මොනවද මල්ලි කරන්ඩ බැරි? මාත් උඹ වගේ බින්දුවෙං පටං ගත්තෙ.

    ReplyDelete
    Replies
    1. තාත්තගෙ මල්ලිගෙ පුතා ඉන්නෙත් එහෙ. එයා තමයි කිව්වෙ අර කතාව. දැන් තියෙන විදිහට මට ඉතියෝපියාවටවත් යන්න සුදුසුකම් නෑ වගේ. අරින්නෑ අයියා මමත්. මේ අවුරුද්ද අවසන් වෙනකම් මට කල් තියෙනවා.

      Delete
  10. සුරංග අපි මේ ගැන බොහෝ දුරට කතා කර ඇතත් ඉහතින් ඔබට අදහස් සපයා ඇති කිහිප දෙනෙක් ගේ අදහස් මගේ අදහසට සමීපය.
    1. උපාධිය පුළුවන් නම් කරගන්න එක ඉන් පළමු වැන්නයි ( ඉදිරියේදී ඔබේ රට යන සිහිනය වෙනුවෙන් වෙහෙසෙන අතරේ උපාධියට ලියාපදිංචි වුව නම් කාලයත් සමග එය ඉබේම සම්පුරණ වී තිබෙනවා ඔබට පෙනෙනු ඇත. ඒ අතරේ IELTS වෙනුවෙන් ඉංග්‍රීසි පත්තර, වෙබ් සියිට් සහ මෙන්න මේ වගේ වෙබ් සයිට් http://www.abc.net.au/radionational/ බැලීමෙන් ඔබේ ඉංග්‍රීසිත් හෙමින් හෙමෙඉන් හැදී ගෙන එනු ඇත.
    2. රසික ඉහතින් සඳහන් කලාක් මෙන් නුවරට /කෑගල්ලට මාරුවක් ගෙන වැඩේට බහින්න . කාලයත් සමග රට යන පාරේ දිගටම හිටියොත් ලංකාවේ රකියවෙත් උසස් වීම් ලබනා අතරේ ඔබේ රට යන සිහිනයටද පාර හෙළිවනු ඇත.
    3. ඔබ පිටරටකට ( ඊශ්‍රායලය වැනි ) ගොස් මුදල් සොයාගෙන ඉන්පසු ඔසී එන්න හදනා ක්‍රමයද අප දන්නා සමහර ශ්‍රී ලාංකිකයින් පාවිච්චි කල ක්‍රමයකි. මා මෑතකදී ලියු "සුරංග හෙවත් SL කතාවේ" http://helmalu.blogspot.com.au/2016/08/blog-post_5.html එන බුද්ධි සහ මේ කියන සුරංග ලනග වැඩ කාරනා තවත් දෙදෙනෙක්ම මුලින් ඩුබායි ගොස් සිටි අය වෙති. ඔවුන් එසේ හොයාගත් මුදලින් අත දිග හැර වියදම් කර ඉංග්‍රීසි සහ අනෙකුත් සුදුසුකම් ලබා ගෙන ඔස්ට්‍රේලියාවට පැමිණ සිටිති. දැන් ඒ බුද්ධිලා , අපි ඇතුළු මෙරට සිටිනා බොහෝ දෙනෙක් එක හා සමාන පහසුකම් සහිත නිවාස, යාන වාහන ආදියේ හිමිකරුවෝ වෙති . ( මෙයින් මා කියන්නට අදහස් කලේ ඔස්ට්‍රේලියාව යනු දොස්තර, ඉංජිනේරු රස්සා පමණක් නොව කාර්මික, මේසන් වැනි රස්සා කරන්නෝද එක හා සමාන ජිවන තත්වයකට උරුමකම් කියන රටක් බවයි )... ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. දැනට ඊශ්‍රාලයටවත් යන්න මට සුදුසුකම් මදිවීම හරහට හිටලා ඇත.

      Delete
  11. එක පාරට බුදු වෙන්න බෑ.... ඉස්සෙල්ලා ඔය මොන යකා බයිලා ගැහුවත් හඳහන බලා ගනින් රට යන්න පුළුවන්ද කියලා.. රාහූ ලබලා නම් බඩු ෂුවර්.. මිල්ටන් මල්ලවාරච්චිට රට යන්න බැරි උනේ නිකං නෙමෙයි.. ඒ වගේම පීනන්න සාලි තිබුනත් උඩරට පහතරට ගිහින් නැති උනුත් ඉන්නවා. ඊට පස්සෙ පොඩියට පටන් හනින්.. මැද පෙරදිග ට්‍රයි කරපන්.. උඹ බයෝඩේටා එකක් එවපන් මම බ්ලොග් ලියන උන්ටම යවන්නම්. දුකා, දුමී, ඉන්දික උපශාන්ත වගේම කටුස්සත් ඉන්නේ එහේ තව ගොඩක් උන් ඉන්නවා. ඊට පස්සෙ එතනින් කීයක් හරි හොයාගෙන ඔස්ට්‍රේලියන් සිහිණේ සැබෑ කර ගනින්.. ඒත් විදේශයක පදිංචිය හඳහනේ නැත්නම් පුක උඩ දාගෙන ට්‍රයි කරත් බෑ.. සිටිසන් හම්බ උන උනුත් මෙහේ එන්නේ ඒකයි.. සුද්දෝ වෙන රටවල ඉන්නෙත් ඒකයි..

    ReplyDelete
    Replies
    1. //"රාහූ ලබලා නම් බඩු ෂුවර්.."//

      //"ඒත් විදේශයක පදිංචිය හඳහනේ නැත්නම් පුක උඩ දාගෙන ට්‍රයි කරත් බෑ.."//

      ඇත්තටම මේ මාතලන්මද?
      මේ ගැන පැහැදිලි කරලා පොස්ටුවක් බලාපොරොත්තු වෙනවා

      :O :O

      Delete
    2. අනේද කියන්නේ අයිවන්!

      උන්නැහෙට දූපත් මාන්සිකත්වේ නැති උනාට හඳහන් මානසිකත්වේ තියෙනවා වගේ....

      නැත්නම් කවුරුහරි මාතලන් ලොක්කගේ එකවුන්ට් එක හැක් කොරලා....

      හරියන්නේ නැහැ.... නවරත්න මුද්දක් පලඳලා නවග්‍රහ පූජාවක් කොරන්න වෙනවා ......

      Delete
    3. තාරකා බලාගෙන යාත්‍රාකල හැක

      Delete
    4. විහිලු කරන්න එපා මාතලන් අයියා...පව්...!

      Delete
    5. මෙන්න මාතලන්ව හැක් කොරලා.... ඈ බං අයියෙ ඔය කේන්දර හරි නං මං මෙලහකට මැරිලා... මාරකේ ඉවරවෙලා සතියකට පස්සෙ බස් එකට යට උනා.ඒක හොඳවෙලා කේන්දරේ හොඳට සුභ ඵල තියන කාලෙ ඇඳටම වැටුනා. අපල නාමයක් නැතුව එහෙමත් වෙනව නං අනේ මංදා අප්පා...ඔය හඳහං.. (BTW විශ්වාස කිරීමේ අයිතියට ගරු කරමි.)

      Delete
    6. හදහන් ගැන කවුරු හරි පෝස්ට එකක් දාපු දාට මම හදහන් ගැන විශ්වාස කරන්න හේතු උන කරුණු කියනව. මට තාමත් ඒක පුදුමයි.

      Delete
    7. ඔබ සැමගේ විශ්වාසයන්ට මම ගරු කරමි. නමුත් සුරංග ගේ හිත හැදෙන්නට හා ධයිර්යවත් කිරීම උදෙසා මෙසේ ලියා තබමි.

      මම පුද්ගලිකව හඳහන් විශ්වාස කරන්නේ නැහැ, නමුත් අපේ අම්ම විශ්වාස කරනව. මම ස්කොලර්ෂිප් හොයන කාලෙ අපේ අම්ම මට මගුල් හොයපු නිසා (ස්කොලර්ෂිප් හා මගුල් අතර ඇති කොරිලේෂන් එක මට නොතේරෙන අතර අපේ අම්මා පමණක් ඒ බව දන්නවා විය යුතු) මගේ කේන්දරේ බලවල තිබුන ප්‍රොෆෙෂනල් අස්ට්‍රොලොජර් කෙනෙකුට කියල. එතකොට කියල තිබුණෙ, "කසාද බඳිනකම් මේ ළමයට රට යන්න වෙනව බොරු" කියල. මම කේන්දර විශ්වාස නොකලත්, මගේ සම සුදුසුකම් ඇති යාළුවො ඔක්කොටම ස්කොලර්ෂිප් ලැබිල මට නොලැබී යනකොට, මේ කතාව හිතට නොදැනුනා නෙවෙයි. (මම මෙය සවිස්තරව මගේ කිසිවෙකුත් නොකියවන "ජපන් කතා" සීරීස් එකේ ලියා තිබේ - මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීමකි)

      ඊට පස්සේ, ලොකු උත්සාහයකට පස්සේ මට ස්කොලර්ෂිප් එකක් ලැබුණ. සිහින සැබෑ උනා. විශේෂ කරුණු තුනක් කිව යුතුයි.

      1. සමහරවිට මට, අනිත් අයට වඩා ටිකක් වැඩිපුර උත්සාහ කරන්න සිදුවුනේ, මම විශ්වාස නොකලත්, කේන්දරේ අවුල නිසා කියල කෙනෙකුට හිතෙනවා වෙන්න ඇති. හැබැයි මගේ චරිත ලක්ෂණ අනුව, (උදාහරණ-ටිකක් කම්මැලියි, අම්මව දාල රට යන්න දුකයි, ලංකාවේ කරපු ජොබ් එකට ප්‍රයෝරිටි දුන්න නිසා ස්කොලර්ෂිප් හොයන්න හා අයදුම් කරන්න සිදුවුනේ යලට මහට), වගේ දේත් මේකට බලපෑවා. දැන් කවුරුහරි කියනවා නම් චරිත ලක්ෂණ එන්නේ කෙන්දරෙන් කියල, ඒ ඔබේ අදහස. නමුත් මේ බොහෝ ගතිගුණ, මට ඇවිත් තියෙන්නේ මගේ අම්මගෙන් හා තාත්තාගෙන් බව මට පැහැදිලිව පේනවා.
      2. good things take time කියල, පරක්කුවෙලා හරි මට ලැබුනේ, ලෝකයේ ප්‍රමුඛම විශ්ව විද්‍යාලයක්. පුද්ගලිකත්වය අගය කරන නිසා නොලීවට, මුලින් ස්කොලර්ෂිප් ලැබුනා නම් මම නවතින්නේ මීට වඩා ගොඩක් රෑන්කින් හා පිළිගැනීමෙන් අඩු තැනක. ඒ නිසා අධයිර්ය වෙන්න එපා (මේ අකුරු වැරදි වලට සමාවෙන්න මට)
      3. කවුරුහරි හිතනවා නම් කේන්දරේ අනුව රට යන්න මම හොරෙන් බඳින්න ඇති කියල, එහෙම නෑ හොඳද, තාම හොරෙන් බැඳලා වත්, හනිමූන් ගිහිල්ලා වත් නෑ :P ඒ නිසා කේන්දරේ තිබුන දේ වැරදි බව මට ඉතා ප්‍රත්‍යක්ෂයි.

      Delete
    8. මුන්දැව බඳින එකාට අබම සරනයි.
      ලිවිල්ල මෙහම දිගනම් කියවිල්ල කොහොම හිටීද ?

      Delete
    9. මෙතන බයිලා ගහන ඔක්කෝම ළඟ හඳහන තියෙනවා.... ජෝතීෂ්‍ය කියන්නෙත් ගනිතමය දෙයක් එතන තියෙන්නේ සම්ව්හාවිතාවක්... ඒක බිස්නස් එකක් කරගත්ත උන් බොරු කියනවට කරන්න දෙයක් නෑ... නමුත් හරියටම බලන්න පුළුවන් කෙනෙකුගෙන් බැලුවා නම් නෝ කතා නෝ සිනා..

      දැන් මේ මහත්තුරු ගෙවල් දොරවල් හෙම හදන්නේ හැදුවේ නැකත් වාස්තු විජ්ජා එහෙම නැතිව වෙන්න ඇති නේ.. පුළුවන්නම් හිතට එකඟව එකෙක් කියපන් එහෙම ඉන්නවා නම්..

      Delete
    10. මෙතන ඉන්න ඔක්කෝම ගැන මාතලන් නොදන්නවය..

      Delete
    11. මමත් ඕක විශ්වාස කොලේ නෑ... විශ්වාස කොරන්න ගත්තේ මාමන්ඩි නිසා... එයාගෙ කෙරුම් වලින් ටිකක් තියෙන ලිපියක ලින්ක් එකක් තමයි ඔය රසිකලොජි දාලා තියෙන්නේ... තවත් කතා ඕන තරම්.. පොර 1990 ගනන් වලදි හඳහනක් බලන්න 5000 ක් විතර ගත්ත පොරක්..

      Delete
    12. මෙයාලා ඔක්කෝම කරන්නේ හඳහන් බලලා.... උඹත් වේලපත්කඩේ බලා ගනින් සුරන් කොලුවෝ... ඔක්කෝටම කලින්... යන්න තියෙනවා නම් ලොතරැයියක් හරි ඇදිලා යන එක යනවාමයි...

      Delete
    13. //පුළුවන්නම් හිතට එකඟව එකෙක් කියපන් එහෙම ඉන්නවා නම්.//
      බාගෙට ඉන්නවා. එකපාරක් අනිත් අය නැකැත් හදලා දුන්නහම පස් පිඩැල්ල කැපුවා. දෙවනි පාර හදනකොටත් නැකැත් හදලා තිබුනා මං කලේ පහුවෙලා මට පුලුවන් වෙලාවට.
      කිසිම දවසක මං නම් මගේ හඳහන ලඟ තියාගෙනවත් බලවාගෙනවත් නැත. දැනටත් තියෙන්නේ අම්මා ලඟය. ඇය නම් ඉස්සර ඒක බැලෙව්වා. මට මේ කෙල වෙලා තියෙන්නෙත් මං ඒවා විස්වාස නොකරන හා ඒ අනුව කිසිවක් නොකර නිසා යයි අනිත් අය කියනවා හා හිතනවා ඇති. ඒ අය හරි ද නැද්ද කියාවත් මං නොදනිමි.

      Delete
    14. මාතලන් බනින්නට ඉස්සර මේ ටිකත් කියමි. බැනුම් වලට බය නිසා නොව ඇත්තටමය. (ඇත්තටම මාතලන්ගේ බැනුම් වලට මං බයය ඒත් මේ ඇත්තටමය) :-මං විස්වාස නොකරාට විස්වාස කරන අයට මානසිකව හයියක් ලැබෙන අවස්තා ඇති බව පිලිගනිමි. සමහරවිට ඔය ඔක්කොම ඇත්ත වෙන්නත් චාන්ස් එකක් ඇත. ඒත් ඒ කොයිතරම් චාන්ස් එකක් දැයි නොදනිමි. මට විස්වාසයක් නැත. කවුරු මොනවා කිව්වත් සිකුරු ග්‍රහයාඅ අතන ඉඳන් මෙතනට ගියාම ලංකාවේ ඉන්න එකෙක් ගේ විවාහයට අරක මේක වෙනවා කියා කොහොම විස්වාස කරන්නද????? ඇයි ඒ කියලවත් අනුමානෙටවත් කවුරුහරි කියනවනම්. සිකුරුගේ ඛනිජ ද්‍රව්‍ය නිසාද? විකිරණ නිසාද? එතකොට බ්‍රහස්පති හා සෙනසුරු ගේ මොන වෙනස්කම් නිසා මිනිසෙක් ගේ අනාගතය මොන වෙනස් වෙනවාද?ඕක ශාස්ත්‍රයක් කියන නිසා අඩුගණනේ මොන හේතුවක් නිසා ග්‍රහයන්ට ඔය වගේ ජීවිතයේ දේවල්වලට බලපාන්න පුලුවන්ද කියලවත් කවුරු හරි කියනව නම්
      ලොතරැයියක් ඇදේ යයි කිව්වොත්නම් ඉතින් හරි ආසයි. වැඩිය කරදර නොවී පඬුරක් දාන්න වගේ මාතලන් කිව්වොත් කරන්නම් ඒත් ඒ විස්වාසයක් නෙමෙයි ඔට්ටුවක් දානව වගේ දෙයක් තමයි මට.
      විස්වාසය යනු ලොකු මානසික බල පෑමක් කල හැකි දෙයක් බවත් මානසික ධ‍යිරිය නිසා භෞතික බලපෑමක් කල හැකි බවත් මං ඉහලින්ම පිලිගනිමි. මට විස්වාස කර ගන්න බැරි නිසා මට එයින් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නෑ. ඒක මගේ නොහැකියාව

      Delete
    15. // දැන් මේ මහත්තුරු ගෙවල් දොරවල් හෙම හදන්නේ හැදුවේ නැකත් වාස්තු විජ්ජා එහෙම නැතිව වෙන්න ඇති නේ.. පුළුවන්නම් හිතට එකඟව එකෙක් කියපන් එහෙම ඉන්නවා නම්.. //

      හදමින් පවතිමි... කිසිම නැකතක් වෙලාවක් කලාවක් නොමැත...මන්ගල පස් පිඩැල්ල කැපූවේ බාස් උන්නැහේ ය. ඒ පහසු වෙලාවක කපා ගන්න කියා නූල් ඇදලා අපි ගෙදර ආ විටකය! අඩු තරමින් ප්ලෑන් එකක් වත් නොමැත... ප්‍රා ජේ සහ අයිවන් සාක්කිය!

      Delete
    16. වහල හදන්න කොන්ත්‍රාත් ගත් කස්ටිය මා නැකතට වැඩ නොකරන බව දැනගත්තාම ඔවුන් නැකතක් බලාගෙන ඒ වැඩේ පටන් ගෙන තිබුනි... ඒකට හේතුව නරක වෙලාවලට වහලට නගින්න ඔවුන් බය වූ නීසා ය... මා ඒ පුවත් දැණගත්තේ දින කීපයකට පසුව ය!

      Delete
    17. මාතලන් මලේ, මේ අජියා කිසිම දවසක හඳහන් බලා නැත. කිසිම දවසක නැකත් බලා නැත. කිසිම දෙයක් නැකත් බලා කර නැත, ගන්න ගෙදරකට ගියේද නැකත් බලා නෙමේ. ආපු වෙලාවක බිරිඳ ගෙන් අසා බලන්න.
      එහෙත් මගේ යහළුවකු වන මේවා විශ්වාස කරන උපුල් ප්‍රනාන්දු නමැති නීතිඥ මහතා සමග තැන් දෙකකට ගොස් තිබේ. වලල්වත්තේ දෙමල තැනකට සහ පානදුර කෙනෙක් ළඟටය.ඒවායේ විස්තර ම සමග ඇති අතර ඒවා සත්‍ය නොවේ යයි සිතමි.

      Delete
    18. හපොයි වෙලා තියෙන එකක්. දැන්නං සුරංගයට රට යනවට වැඩිය වැඩ වැඩිවෙයි.

      ඔය මංගල පස් කැපිල්ලෙදිනං මාත් කලේ දෙන්නෙක්ගෙන් බලපු වෙලාවල් දෙකක් මැද්දට දාල මගේ වෙලාවට වැඩේ කරපු එක තමයි. මාස තුනෙන් බිල්ඩිම හදලත් ඉවරයි. සෙල්ලමක් නෙමෙයි අඩි 8 ක 10 ක විතර අර්ත් ෆිලිං එකක් එක්ක. ඒකට ඕන පස් ටිකත් නිකංම (ටිපර් හයර් විතරක් ගෙවල) ලැබුණ.

      Delete
    19. ඒකටත් එක්ක මගේ පවුලේ සහෝදරයෙකු හා සහෝදරියක හඳහන්, නැකත් බලමින් දේවල ගානේ යති. උන්ට හැමදාම කරදරය. උන්ගේ කරදර විසඳන්නේ හා ණය වුනහම ගෙවන්නේ මමය. මම එක වරක් උන් දෙන්නාටම කීවේ ඔය පත්තු කරන පහනක් මා වෙනුවෙන් පත්තු කරපල්ලා කියාය. මගේ අම්මා කීව කතාවක් නම් එක් ඥාති සහෝදරයෙකුට නිතර යන දේවාලයක අර පේනද මොකක්ද කියන හොර ගැහැණිය කියා තිබෙන්නේ පුජාව කළ පසු පිටරට සිටින අයියා ගෙන් තව උදව් ගත හැකි බවත් දෙවින්නාන්සේ පිටරට සහෝදරයාගේ හිත උණු කර දෙන බවත්ය.මම අරූට කතා කර දෙවින්නාන්සේ ත් කපු ගෑනිගෙ ත් ජාතකේ මතක් කර බැණ වැදුනෙමි. ලංකාවේ ඉන්න හොරු රැල ඔය වගේය. මම ලංකාවේ ඉන්න වෙලාවක ඔය අම්මන්ඩිම මට එන්නට කියා තිබුණි. ඒ මම බැන වැදුන බව මූ ගිහින් කියලාය. මවගේ පෙරැත්තයෙන් මම එතනට ගිය විට මට කිවේ එතන මදිපාඩු මොකක්ද එකක් හදා දෙන්න කියාය. එවිට මට තව ගොඩක් දේවල් ලැබෙන බවද ලෝකයම පාලනය කරන ඔක්කොම දෙවිවරු කිරි පැණි ඇතුළු ඔක්කොම ලබා දෙන බවද කීවාය. ගිය තැන නිසා ඒවා ලබා ගැනීම ප්‍රතික්ෂේප කර දාහේ කොලයක් තියා ආවෙමි.
      දැන් මගේ සහෝදරයා කියන්නේ දාහේ කොලේ නිසා දෙවියන් මට දඬුවම් නොකළ බවය. ඔය බව දන්නවා නම් මම තියා එන්නේ රුපියලක්ය. මුන්ට අනුකම්පාවට කරන දේ ගැනත් හිතන්නේ කෙහෙල්මල් දෙවියන් කරනවා කියාය.

      Delete
    20. ඔය රසික දාපු මතලන්ගේ ලිපිය මාත් කියවල තිබුණා. (එවකට මාතලන්ව අඳුනන්නේ නැත ). ඔය මම කියන වැල්ලවත්තේ තැන එහෙම තැනකි. ඔවුන් උපන්දිනය අස ප්‍රශ්න වැලක් දෙයි. එම ප්‍රශ්නවලට දෙන උත්තරය අනුව පසු ජීවිතය, ඉදිරි ජීවිතය ගැන කියන අතර සමහරවිට මැරෙන වර්ෂයද දෙති. මගේ යහළුවා එය කල අතර මම කලේ නැත. අර අයිසැක් ඇසිමෝව් ගේ foundation පොත් වල විද්‍යාඥයෙකු විසින් ගනිතමය ගණනයක් කර අනාගතය කියන අන්දම විස්තර කරයි.
      මා ඩේටා ඇනලිස්ට් හැටියට කරන්නෙත් කොම්පැනි වල අනාගතය කීමය. සමහරවිට ගණිතමය ක්‍රමයකින් අනාගතය ගැන වැඩි සම්භාවිතාවක් කරන්නට හැකි විය යුතුය. සුරංග හිතා ගන්න ඊළඟ අවුරුදු 3 තුල පිටරට යනවා කියල. කොලේක ලියාගෙන ඒ අනුව වැඩකරන්න. කොලේ ලියාගන්න ඒ සඳහා ගන්න පියවර. ඕන කෙනෙකුට හිතනවානම් ඕන දෙයක් පුළුවන් කරන්න.

      Delete
    21. රයිට් දැන් උත්තර...

      චෙෆාකිට හා අයිවන්ට නම් පැත්ත පලාතේ පැමිනිය නොහැක.. ප්‍රා ජේ බයිලා ගැසුවාට හඳහන අම්මා ළඟ තිබේ. මම නම් කියන්නේ ඒක එයාගෙන ඉල්ලාගෙන පුච්චා දමන්නෙයි කියලාය. සා රස ගැලවිජ්ජා එකේ නොම්මර එකේ පොරකි. එයාගේ වෙලාවල් බලන්නේ බාස් උන්නැහේලාය. උන් ඒවා අකුරටම ඉටු කරන නිසා සා රසට අවුලක් නැත. අජියා කියන දේ විශ්වාශ කරමි. මොකෝ ඌ මේවා පිලිගන්න ගලින් මොස්කව් බලා ගිය එකෙක් නිසාය.

      මේක නිකං බුද්ධාගමේ උන් ක්‍රිස්තියානි දෙවියන් වහන්සේට කින්ඩිය දානවා වගේ එකක්ය. හඳන් බැලිල්ල කියන්නේ පොදුවේ කල හැකි දෙයක් නොවේ. ඒ කියන්නේ සතියේ පලාඵල වත් ගුරු මාරුවේ පලඵලවත් බලා සත පහක වැඩක් නැත.

      මේ ගැන ඉගෙන ගැන්මට පෙර මාතලන්ද උන්නේ ඔය මත වලය. නමුත් එක් සරළ උදාහරණයක් කියමි. කීප දෙනෙකුගේ හඳහන් රැගෙන බලන්න. ග්‍රහ පිහිටීම් එකම් විදියට කොටු තුල පිහිටා ඇති දෙකක් සොයා ගැන්ම බොහෝ අමාරු කාර්යයකි. ග්‍රහයින්ගෙන් ඇති විකිරණ බලයක් නැතයි කියන්නේ ඒ ගැන නොදන්නා නිසාය. සූරයයා නැත්නම් ජීවයක්ද නැත. වඩදිය බාදිය ඇති වීම හා සඳෙහි ගමන් මගේ වෙනසක් ඇති බව සැබෑය. සමහර් සතුන්ගේ සංසර්ග කාලයෙහි එක් රටාවක් ඇත. කොහා හැමදාම කොහෝ කියන්නේ නැතිය. ඌට මද කිපෙන්නෙ එක්තරා රටාවකට අනුවය.

      තව බොහෝ උදාහරණ දිය හැක. සොයාගෙන ඇති අනෙක් ග්‍රහයන්ගේද ගමන් මග එක්තරා රිද්මයකට සිඳුවේ. ඒ ගැන අජිත් දන්නවා ඇත. අපි මේ ග්‍රහයන්ගේ ඇති බලපෑමක් නැතයි සිතමු. එසේනම් මගේ මගේ මාමන්ඩිය කෙනෙක් මිය යන දිනය හා වෙලාව නිවැරදිව කීවේ කෙසේද? ඒ උපන් වේලාව අනුවයි. මෙයටද බොහෝ තර්ක ගෙන ආ හැක. කෙනෙකුගේ ජීවිතය පටන් ගන්නේ කලල අවස්ථාවේද මෙලොව එලිය දුටු අවස්ථාවේද යන්නය. පෙකිනි වැල කපනා තුරා ජීවත් වන්නේ මවගෙනි. එතෙක් වෙසෙන්නේ ජලයේය. මෙලොව ඉපදීම යනු ස්වාධීනව ජීවත් වීමට පටන් ගන්නා මොහොතයි. හඳහන් යනු. ගැබ් ගත් කාළය අනුව දරුවා ප්‍රසූත වන කාළය බොහෝ දුරට නිවැරදිව කියනවා වැනි දෙයකි. එසේ කීමට කරුණු උවමනා වේ. හඳහනෙහි ඇත්තේ ජීවිතය ගැන දැක්මකි. ජෝතිෂයේ ඒවා වෙනස් කර ගන්නාඅ ආකාරයද සඳහන්ය.

      මාමන්ඩියගේ නිවැරදි අනාවැකි හේතුවෙන්ම ඔහු මිය ගිය පසු ඔහුගේ පොත් පත් වලින් ජෝතිෂය හැදෑරූවෙමි. ඉන් පසු බ්ලොග් ලොව කීප දෙනෙකුටද මාතල්න්ද අනාවැකි කීවේය. ඒ සම්පූර්ණ දැණුම ලබාගෙන නොවේ. උදා: සොසී හා රංගි හැරිස්. රංගිට කී අනාවැකිය 100% සත්‍යයය. සොසිට කී දේ දැනට සත්‍ය අතර ඒ දෙස බලාගෙන සිටිමි. මගේ යහළුවන්ට කී අනාගත අනාවැකි සියල්ලම වාගේ හරිය. ඒ සුළු දැණුමකිනි. එහෙත් එය ජීවීකාව කර ගැනීමට පෙර පරතෙරට ඉගෙන ගත් යුතුය.

      තවත් උදාහරණයක් ලෙස මා හා හිතවත්වූ මිතුරකුගේ මවගේ හඳන බලා ඇයගේ අතීතය පිළිබඳව ඔහුත් නොදන්නා ඉතා වැදගත් කරුණු කීපයක් පැවසුවෙමි. එහින් හොල්මන් ද බෙරේ පොල්කොල වූ ඌගෙන දැන් මට බේරීමක් නැත.

      ධන් ඉතින් උඹලාගේ ඒවා බලා දෙන්න කියා මට කරදර කරනවා එහෙම නෙමේය.

      මාතලන්ද හඳන පිලිගත්තටා නැකත් හා අගම් පිලිගන්නේ නැති බවට භාවිතාවෙන්ම ඔප්පු කර ඇති බව චෙෆාකී සාක්කි දරනවා ඇත. හඳහනේ විදියට ජීවත් විය යුතු නැත. එහෙත් කෙනෙකුගේ ජීවිතය හා සිරිත් විරිත් පිළිබඳ අපූරු අධ්‍යයනයක් හා පින්තූරයක් ඒ තුල ඇත.

      ස්වස්ථි සිද්ධම්.... !!!! :) :) :)

      Delete
    22. ඇත්තටම මාතලන්ගෙ එකෞන්ට් එක හැක් කොරල වගේ.

      Delete
    23. ත්වත් එක කරුණක් විශේෂයෙන් අජිත්ට.... අවුරුදු 2500 කටත් වඩා පැරණි ජෝතිෂයේ සඳන් ග්‍රහ තාරකා වල ගමන් නිවැරදි බව වත්මන් තාරකා විද්‍යඥ්ඥයින් විසින් ඔප්පු කර තිබේ.

      @ අජිත්

      පේන බලන්නන් ගැන හරියටම කියන්න දන්නේ නැතිය. මා පෙනී සිටින්නේ ජෝතිෂ්‍යයේ සඳහන් හඳහන කියවීම ගැන පමණි. එහෙත් මා දන්නා පේන කියන් එකෙක්, පිටරට සිටිනා මගේ යහළුවන්ගෙ උච්චාරණය කිරීමට අපහසු නම් පවා නිවැරදිව කියන්නේ කෙසේද යන්න මට සොයා ගත නොහැක. ඒවා මා විනෝදයත් සමග පරීක්ෂණ වලට බඳුන් කරමින් සිටිමි. ඔවුන් ඒවා කියන්නේ කෙසේදෑයි ඔවුන්ගෙන් අසා ගනිමි. ඒ මාගේ විනෝදාංශයක් පමණි.

      Delete
    24. උපතෙන් ක්‍රිස්තියානුවෙකු නිසා මා හට හඳහන් නැත. කිසි දිනෙක නැකැත් අනුව වැඩ කර නැත. ඒ නිසා ඔය ග්‍රහයන් ගැන කිසිවක් නොදනිමි. එහෙත් එයින් යම් ඵලයක් ඇත්නම්, මාතලන් කියන ආකාරයට එයින් යමක් දැනගත හැකි නම්, පොඩි try එකක් දීම හොඳයි. යමක් විවේචනයට පෙර එය යම් හැදෑරීමක් කළ යුතුයි. ඉන්පසු ඒ පිළිබඳව විවාද කළ හැක.

      Delete
    25. නොදන්නා දේ හාස්‍යට ලක් කරනවාට වඩා ඒ ගැන ඉගෙන එය විවේච්නය කිරීම තමයි කළ යුත්තේ. අනික මේ බයිලා ගැහුවාට මේ ඔක්කෝම හඳහන් පප්පලා.. එකෙක්ටවත් කෙලින්ම මේක නිශ්ප්‍රභා කරන්න බෑ. තෑන්ක්ස් රොබට්...

      Delete
    26. // සා රස ගැලවිජ්ජා එකේ නොම්මර එකේ පොරකි. එයාගේ වෙලාවල් බලන්නේ බාස් උන්නැහේලාය. උන් ඒවා අකුරටම ඉටු කරන නිසා සා රසට අවුලක් නැත. //

      හඳහන් බයි ප්‍රොක්සි!!!
      කෝමද ටිකිරි මොලේ?

      Delete
    27. මාතලන් උඹ අවංකවම ලියල තියන නිසා මේ ටිකත් ලියන්නම්. වෙලාව නැති වුනත්.
      1. ඔය සතුන්ගේ හැසිරීම්, සංසර්ග වෙලාවල් ඔක්කොම ඩාවින් කියල එකෙක් පරිනාමවාදයේදී ඉගැන්වූවා කොහොමද වෙන්නේ කියල. ඒවා හඳහන් වලට වඩා මට ෂුවර්. එංගලන්තේ ෆ්‍රී කෝස් එකක් තියනවා ඕපන් යුනි එකේ පුලුවන්නම් කරපන්.
      2. ග්‍රහලෝක වල ගමන් ගැන ජ්‍යෝතිෂය කියන ශාස්ත්‍රය කලේ ඉන්දියාවේ. ලංකවේ නෙමේ. ලංකාවට ගෙනාවේ ඉන්දියාවෙන්.ලංකාවේ චෛත්‍ය ආදිය තරු පිහිටීම් වලට අනුව තමා හදල තියෙන්නේ. ඉන්දියාවෙන් ආපු ඒ දැනුම චීනයට, ඉරාකයට, ග්‍රීසියට පවා තිබ්බ. මොකද අද පෙනෙන තරු ගමන් මිට අවුරුදු දහස් ගානකට කලින් වෙච්ඡ නිසා.
      3. අපි ඔක්කොම තාරකා වල දරුවෝ.මොකද බිග් බැන් එකෙන් පස්සේ තාරකා ඇතිවෙලා පිපිරිලා ග්‍රහලෝක හැදිලා බිහිවුන ජීවයේ - ඒ කියන්නේ අපේ පරමාණු කොහේ හරි තාරකාවක ඒවා. මම එකක වෙන්න පුළුවන්. උඹ තව එකක. ඒ නිසා අපි හැමෝම සම්බන්ධයි.
      4. ගුරුත්ව තරංග හැමතැනම තියෙන නිසා හැම ග්‍රහලෝවක්ම හිරු හා බැඳිලා ඉන්නේ. එසේම ඉරේ න්‍යෂ්ටික ක්‍රියාවලිය නැත්නම් අපි නැහැ. ඒක ඇත්ත.
      5. ඉතින් ග්‍රහලෝකයක ගමන් මගේ පොඩි වෙනසක් හරි සිදු වුනොත් අපට කෙල වෙනවා. මුළු ලෝකෙටම. ඒවත් ඇත්ත.
      6. ඉතින් අපට කියන්න පුළුවන් ග්‍රහලෝක ගමන් මගේ වෙනසකින් මොකක් වෙයිද කියල. නමුත් බිලියන් ගානක් මිනිසුන්ගෙන් එක් කෙනෙක්ට වෙන දේ කියන්න නම් අපි ගණිතමය තැනකින් ගොඩක් උසස් තැනක සිටිය යුතුයි.
      7. ලග්රෙන්ජියන් පොයින්ට්ස් කියල එකක් තාරකා විද්‍යාවේ උගන්වනවා. ලොකු ග්‍රහලෝක දෙකක ගුර්ත්ව බලයට අනුව තව පොඩි එකක් "වැටෙන්නේ නැතුව " තියන් පුළුවන්. (වැටෙන්නේ කිව්වේ සාපේක්ෂව හොඳද) ඉතින් ඔය සමමිතික කම් ආවේ කොහෙන්ද කියන්න අපි දන්නේ නැහැ.
      8. ක්වන්ටම් එන්ටන්ගල්මන්ට් කියල එකක් තියනවා. උදාහරනයකින් කීවොත් එක ප්‍රභවයකින් ආපු එක ෆොටෝන් එකක් කොළඹ තියල තව එකක් රෝමේ තියල අරකට මිටියකින් ගැහුවොත් රොමේ තියන එකට දැනෙනවා. එහෙම වෙන්නේ කොහොමද කියන්න අපි තවම දන්නේ නැහැ. එනිසා අපි සම්බන්ධ බව ඇත්ත.
      9. ඔය ඔක්කොම සම්බන්ධ කම් උපන් වෙලාව ඇසුරින් කියල තව අනාගතයේත් වෙන්න පුළුවන් දේවල් කියන්න පුලුවන්නම් ඒ වගේ ශාස්ත්‍රයක ප්‍රයෝජනය කියල නිම කරනන් බැහැ.
      නමුත් මගේ බ්ලොගයේ ලියල තියන චන්ද්ර්සේඛර් වගේ විද්‍යාඥයෝ, sthyendranath බෝසේ (බෝසෝන් නම ආවේ පොර නිසා ) වගේ උන් හඳහන් විශ්වාස කළා කියන්න අමාරුයි. උන් වගේ සිරා ගණිතඥායෝ හැදෑරුවේ නැත්තේ ඇයි ?

      Delete
    28. මානවිකා තුමියට ලියමි. කවුරුවත් නොකියවන එව්වා කිව්වට මං ඔබගේ ජපන් කතා සේරම කියව්වෙමි. එතැන කොමෙන්ට් නොදැම්මේ ඒ ගැන මට කියන්නට දෙයක් නැති නිසාය. මට එතැන ඇත්තේ කියවා ඉගෙනගන්නට දෙයක් පමණි. එයට මොකක්වත් ලියන්න තරං දෙයක් මම දන්නේ නැත. දීර්ඝ අදහස් දැක්වීමට ස්තූතියි.

      එයට යටින් ලියූ ඇනෝට ලියමි. ඇයව බැඳගන්න කෙනාට හොඳයිය. මෙතරම් දුරක් තනිව ආ කාන්තාව ඔහුගේ ජීවන ගමනට ශක්තියක් වනු ඇත.

      Delete
    29. සුරංග කතාව වෙනතකට ඇදීම ගැන සමාවන්න.

      Delete
    30. මානවිකාවගේ ජපා කතා මාත් කියවමි. කොමෙන්ට් කරන්නට වෙලා නැති ප්ප්‍රශ්නයක් තිබේ.

      Delete
    31. @ අජිත්

      අපි ඒක වෙන වෙලාවක කතා කරමු.. මම කියපු දේ ඔබ සනාත කරලා තියෙනවා

      @ සුරන් හා සුරන් කියවන සැමට

      හඳහන පැත්තකින් තිබ්බත් සුරන් කොලුවා අම්බානක මානසිකව වැටිලා ඉන්නවා කියන එක ඔහුගේ රිප්ලයි වලින් මැනවින් පේනව. එයා මට රිප්ලයි කරලා නැත්තේ එක්කෝ හඳහන් පිලි නොගන්න නිසා වෙන්න ඇති. එහෙම නැත්නම් එයා මගේ පෝස්ට් එකට දාපු කොමෙන්ට් එකට මගේ රිප්ලයි එක වෙන්න ඇති.

      ඉස්සෙල්ලා ලැබෙන මුදලින් ජීවත් වෙන්න ඉගෙන ගන්න..
      හීන තියෙනවන් හීන වලට ඔහේ තියෙන්න ඇරලා අද ජීවත් වෙන්න..
      ඉයන් කිව්වා වගේ සතුට කියන්නේ මුදල නෙමෙයි..
      පවුක්ල් පිටින් රට ගියත් මානසිකව විඳවීමක් කියලා මතක තියා ගන්න..
      වේලාව නොබලා ඇඟ මහන්සි කලා නම් ගෙදර ඉඳගෙනම සල්ලි හොයන්න පුළුවන් ක්‍රම ඕන තරම් තියෙනවා..

      කවදාවත් මනසින් වැටෙන්න එපා..
      එහෙම වැටෙනවා නම් මෙතන ඉන්න ඔක්කෝටම වඩා වැටෙන්න ඕන මම.. ඒක මාව පෞදගලිකව දන්න අය දන්නවා..

      මට මගේ කලින් රැකියාවට සම්බන්ධ කිසිඳු ආයතනයකට යන්න බැරි වෙන්න මට විරුද්ධ අය ලංකාවෙදිත් පිටරටදිත් ක්‍රියාකලා..
      මම කලේ අඬ අඬා ඉන්න එක නෙමෙයි රැකියාව වෙනස් කරපු එක..
      අද මම දුක් වෙනවා එවන් නිදහසක් තියෙන රැකියාවක් මුල පටන් නොකරපු එක ගැන.

      දැන් නම් වැඩක් නැති උනත් තමන්ගේ නැති බැරි කම් කවදාවත් මෙහෙම තියා කාටවත් කියන්න එපා..
      අසරණ එකාට කවුරුවත් සලකන්නේ නෑ.. බලවත් හැකියාව තියෙන අයට තමයි සමාජය සලකන්නේ..
      කවදා හරි තත්වයකට ආවත් ඉස්සර දුක් විඳපුවා කියන්න එපා.. සන්නස්ගලට උනේ ඒකයි..

      උඹට ඕන නම් බයෝ ඩේටා එක එවපන්.. මිනිසුන් ගෙන් අනුකම්පාව බලාපොරොත්තු වෙන්න එපා.. ඊට පස්සේ ගනන් ගන්නේ නෑ..

      උඹට යම් කිසි තත්වයක් තිබුනා නම්, මේක කියවපු උන්ගෙන් ඒක ඇති කර ගන්න පට්ට අමාරු බවත් මතක තියා ගන්න..

      මාතලන් බොරු කියනව අඩුයි.. අනික කියපු දේවල් වැරදිලත් නෑ... ඒ මේ සමාජයේ හැම තරාතිරකම උන් දන්න නිසා..

      Delete
    32. කේන්දර කොහොම උනත් මාතලන් ඔය ඉහළින් කියලා තියෙන් දේවල් සහතික ඇත්ත සුරංග.අත්දැකීමෙන් කියන්නේ.බ්ලොග් ලියන අ ය අතරින් මම පුද්ගලිකව දන්නේ සඳවියමන් විතරයි. අඦනවානම් ඉහ බැඳගේන අඩන්න ඕන ඒවා ඕන තරම් තියෙනවා.ඔය මාතලන් කිව්ව දේවල් වලින් ඉස්සෙල්ලා ලැබෙන මුදලින් ජීවත් වෙන්න ඉගෙන ගන්න..
      හීන තියෙනවන් හීන වලට ඔහේ තියෙන්න ඇරලා අද ජීවත් වෙන්න.. ඔතනින් පටන්ගන්න.

      Delete
    33. මාතලං, අනික්ව කොහොම වෙතත් උඹේ අන්තිම රිප්ලයි එකේ තියෙන දේවල් මාත් අනුමත කරමි.

      Delete
    34. //අසරණ එකාට කවුරුවත් සලකන්නේ නෑ.. බලවත් හැකියාව තියෙන අයට තමයි සමාජය සලකන්නේ..
      කවදා හරි තත්වයකට ආවත් ඉස්සර දුක් විඳපුවා කියන්න එපා.. සන්නස්ගලට උනේ ඒකයි..
      . මිනිසුන් ගෙන් අනුකම්පාව බලාපොරොත්තු වෙන්න එපා.. ඊට පස්සේ ගනන් ගන්නේ නෑ..

      උඹට යම් කිසි තත්වයක් තිබුනා නම්, මේක කියවපු උන්ගෙන් ඒක ඇති කර ගන්න පට්ට අමාරු බවත් මතක තියා ගන්න..//

      මාතලන් , මේ කතාවනම් සහතික ඇත්ත.

      Delete
    35. @මාතලන්. මම උඹ කියපු එක සනාථ කලේ නැහැ. මම කලේ ප්‍රශ්නයක් අහපු එක. ඔය ඉහල ගණිතමය විද්‍යාවක් නම් අපි ඉගෙන ගනිමු. මටත් කියපන් මාත් ඉගෙන ගෙන බලන්නම් ඇත්තද කියල. මම අවුරුදු 10 ක් මැරුණු මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් කියල හිතල හොයපු එකෙක්.

      උඹේ කතාවේ ඉතුරු ටික නම් ඇත්ත. නමුත් හීනයක් තියාගෙන ඒකට වැඩ කෙරුවොත් ඕන දෙයක් කර ගන්න පුළුවන් කියන එකත් ඇත්ත.

      Delete
    36. @ අජිත්

      උඹට නම් මේක ඉගෙන ගන්න ගියොත් ආස හිතෙයි... ඒ තරමට ඇත්ත.. පොත් වලටත් වඩා මම ඉගෙන ගත්තේ නෙට් එකෙන්... යූ ටියුම් එකෙත් තියෙනවා... මම දන්න තරමින් ඉන්ග්ලන්ඩ් යුනිවර්සිටි වලත් තියෙනවා... තනිකර ගණිතය.. නෙට් එකේ හොයා ගන්න විදිය මම කියන්න ඕන නෑ නේ.. ඔය ඩාවින්ලා හොයා ගන්න අවුරුදු 1000 ගානකට කලින් ග්‍රහලෝක වලට තියෙන දුරත් අනුමාන වශයෙන් කියලා තියෙනවා.

      Delete
    37. මාතලං,අජිත් මහතැංලා ඇතුලු කොමෙන්ට් කරුවන් වෙතටයි,
      ජෝතිශ්‍යය සහ තාරකාවිද්‍යාව ගැන යමක් කමක් ඇති ලිපියක් හා සමඟින් කතිකාවක් අළුත් බ්ලොග් පෝස්ටුවක් හරහා අරඹන්න ආරාධනා කරමු.ටීවී එකේ කුකුලන් කෙටවීමේ සාකච්ඡා මණ්ඩප (මාතලං ගේ වචනයකී) වලින් ඔබ්බට ගමන් කර යම්කිසි අදහස් හුවමාරුවක් සඳහා දැණුමැති ඔබ පියවර ගනු ඇතැයි අප අපේක්ශාපූර්වකව බලාපොරොත්තු වෙමු.

      Delete
    38. //මිනිසුන් ගෙන් අනුකම්පාව බලාපොරොත්තු වෙන්න එපා.. ඊට පස්සේ ගනන් ගන්නේ නෑ//

      මේ කතාවෙ "මිනිස්සුන්ගෙන්" කියන එක ඉතාම නිවැරදියි. හැබැයි අනුකම්පාවෙන් ජීවිතේ සැපට ගෙවන පිරිමිත් බුකියෙ කැලුම් විදාගෙන ඉන්නව අපි දකිනව. ඒක උන්ගෙ දක්ෂතාවය. නමුත් සමස්ථයක් විදිහට අනුකම්පාව්වෙන් ගොඩයන්න හිතන එක ඌනම කෙනෙක් නොකල යුතු දෙයක්.

      Delete
    39. ඩාවින්ල කොහෙද බොල ග්‍රහලෝක වල දුර හෙව්වේ . උඹ තර්ස්ටන් එකට නේද ගියේ. තාප්පෙන් පැනල ආව නේද (තර්ස්ටන් ගිය මහින්ද මහත්තය තමා සුමනදාස ට රැවටුනේ) යකෝ උඹ ඒ දවස්වල ලිව්වේ තනිකරම ඕකට විරුධ්ධවනේ බන්.

      Delete
  12. උඹ අවංකවම ලියල තියෙන ඇත්ත තදින් හිතට වැදුණා. මට මේලක් එවපන්.
    helapakade@gmail.com

    ReplyDelete
    Replies
    1. හැලපේ සුරංගයාගේ cv එකක් ජයේට දීපං..ඌ සර්වේ කොම්පැනියකට දේවි..

      Delete
    2. @ චෙෆආකි . උඹ කියනකන් තමයි හල්පේ හිටියේ ජයෙට දෙන්න, අනේ යකෝ මිනිහෙකුට උදව්වක් කරන්නෙත් නෑ, කවුරු හැරි කරන්න හදනකොට පැනලා මමත් සම්බන්දයි කියලා පෙන්නන්න හදන ලජ්ජා නැති කම, නෙද්දකින්

      Delete
    3. හැලප මහත්තයා මගෙන් විස්තර ගත්තා. එයා කියපු ක්‍රමයටත් මගේ සුදුසුකමක් නෑ,

      Delete
  13. හඳහන මොඩිෆයි කරලා රට යන යෝගයක් දා ගන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. බෝට්ටු යෝගයක්?

      Delete
    2. මම නං කලේ ඒක..ඒ මදිවට බ්ලේඩ් එකකින් අතේ රේකාවක් කපාගත්තා..හැබැයි ඒක මැකෙන්න අවුරුදුම 23ක් ගියානේ...!

      Delete
    3. අනේ චෙෆාකි ගොයියෝ ඔහේ අහගන්න එපා ඔහේගේ විස්තරේ මගෙන්...

      Delete
    4. දැන් ඔය සා රස මහත්තයා ගෙයක් එහෙම හදන්නේ කිසිම දෙයක් නොබලා එයාට ඕන විදියට වෙලාවට වෙන්ඩ අති නේ.....?

      Delete
    5. මං හිතන්නෙ එයාටවත් ඕනෙ වෙලාවකට නෙමෙයි බාස්ට ඕනෙ එකකට.
      දැන් ඉතින් ටූ ලේට් ස රසතුමෝ.
      වෙලාවක් බලලා, වාලම්පූරියක් ගහේ ගහලා, අප්පච්චිට පානක් තියලා, ආයු බෝ වේවා මහ රජාණෙනි සින්දුව කියල කිතුලවත් මදිමු

      Delete
    6. // දැන් ඔය සා රස මහත්තයා ගෙයක් එහෙම හදන්නේ කිසිම දෙයක් නොබලා එයාට ඕන විදියට වෙලාවට වෙන්ඩ අති නේ.....? //

      ඒකට වෙලාවක් තබා ප්ලෑනක් වත් නැත.... සුබමොහොත තීරනය කොරන්නේ බාස් තුමාය, වැඩේ නම් නැගලා යමි!

      මෙච්චර රැඩිකල් මාතලන් පවා හඳහන් විස්වාස කොරනා බව දැනගත්තාම ස ර ස තුමා බිය වී වෙවුලා වටැට උඩින් (හෝ වැට් එකට උඩින් ) පැනලා දුවන්න බලා සිටිමි... ප්‍රා ජේ ගේ අවවාද පිලිගෙන මැනිඛින්නේ විල්ලියා සාමි තුමා සහ මල්ලිකා මෑනියො ලඟට ගොහින් එතුමන් ගේ දතක් ගලවා පූජාවට්ටියක් තබා අන්ජනමක් බලා අන්ගමක් පිඹ නැවත කොලඹ එමි!

      Delete
    7. මාත් මගෙ හඳහන ඉල්ලගෙන බලවන්න ඕනෙ ලඟදි සෙනසුරු එහෙම අලුත් කමෙන්ට් එකක් දාල තියනවද කියල. ප්ලූටෝ දැන් හඳහන්වල ඇනෝ එනවයි කියල නෙලුම් අජිත්තුමා කිව්ව

      Delete
    8. හැබැයි ඇනෝලා නම් කියන්නේ අජිත් තුමා එයාලගේ අයි පී ද එස් අයි ද මොකද්ද ඇඩ්‍රස් අල්ලන්නේ තත්කාලයෙන් කියලා!

      Delete
    9. හැබැයි හැමෝම ආරස්සාවක් කොරන්න කී නිසා ඒයට එකඟ වී, ස ර ස තුමා කැමරා පද්දතියක් නම් සවි කෙරෙවුවෙමි!

      Delete
    10. අඩෝ මාතේ විහිලුවට කිව්වේ බං..උඹ දන්නවනේ මම සමන් දේවාලේ හරියට විස්වාස කරනවා කියලා..ඒ වගේ තමයි කවුරු හරි කේන්දර විස්වාස කරනවානං ආත්ම ශක්තිය වැඩි කරගන්න පුලුවන් ඇති..මට මතක් වෙන්න ඉස්සර අපි කැම්පස් ඉන්න කාලේ සුද්දා අපේ ඩිසයින් ජජ් කරන්න ආවාම (ක්‍රිට් එක කියල අපි කියන්නේ හොඳේ..) අපි පොඩි ෂොට් එකක් දාලා තමයි ක්‍රිට් එකට යන්නේ ගට ගන්න කඩ්ඩ පොලිෂ් වෙන්න කියලා..කේන්දරත් එතනින් තිබ්බාම ඇති..එතනින් එහාට ගියොත් ඉතින් අනාතය...!

      Delete
    11. මාතලන් ට විහිලු තෙරෙන්නේ නැති හැටි!

      :D

      Delete
    12. අනේ චෙෆ් ආකිතුමෝ ඔබතුමාගේ අපේක්ෂිත ඇප අයදුමට මේ අසරණ ගැත්තාවද ඇතුලු කර ගන්නෝ. මටත් බයයි.ඔබතුමාව සමන් දෙය්යෝ බලා ගනී. මට සමන් සිල්වාවත් නෑ. මං සිංදු තේරුවෙත් නෑනෙ.

      (කොයි එකටත් ආයිත් මාතලන්ගෙ බ්ලොග් එකේ කියවන්න කමෙන්ට් කරන්න කරන්න ඉස්සෙල්ල මං හෙනරාජ තයිලය සුරයක් අතේ ගැට ගහ ගන්නව. සීරියස්ලි හෙනහුරු ඒරාස්ටකේට වඩා සැරයි ඒකෙ බැනුම්. සත් කඩකට පැලෙන්න පුලුවන්.)

      Delete
    13. මිලින්ම ප්‍රා ජේගේ දුර්මතයට පිළිතුරු දිය යුතුය ප්‍රා මෙය දෙතැනකම සඳහන් කොට ඇති නිසාය. මාතලන් කිසි දින තර්කයේදි කිසිවකුටත් බැන වැදි නැත. එමෙන්ම කිසිවකුට පෞදගලිකව පහරිදීද නැත. (එසේ කිරීමට සනාත කළ හැකි ඕනෑ තරම් කරුණු තිබුනද.) මාතලන්ට මල පනින්නේ තර්කනයේදි පෞදගලිකත්වය ඇද ගැනීම ගැනයි. එසේ කරන්නේ මතු කර කරුණු සත්‍ය බව හේතුවෙනි. පහරට ප්‍රතිප්‍රහාරය එල්ල කිරීම මාතලන්ගේ ජන්ම ගතියකි.

      ජෝතිෂ්‍ය බොරුවක් යැයි කියන්නේ නම් ඉවාන්,චෙෆාකී,සා රස හා ප්‍රා ලාගේ ක්ෂේස්ත්‍රයන්ද අමු බොරු බව මාතලන්ට ඇක්ස්පීරියන්ස් වලින්ම තර්ක කළ හැක. ඉවාන් හා චෙෆාකිට සම්බන්ධ ක්ෂේස්ත්‍රයේ ගොඩනැගිලි, ඇලවේලි, මහා මාර්‍ග කඩා වැටෙන්නේ ඇයි? සා රසලා ගැරන්ට් කර හිටවන් හා පුරනව දත් වලට ආයේත් කෙලවෙන්නේ ඇයි. උසාවියේ සිඳුවන්නේ නීතිය සාධාරනව ක්‍රියාත්මක වීමද..? එවිට මේවා ඒ ශාස්ත්‍රයන්ගේ වැරැද්දද.. එසේ නොමැති නම් වෘතීමය හොරුන්ගේ ක්‍රියාකාරකම්ද. ජෝතිෂ්‍යට අත් වී තිබෙන්නේද එයයි. විශේෂයෙන් දේශපාලුවන් වෙනුවෙන් එය වෛශ්‍ය සෙවයේ යෙදීමේ පාපය අද ගෙවන්නේ එම සාශ්ත්‍රයයි.

      උඹලා මොන තම කීවත් උඹලාගේ දරුවන්ට නැකත් පත් හදා තිබෙනවා නේද..? සා ර්ස බාසුන්නැහේලාට උවමනා විදියට වැඩ් කරන්නේ ඇයි? ප්‍රාගේ හඳහන අම්මා ළඟය. හදිසියකට බලන්න කියන්නේ අම්මාටය. මා එය පිලිගන්නේ අවබෝධයෙනි. අවබෝධයක් නැති අය කළ යුත්තේ නොදන්නා දේ ඉගෙන ගැනීමය. විශේෂයන් ගණං කාරයන්ට මෙය ඉතා සුළු දෙයකි. කොහොමත් මාතලන් ඕනෑම දෙයක් ඕනාවට වඩා ඔළුවට ගන්නේ නැති එකෙක් බව ප්‍රා සහ සා රස කෙසේ වෙතත් චෙෆාකී හා ඉවාන් දන්නවා ඇත.

      ස්වර්ථි සිද්ධම්.....!!!

      Delete
    14. /// ජෝතිෂ්‍ය බොරුවක් යැයි කියන්නේ නම් ඉවාන්,චෙෆාකී,සා රස හා ප්‍රා ලාගේ ක්ෂේස්ත්‍රයන්ද අමු බොරු බව මාතලන්ට ඇක්ස්පීරියන්ස් වලින්ම තර්ක කළ හැක. ///

      කට කට...

      අපේ බොරුව අපට කොරන්න ඉඩ හරින්න...
      ඇත්ත කියා අපේ බඩට නොමගසන්න!

      Delete
    15. හඳහන මං ජීවිතයට බලලාවත්, බලවන්න කියා වෙන අයෙකුට කියලාවත් නැත. කෙසේවෙතත් අපේ අම්මා බ්ලොග් කියවනවානම් දැන් ඉතා සතුටට පත්වෙනවාට කිසි සැකයක් නැත. ඒ ඇය මට කණ පිරෙන්න කියන්න කැමති ටික මාතලන් කියලා ඇති බැවිනි. :-D පුරස්නේ තියෙන්නේ කවුරු කිව්වත් මගේ අපලයකට හෝ කරුමයකට හෝ දෝසයකට මට ඕවා විස්වාසකර ගන්න ඇති නොහැකියාවය.

      අඩු ගණනේ සඳ නිසා වඩදිය බාදිය, ඉර නිසා ප්‍රභාසංස්ලේෂණය, විටමින් ඩී , ස්කින් කැන්සර් ආදී මොකක් නිසා වෙනවාද කියා කියදිය හැකි ලෙසට කවුරුහරි මට කියා දෙනවානම් සිකුරු නිසා කොල්ලෙකුට කෙල්ලෙක් වැටෙන්නේ ඇයි කියල.

      ඉන්ජිනේරු දන්ත චිකිත්සක ආදී දේවල් කරන එවුන් බොරු කලාට අඩු ගණනේ පොතේ හැටියට සාස්ත්‍රය මොකක්ද කියා තියනවාය. සිකුරු නිසා ගෑණු ලැබෙන සාස්ත්‍රයත් එහෙම පැහැදිලි කල හැකිනම් විස්වාස කොහොමවෙතත් ට්‍රයි කල හැක.

      අන් අය සතුටු කිරීමට ඔවුන් අප්සෙට් නොකිරීමට ඔවුන් හදාදෙන වෙලාවලට සමහර වැඩ කර සමහරවිට හරි ගිහිනුත් සමහරවිට කෙලවීත් ඇති බව පිලිගණිමි. ( මාත් බ්ලොග්වල බොරු කියන්නේම නැති ගාණටය - විහිලුවට හැර )

      Delete
    16. ඔය ඇවිල්ලා නොදනුවත් කම හා ජනප්‍රිය මතය.

      ඕක නිකන් මේ ඔක්කෝම සර්ජරි ඔක්කෝම හාට් සර්ජනලට් ගැරන්ට් කරලා සක්සෙස් කියලා කරන්න පුළුවන් වගේ කතාවක්. ඒ නිසානේ සර්ජරියට කලින් අත්සන් ගන්නේ..

      කරුමේ වෙලා තියෙන්නේ ජෝතිෂ කාරයන්ට අර වගේ ගල් ආඳා වැඩ කරන්නේ නති එක. හරි නම් කරන්න ඕන මේක හරියන්නත් පුළුවන් සමහර විට වරදින්නත් පුළුවන් කියලා අත්සනක් ගන්න එක. හැබයි සාස්තරේ හරියට දන්න එකාට එහෙම කරන්න ඕන නෑ.

      සිකුරු ලැබුවා කියලා හැම එකාටම බඩු සෙට් වෙන්නේ නෑ. ප්‍රාගේ අම්මා "පුතෙ උඹේ දැන් සිකුරා නලලේ" කිව්වම ඔක්කෝම බඩු වැටෙනවා කියලා අම්බානක කන්නත් යන්න එපා. ඕක තමයි දුර්මතය.

      ඒත් ඒක එහෙම නෙමෙයි. හඳහනේ සිකුරු ඉන්න තැන. එතකොට තවත් ග්‍රහයෙක් එක්ක ජෝඩූ ට්දාලද එහෙම නැත්නම් ත්‍රීසම්ද කියන එක බලන්න ඕන. ඊළඟට සිකුරු ඉන්න කොටුවට කෙලින්ම තියෙන කොටුවේ ඉන්නේ මොකාද කියලා බලන්න ඕන. ඒ වගේම සමහර ලග්න වලට සිකුරා එකසිය ගානට දුන්නට සමහර ලග්න වලට එලව එලව දෙන්නේ නෑ කියලත් කියන්න ඕන. අනික ජුන්ඩා කෙලින් වෙන කාලෙක සිකුරු ලබන්නත් ඕන. ඒ කියන්නේ සෙල්ලම දාන්න පුළුවන් වයසක් තියෙනවා නේ. ඒ කාලේ. එත්කොට කේන්දරේ ඔය ඔක්කෝම තිබුනත් වැඩක් නෑ හඳහනට අනුව ජන්ම එආරාෂ්ටකයක් හරි ලග්න ඒරාෂ්ටකයට හරි සෙට් වෙලා නම්. ඔය ඔක්කෝම බලලා තමයි බඩු වලට ට්‍රයි කරන්න ඕන. එහෙම නැතිව අම්මා කිව්ව පලියට බඩු දාගන්න ගිහින් කිච උනාට අපිට කොරන්න දෙයක් නෑ. අනික ට්‍රයි කරන බඩුවටත් ඒ විදියටම වගේ සෙට් වෙලා තියෙන්නත් ඕන.

      හැබයි මම එක දෙයක් කියන්නම් ඕන නම් චෙක් කරලා බලන්න.. ඔය වෙන ර්‍අකියාවක් කලත් එකසිය ගානට ආටිස්ටික් ටැලන්ට්ස් තියෙන උන් ඉන්නවා නේද. ඒ කියන්නේ සින්දු කියන දොස්තරලා, ෆිල්ම් හඳන ඉංජිලා. පෙට්ටිවලට ගහන ආකිලා. හොඳම උදාහරණය දුමියා. උන්ට හඳහනක් තියෙනවා නම් බලපන්.. ඒ වගේ අයගේ සිකුරු බලවත්. බලවත් කියන එක දන්නේ නැත්නම්. දන්න කෙනෙක්ගෙන් අහන්න එතකොට කියයි බලවත් කියලා. මේක නම් 100% ගැරන්ට් කරලා කියන්න පුළුවන්.

      දැන්වත් තේරුනාද මේක මේ ඔහේලා හිතන තරම් ලේසි ගේමක් නෙමෙයි කියලා..

      Delete
    17. ඔච්චර අමාරු එකක් නම් අපටත් කියල දියන්. අපි ඉගෙන ගෙන බලන්නම්. තාරක විද්‍යාව ඩිග්රියකුත් අමාරුවෙන් දාගත්ත නිසා බැරි වෙන එකක් නැහැ. මගේ මලයට හඳහන් බලන බුවෙක් හඳහන ලියල පොඩි කාළෙම කිසිම දෙයක් හරි යන්නේ නැහැ කිව්වා අවුරුදු ගාණකට කිව්වා. ගෙදර ඔක්කොම අම්ම තාත්ත පවා ඒක විශ්වාස කලා . පොර අත ගහන කිසිම දෙයක් හරි යන්නේ නැහැ. මොකද පොර හිතන් ඉන්නේ පොරගේ හඳහන හරි නැහැ කියලනේ.

      Delete
    18. ඔන්න උඩින් කිව්වා මාතා ඉගෙන ගත්ත හැටි..

      Delete
    19. අජිත්, ගන්න හෙන්ද්‍රික් ද සිල්වා ගේ ජීවිතය හා ග්‍රහයෝ පොත. එකෙන් ඉගෙන ගන්න පටන් ගන්න පුළුවන්.

      Delete
    20. මේක පට්ට ආතල්.. හැක්.. හැබෑට මොකක්ද දැන් මේක පටන් ගන්න මුලින් ඇති වෙච්චි ප්‍රශ්නේ? කාගේද මේ බ්ලොග් පොස්ට් එක? මට මතක නෑනේ ඕයි..

      Delete
  14. මම නම් මේ ගැන උපදෙස් දෙන්න දන්නේ නෑ. රට ගිහිං පදිංචි වෙන්න,රට රස්සාවක් කරන්න, ඕනෙයි කියලා මේ දක්වා හැගීමක් පහලවෙලත් නෑ

    ReplyDelete
    Replies
    1. මම නම් මේ ගැන උපදෙස් දෙන්න දන්නේ නෑ. රට ගිහිං පදිංචි වෙන්න,රට රස්සාවක් කරන්න, ඕනෙයි කියලා මේ දක්වා හැගීමක් පහලවෙලත් නෑ x 2

      Delete
  15. //ඒ ගමන මට තවත් පාරක් අහුවුනා. ඔස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවෙ කෙනෙක් මට එයාගෙ සේවා ආයතනයෙ රස්සාව දෙන්න කැමති වුනා. එතනටත් හරහට හිටියේ සුදුසුකම් ඔප්පු කරන්න රජයට බදු, ඊ.ටී.එෆ්, ඊ.පී.එෆ්, ගෙවන තැනක අවුරුදු දෙකකවත් සේවා සහතිකය සහ පඩි කොළ. අකමැත්තෙන් වුනත් එතනිං ආපහු හැරෙන්න මට සිද්ධවුනා. ඒ හංදා ඕස්ට්‍රේලියාවට යන්න හිතං ඉන්න අනික් අයත් තමුන්ගෙ රස්සාව අවුරුදු දෙකක්වත් ලංකාවෙ තියෙන පිළිගත් ආයතනයක කරන්න ඕනෑ.// හරියට හරි සුරනාග මේක ඉදිරියේදී ඔස්ට්‍රේලිය්වට සංක්‍රමණය වෙන්න ඉන්න අය දැනගත යුතුම කාරණයක්...

    ReplyDelete
  16. පුලුවන් අලුත් එකක් හදාගෙන පරණ එක සම්පූරණයෙන් අමතක කරල අලුත් තමන්ගෙ ඔරිජිනල් එක විදියට හිතාගන්න ඕන

    ReplyDelete
  17. ඔබගේ රැකියාව ඔස්ට්‍රේලියාවට ගන්නා ලිස්ට් එකේ හොඳ තැනක තියනවනම් අර පේරාදෙණියෙ බාහිර උපාධිය ගැන ආයිත් හරියට හොයා බලන්න. ඒ අතර IELTS සුදුසුකම ලබා ගන්න.

    ReplyDelete
    Replies
    1. මට තියෙන්නේ Cartography ඩිප්ලෝමාව. උපාධිය තිබ්බනං ඉහලින්ම පිලිගැනෙනවා.

      Delete
    2. දැන් ඉතින් ඊළඟ පොස්ට් එකේ උඹේ කොලිපිකේසොන් නොදා, බයෝ ඩේටා එකක් එවපන් මක්කා හරි කරන්න. ඒ වගේම මගේ උපදෙසත් උඹට අකමැති නම් මැනිකෙට හරි අම්මට හරි කියලා ඉටු කොර ගන් ඔක්කෝටම කලියෙන්...

      Delete
  18. මෙහෙම post එකක් දානකොට, වයස, අධ්‍යාපන සුදුසුකම්, වෘත්තිය පලපුරුද්ද වගේ දේවල් විස්තරාත්මකව ලිවිය යුතුයි. එහෙම වුණොත් විතරයි විස්තරාත්මක උපදෙසක් දෙන්න පුළුවන්. පලපුරුද්ද ගැන කියනකොට උදාහරණයක් විධියට computer Engineer කියමු. programmer කෙනෙක්නම් මොන programද (java, visual basic, C++), Network Administrator කෙනෙක් නම් ඒ ගැන විස්තර.

    ReplyDelete
    Replies
    1. හරියන්නෙ නැත.
      අව්ස්ය වන්නේ සිකුරා හතේද බුද සනි හතරේද ආදී ග්‍රහ පිහිටීම් ය!

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. මචං සුරංග ගස්ලබ්බත් ඔය වගේම මාඤ්ඤමික තත්වයකට පත් උනා ලෝන් එකක් ගන්න ගිහින්.මේ තියෙන්නෙ ඒ විස්තරේ.ඕනම දේකට ඉල්ලන්නෙ අඛණ්ඩව ඊ.පී.එෆ්., ඊ.ටී.එෆ් ගෙවපු වාර්ථා, වැටුප බැංකුවකට අඛණ්ඩව ලැබුනු බැංකු වාර්ථා වගේ ඒවා.රජයේ රැකියා කරන අයට නම් අනිත් අයට වඩා ගොඩක් අවස්ථා තියනවා ලිපි ලේඛන ඉදිරිපත් කරනකොට.
    ගස්ලබ්බත් රට යන පිස්සුව හොඳට තියන එකෙක්.ඒ වෙන මොකට වත් නෙමෙයි පොඩි බූස්ට් එකක් ගන්න.රජ සැප විඳින්න නෙමෙයි කන කට්ට ටිකක් අඩු කරගෙන අනිත් අයට වදයක් නොවී ජීවත් වෙන්න.
    බ්ලොග හරහම අඳුනගත්තු කෙනෙක් ගස්ලබ්බට අත දුන්න.කොටින්ම හඩු සීවී එක පවා තැනකට දෙන්න පුළුවන් වෙන්න හදල දුන්න ඔහු විසින්ම.
    ඒත් මචං වාසනාව කියන දේත් බලපානව කියලත් හිතෙනවා.(මාතලං අයියා හඳහන ගැන කීවෙත් ඒකම ද? හිතා ගන්න බෑ.)
    උඹට මේ පෝස්ට් එක හරහා අවශ්‍යකරන උපදෙස්,සම්බන්ධතා ලැබෙයි.ඒ නිසා බය වෙන්න දෙයක් නෑ.මේ අවකාශෙ සුන්දර මිනිස්සු ඉන්න බව අත්දැකීමෙන්ම දන්නවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මගේ ගාව කේන්දර 2 කි. උපන් වෙලාවන් දෙකක් නිසායි එහෙම වෙලා තියෙන්නෙ. කවුද දන්නෑ හරි.

      අපිට ඉහලින් යම්කිසි බලවේගයක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක මං තරයේ අදහන දෙයක්. අන්න එතැනින් උදව්වක් ගන්න තරම් අපි යහපත් නම් අපට ඒ උදව්ව ලැබෙනවා කියන දේ මං අදහනවා. හැබැයි අපිත් අපේ උපරිමය උත්සාහ කරන්න ඕනා. මං මේක ලියලා කලෙත් ඒ වගේ දෙයක්.

      Delete
    2. මේ පෝස්ට් එක දැකලා මට සය්බර් අවකාශයේ මිතුරෝ රැසක් මේ වෙනුවෙන් කතා කරලා උඵදෙස් දීලා තියෙනවා. ඒ හැමෝටම බොහොම පිං. නමුත් මගෙ සුදුසුකම් ඒ ක්‍රමවලටත් මදි.

      Delete
  21. උපාධිය කරන්නට ගොඩක් අය උපදෙස් දී තිබුණු නිසා මෙයත් ලියන්නට සිතුණා.

    සුරංග වැඩ කරන්නේ මැනුම් දෙපාර්තමේන්තුවේ නේද? මම දන්නේ නැහැ සුරංග ගේ පොසිෂන් එක මොකක්ද කියල. නමුත් මගේ පියාත් එහි තමයි සේවය කළේ. ඩ්රාෆ්ට්මන් කෙනෙක් විදියට මුලින් පටන්ගෙන මගේ පියා විශ්‍රාම ගියේ කාර්මික හා පරිපාලන නිලධාරියෙක් විදියට. ඊට වඩා ඉහල පොසිෂන් එකකට යන්නට බැරි උනේ, ඒ පොසිෂන් එක දෙන්නේ මොස්ට් සීනියර් ඔෆිසර් ට නිසා, (මා දන්නා තරමට) තාත්තාට වඩා දවසක් හරි සර්විස් එක වැඩි කෙනෙක් ඉන්නවා නම්, ඒ අනුව තමයි ඊළඟ ප්‍රොමෝෂන් එක ලැබෙන්නේ.

    මෙච්චර ලොකු පූර්විකාවක් කිවුවේ ඉතුරු ටිකට පිවිසුමක් විදියට.

    අපේ තාත්ත තරුණ කාලේ, මොරටුව කැම්පස් එකේ QS කොස් එකක් කරල තිබුණ. (මේ මොරටුවේ QS උපාධිය නෙවෙයි, මාස කිහිපයක එක්ස්ටර්නල් කෝස් එකක්) ඒ නිසා නිවාස ඇස්තමේන්තු හදන්නට දන්නව. ඩ්රාෆ්ට්මන් කෙනෙකු නිසා තාත්තාට නිවාස සැලසුම් ඇඳිය හැකි. තව ඒ වගේ වැඩිය මුදල් වියදම් නොවන ටෙක්නිකල් එකේ එහෙම පොඩි පොඩි කෝස් කිරීම මගින්, තනියම ඉගෙන ගැනීමෙන්, විවිධ පුද්ගලයින් ඇසුරු කිරීමෙන් තාත්තට නිවසක සම්පූර්ණ සැලසුම් කටයුතු කරන්නට දැනුමක් තිබුන. තාත්තා විවේක වෙලාවල් වල ඒ වගේ දන්නා කියන අයගේ නිවාස සැලසුම් අඳින්නට, මැනුම් සම්බන්ධව උපදෙස් දෙන්නට වගේ වැඩ වල යෙදුන. මේ ගොඩක් ඒවා අඳුරන අයගෙ නිසා මුදලට කල දේ නොවෙයි, නමුත් නිවාස සැලසුම් ඇන්දා නම්, අමතර ආදායමක් හොයන්නට තිබුණ. ඔෆිස් ඇරිලා ඇවිත් ආයෙත් මහන්සි වෙන්න කම්මැලි නිසා තාත්තා එහෙම කලේ නැහැ.

    ලොකු සල්ලිකාරයෝ ආකිටෙක්ට් ලා ලවා සැලසුම් අන්දගත්තාට, අනිත් බොහෝ අය නිවාස සැලසුම් කරවන්නේ වෙන කෙනෙකුට කියල. මම මේ බව දන්නේ ආකිටෙක්ට් කෙනෙක් නොවෙන මගෙනුත් කීප දෙනෙක් එහෙම ඉල්ලා සිටින නිසා. මම දන්න තවත් ගොඩක් ගෙවල් වල ප්ලෑන් එක අඳින්නේ බාසුන්නැහේ. මේක ගොඩක් ඉල්ලුම තිබෙන ෆීල්ඩ් එකක්. කෝසස් කිරීමෙන් හෝ නිවාඩු දිනවල දැනුම තියෙන කෙනෙකුට උදව් කිරීමෙන් හෝ මුලින් අවශ්‍ය කරන දැනුම ලබාගෙන, මිනිස්සු රවට්ටන්නේ නැතුව කරනවා නම් පහසුවෙන් අමතර ආදායමක් හොයත හැකි. සුරංග ඉන්නේ බදුල්ලේ නිසා (මම හරි නේද) කොළඹ තරම් ඒ කටයුතු වලට කට්ටියත් නැතුව ඇති, ඒ නිසා හොඳ මාකට් එකක් ඇති කියල මට හිතෙනව. මම සුරංගට මේක කිවුවේ, ඔබ මැනුම් දෙපාර්තමේන්තුවේ වැඩ කරන නිසා, මේ සඳහා අවශ්‍ය මූලික දැනුම දැනටමත් ඇති කියල හිතුනු නිසා.

    ඉතින් රට යන්න තොරතුරු හොයන අතරේ, ඩිග්‍රී එකක් කරන එක හෝ, ඉන්න ජොබ් එකෙන් ඉහලට යන්නට උත්සාහ කරන එක හෝ, යම්කිසි විදියකින් දැනුම ලබාගෙන මේ විදියේ පාට් ටයිම් වැඩක් කරන එක හෝ, කළහැකි. එතකොට දැනට වඩා ඉහල ආදායමක් හොයන්නට පුළුවන් නේ. ඒ අතරේ හෙමින් රට යන සිහිනය ඉටු වේවි, සමහරවිට.

    ReplyDelete
    Replies
    1. මුන්දැව බඳින එකාට අබම සරනයි.
      ලිවිල්ල මෙහම දිගනම් කියවිල්ල කොහොම හිටීද ?

      Delete
    2. මචං ඇනෝ උඹ ගෑණු කට්ටිය බ්ලොග් කියවන්න එනවට අකමැතියි නේද?

      මට නිකමට හිතෙනවා මේ කුණුහරුප බ්ලොග් කාරයෙක් වගේ කියලා ?

      තව එකක් මෙහෙ සුරන්ගයා රට යන්න පාර පෙන්නපල්ලා කියද්දී මේ යක්කු හඳහන් ගැන කතා කරනවා . ඕවට තමයි කියන්න මුන්ට අන්ද කයිප්පු කැවිලා කියලා.. කරුණාකරලා මේ කොල්ලට වැඩක් වෙන දෙයක් කියලා දීපල්ලා...

      Delete
    3. අපේ ඔපිස් එකේ දෙන්නෙක් ගෙවල් ප්ලෑන් අඳිනවා. ඉතිං මාත් ඒක කලොත් වදින්නෙ ඒ දෙන්නගෙ ආදායමටනෙ. මට ඒක හිතට හරි මදි. එයාලට ලැබෙන කීයක් හරි නැතිවෙලා තමයි මගෙ අතට ඒ මුදල එන්නෙ. ඒක හරි නෑනෙ.

      ඒ හංදා මං ටයිප්සෙටින් වැඩක් කලා. ටියුෂන් කරන කෙනෙක්ගෙ. දැං අවුරුදු දෙකක් තිස්සෙ ඒකත් නෑ. ඒ ගමන මං ටීවී රේඩියෝ හදන්න ඉගෙනගෙන ඒවා හැදුවා. ඒ ගමන මිනිස්සු සල්ලි දුන්නෙ නෑ. සමහරු ගෙදර තියෙන අහක දාන ලෙඩ වාට්ටු මෙතැන ගෙනැත් පුරවලා මට වැඩ එපා කෙරෙව්වා. අන්තිමට ඒකත් අතෑරියා.

      පස්සෙ තව තෙනෙක්ට එල්.ඊ.ඩී බල්බ් පාස්සලා දුන්නා. එයා බඩු අරං ගියා සල්ලි දුන්නෙ නෑ. දැං පේන්නවත් නෑ. පස්සෙ www.ikmann.lk එකේ ඇඩ් එකක් දැම්මා දේශනවල ඕඩියෝ, අත් පිටපත්වල පින්තූර එවුවම ටයිප් සෙටින් වැඩ කරලා දෙනවා කියලා. ඒකටත් ප්‍රතිචාරයක් නෑ.

      කරන රස්සාවෙ හැටියට නිවාඩු දවස්වල මුට්ට කරගහන්න, කුලී වැඩ කරන්නත් බෑනෙ. ඉතිං වෙන ක්‍රමයක් නෑ නේද මට.

      Delete
  22. හප්පේ මේ කවිඳු කරල තියෙන වැඩක්.
    අනේ මන්ද මටනං ඔය රට යන එක ගැන තාම කිසිම අදහසක් අැති වෙලා නෑ. මම හිතන්නෙ මගේ කේන්දරේ එහෙම දෙයක් නැතුව ඇති. හැක්..
    යකෝ රජයේ රස්සාවල් කරන උංටත් ණයක් ගන්න බෑ කියනවද. අපි ලෝං එකක් ගන්න ගියොත් රජයේ රස්සා කරන උං අත්සන් කරන්න ඕන කියනව.
    දේපළ ඇප තියනවනං කවුරුවත් අත්සන් කරන්න ඕන නෑනෙ. හැබැයි ගන්න ගාන වගේ දෙගුණයක් වටින එකක් තියන්න ඕන. මම 30 ක් ගත්තෙත් එහෙම තමයි.
    මටනං මේකට උපදෙස් දෙන්න සුදුසු කමක් නෑ. ඒත් උඹේ බලාපොරොත්තුව ඉෂ්ට වෙයාං කියල ප්‍රාර්ථනා කරන්නං. ජයවේවා..

    ReplyDelete
    Replies
    1. අපිට දෙන්නෙ මූලික වැටුප බලලනෙ නය. ලස්ස හතක් අටකට වඩා ගන්න බෑ ඒ හංදා. ස්තූතියි පාර්තනාවට

      Delete
  23. එංගලන්තෙට ගෙන්න ගන්න හැටියක් දන්නේ නැත. මගෙන් ඥාති වරිගයා හැම වෙලේම අසන දෙයකි. ඉන්විටේෂන් එකක් නම් එව්ව හැකිය. ඒවායින් සංචාරක විසා වලට එන අය සිටි. හැබැයි එහෙම ආපු කෙනෙක් නතර වී සිටීම හා පසුව පොලිසියට හසු වීම නිසා මට අවුරුදු පහකට කාවවත් ස්පොන්සර් කරන්න බැරි ලෙස තහනමක්ද පැනවිණි. දැන් අවුලක් නැත. මුල් උපාධියක් තිබේ නම් පශ්චාත් උපාධියකට එන එක ලෙහෙසි බව නම් දනිමි. ඒත් මුදල් පෙන්විය යුතුය. හුඟක් අය කරන්නේ ණයට මුදල් ඉල්ලා ගෙන පෙන්නීම බවද දනිමි.

    ReplyDelete
    Replies
    1. පොලියටවත් නයට ඉල්ලාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවනං ලොකු දෙයක්.

      Delete
    2. සල්ලි පෙන්නන්ඩ වෙනම ක්‍රම තියනව ,ඒකට ගානක් ගෙවන්ඩ ඕනෙ . පොලියට හරි නයට හරි ගන්න ඕනෙ නෑ.

      Delete
  24. IELTS ගොඩ දාගන්න පුලුවන්නම් අනිත් සියලු ලිපි ලේඛන (මුදල් පෙන්වීම ඇතුලු ) හොරට හදා ස්ටුඩන්ට් වීසා එක ගොඩදාදෙන අයියෙක් මගේ අල්ලපු මේසයේ(මෙල්බන්) සේවය කරයි...

    පුරස්නය ඇත්තේ අනිත් නීති විරෝදී එව්වා මෙන්ම මෙහිත් කෙල වුනොත් කාගේවත් හව්හරනක් නැති වීමයි... උඹට මුගේ කන්ටෑක්ස් දීමට නොහැක්කේ හොර වැඩ වලට අතහිත දීමට නොහැකි බැවිනි...

    තවද, ඇඳුනුම් කමක් ඇත්නම් ලංකාවේ IELTS පවා ලකුනකින් හමාරකින් සීරුමාරු කල හැකිබව දනිමි...

    ReplyDelete
    Replies
    1. IELTS Modules හතරෙන්, listening & reading කියන දෙක මොන රටේ කළත් කිසිම වෙනසක් නැත. හැබැයි writing & speaking කියන දෙක කරන රට අනුව සුළු වශයෙන් වෙනස්වේ (එය 0.5 ත් 1.0 ත් අතර ). හැබැයි උපරිම ලුකුණු ගන්න හොඳම රට ලංකාව, අත්දැකීමෙන් කියන්නෙ. හැබැයි ඔය ඇඳුනුම්කමට ලකුණු දෙනවා කියන්නෙ බොරු කතා. හැම එකක්ම examinersලා දෙන්නෙක් check කරනවා, speakingවල ඒක කරන්නෙ record කරලා. අනිත් එක ලංකාවෙ examinersලා වයසක, සුද්දගෙ යුගේ කට්ටිය. මොන හොරයක්වත් කරන්න අමාරුයි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ස්තූතියි රොබට් මහත්තයා.

      ඇනෝමහතා
      ඔබේ අවංකකම අගය කරමි. හැබැයි මේ වෑයම කාටවත් කරදරයක් කරන්න නොව යහමිං කීයක්වත් හොයාගන්න නිසා උදව් කලොත් ඒක යහපතකි.

      Delete
  25. එන්ගලන්තෙ, ඔස්ට්‍රේලියා, කැනඩා, USA මොන රටෙත් මූලික උපාධිය ගන්න නම් ලංකාවෙ A/L සමත් වෙලා IELTS 6.5 (මතක විධියට , USA නම් TOEFL) තියෙනවා නම්, university එකකට apply කරන්න තියෙන්නෙ. එකකට නෙවෙයි, කීපෙකට apply කරන්න ඕනෙ, මොකද university ranking අනුව admission criterion වෙනස් නිසා. කොහොමත් A/L පාස් නම් මොකක් හරි යුනි එකකින් admission ගන්න පුළුවන්. වීසා ගන්න එක තමයි අමාරු. ඒකට වත්කම්, බැංකුවෙ සල්ලි වගේ එව්වා පෙන්නන්න ඕනෙ. A/L කරල අවුරුදු කීපයක් ගිහිල්ලා නම් වැඩේ තවත් අමාරු වෙනවා.ඔන්න ඔතනදි අජිත් වගේ කෙනෙක් sponsor letter එකක් දෙනවානම්, නිකන්ම ගොඩ. හැබැයි මගෙ මාමාවත් මම ඕක ඒ කාලෙ ඉල්ලපුවම දුන්නෙ නෑ. මිනිහා තවුසන්ඩ් ටෝක් දීල අන්තිමට එක එක බොරු කියල මග ඇරියා. එහෙම එකේ නිකන් බ්ලොගර් කෙනෙක් උදව් කරයිද ? අහල බලන්න 😜

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයට එහෙම එකක් තව අවුරුදු පහක් යනකං දෙන්න බැරි බව එතුමා කියා තිබෙනවා. ඔබගේ අදහසට ස්තූතියි.

      Delete
    2. නෑ එහෙම එකක් වුනේ ඇවිත් ගිය කෙනෙක් නතර වුන නිසා. දැන් කාලෙකට කලින්. මට ස්පොන්සර් ලෙටර් එකක් දෙන්න පුළුවන්. නමුත් සුරංග මෙහෙ ඇවිත් නවාතැනක් හොයාගෙන තමන් වැඩ කරලා ජිවත් වෙන්න ඕනේ. ඉගෙන ගන්න යන විශ්ව විද්‍යාලේ මුදලත් සුරංග ගෙවන්න ඕනේ.

      Delete
  26. හිතවත් මිතුරනි.
    මට දැනට ඇති සුදුසුකම් අනුව ඕස්ට්‍රේලියාව වැනි ඉහල රටවල්වලට යාමට නොහැකි බව පැහැදිලිය. ඒ නිසා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියාවකට යාමට මග සලසාදිය හැකිනම් ඒක මට කරනා ඉහලම උදව්වයි. ඒ සඳහා වැයවන මුදල දැරීමට මට හැකියාවක් ඇත. දැනට ඒජන්සි දෙකකට කතා කලත් ඔවුන් කියන්නේ පළපුරුද්ද සහ කලින් රට ගිහිං තිබීමත්, වැඩිහිටියන් බලාගැනීමේ පාඨමාලාවක් කර තිබීමත් අවශ්‍ය බවයි. මට ඉංග්‍රීසි කතාව, ලිවීම ප්‍රමාණවත් තරම් පුලුවන්. පළපුරුද්ද සහ පාධමාලාවක් කර තිබීම පමණක් නැත.

    ReplyDelete
  27. I have been following your posts with interest. I am a doctor currently in UK. With postgraduate qualifications it was not difficult to find a job. I think you would not get a VISA without a degree. It has to be a one with shortage in the country you are applying. Try open university or Pera. If you need any financial support to do the degree, I could help with that although I am not rich. Please put your email address in the blog.
    But if you really want Israel you should ask OMAYA another blogger who does a similar job there.

    ReplyDelete
  28. //ඊශ්‍රායලේ ගිහිං 'වයසක මිනිස්සු බලාගෙන' සල්ලි හම්බුකරගෙන ආපු කෙනෙක් බොහොම ජයට ඉන්නවා දැකීමෙං මටත් ඒ රටට යන්න හිතුනා.//

    කැතයි හලෝ තමුසෙටත් කලින් ඉඳලා බ්ලොග් ලියන අපුඋර්වී ඔමායාට අපහාස කිරීම.

    ReplyDelete
    Replies
    1. කිසියම් ඇනෝ මහතෙක් වයසක මිනිසුන් බලා ගැනීම අපහාසයට ලක්විය යුතු රස්සාවක් යැයි සිතයි. ඇනෝ තුමාට වැරදිලා ..

      Delete
    2. ඌට වැරදිලා නොවේ, එයින් පෙනෙන්නේ උගේ තියෙන අශික්ෂිත කමයි!

      Delete
  29. ඔන්න සුරංග ඊශ්‍රායල් යන්න පුළුවන් බව පත්තරෙත් දාලා .... http://www.lankadeepa.lk/index.php/articles/449093

    ReplyDelete
  30. සුරංග ඔය වැඩිහිටි අය බලා ගන්නා එක ( Aged care) ගොඩක් රටවල රැකියා තිබෙන රස්සාවක්. සමහර විට වෙන උපාධි වලින් සංක්‍රමණය වන අය පවා ඔය රැකියාව තෝරා ගන්නවා ඒකට තියෙන ඩිමාන්ඩ් එක වැඩි නිසා. මෙන්න මේ වගේ කෙටිකාලින කෝස් කරලා http://employease.com.au/aged-lilydale/?gclid=CjwKEAjwudW9BRDcrd30kovf8GkSJAB3hTxFQmL4ciBzVHn0Rdb-0YGor3uxuzWUG4dPCiztnF4tGxoCLrPw_wcB
    Certificate III aged care, Certificate III child care වගේ දේවල් ලංකාවේ ඕපන් යුනිවෙර්සිටි එකේ කරන්න පුළුවන් .ඒවා කරලා තිබුනොත් චුටි මැණිකේට වුනත් අනාගතේ රස්සාවක් ගන්න ලේසියි. ඊට අමතරව රියදුරු බලපත්‍රයක් ගැනීම, ඉංග්‍රීසි හදාගැනීම වගේ දේවල් වැදගත් . ඔබ කොළඹ, නුවර වැනි නගර වල සිට ගොඩක් ඈත සිටීම මෙවැනි දේවල් වලට ගැටළුවක්. ඉහළ මාතලන් හරි කවුරු හරි කියලා තිබබා වගේ අද ඉඳලා මෙච්චර අවුරුදු ගාණකින් මම මේ වැඩේ කරනවා කියලා පටන් ගන්න විවිධ පාරවල් බලමින් .. අනිවාර්රයයෙන් එකක් විවුර්ත වෙයි.. හඳහන් සහ විශ්වාස ගැන මගේ පොඩි කතාවක් .. මම උසස්පෙළ කරන කාලේ මගේ හඳහන බලපු කෙනෙක් අම්මලාට කියලා තිබුනා මෙයා ස්ර්ජන් කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා .. කවදාහරි පිට රටක පදිංචියට යනවා කියලා.. මමත් සුරංග වගේම අපි කරන හොඳ වැඩ බලා යම් කෙනෙක් අපිව හරි මාර්ගයේ යවනවා යැයි විස්වාසයක් තියෙනවා . ඒ කුමන බලවේගයක් දැයි කියන්න මම දන්නේ නෑ.. හැබැයි එකක් පාසා එකක් හොඳ දේවල් කරන්නෙත් , බ්ලොග් අවකාශයේ පවා අනුන්ට කරදරයක් , හිත රිදීමක් , හිරිහැරයක් වෙන දෙයක් නොලියන්නෙත් ඒ අරමුණින් මයි... හැමතැනම හොඳම හොඳ මිනිහෙක් වෙන්න ( සතුරු කම් කරන්නාට පවා) ඔබෙට වෙස්වලාගත් ආශීර්වාදයක් අනිවාර්යෙන් ලැබෙයි ( ඒ ඔබේ අපේ බ්ලොග් කියවන්නෙක්ම විය හැකියි ).. ජයෙන් ජයම වේවා !!! උත්සාහය අත් නොහරින්න....

    ReplyDelete
    Replies
    1. අපොයි කවිඳු
      //මම උසස්පෙළ කරන කාලේ මගේ හඳහන බලපු කෙනෙක් අම්මලාට කියලා තිබුනා මෙයා ස්ර්ජන් කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා .. කවදාහරි පිට රටක පදිංචියට යනවා කියලා// ඔයා නේද අර විජිත හේරත් එක්ක හෙමේ පින්තුර දාන්නේ බුකියේ. ඔය සමාජවාදී විජිත් හේරත් සමන්ත විද්‍යාරත්න හෙමත් හඳහන් විශ්වාස කරනවද? ඔයා සර්ජන් වුනේ ඔයා වෛද්‍ය විද්‍යාලේ ඉගෙන ගත් නිසාද? ඔයා විභාගේ ෆේල් වුනත් හඳහනේ කිව්වා නම් සර්ජන් කෙනෙක් වෙනවද?

      Delete
    2. මෙහම කතාවක් මගේ බ්ලුක් එකේ හා බ්ලොගේ ලිව්වා. යාපනේ දෙමල ගැහැණු ළමයෙක් අපේ නිවසේ හිටිය. මට අවුරුදු 15 දී මගේ අත බලල කිව්වා මම පිටරට යනවා. සුදු කෙල්ලක් බඳිනවා. කියල. අපේ අහල ගෙදරක සුදු ගැහැණු ළමයෙක් අල්ලලා හැමෝම මට විහිළු කලා. නමුත් මමවත් හිතුවේ නැහැ මම පිටරට යයි කියල. ගියාට පස්සේ සෑහෙන්න උත්හසා යක් ගත්ත ඔය සාස්තරේ හරි නොකරන්න. කතාවත් අමතක වෙලා නමුත් අන්තිමේදී බැඳලා ලංකාවට ගියාට පස්සේ අම්මා ඔය කතාව මතක් කලා. ඒ ගැහැණු ළමය ශාස්ත්‍රය ඉගෙන ගෙන තියෙන්නෙ යාපනේ ජිවත් වුනු පියා ගෙන්.දැන් ඔය එක සිද්ධිය නිසා මම ශාස්ත්‍ර විශ්වාස කරනවද? නැහැ. අහන්නෙත් නැහැ.

      Delete
    3. අජිත් මම අනාවැකිය ගැන කිව්වා මිසක් හඳහන් විශ්වාස කරනවා කියලා කිව්වේ නෑනේ ????

      Delete
    4. අජිත්, සමන්තලා, විජිතලා සහ අපේ හිතවත් කම් වලට ඔය ලොකු ලොකු තියරි ඇතුලත් නැත... මම පොතේ සමාජවදියෙක්ද නොවේ.. මම ඒ ගැන අකුරක් වත් කියවලා ද නැත..මම බුකියේ පොටෝ දාන්නේ මට අවශ්‍ය නිසයි .. එවා දැක ඔබේ හෝ කාගේ හෝ හිත රිදීම මට අදාළ දෙයක් නොවේ.. විජිත හේරත් මගේ පාසැල් මිතුරෙකි.. සමන්තත් මට ඉතා හිතවත් අයෙකි..

      Delete
    5. ///මුලින් කී කරුණුවලට අමතරව මට නම් කීමට ඇත්තේ කිසිදාක අදෘශමාන බලවේගවල පිහිට පතන්න එපා.

      කෙන්දරේ රට යන යෝගය නැතිය කියා උකටලී වීම නම් පසුගාමී ක්‍රියාවක්. එහෙම එකෙකුට පිටරටකට ගියත් හරි යන්නේ නෑ!
      // රසික කියන දේ හරියටම හරි. මම රසිකත් එක්ක 200% එකඟ වෙනවා මෙතැනදී.// මෙන්න රසික කියන දේමයි මමත් ඔය කේන්දර අනාවැකි ආදිය ගැන කියන්නේ.. අපිට කේන්දර වලින් කියන දේවල් පස්සේ ගිහිල්ලා වැඩක් වෙන්නේ නෑ.. අපි අපේ අනාගතය වෙනුවෙන් මහන්සි වුනොත් විතරයි අපිට වැඩක් වෙන්නේ කියලා.. මම ඉහතින් සමන්තලා , විජිතලා සහ "ඔබ කියනා සමාජ වාද " ගැන කියූ කරුණු ගැන කලබල වෙන්න එපා..මම ඒ අය හෝ ඔබ පවා ආශ්‍රය කරන්නේ ඔබේ සිතුම් පැතුම් , දේශපාලන දැක්ම ආදිය මා අනුගමනය කරන නිසාම නොවේ..

      Delete
    6. අන්න එහෙම වරෙන්. යකෝ මම කවිඳුවගේ බ්ලොග් කියවල අර ඇල් හේනේ පැල් රැකලා , පත්‍රිකා බෙදල තමන්ගේ මහන්සියෙන් ලෝකයක් හදා ගත්තු සිරා බුවා මෙන්න හඳහනේ සර්ජන් කෙනෙක් වෙනවා කියල කිව්වම මට ඔලුව බිත්තියේ ගහගෙන මොළේ බැදලා කන්න හිතුනා. දැන් තමයි හොඳ හුස්මක් ගියේ.

      Delete
    7. ඔය විජිත හේරත් / සමන්ත කේස් එක කිව්වේ මොකද දන්නවද. ඒ දවස්වල අර ජවිපෙ හිටියේ නැති කුමාර් ගුණරත්නම් එහෙම හිටි කාලේ දිප්තිලා එක්ක ජවිපෙ හිටිය පුබුදු ජයගොඩ ල හෙම (අන්තරේ) වාදයක් ගිය. පස්සේ අන්තරේ පොරවල් ක්වන්ටම් භෞතිකය ගැන පොතක් ගැහුවා. විජිතල ඕක පස්සේ හිටිය කියල තමයි මම දන්නේ. ඉතින් කවිඳු පින්තුර දාල සමන්තව බ්ලොග් ලෝකෙට හෙම ගෙනාවම මමත් හිතුව හොඳ ක්වන්ටම් පොරක් තමා කියල. ඒකයි ඇහුවේ.

      Delete
    8. //තමන්ගේ මහන්සියෙන් ලෝකයක් හදා ගත්තු සිරා බුවා මෙන්න හඳහනේ සර්ජන් කෙනෙක් වෙනවා කියල කිව්වම මට ඔලුව බිත්තියේ ගහගෙන මොළේ බැදලා කන්න හිතුනා// පිස්සුද? හඳහන් සමබන්ධ ලස්සන් කතාවක් කියන්නම් මට සම්බන්ධ .. එතකොට මම වැල්ලවායේ ගුරුවරයෙක් .. මගේ යාළු ගුරුවරයෙක් ගේ මල්ලී අපට ලඟින් නෑදෑ වෙන කෙනෙක් බදින්න ගියේ මගේ හිතවත් කම් හරහා පවුල් දෙකම කැමති වෙලා ඉන්දැද්දී අපේ නෑදෑ සොයුරියගේ හඳහන් එල්ලුවා අපේ යාළුවගේ තාත්තා ( ප්‍රින්සිපල් කෙනෙක් ) පස්සේ කිව්වා අපි ළමයට කැමතියි හැබැයි වැඩේ හරියන්න්නේ නෑ "මොකද හඳහනේ කියනවා මේ ළමය බැන්දොත් මහත්තයා ට මාරක අපලයි කියලා කියනවා ගුරුන්නසේ කියලා " මම අපේ නන්දගෙන් විස්තර ඇහුවා හැමදාම බලන බලන යෝජනාවට මේක කියනවා කිව්වා.. මම නැන්දා එක්කන් ගියා එයාලගේ හඳහන් බලන කෙනා ලඟට ගිහිල්ලා ආර කේන්ද්‍ර දෙක බලවල අහුවා මොකක්ද මේ කියන කතාව කියලා .. "මේකනේ මහත්තයා මේ ගෑනු ළමයගේ උපන් වෙලාව අනුව මේ ග්‍රහය මෙතැන් පිහිටනවා .. එක දකින ඕනෑ කෙනෙක් මේ අකාලයේ මැරෙන්නේ පුළුවන් කතාව කියනවා, හැබැයි මේ වෙලාව් තව විනාදියක් එහාට වුනා නම් ඔයදේ පෙන්වන්නේ නෑ " කිව්වා . මම ඇහුවා "ගුරුන්නාසේගේ දුව මොන අගමිකයෙක්ද බන්දලා ඉන්නේ? හඳහන් බැලුවද? කියලා " "පිස්සුද මහත්තයා මිනිස්සු හඳහන් ගන්නේ මගුලකින් කර අරින්න හරි දැවැද්ද වැඩි ගානක් හොයා ගන්න හරි. මගේ දුව බැන්දේ අන්‍ය ගමිකයෙක් කිව්වා " මම ඉස්ස්ලෙල්ල නැන්දට කතා කළා @#$ අක්කා හොඳ දක්ෂ ළමයෙක් එයා බඳින කෙනාට මෙයා දියුණු වෙන්න සැහෙන් උදාව්වක් වෙයි . මොකද නැන්දා කියන්නේ ? අපි මේ විනාඩිය පන්නලා වෙලාව හදමු. මම නම් ඔය හඳහන් තම්බෙකට විශ්වාස කරන්නේ නෑ. මම වුනත් ඕක ඉස්සරහට දාන්න ඉඩ තියනෙවා යෝජනාවක් මග හරින්න එහෙම කියලත් කිව්වා. අන්තිමට නැකත් කාරය වෙලාව වෙනස් කර තත්පර ගානකින්.. "මිනිහා මැරෙන " කෑල්ල එතිණින් ඉවර වුනා . ළමයා ඊළඟ අවුරුද්දේ ඔය අපි වගේම කඩිසර කොල්ලෙක් බැන්ඳා දෙන්න දැනටත් සතුටින් ජිවත් වෙනාවා . හරි දියුණු පවුලක් . ළමයි හොඳට ඉගෙන ගන්නවා.. ජයටම ඉන්නවා.. // ඔන්න අජිත් මම ඔය පැල් රකින , කැම්පස් යන්න ඔන්න මෙන්න කාලේ හඳහන් දිහා බලපු හැටි.. තව එකක් මම මගේ නෝනගේ හඳහන මොන වගේද කියලා වත් දන්නේ නෑ.. අපි නැකත් බැලුවෙත් නෑ.. කෙනෙක් ගෙදරට යන්න එහෙම නැකත් හදලා දුන්නොත් ( අම්මලා තාත්තලා ) විශ්වාශයක් නැතත් නිකමට/සිරිතට ඒ දේ කරනවා එයාලට සන්තෝෂ වෙන්න.. අපි ලංකාවේ ගෙවල් හැදුවේ නෑ.. මෙහෙ නැකත බැලුවේ නෑ...

      Delete
    9. //ඉතින් කවිඳු පින්තුර දාල සමන්තව බ්ලොග් ලෝකෙට හෙම ගෙනාවම මමත් හිතුව හොඳ ක්වන්ටම් පොරක් තමා කියල. ඒකයි ඇහුවේ.// නෑ නෑ පිස්සුද? මම සමන්ත පින්තුර දාලා එහෙම ගෙනාවේ මිනිහා ගෙනෙන එක පළාතේ ( ඌවෙ ) වගේම රටෙත් අව්ස්‍යතාවයක් හින්දා. සමන්ත ජ.වී. පෙ එක්ක හිටියට කලාතුරකින් පහළවෙන ගනයේ දේශපාලන නායකයෙක්. ජවිපෙට සම්බන්ධයි කියලා එයා ඉදිරියට ගන්න එක නවත්වන්න තරම් මට හේතුවක් නෑ.. අනික පවතින දේශපාලන තත්වයේ මට හිතෙන හැටියට හොඳම දේශපාලනය ( වර්තමානයේ ) කරන්නේ සමන්තලා . ගුණරත්නම් ලා හොඳ ඇති ඒ වුනාට එයාලා යන 89/90 වර්ගයේ විශ්ව විද්‍යාල/ පාසැල් . පුද්ගලික විශ්ව විද්යලා සටන් ආදී ක්‍රමයට මම පුදගලිකව කැමති නෑ.. අපේ පක්ෂ පාතිත්වය යුඇන්පී, ශ්‍රී ලංකා වුනත් වෙන්න බැරි නෑ එයාල මිනිස්සුන්ට ආදරේ දේශපාලනයක් කරන වෙලාවක.. ඒ වගේම විජිතලා , සමන්තලා යන පාර වෙනස් වුනොත්/ අපි හිතන කර්මෙට වඩා ඔය ප්‍රචාරත් නිකන්ම නවතින්න පුළුවන්... "ඇත්තම කියන්න මම කිසිම පක්ෂයක සපොර්ට්ර් කෙනෙක් නෙවෙයි ..

      Delete
  31. මුලින් කී කරුණුවලට අමතරව මට නම් කීමට ඇත්තේ කිසිදාක අදෘශමාන බලවේගවල පිහිට පතන්න එපා.

    කෙන්දරේ රට යන යෝගය නැතිය කියා උකටලී වීම නම් පසුගාමී ක්‍රියාවක්. එහෙම එකෙකුට පිටරටකට ගියත් හරි යන්නේ නෑ!

    අනික උපාධියක් හෝ වෙනත් වෘත්තීය සුදුසුකමක් ලබා ගැනීමට යන අවුරුදු තුනක කාලය අපතේ යෑමක් සහ ප්‍රමාදයක් ලෙස නොව ආයෝජනයක් ලෙස සලකන්න.

    ReplyDelete
    Replies
    1. /මුලින් කී කරුණුවලට අමතරව මට නම් කීමට ඇත්තේ කිසිදාක අදෘශමාන බලවේගවල පිහිට පතන්න එපා.

      කෙන්දරේ රට යන යෝගය නැතිය කියා උකටලී වීම නම් පසුගාමී ක්‍රියාවක්. එහෙම එකෙකුට පිටරටකට ගියත් හරි යන්නේ නෑ!
      // රසික කියන දේ හරියටම හරි. මම රසිකත් එක්ක 200% එකඟ වෙනවා මෙතැනදී. කිසිම සුදුසුකමක් අපතේ යන්නේ නෑ.. පුළුවන් ඕනෑම දෙයක් කරගන්න එකයි කරන්න ඕනේ...

      Delete
  32. සුරංග, Open University එකේ ඔයාට හරියන course එකක් නැද්ද? රජයේ සේවකයන්ට ඕනෙ තරමට නිවාඩු ලැබෙනවා. මම දැකලා තියෙනවා ගොඩක් දුර ඉඳලා එක එක වයස් වල අය ඇවිල්ලා කරනවා. ඒක රට යන්න හෝ ලංකාවෙ හිටියත් වැදගත් වෙයි. මගේ අදහස නම් field එක මාරු කරලා unskilled හෝ semi skilled රස්සා වලට middle east නම් එන එක මෝඩ වැඩක්. මට ඕනෙ තරම් එහෙම අය හම්බ වෙලා තියෙනවා.

    ReplyDelete
  33. අවංකව හොරකම් නොකර රැකියාව කිරීම ඉහලින්ම අගය කරනවා. මම දැකලා තියෙනවා 1ක් හොරකම් කරපු අයගෙන් 10ක් හේදිලා යනවා ඕනෙ තරම්. ඒත් අමතර ආදායමක් හොයාගන්න මොනවා හරි කරන්න සුරංගට බැහැයි කියලා මම නම් හිතන්නේ නෑ. හොඳම උදාහරණෙ Dr. Kavindu.

    ReplyDelete
  34. //මුලින් කී කරුණුවලට අමතරව මට නම් කීමට ඇත්තේ කිසිදාක අදෘශමාන බලවේගවල පිහිට පතන්න එපා.

    කෙන්දරේ රට යන යෝගය නැතිය කියා උකටලී වීම නම් පසුගාමී ක්‍රියාවක්. එහෙම එකෙකුට පිටරටකට ගියත් හරි යන්නේ නෑ!
    // රසික කියන දේ හරියටම හරි. මම රසිකත් එක්ක 200% එකඟ වෙනවා මෙතැනදී.

    ReplyDelete
  35. @Matalan,
    Thanks. සිකුරු උදාහරණයක් පමණයි. මට ඇත්තටම කුතුහලය තියෙන්නේ කවුරුවත් හේතුවක් කියන්නේ නැති එක. සිකුරා නිසා විරුද්ධ ලිංගිකයන් පිලිබඳ බලපෑම ඇයි? කුමන "හේතුවක්" නිසාද, සිකුරු ග්‍රහයාගේ කොම්පොසිශන් එක, විශාලත්වය, බ්‍රමණය, මාර්ගය විකිරණ, ආකර්ෂණය, මොකක් නිසා ගෑණු පිරිමි බලපෑම එනවද? ඇයි සිකුරු විශේෂ ඒකට අනිත් ග්‍රහයන්ට වඩා? හඳේ ගුරුත්වාකර්ෂණය නිසා වඩදිය, ඉරේ රේඩියේශන් නිසා ස්කින් කැන්සර්වගේ සිකුරාගේ මේ දේ නිසා මේකයි කියල කියන්න බැරිද?

    @surangamlr ඔබේ ඩිප්ලෝමාව තිබෙන විෂයයෙන් උපාධියක් කිරීමට ප්‍රමුඛතාවය දෙන්න

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙක් කියා ඇති පරිදි ඔබ ජීවිතයේ ඉදිරියට යාමට කල යුත්තේ පේරාදෙණියේ ඔබ සඳහන් කර ඇති උපාධිය කිරීමයි. ඒ සඳහා යන වියදම් දැරීමට බ්ලොග් කරුවන් කිහිප දෙනෙක් ඉදිරිපත් වේවි. එසේ නොකොට තාවකාලික විසඳුම් සොයා යාම ගැන ඔබ පසුතැවෙන්නේ පසුවයි. උපාධියෙන් පසු මැදපෙරදිග රැකියාවකට අවුරුදු කිහිපයකට යාම මඟින් මුදල් තත්ත්වය ඉහලට ගෙන ඒමට පුළුවන් වෙයි. එම අත්දැකීම් සහ එක්ස්පීරියන්ස් සමඟ වෙන රටක ස්ථීර පදිංචිය ලබා ගැනීමට හැකි වන්නත් ඉඩ තියෙනවා. තාවකාලික විසඳුම් වලින් ලැබෙන සහනයත් තාවකාලිකයි. ඔබ නිවැරදි තීරණයක් ගන්නා බවට විශ්වාසයක් තියෙනවා.

      Delete
    2. //සිකුරා නිසා විරුද්ධ ලිංගිකයන් පිලිබඳ බලපෑම ඇයි? // කවුද මචං ඔය බලපෑම් කරන විරුද්ධ පාර්සවේ ?

      Delete
  36. // සිකුරා නිසා විරුද්ධ ලිංගිකයන් පිලිබඳ බලපෑම ඇයි? //

    ප්‍රා ජේ ගුරුන්නාසේ ගෙන් විමසමි... සිකුරු විරුද්ද ලින්ගිකයන් ගැන උනන්දු කොරවයි නම් සමලින්ගිකයන් පිලිඹඳ ග්‍රහයා කවුද?

    රවී ද? වෙන්න බෑ එයා මුදල් පිලිඹඳ ග්‍රහයා නොවැ..!

    ReplyDelete
  37. @Suranga

    Rajaye "Widesa Seva" namin tharaga wibagayak thiyanawa. Ma danna tharamin Kalamanakarana Sahakara sevayehi ho samana sevayaka awurudu 5ta wada seva kalayak athi onama ayekuta me wibagaya liyanna puluwan. Obath meeta samanthara shreniyaka nam inne me gana hoya balanna. Wibagaya amaru unath hodin sudanam unoth goda da ganna puluwan. Wibagaya samath unoth wenath rataka Embassy ekaka rekiyawata yanna puluwan. Awashya siyalu de rajayen sapayanawa

    ReplyDelete
  38. මම හිතනවා මේ වෙනකොට උඹ රට යන වැඩේ සම්පූර්ණයෙන්ම අතෑරලා දාලා ඇති කියලා...

    ReplyDelete
  39. මම මෙච්චර වෙලා උඹේ ලිපියට මොකුත් නොකිව්වෙ මම ඉස්සර බලපු බැම්බි කාටූන් එකේ සුරතල් ළමා හඬකින් කියන අමතක නොවන පේලියක් නිසා. "If you don't have anything nice to say, don't say anything at all."

    උඹට රට යන්න බැරි ඇයි කියන හේතු තමයි උඹෙත් අනිත් කමෙන්ට් වලත් වැඩි පුර තියෙන්නෙ. මටත් ඇයි උඹට මෙහෙටවත් එන්න බැරි කියලා කමෙන්ට් එකක් දාන්න ඕනෙ නෑ.

    නමුත්, මට මෙහෙම වැඩක් වුනා. මේක මගෙ ඩ්‍රාෆ්ට් එකක තියෙන තවම පබ්ලිෂ් නොකරපු බ්ලොග් පෝස්ට් එකකින් උපුටා ගත්තෙ.

    මම නිවාස ණයක් ගන්න ගිහින් අපා දුකක් වින්දා. ඒ කියන ලිපි ලේඛණ හොයාගන්න මම කෑවෙ පුදුම කට්ටක්. අන්තිමට ඕක අනුමැතියට යවනවනෙ අර කොළඹ හතේ තියෙන ඔෆීස් එකකට. මොකක්ද බං ඒකෙ නම නිකං සිරිකොත වගෙ එකක්. මට මතක නෑ. සියළුම බලාපොරොත්තු බිඳ හෙලමින් මට ලියුමක් ආවා ඒකෙන්. ඔබේ ණය මුදල අනුමත කල නොහැකි බව කණගා‍ටුවෙන් දන්වමි කියලා. මගෙ ලෝකෙ මගෙ උලුව උඩම කඩා වැ‍ටුනා කියලා මට හිතුනා මාත් එක්කම සහ මට පෙර ණය ඉල්ලපු හුඟ දෙනෙක් ඔතනින් නතර වෙනවා. මම ලියුමත් අරගෙන එතෙන්ට ගියා. එතන හිටියෙ අඩු වශයෙන් මිනිස්සුන්ට ගරු නම්බු දීලා කරුණාවන්ත විදියට කතා කරන නිළදාරියෙක්.

    එයා මට කිව්වා මට ලෝන් එක ගන්න බැරි ඇයි කියන හේතු හතරක් විතර. ඒවා කියන්න කියන්න මගෙ බලාපොරොත්තු ඔක්කොම නැතිවෙලා ගියා. එහෙනම් බොහොම ස්තුතියි කියපු මම ආපහු එන්න හේරිලා දොරගාව නැවතුනා. නැවතිලා ආපහු හැරිලා ගියා. ගිහින් ආයෙම ඉඳගත්තා. ඉඳගෙන මෙහෙම ඇහුවා.

    "දැන් ඔයා මට කිව්වා මගෙ ලෝන් එක ගන්න බැරි ඇයි කියලා හේතු හතරක්."
    "ඔව්...?"
    "ඒ ඇවිල්ලා ලෝන් එක ගන්න බැරි විදිනෙ. ඕක ගන්න පුලුවන් විදියකුත් ඇතිනේ. මොනවද ඒක ගන්න පුලුවන් විදිය."
    මිනිහා මං දිහා බලලා හිනා වුනා. හිනා වෙලා කිව්වා මෙහෙම,
    "මෙතනට ආපු කවුරුවත් ඔය ප්‍රශ්ණෙ ඇහුවෙ නෑ. ආපහු හැරිලා ගියා. ඔව්. ඕක ගන්න පුලුවන් විදි තියෙනවා. ඒ මෙහෙමයි..."

    හැබැයි පොර මගෙන් ජරාව ඉල්ලුවෙ නෑ. මේක කරන්න නම් මොනවද තව හදාගන්න ඕනෙ දේවල් කියලා විස්තර කලා. ඒ නිසා මම ලෝන් එක ගත්තා. නමුත් මට හිතාගන්න බැරි ඇයි එහෙම මම අහනකල්ම හිටියෙ කියලා එහෙම කරන්න.

    ඒ ඇවිල්ලා ලෝන් එක ගන්න බැරි විදිනෙ.

    ReplyDelete
    Replies
    1. මේ කතාවෙ තියෙනවා ලොකු තේරුමක් . බොහොම ඉස්තුතියි

      Delete
    2. නියම කොමෙන්ට් එක.

      Delete
  40. මම මේ පෝස්ට් එක දාපු දාම දැක්ක, ඒත් කවුරුත් කමෙන්ට් නොකර තිබ්බ නිසා ගියා පස්සෙ එන්න. අද ආයි එන්න මතක් උනේ මාතලන් එවපු ඊමේල් එක දැක්කම.

    මලේ, ලෝකෙ උඹල ඉන්නවට වඩා ඉස්ස්සරහට ගිහින් තියෙන්නෙ. ඒ නිසා හෙන්‍රි කිව්ව වගේ නැති දේවල් සහ කරගන්න පුලුවන් මාර්ග ගැන හොයමු.

    මුලින්ම, ඔය ටිකක් බූස්ට් කරගන්න අවුරුද්දකට දෙකකකට රට ඇවිත් යනව කියන බොරුවට අහුවෙන්න එපා.මොකද උඹෙ වයස එක්ක ඒව කෙරෙන්නෙ නෑ. ඒ නිසා එක දිගට යන්න ක්‍රමයක් හදා ගන්න වෙනව.

    මට අදහස් දෙකක් දෙන්න පුලුවන්.

    එකක්, අර ඉයන් කිව්ව වගේ උඹෙ උපාධිය කරගන්න වැඩේට අත දෙන කණ්ඩායමට එකතුවෙලා, ඒක කරගෙන සංවර්ධිත රටකට පැනගන්න උදව් වෙන එක.

    අනික මෙහෙ ඩ්‍රාෆ්ට්ස්මන් ජොබක් හොයල දෙන්න බලන එක. දෙවනි කාරනේදි උඹට කැඩ් දැනගන්න ඕන වෙනව. මොකද දැන් කොහෙවත් ඩ්‍රාෆ්ටින් ටේබල්ස් නෑ.

    දෙවනි කාරනේදි තව කරගන්න ඕන දේ කීපයක් තියෙනව. අපි ඒ ගැන පුද්ගලිකව කතා කරමු, මේලක් දාහන්, නැත්තන් නම්බරේ ඉන් බොක්ස් කරහන්.

    ඉශ්‍රායෙල් යන වැඩේ හොඳයි. ඒත් සල්ලි හොයන්න කියල හිතාන යන රස්සාවෙ කරදර ඉවසන්න අමාරුයි. නමුත් තමන් ආසාවෙන් කරන රස්සාවක ඕන කට්ටක් කාගෙන කරන්න හිතෙනව. ඒ නිසා පොඩ්ඩ්ඩක් හිතල බලහන්.

    ReplyDelete
    Replies
    1. // මුලින්ම, ඔය ටිකක් බූස්ට් කරගන්න අවුරුද්දකට දෙකකකට රට ඇවිත් යනව කියන බොරුවට අහුවෙන්න එපා.මොකද උඹෙ වයස එක්ක ඒව කෙරෙන්නෙ නෑ. ඒ නිසා එක දිගට යන්න ක්‍රමයක් හදා ගන්න වෙනව. //
      අරාබිකරේ අවුරුදු කීපයක් ඇදීම අසාර්ථක ප්ලෑන් එකක්ද? බටහිර රටකට ගියොත් ඇබ්බැහිවෙනවනෙ එහාට.අරාබි ගියා.. ජොබ කලා.. සල්ලි ටිකක් අරන් ඇවිත් මෙහෙ සෙට්ල් වෙනවා කියන එක එතකොට හිතන තරම් සිම්පල් ප්ලෑන් එකක් නෙමෙයිද?
      (සුරංගයෝ සොරි මේක මෙතනම ඇහුවට... ඉන්දික අයියෙ පොඩ්ඩක් පුළුවන් නම් පැහැදිලි කරල දෙන්න.. මොකද මේ පෝස්ට් එක තව දුරටත් පුද්ගලික පෝස්ට් එකක් නෙමෙයි.ගොඩ දෙනෙකුට වැදගත් වෙයි.)

      Delete
    2. අරාබියෙ පොඩි කාලෙකට එන්න ප්ලෑන් කරන එක හොඳයි බැඳල නැති, තරුණ එකෙකුට. මොකද එතකොට මෙහෙ දෙක තුනක් ඇදල ගන්න සල්ලි ඉතුරු කරන්න පුලුවන්, අමතර වියදම් වගකීම් නැත්තන්.

      නමුත් බැඳල අවුරුදු 30 විතර වෙන එකෙක්ට ඒක ප්‍රායෝගික නෑ. දැන් මෙහෙ එහෙම එකෙක් ඇවිත් ටික කලෙකින් එක්කො ඌ වයිෆ්ව මෙහෙ ගේනව. නැත්තන් එහෙ බබෙක් හදනව. ඉන් පස්සෙ ගෙයක් හදන්න ගන්නව. ඕඅවට සල්ලි ඕන වෙනකොට මාසෙ පඩියෙන් බැරුව මෙහෙ පස්සෙන් එලවන් එන බැංකුවකින් ලෝන් ගහනව. ඒක ගෙවන්න දෙක පහ වෙනකල් දික් කරගන්නව. ඉන් පස්සෙ උන්ට ලංකාවෙ රස්සාවක් කරන්න බැරි වයසට ඇවිත්. ඉතින් බිස්නස් එහෙකට කීයක් හරි එකතු කරගන්න බලව. එතකොට ළමයි ලොකුයි. උන් මෙහෙ නම්, ඉස්කෝලෙ දාන්න ඕන. ඉතින් ඔහොම ජීවන චකර්ය නිමක් නැති වෙනව, අර පඩිය මහා ලොකු ගානක් නෙමෙයි නිසා.

      අන්න ඒකයි මම කියන්නෙ බැඳපු මිනිස්සුන්ට මෙහෙ දෙක තුනක් ඇදල එනව කියන එක ප්‍රායෝගික නෑ, හේතුව මෙහෙ මහා ගානක් ඉතුරු කරන්න බෑ, සාමාන්‍ය රස්සා කරන උන්ට.

      Delete
    3. හම්මේ... බඩ පපුව සීතල වෙලා ගියා.. රොම්බ තෑන්ක්ස් අයියා සෙනික ප්‍රතිචාරෙට.

      Delete
  41. ඔයාගේ email address එක දාන්න

    ReplyDelete
  42. සුරංග
    ලිපිය දවස් දෙක තුනක්ම කියෙව්වා කමෙන්ට් සියල්ලමත් කියෙව්වා.ඉස්සෙල්ලම ඔබේ ප්ර්සිහිනය කොහොම හරි සැබෑවේවා කියල පතනවා.පිටරට යන කතාවක් නම් මම කේන්දරේ බලවපුහම කිව්ව බවක් මට මතක නෑ.කේන්දරය තරමක් විස්වාස කලාට මම ඒකෙම එල්ලිලා ඉන්නෙත් නෑ.මමත් යන්තම් මගේ අවුරුදු හතරේ පුහුනුව ඉවර කරපු දවසේ ඉන්දලා උත්සාහ කලා.මේ 80 ගනන්වල මුල. ඒ කාලේ මිඩ්ල් ඊස්ට් ජොබ් වල පඩිත් හොඳයිනමුත් කිසිම අවස්තාවක් ලැබුනේ නෑ.මගේ යාලුවෝ ගොඩක් ගියා.පස්සේ කාලෙක මට ඒ සුදුසුකම් නිසාම දැන් ඉන්න රටට එන්න ලැබුනා. අර ඉන්දික කියලා තියනවා වගේ අවුරුදු දෙකකට මිඩ්ල් ඊස්ට් යන එක ඔයාට හරියන විසඳුමක් නෙමෙයි.අජිත් කියල තියනව වගේ කොහොම හරි බටහිර රටකට ගියත් ඒ කියල තියන බාධක වලට මූන දෙන්න වෙනවා.රස්සාවක් සොයා ගැනීම,සියලුම වියදම් දරන්නට වීම ,නවාතැන් වගේ ඒවා.මිඩ්ල් ඊස්ට් ගියහම මේ වගකීම් නෑ නමුත් ඉන්දික කියල තියන දේවලට හිරවුනහම ආයි යන්න හිතන්න බෑ.මම වුනත් හිතුවා මුලදී කාලයක් ඉඳලා ආපහු යනවා කියලා.නමුත් දැන් කසද බැඳලා ,දරු මල්ලෝ ලැබිලා,උන් ඉගෙන ගන්න පටන් ගත්තහම ඒවාට මුල් තැන දෙන්න වෙනවා.ලංකාවට වඩා හොඳ අධ්‍යාපනයක් ලමයින්ට දෙන්න පුලුවන් නිසා අර ආපහු යන එක සිහිනයක් විතරයි.සමහර විට පෙන්ශන් ගියහම.

    ඔබේ සිහිනය සැබෑ කරගන්න වැඩි දුර ඉගෙන ගන්න කියලා ඔබට ගොඩක අය කියලා තියනවනේ.ඒ මට පේන හැටියටඔබ දැනට ඉන්න ‍ෆිල්ඩ් එකේ.නමුත් ලිපියේ තියනවා ඔබ ඉලෙක්ට්‍රොනික් ගැන ඉගෙන ගත්තා කියලා .නරකද ඒ හැකියාව දියුනු කර ගත්තොත්. මේ කාලේ මොන දේ බැලුවත් හැම තැනම ඉලෙක්ට්‍රොනික් යොදාගන්නවා.ඒ ගැන වැඩිදුර ඉගෙන ගන්න පහසුකම් ලංකාවේ තියනවා නේද? අපේ කාලේ නම් කොටහේනේ තිබුනා ෆාදර් ඉග්නේශස් ගෙ පංති.මගේ යාලුවෝ සමහරු එතනින් ඉගෙනගෙන හොඳ ජොබ් වලට ගියා ලංකාවෙම.මම මේක ලිව්වේ ඔයාව අධෛර්යමත් කරන්න නෙමෙයි ඔයාගේ තියන හැකියාවක් මම දැකපු නිසයි.

    ReplyDelete
  43. සුරංග ඉන්දික හා කුමාර කියපු දේ මමත් අනුමැත කරනවා. ඔයා draughtsman කෙනෙක් නම් autocad වගේ එකක් සිටි ආණ්ඩ ගිල්ඩ් එකවත් දාගන්න ඕනේ. මමත් අවුරුදු 20 කලින් autocad 2d , 3d දෙකම කළා. රුසියාවේ වීසා හා පාස්පෝර්ට් එකත් දෙනවා මේ දවස්වල අයි ටී එක්ක තියෙන qualification වලට. පඩි හොඳයි. ලින්ක් එක හොයල එවන්නම්..

    ReplyDelete
  44. Apply for the green card lottery. you don't have to spend any money. If you win that's it. If you don't, you loose nothing.

    ReplyDelete
  45. සුරංග, ඔබ අන්තර්ජාලයේ ගත කරන කාලයෙන් ටිකක් මිඩංගු කර ඔය වෙබ් අඩවි නිර්මාණය, ග්‍රැෆික් නිර්මාණය, පරිගණක මෘදුකාංග සංවර්ධනය (PHP,Java, Android ) වගේ දේවල් ටිකක් ඉගෙන ගන්න.. ඔබේ කැමැත්ත අනුව.. ටික කාලයකින් ෆ්‍රී ලාන්ස් වැඩ හොයාගන්න පුළුවන් වෙයි..

    ඔබ කරන විෂයට අමතරව වෙන බාහිර විෂයක් ඉගෙන ගන්න..ඒ පිළිබඳව ඩිප්ලෝමා එකක් කරන්න... ගොඩක් වෙලාවට මේ අයි.ටි සම්බන්ධ පාඨමාලා ඕනේ තරම් තියෙනවනේ..

    https://www.udacity.com/ වගේ අඩවි වලින් ඔබට ඔන්ලයින් උපාධි කරන්න පුළුවන්.. ලංකාවේ ආයතන වල මේ ඩිග්රි පිලි නොගත්තාට ඔබට අර මම කලින් කියපු විදියට ෆ්‍රී ලාන්ස් වැඩ හොයා ගනිද්දී මේ වගේ දේවල් වැදගත්..


    ඔබට ලිවීමට හොඳ හැකියාවක් තියෙන නිසා පුළුවන් නම් ඉංග්‍රීසි බ්ලොග් එකක් ලියන්න.. ගුග්ල් ඇඩ්ස් භාවිතාවෙන් යම් මුදලක් හොයා ගන්න පුළුවන්.. ඔබ දන්නා විෂය ගැන හොඳ කරුණු සහිත නිතර අප්ඩේට් වෙන බ්ලොග් එකක් ඉංග්‍රීසියෙන් ලියන්න... වෙනත් ඕනෑම දෙයක් ගැන උනත් ලියන්න පුළුවන්

    මගේ නම් අදහස රට යාම ආවට ගියාට කරන්න එපා... හොඳට හොයල බලල හොඳ සැලසුමක් ඇතිව කරන්න...

    ReplyDelete
  46. This is the Skolkovo foundation in Russia. You can register as an applicant. Participating companies will look into your CV and If you have good skills they will arrange Visa etc. This centre is in Moscow. https://sk.ru/net/participants/p/becomeskparticipant.aspx

    ReplyDelete
  47. Suranga

    Check with some migration lawyer , how to apply for 457 visa category in Australia ( working permit). Sri Lankans running their restaurants normally hire people through this category. after 2 years you can apply for permanent residency.

    ReplyDelete
  48. ඉගෙන ගත්ත දෙයක් අහක යන්නේ නැති බව තමයි මටත් කියන්න තියෙන්නේ. ඔබේ රට යන අනෙකුත් මාර්ග වලින් මොනවා හරි ගියත් යම් කිසි හදිසි හේතුවක් නිසා ඒවා අත් හරින්න උනොත්, හෝ අසාර්ථක වුණොත් සුරංග ආපහු වැටෙන්නේ මුලින් හිටපු තැනටමයි. නමුත් අධ්‍යාපන සුදුසුකමක් ලබාගත් පසුව, රට යෑමේ සිහිනය සැබෑ නොවුණත්, වෙන මාර්ග ඇර ගැනීමට ඇති ඉඩ බෙහෙවින් වැඩිය. සුරංගට ලිවීමට හැකියාවක් තියන නිසා ගෙවීමක් ලැබෙන ආකාරයේ ලිවීමකට ඉඩක් හොයා ගන්න බැරි වෙයිද?

    ReplyDelete
  49. මිත්‍රයා, හැමෝම උත්තර දෙන්නේ තමන්ගේ දැනුම අත්දැකීම් අනුව හරි කියල හිතෙන විදයට. ඒවා බලල ඔයාගේ අනාගතේ ගැන ඔයාට හරියන විදියේ තීරණයක් ගන්න ඕනේ ඔයාම තමයි.

    මම ඔයා වුනා නම් මම කරාවි කියල හිතෙන දේ නම් මෙහෙමයි. යම් මුදලක් අතේ තියෙනවා නම් City & Guilds වගේ තාක්ෂණික සුදුසුකමක් ගන්න බලන එක. එහෙම නැති නම් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලෙට ගිහින් NVQ ටික පුළුවන් තරම් කරලා උපාධි සහතිකයක් අරන් එකෙන් විදේශ රැකියාවකට යන එක. එතනින් එහාට ගොඩක් අය යන්නේ නැති වුනාට දැන් ඔය ඕනේ තරම් M.Phill grants තියෙන එකේ පශ්චාත් උපාධියක් නොමිලේම කරගෙන රට යන්නත් ඉඩක් තියෙනවා. හැබැයි එතෙන්ට එන්න සැහෙන ඉවසීමක් කැපකිරීමක් සහ අවධානමක් ගන්න වෙනවා.

    ඒ තරම් කාලයක් මිඩංගු කරන්න අමාරු නම් එක ඉක්මන් ක්‍රමයක් තමයි කොරියානු භාෂා ප්‍රවීණතා විභාගේ ලියල රැකියාවෙන් අවුරුදු 5 ක් නිවාඩු අරගෙන කොරියානු රැකියාවකට යන එක. මගේ යාලුවෙක් දන්නා කියන උපාධිදාරී ඉඩම් පරිපාලන සහකාර නිලදාරියෙන් ඔය විදියට අවුරුදු 5 ක් නිවාඩු අරගෙන කොරියානු රැකියාවකට ගිහින් ඉන්නවා. එතකොට ආයේ ආවම රස්සාව තියෙන නිසා හම්බකරගතිපු මුදල් වලින් හොද වැඩක් කරගන්න පුළුවන් කියල තමයි ඔහු කිවේ.

    මේ කියපු දේවල් ඔක්කොම ඔයා දැනගෙන හිටපු ඒවා වෙන්නත් පුළුවන්.

    ReplyDelete
  50. පේරාදෙනියෙ උපාධියත් වතුරේ ගියා. එයාලා මං ඉල්ලන සබ්ජෙක්ට් එකක්වත් මේ ගමන අයදුම්පත්‍රයට දාලා නැත. ඇහුවාම කිව්වේ මේ ගමන එව්වා උගන්වන්නෙ නැත කියාය. ජාත්‍යන්තරේට යන්නම බෑනෙ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් රාජ්‍යය විශ්විද්‍යාල වල නිලධාරීවාදය ඔය වගේ තමයි. ඒවගෙන් අධෛර්ය වෙන්න එපා. මමත් ඔයවගේ විශ්විද්‍යාල වල නිලධාරීවාදයේ අප්‍රසන්න දේවල් හොදට දැකල තියෙනවා. එත් රත්මලානේ UNIVOTEC වගේ එකකින් ගියොත් NVQ 7 කියන්නේ උපාධිය මගේ මතකේ හැටියට. තාක්ෂණ උපාධියටත් හොද තැනක් එන්න ඕනේ අලුත් තාක්ෂණ පීඨත් දැන් පටන් ගන්න නිසා.

      අනික මගේ අදහස මෙහෙමයි. ඔයාට මුලික උපාධියක් අරගෙන M.Phill එකක් කරන්න අදහසක් තියෙනවා නම් ඉල්ලන සබ්ජෙක්ට් නැති වුනත් ඔයාට ඕනේ ෆීල්ඩ් එකට කිට්ටු සබ්ජෙක්ට් තියෙනවා නම් ඒවා කරන්න. ඔය ගොඩක්ම සබ්ජෙක්ට් ඉස්කෝලේ කාලේ වගේ ඉරිගහල වෙන් කරන්න පුළුවන් ඒවා නෙවෙයි. උදාහරණයක් විදියට මගේ අත්දැකීම ගැන කියනවා නම් ලංකාවේ කෙමිස්ට්‍රි වලින් M.Sc කරපු මම අද වෙනකොට ජපානයේ පොඩි තැනක ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අංශයේ ඇස්සිස්ටන්ට් ප්‍රොෆෙසර් රස්සාවක් කරන්නේ. ඉගෙන ගන්න උවමනාව තියෙන්නේ ඔයාට නිසා ඔයා නම්‍යශීලී වෙන එක තමයි ඔයාට හොඳ.

      තව කොළඹ විශ්විද්යාලේ තියෙනවා කියල IHRA උපාධි දෙන එකක්. පොඩ්ඩක් සොයලා බලන්න. ලංකාවේ ක්‍රමයේ හැටියට, මුලික උපාධියක් තිබෙන කෙනෙකුට M.Phill එකක් කරන්න මොකක්හරි පුද්ගලික උදව්වක් කරන්න පුළුවන් කමක් තියෙන්න හැකි වුනත් මුලික උපාධියක් ගන්න උදව් කරන්න පුළුවන් විදි ලංකාවේදී ඇත්තෙම නැති තරම්.

      ගොඩක් වෙලාවට විශ්විද්‍යාල ශිෂ්‍යයෝ බොහොමයක් අයත් සමහර පශ්චාත් උපාධි ශිෂ්‍යයොත් මේ ක්‍රම දන්නේ නෑ. අහන්නෙත් නෑ. දැනගතත් මේ පාරවල් වල ගිහින් දිනන්න පුළුවන් කියලා විශ්වාසයක් ගොඩක් අයට නෑ. ඒ නිසා ඔයා මේ ගැන උපදෙස් ගන්නවා නම් කෙලින්ම විශ්විද්යලෙකට ගිහින් පොලවේ පය ගහල ඉන්න ප්‍රොෆෙසර් කෙනෙක් එක්ක කතා කරලා උපදෙස් ගන්න එක තමයි හොඳ. මොරටුව විශ්වවිද්‍යාලේ නම් එහෙම හොද මිනිස්සු කීප දෙනෙක්ගේ නම් වශයෙන් වුනත් මට ඔයාට කියන්න පුළුවන්.

      Delete
    2. ඔයාට ඒවගේ බරපතල කැපකිරීම් ඕනේ වෙන අවධානම් සහගත දීර්ඝකාලීන ඉලක්කයකට යන්න කැමැත්තක් නැති නම්; කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය කරලා අවුරුදු 5ක් නිවාඩු අරගෙන කොරියාවට යන එක සුදුසුය කියල ඔයාගේ ලිපිය කියවපු කෙනෙක් විදියට මට හිතෙන බව තමයි මට කියන්න පුළුවන් මේ ගැ

      Delete
  51. මචන් ස්කිල්ඩ් මයිග්රේට් වෙන එක තමයි කෝකටත් හොඳ. අරාබියටත් කොහෙටත් ඒක වැදගත්. අනික මචන් කෙටි කලක් අරාබි ඊශ්‍රායල් ගිහින් හම්බ කරන එනකොට ඒ ඒ රටවල සංක්‍රමණික නීති වෙනස් වෙන්ටත් පුළුවන්. හොඳම ක්‍රමේ මචෝ හෙමින් හෙමින් ielts එකයි ඩිග්රි එකයි ගොඩ දාගන්ට එක. එතකොට උබේ වැඩ වලින් 75% හරි.
    එංගලන්තේ ඉගෙනගන්ට එනවනම් මම උබට ජොබ් එකක් හොයල දෙන්නම් ඩෙෆා. ඒත් පුතෝ uni එන්නෙ නැතිව උබ කොලේජ් එකකට ඉගෙනගන්ට ආවොත් උබට වැඩ කරන්ට බැහැ. ඒක වීස එකේම ගහනව. වි.වි. ආවොත් සතියකට පැය 20ක් කළහැකි. හැබැයි මචෝ දැන් ස්ටුඩන්ට් ආව කියල මෙහෙ සෙට්ල් වෙන්ටනම් බැරියෝ. වැඩි විස්තර නෙලුම් අජිත් අයිය හොඳට දන්නවා. වියදම අතින් ලන්ඩන් බොහොම ගණන්. බොක්ස් රුම් එකක් රෙන්ට් කරන්ට මාසෙට £250/- 300/- අතර. බස් පාස් එකට £85/- කන්ට බොන්ට උයන් කෑවොත් මාසෙකට £60/- විතර. වි.වි. ගාස්තුව උබේ කෝස් එකේ හැටියට සහ යන වි.වි. හැටියට. අඩුම අවුරුද්දකට කියමු £7000/- ක්. හැබැයි මචෝ ඉගෙනගෙන සෙට්ල් වෙන්නම ඕනිනම් ඕස්ට්‍රේලිය නිව්සිලන්ඩ් කැනඩා තමයි. ස්කිල්ස් වලින් යනවනම් ඒවම තමයි හොඳ.

    උබ දැන් අඩ්වයිස් වලින්ම ඔවඩොස් වෙලා නිසා එව්ව කියන්ට යන්නෙ නෑ. අර "මාතලන් අන්තිමට කියල තියෙන අවවාදය" හොඳට හිතට ගනින්.

    \\...දැන් නම් වැඩක් නැති උනත් තමන්ගේ නැති බැරි කම් කවදාවත් මෙහෙම තියා කාටවත් කියන්න එපා..
    අසරණ එකාට කවුරුවත් සලකන්නේ නෑ.. බලවත් හැකියාව තියෙන අයට තමයි සමාජය සලකන්නේ..
    කවදා හරි තත්වයකට ආවත් ඉස්සර දුක් විඳපුවා කියන්න එපා.. //

    මේ වගේ කතාවක් මුලින්ම අහන්ට ලැබීම උබේ පිනක්. මම අද ජිවත් වෙන්නෙ අන්න ඒ මතේ. නෙගටිව් මොලේ කන අවුන් 99.9% හලල ඉන්නෙ. උබට ජය වේවා. වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා.

    ReplyDelete
  52. සුරංග, DUDEගෙ කමෙන්ට් එක දැක්කම ලියන්න හිතුනෙ.
    මේ වෙබ් අඩවියෙන් ඔබට පුළුවන් වේවි ඉගෙන ගන්න ජර්මනියට යන්න. ඔවුන් කියන වචන වලින් කියනවා නම්
    The DAAD supports over 100,000 German and international students und researchers around the globe each year – making it the world’s largest funding organisation of its kind.
    ඔය ලස්සෙන් එකෙක් වෙන්න https://www.daad.de/en/ වෙබ් එකේ information for foriners කියන එකේ All Study Programmes in Germany කියන එක ක්ලික් කරලා එන ෆෝම් එකේ ඔබ කැමති Degree, Field of Study, Course Language තෝරන්න. ඊට පස්සෙ ඇප්ලිකේෂන් එක පුරවන්න ඕන. ඒ වැඩ වලට කාගෙ කාගෙත් උදව් ඉල්ලගමු. ඉස්සෙල්ල බලමු හරියන කෝස් එකක් තියෙනවද කියල.

    ReplyDelete
  53. සුරංග අයියට තියනව වගේ උන්මත්තක හීනයක් මටත් තියෙනව. පාරක් තොටක් දන්නෑ කියන්න. ඒ හින්ද හිතේ තියෙන ආසව පල දරන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනව. ඔයාගෙ ධෛර්ය අගෙයි

    ReplyDelete
  54. මුළු ලිපියම සහ කොමෙන්ට් ඔක්කොම කියෙව්වා.. හැබැයි අර මාතලන්ගේ හඳහන් කෑල්ල හැර අනිත් ටික කියෙව්වේ එච්චර කැමැත්තකින් නෙවෙයි.. හේතුව මේකයි.. උඹට 'රට යන්න සුදුසුකන් නැත්තන්' ඇයි තවත් රටම යන්න දඟලන්නේ? ලංකාවේ ඉඳගෙන මාසෙකට ලක්ෂයක හමාරක පැදියක් අරන් ජිවත් වෙන්න වෙන පාරක් හොයා ගන්න බැරිද? උඹ 'ආණ්ඩුවේ රස්සාවල්' නැත්නම් 'රට රස්සාවල්'ම පස්සේ එලවන මානසිකත්වේ නිසා තමයි මට මේක කියවද්දී තරහා ආවේ.. හිතට හයිය අරන් ඔය රාමුවෙන් එලියට බැහැපන්.. උඹට හැකියාවන් ගොඩක් තියෙනවා.. උඹේ හැකියාවන්ට ගැලපෙන ඕනේ තරම් රස්සා ලංකාව ඇතුලෙම තියෙනවා..

    ReplyDelete
    Replies
    1. වැඩ කරන කාලයට වැඩිම ඉපයීමක් කරගන්න පුළුවන් ගෙවීම් ලැබෙන්නෙ පිටින් නෙව.ලොකුම හේතුව ඒක වෙන්න ඕනෙ.සෙට්ල් වෙන්න යනව නම් ඒක වෙනම කතාවක්.

      Delete
  55. දාපු පෝස්ට් එක අයින් කිරීම හෙළාදකිමි :D

    ReplyDelete
    Replies
    1. සිදුවූ ප්‍රමාද දෝෂය පිලිබඳ මාගේ කනගාටුව. ඔන්න දැම්මා

      Delete
  56. මං හිතාගෙන හිටියේ හීන දකින්නේ මම කියල නිම්නයකට වෙලා.. බලාගෙන යනකොට මෙතන ඉන්නවා සෑහෙන්න හීන දකින අය..හරි දැන් කතාවට එන්නම්කො

    සුරංග මම ඔබේ ලිපියත් කොමෙන්ටුත් කියෙව්වා ඔබේ අදහස් වෙන් කරගන්න .. ඉන් පසුවයි මෙය ලියන්නෙ..

    1. ඔබ ලියලා තියෙන්නේ සෘනාත්මක පැත්ත. අපි හැමෝගෙම සෘනාත්මක පැත්තක් තියනවා. නමුත් හැමවිටම ධනාත්මක පැත්ත හිතන්න ලියන්න කියන්න. එය ඔබේ ජීවිතේ පුරුද්දක් කරග්න්න.

    2. ඔබ අහලා තියනවද සුරංග අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමි නසී කියන කතාව. ඒ නිසා ඔබ එක ක්‍රමයක් බලල ඒක බැ කියලා තව ක්‍රමේකට යන චර්ක්‍රෙට වැටෙනවට වඩා ක්‍රම කීපයක් අතරින් එකක් තෝරාගෙන දිගටම යන්න. ඔබට උදව් කරන්න අය මෙතනත් ඉඳිවි මුදලින් උනත්.

    3. හැමදේටම මුල් වෙන්නේ තමන්ගෙ හිත.. ලැබෙන තියන දෙයින් සැනසෙන්න බැරි නම් සුරංග කැලේ මාරු කලාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැ. ඒ නිසා ඔබ පැත්තකට වෙලා හොඳට හිතලා බලන්න ඇයි ඔබට යන්න ඕන. ඇයි ඔබ දැන් සතුටින් නැත්තේ.. උත්තරයක් හොයා ගන්න. එය ඔබට කවදටත් වැදගත් වෙයි

    4. පිටරට කියන්නේ ඔබ අතීත මතක වලින් මවාගෙන ඉන්න සුර පුරක් නොවේ සුරංග.. අපෙ මොළය ඉපදුනු දා ඉඳලා හැඩ ගැහිලා තියෙන්නෙ අපි ඉන්න අවට පරිසයට.. අවට ඉන්න මිනිසුන්ට.. ගහකොටල සතා සිව්පාවට.. එහෙම කලක් තිස්සේ හැඩ ගැහිල්ත් සතුටෙන් තියන දේට හුරුපුරුදු වෙලා ජීවිතෙට වර්ථමානයේ මුණ දෙන්න බැරි නම් කොහොමද නොදන්න තැනක අලුතින් මොළෙ පුරුදු වෙන්නේ විඳවන්නේ නැතුව.. ගෙදරක වැඩ කරලා හරි සල්ලි හොයාගෙන සතුටින් ඉන්නවා කියන තැනට වැටෙන්න එපා සුරංග..ඔබ හැකියාවලින් අඩුවක් නැති කෙනෙක්. ඔබට සල්ලි ලැබෙද්දි ගොඩක් දේ මඟ හැරිලා කියලා වැටහේවි සල්ලි වලින් සතුට හෙවීම මුලික උනොත්. ඔබ එවිට පරක්කු වැඩි වේවි.

    5.හීන තියෙන්නේ දකින්න. අත අරින්න නෙමේ. ඒ නිසා එක පාරක් තෝරගෙන මොන තරන් බාධක ආවත් ධානාත්මකව මුහුණ දිලා හීනේ හැබැ කර ගන්න. ඔනේ කරන උදව් ධානාත්මකව කියන්න ලියන්න හිතන්න. තීරණයක් ගත්තට පස්සේ ඔබ යන පාරේ හිනේ ලඟට යනකන් ආපස්ස හැරිලා සෘනාත්මකව බලන්න එපා.. එවිට අනිත් අයගේ උදව් ලැබෙන්න තියන හැකියාව අඩු වේවි..


    6. අවසාන , වැදගත් සහ ඔබ පළවෙනියෙන්ම කරන්න ඕන දේ Personality Development , Personnel relationship, Building confidence වැනි දෙවල් ඉගෙන ගත හැකි ස්ථාන සොයා බලා හැකි ඉක්මනින් යොමු වීම. ලංකවේ ළමයි අවුරුදු 12 - 13 වෙනකොට මේ වගේ දේවල් වලට දෙමාපියන් යොමු කරනවා නම් ඔවුන්ගේ මනස කඩා නොවැටෙන්න මාර්ගය පෙන්වනවා නම් අපේ රටේ අනාගතය මීට වඩා යහපත් වේවි කියලා මට හිතෙන්නේ. ඔබේ හැකියාව අඳුර ගන්න.. ඒ අනුව මනස හදාගෙන ඉදිරියට යන්න. හැමවිටම තමන් ලඟ ඇති දෙයින් සැනහී තෘප්තිමත් වී අනාගතය ගැන හීන දකින්න .

    ReplyDelete
  57. ඔයා රට යන්න හිතන්නේ මොන වගේ රැකියාවකටද ?. මමත් කාලයක් ඔය ඔක්කොම try කරලා අන්තිමට අහම්බෙන් වගේ අපේ අල්ලපු රටට එන්න ලැබුනා. හිතාගෙන ආවේ හොඳ නැති උනොත් දමලා ගහලා ආපහු යන්න. නමුත් ආවට පස්සේ තේරුම් ගත්තේ මෙච්චර දවස් උඩම අත්තට පනින්නබලුවේ ළඟ තිය පොඩි අත්තට අත තියන්නේවත් නැතුව නේද කියලා. මම ඉන්නේ මාලදිවයිනේ යුරෝපයේ වගේ නොවුනත් සැහෙන හොඳ පඩියක් මෙහෙදී ගන්න පුළුවන් තමන්ගේ ෆීල්ඩ් එකේ වැඩකාරයකුට. පොඩ්ඩක් try කරලා බලන්න $500 ඉඳන් $5000 වගේ වෙනකන් පඩි ගන්න පුලවන් රැකියා තියනවා. සංචාරක හෝටල් පැත්තෙන්නම් නියමයි.

    ReplyDelete
  58. හොද ප්‍රමාන සමීක්ෂක(QS) කෝස් එකක් කරන්න . පාට් ටයිම් හරි ෆුල් ටයිම් හරි. ඒක ඔයාගේ වුර්තියටත් ටිකක් ලඟින් වගේ යන හින්ද අමාරු වෙන එකක් නැහැ ඒ අතරේ autocad ටිකකුත් හුරුවෙන්න. ඒකනම් තනියම කරගන්න අමරුවෙන එකකුත් නැහැ ජංජාලේ පාවිච්චි කරලා.කෝස් එක ඉවරවෙනකොට මැදපෙරදිග රටවල් වල තියන ඇබෑර්තු (ලංකාවේ හොඳ ඒජන්සි වලත් බලල ) ඉල්ලුම්පත්තර පෝලිමේ දාන්න එකටත් ජාලේම පාවිච්චි කරන්න පුළුවන්..ජොබ්මු එක සෙට් උනහම අවුරුදු 3 නිවාඩු දාල රට යන්න ජොබ් එක පඩි අඩු උනත් පස්සේ ඉහලට යන්න පුළුවන් උවමනාව තියනවනම්.... වැඩේ ගොඩයන්න පුළුවන් කිරිගහට් ඇන්න වගේ..

    ReplyDelete
  59. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  60. හෙලෝ,
    පුද්ගලයෙකු, ආයතන, ආයතන ආදිය සඳහා ණය ලබා දෙන පුද්ගල ණය දෙන ණයකරුවෙකු වන ජොෂ් හව්ලි මහතා කිසිදු සාධාරණ අයකිරිමකින් තොරව 2% පොලී අනුපාතයකින් .... ඔබේ ණය ගෙවීම සඳහා ඔබට ක්ෂණික ණයක් අවශ්යද? ඔබේ ව්යාපාරය දියුණු කිරීමට ණයක් අවශ්යද? බැංකු හා අනෙකුත් මූල්ය ආයතන විසින් ඔබව ප්රතික්ෂේප කර තිබේද? ඔබට ඒකාබද්ධ ණය හෝ උකසක් අවශ්යද? ඔබගේ මූල්යමය ගැටලු අතීතයේ අතීතය බවට පත් කිරීම සඳහා අප මෙහි සිටින නිසා, ඔබගේ සියළු ගැටලු අවසන් වී ඇත.
    වැඩි විස්තර සඳහා ඊමේල් හරහා (Joshhawleyloanfirm@gmail.com) අපව අමතන්න.

    සත්තකින්ම!

    ReplyDelete