මහන්සියක් නැතුව ගමනක් යන්න නං ගන්න තියෙන මිල අඩුම වාහනේ මෝටර් සයිකල් එක. ඕක ලියන කොට ලියන්නෙ යතුරු පැදිය කියලා. ඒ වුනාට එතැන සිංහලේ වැරදියි වගේ නේද? පයින් පදින එක පාපැදිය නං එන්ජිමෙන් පදින එක එන්ජින් පැදිය මිස යතුරු පැදිය වුනේ කොහොමද? අනේ මංදා නේද?
ඕකට මෝටර් සයිකලය, මෝට සයිකලය, මොටෝ සයිකලය, කියලා කිව්වට අපේ ආච්චම්මා කියන්නේ "හුටු හුටුව"කියලා.
"ආං අර බෙහෙත්තෙල් පියදාසලෑ ලොකු එකත් හුටු හුටුවක් කකුල් දෙක අස්සෙ ගහං ගියෙ පල්ලැහැ පැත්තෙ. ආණ්ඩුව පෙල්ලුනත් හරි ඌනං සස්සාවකුත් හදං හුටු හුටුවකුත් ගත්තා "
අපේ ආච්චම්මා කියන්නෙ අහස් කූරක් උඩ ගියා වගේ පුපුරා හැලෙමින් (පුපුරා හැලෙන්න නං උඩදි පුපුරන්න ඕනෑ). ඒ වුනාට අපේ ගමේ මෝට සයිකල් තිවුනෙ කිපයයි. එකක් තිවුනා වසන්ත බාප්පා ගාව. එයා මැණික්කාරයෙක්. එයා ගාව තමයි අපේ ගමේ තිවිච්චි විසාලම බයිසිකලේ තිවුනෙ. ඒකෙ දුං පිටවෙන්න සයිලන්සර දෙකයි. බයිසිකලේ කලුම කලුයි. දෙපැත්තෙ රත්තරං පාට අකුරු ලියල තියෙනවා. 125 කියල ඉලක්කමකුත් ලියලා තියෙනවා. ඒක ඉස්ටාක් කරන්න කකුලෙං අනින්න ඕන්නෑ. එයාට යන්න ඕනැ කියලා හිතිලා "එහෙනං මං යනව" කියල අනික් අයට කියලා හෝන්නෙක ගහන මොට්ටුව ඔබපු ගමංම බයිසිකලේ ඉස්ටාක් වෙනව. හරියට චංදරෙ මාමලෑ නැන්ද අඬන්න පටං ගන්නවා වගේ "හුරු හුරු හුරු හුරු හුටුස්" කියලා. ඒකෙ සද්දෙත් ගෑනු කෙනෙක් තමුං මිනිහගෙං ගුටි කන හැටි තවත් ගෑනියෙක් එක්ක කිය කියා අඬනවා වගේ. ලොකු පෙනුමක් තිවිච්චි ඒ බයිසිකලේ හදපු ඈයො ඒකට ගෑනු සද්දයක් හයි කෙරුවෙ මොකද කියන එක මට හරිම ගැටළුවක්.
එ් වගේම සුදු සරං කමිස ඇඳල ඔලුව නැති ටෝච්චෙක ඉනේ ගහගෙන ඉන්න මැණික්කාරයෙක් වෙච්චි නාවලවත්තෙ රාජ මාමා ගාව තිවුනෙ බංකුවක් ඉතර උස හිරමනේකට වඩා ඩිංගක් දිග බයිසිකලෙයක්. ඒකෙ රෝද මං පොඩි කාලෙ පැදපු රෝද තුනේ බයිසිකලේ රෝදෙයක් ඉතර පොඩියි. ඒකෙ සයිලන්සරේ අග බොහොම පුංචියි. ලිපට පිඹින බටේටත් වැඩිය පුංචියි. ඒකෙ පිටිපස්සෙ තිවිච්ච ලැගිජ් කෑල්ලෙ කොස් කොලයක් ඉතර පොඩි සීට්ටෙකක් තිවුනට කවුරුවත් ඒකෙ නැගිලා ගියේ නෑ.
අනික් බයිසිකල් ටික තිවුනේ කනත්තෙ ගෙදර අය ගාව. එයාලා ඔක්කොම ඉස්කෝලෙ මහත්තුරු. ඒ ගොල්ලං කසාද බැඳල හිටියෙත් ඉස්කෝලෙ නෝනලා. කනත්තෙ වැඩිමල්ම ඉස්කෝලේ මහත්තයා ගාව තිවුනෙ මජ්ගාඩ් දෙක අලුත් සැමන් ටිං එකේ කොලේ ගැලේව්වහං තියෙන පාටට දිස්නෙ ගහන පාටක් තියෙන බයිසිකලයක්. ඒකෙ ඉස්සරහ නොම්මරේ ගහල තිවුනෙ කුකුලගෙ ඔලුවට උඩිං කරමලේ හයිකලා වගේ මජ්ගාඩ් එකේ දිග අතට. ඒ බයිසිකලේටත් හයිකරල තිවුනෙ වැරදි සද්දයක්. කුරුමිනියෙක්ගෙ සද්දෙ වගේ එකක්. හැබැයි මට නං ඒ සද්දෙට මතක්වෙන්නේ අපේ ආච්චම්මගෙ ආහාර මාර්ගෙ පහල කෙලවරිං පිඹින නලා හඬ. එයිටම ගැලපෙන නිල්පාට දුං පාර සයිලන්සරෙං කට පුරෝලා විදිනවා. ඒ කියන්නෙ වසන්ත බාප්පගෙ සයිලංසර දෙකේ බයිසිකලේට වඩා මේ බයිසිකලේ හයිය ගාය වැඩියි. ඒකනෙ හොඳට දුං දාන්නෙ. ඒ බයිසිකලේ යන වේගෙට පස්සෙං එලවලා අල්ලන්න මටත් පුලුවං.
ඒ මහත්තයගෙ මල්ලි ගාව තිවුනේ ඒ වගේම සද්දෙ වෙනස් බයිසිකලයක්. ඒකෙ දුං අඩුයි. සද්දෙ වැඩියි. ඒකෙ සද්දෙ එන්නෙ "කිරි පිටි පිටි පිටි පිටි" කියලයි. ඒ වගේම තමයි හුඟක් දුර තියා සද්දෙ ඇහෙනවා.
වත්ත පාරෙ එහා කොනේ කොරියං කන්දෙ ඉන්න ඩැයිබර මාමා ගාව තිවුනේ රතුපාට බයිසිකලයක්. ඒකෙ ඉස්සරහ කූඩයක් තියෙනවා. පදින එක්කෙනාට ඉස්සරහිනුත් ලැකිජ්ජෙකක්. පිටිපස්සෙනුත් ලැකිජ් එකක්. ඒක පාං බයිසිකලයක්. එයා ගෙදර ඉඳං පුංචම්මලගෙ ගේ ගාවට වෙනකං බයිසිකලේ ඇහිල්ලා එතනිං බයිසිකලේ දා තියලා බස්සෙකට ගොඩවෙනවා. ඒ කාලෙ හැටියට අනුංගෙ බයිසිකලෙයක් උනත් තමුංගෙ ගෙදර තියෙන එක නම්බුවක්. ඉතිං අපේ ආච්චම්මයි ආතයි දෙන්නා ඒකට අව්ව වැටෙන්න නොදී හෙවන කරනවා. ලොකු පං පැදුරක් ගෙනත් බයිසිකලේ සම්පූර්ණෙංම වහනවා. සමහර වෙලාවට ඉටි කොල වලිනුත් වහනවා. ඉර දෙයියොත් ලේසියෙං අරින්නෑ. ටිකෙන් ටික ඉර එලිය එවන දිහාව වෙනස් කරනවා. ආතයි ආච්චම්මයි දෙන්නත් ලේසියෙං අරින්නෙ නෑ. පැදුරු, ඉටිකොල, කොලපත් ආදිය ගෙනැත්, ලයිට්, අංක තහඩු, සයිලන්සර්, සීට් ඇන්ජිං ආදී සේරම අවයව වැහෙන්න ඒ ඒ අතට බයිසිකලේ වහනවා. ඔන්න එතකොට ඉර දෙයියට සපෝට් එකට හුලං කුමාරයත් එනවා. එයා අර සේරම වැහුං එක හුලං පාරෙං වට්ටලා දානවා. ඒත් අඹුසැමි ශක්තියට සොබාව දර්මෙ යටයි. ආතා පැදුරට උඩිං කොටයක් තියනවා, ආච්චම්මා පොල් පිති දෙක තුනක් ගෙනැත් පැත්තෙන් තියෙන ඉටිකොලේට රුකුල්ලනවා. ආතා ඉස්සරහ ලැයිට් එක වැහෙන්න දෙකට නමල දාපු කොලපතට බර හිටින්න වේග මීටරේ උඩිං බොලොක්ගල් බාගයක් තියනවා. මජ්ගාඩ්ඩෙක වහපු ඉටිකොලේ සොකට් දෙකට තියලා කොහු ලනුවකින් බඳිනවා. අන්තිමට ඉරත් හුළඟත් පරදිනවා. පැටියා ඇහිල්ලා එතන ඉව කරලා මේ අරුම පුදුම පරුවතේ මොකද්දැයි බලනකොට ආතා උටත් කෝටුව උරුක් කරනවා.
"දාබ්බල්ලා දාබ්.... ජිප් කිව්වං අහල"
එතැං පටං කඩේ ගාවට එන හැමෝටම ආතගෙං හරි ආච්චම්මගෙං හරි අහන්න ප්‍රශ්ණයක් තියෙනව. ඒ වගේම ඒකට ලැබෙන උත්තරත් තියෙනව.
"මොකද්ද මාමෙ මේ කවර කෑලි ඔලිං වහල තියෙන්නෙ. දල්ලොරියෙං පෝර ගෙනබ්බෑවද?"
සමහරු ඒ අරුම පුදුම පොදියට ඇනලත් බලනවා.
"යූරියද, ඩොලමයිද්ද?"
"මෙච්චර ගොඩත්තියෙන්නෙ නාරගල්පිටියෙ ඇයගෙව්වත් එක්කද?"
තමුන්නෙ ආරස්සාව යටතෙ තියෙන වාහනේට එක එකා කියන කයි කතන්දර ඒ දෙන්නට අල්ලන්නෑ.
"කෙහ්හෙම්මල් පෝරෙයක් නෙමෙයි. ඔය ඩැයිබර ලමයෑ මොටෝ සයිකලේ"
මේ තරං විසාලෙට වහල තියෙන පොදිය බයිසිකලයක් බව පිලිගන්න ඒ ගොල්ලො කොහෙත්ම කැමති නෑ.
"මෙයාකාරෙට වහල තියෙන්නෙ එහෙනං"
"වහ තියන්නැතුව කොහොමෙයි. අව්ව සැර වැදුනහං ඉහ්මන්ට සවුත්තු වෙනවනෙ. අනික ඩැයිබර ලමය විස්සාසවන්තකමට මෙතන දාල යන දේ පරිස්සං කරන්න එපෑ. අපේ ගෙදර මිසක්ක වෙන තැංඔල දාල යන්නෙත් නැත්තෙ ඒකනෙ."
අන්තිමට හවස් වෙලා ඩැයිබර මාමා එනකොට එයාගෙ බයිසිකලේ පැදුරු, ඉටිකොළ, කොලපත් පෙරෝගෙන බුදි. කොහුලනු කපලා, කවර ලිහලා, පොල්පිති අහක් කරලා බයිසිකලේ බේරගන්න සෑහෙන වෙලාවක් යනවා. ඒ අතරෙ කොලපතට උඩිං තියපු ගල් ගෙඩිය මැද ලැගිජ්ජෙක උඩට වැටෙනවා. ඒ වගේ බර තියාපු කොට කෑලි, ගල් ගෙඩි කකුල උඩට වැටෙන එකත් සාමාන්‍ය දෙයක්.
ඔය බයිසිකලෙන් තමයි අපේ මාමත් බයිසිකල් පැදිල්ල පුරුදු වුනේ. අපේ තාත්තත් සමහර වෙලාවට කවුරුවත් නැතුවං සතපහේ කාසියක් හරි හැට්ට කට්ටක් හරි ඔය බයිසිකලේ යතුරු සිදුරට දාලා කරකෝලා ඒක ඉස්ටාක් කරගෙන කෙටි දුර ධාවනයේ යෙදෙනවා. හැඩල්ලෙක කරකෝපු ගමං ලාම්පුතෙල් පාර කාපු ගැරඬියා වගේ සුරුස් ගාලා ඇදෙන බයිසිකලේ හැඬල් එකේ එල්ලීගෙන අපේ තාත්තත් ඇදිලා යනවා. ඔය සූත්තරේ දැනං හිටිය මම දවසක් සත පහක් දාලා බයිසිකලේ කොලපාට බලුප් එක පත්තු කරාට නිවාගන්න බැරිවෙලා ඒ හොර වැඩේට කන කොකා ඇඬුවා.
ඉං පස්සෙ අපේ මාමත් රතුපාට බයිසිකලයක් ගෙනාවා. ඒක ගෙනාවෙත් ඩැයිබර මාමත් එක්ක ගිහිල්ලා. බයිසිකලේ ඉස්සරහයි පිටිපස්සෙයි ලොකු කාඩ්බෝඩ් කෑලි දෙහෙක රතු පාටිං
චන්දිම ට්‍රේඩි සෙන්ටර්
ඇඹිලිපිටිය
කියලා ලියලා තිවුනා. ඒක ගෙනා පලවෙනි දවසෙම මහ සෙනගක් කඩේ ඉස්සරහ හිටියා. මාමාගෙ බයිසිකලේ බලන්න. ඒ සෙනගට පෙන්නන්න හංදා මාමා අලුත් බයිසිකලේ ගෙයිං එලියට ගත්තා.
"ඉස්කෝලෙ මහත්තයට ඕක පදින්න බැරියැ."
"ඔව්වයියෙ ජිංගක් ඉස්ටාක්කොල්ල වටෙයක් ගිහිං එන්නකො"
"එහෙනං. හැමදාම ඩැයිබර උන්නැහැට කරදර කලහැක්කැ"
ඉතිං අපේ මාමත් මහ සෙනග ඉස්සරහ අලුත ගෙනා මනමාලිගෙ අතිං අල්ලනවා හා සමාන විලි බියකිං බයිසිකලේට නැගලා යතුර කරකෝලා කොලපාට බලුප්පෙක පත්තු කරලා දකුණු කකුල ඉස්සුවා. බයිසිකලේ ඉස්ටාක් කරන අණ්ඩට ඒ කකුල තියලා උඩ පැන්නා. මාමා පහලට එනකොට ඉස්ටාක් කරන අණ්ඩත් පහලට ආවා මාමව ඥක් ගාලා සීට්ටෙකේ ඇනුනා. කකුල් දෙකම උඩ හිංදා පෙල්ලෙන්න ගියා. වටේ හිටපු දුසිමක් විතර පැනලා මාමගේ ඇඟෙයි බයිසිකලෙයි අහුවෙන හැම කෑල්ලෙමයි එල්ලිලා එයාව බේරගත්තා.
"ඩැයිබර ලමෙයත් කිව්වා මුට මුලිම්ම බයිසිකලේ ඉස්ටාක් කොරන්න දැනගන හිට කියලා. මූ ඇහුවෙ නෑනෙ."
ආතා මාමව වරදකරු කෙරුවා.
"අනෙයන්තාත්තෙයන්න. මට බැරුව නෙමෙයි. මේක අලුත් පිට හංදා ඩිංගක් අමාරුයි"
මාමත් ආතට එක වචනෙං කාරනේ පැහැදිලි කලා. ඔය විදිහට වටේ හිටපු පනහක් විතර කට්ටිය මාමවත් බයිසිකලෙත් අල්ලං හිටිද්දි දහ දොලොස් වතාවක් උඩ පැන පැන ඒ සමාන වාර ගනනක් පස්සත් සීට් එකේ ඇනගෙන අන්තිමේදි බයිසිකලේ ඉස්ටාක් කරගත්තා. මාම අතිං හැඩල්ලෙක කැරකිලා වැඩිවෙලා බයිසිකලේ 'රේසිං බයිසිකලයක්' වගේ මරහඬ දුන්නා. වටේ හිටිය අය ඔලුව හැරිච්ච අතේ දිව්වා. ලැකිජ්ජෙකෙං අල්ලං හිටිය අපේ තාත්තා විතරක් ඉතුරු උනා. එයාට හොඳට හරක් ආංබාං කරන්න පුලුවං.
මාමා හැඩල්ලෙක ආපස්සට කැරකෙව්වා. ඒ ගමන සද්දෙ අඩුවුනා.
"බබබබබය වෙන්නෙපා. එහෙම යන්නෑ. ඉස්ටාක් කොලාට. ජියර් දාන්නැතුව යන්නෑ"
මාමා වෙව්ල වෙවුලා කරුණු පැහැදිලි කරා. ජනතාව ආපහු ඒකරාශී වුනා.
"දැං පොඩ්ඩක් රවුමක් ගියානං හරි. මල්ලියෙ"
"ඔව්වොව් "
කීප දෙනෙක් මාමව උසිගැන්නුවා.
"කොහෙ කියලා යන්නද. දැං යන්න ගමනක් නෑනෙ."
මාමා වැඩෙං මගාරින්න හැදුවා.
"නිකං පාරෙ ඩිංගක් දුර ගියානං හරි"
ජනතාව එක හඬිං කියා හිටියා.
"වත්ත පාරෙ යන්න. වාහන ඇත්තෙම නෑනෙ"
කොටසක් අය කිව්වා.
"මහ පාර දිගේ අතුලගෙ කඩේ ගාවට ගියානං හරි"
තව කොටසක් කිව්වා. මාමා සෑහෙන වෙලාවක් හිතලා ජියර් එකට කකුල තිබ්බා. අම්මලා ලමයි වඩාගත්තා.
"චකස්"
මාමා ජියර්රෙක දැම්මා. බයිසිකලේ ගැස්සුනා. මාමා හැඩල්ලෙක මිරිකලා අල්ගත්තා. හැඩල්ලෙක කරකැවුනා. පැටියා නාටු බල්ලන්ට පනිනව වගේ බයිසිකලෙත් මිනිස්සු ඉස්සරහට පැන්නා. මාම තව හයියෙං හැඩල්ලෙකේ එල්ලුනා. බයිසිකලේ සීට්ටෙකේ අග මොල්ලිය වගේ කෑල්ල මාමගෙ සරමෙ මැදට ඇන්නා. ඒ ගමන මාමව සීට්ටෙක උඩට වැටුනා. ගෑනු ලතෝනි තියාගෙන දිව්වා, පිරිමි සරොං කැහැපොට ගහගෙන දිව්වා. අපේ තාත්තා ලැගිජ්ජෙකේ එල්ලුනා. බයිසිකලේ කෝපි පඳුර දිහාවට පැන්නා.
"මල්ලියේ හරෝපාාාාාාං"
ලොකු පුංචම්මා ලතෝනි දුන්නා.
"බේක්කල්ලහං යකෝ"
ගුණපාල බාප්පා බත් පංගුව අතේ තියාගෙන සාලෙ ඉඳං බෙරිහං දුන්නා. කවදත් වැඩිහිටි උපදෙස් ගරුකරන අපෙ මාමා ඒ උපදෙස් අනුගමනය කලා. බයිසිකලේ හැඩල්ලෙකේ ඉස්සරහ උඩ ගියා. මාමව ආපස්සට වැටුනා. අපේ තාත්තා මාමව ඔඩොක්කුවෙ තියාගෙන බිම වැහ්නා. බයිසිකලේ පැත්තකට පෙරලිලා පස්සෙ රෝදෙ කැරකුනා. මං ආච්චම්මගෙ කාමරේ ඇඳ උඩට නැගලා ඉඳං ජනේලෙං බලං හිටියා. තමුංගෙ මස්සිනා නැගිට්ටං පස්සෙ නැගිටලා ගිය අපේ තාත්තා බයිසිකලේ යතුර ආපස්සට කරකෝලා ඒකෙ ඉස්ටාක් එක නැවැත්තුවා. මාමා ගෙට වැදුනා. රැස්ව සිටි පිරිස
"ඉස්කෝලෙ මහත්තයා අලුතිං බයිසිකලෙයක් ගෙනැත් පාර මැද්දෙ දෙරි ගැහුවා"
කියන පණිවිඩේ ප්‍රචාරය කිරීමේ අරමුණින් විසිර ගියා. අසරණ බයිසිකලේ පාර මැද ඉතුරු උනා. මේ තරං හපංකමක් කරපු බයිසිකලෙයාට කිට්ටු කරන්න කවුරුත් කැමති උනේ නෑ. මාමා ඒක ගෙට ඇරං දානු ඇතැයි හිතලා අනික් අය තම තමංගෙ ගෙවල්වලට ගියා. අනික් අය ඒ වැඩේ කරනු ඇතැයි කියලා හිතලා මාමා ලැජ්ජාව වහගන්න එයාගෙ යාලුවෙක්ගෙ ගෙදර ගියා. අන්තිමට බයිසිකලේ රැයක් එලිවෙනකං ගෙදර මිදුලේ වැටිලා තිවුනා. අන්තිමට පහුවදා උදේ අපේ තාත්තා දලු කඩන්න යන ගමං දැකලා බයිසිකලේ ඇරං ගෙට දාලා තිවුනා.
අදටත් අපේ මාමට හරි හමං විදිහට මොනම වාහනයක්වත් එළවගන්න බෑ කියලා මට හිතෙනවා. මීට අවුරුදු දෙක තුනකට කලිනුත් දෙවෙනි ජියර් එකේ අදින්නෙ නැති කඳුවලදි අපේ මාමා තුංවැනි ජියර්රෙක දාලා පයිං පොලවට ඇන ඇන යනවා මං දැකලා තියෙනවා. ඒවගෙ වෙලාවට
"ඕක පස්ටෙකට දැම්මනං අදිනවනෙ"
කියලා කවුරුහරි කිව්වොත්
"ඕන්නෑ මේ ඩිංග යන්න මොකටෙයි ආයි ජියර් මාරු කොල්ලා."
අපේ මාමා උත්තර දෙනවා.
:D
ReplyDeleteWhy this colawari :D
Deleteහිනා ගිහිං පණ යන්න ආවා කියහංකෝ ඉතිං
ReplyDeleteඉස්ටාක් කොරන්ඩ ගිහිල්ලා කකුල ලිස්සුවම වදිනව පාරක් ඕක හදාපු එකාගෙ හත්මුතු පරම්පරාවම සිහිවෙන්න :D
ReplyDeleteකියල වැඩක් නෑ. මගෙ දකුණු කකුලෙ බත්කෙණ්ඩෙ ඇතුල්පැත්තෙ තාම තියෙනව දිග කැළලක්...
Deleteහම්මේ ඒකෙ රහ... මලමුත්‍රා පහවෙනවා වැදෙන වැදිල්ලට
Deleteඅපෙ මාමගෙ බයිසිකලේ පසුකාලීනව එකසිය විසි අට වාරයක් පයින් ඇනල, කලු, සුදු, නිල් ආදී නොයෙක් වර්ණ දුං දාල තමයි ඉස්ටාක් උනේ.
Deleteහැක්.. හැක්.. නියම බයිසිකල් ස්ටෝරීස් ටිකක්නෙ මෙතන.
ReplyDeleteඅර මුලම එක බෙන්ලියක් වෙන්න ඇති.
බෙල්ලියක්....බෙල්ලියක්
Deleteඉස්කෝලෙ මහත්තයටනං අර සීං එකෙන් පස්සෙ රෙදි නැතුව යන්න හිතෙන්නැති.
ReplyDeleteදැං කොහෙද ඔහොම බයික්. ඔක්කොම ඉන්දියං ලදරංනෙ තියෙන්නෙ.
ප්‍රතිපත්තියක් වසයෙං එයා ඇත්ත ලැජ්ජාව අඳුරන්නෑ.
Deleteකට කට... අයි ඕල්සෝ හැව්ව ඉන්දියන් ගාඩී
ඇයි උඹ 50,000 බජාජ් බයිසිමොටෝ එක ගත්තතේ නැද්ද? බොලෑ කොළඹ ඔපිසියේ ඉන්න උන්ටත් කෑලි වලටක් දුන්නනේ ගෙදරට පාන් ගේන්න එහෙම යන්න පුළුවන් කියලා
Deleteනෑ සර්. මට ඒක ගන්න හිත් දුන්නෙ නෑ. කොල්ලෙක් බයික් එකක් ගන්න හිතේ තියං ඉන්න ආසාව දන්නෙ ඒ ආකාරයෙං නොවිඳිනා දුක් විඳල බයිසිකලෙයක් ගත්ත එකෙක් ඉතරයි. ඉතිං මට ගෙදර බයිසිකලයක් තියෙද්දි තව එකක් මොටද? අනික අපි රාජ්‍ය සේවෙ කියලා අපිට ඔව්වා කුනු කොල්ලෙට දුන්නට කී දාහක් හූල්ලනවද? "අර හැත්තට දුන්නු වෙලා අපිට ලස්සෙට එකක් දුන්නනං හෙනද" කියලා. අනික ඒක අල්ලසක් වගේ. පාලාස්සබා මන්තිරිලටත් දුන්නා. මට ඒක ගන්න හිත දුන්නෙ නෑ. මං ඒක ගත්තෙ නෑ. ලෝබ කමක් නැතුවම නෙමෙයි. ඒ වුනාට රටේ කොල්ලංගෙ බයික් හීන ගොඩවල් අතරිං මට විතරක් අලුත් බයිසිකලෙයක් පැදං යන්න බෑ....
Deleteඔක්කොමත් හරි, අර අන්තිමට ලියපු "ඕන්නෑ මේ ඩිංග යන්න මොකටෙයි ආයි ජියර් මාරු කොල්ලා." කතාවත් හරි... :D
ReplyDeleteමමත් බයිසිකල් පදින්න පුරුදු වෙන කාලේ.. දවසක් යනකොට එකෙක් කිව්වා..."ඕකේ තව ගියර් තියනවා බන්" කියලා... :D
Deleteමට නං බයිසිකලේට තව ජියර්රෙකක් මදියි. මට හතරෙං එහාට යන්ට වාසනාව නෑ.
Deleteමම කියවපු පට්ටම බයිසිකල් කතාවලින් එකක්. බයිසිමොටෝ කියන කෙටි කතාවත් ඕවගේ. අපේ සෙන්නත් එක වතාවක් ඔහොම එකක් ලියලා තිබුනා.
ReplyDeleteමම ලින්ක් එක දාන්නම් කියලා හිතාගෙන පල්ලෙහෑට ආවේ. එතකොට උඹ මතක් කරලා.. ස්තූතියි...
Delete"බයිසි මොටෝ එක" කියන නමනම් මම ගු.ලි. ගෙන් හොරකම් කළා...
ආයෙ පාරක් උඹේ චිත්‍ර ඇඳීමේ හැකියාවයි, අම්මගෙ අසනීපෙයි මතක් වුනා. දැන් අම්මට එදා හිටියට වඩා ගුණයක් ඇති නේද?
Deleteනෑ ඩූඩේ... කරපු කිසිම ප්‍රතිකර්මයක් අම්මට ඇල්ලුවේ නෑ.. වයස නිසා ද දන්නෑ..එයා දැන් ලෙඩෙත් එක්ක ජිවත් වෙනවා.. ඒක අමාරුයි කියලා පේනවා.. ඒත් විසඳුමක් නෑ...
Deleteබයිසි මොටෝව කියෙව්වා. මල් හතයි. ඒක නෙමෙයි. අම්මට තියෙන අසනීපෙ කිව්වනං අපිත් දන්න කියන වෙද මහතෙක් ඉන්නවා. මිනිහාගෙං ප්‍රතිකාර ගන්න පාර කියතැකි.
Deleteඅංශභාගෙ සුරංග..
Deleteබලං යද්දී බොලැ ආච්චම්මට දෙවනි නෑ මාමත්.
ReplyDeleteආච්චම්මගෙ උක්කුසේපං එකම පුතා.
Deleteහික්.. මමත් ඉස්සෙල්ලාම ෆොර් වට් බයික් එහෙකට පැද්දේ ඔය වගේ රතු පාට එකක් තමයි.. ඉස්ටාට් කරලා යනකං යතෑකි.. නවත්වන්න ගියාද හරහා තමයි.. එක දවසක් ආවා තඩි ටැට්ටරයක් ඉස්සරහට .. මැරුනත් නවත්තන්නේ නෑ කියලා ගියා කටු කම්භි ගහපු එඩරු වැටක් දිගේ.. හැක් .. හිනාවෙලා පන යනවා ඕයි..
ReplyDeleteඑඬරු ඇටයි කටු කම්භියි. ගොනා ඇනලා නයා කෑවා වගේ.
Deleteහක් හක් හා... මචෝ. පට්ට ඕයි. අපෙ බාප්පත් චැළියක් ගෙනාව. නොම්මරේ තවම මතකයි. 108 ශ්‍රී 0832. දවසක් අවුරුදු දවසක තාත්ත තුමා ඕකෙ වාඩි වෙලා යන්ට හදනකොටන අම්මා තුමිය කරපු ජෝර්ක් එකක් ක්ලික් උනේ නැතිවෙලා ගැස්සුන ගැස්සිල්ලට තාත්ත තුමා ගාල්ලෙ සංගමිත්තා මහා විද්‍යාලයේ ප්‍රදාන ගේට්ටුව ගලවගෙන ගිහින් තමයි නතර උනේ හිටං..
ReplyDeleteප්.ලි. මගේ යතුරු පැදි දැවනයේ අවසාන මතකය වන්නේ අනතුරක් සිදු කිරීම මත වරද පිළිගැනීමෙන් පසුවද දවස් දෙකක් ගාල්ලේ බන්දනාගාරයේ ගත කිරීමයි. හේතුව, දෙමාපිය අණට අකීකරු වීම නිසා අදාල දඩ මුදල් ගෙවීමට තවත් දඬුවමක් වශයෙන් උසාවියට නොපැමිණිමයි. ( හය්යෝ මටමමයි වෙන්නෙ හිටං 😂😂😂😂😂)
මදෑ... ඔහොම නෙමෙයි සමහරු දරුකමෙන් ඉන්ටඩික් කරලා බත් කාඩ්ඩෙක අත්හිටෝනවා.
Deleteකණේ වැලි.....
ReplyDeleteමම දන්න එකෙක් බයික් ලයිසන් ගන්න ගිහින් ඔය වගේ වීල් කරලා, එක්සැමිනර්ව යට කරන්න ගිහිල්ලා.. ලයිසන් එක කෙසේ වෙතත් ගුටි නොකා බේරිලා ඇවිත් තියෙන්නේ හරිම අමාරුවෙන්...
"අනෙයන්තාත්තෙයන්න." මේක "අනේයන්නාත්තෙයන්න" නෙමේද ? මට අරක කියෙව්වම හිතුනේ මාමා වැඩේ අතෑරලා තාත්තත් එක්ක දමලා ගහලා ගියා කියලා..
වෙන්ටැ. මං පය රිදවන ලයිසම ගන්න ට්‍රෑල් දෙන්න ගිය දවසෙ එක කෙල්ලෙක් තීවිල්ලෙක අර VLC Player දෙකක් උඩිං ගිහිං කුඹුරටම ඇරියා පස්සට.
Deleteමෙතැන ‘යන්න‘ කියන වචනේ ‘න‘ යන්න ලොස් වෙනවා. එතකොට ‘යන්‘ විතරයි ඉතුරු. ඒ අනුව මං ලියපු ක්‍රෙම් අරි.
මට උඹ කියපු ප්ලේයර් දෙක කල්පනා වෙන්න තප්පර දහයක් ගියා කිව්වම. ඕකට තව කවුද බ්ලොග් කාරයෙක් කියලා තිබ්බා කැවුම කියලා.
Delete//VLC Player දෙකක්// හැක්.. උදේ හවා අත පත ගාන මටත් සෑහෙන වෙලාවක් ගියා හිතා ගන්න..
Deleteඉෂ්ම යනවා සුරංගයො..
ReplyDeleteඉල නෑ :D
තුනටියෙ තුවාල හැදිල පැසෙව්වං එහෙම තමයි.
Deleteහැක්.. හැක්..
Deleteඅපේ ආච්චි කිවුවෙ "බයිසි මොටෝ" එක කියල
ReplyDeleteහරිනං ලමයි එව්වා ඉදිරියට ගෙනියන්න ඕනැ.
Delete// "එහෙනං මං යනව" කියල අනික් අයට කියලා හෝන්නෙක ගහන මොට්ටුව ඔබපු ගමංම බයිසිකලේ ඉස්ටාක් වෙනව. හරියට චංදරෙ මාමලෑ නැන්ද අඬන්න පටං ගන්නවා වගේ "හුරු හුරු හුරු හුරු හුටුස්" කියලා.//
ReplyDeleteහොඳම කෑල්ල
එයත් පටං ගන්නෙ “ඉහි ඉහි ඉහි ඉහි ඉහික්“ කියලනෙ.
Deleteඅපි පුංචි කාලේ තිබුනා ඒරියල් කියලා මොටෝ බයිසිකල් ජාතියක්. එව්වගෙ හන්දල් එක මීටරයක් වගේ දිගයි. බයිසිකලේ මහා විසාලයි. ලොරියක් වගේ සද්දේ.
ReplyDeletehttps://upload.wikimedia.org/wikipedia/commons/3/33/Ariel_Red_Hunter_1932.jpg
දෙවැනි ලෝක යුද්දෙ කාලෙ පැත්තෙං බකට්ටෙකක් වගේ හයිකරපු එහෙක තව බුවෙක් දාං යන බයිසිකල් තිවුනෙ මෙව්වා වෙන්ටැති. දැං කොල්ලො ටුවින් එහෙම හදනවා මේ විදිහට මිත්‍ර පාර්ශවේ තරුවත් ගහලා
Deleteහිනා වෙන සද්දෙට අහල පහල එපාර්ට්මන්ට් ඒකක කවුරු හරි එළියට බැස්ස නම් මට පිස්සු කියල හිතනවා...
ReplyDeleteඅම්බලංගොඩ අය්යගේත් කවුරු හරි කෙනෙක් ඔහොම බයිසිකල් එකකින් උඩ විසි උනා කියල කියෙව්වා මතකයි...අපේ තාත්තටත් තිබුන හොණ්ඩා CD125 ක්...එයා ඒක අවුරුදු පහළොවක් විතර පැද්දා. අන්තිම කාලේ ඒකෙ සද්දේ හැතැක්මක් විතර එහාට යනකල් ඇහුනා...නියම කතන්දරේ සුරංග මල්ලි...
තාත්තට අලුතින් සයිලන්සර් ජෝඩුවක් ඇරං දෙන්න තිබ්බෙ. ඕවෑ සයිලන්සර් විජානියට සවුත්තු වෙනවා. අම්බලං අයියට ඔය වගේ කීපයක්ම වෙලා තිවුනනේ
Deleteලාංකීය සමාජයේ හරස් කඩක්...ජේආර් පප්පා හඳුන්වා දුන් විවෘත ආර්ථිකයෙ පලවිපාක අහිංසක අයුරින් විස්තර කෙරෙන මේ විදියේ ලියමන් වලට තාමත් ලැබිය යුතු තැන ලැබෙන්නේ නෑ මලේ...
ReplyDeleteමටනං හිනාවෙනුවට කඳුළුයි ඉනුවේ...ඇත්තටම...!
මේ ඇත්තටම මෙතන මං වැරදි මොකවත් කියල එහෙම තියෙනවද? අනේ මං එහෙම කාටවත් ‘දෙන්නං දොඹෙං යන්න‘ කියලා හිතලා ලිව්ව නෙමෙයි ඔන්න.
Deleteසුරන්ගයෝ.. පොස්ට් එක එකෙන්ම සුපිරි.. මෝටර් සයිකල් කතා අපමණ තිබේ ලියන්න..හෙට අනිද්දම ලියන්නම් මොටෝසයිකල් කතාවක්..
ReplyDeleteකරුණාාාාාකරල අර ඉන්දියාවෙ ගමනෙ ඉතුරු විස්තර ලියනව හොඳා. නැත්තං අපෙ මරනෙටවත් අම්බලංගොඩයිය එපා. ඔන්න කිව්වා කොටිම්ම.
Deleteඑයිට කලිං නරකද, අර "බයික්ස්, ඔරුස් ඇන්ඩ් යුද්ධ ටෑංක්ස්" කතාව ඉවර කළා නං?
Deleteඇයි සරිගම ඛණ්නා කතාව
Deleteගෙදර දාල ගිය බයිසිකලේ වහන්න ගත්ත මහන්සියක්... ගමේ මිනිස්සු මොන කතා කියන්න ඇද්ද මාමට....
ReplyDeleteඅපූරු පොස්ටුව... මං කැමතිම සුරංගගේ ශබ්ධ අනුකරනයට:D....
එව්වා සහජ දක්සතා. ඇද ඇල්ලීමේ හැකියාව. ඕපාදූපාභිලාශීත්වය.
Deleteඒ කියන්නෙ උඹලෑ පැත්තට "රේල බයික්" ඇවිල්ලා නැති පාටයි. ඕවය බං බයික්, රේල බයික් නේ බයික්. බයික් කතා නම් අනන්තයි
ReplyDeleteඉස්සර මහා ඉස්පිටිතාලේ, හොන්ඩා වාට්ටුව, යමා වාට්ටුව කියලා වාට්ටු දෙකකුත් තිබුනා. හෙල්මට් නීතිත් නෑ නේ. ඉතින් බඩු දාගන්න කියාපු බාන්ඩෙ. රේල බයික් එකේ කොල්ලො ගියෙ. කයි බෝයිලා අස්සයා පිටේ යනවා වගේ.
මාතෙ, උබට පැරිස් ඩකා බයික් එක මතකෙයි..?? 👌
Deleteටේලක් මුලිම්ම ගත්තෙ ඩැයිබර මාමෑ ලොකු පුතා. ඌ හෙන උසයි. මිනිහට තිවුනෙ හොන්ඩා XL එකක්. ඒ කාලෙ ටේලක් යනු හීනයක් විතරයි.
Deleteඋඹේ කතාව සුපිරි ශ්‍රංගයෝ...
ReplyDeleteපුංචි සන්ධියේ ඉඳලම ගෙදර බයිසි මොටෝවක් තිබ්බ නිසා සහ තාත්ත එක්ක සීට් එකේ ඉස්සරහ වාඩිවෙලා ඉස්කෝලේ යන සංධියේ පුංචි එකාට ඇක්සලේටර් එක කරකැවීමට ඉඩ දීම නිසා සහ සියල්ල නිවැරදිව දැක බලාගෙන තිබු නිසා හත අට වසර වගේ වෙද්දී අපේ ගෙදර තිබ්බ Honda CD70 (ඒක යමහා මේට් වගේ බයික් එකක්) බයිසි මොටෝව පැදීමේ හැකියාව ලොකු පුත්තරයා ලබාගෙන තිබුණි...
සීඩී 70 ය කොහෙද බං මේට් එක වගේ වෙන්නෙ? මේට් එක ගෑණු ලමයි මොඩල්නෙ. මං ගාවත් තියෙනව සීඩී 70යක්. 84 නොම්මරේ.
Deleteලොක්කා කියන්නෙ CD series නෙවෙයි C series එක ගැන.
Deleteආ ඒකයි. සී සෙවන්ටිය නං මේට් එක වගේ තමා. ඒක නේද ඩූඩ් සුපර්කබ් එක?
Deleteහරි හරි බොල ඒක C තමයි...
Deleteඅර ඉස්සරහ සමනල තටු දෙකක් වගේ අයිතමයක් තියෙන්නේ, ඕවා හැමදාම කැඩෙනවා...
ඒකට කියන්නෙ බං ඒබරං එක. ඕක හදල තියෙන්නෙ ඒබරං කියල ලංකාවෙ කෙනෙක්.
Deleteහෙළයෙක් වීම ගැන ආඩම්බරයි නං ශෙයා කරන්ඩ...
C50 , C70, C90 , මගෙ ලගත් තියනව C90 ක් 89 ශ්‍රී. ඒබරං එක කැඩෙන්නෙ මක් කොරන්න ගිහින්ද ලොක්කා ?
Deleteමම බයිසිකලේ අලුතින්ම හදමින් ඉන්නෙ.
ඒබරං එක කැඩෙන්නෙ කනේ වැලි ගෑවෙන්න නමනකොට.
Deleteපෙරලුනහං ඒක කැඩෙනවා තමා. ඒ වුනාට සරං එහෙම ඇඳං යන්න ලේසියි ඒ කෑල්ල නිසා. තැපැල් නයින්ටියෙ ඔය සමනල තටු දෙක ගැලෙව්වොත් බලලට රැවුල නෑ වගේ
Deleteඅපේ තාත්තට තිබ්බේ C 50 යක්.. ඒක ඉතිහාසගත බයිසිකලයක් මචංලා.. අපේ තඩියා ලොරියට යටවුණේ ඒ බයික්කෙන් තමා.. මම ලංකාවේ නැති අල්ලපනල්ලේ අපේ ඩඩා ඒක රුපියල් දහදාහකට දීල දාල කියහල්ලෝ ගෙදර නිකම් තියනවා කියල..
Deleteතඩියා ලොරියට අඩේ තියපු සිද්දිය මෙන්න මේකේ ලිව්වා කාලෙකට කලින්..
http://ambalangodakatha.blogspot.com/2014/11/blog-post_26.html
කියෙව්වා. නැවතත් කියන්නෙ ඉන්දීය සංචාරයේ ඉතුරු ටික ලියන්න
Deleteහුටු හුටුව කියලා පරණ අය කිව්වෙ අපේ ආදි වාසීන් මෝටර් බයික් එකට කිව්වෙ හුටු හුටු දඩුකජ්ජ කියල නිසාය කියලා මම අහලා තියෙනවා.
ReplyDeleteඅපේ පැත්තේ ඒ කාලේ තිබුනේ තැපැල් නයින්ටිය. ලොරියක බඩු අදින්න පුලුවන්.
පිටි මිටි දෙක පටවනව මං දැකල තියෙනව ඒකෙ ලැකිජ්ජෙකේ
Deleteඅපෙ අර දේවාරූඪයෙන් ටීවී හදන අශෝක, මුලිම්ම ගත්තෙ සෙවන්ටි චැලියක්. ගත්ත ගමංම ආවෙ අපෙ දිහෑ. ඇවිත් යන්ඩ යනකොට ඔය වගේම ඇක්සලරේටරේ ඕනෙවට වඩා තදට මිරිකිල, මං අගේට ලෑන්ඩ්ස්කේප් කරල තිබ්බ මිදුල දිගේ දිව්ව. අපේ බාප්පගෙ පුතා එතකොට අවුරුදු දහයයි. ඌ නැග්ග මිදුලෙ අනිප්පැත්තෙ තිබ්බ ගල්ගොඩට.
ReplyDeleteඅපේ හැඩිගල්ලෙ ආතා චැලියක් ගත්තෙ බේක් නැති වුනොත් කකුල් දෙක බිමට තියලා බයිසිකලේට යන්න ඇරලා ආතාට හිටගෙන නවතින්න පුලුවං කියලනෙ. ඒ චැලිය දුවන්න බැරුව හත්දහකට වික්කා. ගත්ත එකා ඒක කොහුලනු හතර පොටෙං ඇදං ගියේ
Deleteඅපේ තව බාප්පෙක් හිටිය. එයා ගාව තිබ්බ තඩි බයික් එකක්, රුසියන්. බ්‍රෑන්ඩ් එක "මින්ස්ක්". ඒකෙ කික් පැඩල් එක තියෙන්නෙ වං පැත්තෙ. මයෙ හිතේ ඒ කාලෙ රුසියාව වමට බර නිසා වෙන්ඩැති. බයික් එකට නගින්ඩ කලිං කික් එක ගහන්ඩ ඕනෙ.
ReplyDeleteඑහෙම එකක් මං දැක්ක අර රුසියන් කාටුන් එකක් තිබ්බෙ, "උඹ පොඩ්ඩක් බරයි" (ජස්ට් යූ වෙයිට්) කියල, ඒකෙ. ඒකෙ වුර්කය ඔහොම බයික් එකක් ස්ටාට් කරනව. ස්ටාට් උනහම ඌ බයික් එකට නගින්ඩ කලිං බයික් එක යනව.
ඒක මේ ලංකාවෙ ඩිසයින් කරපු එකක්. ඕකට නම දාල තියෙන්නෙ මේක පැද්දොත් ඌ‘මිනිසෙක්‘ කියන අරුතෙං. සිංහල නම ‘මිනිසෙක්‘. පස්සෙ ඒක නං ගං වාසගං එක්කම රුසියාවට වික්කා. උං ස්වර අකුරුවලට බදු ගහනවා. ඒ හංදා ඒ නමේ හල් අකුරු ටික විතරක් ඉතුරු වෙද්දි ස්වර අකුරු අයිං කරා (මට කිව්වෙත් අපේ ටිකිරිගෙ යාලුවා. චියොං)
Deleteමේකා බයික් වලට අපහාස කරල තියන හැටි.ගෑනු සද්ද තියනව කියල එහෙම.මගේ පලවෙනි බයික් එක බී.එස්.ඒ .එකක්. තවම තියනවා. කවුද කිව්වේ මෝටර් සයිකලයක් කියලා. ඒක පා පැදියක්. ම්ගේ ප්‍රියතම බයිසිකලය වුනේ CG .125 කාලයක් චැලියකුත් තිබුනා . ඔය වම් පැත්තේ කික් පෙඩල් එක තියන තව බයිසිකල් වර්ගයක් ඉස්සර තිබුනා මතකද බ්‍රෑන්ඩ් එක JAWA. චෙකෝස්ලෝවැක් නිපයුමක්. ඒකේ ගියර් පෙඩල් එකමයි කික් පෙඩල් එක වෙන්නෙත්. කික් කරන්න ඕන වුනහම ගියර් පෙඩල් එක ටිකක ඇතුලට තද කරලා වට බාගයක් පස්සට කරකවගත්තහම කික් කරන්න පුලුවන්.
Deleteකිව්වම මොකද ශ්‍රංග... මාත් මුලිංම කියල ගත්තෙ ස්කයිලයින් 48 බයික් එකක්. ඕකෙ ක්ලච් එකක් නෑ.. තැපැල් නයින්ටියේ මොඩ්ල් එක.. ඉතිං බටපොළ කඩෙන් බයික් එක අරං බිල කාරිය ගෙවලා ට්‍රයල් එක යන්න බයික් එකට නැග්ගා.. රේස් කරලා ගියර් එක දාන කොටම කඩේ මනුස්සයා ඔන්න බලාගෙන කියලා කෑගැහුවත් එතකොටත් පෙරහැර ගිහිං ඉවරයි. කරුමෙට එදා බටපොළ පොළ දවස.. දෙනෝදාහක් ඉස්සරහා පෙරේතයා පොළේ ගැහුව වගේ වැටුණා කියහංකො.. මාත් එක්ක බයිසිකලේ ගන්න ගිහිපු අපේ මාමා බයවෙච්චි පාර මාත් එක්ක බයික් එකේ නෑවිදිං බස් එකේ ආවා...
ReplyDeleteඑව්වයෙ ඇංජිම 48 නේද? 48cc කියලා අංක තහඩුව වෙනුවට ගහගෙන පැද්දැකි. අපේ මාමාණ්ඩියත් ඔය වගේ 75cc එකක් ඇරං පැද්දා. මිනිහා ගහගෙන තිවුනේ CC48 කියලා. පස්සෙ ඒක විකුනලා සැටලයිට් ඇන්ටනාවක් ගෙනාවා.
Deleteසැටලයිට් ඇන්ටනාවෙං කොහොමද බං බයික් එකකින් කරන වැඩේ කරගන්නෙ.
Deleteදෙකම එකයි
Deleteඅහල නැද්ද අර සිංදුවක් තියෙන්නෙ, "මන්ද නාව කාරණාව - ලිපට වැටුණ ඇන්ටනාව - මට හරි පාඩුයි ළමයෝ" කියල...
Deleteමේකේ අන්තිම හරිය කියවද්දී අත වැලමිට හරියට එනකං කටේ ඔබාගෙන කියෙව්වේ , නැත්තං හිනායන්න ආපු හැටියට හිනාගියානං එහෙම ඉන්ටඩික් කරනවා අවුරුද්දකට විතර .පට්ට
ReplyDeleteඅපේ තව බාප්පෙක් හිටිය. උන්දැට බයික් එකක් තිබුන්නෑ. සැරෙයක් අපේ තාත්තගෙ රැලේ බයිසිකලේ ඉල්ලං ගිහිං, ඉස්සරහ ලාම්පුව කඩල ගෙනත් දුන්න. එයා තමයි ගජබින්නාලංකාරෙ ප්‍රධාන නළුව.
ReplyDeleteඅපේ තව බාප්පෙක් හිටිය. රෑ ඇදේ ඉදං පොතක් කියවද්දි කුප්පි ළාම්පුව පෙරලිල ගිණි අරං මළා. එයාගෙ බයික් එකක් නං තිබ්බෙ නෑ. තිබ්බෙ මිනි මයිනර් එකක්.
ReplyDeleteඅපේ තව බාප්පෙක් හිටිය. උන්දැටත් බයික් එකක් නං තිබුන් නෑ. එයා එල්ලිල මළා, අපි පොඩි කාලෙ.
ReplyDeleteඅපේ තව බාප්පෙක් හිටියෙ නෑ...
ReplyDelete(හොද වෙලාවට...)
උඹ කමෙන්ට් දාල වැඩිවෙලා මලා කියල අපිට ආරංචි වෙන්න දෙන්නද ඔය හදන්නේ...
Deleteමං ඊයෙ මෙන්ඩගෙ ලේ බිව්ව. (සැක් ඉතරක්. අඹ රහයි.) ඒ වෙලේ ඉදං මෙහෙමයි...
Deleteඩ්‍රැකී කියල මගේ යාලුවෙක් කොමෙන්ට් වැඩිපුර දාල னයෙක් ගහල මලා.
Deleteඅපේ පුංචම්ම, ඒ නයාව අල්ලල, දරමිටියක් බැන්දා
Deleteකොමෙන්ට් னයෙක් ?
Deleteඌ තමයි බ්ලොග් වසන්තයෙ හොදම නයා
DeleteThis comment has been removed by the author.
Deleteඋඹල තමයි ඒ னයාට බිත්තර පොවන්නෙ.
Deleteඅපේ තාත්තට මං දන්න බාප්පල දෙන්නෙක් හිටිය. එක්කෙනෙක් "කිවිපති කටුවාල මුල්ලේ වයි ජිනදාස". අනික් කෙනා ඇල්බොට් ආත. ජිනදාස මහත්තෙයට තිබ්බලු කාර් එකක් ඒ කාලෙ. ඇල්බොට් ආතට තිබුන කෑලි පහේ ටෝච් එකක්.
ReplyDeleteඇල්බොට් කියල අපේ ආත කෙනෙක් னයෙකුට කෑලි පහේ ටෝච් එකකිං ගහල මලා.
Deleteප්‍රසන්න කියල මගෙ යාලුවෙක් ග්‍රීස් ගිහිං මළා
Deleteඒක තමයි උඹලටත් කියන්නෙ ජෙනුයින් ග්‍රීස් නිපල් එකක් ගහගනිං කියල.
Deleteදැං ශ්‍රංගය ආපු හැටිය බොටයි මටයි දෙන්නටම මැරුං කන්න තමයි වෙන්නෙ හිටං. හැක්..
Deleteඑහෙම වෙන්නෙ නෑ. ඌ ග්‍රීස් නිපල් එකක් හිර වෙලා මළා
Deleteමොකක්ද බන් ඩ්‍රැකී අල්බෝට් ආතාගේ කෑලි පහේ ටෝච් එකේ කතාව.. ඒ කාලේ මිනිස්සු වස විස කෑවේ නැහැ නෙව.. ඉතින් ඔව්ව ඔහොම තමා වෙන්ට ඇති..
Delete/* කටුවාල මුල්ලේ වයි ජිනදාස */
Deleteමේ කවියාව මං දන්නවා, අපේ ගෙදරත් ඇවිත් තියෙනවා දවසක් විතර.
ගනේමුල්ලේ තවත් කවියෙක් හිටියා සිරිවර්ධන කියලා.
බිංගිරියේ විජයකුමාර හිටියෙත් ගනේමුල්ලේයි.
What’s the most dangerous part of a motorcycle?
ReplyDeleteThe nut that connects the seat to the handlebar.
++++++++
DeleteI am one. Aren't we all?
DeleteReminds me of the saying there is fire at one end and an idiot at the other of a cigarette.
උඹ හුලං කුමාරය කිව්වෙ අපෙ ප්‍රසන්නටද? මරු කාඩ්ඩෙක...
ReplyDeleteඇයි උඹෙත් මොනාහරි වට්ටගන්න ඕනද?
Delete(මේසෙ තදිං අල්ලගෙන) හූ හූ...!! හුළං නයෝ... හූ...!
Deleteසුපිරි බන්...මම කවදත් ආස උබ සද්ද අකුරු කරන විදියට..බොක්කටම දැනෙනවා
ReplyDeleteමම මුලින්ම හුටු හුටුවක් පදින්න ගිහිල්ලත් ඔහොම වැඩක් තමයි උනේ.. සුරංග ;ලා බාප්පට වගේ.. හොණ්ඩා සි 90 එකක් මට මතක හැටියට ආර CUB කියලා ගහල තියෙන්නේ ? ක්ලච් නැති නිසා ස්ටාර්ට් කරගෙන ගියා පිටිපස්සෙන් බයිසිකලේ අයිති කාරය සුමි අය්යත් දාගෙන.. මගක් දුර යද්දී සුමියා මල්ලී බෙර්ක් ගහපන් කිව්වා .. මම බ්රේක් කියලා තදින් ඇල්ලුවේ අක්ස්ලරෙට්ර් එක රූන් ගාල ගිහින් ගඩොල් ගොඩක් වැදුනා.. එදත් එදයි මම මොටෝ සයිකල් එකක් ඇල්ලුවේ නෑ ඊට පස්සේ.. තවමත් මට මොටෝ සයිකල් පදින්න බෑ...
ReplyDeleteබයික් පැදපු මුල්ම කාලෙ ඉස්සරහ බ්‍රේක් අල්ලනකොට ඇක්සලේටරෙත් කැරකෙනවා ඒ ගානටම.. වටේම මිනිස්සු හැරිල බලනවා මේ පිස්ස මොකාද කියලා..
ReplyDeleteජයවේවා..!!
අපේ ප්‍රින්සිපල් බයික් එක ස්ටාට් කරන හැටි කිව්ව දවසක් වරුණ. (වරුණ දීප්ති රාජපක්ෂ කියල දීප්තිමත් අනාගතයක් තිබුන ජෙප්පෙක් උන්න. උන්දැගෙ නරක කාලෙ ලබල කුරුටුගාමියෙක් උනා)
ReplyDeleteඔන්න ඉස්කෝලෙ ඇරිල ප්‍රින්සිපල් සර් එනව බෑග් එකත් අරං බයික් එක ගාවට. ඇවිත් බෑග් එක අරිනව. ඒක ඇතුලෙං ගන්නව කික් පැඩල් එක. අරං බයික් එකේ හයි කරනව. බෑග් එකෙම්ම ගන්නව රීප්ප පටි කෑල්ලක්. ඒකෙං කික් පැඩල් එකට තට්ටු කරනව, හයි වෙන්ඩ. ඊට පස්සෙ දෙතුං පාරක් කික් එක ගහනව. ඕන්න එතකොට බයික් එක ස්ටාට් වෙනව. ඊටපස්සෙ අර රීප්ප කෑල්ලෙං ආයෙම තට්ටු කරල කික් පැඩල් එක ගලෝ ගන්නව. ඒ දෙකම දාගන්නව බෑග් එකේ. පැදගෙන යනව.
අපේ කාලෙ ඉස්කෝලෙ සර්ලට වාහන උණක් තිබ්බ. පටං ගත්තෙ ගල් විජේ කියන ඉංග්‍රීසි සර්. එයගෙ තිබ්බ රත්තරං පාට ලාන්සර් එකක්. ගොඩක් සර්ල එක එක වාහන අරං ආව ඉස්කෝලෙ. ඒත් ප්‍රින්සිපල් සර් දිගටම ඉස්කෝලෙ ආවෙ සුපර්කබ් බයික් එකේ.
අපි ඒ කාලේ යාලුවන්ගේ බයික් වල ක්ලච් කෙබලේ යටින් පන්නල ක්ලච් ලීවරේට රබර් පටි දාල තියනවා රෑට මළගෙවල් වල එහෙම ගියාම.. මළගෙදර ඉඳල ගෙදර එන්න බයික් එකට නැගල වටේ පිටේ ඉන්න සෙනගට එහෙම පේන්න සැර දාල ස්ටාර්ට් කරලා ෆස්ට් එකට දැම්මාම තමා රෑ අහසේ තරු ඩබල් වෙලා පෙන්නේ.. අයියෝ සල්ලි..
ReplyDeleteකතාවට නම් හිනා ගියා. බස්සිගේ කමෙන්ට් එකට දාපු උත්තරේට නම් හිනා ගියේ නෑ.
ReplyDeleteඒක හංදා මැකුවා..
Delete//කනත්තෙ වැඩිමල්ම ඉස්කෝලේ මහත්තයා ගාව තිවුනෙ මජ්ගාඩ් දෙක අලුත් සැමන් ටිං එකේ කොලේ ගැලේව්වහං තියෙන පාටට දිස්නෙ ගහන පාටක් තියෙන බයිසිකලයක්.// මොකක්ද ෙ මේ හුටු හුටුව????
ReplyDeleteCD185 Roadmaster
Deleteමං ඒ ලෙවල් කළාට පස්සේ මාස දෙකක් විතර කලවානේ ගත කළ කාලේ තමයි බයික් පදින්න පුරුදු වුනේ.
ReplyDeleteඒක CG 125 එකක්. ඒකේ අයිතිකරු සුරංගලාගේ පරණ ණයකාරයෙක්.
යතුරෙන් ලොක් කරගන්න පුලුවන් හින්දද දන්නෑ... හික්. ඒම බැලුවම පාපැදියත් යතුරු දැම්මැකිනෙ.
ReplyDelete\\පැටියා නාටු බල්ලන්ට පනිනව වගේ බයිසිකලෙත් මිනිස්සු ඉස්සරහට පැන්නා. \\ මං බ්ලොග් අතරෙ දකින සුන්දරම යෙදුම් තියෙන්නෙ යාංහෑල්ලෙ.
නිවාඩු කාලේදී මිස් වෙලානේ බලන්න.
ReplyDelete// වටේ හිටිය අය ඔලුව හැරිච්ච අතේ දිව්වා. ලැකිජ්ජෙකෙං අල්ලං හිටිය අපේ තාත්තා විතරක් ඉතුරු උනා. එයාට හොඳට හරක් ආංබාං කරන්න පුලුවං.// ආසම කෑල්ල.