පහුගිය සති කිහිපයේ නිහැඬියාව තුල “මුට මක්වුනාදැයි” මා ගැන සෙවූ, බුකියෙන් මා ඇමතූ, ඊමේල් මගින් විමසූ, දුරකථන ඇමතුම්
ලබාදුන් සහ සිහිනෙන් පෙනුන සියළු දෙනාට මාගේ උත්තමාචාරය. ඔය විදිහට මං ගැන හොයනකොට
නොලියා කොහොමද?
ඉස්සර කාලේ හාමුදුරුවනේ කියා ඇත්තේ සංඝයා වහන්සේලාට විතරක් නෙවෙයිලු.
ජැක්සන් ඇන්තනී නම් මහා විද්වතාගේ අස්සහාය සිනමා කුරුත්තීන් අනුවත්, වෙනත්
විද්වතුන්ගේ පව්රානික විශ්ලේෂණ අනුවත් රජකාලේ රජ්ජුරුවන්ගෙ පටං රජවාසල ගෙම්බා
කැරපොත්තා දක්වාත් යටත් විජිත සමයේ ආණ්ඩුකාර උන්නාන්සේගේ පටං සුද්දාගේ ගෙදර
වැඩකාරයා දක්වාත් මෑතක් වනතුරු නඩුකාර උන්නාන්සේත් එක්කොම අය හාමුදුරුවෝ ය. ඒ අයට
ඇමතිය යුතුව තිවුනේ “පිං කරන හාංදුරුවනේ” කියා
දෙකට නැවී සාලුව අතට අරගෙනය.
එ උනාට මං කියන යන්නෙ මේ ගොල්ලං ගැන නොව පන්සලේ ඉන්නා හාමුදුරුවෝ
ගැනය. මට මතක තියෙන මුල්ම හාමුදුරුවෝ අපේ ගමේ පන්සලේ අස්සජි හාමුදුරුවෝය.
බුදුරජාණන් වහන්සේගේ දහමට වඩා ඉස්පීකර් සැට්ටෙකටත් කාර් බැට්ටි වලටත්, පිරිත් නූළට
වඩා වැර් පොටවල් වලටත් උන්වහන්සේ ඇලුම් කල සේක. ඒ හංදා දවල් දවසේමත් පනිට්ටු කටවල්
වගේ ඉස්පීකර් වලින් ඇහෙන ‘කූඌඌ........
කුහ්....හූහූඌඌඌඌඋ චරක් චරක්’ නාදය අපේ ගමේ අයට කම්මලේ
බල්ලාට හෙනේ වගේමය. බැරිවෙලාවත් දවල් දවසට මේ සද්දය නෑසුනොත් හැන්දෑවට ගමේ පිරිමි
කීපදෙනෙක් පන්සලට යන්නේ "හාමුදුරුවන්ට කරදරයක්
වෙලාවත්දැයි"? බැලීමටය.
මදේ අයිංකරලා ඇතුලට පස් පුරෝලා එක යාවට මල් හිටෝපු, කාර් බැට්ටි
බරගානකින් වටවෙච්චි ආවාස ගේ ඇතුලට වෙලා හිතේ හැටියට වෑර් කෑලි, පීකර්
කෑලි අමුන අමුන හිටියට උන්නාන්සෙ කවදාකත් බණක් පිරිතක් තියා බෝදිපූජාවක්කත්
පැවැත්තුවයි කියලා මට නං මතක නෑ. හැබැයි කාටවත් කරදරයක් හිරිහැරයක් කලා කියලා
කතාවක් හැදුනෙත් නෑ. ඒ කාලෙ අපේ ගමේ කරන්ටෙක තිවුනෙ නෑ. හැබැයි බැට්ටි වලිං පත්තු
කරන ටියුබ් බලුප් ගෙවල් කිපෙක විතරක් තිබුනා. එව්වා ඒ ගෙවල්වල කාමර වලට පවා
හයිකරලා වෑර් ඇදලා දුන්නේ උන්වහන්සේ තමයි. අපේ අම්මලෑ මහගෙදරටත් ටියුබ් බලුප් වලට
වෑර් ඇදල දුන්නෙ උන්වහන්සේ තමයි. ඒ වෙනුවෙන් උන්වහන්සේ අටුවට පවා වැඩියා. ඒ අතින්
ආගමික සේවාවකට වඩා කාර්මික සේවාවක් උන්වහන්සේ ගමට සිද්ද කරලා දුන්නා. අන්තිමට
උන්වහන්සේ අපවත් උනේ මිමැස්මුරේ හැදිලා ගිනිගොඩකට වැටීමෙන්.
එයිං පස්සේ වෙනිං පන්සලක ලොකු හාමුදුරුනමක් අපේ ගමේ පන්සලේ වැඩබලන
තනතුරට පත්වුනා. උන්නාන්සේ පන්සලේ දායක සබාවත්, දහම්පාසලත් ගොඩදාන්න සෑහෙන උනන්දු වුනා.
උන්නාන්සෙගෙ උනන්දුව යටතේ දහම්පාසලත් එක විදිහකට ගොඩනැගීගෙන ආවා. එතකොට ඉස්සර
හාමුදුරුවන්ටත් ඉහලින් සිටිමින් පන්සලම හසුරවාගෙන ඒ අනුව ගමත් හොල්ලගෙන හිටපු
පැන්සන් ගත්තු හාමුදුරුකෙනෙක් විච්චි *** ආතට ආතක් පාතක් නැතිවුනා. ඒ හංදා
සුබරත්මැණිකේ උපාසිකා මාතාව ඇතුලු පන්සල්පාලු නඩේ විසින් කැරැල්ලක් ගහලා පන්සලේ
හිටිය වැඩබලන හාමුදුරුවන්ව බලයෙන් පහ කෙරුවා. උන්වහන්සෙගෙන් ගමට ඉතුරු වුනේ වත්තෙං
එහා පැත්තෙ ගෙවල් මණ්ඩියට දාපු ‘කොරියං කන්ද’ කියන නම ඉතරයි.
එයිං පස්සෙ *** ආතා ඇතුලු නඩේ විසින් වෙනිං හාමුදුරු නමක් පන්සලට
කැන්දං ආවා. ඒ හාමුදුරුවන්ට කේන්ති යන්නෙ නෑ. කවුරු කිව්වත් කියන දේ අහං
ඉන්නවා. දායක සභාවට ඕනෑ හැටියකට පන්සලේ වැඩ කරන්න ඉඩ තියලා උන්නාන්සේ පටං
ගත්තෙ බෝධිපූජා තැබිල්ල. කාලයක් තිස්සේ පන්සලේ නොකෙරිච්ච හරියට පොලියත් එක්කම
අල්ලලා බෝධි පූජා තැබිල්ල ගමේ අයට අල්ලලා ගියා. රෑට බීලා ගෙදර එන මිනිස්සුංගෙං
ගුටි කන ගෑනු අය ගෙදර මිනිහාට නින්ද යනකන් ඉන්නත්, ගෑනු ලමින්ට ලියුං දීගන්න
ඕනෑ කං තිවුන කොල්ලො ඒ කටයුත්ත කරගන්නත්, කොල්ලෙක් හොයාගන්න හිතේ උනන්දුව තිවිච්චි ඇටකෝටු කෙල්ලො
ඒ සඳහා ඉලංදාරියෙක් තමුං පස්සේ ගෙන්නාගන්නත්, හොඳටම වයසට ගිය අය තමුංගෙ ලමයින්ට වද කරලා ජොලියක්
ගන්නත්, අම්මලාගෙං ඉරටු, කොහුමිටි
පාරවල් කන්න බැරි හංදා පොඩි ලමයිනුත් මේකට සහභාගි වුනා.
කාලයක් යද්දි පැණිත් එපා වෙනව වගේ තමුන්ට කිසිම කරදරයක් නැති මේ
හාමුදුරුවන්වත් අපේ *** ආතා ඇතුළු දායක සභාවෙ නඩේට සහ උපාසිකා නඩේට එපා වුනා. ඒ
ගමන සුබරත් මැණිකේ ආච්චිගේ අධික්ෂණය යටතේ වෙනත් නැගී එන උපාසිකාවක් විසින් කරාපු
මොකක් හෝ විගඩමක් හංදා ඒ හාමුදුරුවොත් පන්සල දාලා තමුං හිටපු පන්සලටම ආපහු වැඩියා.
එයිං පස්සේ *** ආතා ඇතුලු නඩේ වඩම්මවාගත්තේ ඒ පන්සලේම හිටපු වෙනිං
හාමුදුරු නමක්. දැකපු දවසෙම “එක විදිහක හාමුදුරු නමක්“ විදිහට අපේ ආතාගෙං විරුදාවලියක් ගත්තු උන්වහන්සේ ටික කාලෙකිං පන්සලේ, දායක
සභාවේ, දහම් පාසලේ වගේම පෝය දවසට විතරක් පන්සලේ දාන ලයිස්පීකරේ මයික් එකේ
හිමිකාරීත්වයත් තමුංගෙ අතට ගත්තා. ඒ විතරක් නෙවෙයි පන්සලේ වැඩ වලට උදව් නොකරන
කාගෙවත් පාංසකූලෙකට තමන්වහන්සේ නොවඩින බවත් “පුලුවන්නං වෙනිං පන්සල් ඔලිං උන්නාන්සෙලා ගෙන්නල කොරං බලමු“ බවත් උන් වහන්සේ වදාලා.
තමුං මැරිච්චි දවසට තමුං වෙනුවෙං ඉදිරිපත් වෙලා නැති ගුණයක් හරි වර්ණනා
කරලා අපායට යන ටිකට්ටෙක කැන්සල් කරවලා දෙන්න හාමුදුරු කෙනෙක් නැතිවුනොත් සුනේසුං
කියලා හිතපු ගම්මු හැමෝමත් ඒ දේශනාවට බයවුනා. අපේ ගමේ අය හිතන විදිහට පාංසකූලෙට
වඩින ගමේ ලොකු හාමුදුරුවො තමයි ඊළඟ ආත්මෙට බලපත්තරේ දෙන්නෙ. ඒ විදිහට ගමම
බයගද්දාගෙන හැම කෙනාගෙම හැඹිලි හූරපු උන්නාන්සේ පන්සලට අංග සම්පූර්ණ ඝන්ටාර
කුළුනකුත් හදවලා, ලොකු බුදුමැදුරකුත් හදවලා මදිපාඩුවට ආවාස ගේකුත් හැදෙව්වා. ඒ සේරම විවෘත කරන්න මහා
පිංකමකුත් උන්වහන්සේ සංවිධානය කෙරෙව්වා. ඒ සේරටෝම යන වියදං ගනං හදලා පන්සලේ දායකත්වය තියෙන
එක පවුලකිං මේන් මෙච්චරක් මේ පිංකම සඳහා
දියයුතු බවත්, නොදුන්නොත් එහෙම මෙච්චරකල් පන්සලට දුන්න ආදාර සියල්ලත් නොසලකා හරින
බවත්, නොදුන් අයගේ නං මුලු ගමටම ඇහෙන්න පීකරෙං කියන බවටත් ගමපුරා ප්‍රචාරය
කෙරෙව්වා. ඒ කාලෙ හැටියට පවුලකට හොඳහැටි සති තුනක් කන්න බඩුමුට්ටු ගේන්න තරං ගානක්
එක දායක පවුලකිං මේ සඳහා එක්කහු කෙරෙව්වා. මාසෙට කන්න බොන්න ගේන්න තිවිච්චි සල්ලි,
ළමයින්ට පොතක් පැන්සලක් අරං දෙන්න තිවිච්චි සල්ලි ආදිය එක්කහු කරලත් මදිවුනාම කණකර
පවා උගස් තියලා මේ සල්ලි දෙන්න අපේ ගමේ අයට සිද්ධවුනා. ඒවා එකතු කරන්නත් අලුතෙන්ම
තරුණ නඩයක් හාමුදුරුවෝ පත්කරලා තිවුනා. හාමුදුරුවොත් උන්වහන්සෙගේ කප්පංකාර නඩයත්
දුටුතැන ගමේ අය හැංඟෙන තත්වයටම මේ වැඩේ පත්වුනා.
අන්තිමට කොහොමින් හරි සෑහෙන මුදලක් එක්කාසු කරගෙන පන්සලේ පිංකම සිද්ද
කලා. ගමේ හේවිසි නඩේ වෙනුවට හාමුදුරුවෝ වෙනිං දිහාවකිං හේවිසි කණ්ඩායමක් ගෙන්නුවා.
ඒ කණ්ඩායම පෙරටුව හැමදාම ගමේ එක එක පාරවල්වල පෙරහරවලුත් ගියා. අපේ ගමේ හේවිසි
කණ්ඩායමේ අය හේවිසි ගැහුවෙ “දංකුඩ කොලුවට දංකුඩ කොලුවට” කියන තාලෙට. ඒ උනාට මේ හේවිසි කණ්ඩායම හේවිසි ගැහුවෙ “සමුදෙන්න සමුගන්නනම්” කියන සිංදුවෙ තාලෙට.
හැන්දෑවට පන්සලේ මිදුලේ ඒ කණ්ඩායම වෙනම සංදර්ශනයකුත් තිවුවා. එතැන්දි
තම්මැට්ටංකාරයා පිනුං ගගහා වැලමිටෙං තම්මැට්ටං ගහද්දි දවුල් කාරයා වටේ කැරකි කැරකි
දවුල ගැහුවා. හොරණෑකාරයාගෙ හොරනෑවෙත් රතුපාට බලුප් එකක් පත්තු වුනා. හාමුදුරුවෝ මේ
පිංකමේ තත්වෙ ඉහලට ගන්න “කුල දරුවන් පැවිදිකිරීම” කියලා සුදුවැලිපොත ගමේ කොල්ලෙක්ව අල්ලගෙන මහන කෙරෙව්වා. (එයිට මාස
දෙකකට විතර පස්සෙ මිනිහා සිවුර ඇරලා ඇවිල්ලා පුබ්බයිසිකලයක් පැදගෙන බෝල ගහන්න යනවා
මං දැක්කා.). මේ පිංකමට අදාසි හේනෙමාමා ලවා හාමුදුරුවෝ පන්සල් මිදුලේ “වංකගිරිය” කියලා එකක් හැදෙව්වා. ඒක
අඩිදෙකක් ඉතර පළලට පාර ඉතුරුවෙන්න දෙපැත්ත පොල්ලතුවලිං වහපු රවුං රවුං පාරක්.
හරියට මදුරු කොයිල් එකක් වගේ. ඇතුල්වෙන තැන ඉන්න කෙනාට රුපියලක් දීලා ඇතුල්වෙලා
කකුල් කඩිත්තුව හැදෙනකං එකතැන වටේ ගිහිං ගිහිං අන්තිමට වංකගිරියෙ මැදට ගියහම එතන
ඉන්න ආදාසි හෙනෙ උන්දෑ තමුංගෙ පැත්තකිං තියං ඉන්න පෝරකවරෙකිං අඹ ගෙඩියක් ඇරං
රැහැලා හීං තීරු කපලා එක්කෙනාට එක කෑල්ල ගානෙ දෙනවා. අපිත් ඒක කාලා ආපහු අර රවුමම
ගෙවාගෙන එළියට එන්නෙ නීල කතාවෙං බැනගෙන.
පෝය දවසට දවල්ට දානෙං පස්සෙ පැය බාගයක් ඉතර හාමුදුරුවො ගම අමතනවා.
ලයිස්පීකරේ යනු තමුංගෙ කටහඬ ගමටම ඇහෙන්න සද්දෙ වැඩිකරන උපකරණයක් මිසක මහජනයා
ඇමතීමේ ශිෂ්ට ක්‍රමයක් නොවන බව හිතං ඉන්න උන්වහන්සේ මාසයක් පුරා හිතේ තියං හිටපු
සේරම ලට්ටලොට්ට දුනුකෙයියා ගලෙනුත් එහාට ඇහෙන්න කියනවා. තමුංට කේලමකිං දැනගන්නට
ලැබුනු ආකාරයට කවුදෝ උපාසිකාවක් “හාමුදුරුවන්ට ළමයිත් ඉන්නවා” යැයි කටකතාවක් ප්‍රචාරය කර තිබීම සම්බන්ධයෙන් උන්වහන්සේ ගමටම අදහස්
දැක්වූ හැටි මට තවම මතකයි.
“හාමිල්ලවත්තෙ ගෙදර නිමලෙගෙ පවුල කීප දෙනෙක් එක්ක කියල තියෙනවා මට
ළමයි ඉන්නවා, ගෑනු ඉන්නවා කියලා. ඔය කියන හැටියට මටනං ලමයි නෑ. හැබැයි නිමලෙගෙ
පවුලට ඕන්නැං හොඳට නාගෙන පිරිසිදුවෙලා ඇවිල්ලා මගෙ ගාවට ආවොත් ළමෙක් නෙමෙයි
දුසිමක් උනත් හදා දෙන්න පුලුවං. ඒ බව මේ කොයි උපාසකම්මටත් මං කියනව. ආ...
ඒත්තෙක්කම කියන්න ඕන පහුගිය පිංකමට මං කිව්වා හැමෝටම සල්ලි දෙන්න කියලා. ඒ උනාට මේ
ගමේ අසමජ්ජාතියො කීප දෙනෙක් ඒක දුන්නෙත් නෑ. පිල්ලෑවෙ ගෙදර දරමසේනගෙ ගෙදරිං සල්ලි
දීල නෑ. දරමසේනට තේයක්කර දෙක තුනක් තිවිලත් මේ සල්ලි දුන්නැත්තේ දරමසේනට වෙනිං
පවුලකුත් නඩත්තු කරන්න තියෙනවද දන්නෑ. ආයි පහල ගෙදර කලුවගෙනුත් සල්ලි දීල නෑ.
කසිප්පු බිබී ඇවිදින්න සල්ලි තිවුනට මේ වගෙ පිනකට දෙන්න බෑ මුංට......”
පහුගියදා ගමේ යද්දි පන්සල තියෙන කන්ද මුදුනේ කෙහෙල්මුවක් උඩු අතට
හිටෙව්ව වගේ අමුතුම ආකාරෙක චෛත්ති පොඩ්ඩක් පේන්ට තිවුනා. ඒ කියන්නෙ තවමත්
හාමුදුරුවෝ ගම්වාසීන්ගෙ පාංසකූලෙ ඇපේට තියලා ඉදිකිරීම් කරනවා වෙන්ට ඕනෑ.
ඔය අතරේ අපේ ගමට අල්ලපු ගමේ ‘මහ එපාම
කරපු’ ගෙවල් මණ්ඩියකට හිටිගමං හාමුදුරු නමක් පහලවුනා. ඒ ගම්මණ්ඩියට යාබදව
කැලේට ගිය අක්කර පහක ඉඩමෙ කොනක උන්වහන්සෙ පොඩි පැලක් ඇටෙව්වා. ඒ ඉඩම උන්වහන්සෙට
දුන්නේ කලිං පොලිස්කාරයෙක් වෙලා හිටලා පස්සෙ කාලෙක තමුංගෙ හාමිනේගෙ වැඩකාරකමට
පත්වුන අබේකෝන් රාලහාමි. හැතැම්ම පහ හය පයිං යන කට්ටකලු පාටිං යුතු මේ හාමුදුරුවෝ
අරුම පුදුම යන්තරයක් වන ඩෝසරයක් ගෙන්නගෙන අර ඉඩමේ විසාල ගෙපලක් කැප්පෙව්වා. ගෙපල
කපන්න ආපු ඩෝසරේ එතැන්ට වෙනකං පාරත් කපාගෙනම ආවා. මේ අරුම පුදුම යන්තරේ බලන්න අහල
ගංවල හිටපු අයත් ආවා. ටික දවසකිං උස්සවයක් එහෙම තියලා අර ගෙපලේ ලොකු ගොඩනැගිල්ලක්
හදන්න මුල්ගල තිබ්බා. එදා උස්සවේට ආපු සුද්දො කීපදෙනා හිංදා ගමේ අයත් ටික ටික
හාමුදුරුවන්ට කිට්ටු කලා. කොරියං අකුරු ලියාපු ලියන පොත්, පැංසල් එහෙම හාමුදුරුවංගෙං
ඒ අවට ලමයින්ට තෑගි ලැබුනා. හාමුදුරුවන්ගෙ කටුමැටි ආවාසගෙට යන හැම ලමයටම ඒ වගෙ
මොකක් හෝ දෙයක් ලැබුනා. හාමුදුරුවො හදන්න යන්නෙ වැඩිහිටි නිවාසයක්ය කියන ආරංචිය
ගමේ පැතිරුනේ එහෙම ගිය අයගෙන්.
අහල පහල අයටත් රැකියා අවස්ථා ලබාදෙමින් උන්වහන්සේ වැඩිහිටි නිවාසේ
ගොඩනැගුවා. ඒ ගොඩනැගිල්ලට ගෙනා සිමෙන්ති, කම්බි ආදිය සැදැහැසිතින් පිං පිණිස
තමුංගේ ගෙදරට ගෙනයාමටත් ඒ ගම්මණ්ඩියේ සැදැහැවතුන් කිහිපවිටක් කටයුතු කළා. ඒ ආකාරයේ
අය වගේම හැබෑවටම සැදැහැවතුන් අතලොස්සකුත් හාමුදුරුවන්ට උපකාර පිණිස එක්කහු වෙලා
හිටියා.
මේ ගොඩනැගිල්ල හදා වැඩිහිටි නිවාසය විවෘත කලායින් පස්සේ සිය ගෙවල්වල
සිටින නාකි උන්දැලා ටිකත් ගෙනැත් දැමීමට බලාපොරොත්තුවෙන් සිටි අයගේ ඉහේ මල්
පරවීගියේ වැඩිහිටි නිවාසෙට ගන්නේ කාත්කවුරුවත් නැති අසරණ දෙමව්පියන් පමණක් බව ප්‍රසිද්ධ
වීමෙන්. එයිං පස්සේ කාගෙත් දොස් හාමුදුරුවන්ට එල්ලවුනේ “වයසක උන්දැලට ලමයින්ගෙං සැලකුං ගන්න තියෙන එකත්
නැතිකරනවා.” කියමින්. ඒ වුනත් ඒවා පැවතුනේ ටික දවසයි.
තමුංගේ ස්ථානය අවට සිටින මිනිස්සුන්ට යම් තරමිං හෝ උදව්වක් කලයුතුයයි
හිතපු හාමුදුරුවෝ නොමිලේ ඇස් කණ්ණාඩි බෙදාදීමේ කඳවුරක් පැවැත්තුවා. අන්තිමට
දොස්තරලවත් පෙරලගෙන පොරකාපු මිනිස්සු එතන තිවුන කණ්ණාඩි කුට්ටං අහුරු පිටිං බෑග්වල
දාගෙන ගිහිං තිවුනා. පස්සෙ තමුන්ට හරියන එව්ව තියාගෙන අනික්වා ළමයින්ට සෙල්ලං
කරන්න දීලා තිවුනා.
තවත් සැරයක් හාමුදුරුවෝ අවට ගෙවල්වල කාන්තාවන්ට රෙදි මැහීමෙන්
ආදායමක් උපයාගන්න ක්‍රමයක් හදාදෙන්න කියලා හිතාගෙන පුද්ගලික සමාගමකින් පහසු ගෙවීමේ
ක්‍රමයට මහන මැෂින් ඇරන් දුන්නා. බොහොම ටික දවසකින් ඒ ගෙවල්වල පිරිමි අය මහන මැෂිම
විකුනලා ඒ සල්ලිවලින් කසිප්පු වෙනුවට ටවුමටම ගිහින් අරක්කුම බිව්වා.
මේ විදිහට උණ්වහන්සේ නොයෙක් ක්‍රම වලින් ගමේ අයට උදව් කලත් තමුන්ට
ඉන්න හිටින්න ආවාස කුටියක් තරමවත් හදාගත්තේ නෑ. අන්තිමට උන්වහන්සේ වටේ හිටිය සැබෑ
සැදැහැවතුන් හාමුදුරුවන්ගේ කටුමැටි පැල අලුත්වැඩියා නොකර බිමට සමතලා වෙන්න
ඉඩහැරියා. ඉතින් අකමැත්තෙන් උනත් උන්වහන්සේට අලුත් ගොඩනැගිල්ලේ පදිංචි වෙන්න වුනා.
මේ වනවිට එතැන ළමා නිවාසයක්, පුස්තකාලයක්, රෝහලක්, ධර්ම ශාලාවක් ඇතුලු විශාල
ගොඩනැගිලි සංකීර්ණයක්. මේ මොනවා කලත් උන්වහන්සේ තමුංගෙ ක්‍රමය වෙනස් කරන කෙනෙක්
නෙවෙයි.
වැඩිහිටි නිවාසෙට යන පාර (ගූගල් වීදි පෙනුමෙන්) |
අදටත් එතැනට යන හැමෝටම වෙලාව අනුව කෑම බීම ලැබෙනවා. ඒ වගේම තමයි ජාති
භේදයක් නැතුව එතැනින් දෙන ආධාරයක් සුදුසුකම් ඇති ඕන කෙනෙකුට ගන්න පුලුවන්. 2002
වසරේ උන්වහන්සේ මහා උපසම්පදා උත්සවයකුත් පැවැත්වුවා සති ගණනාවක් තිස්සේ. ඒ කාලය
තුල ආපු හැමෝටම විශාල දන්සැල් තුනකින් කෑම බීම දුන්නා. හැබැයි කාටත් එකම සැලකිල්ල.
හාමුදුරුවන්ගේ අම්මත් අනෙක් පිරිස අතරෙම බිම ඉඳගෙන බණ ඇහුවා, එයාටත් කෑම දන්සලෙන්.
කාටවත් විශේෂ සැලකිලි නෑ. ඒ වගේම තරාතිරම නොබලා වැරැද්දට වැරැද්ද කීම. මොකද්දෝ
රැස්වීමකට පරක්කුවෙලා ආපු එවකට අපේ පලාතෙ ප්‍රබල මන්ත්‍රීවරියකට ඒ ගැන ප්‍රසිද්ධියෙම
උන්වහන්සේ දොස් පැවරුවා. ඒ විදිහටම වැඩිහිටි නිවාසෙට යන පාර දිගේ ගස් අතරෙ
පෙම්කෙලින්න හදාපු ජෝඩු කීපෙකුත් උන්වහන්සේ එලවා දැම්මා. මෙයිට අවුරුදු ගානකට
කලින් චූටිමැණිකෙයි මායි දෙන්නා එතැන පුස්තකාලෙට පොත් කීපයක් දුන්න අවස්ථාවෙ තමයි
මම අන්තිමට උන්වහන්සේ දැක්කේ. නමුත් මේ මෑතකදී මට උන්වහන්සේ ගැන අහන්න ලැබුනා. ඒ අවුරුදු
දවසට දවස් දෙකකට විතර කලින් මට දුරකථන ඇමතුමක් ගත්තු මං අඳුරන නැන්දා කෙනෙක්.
“පුතේ මං ** මාමලෑ ගෙදර නැංදා. මට අද තමයි පුතාගෙ ටෙලිපෝන් නොම්මරේ
හම්බවුනේ. පුතේ අපේ ලොකු දරුව කැම්පස් යන්න පාස්වුනා. වයිද්ය විදයාලෙට යන්න පුලුවං
වෙයි දිස්තික්කෙං විසි** වැනියා. ඒ දවස්වල පුතා අපිට උදව් කරපු හිංද තමයි මයෙ දරුව
පාස්වුනේ. මං කතාකෙරුවේ පුතාට පිං දෙන්න.”
(ඔවුන්ගේ අනන්‍යතාවය හැංගුවේ අනාගතයේ දොස්තර මහත්තයෙක් වෙන්න ඉන්නා ඔහුගේ ජීවිතයට
මතු දවසක බලපෑමක් විය හැකි නිසායි.)
සිය සැමියා මිය යාමත්, සැමියාගේ පවුලේ අයගේ හිරිහැරත් නිසා අසරණ වූ ඒ
නැන්දා පොඩි ලෑලි ගෙයක සිය දරුවන් තිදෙනා සමග බඩගින්නේ හිටිය හැටි මට මතක්වුනේ
එවිටයි.
“දැං කොහෙද නැන්දෙ ඔයගොල්ලං ඉන්නෙ”
මං එහෙම ඇහුවේ ඒ කාලෙත් හරියකට නොතිබූ ඒ ලැලි ගෙය අද වනවිට පොලවට
සමතලාවී ඇතුවා නිසැක නිසයි.
“අනේ පුතේ අපිට වැඩිහිටි නිවාසෙ හාමුදුරුවො ගෙයක් හදා දුන්නා. ගෙට
ලැයිට් වතුර හිටං ඇරං දුන්නා. නැත්තං ඉතිං අපිට මහපාර තමයි”
උන්වහන්සේ තවමත් වැඩසිටිමින් සමාජයට වැඩ කරනවා. උන්වහන්සේ මේ වනවිට
නිසැකවම වෙබ් අඩවියක් එහෙම හදාගෙන ටිකක් ප්‍රසිද්ධියට පත්වී ඉන්නවා ඇතැයි මට
හිතුනා. උන්වහන්සේ ගැන මං නිකමට අන්තර්ජාලයේ සොයා බැලුවත් මට හමුවුනේ මෙන්න මෙච්චරයි. අසපු ඇටවූ රත්තරං එක්කහු කරන පිංවත්
ස්වාමීන් වහන්සේලා උඩ එද්දී රටට වැඩක් කළ හාමුදුරුවරු යට ගිහිල්ලා.
අපේ ගමෙත් හිටියා හැබැයි ඕනෙවට වඩා තණ්හාව තියෙන හාමුදුරු කෙනෙක්. ඒත් අනුගාමිකයො නම් ඕනෙ තරම්!
ReplyDeleteහාමුදුරුවරු දැං කරන්නෙ පන්සල්වල මැනිජර් පදවියනෙ.
Deleteඅර පළවෙනි හාමුදුරුවෝ කරපු දේ පැහැදිලි නෑ.
ReplyDeleteමොකක්ගෙන්ද එහෙම සද්දයක් එන්නේ?
අන්තිම හාමුදුරුවෝ නම් සුපිරියි. ඒ වගෙ ආය ඉන්නවා කියලා ඇහෙන එකත් හිතට සතුටක්.
රේඩියෝ හදන කඩයක් ගාව පැයක් දෙකක් හිටියනං ඔහොම සද්ද අහගන්න පුලුවන් වෙයි.
Deleteබූරු බබේ- ඒ තමයි රේඩියෝ හදන නාදෙ.
Delete...අසපු ඇටවූ රත්තරං එක්කහු කරන පිංවත් ස්වාමීන් වහන්සේලා උඩ එද්දී රටට වැඩක් කළ හාමුදුරුවරු යට ගිහිල්ලා....
ReplyDelete++++++++++++++++++++++
ඔය අසපු හිමිනමකගෙ බණ ටෝක් තියෙන සීඩී තැටියක් අපේ ඔෆීසියෙ අක්කෙක් ගාව තිවුනා. ඒකෙ මාකර් පෑනෙන් රවුමට ලියලා තිවුනා “පිංවත් ****වත්තේ ****සාර ස්වාමීන් වහන්සේ විසින් ***** විද්‍යාලයේදී පැවැත්වූ සුන්දර ධර්ම දේශනාව“ කියලා.
Deleteහැමදාමත් යාං හෑල්ල කියවනවා, ඒ උනත් අද තමයි කමෙන්ටුවක් දමන්නේ...වෙනද වගේම රසයි, මේක තමයි එදා වගේම අදත් පන්සල් වල සිද්ද වෙන්නේ...දායකයින්ට ඕනේ විදියට පන්සල් පාලනය වෙන්නේ...එහෙමත් නැත්නම් පහත් අරමුණු වෙනුවෙන් බුදු දහම යොදා ගන්න පිරිසක් විසින්...ඉතින් පිරිසිදු බුද්ධ ධර්මය මිනිස්සු අතරින් ඈත් වීම ගැන අලුතින් අහන්නත් දෙයක්ද? ඒ අතරේ අර අන්තිමට ලිව්වා වගේ සමාජ සේවය සහ සාශනික සේවය දෙකම කරන ස්වාමින් වහන්සේලාත් ඉන්නවා...
ReplyDeleteපන්සල්වලට ඉන්කම් එක වැඩිවෙනකොට හාමුදුරුගොල්ල අතර තියෙන මරාගැනිල්ල දැක්කනං ආයි පංසල් යන්නෑ.
Delete/ සිහිනෙන් පෙනුන සියළු දෙනාට /
ReplyDeleteඅනේ නිකං පල කෝණංගියා යන්ට... අපිට ආය වෙන වැඩක් එහෙම නෑ තෝ හීනෙං පේන්ට...හුහ්..පෙනේද මූ හිතාගෙන ඉන්න තරම...
/ ඒ වෙනුවෙන් උන්වහන්සේ අටුවට පවා වැඩියා. /
අන්න අර චරත බික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුකාය කියන බුද්ද වචනෙ අනුවම කිරියා කරපු නියම සංග රට්නේ කෙනෙක්..සාද්දූ!..සාද්දූ!!...සාආආආආ..ද්..ද් දූ!!!
/ ඒ උනාට මේ හේවිසි කණ්ඩායම හේවිසි ගැහුවෙ “සමුදෙන්න සමුගන්නනම්” කියන සිංදුවෙ තාලෙට./
සමුදෙන්න සමුගන්නනම්
වනවන්නෙ ඇයි මේ තරං
පරදා ඉතිං බාදක තැවුල්
සමුදෙන්න සමු ගන්නනම්
අන්න බං සිංදු..තේ වතුවල උස්සව තියනකොට ඔය සිංදුවෙ තාලෙට අර මොකක්ද බං දෙමල උත්සව වල පිඹින නලාවක් තියෙන්නෙ? සික් මතක නෑනෙ..ඉඳහං මතක් උනහම කියන්නංකො..අන්න ඒ නලාව පිඹිනව පිඹිල්ලක් ඔය සිංදුවෙ තාලෙට අම්මලගෙ බඩේ ඉන්න ලමයි හිටං නටනව ඔන්න කොටිම්ම...
/ පෝය දවසට දවල්ට දානෙං පස්සෙ පැය බාගයක් ඉතර හාමුදුරුවො ගම අමතනවා. /
ඉඳහං උඹ ගැන හාමුදුරුවො ගමටම ඇහෙන්ට කියපුව වෙනම පෝස්ට් එකකිං ලියන්නං....:)
/ උන්වහන්සේ තවමත් වැඩසිටිමින් සමාජයට වැඩ කරනවා. /
ධම්මානන්ද හාමුදුරුවො වගෙ අය තාමත් ඉන්නව කියල අහන්ට ලැබීමත් සතුටක්!
ඒ කිව්වට සමහර ඈයො ඉන්නව “සිහිනෙං ඔබ මට පෙනෙනවනං“ කියාගෙන බෙස්සීට්ටෙක පෙරෝගන්න.
Deleteඔය කියන්නෙ අර ‘මෝලං‘ කියන බාණ්ඩෙ නේද?
ධම්මානාන්ද හාමුදුරුවො බලන්ට යන්න ඕනැ වෙලාවක. ගියහං එතැන විස්තරේ පොටෝ පිටිං ගහං එන්නං.
සුරංග, අන්න බං හරියට හරි. ඒක තමා ඒක තමා..මෝලම..මෝලම...:)
Deleteසමහර දායකයන්ගෙ වැඩ නිසා පංසල් සවුත්තු වෙන්නෙ බලාගෙන ඉඳිද්දි.මහණ කමක් කරන්නැත්තම් අඩු ගානෙ සමාජයට හිරිහැරයක් නොවී සමාජසේවාවක් හරි කරන එක නම් පිං සිද්ධවෙන වැඩක්..
ReplyDeleteජයවේවා..!!
මහනකම හරියටම කරන්නෙ ටේලර් උන්නැහැල විතරයිලුනෙ.
Deleteසාර ඵල - අඹ රඹ ද
ReplyDeleteමීරි දිය නැති කතර
පාරමී පුරණවා
අපේ හාමුදුරුවෝ
පෝය හඳ ගිණි වැදුන
මායිමේ සිත් නිවන
සීතල ම පිරිත් පැන
අපේ හාමුදුරුවෝ
පේරු දන් කඳ වැළඳ
සාය වැළපෙන ගමට
සාර වූ පින් කෙතය
අපේ හාමුදුරුවෝ
සිප් යදින දරු කැළට
පිං කැටය දන් දුන්න
පරපුරක නුග සෙවණ
අපේ හාමුදුරුවෝ
ගායනය – අමරසිරි පීරිස් සහ ප්‍රදීපා ධර්මදාස
පද රචනය - මහින්ද චන්ද්‍රසේකර
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
මෙතැනින් අහන්න
සිංදු ඇනෝ මං මේ නිකමට කියන්නෙ. ඔය සිංදු ටික දාලා ගහමුද සිංදු පොතක්. ඒකත් ගුණසේන සූපශාස්ත්‍රය පොත විතර හිටියි නේද?
Deleteඅර තරු තුනේ ආතාගේ මැනටලිටිය තමයි අපේ සෙරේස්ට බවුද්දයන්ට තියෙන්නේ...
ReplyDeleteසාදූ..... සාදූ..... සාදූ......!!!!
ඕන්න ඒකට තම්බි නේද බං.....
Deleteකොහොමද ඒ කාලෙ මිඩ්ල් ඊස්ට් වල වාහන එලවනකොට
ඒ ආත වගේම තව රංචුවක්ම ඉන්නව අපේ ගමේ. ඉතිං ගමකට හරියාද?
Deleteසල්ලි පස්සේ යන හාමුදුරු ගොල්ලොයි තුනේ ආතලයි හැම තැනම ඉන්නවා බං ....
ReplyDeleteවැඩේ කියන්නෙ එයිටම කැපෙන උපාසිකා රෑනකුත් ඉඳීමනෙ.
Deleteඒක ඇත්ත වැඩක් කරන හාමුදුරුවෝ ගැන කිසි කතාවක් නෑ.. හාමුදුරුවෝ හොඳ උනොත් දායකයෝ හොඳ නෑ.. දායකයෝ හොඳ උනොත් හාමුදුරුවෝ එකවිදිහක්.. මේ දෙගොල්ලොම හරි ගියොත් වෙන අවුලක්...
ReplyDeleteඅද උදේ පත්තරෙත් තිබුනා හාමුදුරුවෝ ගැන අපූරුකතාවක්.. මට ඒක මතක් උනා..
පංසලේ බෝ ගහ කපලා ඉරපු හාමුදුරුවෝ නමක් ගැන.. එහෙව් රටක මේ වගේ හාමුදුරුවරු ගැන අහන්න ලැබෙන එක සතුටක්..
මං හිතන්නෙ ඔය බෝ ලීය “බුදු හේත්තු“ කියලා නම්කරපු උන්නාන්සෙ වෙන්න ඕනැ. ඕකනං පරණ කතාවක්
Deleteනෑ යාන්.. ඒක මං දන්නවා..
Deleteමේ ඊයේ පෙරේදා වැලිමඩ පුරාණ විහාරෙක උණු ඇත්ත සිද්ධියක්.. අද පත්තරේ බලන්න...
බොට හීනෙං මාව හෙම පෙනුන්නෑ නේද?
ReplyDeleteනෑ මචං. මං හැමදාම රෑට ඉතිබිසෝ ගාතාව කියනව තුංපාරක්
Deleteමටනං කියන්න තියෙන්නෙ මුලිංම කියල තියෙන වයරිං හාමුදුරුවොයි, අන්තිමට කියල තියෙන හාමුදුරුවොයි තමයි නියම බුද්ධ පුත්‍රයො. නිකං හම්බවෙච්ච පලියට මයික්කෙ අතට අරං බොරුවට බණ කියන, දායක දායිකාවංගෙ සබ්බ සකලමනාවම සූරගෙන පංසලේ කොන්ක්‍රීට් කෑලි අටෝන කට්ටියට වැඩිය තමංගෙ හැකියාවෙන් ගමට වැඩක් කරන අය තමයි ඉන්න ඕන.
ReplyDeleteපෝය දවසෙ දවල් කෑමෙන් පස්සෙ පැය බාගයක් ගම අමතන්න පොර කෑමට පෙර මොනවත් පාවිච්චි එහෙමත් කොරනවද දන්නෑ.
තවත් ඉන්නව ඔයවගේ ලෝකෙට වැඩදායක හාමුදුරුවො අනංතවත්. ඒ වුනාට කවුරුවත් ඒ ගැන ලියන්න උනංදු නෑ. මොකද ඒ අය හිට්වෙනව අඩුයි.
Deleteඅර නම් ගම් දැක්කහම මහ වල් හැඟීමක් එන්නෙ එකපාරටම. *** ආතා, ** මාමා කියන නම් වලට තරු ගාණට අකුරු දාගෙන කියවද්දි, කියවෙන්නෙ...
ReplyDeleteනෑ එක්කො ඕන් නෑ.
ආතට තරු දැම්මෙ දැං දැං අපේ ගමේ වාහෙලත් මේක කියවනව ඇති කියල හිතුන හංදා. අනික් තරු ටික දැම්මෙ කවදහරි දවසක දොස්තර කෙනෙක් වුන දවසට අර ලමයා දන්න කවුරුහරි මේ පෝස්ටෙක අල්ලං එයාට ගරහයි කියලා.
Deleteහාමුදුරුවරු...
ReplyDeleteඅපේ පන්සලේ එකෙක් ඉන්නව. පොඩි කාලෙ ගස් ගඳයි. දැං ගල් ගඳයි.
තව එකෙක් ඉන්නව, අපි උන්දැව අල්ලල පන්සල් වත්තෙ මායිමේ තියෙන කජු ගහේ ගැටගැහුව. මහ රෑ දොළහ පහුවෙලා, කොටුවක් පැන වදාරන්ඩ වඩිද්දි.
තව එකෙක් උන්න, තාප්පෙට ඉහළිං පාරට පූස් පැටවු ගුඩු විදිනව.
ඔක්කොටම හපං දායකයො. නුවර යුගේ පිළීම ගෙයි සිතුවම් සහිත සීලිම කඩල ඇස්බැස්ටස් සීට් සීලිමක් ගහල පෙකුරු පානක් එල්ලල සැර එළි තියෙන සීඑෆ්එල් දාල. මුංගෙ ඔළු වල තියෙන්නෙ හුඹස් මැටි. දේශීය පුරාණ සායම සැර ආලෝකයට වියැකෙනව කියල දන් නෑ. ඉ්සරහ තියෙන කුළුණු වල, ළමය අතගාල ජරාවෙනවට, සිතුවම් වලට උඩිං සමර පාට රබර් පේන්ට් ගාල.
පන්සල වටේ තාප්පයක් ගැහුව ගඩොල් හයක් විතර ගණකම. මහා විසාල දොරටු දෙකක් හදල තියෙනව, දොරටු නෙමෙයි ද්වාර මණ්ඩප. ඒ සල්ලි වලිං දුගී පවුල් දහයකට විතර පොඩි පොඩි ගෙවල් හදල දෙන්ඩ පුළුවං.
ඔය අතරෙ අර ධම්මානන්ද හාමුදුරුවො වගේ උන්නාන්සෙල ගැන අහන එකත් හිත නිවෙන කාරණයක් බං.
අර ඉලෙක්ට්‍රික් හාමුදුරුවො නං සිරා ඈ... මට ගොඩක් ම හිතට ඇල්ලුව.
උඹල මොකටද රෑ 12 ට හාමුදුරුවො යන පස්සෙ යන්න ගියේ ඒ මනුස්සයට පාඩුවෙ වැඩක් කරගන්න දෙන්නැතුව.
Deleteමට ලියන්ඩ මිස් උනා. අර තාප්පෙ හදපු පන්සලේ හාමුදුරුවො, පන්සලේ පුස්තකාලෙට පොත් ගන්ඩ ගෙවල් ගානෙ සම්මාදං කර කර වඩිනව.
Deleteතව අර සැදැහැවත් දායකයො කරපු වැඩක් තමා, පන්සල් වත්තෙ තැනක තිබ්බ, ගල් කණු වගයක්. එතන තිබ්බට ලකෙයක් නෑ කියල, ගළොගෙන ඇවිත්, අලුත් බුදුගේ ගාව පැත්තකිං ආපහු හිටෝල තියෙනව.
ප්‍රෙසා්,
Deleteඅපි පාඩං කරන කාලෙ බං, ඒලෙවල් වලට. පාඩං කිරීමට උත්තේජනයක් වශයෙන් පන්සල් වත්තෙං කුරුම්බයක් දෙකක් ඉල්ලගන්ඩ ගිය වෙලේ දැක්ක හාමුදුරුවො ජටාවක් බැඳගෙන සරමක් ඇඳගෙන වඩින විලාසය...
අනික උඹට නුවර යුගේ සිතුවං ඕනනං ඔය හොඳ පංසලකට ගිහිල්ල ඒ පන්සලේ තියෙන සිතුවං ටිකක් ෆොටෝ ගහගෙන ඇවිල්ල ස්ටිකර් එකක ඩිගිටල් ප්‍රින්ට් කරල අර ඇස්බැස්ටෝ සිවිලිමේ අලෝගනිංකො. බලහං ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද කියල. අනික බොලා දැතිහුලහ හින්ද ඒ යන වියදම ඔය සත්ගුණවත් උපාසිකාවංගෙන්, උංගෙ ලේ බොනවයි කියල බය කරල ගන්න බැරි කමකුත් නෑනෙ.
Deleteගෙවල් කඩ කඩා හැදිල්ලයි, පනසල්වලට කෑලි ඇමිනිල්ලයි ඔය සේරම අනුංට එකට එක කරන්න යාම. අර පංසලේ බුදුගේ ලොකු කලොත් මේ පන්සලේත් ඒක කරනව. ගෙවල්වලත් ඔය විදිහනෙ.
Deleteඅර දෙමළ කෑල්ල එක්ක හනිමූන් ගියාට පස්සෙ බොලාට අදද කොම්පීටරයක් ගාවට එන්න හම්බඋනේ.
ReplyDeleteඅනේද කියන්නෙ.. සඳරුවගෙ එකේ මුගෙ කොමෙන්‍ටුව දෙකල දෙකක් කියන්න හදල නිකා හිටිය.... ශ්‍රංගා බංගා ඉංගා සුංගා
Deleteඒ දෙමල වැඩේ ගැනත් අනුවේදනීය විදිහට ලියන්නං. අඩේ ඒ පොටෝ එක දැකල චූටිමැණිකෙත් දුම්මල වරම අතට ගත්තා.
Deleteඒ කාලෙ ගලේ පංසලේ හාමුදුරුවොත් යම් කර්තව්වයකට රාතිරියෙ යම් ගේකට වැඩල ඉන්නකොට ඔය පාඩං කොර කොර හිටපු සැදැහැවත් කොල්ලො සැට් එකක් පංසලේ ගහෙංම දූරියං කඩං කාල දූරියං ලෙලි වලිං ගෙයි දොරකොඩ පාවාඩයක් දාල තිබ්බලු හාමුදුරුවංට සුවසේ පංසලට වඩින්න..
ReplyDeleteහාමුදුරුවන්ට මොටද පංසල් වත්තෙ දූරියං වවාගෙන. වවන්න ඕන අලු කෙහෙල්.
Deleteබඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ කියල කියන වර්ගයේ හාමුදුරුවරුත් ඉඳලා නේද ශ්‍රන්ගලා ගමේ ?
ReplyDeleteආයිත් අහලා. තවත් කීප නමක් ඉන්නවා. එව්ව ලියන්නෙ කොහෙද. මේක ලියලම වචන දෙදාස් ගානක් වුනානෙ.
Deleteමේ දවස් වල සිවුර තමා හම්බකෙරිල්ලේ හොදම පාර...
ReplyDeleteඅපි ද්න කියන උන්නාන්සෙ කෙනෙක් කීප වාරයක් කොරියා ගියා තමන්නෙ පවුලෙ හැමෝටම ගෙවල් හදල දුන්න. පංසලට අර ලුත් ජාතියෙ වෑන් එක්කුත් ගෙනාව.හෙහ්..
අන්න හාමුදුරුවො නිවන් යන්න කැමතිම නැ ඕ යේස්...
බුදු සසුනරකින්න උන්නාන්සෙල වැඩි වැඩියෙන් පහළ වෙවා නෙහ්
අපිත් පහුගිය කාලෙ ටිප්පෙකක් ගියා පංසලේ වෑන්නෙක හයර්රෙකට ඇරං. පුල් සැප ඩුවල් ඒසී. ආං පංසල්.
Deleteඔය හාමුදුරුවෝ හිටියෙ අපේ ගමට කිට්‍ටු වෑතර පන්සලේ.එහෙ ඉන්නකොට තමයි ඔය වැඩිහිටි නිවාසේ වැඩ පටන් ගත්තේ. ඔය 1990 ගනන්වල නේද? වෑතර මගේ යාලුවෝ ඒ දවස්වල යනවා ඔහේ හාමුදුරුවො එක්ක.
ReplyDeleteආං හරි ඒ හාමුදුරුවො තමයි.
Deleteඋඹ ගමේ ගියානං අර පැසං සුනිල් මාම හම්බඋනේ නැද්ද?
ReplyDeleteඑදා ඒ කඩේ වහලා. අවුරුද්ද පහුවෙලා සතියක් ඉතර යනකං අපේ පැත්තෙ කඩවල් අරින්නෑ.
Deleteමම නම් අපේ ගමේ පන්සලට හෙන ගැහුවත් දන්නේ නෑ.. හෙහ් හෙහ්.. මට කවදාවත් පන්සල් වල සිස්ටම් එක අල්ලලා ගියේ නෑ.. ඉතින් පන්සල් සහ පන්සල් වල සිද්ද වෙන දේ ගැනවත් කිසි උනන්දුවක් නෑ.. අනේ මන්ද අපිට යන්න අපායවල් තියෙයි ද කියල හෙහ් හෙහ්..
ReplyDeleteපන්සල් තියෙන්නෙ අපේ හිතේ. ආගම තියෙන්න ඕන ඔලුවෙ. කොන්ක්‍රීට් වලිං නිවං යන්න බෑ. සමහර විට ඔයා දිවියලෝකෙ යද්දි පන්සලේ ප්‍රධාන දායකයා අවිචියෙ හිටියි.
Deleteඔළුවේ ආගමක් නැති වුනාම තමයි මචං අපිට ඇත්තටම නිදහස් වෙන්න පුළුවන්.. හිතේ මනුස්සකම තියාගෙන ඔළුවෙන් හොඳ නරක තීරණය කරන්න පුළුවන් නම් ආගමක් ඕනේ නෑ... හෙහ් හෙහ්
Deleteහැම ජාතියෙම ආගං මට එපාවෙන්න ලොකුම හේතුව ලවුඩ්ස්පීකර්
ReplyDeleteඇත්ත ඇත්ත සම්පූර්ණයෙං ඇත්ත. මයික් එකක් නැතුව බණක් කියන්න බැරි හාමුදුරුවො අනන්තයි අප්‍රමාණයි.
Deleteඅපිට මතක කළුකොඳයාවේ ප්‍රඥාසේඛර නම්වූ සමාජ සුබ සාධන ගරු උත්තමයාගේ සිට සමන්තභද්‍ර නම්වූ පන් ගොකයා දක්වූ අපේ සංඝ පරපුරේ ඛේදාවාචකය එළකිරි සේ ලියා තිබේ.
ReplyDelete/සමන්තභද්‍ර නම්වූ පන් ගොකයා/? ඔහොමද මහරහත් උපාධිය දෙන ආයතනයක කුලපති උන්නාන්සෙ කෙනෙක්ට කතා කරන්නෙ?
Deleteඇති යාන්තන් පෝස්ටුවක් කොටන්න හිතිලා.
ReplyDeleteඅර පොටෝ එකේ ඉන්න දෙමල අක්කට වෙන්න ඇති, මෙයාව හීනෙන් පේන්නේ... :-D
Hemamali,
DeleteWhat is this Demala Akka's case? I don no melo deyak. Tell me please...
බුකිය පැත්තෙ ගියානං තේරෙයි. කොහෙද ඉතිං ඔය වයසක උන්දැලා දන්නවෑ ඒ තරං හරියක්.
Deleteධම්මානන්ද හාමුදුරුවො වගේ කිහිපනමක් හරි රටේ ඉතුරුවෙලා ඉන්න එක මැදෑ. උඹලගේ තරු තුනේ ආතා රටක් වටිනා කෙනෙක්නෙ බං. ඔය වගේ මිනිස්සු ඉන්න ඕනේ දියවන්නා හෝටලේ.
ReplyDeleteඋඹලෑ පන්සලේ හිටියේ නැද්ද අරලියමල් ආරාමයේ රාහුල ස්ථවීරයෝ වගේ අය...
ReplyDeleteදෙයි හාන්දුරුවනේ ශ්‍රන්ගයා ඉන්නවා
ReplyDeleteඔය කාර්මික උන්නාන්සේලා අපි පුංචි කාලෙත් හිටියා. ඒ ගොල්ලන් වහන්සේලා වැඩියෙම්ම කලේ රේඩියෝ හදන එක.
ReplyDeleteවඩුබාස් උන්නාන්සේලා, පිළිම අඹන්නාන්සේලා, අම්මෝ තව කොච්චර ඉන්නවද.
පන්සල් අරහං.. කරුමෙට යන්නම වෙනවා.. ගිය වෙලේ ඉඳන් මල අතේ.. එනකම් නිවනක් නෑ.. මගේ පන්සල මගේ හිතයි..
ReplyDeleteඇයි බං මට...
Deleteමම යන්න කැමති අපේ ගේ උඩහ කන්දේ තියෙන පන්සලට විතරයි...
ඒකෙ හාමුදුරු නමක් නැහැ, මනුස්ස පුළුටක් නැහැ...
මරු පොට් එක...
ජැකා හිස්ට්‍රි ගැන මාර විශේෂඥයෙක් කියලා පෙන්නනව...
ReplyDeleteඇත්තටම මිනිහට තියෙන්නෙ හිස්ට්‍රි ගැන ඒලෙවල් දැනුමක් විතරයි...
ලංකාවෙ ඉතිං ඕන ගොනෙක්ට චක්‍රවර්තී වෙන්න පුළුවන් නෙ,
හිස්ට්‍රි කියන්නෙ මගෙ ආසම සබ්ජෙක්ට් එක...
ප්‍රෞඨ ඉතිහාසය ගැන මිත්‍යා පටල අයින් කරමින් ඉතිහාසෙට අදාල තැන්වලට ගිහිං ඒවා හැබැවින්ම තිබ්බ විදිය මවාගන්න මාත් ගොඩක් ආසයි
Ada thamayi post eka kiyawanna chance ekak labune ban. Ekath phone eken nisa sinhalen kotanna widiyak naha. Ekathakin baluwama dan mekata phone eka kiyan eketh therumak ne. Call gannawata wada wadiyen karanne net yana eka thama.
ReplyDeleteඅපොයි අද කාලේ වැඩවසන්නාවු පන්සල් පාළු උන්නාන්සේලා ලොව්තුරා බුදුරජාණන් වහන්සේටත් බණ වදාරයි.පේන්නැද්ද ජාති මාමක උන්නාන්සේලගෙ මීඩියා වැදෑරිල්ල. එහෙම බැලුවම ඉලෙක්ට්‍රික් උන්නාන්සෙ හොඳයි. අපවත් වුණේ අටුවෙන් ලිපට වැඩලද..?
ReplyDeleteපට්ට ලස්සන බ්ලොග් එකක් හම්බුණ ඔන්න. ලින්ක් එකකින් පාර හොයන් ආවෙ. ලියල තියෙන රටාව හරි අගෙයි. රහ වැටුන මට කිව්වොත් හරියටම හරි. කවුද දන්නෙ නෑ හැබයි.
ReplyDeleteහම්මේ අර පාංසුකූල ඇපේට තියන හාන්දුරුවන්ගෙ කතාව කියවලා හක්කත් පැන්නා හිනා ගිහින්.
ReplyDelete