මේක ලියන්න හිතුනෙ අහම්බෙන්. අපේ වත්තෙ පාරෙ අයිනේ තියෙන කොස් ගහේ ගෙඩි පිරිලා කඳ වහගෙනම. ඉතිං මං ඕකෙ පිංතූරයක් බුකියෙත් දැම්මා. අන්තිමට මට හිතුණා කොස් ගැන ලියන්න ඕනෑ කියලා.
කොස් මාමා කියන්නේ ආතර් වී දියෙස් කියන මහත්තයාට කියලා මට කියලා දුන්නේ පහ වසරේදී අපෙ පංතිය භාරව හිටපු නිලන්ති මිස්. ඒ කාලෙ සිස්සත්වෙට ඒව අහනවා. දැං කාලෙනං ලමයින්ට එයිටත් වඩා දැනුමක් ඕන. කොටිම්ම දිවියක්ඥානෙත් ටිකක් ඕන.
පාංකාරයාට පාං මාමා, මාළුකාරයාට මාළු මාමා ආදී වශයෙන් කියා පුරුදු අපි හිතුවෙ මේ කියන කොස් මාමාත් කොස් විකුණන මනුස්සයෙක් හෙවත් කොස්කාරයෙක් කියලා. හැබැයි මගේ ජීවිතේට අපේ ගමේ කොස් විකුණන කෙනෙක් හිටියේ නෑ. කොස් විකුණන්න පුලුවන්නං ඇල්වතුරයි, හුලනුයිත් විකුණන්න පුලුවං කියන මතයෙ තමයි අපි හිටියේ. පස්සෙං පහු දැනගත් විදිහට ඔය ආතර් වී දියෙස් කියන මහත්තයා කොස් විකුණන්නෙක් නෙවෙයි කොස් වගාව ජනප්‍රිය කරපු කෙනෙක්. එතුමා කාගෙද කසාදයක් දවසක තෑග්ගට දුන්නෙත් කොස්සැට පාර්සලයක්ලුනෙ. අතේ තියෙන දොයිත්තටම හින්දල මගුල් කෑවං ඉතිං කන්න වෙන්නෙ කොස්සැට තමයි. මොකද ඉතිං පිඟං බඩු, අරුමෝසං බඩු, ඔල්ලෝසු, මේස ලාම්පු, වගේ තෑගි හම්බුනෙච්ච කන්න බෑනෙ. හැබැයි එතුමා නං දීල තියෙන්නෙ කොස් ඇට ටික හිටෝගන්න කියල.
අපේ ගමේ කොස් වගාව කලේ වවුලන් සහ කපුටං. ඔව් උං තමයි. උං වැල මදුලක් එහෙම ගෙනිහිං කාලා ඇටේ හලාපු තැන ඒක පැළවෙනවා. පැළවුනාට පස්සෙ තමයි ඉඩමේ අයිතිකාරයට ගහ අයිති. ඔය කොස්ගස් වලින් සත්තු, ගමේ මිනිස්සු ආදිය වේල පිරිමහගන්නව. ඒත් එක්කම වැට මායිංවල තියෙන කොස්ගස් වලින් පෙරකදෝරුවො තමුංගෙ වේල පිරිමහ ගන්නව. එහෙම අපෙ ආතගෙ ඇවෑමෙන් අපේ මාමට උරුම වෙච්ච කොස් ගහක නඩුවක් තියෙනව. දැං කොස් ගහ දිරල, වේයො කාල ගහ තිවිච්ච තැනක්වත් නෑ. හැබැයි තාම නඩුව තියෙනව.
අපේ ගමේ කොස් ගස්වලට අයිතිකාරයෝ සිටියත් කොස් ගෙඩිවලට අයිතිකාරයෝ නෑ. ඕනම කෙනෙක්ට කාගෙ උනත් කොස් ගහකිං ගෙඩ්ඩක් කඩාගන්න පුලුවං. ගමේ හැම කොස් ගහක් ගැනම හොඳ අවබෝධයක් තියෙන අය ඉන්නෙ කීපදෙනයි. අපේ අම්මත් එයින් එක්කෙනෙක්. කොස් හොඳ කොයි ගහේද, ගැටපොලොස් හොඳ කොයිගහේද, වැල සහ වරකා හොඳ කොයි ගහේද කියලා වෙන වෙනම කියන්න පුලුවන් ඩේටාබෙස් එකක් වෙනමම එයා ගාව තිබුනා .
ඕං ඉතිං අපේ පුංචම්මා දවල් දෙක තුන වෙද්දි අපෙ අම්මට කතා කරනවා.
"ලොකු අක්කෙ අර ගල්ලවිටේ කුරු කොස් ගහේ ගෙඩ්ඩක් පැහිල තිවුනා. කඩං වරෙංකො. යමං මාත්තෙන්නං"
"ඒඒක පැහිලම්මදිමැනිකෙ මංඑනගමංබලංආවෙ"
"නැ බං ඒක පැහිල ඇති"
"අනෙක්කුඹ කට වහං හිටහං මැණිකේ. ඔය ගහේ ගෙඩි පැහෙද්දි කට්ටම කලුපාට වෙන්නෝනා."
ආං එහෙමයි ගහේ ගෙඩි පැහෙන විදිය පවා දැනගෙන ඉන්න ඕනා. සමහර ගස්වල ගෙඩි කට්ට කලු වෙනකොට පැහෙද්දි සමහර ගස්වල කටුව යංතං ලා පාට වෙද්දිම පැහෙනවා.
කොස් ගෙඩ්ඩෙ ළදරු අවස්ථාව ගැටපොලොස්. ගැටපොලොස් උයන හැටි එයාකාරවම මං දන්නේ නැතත් වැඩේ වෙන්නේ මේං මෙහෙමයි. නොදන්න අයට කියා දෙන්නෙ. හවස් වෙද්දි ගැටපොලොස් ගෙඩි අවශ්‍ය ගාන කඩාගෙන එන්න ඕනෑ. ගෙඩි තුන හතරක් කඩාගෙන එන්න. මෙව්වා අස්ප බිත්තරයකට වඩා පොඩි වෙන්න ඕනැ. ඒ කිව්වෙ මැන්ඩිස් බෝතලේ, බෝතලයක් විතර මහතට, ඒකෙ අඩියෙ ඉඳං කර ගාවට විතර දිගට. පිළිකන්නට ගිහිං පරණ බෝතලයක් ගෙනැත් බලාගන්නකො. රෑට කාලා බීලා ඉවරවෙනකං ඒවා පරිස්සං ඇති තැනක තියන්න ඕනෑ. පරිස්සං ඇති තැනක් කිව්වෙ කොහෙවත් කොහොල්ලෑ නොගෑවෙන, ඒ වගේම කොහොල්ලෑ හැලුනත් පයට පෑගෙන්නෙ නැති තැනක්. නැත්තං කකුලට පෑගෙන කොහොල්ලෑ තලිය අපේ කකුලට හීනි ගල්කැට, වේලිච්ච කොල, පරඬැල් ආදී නොයෙක් වර්ග අලෝලා අලංකාර කරනවා.
රෑට කාලා ඉවර උනාට පස්සෙ ගැටපොලොස් ගෙඩි ටික එකක් කෑලි හතරකට වෙන විදියට පලන්න. ඉං පස්සෙ රෑට බත් උයපු මුට්ටිය හෝදල ඇරගෙන (ඉතුරු බට්ටික විසික් කරාට මක්වෙනවද) ඒකට අර පොලොස් පලු ටික දාලා ඒවා වැහෙන තරමට වතුරත් දාලා ලිපේ තියන්න ඕනැ. ලිපේ තියලා විතරක් මදි ලිපේ ගින්දර දාන්නත් ඕන. මේ වෙලාවට ලිපට දාන්නෙ මහත දර. මහත කිව්වෙ සෑයවල් වලට දාන කඳං නෙමෙයි, උදලු මිටක් විතර මහත දර. දැං ඉතිං ගිහිං පැදුර එලාගෙන නිදාගන්න එකයි තියෙන්නේ. වලඳ වහන්න බැරිවුණා නේද? ආපහු ගිහිං මැටිකෝප්පෙං හරි නෑඹිලියෙං හරි ඒක වහලා ආයිත් ලිපට දර ටිකකුත් දාලා එන්න. ආයිත් රැ මැදියමේ දොට්ට පිලට යන්න ඇහැරුනොත් තව පාරක් දර ටිකක් දාලා ලිප පත්තු කරන්න ඕනෑ.
පාන්දර වෙද්දි වැඩේ හරි. උදේට කහට පෝච්චිය ලිපේ තියන්න යද්දි ගැටපොලොස් හැලිය බිමිං තිව්වහම කිරිකැඳ හැළිය වගේ ඇති. ඉතිං කහට ඩිංගක් එහෙම බීලා හීං සැරේ අර තැම්බුනු ගැටපොලොස් පලු ටික වළඳෙං ඇරගෙන කොරහකට දාගන්න ඕන. ඊළඟට තියෙන්නෙ ගැටපොලොස්වල පිට කටුව අරින එක. ගැටපොලොස් පලුවක් ඇරං ඒකෙ පොත්තෙ කටු ටික ඇඟිල්ලෙං එක පැත්තකට තල්ලු කරපු ගමං තැම්බිච්ච කටු ගැලවෙලා හැලෙනව. අන්තිමට ගැටපොලොස්වල කටු ගිහිල්ලා “කටුවා කාපු බල්ලෙක්ගෙ ලොං හැලිච්ච කොන්ද“ වගේ වෙනවා.
දැං මේසෙ යටිං ඇදල ගන්න දිප්පිහිය. ආං දැක්කද, ඒකෙත් කොහොල්ලැ. දැං සේරම තියෙද්දි ලාම්පුතෙල් කුප්පියෙං ටිකක් පිහියට හලලා පොල් මුඩ්ඩකිං උලලා පිහියෙ කොහොල්ලැ අරින්න. බලාගෙන මුඩ්ඩ ලිස්සුවොත් අත කැපෙයි. ආං හරි. දැං ඔය පිහිය වලං අල්ලන දැලි පාංකඩෙං හොඳට පිහින්න. දැං නාහෙට කිට්ටු කරල බලන්න තාමත් ලාම්පුතෙල් ගඳද කියලා. තාමත් ගඳනං වතුර කොරහෙ ඔබල ඇරං ඇඳං ඉන්න ඇඳුමෙ දෙපැත්ත පිහල බලන්න. ආ දැං ගඳ නෑනෙ.
දැං අර කටුව කාපු බල්ලගෙ කොන්දෙ පැහැයෙන් තියෙන පොලොස් කෑල්ලක් ගන්න. ඒකෙ බඩ පැත්තෙ නාරටිය රැහැල දාන්න. ඉං පස්සෙ කොන්ද පැත්ත හරෝල කොන්ද දිගේ පිහියෙං ඉරි ඇඳෙන විදිහට දිග අතටයි හරස් අතටයි කොටාගෙන යන්න. ආං හරි දැං කපන්න ඕක කෑලි හයකට. දිග අතට පැලුවා හරස් අතට තුනට කැපුවා. දාන්න මුට්ටියට. දෙන්න බලලගෙ හොස්සට එකක් හැම රෙද්දටම හොස්ස ඔබනවට. ගන්න අනික් බලු කොන්ද, ආ.. නෑ මේ ගැට පොලොස් කෑල්ල. කොටාගෙන යන්න දිගට හරහට, කපන්න හයට දාන්න ඇතිලියට. ගන්න ඇතිලියෙං කෑල්ලක් ඇරං කාල බලන්න. කන ගමං ඕන්නැං
"අම්බප බොලේ සෝක්කෙකට තැබ්බිලා"
කියලා කියන්න ගිහිං පොලොස් කෑල්ල ඉස්පොල්ලෙ ඇරගෙන කහින්න.
"බල් බල් බල්... ඈහ් අම්මෙහ්... බල් බල් බල්"
ඇතිලිය එහාට තල්ලු කොරන්න. බොන්න වතර ටිකක් කලෙං නමාගෙන.
ඊළඟට ගන්න හිරමනේ. පොල් බිඳපුව නෑ නේද? ගන්න මේසෙ යටිං පොල් ගෙඩ්ඩක්. දොරකඩට ගිනිහිං මන්නෙං ගහල බිඳින්න. බිඳිච්ච ගමං කෙලිං අතට අල්ලල බෑ දෙක වෙංකරගන්න එතකොට එක බෑයක වතුර ඉතුරු වෙනව. ඒ ටික බොන්න පොල් බෑයෙංම. ඕන්නැං වතුර කටේ තියෙද්දිම ආයිත් කියන්න.
"ඥියම පෝවතූ චික"
ගියා නේද පොල්වතුර ඉස්පොල්ලෙ. බලං ඉන්නෙ කහින්න කහින්න.
"බල් බල් බල් ....... නමෙයෝ මේ වලේං බල් බල් බල්... මයි කොන්දඩිංගක් අතගහං"
ඒ අතරෙ මදිපාඩුවට උඩ බලාගෙන යන්න ගිහිං හිරමනේ ඇනගන්න කකුලෙ.
"හඥීඊඊඊඊ මේ කෙහෙම්මල ඇන්න කකුලෙ සෙද්ද"
කියලා දෙස් දෙවොල් තියලා කොහොමිං හරි දොරකඩිං හිරමනේ තියාගෙන පොල්ටික ගාන්න. ඒ ගමංම දෙන්න බලලට හොස්සට එකක්. උටත් ඕන්නැති සෙද්දක් නෑ. ආයිත් ඥාං ගාගෙන ආවොත්
"ඉඳහ් කාහං සෙද්ද"
කියලා පොල් ටිකක් දෙන්න. ඕන්නැං පොල් කෑල්ලක් හිරමන තලෙං උලුප්පගෙන කන්න. පොල් බෑයකුත් තව අඩලයක් තරම ගාගන්න. පොල් ඕන්නං රාලහාමිගෙ ඉඩමෙං අහුලං එන්න බැරියැ හවස්අතේ ගියහම.
දැං තියෙන්නෙ මිරිස් බැදිල්ල. ඊයෙ රෑ බැදුං හදාපු තාච්චිය අරං යංතං හෝදල ගන්න. මොකෝ වෙන්නෙ බැදුං තෙල් කියන්නෙ වහයැ. තියන්න තාච්චිය ලිපෙං. දාන්න මිරිස් හැඳි හතරක් පහක් තාච්චියට. තුනපහ කුඩුත් දාන්න. ඔව්, හැඳි තැනක්කත් එපෑ. දැං හරි. කෝ ලිප නිමිලනෙ. දරකෑලි දෙකක් දාල පිඹින්න ලිපට. බට කුඹල ඇරං පිඹින්න. ආං එහෙම ලිබ්බොක්කට බෝම්බ ගැහුව වගේ අලු දුම්මැස්සට උඩිං යන්න. ආපහු ටික වෙලාවකිං ඒ අලු ටික බිමට එයි. ඔය පත්තු වෙන්නෙ ලිප සෑය වගේ. දැං ගන්න හැන්ද. ඒක හෝදල නෑනෙ. ගන්න හැඳි අලුවෙ තියන හැංදක්. ඩිංගක් ගසල ගන්න කරදලි ටික බිමට හැලෙන්න. දැං මිරිස් ටික බැදීගෙන එන්නෙ. පුලුවං තරං හයියෙං කලවං කරන්න. නහය තද කරගෙන හුස්ම හිරකරගන්න. හුස්ම හිර කරගෙන හැඳිගාන්න. අතාරින්න එපා දිගටම හැඳිගාන්න. හුස්ම හිරවෙලා කලන්තෙ වගේ හැදෙන්න එනකොට මිරිස් ටික බැදිල. ගන්න වලං බාන පාංකඩේ. ඒකෙං අල්ලල ගන්න තාච්චිය හුස්ම හිරකරගෙනම. පාංකඩෙං පොටක් තාච්චියට වැහ්නට කමහ්නෑ. ඕක ඔය දැං හොද්දෙත් එබුනෙ. හලන්න මිරිස් ටික පොලොස් ඇතිලියට. දැං ගන්න හුස්මක් නැත්තං මැරෙයි. ගියා නේද මිරිස් සැර ඉස්පොල්ලෙ. පනින්න කුස්සියෙං දොට්ට. කහින්න කහින්න.
භල් භල් භල්.... අනෙ අම්මෙහ් ක්රෑහ් කුහ් තුප්... භල් භල් භල්...
දැං කැහැල ඉවරනං එන්න කුස්සියට. ගන්න පොල් ටික. මිරිකන්න වතුර දාලා. පුලුවං තරං මිරිකන්න. වතුර මදිනං බෙලෙක් කෝප්පෙට කලෙන් නමාගෙන වතුර ඇරං දාන්න එයිං බාගයක් තරම.
"භල් භල් භල්.... හම්මෙහ්"
තාම කැස්ස නේද? බොන්න බෙලෙක් කෝප්පෙ තියෙන ඉතුරු වතුර බාගෙ. ආං... දැං හරි. දැං ඔය කිරි ඇති. ඇති කියන්නෙ පොලොස් කෑලි වැහෙන ගාන්ට කිරි ඕන. එයිට වැඩිය එපා. නැත්තං බෙදාගන්න ගියහම අමුඩෙයක් ගහගෙන හොද්දට බහින්න වෙනව කෑලි හොයන්න. දැං හොද්දට දාන්න ලුණු අහුරක්. අර දුමේ තියෙන කලු ගැහිච්ච සොපිං කවරෙ ඇරං ඒකෙං ගොරකතු දෙකතුනං අරං කොරහෙ ඔබල අරගෙන දාන්න හොද්දට. කුරුඳු කෑල්ලකුත් ඕනැ නේද? කොහෙද දන්නෑ. අදින්න මේසෙ උඩ තියෙන පරණ හෝරලිස් බෝතල්, මලකඩ අල්ලපු නැස්ටමෝල් ටිං, ඉටි කවර, සේරම. එව්ව ඇතුලෙ තිවිල එලියට පනින පරණ ඉඟුරු කෑලි, කහ කෑලි, පුස්කාච්චි ගම්මිරිස් මුල්, වේලිච්ච මිරිස්, පරිප්පු ඇට, මුං ඇට අතරෙ හොයන්න කුරුඳු පොත්තක්. එලියට ඇදිල ආපු එකේ ඕන්නං උම්බලකඩෙං කෑල්ලකුත් කටිම්ම කඩල කටේ දාගන්න. අන්න වැටුන මේසෙ පල්ලෙ මොකද්ද බීඩි මිටියක් වගේ එකක්. ආං ඒක තමයි කුරුඳු මිටිය. ඇරං ඒකෙං පොතු හතරක් පහක් කොරහෙ ඔබල අරං දාන්න හොද්දට. දැං ඔය ඇදලපු සේරම අහුවෙච්ච බාජනේකට දාල වහන්න. පස්සෙ බැරියැ අස්කරන්න. තව රතුළූණු, කරපිංච ආදී ජාති එහෙමත් ඕකට දාන්න. ඒව ඉතිං කියන්න දෙයක්යැ. නිකං ඇඟ හෝදගන්න වතුර ඩිංගක් ලිපෙං තිබ්බත් ගෑනු අය පුරුද්දට වගේ ඒකටත් ලුණුයි, මිරිසුයි, කරපිංචයි දානවනෙ.
දැං හොද්ද තියන්න ලිපේ. අර පැණිවලලු ලියන ගංගානාත් දිසානායක මහත්තයගෙ ආච්චම්මනං ඕකට "විකට හුණු" නෑ නෑ මේ "විටකන හුණු" ටිකක් දානවලු. එතකොට කෑලි රෝසපාට වෙනවලුනෙ. අනේ මංද. ඕන්නැං ඉතිං හුණු, සමර, ඩිස්ටෙම්පර් බැයිනං පිලර්, රබර් පේන්ට් ඩිංගක් හරි දාලා බලන්නකො. තමුං පලමුවෙං නොකා හිටියහං ඉවරනෙ.
දැං ඉතිං ලිපට ගින්දර දාලා අළු උඩයන්න පිඹින්න. බට කුඹලෙං පිඹින්න. හොද්ද නටාගෙන එනකොට. හැන්දෙං හිමීට කලවං කරන්න. හිමීට හිමීට. බදාම අනන්න වගේ කලවං කලොත් කන්න වෙන්නෙ පොලොස් මැල්ලුම තමයි. ආං බලල මැටි කෝප්පෙ තියෙන පොල් රොඩු ටික කනව. හා හා යන්නෙපා හොද්ද කැටි ගැහෙයි. ලිප ගාව ඉඳං හැන්ද උරුක් කරල එලවන්න. නැත්තං දර කෑල්ලක් විසි කරන්න.
"ෂෙප් ෂිප් දුප් නරක්කාදි බලල. ධීපිය කිව්වෙ මයෙං දරපොලු පාරක නොකා"
ඔය ගමංම හැංදට හොදි ඩිංගක් අරං ඒකට කබරය පිඹිනව වගේ පිඹල අරං එයිං බිංදුවක් වං අල්ලට හලල ලෙවකාල බලන්න. ලුණු ඇතිද? දැං අල්ලටත් පිඹින්න. ලුණු මදිනං ටිකක් දාන්න. ආයි කලවං කරල ආයිත් රස පරීක්ෂාව කරන්න. හොද්ද විතරක් බලල මදි. කෑලිත් තැම්බිලද බලන්න. නෑ නෑ කාල බලල නෙවෙයි. කෑල්ලක් හැංදට අරං ඒකටත් මයින හම වාගෙ පිඹල පිඹල නිවල අරං වං අතේ ඇඟිලි දෙකෙං මිරිකල බලන්න. මදිද? දාන්න ආපහු හොද්දට. ආයි හැඳිගාන්න. හොද්ද හිදීගෙන යනවද බලන්න ගන්න ලිපේ තියෙන හොඳට පත්තුවෙන දර කෑල්ලක්. අල්ලන්න හොද්දට උඩිං පන්දම වගේ. පේනව නේද? තවම හිඳෙන්න අරං නෑ.
"චොස් ආාාවු"
බය වෙන්න එපා. ඒ අර ගිනිපෙනෙල්ලෙ අග හරියෙ ගිනි අඟුර වැටුන. හොද්දට. ඒක හැංදෙං ඇරං දාන්න පුලුවං. මොකෝ වහ යැ. අඟුරු දත මදින්නත් ගන්නෙ.
ඔය විදිහට හැඳිගාලා හදාගන්න හොද්ද බාගත්තහම ලිබ්බොක්කෙං තියල වහගන්න. තව ටිකකිං එහා ගෙදර සුගතෙය එයි ඉටි පිඟානක් ඇරං
"ඥැංදෙ මොනවෑ උදේට ඉව්වෙ."
කියල අහගෙන. මිරිස් බදින සුවඳ දැනිච්ච ගමං මිනිහ පිඟානක් අරං එනවමයි. මිනිහෑ පවුල උයන එව්ව බිංදුවවත් කන්නෙ නෑනෙ. ඉටි පිඟානට බෙදල දෙන්න පිරෙන්න එකක්. ඔව් පත්තර කොලේකිං වහල දෙන්න. නැත්තං ගස්සොල තියෙන පිණි වැටෙයි. උදේටයි දවල්ටයි දෙකටම කාල ඉතුරු උනොත් රෑට පාං ගෙනැත් කන්න බැරියැ?
දැං මොකද්ද ප්‍රශ්නෙ?
පොලොස් නැද්ද?
ආ මේං තියෙනව කඩාගන්න.
කලවානේ දී කාලම නැති දෙයක් තමයි කොස්-පොලොස්!
ReplyDeleteආච්චිලගේ පර්චස් විස්සේ වත්තේ කොස් ගත් තිබුණේ නෑ.
ගුගල් ස්ට්‍රීට් වීව් එකට අනුව එතැන දැන් ඇත්තේ හාඩ්වෙයාර් කඩයකි.
Deleteඅවුලක් නෑ දැං ඉතිං කොස් පොලොස් වෙනුවට සිමෙන්ති කන්න බැරියැ.
Deleteඒ වත්තෙ නොතිබුනාට ගමේ අනික් ගස්වල තියෙන්න ඇතිනෙ. ඔය මං අන්තිමට ගිය ඉස්කෝලෙ තිවුනෙ කොස්වත්තෙ. ඔව් ඒකට කියන්නෙ "කොස්සත්ත ගාමිනිමහ විජ්ජාලෙ"
Deleteකිරි කොස් සහ කළුපොල් මාළුව
ReplyDeleteකිරිකොස්නං මන්ද, ඔය කලුපොල් මාලුව කියන එකට කියන්නෙ කක්කුට්ටං හොද්ද කියලා.
Deleteචිත්ත රූප මැවෙන්නම ලියල තියනවා...මැවුනු පොළොස් හොද්ද කටේ දමාගන්න බැරි වෙන එක ගැන තමයි දුක...
ReplyDeleteමොනව කරන්නද? පොලොස් ගෙඩ්ඩක් උයාගන්න වරුවක් නිවාඩු දාන්න එපෑ
Deleteමොනව කරන්නද? පොලොස් ගෙඩ්ඩක් උයාගන්න වරුවක් නිවාඩු දාන්න එපෑ
Deleteඊලගට පොලොස් මැල්ලුම හරිද ඊගට කොස් මැල්ලුම
ReplyDeleteඋඹ මේව ෆලෝ කරනවනං ශ්‍රංගය කියල තියෙන විදියටම කරහං. නැත්තං කිසි ගතියක් නෑ. ආ... උඹලගෙ ගෙදර බලලෙක් නෑ නේද? ඉස්සෙල්ලම එකෙක් ගෙනහල්ල හිටහං.
Deleteඅස්ප බිත්තර ඔම්ලට්?
Deleteකෝදුරු ලෙග්ස් ඩෙවල් ?
Deleteඅටං අයියෙ ඔය එක්කොම රෙසිපි දාපු එකතුවක් පාස්වර්ඩ් එහෙම දාලා හදල තියෙන්නෙ අර Cowshe නෛා්නා.
Deleteඅටං අයියෙ ඔය එක්කොම රෙසිපි දාපු එකතුවක් පාස්වර්ඩ් එහෙම දාලා හදල තියෙන්නෙ අර Cowshe නෛා්නා.
Deleteඅනේ බෑ බං අටං අයියෙ. අර පහල බලාංකො රෙසිපි සැට්ටෙකක්ම තියෙනව
Deleteගැට පොලොස් මාළුවට කව්ද බන් අක්මැති. ඒත් ඉතින් දැන් හම්බ වෙන්නෙ වැල හා වරකා තමයි.
ReplyDeleteඅපි වැල වරකා කරලා
Deleteවරකා ගැට පොලොස් කරලා දෙනවා
මෙන්ඩගෙ පැට්ටරිය අස්සෙ වෙන දේවල් වෙන්නැති ඔය කියන්නෙ. හැක්..
Deleteමාතේ,
Deleteවැල වරක ඉතිං එවෙලෙම සුටුස් ගාල කන්න පුලුවන්නෙ. අර වගේ තම්බල, ඔබල වදවෙන්න ඕනි නෑනෙ.
මෙන්ඩයියෙ,
ඔතනිං එහාට ගියොත් ගැට පොලොස් පනාමල් වෙනව නේද?
හෙහ් හෙහ් ඔය පොලොස් ඇඹුල ඇති ඕනෙම දෙයක් දඩ බද ගාලා කොටබාන්න. පන්සලට දානෙට ගෙනියන්න, කුඹුරට ඇඹුලට ගෙනියන්න, පොලොස් ඇඹුල හැදුවම වැඩිය සුවඳයි. වැඩිය රහයි.
ReplyDeleteවිටහුණු නැත්තං යකාහුණු උනත් කමක් නෑ. හ්ම්...........
මෙන්න මෙතැනින ඔය යකාහුණු නිධාන කතාව කියවන්න
Deleteහමුදාවෙ ලොකු මහත්තයා,
Deleteඅනේ ඉතිං ඔය වගේ දෙපිට කැපෙන කතා කියන්න හොඳද ඔය තලත්තෑනි වයසට.
ඇවිද්ද පය,
මං නං ඔය කතා කියවන්නෑ. ෂික්, කැත කතා.
පොත්ත පිටින් පොලොස් ගෙඩි තම්බන කතාව ඇහුවෙත් අද.
ReplyDeleteපොලොස් සමග උණු කැකුළු බත් මගේ ආසම කෑමක්. ශ්‍රංගලගෙ අම්මට කොස් ගැන තියන දැණුම මටත් අපේ වත්තෙ කොස් ගස් ගැන තිබ්බ.
ශුවර්ද වත්තෙ කොස් ගැන කියල ඔය දැනුම තිබුණෙ. ගමේ ඉන්න ගෑල්ලමයි ගැන නෙමෙයි ද?
Deleteකම්මලේ කම්මැලි නැතිව කොස් කිරල තියෙන හැඩයි
Deleteප්‍රසා, කොස් ඇට අහුලන්ඩ එන ගෑල්ලමයිනුත් එක එක ජාතියේ තමා.
Deleteගස්, ගස් මුල ඉදං කොස් කිරලත් ඇති තාමා. කොස් ගස් දෙකක් තිබ්බ හරියක තල පැල ගොල්ලක් තිබුන වගේ මතකයි
තල පැල ගොල්ලත් තැලුවද ඔහෙලා?
Deleteපුදුම රහක් තියනවා බන් මේකේ. ඉවර කරන්න තියන ලෝබ කමට පුළුවන් තරම් හිමින් කියෙව්වෙ. දැන් මොකෙක් හරි දිග වැඩි කීවොත් පුච්චපන් එකගේ කට අර අන්තිමට ඇදල ගත්ත ගිනි පෙලෙල්ලෙන්.
ReplyDeleteකට පුච්චනව කියන්නෙ කට දෙපැත්තෙං අල්ලල ගිනි පෙනෙල්ල කටට කිට්ටු කරන එක. එතකොට තමයි ළමයි ගිරියටිං ලතෝනි තියන්නෙ
Deleteපොලොස් මාලුව.. කැමතිම දෙයක්.. කොස් පොලොස් තියනවානම් ඕන දෙයක් කන්න පුලුවන් නේද???
ReplyDeleteඅපේ පැත්තේ කොස් පොලොස් තිබුනට පලදාව අඩුයි.. ඒත් මේපාර නම් අර කියුව වගේ මුලේ ඉදලා දල්ල වෙනකල් තියනවා...
කොහොල්ලැ අරින්න අපිනම් ගන්නේ පොල්තෙල්..
Deleteලියවිල්ලත් පොලොස් වගේම රහයි..
පොල්තෙල් වලට වඩා ලාම්පු තෙල් ඉක්මං. මේ ගමන මං හිතන්නෙ ඇස්වහ කටවහ කාරයො ටික ගමේ නැද්ද කොහෙද? අපේ වත්තෙ තව ගහක් තියෙනව. ගෑනු කෙනෙක් කිව්ව "ෂෝක් කොස් ගහ" කියල. දැං ඒකෙ ගෙඩි පැහෙන්න කලිං නරක් වෙනව
Deleteපොල්තෙල් වලට වඩා ලාම්පු තෙල් ඉක්මං. මේ ගමන මං හිතන්නෙ ඇස්වහ කටවහ කාරයො ටික ගමේ නැද්ද කොහෙද? අපේ වත්තෙ තව ගහක් තියෙනව. ගෑනු කෙනෙක් කිව්ව "ෂෝක් කොස් ගහ" කියල. දැං ඒකෙ ගෙඩි පැහෙන්න කලිං නරක් වෙනව
Deleteඑල ද බ්‍රා
ReplyDeleteලියවිල්ල පොලොස් මාළුවා වගේම රහයි
කොහෙද බං 'පොලොස් මාළුවා' ගන්න ඉන්නෙ.
Deleteකණ්නාඩිය ඉස්සරහට ගිහිං බලහං...
Deleteඑතකොට னයෙක්නෙ පේන්නෙ.
Deleteගහපං කණ්නාඩියට ටෝච් එකෙං
Deleteසරම ඔලුවේ ඔතාගෙන කන්නාඩිය ඉස්සරහා හිටගන්නින් ප්‍ර්සෝ
Deleteඊට පස්සෙ කන්නාඩියෙන් අහන්න ඕනද මේ ලෝකෙ ඉන්න ලස්සනම එකා මොකාද කියල. හැක්..
Delete"ලස්සන නං මන්ද කැතම එකානං ඔය ඉන්නෙ හොඩවැල වන වනා" කියල කියයි.
Deleteඔක්කොමත් හරි පොල් ගෙඩ්ඩ ගාල තියෙන්නෙ මුඩ්ඩ ගලවන්නෙ නැතුව නේද? දැං ආපහු යන්න කතාව මැදට. හැක්..
ReplyDeleteනියමයි ශ්‍රංගයො. එහා ගෙදර සුගතෙට වගේ බොලැයි නැන්දට බැරිද අපිටත් බෙදන්න.
මුඩ්ඩ තියෙන බෑය නෙමෙයි අනික් බෑය ගෑවෙ.
Deleteපට්ට යකෝ... ඔය ලියල තියෙන සීන් ඔක්කොම චූටි මැණිකෙ කරන විදිය නේද තියෙන්නෙ?
ReplyDeleteඒ කියන්නෙ බළල ශ්‍රංගය ද??
Deleteමේ ඇත්තම කියතොත් අපෙ අම්මගෙ පොලොස් ඉවිල්ල
Deleteපොලොස් මුලින් තම්බල ගත්තහම එකේ රස අඩුවෙනවා. පොලොස් ගෙඩියෙ කටුවයි මැද වහල්ලයි අයින් කරල පොඩි කෑලිවලට කපල ගත්තහම කෙලින්ම උයන්න පුළුවන්..
ReplyDeleteකහට ගතිය වැඩි ගස්වල පොලොස් මේ ක්‍රමයට හරි නෑ
ඉස්සර මෙහෙ හිටියා එහෙම පොලොස් කෑලි කපල ගේන ඇන්ටි කෙනෙක්.
Deleteඅපි පොලොස් උයන්නෙ මුලින්ම ගෙඩිය පැලුවා.. නහය පොත්ත අයින් කරලා පොඩි කෑලි වලට කපාගත්තා.. මුට්ටියකට දාල පොල් කිරි දැම්මා කෑලි වහගෙන ටිකක් උඩට..මිරිස්,සරක්කු,ලුණු,ගොරක,කරපිංචා,කුරුඳු ඔක්කොම දැම්මා.. මඳ ගින්නෙ ලිපේ තිබ්බා..
ReplyDeleteගොඩක් වෙලාවට රෑට තමයි උයන්න පටන් ගන්නෙ.ලිපට පිල් ලෙලි දෙකක් තුනක් දාලා තිබුනම හරි.රෑ දොට්ට පිලට යන ගමන් තව පොල්ලෙල්ලක් දානවා..
උදේ වෙනකොට රතුම රතුපාට රස වෑහෙන පොලොස් කරියක් සුවඳට සුවඳේ තියෙනවා..
ජයවේවා..!!
එතකොට කිරි කැටි ගැහෙනවනෙ. නැද්ද?
Deleteනෑ නෑ.. කිසි අවුලක් වෙන්නෑ.ඔය මුට්ටිය හැඳිගානෙත් නෑ..කටෙන් අල්ලල හොල්ලනවා විතරයි.
Deleteයාං හෑල්ලට ඇවිත් පොලොස් මාළුවක් කාල ගියා වගේ :D සුදු බත් එක්ක පොලොස්,පොල් සම්බල් එක්ක ලුණු දෙහි කැල්ලක් තිබ්බොත් වෙන මොකුත් ඕන නැහැ ^_^
ReplyDeleteලුනු දෙහි? ඊක් මං කන්නෑ. ඒකට අපේ ගෙදර දාගන්නව ලුනු දෙහි හට්ටියක්. සමහර දවස් වලට ඇලමේනියං පිඟාන හිල්වෙනව ඇඹුලට.
Deleteමම මේ ඇහුවමයි පොලිස් උයන්න කලින් ඔහොම රැයක් තම්බනවා. මම වගේ උයන ඒවගේ පෝෂණ ගුණය ගැන හිතන එකියක්ට එකපාරට හිතුනේ එහෙම තම්බලා වතුර ටික විසිකරාම ඔක්කොම ටික ඒ වතුරත් එක්ක විසිවෙනවා නේද කියල. එක්කෝ පොලොස් හදන තව විදියක් කියල හිත හදාගන්නම්කො.
ReplyDeleteමම නම් ඕකට එනසල්, කරාඹු නැටි, වසාවාසි එහෙම දානවා. සමහර වෙලාවට වෙනස් ටේස්ට් එකට ගම්මිරිස් ටිකකුත්.
මම නම් ඕකට වෙනම ලිපක් තියාගෙන ඉන්නවා. හි හි.. හැබැයි ඉතින් කොන්ද කැඩෙනකල් නැවි නැවී තමයි හැඳිගාන්නේ.
ඔහොම තම්බලා නම් මම පොලොස් මැල්ලුමක් හදනවා.
දැන් මේ පින්තුරේ බාගත කරගෙන, හොද්දට දැම්මම කිදෙනෙක්ට ඇතිවෙන්න පොලොස් කතෑකිද ?
//මම මේ ඇහුවමයි පොලිස් උයන්න කලින් ඔහොම රැයක් තම්බනවා// තව අහන්න ගොඩක් ජාති තියෙනවා වගේ.. හැක්.. පොලොස් ගෙඩිය තම්බල ගත්තම මිටිකිරි දාල එකපාරම උයා ගතහැකි.. ගුණේ මම දන්නේ නෑ රසනම් උපරිමයි.. ඕකට සුදුළුනු බික් ටිකකුත් දාහන්.. කොච්චර කෑවත් බඩට අවුලක් නා එතකොට..
Deleteඅපේ උන්දැත් කොස් පොලොස් උයන්නේ එළියේ ළිපක.. මාසයක් පාවිච්චි කරන ගෑස් එක සුමානෙන් ඉවර වෙනවා නැහ්නන්.. :)
නුවර පැත්තේ උදවිය උදේ පටන් අරන් හවස් වෙනකන් උයනවා.
Deleteමේ නුකුයි කමියි දෙන්න එක්ක "පොලිස්" උයන්න හදන්නෙ මොකද? හිරේ යන්න හිතිලද?
Delete"අඥේ මචඥං ජජ ගෙවඤ්ඤ චල්ලි ඤෑ. මං ඥඥව හිලේ" කිව්ව එකෙක් දවසක්.
අපි නං ඉතිං කැමති ඉදුණ වැල වරකා වලට තමයි අනේ.
ReplyDeleteපොල් කිච්චනි කොටාපියව් ඇට බිම නොදමා.
Deleteගැට පොලොස් වලට තමයි කැමතිම. වැල වරකා අරහං..
ReplyDeleteඅපි වැල වරකා කරලා
Deleteවරකා ගැට පොලොස් කරලා දෙනවා
ආං සහයොගෙං කරගන්නවනං දෙන්න එක්ක බිස්නස් එක
Deleteගැට පොලොස් වලට තමයි කැමතිම. වැල වරකා අරහං..
ReplyDeleteනවක වදේ කාලේ පුරුදු වෙච්ච කෑමක්ද :)
Deleteඅජිත් මහත්තයා,
Deleteනවක වදේ දෙන්නෙ ගැටපොලොස් වලට. රැයක් එලිවෙනකං තම්බනව කියන එකත් සුළුපටු දෙයක්ද?
කුඩු පොලොස් උයන හැටි දන්නවද ? වංගෙඩියේ දා කොටලා හදන පොඩිම පොලොස් කාලේ??
ReplyDeleteකුඩු පොළොස්
Deleteඇඹුල් පොළොස්
පෙති පොළොස්
මැල්ලුම් පොළොස්
කිරි කොස්
තම්බපු කොස්
අන්න එහෙමයි ප්‍රොටෝකෝල් එකේ තියෙන්නේ.. :)
අනේ මන්ද? අපේ ඔපිස් එකේ අයිය කෙනෙක් ගැට පොලහට ඩිංගක් විසාල පොලොස් ඇරං යනව. "කොටන්න" කියල
Deleteයකෝ මේ පොලොස් ගහට ඇස් වහ කට වහ වදියි. මිරිස් ටිකක් පුච්චහන් තුන්මංහංදියේ හෙට පාන්දර ජාමේ...
ReplyDeleteමම ආසම අපේ අම්ම හදන පොළොස් මාළුවට...
ReplyDeleteඅපේ පැතිවල තියෙන පොලොස් ඉව්වම රතු වෙන්නේ නැහැ, දුඹුරු පාට හොදි ගෑවිලා නිසා ලා දුඹුරු පාටක් තියෙන්නේ...
කොළඹ කඩෙන් ගන්න පොලොස් වල රතු පාට තියෙනවා, ඒවා මෙලෝ රහක් නැහැ මටනම්...
අපේ ගෙදර කරන්නේ පොලොස් ගෙඩියේ වහල්ල කපල අහක් කරලා ඊට පස්සේ කෑලි කපා ගන්න එක...
මැටි හට්ටියේ දාල දර ලිපේ හදන්න ඕනේ, හොඳට මිටි කිරි දාල...
පට්ට රහයි...
සබර දර යාරෙයක්වත් යනවනෙ ලොක්කයියෙ එක හට්ටියකට
Deleteපොලොස්, සුපිරි රහ කෑමක්. කුඩු පොලොස් මාලුවත් එහෙමයි.
ReplyDeleteතෝත් එක්ක මං තරහයි.
Deleteඒ මොකෝ අපේ නඟත් එක්ක තරහ වෙලා ඉන්නෙ?
Deleteපොලොස් මාළුව... එත් අප්පා දැන් ඉන්න පොෂ් අක්කලා නංගිලා ඔය ලියලා තියෙන විදිහට දර ලිපේ තුනපහ අඹරගෙන උයාවිද? කොහොම වුනත් අපි නම් පොලොස් කෑලිවල රෝස පැහැය රැක ගන්න කරාබු ගහේ දළු චුට්ටක් දාලා උයනවා. ඒ වගේම පොල් ගෙඩියක විතර කිරි අමු පොලොක් කැබලිවල ඉස් වැහෙන්න දාලා අර කිව් පහේ වර්ග එකතු කරලා රැයක් පුරා දර ලිපක මද ගින්දරෙන් තැම්බෙන්න හරිනවා. අදත් ලියවිල්ල මාරම රහයි.
ReplyDeleteසුජී,
Deleteඊයෙ කොස් තම්බලා අර රෙසිපියට කොත්තුවක් දාන්න හැදුවෙ. අපේ ගෙදර මාංස ගේන්නෑනෙ. මාලු තියෙන්නෙ ටිකිරිගෙ එව්ව විතරයි. එව්ව අපිට දෙන්නෑ එයා. ගියසතියෙ පොලේ ලීස් තිවුනෙ නෑ. ඒකෙං හදන්න බැරිවුනා
මාර රහයි සුරංගයෝ...පොලොස් මාථව නෙමේ ලියවිල්ල ...ලියවිල්ල
ReplyDeleteආ.. මේ ලියවිල්ල උඩටත් හොඳි බිංදුවක් වැටෙන්නැති.
Deleteඅපේ කොස් කෑම....
ReplyDeleteමේ කාලෙකට කලින් මං එකතු කරපු කොස් රෙසිපි සෙට් එකක්... හි හි....
මොකද්ද නෝනා මේව මුරපද දාලා සුරකින්නෙ. බලන්න බෑනේ
Deleteවෙනද වගේම සුපිරි ලියවිල්ලක්, ජයවේවා..!
ReplyDeleteමිරිස් ලොවකට ලබන්නට බැරි ජයක් කොතනකදෝ්ඕඕඕ
Deleteකොස් කිරනවා වගේ රහක් දැණුනා කියවගෙන යනකොට.
ReplyDeleteපොළොස් තම්බනකොට කන හුනු පොඩ්ඩක් දානවා. උඹට අමතකවුනාද නැත්නම් ඔය පැත්තේ දාන්නේ නැද්ද දන්නේ නැහැ පොඩි ගොරක කෑල්ලක් ඇඹුල ගන්න.
බත් වෙනුවට කොස් කන්නම වෙච්ච ලමා කාලයක් තිබුනා එක් කාලයකදි.
ආතර් වී දියෙස් මයා නිසා වෙන්න ඇති දැන් තියෙන කොස්ගස් ටික ගෙඩි දෙන ගස් වෙලා තියෙන්නේ. ඔහු බොහෝ වැඩ කොටසක් කෙරූ කෙනෙක්. ඔහුගේ ගෝලයෙක් මගේ මියගිය මාමන්ඩිගේ මිත්‍රයෙක්. ඒ පුද්ගලයා කොස් ගහේ වටිනාකම ගැන අතින් ලියා පෝස්ට්කාර්ඩ් යවලා තියෙනවා ගෙවල්වලට. කොස් පැල බෙදලා තියෙනවා රට වටේ. ඔහුත් කාලෙකට පෙර මිය ගියා. මගේ වයිෆ් එයාට කිව්වේ තාත්තගේ කොස් අන්කල් කියලා.
කොස් ගහ කියන්නෙ ඇත්තටම වටින ගහක්. අපේ මිනිස්සු ඒකෙං බඩ පුරවාගන්න දන්නෙ නෑ. කොටිම්ම කියතොත් අපේ අයට කොස් ගහක් දැක්කම මැවෙන්නෙ ආහාරයක් නෙවෙයි ගෘහ භාණ්ඩ, ජනෙල් දොරවල්
Delete//නිකං ඇඟ හෝදගන්න වතුර ඩිංගක් ලිපෙං තිබ්බත් ගෑනු අය පුරුද්දට වගේ ඒකටත් ලුණුයි, මිරිසුයි, කරපිංචයි දානවනෙ. //මෙන්න මෙව්වයේ කෑලි වලින් තමයි පොලොස් කතාව නැගලම යන්නේ. උඹ හොඳයි චිත්‍රපටි තිර රචනා ලියන්න. නියමයි. රහයි
ReplyDeleteතිලකෙ මහත්තයා, ඒකට ඉන්නෙ අපේ මාමණ්ඩි. මිනිහත් චිත්තරපටිවල සාය අධ්‍යක්ෂක කෙනෙක්නෙ. එයා තිර පිටපත් ලියන්නෙ පාන්දර හතරට ඉතර නැකිටලා. එයා ලියපු තිර පිටපත් එකට මැහුවනං විසාල තිරයක් හදාගන්න තිවුන තමා.
Deleteඇ බන් ශ්‍රන්ගයෝ..!! මොකෝ උබෙ ඉරයිටින් ඉස්ටයිල් එක මාරු කොරල? අවුලක් නැහැ. කනේ වැලි ගෑවෙන්ටම ලියල හොඳේ. ජය වේවා..!!
ReplyDeleteමේ ටික්කෝ ස්ලීප් කිලිං ඉස්ටයිල්. ඇට පාන්දරනෙ ලිව්වෙ.
Deleteඅපේ අම්ම පොලොස් උයන්නේ Pressure Cooker එකේ පොලොස් කෑලි ටික තම්බල අරන්(අපිට ඉතින් දර ලිප් නෑ නේ. ගෑස් එක පිරිමහන්න එපැයි). කුකුල් මස් පරාදයි පොලොස් වලට. මන් ආසම කෑම...
ReplyDeleteදර ලිප් නෑ? අඩේ කඩේ තීනව. රුපියල් තුන්සිය ගානක් ඩබොල් ලිප.
Delete//පාංකාරයාට පාං මාමා, මාළුකාරයාට මාළු මාමා ආදී වශයෙන් කියා පුරුදු //
ReplyDeleteමේක දැක්කම මේකත් මතක් වුණා
ඈ බොල කොලුවෝ මේ නගරේ ඉන්න එවුන්ට දරලිප්, දරකෑලි, හැලි වලං...
මේක ගමේ එවුන්ට හරියන ලිවිල්ලක්. මට මතක් වුණේ අපේ ආචාම්මලාගේ ගෙදර කුස්සිය.
ඒ මදිවට පොලෙස් හොයන්නේ කොහෙන්ද
Deleteබොලාට කුරියක් එකේ එවන්නං. ගෙවල ගන්න බැරියැ.
Deleteකම්මුල් දිගේ කඳුලු වැල් රූරා බහිද්දි මේ ලියන්නේ.
ReplyDeleteහිනාවෙලා යකෝ. මම මෙහෙම රෙසිපියක් දැකලවත් නෑ බොල. හයියෙං හිනාවෙන්න බෑ මේ එහා පැත්තෙ ඉඳං ප්‍රශ්ණපත්තර බලන උත්තමාවි උදහස් වෙන නිසා.
මේ කමෙන්ට් එක කොටන්නෙ උඹ මිරිස් බදින අතරේ. ඒ මොකද ඊට එහාට කියවන්න ගියානං බොල හුස්ම හිර වෙලා මට මොකක් හරි වෙනවා.
ඇයටත් කියවන්න දෙන්ට. ආයි මෙතන අභ්‍යාස දේවල් මොකක්කත් නෑනෙ.
Delete//දැං කොස් ගහ දිරල, වේයො කාල ගහ තිවිච්ච තැනක්වත් නෑ. හැබැයි තාම නඩුව තියෙනව.// එළ
ReplyDeleteදැං නඩුවට එන්නෙ පෙරකදෝරු මහත්තයගෙ පුතා. අලුත් පෙරකදෝරු මහත්තයා.
Deleteමට මේ වගේ ලස්සන ළමාකාලයක් තිබුනා.. ඉතිO පොළොස් මට රසට දැනුනා... :)
ReplyDeleteමක් වෙනවද ඒ තරම් (පොහොසත්) කුස්සියක් modern mansion වල ඉන්න අයට.. වෙනසක් නෑ රස රසමයී මේ පොළොස ගාන සැරවුනාට පාඩු නෑ ගත්තත් Ksuper ගාණට .....
ස්තූති හිත පිරෙන මේ ඉස්තරම් ලිවිල්ලට :)
මේකත් නිසඳැසක්ද එරන්දි? නෑ මේ තිත් ගාන එකට වැඩි හිංද ඇහුවෙ
Deleteකොහොම උනත් කමක් නැනේ :) මට හිතුන විදිහට ලිව්වේ ?
Deleteඅපේ පැත්තෙ නං පොළොස් තම්බල ඉව්වෙ නෑ.සුද්ද කරලා කපල දවසක් විතර මඳ ගින්නෙ උයාගත්තා.
ReplyDeleteමේං මේක අපේ බලශක්ති අමාත්‍යංශයෙං කියයි.
Delete"රටේ ගෑස් භාවිතය වැඩිව තිබෙන්නේ ගැටපොලොස් තැම්බිල්ල වැඩි හිංදයි. වහාම ගැටපොලොස් කැඩීම, තැම්බීම, හොදි හැඳීම තහනම්" කියලා. ඇයි බැලුවං හැමෝම දවසක්ම තම්බලනෙ.
:D:D
ReplyDeleteමේක කියවද්දි අපේ ආච්චි පොලොස් උයපු හැටි මතක් වුනා.හැබැය් එයත් පොලොස් තැම්බුවෙනම් නෑ,හුණු නම් එයත් පාවිච්චි කලා.
ReplyDeleteඅනේ පට්ට ලියමන. හිනා වෙලා මැරෙනව කියවල ඉවරවෙද්දි. මටනං පොලොස් මාලුවට වඩා ලියමන රහයි. ජාති ඈ
ReplyDeletesupiri liyamana . . marenna hinaa kiyawaddee . . .
ReplyDeleteaaye polos kanna doladukakuth aawa kiyahankooo
ලංකාවෙන් පිට ඉන්න අපිට පොළොස් ගස් වලින් කඩන්ඩ, කොස් ගස් නෑනි. අර සැමන් ටින් තියෙනව වගේ පොළොස් තියෙනව ටින් කරල. ඒව ඉතින් උයන්නෙ පිටිකල පොල්කිරි දාලා. සුරංගලා අම්මට ගහ දිහා බලලා, ගෙඩිය දිහා බලලා ටක්කෙටම කියන්න පුළුවන් වගේ මටත් ටින් එක දිහා බලලා කියන්න පුළුවන් කොයි එකේ ඒවද පොළොස් ඇඹුලට හොද කියලා. සමහර ටින් වල තියෙන ඒවා ඉව්වම කොස් කනව වගේ.
ReplyDeleteපොලොස් කාල තෝ මළාද බොල.
ReplyDeleteකෝ යාංස්...