Follow by Email

Saturday, April 9, 2016

උංචිල්ලාව

අද අප්ප්‍රේල් නව වැනිදා. හරිනං මේ කාලෙට හැමදාම හවසට වහින්න ඕනාය. දැං වහින්නේ මං ඔපීසියට යද්දී කුඩේ ගෙනිච්චේ නැතොත් විතරය. ඒ වගේම අප්‍රේල් මාසේ මේ වනවිට කොහා කෑ ගහන්න ඕනාය. කොහාට ගිය අවුරුද්දෙ කෑ ගැහූ එකටවත් තාම වවුචරේ ගෙවා නැතුවාද කොහෙද ඌ කෑ ගහන්නේත් නැතිය. සමහර විට මේ ගමන නගර සභාව හෝ ප්‍රාදේශීය සභාව ගානේ පීකර් බැඳපු වාහන කීපයක් ගම්වලට යවා කොහෝ නද පතුරවන්න වෙනවා ඇත. සතිඤ්ඤා නං පත්තු වෙනවා ඇසේ. ඒත් ඇහෙන්නේ මුස්ලිම් මිනිස්සුංගෙ ගෙවල් පැත්තෙංය. ටවුමේ හරි හමං සේල් තට්ටු ටිකක්වත් නැතුවා වගේය.


ඔය විදිහට මේ දවස් වෙනකොට වෙන්න ඕනෑ තවත් දෙයක් වන්නේ උංචිල්ලා බැඳීමය. ටීවියෙකේ, රේඩිවේකේ, පත්තරවල ආදියේ මේකට ඔන්චිල්ලාකියා ගාම්භීර ලෙස කියතත් සඤ්ඤක නැති මයියොක්කා වගේ අපේ ගමට නම් මේක උංචිල්ලාවය.


ඔංචිල්ලා වර්ග ගනනාවක් තියෙනවාලු. වැල් ඔංචිල්ලා, කතුරු ඔංචිල්ලා ආදී ලෙස මේවා වර්ග කරන බව එක දවසක් අවුරුද්දට ටීවියෙකේ තිවිච්චි සාකච්චාවක කිව්වා මට මතකයි. උංචිල්ලාවල හැටි සොබාවත්, ඒවාට ආවේනික ලක්ෂණත් තවත් ඕනෑ පදං ඒ ගැන විස්තරත් මුලින්ම ඔන්චිල්ලාවක් බැන්ද කෙනාටත් වැඩිය හොඳට සාර සුබාවට විස්තර කරන්නට ඔය අවුරුදු දාට ටීවියෙකේ අවුරුදු උත්සව වල විධ්වථ් ඛථිඛාවලට එන ආචාර්ය, මහාචාර්යවරු දනී. ඒ අය දැනටමත් ඕවාට අවශ්‍ය බේගල් ගොතමින්, එව්වා එකිනෙකට හගිස්සවන්න බැරි විදිහට ආටෝපවත් කරමින් ඉන්නවා ඇත. නැත්තං මේ නිවේදකයන්ට ඇසිය යුතු ප්‍රශ්ණ පාඩං කරවමින් ඉන්නවා ඇත.


වැල් ඔංචිල්ලා, කතුරු ඔංචිල්ලා ආදිය දැක නැති අය එව්වා පෙන්නන්න කියා තමුංගේ ළමයිං වහනවල පටවාගෙන ගංවලට යන්න හිතං ඉන්නවනං අපේ ගමටනං යන්න එපාය. ඇත්තම කියතොත් මගේ ජීවිතේටමත් හැබැහිං දැක ඇත්තේත් කතුරු ඔංචිල්ලා දෙකකි. එව්වාත් මට යංතං අවුරුදු හතරෙ පහේ කාලෙදිය. ඒ හංදා ඔය වයිවාරන්න උංචිල්ලා බලනවනං හොදම තැන ටීවියෙක තමයි. වැල් ඔංචිල්ලා ගැන බැලුවොත් කැලේ තියෙන මදුවැල්, පෝටවැල්, වේවැල්, පුස්වැල් ආදී මොකකිං හෝ වැලකිං බැදපු මොකක්ම හෝ වැල් ඔංචිල්ලාවක් කියා එකක් තිවුනොත් ඒක වැඩි වෙලා යන්න කලිං ලීයටම මැදිලා ගෙවිලා පදින එකාව හොස්ස කට තලාගෙන පස්සත් බිම ඇනගන්නා විදිහට කැඩී යනවා සිකුරුය. .


ඉස්කෝලෙ යන ලමයින්ට අප්‍රේල් නිවාඩුව ලැබෙන්නේ දෙමව්පියන්ට හෝ වෙනයම් කෙනෙක්ට කියා උංචිල්ලාවක් බන්දවා ගන්නටය. අපේ ගමේ ළමයින් ඉන්නා ගෙවල් කොයිකෙත් උංචිල්ලාවක් නොබැඳ ඒ ගෙදර වසනවා බොරුය. දවස් ගානක් හොරනෑව පිඹීමෙංද, අම්මලා එක්ක ගුස්ති ඇල්ලීමෙං හා උන්දැලාව කොනිත්තීමෙන්ද, කනිපින්දං කීමෙන්ද, බත් නොකා ඉඳීමෙන්ද, අම්මලාගේ ලය උණුකරවාගෙන ඒ අය ලවා තාත්තලාට කියවලා උංචිල්ලාවක් බන්දවා ගන්නට වෙනමම කුසලතාවක් අපේ ගම්වල දරුවෝ උප්පැත්තියෙංම ගෙනැත් ඇත. ගුටිදීමෙන්, බැනිල්ලෙන්, කං අනික් පැත්තට කරකැවීමෙන් හෝ උංගේ කටවල් වහනවා බොරුය.


ටීවියෙකේ පෙන්වන ඔංචිල්ලාවන් බැදලා තියෙන්නේ විසාල ගහක නැගියත් දෙකක් විතර උසිං හැදිලා පොලවට සමාන්තරව සෑහෙන දුරක් ගිය අත්තකය. ඒ ගහ අහලක වෙනයම් කිසිම ගහක් කොලක් නැත. ඒ වුනාට ඒ වගේ ගස් තමුංගේ ගෙදර වත්තේ තියෙන වාසනාවන්ත ළමයිං ඉන්නේ බොහොම අඩුවෙංය. අපේ ගෙවතුවල පෙලක් ගස්වල අතු තිබුනත් එව්වා පොලවට සමාන්තර නැත. ඒ අතු ගහෙං පිටට ඇවිල්ලා තියෙන්නේ උඩ බලා යන්නය. ඒවායේ උංචිල්ලා බැංදොත් වෙන්නේ ගහ වටේ කැරකෙන්න හෝ ගහේ හැපෙන්නය. හරි හමං අත්තක් තියෙන ගහක් හොයාගත්තත් එව්වා වටේටම බාදාවල්ය. අපේ ගෙදර ආතගහේ උංචිල්ලාව බැංදොත් වේගෙ වැඩිවෙච්චි ගමං කොන්ද වදින්නේ පොල් ගහේය. මායිමේ කොස් ගහේ උංචිල්ලාව බැන්දොත් ගුන්තිලක මාමාගේ කම්බි වැටේ ඇමිනිලා ඉන්න පුලුවන. ඔය විදිහට මොනයම්ම හෝ බාදාවක් තියෙන්නේය. ඒ හංදා ඉඩ ඇති තැනක උංචිල්ලාව බදින්න ඕනෑය. අපේ ගෙදර ඒකට ගැලපෙන පලවැනි තැන කරාබු ගස් දෙකය. කරාබු ගස් දෙකේ එක සමාන උසිං හරහට බැඳ ගන්නා උණලීයක මගේ උංචිල්ලාව ගැට ගැසේකාලයක් ගිහිං එක කරාබු ගහක් මැරුනාට පස්සේ උංචිල්ලාව එතැනිං  තැඹිලි ගස් දෙකට මාරු වුනි. අඩි දොලහකට වඩා උස නැති එක ළඟ තියෙන තැඹිලි ගස් දෙක මේ වැඩේට අපූරුය. ගඟ අද්දරින් කපාගෙන එන අලුත් උණ ලීය ගස් දෙකේම පොල් අත්තක් කඳට හයිවෙන තැන කරුවට තියලා ලනුවකිං තදට ගැටගැහුවාම හරස් අතට තියෙන අත්ත වෙනුවට ගන්න පුලුවන. 
අපේ ගෙදර සහ මගේ උංචිල්ලාව


අපේ ගෙදර ඔය විදිහට උංචිල්ලා බඳින්න තැඹිලි ගස් තිවුනත් අනික් ගෙවල්වල එහෙමටවත් තැනක් නැත. ඒ වගේ ගෙවල්වල පුවක් කොටං වලින් කතිර දෙකක් හිටෝලා ඒවායේ හරහට උණලීයක් දමා හදාගන්න ඕනෑය. අපේ දැතිහුලහ නැංදගේ ගෙදර ළමයින්ට හදාදෙන්නේ ඒ වගේ ඒවාය. පොඩි එවුං දෙන්නාට උංචිල්ලාවේ උස අඩි අටක් විතර වෙන්න ඕනෑ හිංදා කතිර දෙකටත් මාමා අඩි අටක් උසට පුවක් කොට හතරක් කපාගෙන එන්නේය. එව්වා පොලවේ අඩියකට වඩා යටට හිටවන්න ඕනෑය. එතකොට ඉතුරු අඩි හතකටත් අඩුවෙනි. කතිරේ හැදෙන්න කණු දෙක ඇලේට හිටෝන හිංදා තවත් ටිකක් උස අඩු වෙන්නේය. පුවක් කොට දෙක කතිර වැටෙන තැන තියෙන්නේ මුදුනට තවත් අඩි බාගයක්වත් පහලින්ය. අන්තිමට හරස් උණලීය එන්නේ පොලවෙ ඉඳං යංතං අඩි හයටත් අඩු උසින්ය. උංචිල්ලාව පැදලා නැගිටිනකොට ඔලුව හරස් උණගහේ වදින ඒ උංචිල්ලාව පැදිල්ලට වඩා ඔරලෝසු බට්ටෙක් පැදිල්ල ලෙහෙසි වන්නට පුළුවන.

දැතිහුලස් නිවසේ උංචිල්ලාව


ඔය හරස් ලීය බැන්දායිං පස්සේ තියෙන්නේ ලණුවක් දමා උංචිල්ලාව බැඳීමය. ඒකත් ලේසිවට කරන්න පුලුවං වැඩක් නෙවෙයි. ලණුව උණලීය වටේ තොණ්ඩුවක් විදිහට බුරුලට ගැටගැහුවොත් උංචිල්ලාව පදිද්දී උණ ලීය වටේ ලණුව ඇතිල්ලිලා ගෙවිලා ගිහිං කැඩෙන්න පුලුවන. ඒ හංදා උණලීයට පරන පුබ්බයිසිකල් ටෑර් දෙකක් වලලු විදිහට දාලා ඒකට ලනුව ගැටගහන්න ඕනෑය. ඒත් එහෙම ටෑර් හැමෝටම නැති හංදා ලේසිම ක්‍රමේ ලණුවේ දෙකොන උණලීය වටේ ලිස්සන්නෙ නැති වෙන්නම තදට ගැට ගැහිල්ලය.



උංචිල්ලා බඳින්න ගන්නේ කොහු කඹයක්ය. අපේ ගෙදර උංචිල්ලා බඳින්නේ දුමේ තියෙන පරණ කඹයකිනි. සමහර ගෙවල්වල නයිලෝං ලණුවලිංද උංචිල්ලා බඳී. වසන්තලෑ ගෙදර විමලසේන මාමා ගස් කපන හිංදා එයා ගාව ඕනැ හැටියේ කඹ තිබේ. එයාගෙං පරණ කඹෙයක් ඉල්ලා ගන්නත් පුලුවන. නැත්තං හොඳ කඹෙයක් “පස්සෙ ගෙනැත් දෙන්නං” කියා ඉල්ලා ගන්නත් පුලුවන. හැබැයි මේ ඔක්කෝටම වඩා අපූරු ජාතියක් එක කාලෙකදී අපේ ගමට කඩා පාත් විය. ඒ ‘ගාමන්ට් පටි’ කියන රෙදි පටි ජාතියයි. අපේ ගමේ ‘පෙජෙට්ටෙක’ හිංදා ‘බෝරවෑර්’ වසංගතේ පටං ගත්තා වගේම මේ කියන ‘ගාමන්ට් පටි’ කියන යකාටවත් කඩන්න බැරි තරං හයිය රෙදි පටි වර්ගෙත් රෙදි වැල් බඳින්න, වරිච්චි බිත්තිවලට මැටිපා බඳින්න, ගෝනි ගැට ගහන්න, වැටවල් බඳින්න වගේම උංචිල්ලා බඳින්නත් යොදාගත්තා.



ගෙවල්වල ළමයින්ට වගේම ගමේ රැකියා විරහිත අතපයධාරී (ආච්චම්මා කියන විදිහට අතපය හතර තියං වැඩප්පලක් නොකරන) තරුණ පරම්පරාවත් පොදු තැනක විසාල උංචිල්ලාවක් බැඳගනී. පහලවත්තේ කලුමහත්තෙයාගෙ වත්ත කොනක මේ ආකාරයේ හත් අට දෙනෙක්ගෙ උසට උංචිල්ලාවක් බැඳේ. කරේ කඹයක් නැතිව හිටි ගමන් අනුංගේ කුඹුරුවලට කඩා පනින උංකුං මහත්තයාගේ හරක් නඩය ගමට දැනුං දෙන්නේ ඒ ආකාරයේ විසාල උංචිල්ලාවක් ගමේ කොහේ හෝ බැඳ ඇති බවයි. ඔය විසාල උංචිල්ලාව පදින්නේ ලොකු කොල්ලන් හා වැඩිහිටි පිරිමි අය විතරකි.


උංචිල්ලාව බැන්දාට ඒකේ ඉඳගන්න ආසනයකුත් හරිහමං තියෙන්න ඕනෑය. නැත්තං කඹේට පස්ස කැපෙන්න පුලුවන. ඒ හංදා අඩියක් ඉතර දිග පොල් පිති කෑල්ලක් ගෙන, කඹේ දෙපොට හිරවෙන්න දෙකොනේ කට්ට දෙකක් කපා උංචිල්ලාවේ ඉඳගන්නා කොටසට තියා ගන්න ඕනෑය. සමහරු ලේසිවට නිදාගන්නා කොට්ටය ගෙනත් ලණුවට තියා ඉඳගත්තත් උංචිල්ලාව පාත් උනොත් කොට්ටේ දෙකොන බිම ගැවෙන්ට පුලුවන. ලණු දෙපොට දාපු උංචිල්ලා වලට දෙකොනේ කට්ට දෙක ගානෙ කපාපු පලල ලැල්ලක්ද තියන්ට පුලුවනි.


ටීවියෙකේ පෙන්නන ආකාරයට නං උංචිල්ලාව පදින්නේ රෙද්ද හැට්ටෙ ඇඳ, පෙති පහේ මලක් කනේ ගසාගත් හිකි හිකි ගා හිනැහෙන ගෑනු ලමයි ඉතරය. ඒවායේ එක්කෙනෙක් ඉඳගත් විට තව දෙන්නෙක් තල්ලු කරන්නටත් තවත් රෑනක් උංචිලි වාරං කවි කියන්නටත් ඉඳී. ඉතිං උංචිල්ලාවේ ඉඳගත් ගෑනු ලමයාට ඇත්තේ හීල් හුලං වැදි වැදී පැද්දෙන්නට පමනි.


නමුත් අපේ උංචිල්ලා පැදිල්ල මෙයිට වඩා අසරණ, පණයන සහ අම්මලාට ත්‍රාසජනක ක්‍රමයකි. දෙතුන් දෙනෙක් හිටියොත් එක්කෙනාට වාර දහයක් හෝ පහලොවක් ලැබේ. ඊළඟට අනික් කෙනාටය. අපිට උංචිලි වාරං කියන්නට තබා තල්ලුවක් දම්මවා ගන්ටවත් එකෙක් හොයාගන්න අමාරුය. හැබැයි උංචිල්ලාව දෙපැත්තට පැද්දෙන වාර ගනන ගනං කර පදින එකාගේ වාර ගනන අවසන් වෙනවත් එක්කම උංචිල්ලාවේ එල්ලීගෙන හෝ නවත්තා ඌව බිමට ඇද දමන්නට නම් සෑහෙන පොදියක් අහල පහල හිඳී. ඒ හංදා උංචිල්ලාව තමුං විසින්ම පැදගන්නට දැනගත යුතුය. ඒ ක්‍රමය ‘පැදුං ගැනීම’ කියා හැඳින්වේ. බයිසිකල් පදින්න පුරුදු වෙන හැටි ලියන්න බැරුවා වගේම ‘පැදුං ගැනිල්ලත්’ ලියා පැහැදිලි කරන්න අමාරුය. හිටගෙන පැදීමෙන් ඉක්මනින්ම උංචිල්ලාව උපරිම වේගයට සහ උපරිම උසට ගන්න පුලුවන. ඒ එක්කම උංචිල්ලාගේ ඉඳගෙන පැදුං ගැනීමෙන් ඒ වේගය රඳවා ගන්නට පුලුවන.  ඒ හංදා උංචිල්ලා පැදිල්ල සැප පහසු වැඩක් නොවන අතර ඉහිං කනිං දාඩිය පෙරන වැඩකි. උංචිලි පදින වෙලාවට කියන්න ‘උංචිලි වාරම්’ කියා කවි තිබෙන බවට කියතත් කවි කියන්නට ගියොත් උංචිලි පදින එකාට හුස්ම හිරවෙනවා ඇත. ඉස්කෝලේ රැස්වීමෙදිවත් කවියක් කියන්න ඉදිරිපත් නොවන අපි උංචිලි පැදීමෙන් මිසක කවි කීමෙන් සතුටක් ලබන විදිහ නොදනිමු. කවි කියා සතුටුවන පොඩි ලමයින් කලාතුරකින් ටෙලිනාට්ටිවල දකින්න පුලුවන. ඒ උනත් අපේ ආච්චම්මා පුංචම්මාගේ ළමයාට කියා දුන් පද දෙකේ උංචිලි වාරමක් මට මතක ඇත.


“උංචිල්ලාවට දෙන්න නැගිච්චෝ
දෙන්නගෙ කෝලම කඩා හැලිච්චෝ”


එකෙක් උංචිල්ලා ලැල්ලේ ඉඳගෙන හිටිද්දී අනික් කෙනා ලැල්ලේ දෙකොනිං කකුල් දෙක තියා හිටගෙන පැදිල්ල ත්‍රාසජනක ‘ඩබොල් දමා පැදිල්ල’යි. මෙතැනදී ඉඳගෙන ඉන්නා කෙනාට මහන්සියක් නැත. හිටං ඉන්න කෙනාට හොඳ ගනංය. ඒ වගේම වැඩිහිටියෙක් දුටුවොත් “තොපි බෙල්ල කඩාගන්න දඟලනවද“ යනුවෙන් දිරිගන්වන වදන්ද ලැබේ.


වැඩිමහල් ගෑනු ලමයි උංචිල්ලාවක් පදින්නට එන්නේ කලාතුරකිනි. එන්නේම නැති තරම්ය. ආවත් තමුංගේ කකුල් දෙක දික්වෙන දිහාව කෙලිං කිසිම මනුස්ස පුලුටක් ඉන්න දෙන්නේ නැත. ඒ හංදා පොඩි ළමයින්ට උංචිල්ලාවේ අයිතිය නිතැතින්ම අයිතිවේ. සමහර වෙලාවට ඇට්ටර ලමයි අපේ ගෙවල් වලට ආ විට උංචිල්ලාව නිසා අපට කරදරද ඇතිවේ. ඒ ළමයි පලමුව තමුංගේ මවගේ මූණ කොනහමින් “කුහුක් කුහුක්” ගා බොරුවට අඬන්නටත් රහසිං මොනවද කියන්නත් පටං ගනී. එවිට උංගේ අම්මා


“කට වහං ඉදහං පිට තැංඔල ආවං ඉන්න හැටි කියල තියෙනව නේද”


කියා තමුංගේ ළමයාගේ කට මිරිකයි. ආං එතකොට ළමයා මරහඩ දී අඬයි. මේ වෙලාවට අපෙ අම්මා එතැන්ට ඇවිත්


“මොකද නංගියෙ ළමය අඬන්නෙ”


කියා අසයි.


“මුට මේ උංචිල්ලා පද්දන්නලු අක්කෙ. කියන්දේ අහන්නෑනෙ ඇට්ටර කම”


එතකොට මට මහජන සම්පත  ඇදේ. අම්මා මට අණ දෙයි.


“ළමෙයො. මේ දරුවව ඩිංගක් පද්දහං උංචිල්ලාවෙ.”


“මච බෑ.”


මං විරෝධය පළකරමි.


“ඕන්නෑ අක්කෙ. කරදර කරන්නෙ මොටදැ. මේ අපේ එකාගෙ ඇට්ටර කමනෙ”


ඒ අම්මා තමුංගෙ ඇට්ටර ළමයා පිට වරද පටවයි. අපෙ අම්මා එව්වා අහන්නේ නැත


“බැයිද? හා හිටහං තාත්ත ආවහං මං ඕක ගලෝල දම්මන්න”


අම්මා මට කඩා පනී.


“නෑ නෑ පද්දනව. යං යං”


ඉතිං මට ඇට්ටරයාව උංචිල්ලාවේ පද්දන්නට සිද්ද වෙයි. තල්ලු කිරීම නැවැත්තුවොත් ඌ මරහඩ තලන්න හදන බැවිං නොනවත්වාම තල්ලු කරන්නට වෙයි. උණ ලීය ජරබර ගානා සද්දෙ උංචිල්ලාව කඩා වැටෙන්න යන සද්දය බවට කියා රවට්ටන්න හැදුවත්, හයියෙංම තල්ලු කරලා බයකරන්න හැදුවත්, ඇදේට තල්ලු කරලා කැරකැවෙන්න ඇරියත් උගෙං ගැලවෙන්න බැරිය. සිය ඇට්ටර ළමයාගෙං ගැලවුනු හිංදා උන්ගේ අම්මාද නිදහසේ වැල් වටාරං දොඩවනවා මිසක යන්නට වගේ වගක් නැත. අන්තිමට මගේ පණ බාගෙට හිඳෙන විට උං යන්නට යන්නේ ‘ආයිත් දවසක එන්නං’ කියාගෙනය.


මෙදා ගමනත් ටීවියෙකේ අවුරුද උස්සවේදී “විධ්වථුන්” මෙසේ කියා සිටිනු ඇත.


“ගසන්ත මහත්යෝ ඔය ඔංචිල්ලාව කියන්නෙ අපේ ශිෂ්ටාචාරයෙ මුදුං මුල. ඔංචිල්ලාවෙ කඹේ කියන්නෙ නිකංම කොහු කඹයක් නෙවෙයි. ඔය ලණු දෙපොටිං සංකේතවත් කරන්නෙ මව් පිය දෙන්නා. ඔංචිල්ලාවෙ ඉඳගන්න ලැල්ල කියන්නෙ ඒ දෙදෙනගෙ එකතු වීම. ආං එතනින් තමයි ඔංචිල්ලාව පදින දරුවා බිහිවන්නෙ. ඒකෙං මේ මුලුමහත් සමාජෙට දෙන ඒ උතුම් ආදර්ශෙ මොකද්ද ගසන්ත මහත්යෝ? ඒ... තමයි.. දෙ....මව්පිය දෙන්නා නැතුව.... දරුවෙක් නැත. ඒක හංදා උංචිල්ලාව කියන්නේ අපේ පවුල. පවුල කියන්නෙ අපේ රට. ඒ කියන්නෙ අපේ මේ උතුම් මාතෘබූමියම මේ ඔංචිල්ලාව ඇතුලෙ තියෙනව ගසන්ත මහත්තයෝ.”


මෙව්වා අහලා ඔලුව කුරුවල් කරගන්නේ නැතුව ඒ වෙලාවේ උංචිල්ලාවක් පදින්න කියා ඉල්ලා සිටිමි.



92 comments:

  1. ඇයි බං ඔය උංචිල්ලාව දෙන්නෙක් එක්ක දෙපැත්තට හිටගෙනත් පදිනව. ඒ කියන්නෙ මූනෙං මූන බලාගෙන. දවසක් අපේ ගෙදර බැඳපු උංචිල්ලාව කඩාගෙන වැටුනෙ පැදපු අක්කල දෙන්නත් එක්කමයි. මට හෙනම ජොලි. ඇයි මුං මා එක්ක රන්ඩු වෙලනෙ උංචිල්ලාව ගත්තෙ.

    ReplyDelete
    Replies
    1. හැක්. යාම්හෑල්ලෙ මං එක උනාමද කොහෙද.

      Delete
    2. මං හිතුවෙ මං එක කියලා.. :(

      Delete
    3. කසුං එක. අර අක්කල දෙන්නා වැටිච්චි වැටිල්ල තමයි මරු. අද වගේනං බුකියෙ සති දෙකක් පට්ට ගහන නියම ගොසිප් එකක්. ගොසිප් සයිට් වලත් තියෙයි. සිතිවිලි දෙක උනාට මොකෝ එක ගාවට දෙකනෙ.

      Delete
  2. මේ පෝස්ට් එක නම් සුපිරියි.. වැඩියෙන්ම හිතට ඇල්ලුවෙ විධ්වථුන් ගෙ “විධ්වථ් ඛථිඛා" ටික..

    පොඩි කාලෙ නම් ඔය කියන විදියෙ උංචිල්ලා පැදලා තියේ. උංචිල්ලා බැඳල දෙන්න කියලා ගෙදර අය එක්ක වලි දාලත් තියේ. උංචිල්ලාවෙන් වැටිලා අත කඩාගෙනත් තියේ.. දැං නම් ඔය මොකක්වත් නෑ.. :(

    ReplyDelete
    Replies
    1. දැං උනත් උංචිල්ලාවක් පදින එකේ සතුට ලැම්බොර්ගිනි එලෝල ගන්න බෑනෙ. හැබැයි ඉතිං හයිය ඇති එකක් වෙන්ඩෝන. මොකද අපිත් දැං කිලෝ වලිං හැට පැනපු අයනෙ.

      Delete
  3. ඇත්ත තමා යාන්... මේ දවස්වල අවුරුදු කෑම, අවුරුදු ක්‍රීඩා, නැකැත් වලට රටේ නැති අර්ථකථන දෙනවා.

    ReplyDelete
    Replies
    1. නිර්මානි
      ඒ කියන්නෙ මට විතරක් නෙවෙයි එව්ව පල්හෑලි බවට හිතෙන්නෙ. ඔව්ව ලියන්න කදිම පුත්‍රය තමයි අර රවි උන්නැහැ. ලියයි ඹය ආචාර්ය පට්ටං ගැලවෙන්න.

      Delete
    2. ඔව් යාන්. මට හිතෙන්නේ හත්මාලු හදන්නේ ඒ ගැන කතා කරන්නේ ජීවිතේටවත් කලා නෙවෙයි කියලා.. නැකැත් ගැන කතා කරනවා. මං හිතන්නේ හැම අවුරුද්දෙම නැකතට ටීවී එකේ. නැත්තන් කොහෙහරි අවුරුදු උස්සවේක. ඉතින් නැකැත් හරියට ඉෂ්ඨ කරන්නේ කොහොමද? ඒ උනාට කතාවනම්??

      Delete
  4. උංචිල්ලාවේ දෙන්න නැගීලා....
    දෙන්නගේ කෝලං බිමට වැටීලා...

    උන්චිලි කයි ටිකකුත් දැම්මානං තමා අගේ...!

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියතොත් උංචිලි කයි දන්නෙ ඔච්චරයි. ඒකත් ඔය පද දෙක ඉතරයි. ඇත්තටම මහන්සිවෙන ගමං කවි කියන්න පුලුවන්ද?

      Delete
  5. ඇට්ටර ලමයව පද්දවන කෑල්ල තමයි ලස්සනම. හොඳටම හිනා වුණා

    ReplyDelete
    Replies
    1. ඔයවගේ ඇට්ටර අණ්ඩපාලවරු අදටත් සුලභයි.

      Delete
  6. අඩේ අපේ ගෙදර උන්චිල්ලාව ගැට ගැහුවෙත් කරාබු නැටි ගහක. අපේ අප්පොච්චා ඒකටම පරන ප්ලාස්ටික් පු‍ටුවක සිදුරු 4ක් විදලා හදලා තිබුණා. ඒ කියන්නෙ සෙමි ලක්සරි ඔංචිල්ලාවක්... හැක්!

    ReplyDelete
    Replies
    1. සෙමි ලක්සරි වෙන්ට මලේ ඔය පුටුව තුනට බෙදල පැත්තකිං සුට්ටං තිර රෙදි කෑල්ලකුත් දාන්න ඕනැ අව්ව වැටෙනවට

      Delete
  7. මේ රට කොච්චර හරක් ඉන්න රටක්ද කියනවා නම් අපේ රටේ ජනප්‍රියම රූපවාහිනි වැඩ සටහන ඔය හසන්ත මහත්තයගෙ රෙද්ද... නෙද්දකින් ඉතරක් ගොන් හැත්ත....

    ඔංචිල්ලාව ගැන මට තියෙන්නේ වේදනාත්මක අත්දැකීමක්.... පස්සෙ කාළෙක ලියන්නම්...

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. මතලං හයිස්පීඩ් ගිහිල්ල ෆ්ලයි කරල හොක්ක තලාගෙන වගේ.

      Delete
    2. මාතලං - ඉස්සර අපේ ඉස්කෝලෙ උසස්පෙල පංතිවල හෙන මිටර් කියන ඩයල් බලන්නෙ දොරමඩවල තමයි. එවුං එව්ව ගැන කතාවෙනව හිට ඉස්කෝලෙ ඇවිත්. මටත් එහෙම එව්ව බලල පොරක් වෙන්න හිතිල නිදිමරාගෙන බැලුව ඕක. මට ඒ තත්වෙ ගන්ට අමාරුයි.

      Delete
    3. සහතික ඇත්ත..!

      රටේම ඉන්නේ ගොන් හරක්

      තම්බින්ගෙ ඩැයිවර් කම කරපු එකා තමයි මහා බුද්ධිමතා

      Delete
  8. අවුරුදු කාලෙටම කලේලි බහින විධ්වථ්තු සෙට් එකක් ඉන්නවනෙ ඔය ගැන කතා කරන්න සහ හත්මාළුව උයන හැටි උගන්නන්න. මේ දවස්වලත් කට්ටිය ඒකට රිහසල් වෙනව දැක්ක.

    ReplyDelete
    Replies
    1. අනේ ඔයවගේ එහෙකට අපේ නාලක ගුණවර්ධන වගේ කෙනෙක්වත් ගෙන්නුවනං මක්වෙනවද? පතුරු ගිහිං ඇට පෑදෙන හැටි බලන්න විධ්වථුං ගෙ.

      Delete
  9. චීත්ත රෙද්දයි හැට්ටේයි ඇඳගෙන, ඔලුවෙයි කනෙයි මල් ගහගෙන උංචිල්ලා පදින ගෑල්ලමයි නැද්ද ශ්‍රංගලගෙ ගමේ.

    ReplyDelete
    Replies
    1. ඔහොම ඉන්නව අවුරුදු කුමාරි තරඟෙට ඉතරක්. අර හංසනිත් එක ගමනක් රත්තරංවාහිනියෙ අවුරුදු උස්සවේ අවුරුදු කුමාරි උනානෙ.

      Delete
  10. ඔංචිල්ලාව බඳින එකට වටේ පිටේ ගස් බාදාවක් වෙනවනං ඒව මුලින්ම කපලා දාන එක උඹේ හැටියට මහලොකු දෙයක් වෙන එකක් නෑ කියලයි මට හිතෙන්නෙ.
    දැන්නං ඉතිං ලලන්ස් එකට ගිහිල්ල රෙඩි මේඩ් යකඩ ඔන්චිල්ලාවක් ගත්තම අවුලක් නැතුව අවුරුද්දම පදින්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. පොල් ගහ කැපුවනං මගෙ ඇහේ ඉඳං පට්ට ගහයි. ඒ යකඩ උංචිල්ලා හරියන්නෑ අයියා. එව්වයෙ දෝලන කාලාවර්තය ගැලපෙන්නෑ. අඩි විසිපහක් ඉතර උස උංචිල්ලාවල තමයි නියම සොමිය තියෙන්නෙ.

      Delete
  11. හම්මේ උන්චිල්ලාවක් පැදපු කාලයක් තියා දැකපු කාලයක්වත් මතක නෑ....

    ReplyDelete
    Replies
    1. ආං ඒකයි මං ඔය පිංතූරයක් ඇඳලම තිව්වෙ බලාගන්න.

      Delete
  12. උඩ යන රවුමට පපුවයි දන්නේ
    පහතට එනකොට නිවලයි එන්නේ
    පොල්ලක් පැන්නට බය නොසිතෙන්නේ
    පත්තිනි දෙවිඳුට පින් දීපන්නේ

    ReplyDelete
    Replies
    1. උංචිල්ලාව පත්තිනි මෑණියන්ගෙ නිර්මාණයක් කියලා කතාවක් තියෙනවා. මට මතකයි ලාවට වගේ. හොයාබලන්න ඕන.

      Delete
    2. http://kaleidoscope.cultural-china.com/en/141Kaleidoscope8.html

      Delete
    3. https://en.wikipedia.org/wiki/Sex_swing

      Delete
    4. මේ දෙවැනි ජාතියෙ උංචිල්ලාවක්නං හොඳා. වත්තෙ ඉඩ ඇති තැනක් බලල හයිකොරගන්න

      Delete
  13. අම්මපා අද තමයි දැනගත්තේ උන්චිල්ලාවෙන් ළමයි හම්බවෙන හැටි.

    පැදුං ගැනිල්ල කරන්නේ මෙහෙමයි. (හොඳ පැදුං ගැනිල්ලක් කරන්න නම් හොඳට හිටගන්න පුළුවන් ලෑලි කෑල්ලක් තමා ඔන්චිල්ලාවේ ආසනේ හැටියට තියෙන්න ඕනේ)

    1. ඉඳගෙන කකුල් දෙක පොලොව තබා පසුපසට තල්ලුවෙන වෑයමක් ගන්නවා.

    2. පැද්දන අතරේ ලෑල්ලේ හිටගන්නවා.

    3. ඔන්චිල්ලාව පසුපසට පැදෙන සීමාවට (මුලදී අඩි කීපයක් විතරයි) ඇවිත් ආපහු ඉදිරියට යනවිට දණහිස් වලට බර යොදා එකවරම වේගයෙන් නැවෙන්න. (කක්කා කරන්න වාඩිවෙනවා වගේ)

    4. ඔන්චීල්ලාව පැදෙන ඉදිරි සීමාවට ගොස් ආපසු පසුපසට එන්න කලින් නැගිටින්න. දැන් නැවතත් කක්කා ඉරියව්ව වේගයෙන් කරන්න. මේ රිද්මය හරියට අල්ලාගත්තොත් ඉතා වේගවත් පැදිල්ලක් කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අපි කියන්නේ රුකුල් ගන්නවා කියලා හිටං

      Delete
    2. විචාරක මහත්තැංගේ උත්සාහය රටක් වටී. ඕක පරිස්සමිං කියෝල බැලුවොත් විනාඩියෙං පැදුං ගැනිල්ල අල්ලගත්න ඇහැකි. මේක විකිපීඩියාවට ඇතුලත් කරල තිව්වොත් හොදයි වගේ.

      මාතේ
      රුකුල් දෙමින් පදින්නකෝ මා සියුමැල්ලේ...
      වටිං පිටිං සිසිල් සුලං තමා වදින්නේ...

      ආං එහෙමයි කියල තියෙන්නෙ හිටං.

      Delete
    3. පිස්සුද බං ඒක මේක නෙවෙයි.. පොල්ලෙලි සීන් එකක්....

      Delete
    4. ///අපි කියන්නේ රුකුල් ගන්නවා කියලා හිටං///
      ඇයි අපිත් එහෙමයි හිටං...

      Delete
  14. ඔය ටීවියෙකේ බයිල් ‍කියෝන විධ්වථ්තු සෙට් එකට ඔන්චිල්ලාවකට නග්ගල පැදුං අරං පදින්න කියන්න එකෙක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඔය අපේ අටං අයියා වගේ කෙනෙක් ගියානං ඔය සාකච්ඡාවකට අනිවාරෙං ඔය බුවාලා ගස් නග්ගල උංචිලි බන්දලා, උංචිලි පද්දනවා.

      Delete
  15. ඒ කාලෙ ඔංචිලි පපු හැටි මතක් උනා. දැන්කාලේ ඔංචිල්ලාවක් බැඳගන්න ගහක් හොයාගන්න බැහැ.ලොකු ගස් ඔක්කොම කපලනේ.අපිත් ඉස්සර ඔංචිල්ලා බැන්දේ ලණු කඹයක් අරන්, ඉඳගන්න තිබ්බේ කොට්ටයක්. අපේ ගමෙත් වෙන ඔංචිල්ලා දැකල නැහැ.කතුරු ඔංචිල්ලාවත් දැකල තියෙන්නෙ එකම එකපාරයි.

    ReplyDelete
    Replies
    1. දැං ලොකු ලමයිනෙ. තව ටික දොහකිං උංචිල්ලා පද්දොවන්න තමා තියෙන්නෙ පොඩි අයව.

      Delete
    2. හංසියා හරි ලස්සනට පද්දයි ළමය ඔන්චිල්ලාවේ තියලා..

      Delete
  16. උංචිල්ලාවක් එපා! අර පොල්ලතු එන තැඹිලි ගහත් එක්ක සෙල්පියක් ගහලා එවන්ට! :D :D :D

    ReplyDelete
    Replies
    1. එව්ව එහෙම පෙන්නන්න පුලුවනෑ. ඉස්සෙල්ලා අටපට්ටමට දාල ඉන්ඩෝන.

      Delete
  17. //ආවත් තමුංගේ කකුල් දෙක දික්වෙන දිහාව කෙලිං කිසිම මනුස්ස පුලුටක් ඉන්න දෙන්නේ නැත//

    අන්න බලහං අපේ සබරගමුවේ මිනිස්සු අනිත් අය ගැන මොන තරං හිතනවද , විසේකාර ගැටිස්සියක් උනත් තමුන්ගෙන් අතුරු ආන්තරාවක් තව එකෙකුට වෙයි කියල බයයි, ඒකනේ ඔය ඉස්සරහින් ඉන්න කට්ටය නැති වෙලාවක් බලන්නේ , දෙපා දික් කරල වාරු ගන්න කොට , කාගේ හරි ඇගක කකුල් වැදුනොත් ඒ මනුස්සය වැටෙනවනේ

    ReplyDelete
    Replies
    1. නැතත් අක්ෂි ආබාධ ඇතිවෙන්ට පුලුවං. හුඹස් බියක් ඇතිවෙන්ට පුළුවන්

      Delete
    2. //හුඹස් බියක්//
      -අයියෝ....

      Delete
  18. / අපේ ගමේ ‘පෙජෙට්ටෙක’ හිංදා ‘බෝරවෑර්’වසංගතේ පටං ගත්තා වගේම /

    අම්මාපල්ල මට මතක් වුනේ ඒ කාලෙ තොපේ ගමේ ආනාදියො හින්ද පෙජෙට්ටෙකේ ගල් බෝරයක් දාගන්ට බැරිකාලෙකුත් තිබ්බ නෙව.

    ඒ කිව්වෙ අපේ සුද්දා ඔන්න ගල් බෝරෙ නියම විදිහට ලෝඩ් කරල එහෙම බෝරවෑර් රෝල දිග ඇරගන දිග ඇරගෙන ඇහිල්ල හිට ගල් රුකුලකට වහං වෙලා රිමෝට් කොන්ටෝලෙ සාක්කුවෙං ඇරං ගල්බෝරෙ පුපුරවන රතු බොත්තම ඔබනව ඔබනව ඔබනව දත්මිටි කාගෙන පක් පක් කිය කිය මොන? ගල් බෝරෙ තියා පඩේක සද්දයක් නෑ.

    අන්තිමට සුද්ද කරන්නෙ මූනත් ජම්බෙ වගෙ කොරගෙන " පක් දැට් බාස්ටර්ඩ්ස් පොරොම් මානා" කියල රිමෝට්ටෙක ඇති වීරියෙං පොලේ ගහනව. බලනකොට වෙලා තියෙන්නෙ ඒ ඩිංගට තොපේ ගමේ එවුං අර බෝරවෑර් මැද හරියෙං කපාගෙන ගිහිල්ල. අන්තිමට බැරිම තැන තොපෙ ගමේ එවුං එකෙක් නෑර මාසෙක වැඩිපුර පඩි දීල අයිං කරාට පස්සෙයි යංතමට ගල්බෝරෙයක් දාගන්ට ඇහැක් වුනේ. ඔන්න කිව්වට විස්සාස කොරපං.

    ඉඳහංකො අවුරුද්දෙං පස්සෙ තොපෙ ගමේ එවුං එක්කහු වෙලා පෙජෙට්ටෙකට කරපු වින්නැහිය ගැන ලියන්නංකො කුකුලේගඟ මතක 8 කියල.

    ReplyDelete
    Replies
    1. අනේ හැබෑටම මේ වගේ මුසාවාද. ඔය ගල්බෝර පුපුරොවන්නෙ රිමෝට්ටෙකෙන්නං අහවල් මගුලකටද වෑර්. හුඟක්ම දුරයිනං සුට්ටං ඒරියල් කෑල්ලක් තිවුනහං ඇති. ඒ හංදා අපේ ගම්වාසී බුද්ධිමතුන් අර වෑර් ටික පරිස්සමට ගලෝල තිව්වලු. පස්සෙ ඕන්නැං දෙන්න බැරියැ.

      Delete
  19. නියම අලුත් අවුරුදු රහ වෑහෙන පොස්ටුවක්. මීට සමාන විදිහකට තමයි අපේ ගමෙත් උන්චිල්ලා පැද්දේ. මල් මල් චීත්ත ඇඳගෙන උන්චීලි පදින බවලත් අයනම් අහල ගම් හතකවත් හිටියේ නෑ

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. දැං කවුද චීත්ත තියා අඩුම තරමෙ ගවුමක්කත් අඳින්නෙ. එක්කොම කෙල්ලොත් තුංකාලෙ කයිසං අඳින්නෙ

      Delete
  20. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. උන්චිල්ල?? කෝ කෝ කොහෙද?

      අම්මේ මට නම් උන්චිල්ලාවක් දැක්කහම උන් හිටි තැන මතක නැති වෙනවා. පැනපු ගමන් පදිනවා අම්මෝ... අපේ ගෙදර උන්චිල්ල විස්තරේ කිව්වහම.. හෙහ් හෙහ්.. ලියන්නත් හිතයි... නාගන්නත් බැරි උනානේ කාලෙකින්. මේ වගේ රස නැතුව ඇති. ඒ උනාට දැන් වෙනකොට පුදුමත් හිතෙනවා.

      අපේ ගෙදර අවුරුදු කාලෙට වෙච්ච දේවල් ටිකක් ලියන්න හිතාගෙන දැන් ටික දවසක් වෙනවා. ඉන්ටකො බලන්ට...

      මම මේ ඊයෙත් මගේ යාලුවෙක් එක්ක කිව්වා ඔය කියන අවුරුදු තියෙන්නේ TV වල විතරයි කියල. ඇත්තටම ඉස්සර අපිට අවුරුදු තිබ්බ. හැබැයි මේ TV එකේ පෙන්නන විදියට නම් නෙවෙයි. දැන් TV එකේ පෙන්නන්නේ Virtual Reality වගේ එකක් නේද?

      පුදුමාකාර සිත්තරෙක් නොවැ.. හෙහ්... ( මොකට ඒක ඇන්දාද මන්ද. ගෙදරයි පොල් ගසුයි දැකල නැති උන්ට හොඳා.. හෙහ් හෙහ්... )

      Delete
    2. මෙව්ව ඇවිල්ල හෙන වටිනා චිත්‍ර. එව්ව බලන්න බාවාත්මක ඇසක් තියෙන්න ඕන. මෙව්ව විකිනෙන්නෙ ඩොරල් දාහෙං එහා ගනං ඔලට

      Delete
  21. හාලි ඇල්ලෙ ඉස්ටේසමට ඇවිල්ලා සිග්නල් ජුංඩක් අහුලන් කියෙව්වේ

    ReplyDelete
    Replies
    1. හෙනං. දැං ආයෙ ඔහෑටි අහුලන්න වෙන්නෑනේ.

      Delete
  22. රන් කෙන්දෙන් රනින් තැනූ රං ඔංචිල්ලා.. අපිට කොයින්දෝ රන්වන් රන් ඔංචිල්ලා...// කතුරු ඔංචිල්ලා මං හරියට දැකලා නෑ. ඒත් ලෙෂර්වර්ල්ඩ් එකේ එහෙම අටමගලයක් පැදලා හාට් ඇටෑක් නොහැදී යන්තම් බේරුණා. අදත් කතාව පණ පිහිටුවා ලියලා තියේ..

    ReplyDelete
    Replies
    1. අර දඟර දඟර රේල් පාරක යන රෝලකෝස්ටරේ කියන එකේ ගියානං හාට් ඇටෑක් නෙමෙයි ජබර කලන්තෙත් හැදෙයිනෙ.

      Delete
  23. අපිත් පොඩි කාලෙ බොහොම බැගෑපත් වෙලා ඔන්චිල්ලාවක් බැඳගත්තා මතකයි.ඒක පදිනකොට බඩ හීතල වෙන එක තමා හොඳම ආතල් එක.කතුරු ඔන්චිල්ලාවක ගියේ කානිවල් එකකින්.. අනෙඔ මචෝ.. මේ කොමෙන්ට් වල අකුරු ටිකක් ලොකු කරහන්කො.ඇස් රිදෙනවා කියවනකොට බං..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔය හීතල වෙන සීන්නෙක වෙනව ලිප්ටෙක පහලට යන්න පටං ගන්නකොටත්. නේද? මං ඔය වැඩේ බලන්නම කච්චේරියෙ ලිප්ටෙකේ දෙතුං වලියක් උඩ පහල ගියා.

      Delete
  24. බදුල්ල පැත්තේ කියන්නේ උන්චිල්ලද? මට එහෙම මතකයක් නැහැ. ඔය ලොකු ගස් වල වැල්වල එල්ලිලා ඔන්චිලි පැදලා නැත්ද ශ්‍ර්න්ග, බදුල්ල දිස්ත්‍රික්කේ පැත්තේ තියෙනවා නේ හරියට.

    ReplyDelete
    Replies
    1. මං කියන්නෙ අපේ ගමේ විස්තරනෙ. ඒ කියන්නෙ සබරගමුවෙ. බදුල්ලෙනං උංචිල්ලාවක් දැක්කෙ නෑ තාම. වැල්වල කියන්නෙ අර සූරිය අරනෙ වගේ පුස්වැල්වල ඒල්ලිලද? අනේ නෑ. මට ඔය ගස් නැගිලි, වැල් පැදිලි ආදිය බෑනෙ.

      Delete
  25. අඩෝ ශ්‍රන්ගයෝ. බ්ලොග් සම්මානෙට උබට හදපිරි මෙව්ව එක හොදේ.. පොඩි කාලෙදි නම් ඔව්ව මෙව්ව ඔක්කොම අඩුවක් නැතිව අලුත් අවුරුද්දට කලා. ඒත් දැන්නම් අවුරුදු 8ක් 9ක් විතර වෙනව මේ ඔක්කොම වැඩ වලින් ඉවත් වෙලා. අඩුම තරමෙ උපන්දින සමරුමක්වත් නැහැ ඔන්න. ස්තුතියි ළමා කාලයට ඇදගෙන ගියාට..!!

    ReplyDelete
    Replies
    1. නමත් මාරු කරලා. එලනේ. ආයි මෙරට ආ කලක බලමු උංචිල්ලාවක් පදින්න.

      Delete
  26. අපේ ඔංචිල්ලා වටනම් ලණු පොටවල් 4 ක් තියනවා. ඉඳගන්න ගෝනොයක් හරි ගනකම රෙද්දක් හරි දාලා පොඩි ආසනයක් වගේ හදලා තියනවා. ඒකෙ ඉඳගත්තම වැටෙන්නෙ නෑ. හිමිහිට පැද්දි පැද්දි නිදාගන්න මරු

    ඉමා

    ReplyDelete
    Replies
    1. ඒ ක්‍රෙම්ට ගෝනියක් බොකුටුවට හදල දෙනව පොඩිම ළමයින්ට. ඒක බඳින්නෙ ගෙයි යට ලීයක. තොටිල්ලෙ තියන්න බැරි තරං ලොකු අවුරුදු තුනේ වගේ ලමින්ට ඕක නියමයි.

      Delete
  27. සුරංග
    අතීත මතක ඇවිස්සුවට ස්තුතියි. අපි හුඟක් වෙලාවට ඔංචිල්ලා බැන්දේ පුවක් ගස් දෙකක. 1980 ගනන් වල කාලයක් අපේ ගමේ කතුරු ඔන්චිල්ලාවක් හැදුවා අවුරුද්දට.මෙහෙම කිව්වට අපේ ගම කොලඹින් කි.මී.24ක දුරින් තියෙන්නේ. දැකපු අය දන්නවනේ කතුරු ඔන්චිල්ලාවෙ කූඩුව කියන මැද කොටසට නගින කෙනා ඒක ඇතුලෙ තියන පොලුවලට අඩිය තියමින් යන්න හදනකොට තමයි ඒක කරකැවෙන්නේ කියලා. අපිත් ඉතින් ඕක පාගනවා නිකම් ඉන්න බැරි කමට.සොරි ඒකට කියන්නේ කතු ඔන්චිල්ලාව පාගනවා කියල. හොඳට හයිය ත්යන කෙනෙකුට පුලුවන් වේගයෙන් කරකෙන්න පදින්න හැබැයි කැරකෙන වේගෙට සමානව තමන්ටත් ඇතුලෙ දුවන්න වෙනවා.එතකොට කරන්නේ මැද තියන ඇක්සලය වගේ කඳේ එල්ලෙනවා වේගය අඩුවෙනකම්.කතුරු ඔන්චිල්ලව වේගයෙන් යනකොට වෙන්නේ අර පදින අය වාඩිවෙලා තියන පොඩි ඔන්චිල්ලා ඒවා ගැටගහලා තියන හරස් පොලුවල උඩින් යනවා.ඔය උඩ තියන වාරමේ පොල්ලක් පැන්නට බය නොසිතෙන්නේ කියල කියන්නේ අන්න ඒකට වෙන්න ඕන.ඒක වලක්ව ගන්නත් ක්‍රමයක් තියනව. පස්ස පැත්ත ත්යල වාඩිවෙන සාමාන්‍ය ක්‍රමය වෙනුවට අපි කරන්නේ අර විචාරක කියල තියනවා වගේ ලෑලි කෑල්ල උඩ වාඩි වෙනව කක්ක කරන්න වගේ.ඊට පස්සේ උරහිස හිර කරගන්නවානවා පොඩි ඔන්චිල්ලාවෙ හරස් පොල්ලට .එතකොට කොච්චර හයියෙන් කරකැවුනත් පොල්ලට උඩින් යන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. කුමාර කියන විදිහෙ කතුරු ඔංචිලාවක් දැක්කෙ කිරිදිවැලදි 1987 විතර. ඒක අතුලෙ දෙන්නෙක් හරස් ලීවල හයියෙන් ඇවිද්ද.

      Delete
    2. මේ මෑතකාලෙකදි ටීවියෙකේ දැක්ක ඔය වගේ එකක්. දැං ඔය කතුරු උංචිල්ලාව විදිලි මෝටරයක් දාලා මොඩිෆයි කරලා ගත්තනං හරි නේද?

      Delete
  28. අපිටත් පුංචි කාලෙ අනිවාර්යයෙන් ලැබුණු දෙයක් තමයි ඔන්චිල්ලාව.. අපේ පොඩි උන්ට ඉතින් ඔන්චිල්ලා බැඳල දුන්නෙ ගෙවල් ඇතුළෙනෙ.. ඒකත් අර කඩෙන් ගන්න ඔන්චිල්ලාව...

    ඔන්චිල්ලා බැඳල දුන්නොත් අපටමයි කරදරේ කොන්ද කඩන් තල්ලු කරන්න වෙනවනේ.. අපේ දෝණිට කොච්චර පැද්දත් ඇති වෙන්නෙ නැහැ.. දැන් ඒකට තව පැටි පරපුරක් එකතු වෙලා ඉන්න නිසා අවුරුදු නිවාඩුවට වෙන වැඩක් නම් කරන්න වෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ආං ඒකට තමා කියන්නෙ බැඳගත්තානං බෙරේ ගහන්නම වෙනවා කියලා. ඔයිං උංචිල්ලාවක් බැරිවෙලාවත් ලිහන්න බලන්නකො පොඩ්ඩාගෙ කටේ සවුදම බලන්න.

      Delete
  29. කඹ වලින් බදින ඔංචිලි පැදල කඹේ කැඩිල වැටිල හොස්ස බිම ඇනිල ඇතිවන ආතල් එක ලැබිල නැද්ද ?
    මේ වගේ පෝස්ට් දැම්මම තමයි වර්ථමානය ගැන දුක හිතෙන්නෙ. අපිට නියම ස්වභාවික ඔංචිල්ලාවක් තිබ්බ ඔයට බරවෙලා තිබිච්ච අඹ අත්තක , ඒකෙ තිබිච්ච ලොකු වැලක් පදින එක තමයි සෙල්ලම. ඇති තරම් උඩ හිහින් ඔයට පනින එක නියමයි. අනික පොල් පැලේක අත්තක් නමාගෙන පදින එක.

    ReplyDelete
    Replies
    1. තවමත් ඔය සේරම ජාති තියෙනවා. අපිට වෙලාවක් නෑ. අපි ඉතිං කියනව ඒ කාලෙ තිවිච්චා නෑ කියලා. ඇත්ත කතන්දරේ ඒ අතීතෙ අපි එනකං හිටියට අපිට යන්න වෙලාවක් නෑ.

      Delete
  30. ඔංචිල්ලා පදින් උන් හෙල්මට් දැමිල්ල අනිවාර්ය කරන්න නීතියක් ගේන්න කාටවත් මතක් වුනේ නෑනේ..

    වැඩිමහල් ගෑනු ලමයි උංචිල්ලාවක් පදින්නට එන්නේ කලාතුරකිනි. එන්නේම නැති තරම්ය. ආවත් තමුංගේ කකුල් දෙක දික්වෙන දිහාව කෙලිං කිසිම මනුස්ස පුලුටක් ඉන්න දෙන්නේ නැත.

    එතකොට රෙද්ද හැට්ටේ ඇඳගෙන පෙති පහේ මලක් කණේ ගහගෙන හිකිහිකි ගගා ටීවීයෙකේ පෙන්නන ගෑණු ළමයින්ට ඕක අදාල නිවෙන්නේ කොහොමද බං?

    ReplyDelete
    Replies
    1. එහෙම දානවනං පුල්පේස්ම දාන්න ඕන මුනිං වැහ්නොත් දත් කුට්ටම බඩේ නැත්තං.
      මං මේ ඊයෙ පෙරේද දැක්කා අවුරුදු සිංදුවක ගවුං කොටං ඇඳපු කෙල්ලො උංචිලි පදිනව. කැමරාවත් ඉස්සරහිංම අල්ලනව. හැබැයි ඒ ගවුං සෙලෝටේප් වලිං අලෝලද කොහෙද. ඩිංගක්කත් හුලඟට එහෙමෙහෙ වෙන්නෑ.

      රෙද්ද දිග හිංදා දනිහ ගාවිං කකුල පොඩ්ඩක් නැවුනහං ආලෝකයට සිය සරල රේඛීය ගමං මග නැතිවෙනවනෙ. එතකොට මොනවත් නෑ.

      Delete
  31. අපි ඉස්සර ඔන්චිල්ලා පිස්සෝ. තාත්තා ට තමයි හැමදාම "මහජන සම්පත" ඇදෙන්නේ අවුරුදු කාලෙට.

    ReplyDelete
    Replies
    1. මහා විභීෂණ උන්නාන්සෙ ඉතිං බැඳ දෙනවැයි.

      Delete
  32. මාත් ආව ඕං. මේක මටත් ඉස්සල්ල කියෙව්වෙ ඩ්‍රැකියානි. උන්දැ මට පෙන්නුව දැතිහුලහ නැන්දගෙ උංචිල්ලාව.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ එකක් කලිං දැකල තියෙනවැයි?

      Delete
  33. අර උඹ මයෙ බ්ලොගේ දාපු කෝටේෂන් එක මොකද්ද බං?

    ReplyDelete
    Replies
    1. මං? දැම්මා? කොටේසන්? හිටු බලන්න

      Delete
  34. මේ නොදන්නා කමටයි අහන්නේ.
    දන්නා එකෙක් කියාපන්කෝ බන් කාටද මේ "දැතිහුලහ" කියන්නේ කියලා.
    මේ බ්ලොගේ පොස්ට් දෙක තුනකම දැක්කා ඔය වචනේ.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියුලා යන්න අපේ ආච්චම්මාගේ බාසාවට ගත් විට දැතිහුලහාය.

      Delete
  35. ඔය උන්චිල්ලාවේ හිටගෙන ඉන්න එක්කෙනා පාගන ප්‍රමාණයට තමයි වේගේ එන්නේ නේද? ඉඳගෙන ඉන්න කෙනත් "කකුල් ගහනවා " නේ.. මේ රටේ නම් ගමක් ගමක් පාසා තියෙන ළමා පිට්ටනි වල උන්චිල්ලා හයි කරලා තියෙනවා ඇති වෙන්න..

    ReplyDelete
  36. Niyamaii..math punchi kale onchili padde gedara pile uluasse kabayak badalai...
    Ape nangiya punchi sandiye paddana gihin watila...una jaramare mathak una..
    Math yanhalla asawen kiyonawa...

    ReplyDelete
  37. මරු සුරංගයෝ..ආයෙත් ලමා කාලයට ගියා...අර විද්වත් කතාව නං මරු ඈ

    ReplyDelete
  38. ඔන්චිලි චිලි චිල්ල මලේ...
    වැල්ල දිගට නෙල්ලි කැලේ...
    කඩන්න බැරි කටු අකුළේ...
    කඩා දියන් මගේ මලේ...

    මම වතාවක් කැම්පස් එකේ උත්සවේකට කතුරු ඔන්චිල්ලාවක් හැදුවා, මුලින් ප්ලෑන් කලේ පැරණි ක්‍රමයට ලී දඬු, වැල් වලින් වැඩේ කරන්න...
    උපදෙස් ගන්න කෙනෙක් හොයා ගන්න බැරි වෙච්ච නිසා ලී කපලා, හොඳට ඇන ගගලා නට් බෝල්ට් දාලා මැද්දට ලොකු රෝලර් බෙයාරින් දෙකක් දාලා, දෙන්නෙකුට මුණට මුණ බලාගෙන යන්න පුළුවන් විදිහට පෙට්ටි විදිහට සීට් හදලා, දෙනෙකුට යන්න පුළුවන් කතුරු ඔන්චිල්ලාවක් හැදුවා...
    මේ වැඩේට මම මුලික වෙලා අපි සෙට් එකක් මාසයක් විතර කට්ට කෑවා...

    හැබැයි ඊට පස්සේ කාලෙක අපේ ගමේ ලී දඬු සහ වැල් වලින් කතුරු ඔන්චිල්ලාවක් හැදුවා අවුරුදු දෙකක්ම...
    ඒක ශාන්ති කර්මයක් කරනවා වගේ බොහොම පේ වීමෙන් කරන වැඩක්...

    පොඩි කාලේ ඔන්චිලි පදින්න ගිහින් අක්කලගේ බරට ලණුව ඇදිලා පාත්වෙච්ච ඔන්චිල්ලාවේ වාඩිවෙලා රුකුල් ගන්න ගිහින් කකුලේ උඩු පතුල් බිම ඉලිලා ලෙලි ගිහින් අඬ අඬ හිටපු සිද්ධියක් මතක් උනා...
    එතකොට මට වයස අවුරුදු 4 ක් වත් නැහැ...
    ඒක දෙහි ගහේ බැඳපු පොඩි ඔන්චිල්ලාවක්...

    ReplyDelete
  39. අපේ ගාල්ලේ ගෙදරනම් එක පැත්තක් කොස් ගහට තියලා අනිත් පැත්තට අර කියුවා වගේ රුකුලක් ගහලා හදපු උන්චිල්ලවක් තුන්සිය හට පස් දවසෙම තියෙනවා. ඒක මේන්ටේන් කරගෙන තියාගන්නේ පවුලගේ තාත්තා.. මට මහජන සම්පත ඇදෙන්නේ අපේ ඩබල බත් කන්නේ නැතුව වර්ජනේ කරපු වෙලාවට.. උන්චිල්ලාවේ 5ක් පද්දලා නතර කරාම උන්නේ අම්මා එක බත් කටක් කවනවා. ඔයාකාරයෙන් දෙන්නට බත් පිඟන් දෙකක් කවලා ඉවර වෙනකොට මගේ රිස්ස ගිහිං.. ඉස්සර පොඩි කාලේ අපිත් කොස් අත්තක බැඳපු උන්චිල්ලවක් හැම සිංහල අවුරදු කාලෙම පදිනවා.. පස්සෙන් පහු කඹ ගන්න සල්ලි නැතිවෙනකොට උන්චිල්ලත් නැතුව ගියා.. ඔය හේතු දෙක නිසා මටත් උන්චිල්ලා ගැන එච්චර හොඳ මතකයක් නෑ..

    ReplyDelete
  40. ශ්‍රන්ගයෝ ශ්‍රන්ගයෝ අවුරුදු ඉවරයි , වරෙන් වරෙන්

    ReplyDelete
  41. හැබෑටම කෝ මේ යාංං.... වෙසක් කූඩු හදනවද මන්දා. අවුරුදු ඉවර වෙලා කොච්චර දවස්ද?

    ReplyDelete