Friday, December 18, 2015

කොටහළු හෙවත් Grind and sift




කොටහලු යන වචනය කොහොම හැදුනාද යන්න මං දන්නේ නැතිවුනත් හැම කොටහලුවකදීම පනයනකං පිටි කෙටීමත් හැලීමත් සිද්දවෙන හිංදා ඒක කොටන හලන උත්සවේ හෙවත් කොටහලු උත්සවේ වුනා වෙන්ටැති. මේකට සරල සිංහලෙං කියන්නේ ‘ජම්බු ගහෙං වැටීම‘ බව පරණ සංහල සාහිත්‍ය පොත්වල තියෙනවා.


“චංදරේලගෙ කෙල්ල ලොකු වෙලාලු“


ආදී වසයෙං අපේ ගංවල කොටහලුවට ‘ලොකු වීම‘ කියතත් දැං දැං බාගෙට ඉංගිරිසි පවුල්වල කියන්නෙ ‘බිග් ගල්‘ කෙනෙක් වෙනවා කියලයි. මෙතන ‘ග ල්‘ දෙක අතරට (ර්) එන්න ඕනෑදැයි දන්නේ නැත. ඒ කියන හැටියට අදාල ලමයා හිටි හැටියේ අලි සයිස් වෙන බවයි අදහස් වෙන්නෙ. සමහරු ඕකට ‘ඇස්ටෝං ගෙදර‘ කියලත් කියනව. ඉහලම පංතියෙ අයනං කියන්නෙ ‘ඇටෙන්‘ වෙනවා කියලයි. කොයික වෙතත් මම කියන්න යන්නේ කොටහලු උස්සව ගැනයි.


ඉස්සර අපේ ගමේ ගෑල්ලමයි බොහෝවිට කොටහලු වෙන්නේ ඉස්කෝලෙදියි. හිටපු ගමං එක ගෑල්ලමෙක් ගිහිං පංතිය බාර මිස්ගේ කනට රහසක් කීමත් ඒත් එක්කම ඒකිගෙ ලඟ හිටපු තවත් එකියක්ව මිස්ගෙ සාරි පොටිං හරි වහගෙන සැකකාරයං උසාවි ගිනියනව වගේ ගුරුකාමරේට ගෙනියාමත්, තවත් ටික වෙලාවකිං ඒ ලමයගෙ ගෙදර අය ‘ටීවිල්ලෙහෙකිං‘ ඇවිල්ලා තමුංගෙ ලමයව ඇරං යාමත් එක්ක ‘ඒකි ජම්බු ගහෙං වැටිලා‘ බව අපේ ගජයෙක් අපිට විස්තර කරල දෙනව.


ඔය විදිහට කොහොමිං හරි කොටහලු වෙච්චි ලමය ආයි පිරිමි පුලුටක් තරම නොපෙනෙන්න කාමරේක තියන්න ඕනැ. නැත්තං ඒ ළමයා මතු යම් දවසක හොරෙං පැනලා යනවලු. ඊළඟට ළමයගෙ අම්ම යනව නැකතක් බලවන්න. ළමය ‘ලොකුවෙච්චි‘ නැකත අනුව මේ ළමයගෙ තාත්තට, අම්මට, සහෝදර සහෝදරියන්ට බලපාන ආකාරය, ඉගෙනීම, කසාදෙ ආදී මහගොඩක් විස්තර කියවෙනව. ළමය කී දවසක් ගෙයි මුල්ලෙ ඉන්නවද කියල තීරණය වෙන්නෙත් මේ නැකැත් බැලිල්ලෙදියි. අපේ ගෙවල්ගාව නාවලවත්තෙ වස්සලා කොටහලු වෙලා මාසෙකට වැඩිය ගෙයි මුල්ලෙ හිටියා. ඒ කාලෙ ඇතුලත මසක් මාලුවක් තෙල් කෑමක් නැතුව එලෝලුයි බතුයි කන්න වෙනවා. උණු බත්මුලක් කෙහෙල් කොලේක බැඳලා ඒකෙං කොටහලු වෙච්චි ලමයාගේ ඇඟ තවලා, ඉං පස්සේ ඒ බත් මුල උටම කැවීමේ චාරිත්තරේකුත් තියෙනවාලු.


ළමයගෙ අම්ම නැකැත් බලල රෙදි නැන්දට පනිවිඩේ කියල, කෑම හදන අයට ආරාධනා කරල ඒ වැඩටික කරද්දි  ළමයගෙ තාත්තටත් වැඩ ගොඩයි. ගෙයි හුනු ගාන්න. ගේ කපරාදු කරල නැත්තං සාලෙවත් කපරාදුව ගහගන්න. ජනෙල් පියං නැත්තං ඉටිරෙදි ටිකක්වත් ගහගන්න. සිවිලිමක් නැත්තං අඟල් හතරට පලාපු පාට දෙහෙක ඉටිකොල වලිං පැදුර වගේ ඉටිකොල සිවිලිමක් ගස්සෝගන්න. ගෙදෙට්ට එන පාරෙ ගල් ගැලවෙච්ච, වලවල් හෑරිච්ච තැං හදල පාර දෙපැත්ත එළිකරන්න, කෙහෙල්කං හොයන්න, දර හොයන්න ඒ එක්කොටම වඩා සල්ලි හොයන්න මහන්සි වෙන්න වෙනව. අපේ ගමේ මිනිහෙක්ගෙං ණයක් ගැනිල්ල අමාරු උනත්  කොටහලු මගුලකදි එන අයගෙං සල්ලි එකතුවෙන බව දන්න හිංදා


“උඹල ඉල්ලපු හිංද නොදිබ්බෑ. මේ ඔය ගෙයි ඉස්සරහ කෑල්ල කපරාදු ගහන්න තිවිච්චි සල්ලි. මගුල ඉවරවෙච්චි ගමං මට දියං. මේ වැඩේ හිංද මිසක්ක නැත්තං මට පස්සෙ ගත්තත් ඇති“


ආදී වසයෙං ණය ලබන්නාගේ හිතට අල්ලලා පොරොංදු පත්තරයක් ගහලා සල්ලි ටික දෙනවා.


සාමාන්‍යෙයං අපේ ගමේ කොටහලු මගුල් කාටවත් කියන්නෙ නෑ. ආරංචිය දැනගෙන එනව. තමුංගෙ ගෙදර කොටහලු වෙන්න කෙල්ලෙක් දෙන්නෙක් ඉන්න අය ඉදිරි අනාගතයේ දී “අපේ ගෙදර කොටහලුවටත් මේ අයව ගෙන්නා ගැනීමේ“ අරමුණිනුත්,  තමුංගෙ ගෙදර කලිං කොටහලුවක් තිවිච්චි අය, “මේ ගෙදර අය අපේ කොටහලුවටත් ආව හිංදා අපිත් යනවා“ යන අදහසිනුත් කොටහලු ගෙදර යනවා.  හැබැයි නෑදෑයංට වෙනම කියන්න ඕනැ. දුර ඉන්න නෑයංට ‘ටැලිකරං‘  ගහන්න ඕනැ,

ළමයා ලොකුඋනා. නාවන්නේ 25.

කියලා. නැත්තං තරහ වෙනව.


“ඕකුං කෙල්ලගෙ කොටහලුවවත් අපිට කිව්වෙ නෑ“


කියල තරහ වෙනවනං ඒ ඉතිං නෑදෑයෙක්ම තමා. මගුලට දවස් තුන හතරකට කලිං ඉඳං විසාල බෑග් වල රෙදි දාගෙන උරිස්සෙ එල්ලං, පොඩි ළමයි කිහිල්ලෙ ගහගෙන, ලොකු ළමයි අතිං ඇදගෙන බස්සෙකෙං බැහැල එන නෑදෑයොත් කොටහලු ගෙදරම ලැගුම් ගන්නව.

කොටහලු මගුලක් කියල දැනගත්ත ගමං අහලපහල ගෙවල්වල ගෑනු පිරිමි සේරම මගුලට සති දෙකක තුනක වෙලේ ඉඳං ඒ ගෙදර පැලපදියං වෙනව. ඒ ගෙවල්වල ළමයිනුත් ඉස්කෝලෙ ඇරිල ඇවිත් මගුල තියෙන ගෙදරටම යනව. කොටහලු වෙච්ච ලමයගෙ තනියට ඉන්නෙ ඒ වගේ ලමයි තමයි. ඒ ගොල්ලං කොටහලු වෙච්චි ළමය ඉන්න කාමරේට වෙලා අතුරු මිතුරු, පංචි දැමිල්ල, හොරා පොලිස් ආදී සෙල්ලං කරනව. ඒ අතරෙ පිරිමි අය කොටසක් කෙහෙල්කං හොයනව. දරට සබර ගස් කපනව. තව කොටසක් දර පලනව. සමහරු කෙහෙල්කං දාන්න වලවල් කපනව. ගෙයි අඩුපාඩුකං හදනව. මගුල් මඩු හදනව.


මේ කොයි කාටත් තුංවේල කන්න, කහට ටික, බුලත්විට ආදිය දෙන්න ඕනැ. කොහොමත් එක වේලකට තිහක් විතර ඉන්න හිංද ඉවුං පිහුං වෙනුවෙංම දෙතුං දෙනෙක් ඉන්නවා. මේ හිංදම මගුල් දවසටත් කලිංම ගෙදර ගෘහ මූලිකයා කඩවල්වලට ණය වෙන්න පටං ගන්නව. රෑට නිදාගන්නත් පැදුරු, මාගල් ආදිය එක්කහු කරල සාලෙ බිම එලල දෙනව. එක පවුලෙ අය හිංදා සාලෙ එක පෝලිමට නිදාගන්න එක ගැටලුවක් නෑ.



කැවිලි හදන එක ගෑනු අයට බාර වැඩක්. ඒකෙත් එක එක කැවිල්ලට විශේෂ අය ඉන්නව. අපෙ ආච්චම්ම කියන හැටියට උංදැ තමා කැඋං හැදිල්ලට අපේ ගමේ ඉන්න ‘කප් ගහපු‘ කෙනා. ඒ බව කියන්න උදාන වාක්‍යක් ආච්චම්ම පාවිච්චි කරනව.


“හුහ්. මං පස්දුං කෝල්ලෙ හිටල මෙහෙ නොඑන්න මේ ගමේ කැඋමක් හදාගන්න ගෑනියෙක් නෑ.“


ඒ ඒ කෑමට විශේෂිත අය තම තමං එව්ව හදා දෙන බවට පොරොන්දු වෙනව. ඒත් ඉතිං ඒවට අවශ්‍ය සීනි, පිටි, තෙල් ආදිය සපයන්න ඕනැ. හැබැයි කොටහලු ගෙදරත් එක කෑමක්වත් හදන්න ඕනැ. තෙල් තාච්චිය ලිප තියන්න හොඳ දවස් තියෙනව. සතියෙ ඒ වගෙ හොඳ දවසක් බලල රාහුකාලෙ පන්නල තෙල් තාච්චිය ලිප තියන්නෙ. සමහරුංගේ ඇස්වහ කටවහ තියෙන හිංද ඒ වගෙ අය බලං උන්නොත් කැවුං හයිය වෙන්නත්, අලුව ගල්වෙන්නත් පුලුවං. එහෙම වෙච්චි අවස්ථා මගෙ ජීවිතේදි මගෙ දෑහිංම දැකලත් තියෙනව.


ඒ දවස්වල පිටි කෙටුවෙ වංගෙඩියෙ. වංගෙඩි ජාති කීපයක් තියෙනව. එකක් හදන්නෙ ලී වලිං. අනික ගල්වලිං. අපෙ ආච්චම්ම ගාවත් තියෙනව ඒ වගෙ ගල්වංගෙඩියක්. ඒක තැනකිං තවත් තැනකට ගෙනියන්න හතර දෙනෙක් හිටියත් මදි. පිටි කෙටීමට ගන්න මෝල් ගහ හදන්නෙ කිතුල් ලීයෙං. පොල් ලීයෙනුත් හදනවද මංද. පිටි කෙටීමත් ක්‍රම දෙකයි. තනි මෝලෙං කෙටීම. දෙමෝලෙං කෙටීම. තනියෙං කොටනවනං තනි මෝලෙං කෙටීම. දෙන්නෙක් මාරුවෙං මාරුවට මෝල්ගස් දෙහෙකිං කොටනවනං ඒක දෙමෝලෙං කෙටීම. එක්කෙනෙක් මොල්ගහ පාත් කරද්දි අනික් කෙනා මෝල්ගහ උඩට ගන්නව. දැංනං ගමේ වීමෝලෙංම පිටි කොටන්න පුලුවනි. එතකොට නං හොඳටෝම දිය බේරල ගෙනියන්න ඕනෙ. නැත්තං මෝලෙ එකා බනිනව.


පිටි හලන්නෙ පෙනේරෙං. ඒකනං ඉතිං තාමත් තියෙනවනෙ. ඒ උනාට පෙනේරෙ ගැට්ටට උඩිං කැට විසි නොවෙන්න පිටි හලන එක වෙනමම පුරුද්දෙං කරන්න ඕනැ දෙයක්.


මෙතැනිං කැඋං හැදීම ගත්තත් එතනත් තුං දෙනෙක්වත් ඉන්නව. එක්කෙනෙක් කැඋං උයනව. තව එක්කෙනෙක් ලිපට දර දැමීම, ලිපට පිඹීම ආදී ආවතේව, තව එක්කෙනෙක් එතන ඉඳං කයිවාරු කියෝනව. කැඋං බාන ඇතිලිය පිරෙනකොට ඒක ලොකු මුට්ටියට හිස් කරනව. කැඋං උයන අයට පැය බාගෙං බාගෙ කහට වක්කොල්ල දෙනව. අනික් කැවිලි පෙවිලි හැදීමටත් ඒ වගේම කට්ටිය.


අපේ ගමේ තියෙන්නෙ කාමර දෙකයි කුස්සියයි වගේ තියෙන පොඩි ගෙවල් හිංද මඩුවක් ඕනැමයි. මඩුවක් කිව්වට දෙකක් ඕනැ. එකක් හදන්නෙ කුස්සිය පැත්තෙ. මගුලක් වගේ සෑහෙන සෙනග එන උස්සවේකට උයන්න ගෙවල්වල හුණ්ඩු කුස්සි මදි හිංද වෙනම මඩුවක් ඕනි. කුස්සිය පැත්තෙං පිලිකන්නට වෙන්න ගෙයි බිත්තියටම අල්ලල හදන ඒ මඩුවට ටකරං හෙවිල්ලල වටේටත් බිම දිගේ හරස් අතට ටකරං හේත්තු කරල ආවරනය කරනව. ඒ බල්ලො පනිනවට. මේ මඩුව ඇතුලෙ තමයි මගුල් දවසට එන සෙනගට බත්, හොදි හදන්නෙ.


මේ වගේ උස්සව වලට කෙහෙල්කං තියෙන්නම ඕනෑ. ගමවටේ ඇවිදල උත්සවේ දාටම ඉදෝගන්න පුලුවං ගානට පැහිච්චි කෙහෙල්කැංවල අයිතිකාරයින්ට වෙනමම කියලා එව්වා වෙංකරගන්න ඕනැ. එව්වා කපාගෙන එන්නෙ උස්සවේට දවස් හය හතකට විතර උඩදියි. බොහෝ තැංවලිං නොමිලෙම කෙහෙල්කැං ලැබෙතත්


“එහෙම හරිනෑනෙ කීයක් හරි ගනිං“


කියා බොරුවට සාක්කුවෙං සල්ලි ඇදලා දෙන්න වගේ හැදීමත්.


“නෑ. නෑ ඕනැ නෑ. පිස්සුද? උඹලෑං සල්ලි ගත්තැහැක්ද? අපිට උඹලැං කොච්චර උදව් තියේද?“


කියා සල්ලි ප්‍රතික්ෂේප කර පස්සෙ වෙලාවක මේවටත් හරියන්න බොගෙං අල්ලන්නං යයි සිතීමත් චාරිත්‍රයක්.


ඔය විදිහට කෙහෙල්කැං හයක් හතක් හොයාගත යුතුයි. මෙයිං එක කැනක් ආනමාලු හෝ ඇම්බුං ආදී දිග විසාල කෙහෙල් වර්ගයක එකක් වෙන්න ඕනැ. සමහර කෙහෙල් කැං නිකං තිවුනත් මගුල දාට ඉදෙතත් සමහර ඒවා වලේ දමා ඉදවන්න ඕනෑය. ඒකට කෙහෙල් කැං ගාන අනුව සුදුසු දිග පලලිං යුතු වලක් කපන්න ඕනෑ. ඉං පස්සෙ කෙහෙල් පරඬැල්, පොල් අතු ආදිය ඒ වලට දමා ‘වල පුච්චන්න‘ ඕනැ. එහෙම පුච්චපු වලේ අඩියට කැප්පෙට්ටිය අතු දාල එයිට උඩිං කෙහෙල් කැංපිටිං හෝ ඇවරි විදිහට අහුරන්න ඕනැ. ආයි ඒ සේරම වැහෙන්න කැප්පෙට්ටිය අතු දාලා වල ආවරණය වෙන්න ලැලි අහුරලා ඊට උඩිං පස් දානව. හැබැයි ඒ අතරිං හීං සිදුරක් ඉතුරුකරල එතැන්ට කට පිටට හිටින්න හිල් පොල්කට්ටක් තියනව. ආං එතනිං තමයි උදේ හවස වලට දුං පොවන්නෙ. ඒ පොල්කට්ට ඇතුලට පොල්මුඩු ටිකක් දාල ගිනි අඟුරක් දාල කුල්ලක් හෝ කොලපතක් ඇරං පවං ගහනව. එතකොට එන දුංටික සේරම අර පොල්කට්ටෙ හිලෙං වලට යනව. දුං පොවල ඉවරවෙලා අර පොල්කට්ට තව හිල්නැති පොල්කට්ටකිං වහනව. නැත්තං දුං පිටවෙනව. මෙයිට අමතරව ඇවරිකපල දුමෙං තැබීම, ආරෙ හාරල මිරිස් කරල් දාල පිච්චීම, රත් වෙච්චි යකඩෙකිං ආරෙ හිල්කිරීම, ගෝනියකිං වහල හඳුංකූරු පත්තු කිරීම, කැප්පෙට්ටිය අතුවලිං වහල පෝරකවරෙක දාලා තැබීම ආදී කෙහෙල් ඉදවීමේ ක්‍රම රැසක් තියෙනව.


කේටරිං සේවා නොතිබිච්චි හිංද මගුලකට ඕනැ පිඟං කෝප්ප ආදියත් හොයාගන්න ඕනැ ගමෙංම තමයි. ඒ දවස්වල අපේ ගමේ ගෙවල්වල ටීවියෙකක්, රේඩිවේකක් ඇරුනහම තිවිච්චි වටිනාම දේ තමයි පිඟං, පීරිසි කුට්ටං, පළඟාං ආදී භාජන. සාලෙ කැබිනට්ටෙහෙක අහුරල හැමෝටම පේන්න පිඟං, වීදුරුබඩු තියන්න ඕනැ. ඒ කාලෙ ගෙදරකට හොරෙක් පැන්නත් උස්සන්නෙ අල්මාරියෙ තියෙන සල්ලියි, රේඩිවේක නැත්තං ටීවියෙකයි, වීදුරු පිඟං බඩුයි. කොහොමත් ඒ දවස්වල වීදුරු, පිඟං බඩු කියන්නෙ ගෙදර කාන්තාවගේ බූදලයක්.


ඉතිං වීදුරු පිඟං බඩු ඉල්ලා ගැනීම ටිකක් අමාරු වැඩක්. දන්න හැටියෙ කනිපිංදං කියල තමයි ඉල්ලගන්න ඕනැ. සමහර වෙලාවට ඉස්කෝතු පෙට්ටියකුත් අරං යන්න වෙනව මේ වැඩේට.

“මේ මෝස්තරේ පිඟං දැං කොහෙවත් නෑ. මෙව්ව එකක් හැත්තැ පහක් වෙනව“

“මේ පලංගම හම්බඋනේ අපෙ කොල්ලට. ඌ ගියාවුරුද්දෙ කැටගහල දිනුවං හම්බුවෙච්චෙක“

“මේං මේ සත්තරං පාට ඉර ගහපු පිඟංටිකනං දෙන්න හැටියක් නෑ. මෙව්ව මේ පෙරහැර පොලෙං ගෙනාවෙ. මේව රට පිඟං ජාතියක්. රත්තපුරේවත් නෑ මේවනං“

ආදී වසයෙං කියන පූචානං සේරමත් අහල

“මං මෙව්ව පරිස්සං කොල්ල ගෙනත් දෙන්නං“

“ආයි කවුරුවක් මොටදැ මංම ගෙනැත් දෙන්නංකො“

“ඕං මෙතන එක්කොම ජාති පහකිං හය ගානෙ පිඟං තිහක් තියෙනව නැංදම්මෙ“

“නෑ. නෑ පද්දො, රදවු එහෙම එකෙට්ටවත් මේව දෙන්නෑ, කොහොමටත් ගොයිගම ඈයිංට ඇරෙන්න අනික් උංට දෙන්න පරණ පිඟං වෙනම තියෙනව.“


ආදී පොරොන්දු ගානකුත් දීල තමයි ඔය පිඟං වීදුරු බඩු ඉල්ලං එන්නෙ. සමහර වෙලාවට ගෙවල් කීපෙකිං එකම මෝස්තරේ පිඟං බඩු ගෙනාවහං මාරුවෙන හිංද ලැකර් ටිං එකක් අරං ඒවයෙ යටි පැත්තෙ අයිතිකාරයගෙ නමේ අකුරු ලියනව.

අපේ ආච්චම්මගෙ පිඟං බඩුවල ලියන්නෙ මාමගෙ නමේ මුල් අකුර වන  ‘උ‘යන්න. කරුණාරත්නල කීප දෙනෙක් ඉන්න හිංද වංගුවෙ කරුනාරත්නගෙ පිඟං බඩුවල ‘වක‘ කියලත් මඩුගෙයි කරුනාරත්නගෙ පිඟං බඩුවල ‘මක‘ කියලත් ලියනව. හොඳ වෙලාවට පහලගෙදර කලුවගෙ ගෙදර උංටවත් කන්න බොන්න හරිහමං පිඟානක්, කෝප්පයක් තරම නැත. ඩබ්ලිව්. මේරිනෝනා උපාසිකා මාතාවට පිං පිනිස දරුවං විසිං පරිත්‍යාග කරන ලදී  ආදී වසයෙං කියල ඇතුල් පැත්තෙ ලියාපු තසිං ආදිය පංසලේ ඕනැහැටියට තියෙන්නේ දානවලට ගන්නට උනත් සමහර වෙලාවට පංසලේ හාමුදුරුවංගෙං ඒවා උනත් ඉල්ලා ගන්නට පුලුවනි. පිඟාන පිරෙන්න කැවිලි දැමූවිට අකුරු පේන්නේ නැත. අර විදිහට අකුරු ගහන්නේ හාමුදුරුවෝ වළඳා අහවර වී භාජනේ අඩිය පෑදුනු විට අඩිය දිහා බලාගෙන පිංදීම පිණිස විය හැකිය. මේ සේරම පිඟං බඩු ගෙනැත් හයිය තියෙන මේසයක් යට හෝ ඇඳක් යට තැබිය යුතුය. නැත්තං කොයිකෙක් හෝ පයිං ඇනගෙන යාමෙන් හෝ මොකක් හරි ඒවා උඩට ඇදං වැටීමෙන් විනාස වෙන්නට පුලුවන.

160 comments:

  1. අපූරු විස්තරයක්

    ReplyDelete
  2. අපේ ගමේනම් තාමත් ඔහොමයි.

    බොලැයි ආච්චම්ම අපේ පැත්තෙනෙ. එහෙනං කතා දෙකක් නෑ.

    මේකෙත් තව තියෙනවැයි?

    ReplyDelete
    Replies
    1. බොලත් එතකොට පඬුවස් නුවර හදන්න පස් දීපු කෝරලේද?

      Delete
  3. යකෝ මාසයක් අර කෙල්ලව නාන්නෙත් නැතුව කාමරේ හිර කොරල තිව්වම, අනේ මංද.

    ReplyDelete
    Replies
    1. මාසෙයක් නොනා ඉන්න එකනං මහත් පුරස්නයක් තමයි. මට දැනුයි ඒක කම්පනාවට ආවෙ.

      Delete
  4. ඕකට අතදික්වෙනව කියලත් කියනව බං

    ReplyDelete
    Replies
    1. අත දික්වෙනව? ඒක කියන්නෙ කොල්ලොංට නෙවෙයිද?

      Delete
  5. යකෝ ජම්බු ගහ පැලවෙච්ච තැන ඉඳලම මෙතන විස්තරේ තියෙනවනෙ.

    //අලුව ගල්වෙන්නත් පුලුවං. එහෙම වෙච්චි අවස්ථා මගෙ ජීවිතේදි මගෙ දෑහිංම දැකලත් තියෙනව.// ඒ කියන්නෙ එතන ඇස්වහ ගහල තියෙන්නෙ ඉතිං උඹම තමයි නේද?

    //අර විදිහට අකුරු ගහන්නේ හාමුදුරුවෝ වළඳා අහවර වී භාජනේ අඩිය පෑදුනු විට අඩිය දිහා බලාගෙන පිංදීම පිණිස විය හැකිය.// පිඟානෙ නම ගහන්නෙ මේකටය කියල අදනෙ දැනගත්තෙ.

    ReplyDelete
    Replies
    1. මගෙ තියෙන්නෙ රිවස් ඇස්වහ. ආයි කාටහරි කෙලවෙයං කියපිනං පහුවදා උට මහජන සම්පතත් ඇදෙනව.

      පිඟානෙ නම ගහන හේතුවද? ඒක මගෙ පරිකල්පන සත්තිය මගිං හොයාගතතුව

      Delete
    2. //සමහරුංගේ ඇස්වහ කටවහ තියෙන හිංද ඒ වගෙ අය බලං උන්නොත් කැවුං හයිය වෙන්නත්, අලුව ගල්වෙන්නත් පුලුවං. එහෙම වෙච්චි අවස්ථා මගෙ ජීවිතේදි මගෙ දෑහිංම දැකලත් තියෙනව.// අම්මප ? මට නම් සුවර් නැහැ

      Delete
  6. අරෙහෙම කෙහෙල් ඉදෙව්වම මාර රහයි..
    පහල ගෙදර කළුවා ලෑ දිහා පිඟන් තිබ්බනම්.. හැක හැක හැක..

    ReplyDelete
    Replies
    1. පුවක්වත්තෙ කරුණාදාසගෙ ගෙදරත් පිඟං තියෙන්න නෑ මම හිතන්නෙ.

      Delete
    2. වෙියංගොඩ සිරිවර්ධන
      හුළංගමුවෙ තිලකරත්න
      කැකිරිකොටුවෙ රිවස්සිඤ්ඤො (විදානෙ නෙමෙයි)
      පිටකොටුවෙ ඩික්මන්

      තව කල්පනා උනොත් දාන්නං...

      Delete
  7. වියදං කරපු ගානට ටාගට් කවර් කරගන්න බැරි උනොත් ඊට පස්සෙ ගහෙං වැටෙන්නෙ ගෙදර පිරිමි උන්දැ තමයි.

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙම තමා. හිටිංකො වැට නොපැන.

      Delete
  8. //හැම කොටහලුවකදීම පනයනකං පිටි කෙටීමත් හැලීමත් සිද්දවෙන හිංදා ඒක කොටන හලන උත්සවේ හෙවත් කොටහලු උත්සවේ වුනා වෙන්ටැති.//
    දැනුයි මට කම්පනාවට ආවේ :)

    ReplyDelete
  9. 1980 ගනන් වල අග බාගෙ වෙනකම් අපේ ගම් වලත් විදිහ මේකමයි.
    අපේ නෑනත් කොටහළු වෙලා තැම්බුන් හොදියි බතුයි කද්දි , මස්සිනා වෙච්චි මම කොහොම හිත්වේදනාවකට පත් උනාදා කිවුවොත්, කොහොම හරි බත් ටිකක් කාමරේට යවන්නත්, ජනේලෙ ගාව බිත්තියේ තීන්ත ගාල පේමන්ට් එකෙත් තින්ත ගාල ෆ්ලෝ පේන්ට් වලින් බිත්තියේ ඉරකුත් ඇන්දෙ නෑන වෙනුවෙන්මයි.
    කැවිලි හැදිල්ල ගැන කියද්දි මතක් වෙන්නෙ ඒ කාලෙ අවුරුද්ද. වෙනද වගේම අපූරුයි සුරංග.

    ReplyDelete
    Replies
    1. ඔච්චර උනන්දු උන නෑනව සැටමෝල් කරගන්න ලැබුනැයි?

      Delete
    2. උන්දැ මාත් එක්ක සැට් උනේ කොටහළු වෙන්න කලින්, කොටින්ම සුභාරංචියත් කලින්ම කිවුවෙ මට. කොටින්ම කිවුවොත් " කෙල්ලෙ අහක් වෙයං " කියල ආච්චි බනිද්දිත් උන්දැ හිටියෙ වංගෙඩියෙ වලේ ඉදගෙන. එතනින් නැගිටල ගිහින් ටිකකින් තමයි මට කිවුවෙ. සති එකහ මාරක් ජනේලෙ ගාවට ගිහින් කතා කලා. අපේ මව් ගේ දැඩි විරුද්ධත්වය නිසාම ඊට අවුරුදු දෙකකට පසු වැඩේ නැවතීමට අප දෙදෙනාටම සිදු විය.

      Delete
    3. ජය වේවා ! නැතිනම් මෙලහකට කම්මලා නැත !

      Delete
    4. සක්....දුකක් වගේ මොකකදෝ එකක් දැනුනෝ කම්මලේ....

      Delete
    5. දුක් වෙන්ඩ කාරී නැත....
      තවමත් කම්මලේ ජනේල ගාව ඇත !

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. චෙෆාකි , හම් .......මතක් වෙද්දි හිතට හරි අමාරුයි තාමත්..

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. අඩේ.. හෙන අප්සට් කම්මලයියේ...

      Delete
    10. කෙල්ලන්ටත් වංගෙඩි වල වාඩිවෙන්න තහංචිද?? කොල්ලන්ට නම් ඉස්සර බනිනවා. ආච්චිත් මට බනිනවා මතකයි.. කොල්ලො වංගෙඩියේ වල පැත්තෙ වාඩි උනොත් පස්සෙ කාලෙක "ලබ්බ බහිනවලු"...

      Delete
    11. අම්මගෙ විරුද්දත්වය කියල කම්මලය කියන්නෙ බොරු බොලව්..නෑනගෙ කොටහලු නැකත් පලාපල වල මෙහෙම තිබ්බලු " මේ කුල කුමරිය ඉතා පින්වත්,නැණවත් ස්වාමි පුරුෂයකු ලබනු ඇත" ඔන්න ඔහොම.

      ඒ පාර නෑනම කිව්වලු අනේ අයියෙ පලාපල වලට අනුව මට කවදාවත් ඔයාව බඳින්ට වෙන්නෙ නැතිය. ඒ හින්ද අපි මේ ආස්සරේ නවත්තමුය කියල.ඔන්න ඔහොමයි වැඩේ උනාය කියන්නෙ..අම්මගෙ විරුද්දත්වය..පල කම්මලයො පච කෙලින්නෙ නැතුං

      Delete
    12. හැක්... කම්මලය අමාරුවෙ වැටෙනව බලන්න සෑහෙන්න සෙට් එකක් ඉන්නවනෙ.

      Delete
    13. සජ්ජා, මම පොඩ්ඩක් අඩුවෙන් කිවුවෙ ආච්චි කිවුවෙ " කෙල්ලෙ #කේ ගෙඩි දායි , ඔතනින් අහක් වෙයං " කියල තමයි කිවුවෙ.

      රවි අයිය, ඒකෙ තිබ්බෙ සුවච කීකරු ස්වාමි පුරුෂයෙක් ලබනු ඇත කියලලු. ඒක වෙන්න ඇති අම්මට හිතෙන්න ඇත්තෙ ගැලපෙන්නෙ නෑ කියල.

      Delete
    14. නෑ නෑ රයිය කිව්ව දේ තමා මටත් හිතෙන්නෙ...

      Delete
    15. කම්මල ඒකාලෙ ඩබල් වැඩ නැද්ද?

      Delete
    16. ප්‍රා - අප්පේ අහපු කැත, මොකෝ නැත්තෙ ඒ කාලෙ හරියට ඩබලෙන් වැඩ ගත්ත.

      Delete
    17. This comment has been removed by the author.

      Delete
    18. පොච්චියේ..... හෝස් ගාලා ගියා ඔන්න.. (පපුව යකෝ..)

      Delete
    19. මං හිතන්නෙ කම්මල් එකපාර දෙකක් කරන්නැති. දෙක එකිනෙකාට මාට්ටු වෙලා දෙකම නැතිවෙන්නැති.

      Delete
  10. අද වගේ බඩු භාණ්ඩ කුලියට දෙන තැන් තිබුණේ නැති ඒ කාලෙ මේස පුටු වලං පිඟන් හොයන්න කොල්ලො ගම වටේම ගෙවල් ගානෙ ගියා.

    ReplyDelete
    Replies
    1. අපේ කිරිඅම්ම ගාව තිබ්බ 'ජොන්සන්' කියල පිගන් 24 කුයි පලගාන් 2 කුයි. ඒක දෙන්නෙ තෝරාගත් පවුල් කීපයකට විතරයි.ඒකත්‍ දෙන්නෙ හරියට වර්ණනා කරල.

      Delete
    2. අද තියනවානම් ඇන්ටික් කඩේකට විකුණලා කාර් එකක් ගන්න පුළුවන්.

      Delete
    3. මගෙ ලග පිගන් 12 යි 1 පලගානකුයි තිබේ. සිරාවට එච්චර වටිනවද ?

      Delete
    4. මගෙ ලග පිගන් 12 යි 1 පලගානකුයි තිබේ. සිරාවට එච්චර වටිනවද ?

      Delete
    5. 24 යි දෙකක්ම තියෙන එකේ 12 යි 1 කුයි කාටහරි දීල දාහං.

      Delete
    6. ඒ පරණ එව්වට කියන්නෙ චීන පෝසිලෙන් සෙට්. එව්වා චීන උනාට හරි ගණන්ලු ඉස්සර. අපේ මහගෙදර තියනවා තාම. මට මතකයි ඉස්සර ඔව්ව බින්දුනත් විසි කරන්නෙ නෑ.. කටු ටික තියල තියනවා. ගෙවල් එහෙම හදනකොට ඒ කටු එක එක මෝස්‌තර වලට අල්ලල සිමෙන්ති දාන්නේ. බුදුගෙවල් වල එහෙමත් ඔය විදිහේ පිඟන් කැටි මෝස්‌තර දාල තිබ්බ ඉස්සර. සුරංගය ලැකර් වලින් නම ගහනවා කියල තිබ්බ. අපේ එව්වා වල ඉස්සර නම් ලිව්වේ ගුරු ගලකින් ( ගුරු පාට බොරළු කැටයක් දෙකට කඩල ඒකෙන් ලිව්වම පිඟන් වල පිටිපස්සේ ඒක සම්මජ්ජාතියකට මැකෙන්නෙ නෑ)

      Delete
    7. එහෙම පිඟන් කටු අල්ලල තියෙනව මඩුවන්වෙල වලව්වෙ.

      Delete
    8. සජ්ජා, ගුරුගලෙන් ලියන සීන් එක ඇත්ත. හැබැයි ඒක කරන්නෙ පිඟන් බඩු ණයට දෙන අයිතිකාරය. ලැකර් වලින් ලිව්වහම නිය ගහලා මකලා දැම්ම හැකි පස්සෙ.

      Delete
    9. මඩුවංවෙල වලව්වෙ තියෙන්නෙ ඉංගිරිසි පිඟං කටු නේද? රැජිනගෙ කාසි හිටං තිවුන කියන්නෙ.

      Delete
    10. පරණ ජොන්සන් පිඟානක් ඩොලර් 20 වගේ වෙනවා.

      Delete
  11. කියන්න දෙයක් නෑ ආයෙ පරිපූර්ණ විස්තරයක්

    ReplyDelete
    Replies
    1. තව ඉවර නෑ. තව පුරවන්න තියෙනව

      Delete
  12. දැන්නම් ගැට්ට උඩින් විසිනොවෙන්න පිටි හලන්න අමාරුයි කොච්චර උත්සාහ කලත්. හ්ම්......

    ReplyDelete
    Replies
    1. මේ ලිපියේ සිංහල බස හදන්නේ නැද්ද .නැට්ට කොට බව පේනවා

      Delete
    2. @ Anonymous December 19, 2015 at 2:43 AM

      නෑ පද්දො, රදවු එහෙම එකෙට්ටවත් මේව දෙන්නෑ

      Delete
    3. විචා
      ඒකට අතේ හුරුව ඕනැ. අතේ හුරුව

      Delete
  13. දැන් ඔය ජාතියෙ උත්සව නෑ නේද?

    " නෑ පද්දො, රදවු එහෙම එකෙට්ටවත් මේව දෙන්නෑ, කොහොමටත් ගොයිගම ඈයිංට ඇරෙන්න අනික් උංට දෙන්න පරණ පිඟං වෙනම තියෙනව.“

    මේ වැඩේ ඇත්තටම කරනව ද ?

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර අඩු කුලේ උන්ටයි දෙමලුන්ටයි දෙන්න වෙනම පිඟානකුයි කෝප්පෙකුයි තිබුනා.
      මම ඒ කෝප්පෙන් වතුර බිව්ව කියල අක්කයි අය්යයි සෑහෙන කාලයක් යනකල් මට හකුරා කියල කිව්ව.

      Delete
    2. මේවගේ විකාර තියෙන්න ගම්වල විතරයි නගරබදව නම්දකින්නවත් නැ

      ටෝයියෝ බයියෝ අතර වෙනස [දේශපාලනිකව නොවේ ]

      Delete
    3. ඇනෝ 2.49am..නිකමට වගේ සන්ඩේ ඔබ්සර්වර් එකේ මැරේජ් ප්‍රොපෝසල්ස් ටික කියවලා බලන්නකෝ..එතකොට ඔය හිතා ඉන්න එක වෙනස් වේවි.....

      Delete
    4. අපේ ගමේ එහෙම තමයි. තිත්ත උනත් ඇත්ත. සිංහල ගොයිගම එවුං මහ ඉහලිං.

      Delete
  14. කෙල්ල ගෙට වුනා කියල කියන්නෙ අපේ පලාතෙ.

    ReplyDelete
  15. පණ පිහිටෝලා ලියල තියෙනවා.....

    අපේ පැත්තේ කෙහෙල් ඉදවන්ඩ දාන්නේ කැප්පෙට්ටිය අතු නෙමේ, බිලිං කොළ..... මම වැරදිද මන්ද අප්පා..... ඉඳපන් අම්මගෙන් අහලා එන්ඩ....

    ඔව් ඔව්... බිලිං කොළ තමයි......

    ReplyDelete
    Replies
    1. පිදුරු උඩින් බිලිං කොළයි ගම්මිරිස් කොළයි දානව.දුම් ගහල ඉදවපු කෙසෙල් කැන් ගොඩගද්දී මැලවුන කොළවලින් හමන සුවඳ මට නං හරිම මිහිරියි.දැන් නං කෙසෙල් කැන් බින් කරන්නෙ නැති තරම්.

      Delete
    2. හපොයි හැලපේ මගේ කමෙන්ටුව දාලා..ඒ සුවඳ මේ දැනුත් දැනෙනවා වගේ..ඒ වගේම දුං පිඹිනකොට ටික වෙලාවකින් වල වහල තියෙන කෙසෙල් පොල් කොල උඩ ඇතුරපු පස් වලින් ඒ දුං ලීක් වෙනකොට මාර ගතියයි..හරියට මී දුම් බාලා වගේ....හපොයි ආපහු ඒ කාලෙට යන්න හිතෙනෝ....

      Delete
    3. අද නම් රෑට පෝර උරේක දැම්මම. උදේම බඩුම තමයි..

      ඇයි බං ඉස්පීකර් ගස් බඳින එක. එතකොට අර ගේ ඉස්සරහ මඩුවේ බැලුම් බෝලයි ක්‍රේප් කොලයි එල්ලන එක. අපේ තාත්තා ඕවට කියන්නේ සවරං කොල කියලා..

      මම ඒ කාලේ දාගෙන උන්න කෑල්ලක් ළොකු වෙලා ඒක දකින්න නැතුව ජනෙල් වලින් එබෙන්න ගිහින් අම්බානක ගුටිත් කෑවා.. ආදරයට කොහෙදෝ බාදා නැත්තේ...

      Delete
    4. හැලපයියේ , අපේ ගෙවල් වල පිදුරු දැම්මේ නෑ ..... කෙහෙල් බිං කරන තැන් (පරණ විදිහට) කොහෙවත් නෑනේ ....

      දෙන්ඩද බිලිං කොළ ටිකක් ඉදව ගන්ඩ ?

      Delete
    5. අපේ පැත්තෙ දාන්නෙත් කැප්පෙටිය කොළ. බිලිං කොලත් දානවා. ප්‍රධාන කැප්පෙටිය කොළ. මකුළු දැල් කඩන්න ගන්නෙත් එවවනේ... කොළ වල තියන බූව නිසා මකුළුදැල් හොඳට ඇලිල එනව. ඒ වගේම කොළ වල සැරට මකුළුවෝ ආයෙ ටික කාලෙකට දැල් බඳින්නේ නෑ.. දුම් ගහන සීන් එක ඉස්සර මාත් කරලා තියනවා... දැන් නම් මොනාද, එත්‍රල් ටිකක් බණ්ඩාර වහල්ල කපල එතන ගෑවම පහුවදාට බඩු ඉදිලා..

      Delete
    6. කොයික හරි ටිකක් සැර කොල ජාතියක් තමා ඕනැ කරනව ඇත්තේ. අපේ බොස්නං මකුලුදැල් කඩන්නෑ. මදුරුවො පටලැවෙන්න කියල තියා තියනව.

      Delete
  16. තාත්විකයි. මේ සිදුවීම් මේ තරම් පැහැදිලිව මතකයේ රැඳීම ඉතින් සුරංග ස්ටයිල්ම තමා. මේ සිදුවීම් මාලාවේ ( කොටහළු මංගල්‍ය යේ) දෙවනි භාගයේදී එකතු වෙන සාජ්ජය බජව්ව නිසා අලංකාර වෙනවා. ඊට අමතරව ඔය ගෙට වෙච්චි කෙල්ලට කවුරු හරි ගැටයෙක් ඇල්ම බැල්ම දානව ඒකිගේ මාමා කෙනෙක් අයියා කෙනෙක් වැනි වැඩිහිටි පිරිමි පාර්ශ්වයේ කෙනෙක් ඇහැ ගැහුනොත් ඇරඹෙන ගුටි කෙලි පිහි ඇණුම් වලින් වර්ණවත් වෙනවා. ලියමු ලියමු ඉතිරි ටිකත් ඉක්මණට.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ අතුරු විස්තර...

      Delete
    2. සුජී
      කෙහෙල්කැන වැට පනීද? මට ලියන්න දෙයක් නැතිවෙයිද?

      Delete
  17. මේ තියෙන්නෙ මට වෙච්ච හරිය...
    (කතාවට හරියන්න පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නෙ...)

    හොඳ වෙලාවට ඔය ගොඩක් විකාර චාරිත්‍රවලට පයින් ගහපු දෙමව්පියො මට හිටියෙ... ඔය අරක නොකෙරුවම මෙහෙම වෙනවයි කියපු දේවල් හරියට උනානං මෙලහට මාව වළලපු තැන් වල ගසුත් පැළවෙලා...

    ReplyDelete
    Replies
    1. මට මැවිල පේනව මුංදැව රෙද්දකිං වහල ගෙනැත් වතුර කොරහෙං මූනත්තහඩුව පෙන්නල පොලේ බිඳිනව

      Delete
  18. එක අතකට මේ දේවල් එක්ක බලද්දී දැන් කොච්චරනම් වෙනස් වෙලාද හැම දෙයක්ම.

    ReplyDelete
    Replies
    1. දැනුත් එතරං වෙනසක් නෑ වගේ

      Delete
  19. කාල වෙලාවට ගහෙන් වැටුනේ නැත්තම් දොස්තර කෙනෙක් ගාවට ගිහින් ජම්බු ගහෙන් තල්ලු කරල අරින ක්‍රමයකුත් තියෙනවලු

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ ඉන්නව ජම්බු ගහෙං නොවැටිච්චි වයස විසි දෙහෙක ළදැරියක්

      Delete
  20. එක ගෙදරක කෙල්ලෝ දෙන්නෙක් හිටියා ලු...
    අක්කා ගහෙන් වැටිලා උත්සවය ට දින එහෙම දාගෙන උත්සවය කරන්ට ඉන්න කොට නංගිත් ගහෙන් වැටුණා ලු...
    දෙන්නාගේ උත්සව දෙක එකකින්ම ඉවර කර ගන්ට ගෙදර අය ලෑස්ති වුණා ලු..
    ඔය සීන් එකේ රෙදි නැන්දෙක් ඉන්නවා. ඒ වගේම රෙදි අන්දවන සීන් එකකුත් තියෙනවා මගේ හිතේ...
    ඉතින් ඒ රෙදි නැන්දා අක්කාට ගෙනාපු රෙදි ටික විතරයි තියෙන්නේ ලු...
    එයා ඒවා දෙකට ඉරලා තමයි අක්කාගෙයි නංගිගේ වැඩ දෙකම එක වැර කරලා තියෙන්නේ...
    දෙන්නාටම රෙදි මදි වෙලා ලු...
    ඉතින් එතනින් තමයි ඔය කියන නම ආවා කියන්නේ...
    "කොට + සළු = කොටසළු" වෙලා, පස්සේ
    "කොටහළු"
    කියන නම හැදුණා කියලා තමයි මම අහලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔය විදිහට බැලුවොත් වවුචරේට රෙදි අරං ගවුං මහන සේරම පාසල් දැරිවියො කොටහලු වෙයි වගේ. හරිනං මේ වචනේ සමාජගත කරල කොටසලු අන්දන්න ඕනැ එදාට

      Delete
  21. අපි කියන්නෙ ඇටෙං පොත්තෙං පයිනව කියල. මම හිතන්නෙ ඔය ලොකු ලොකු උදවිය ඇටෙං වෙනව කියල හදාගෙන තියෙන්නෙ ඒකෙං වෙන්න ඕන.

    ආය හිබිඩ්ඩෙන් පයිනව කියලත් කියනව. එහෙම කියන්නෙ නම් නාහෙට නාහන කොල්ලො.

    ReplyDelete
    Replies
    1. කොයි මේ රවි මහත්තැං උන්නට ඉංගිරිසි මලපොතේ අකුරක් දන්නවෑ. ඔය ඇටෙන් කියන්නෙ Attend puberty කියනෙක. ලියාගන්න අල්ලෙවත්

      Delete
  22. සුරංගේ ... නියම විස්තරයක් චිත්තරයක් මැවෙන්න ලියල.. ඔය කොටහළු සීන් එකෙදී මගුල ලොකුවට කනවා කියන්නෙ කෙල්ල පැනල යනවයි කියල මල්වර නැකතට කියවෙන නිසාවට කියල මතයකුත් තියනවා. මගුලක් ලොකුවට කන්න හම්බවෙන්නෙ නැති නිසා කොටහලුව ලොකුවට ගන්නවලු. අපේ පති වල නම් ඔව්වට පිරිමි යන්නේ නෑ පවුලේ ළඟ උදවිය ඇරෙන්න. එහෙම යන එක නෝන්ඩි වැඩක් විදියටයි සැළකුවේ. දැන් නම් එව්වා වෙනස් වෙලා.. මෝල් ගැන කිව්වම ඔය දෙමොලේ කොටන වැඩේ වගේම තවත් සීන් එකක් තියනවා "බිම් මෝල" කියල. බිමට ගල් ලෑල්ලක් අල්ලල හදපු තැනක් තියනවා පරණ ගෙවල් වල. වී කොටන්න තමයි භාවිතා කරන්නෙ. ගෑනු කට්ටියක් වටවෙලා මෝල් ගස් හතර පහකින් බිමට වී ගොඩක් දාල කොටනවා. අහකට යන වී කකුලෙන් ඇතුලට කරනව ගොඩක් වෙන්න කොටනගමන්ම. ඊට පස්සෙ කුල්ලෙන් පොලලා හාල් වෙන්කරගන්නේ. උඹලගේ පළාතේ කිතුල් මෝල් ගහට භාවිතා කරනව ඇති. අපේ පැත්තෙත් කිතුල් ගන්නව. නමුත් ඔරිජිනල් මෝල්ගහ කළුවර ලීයෙන් හදපු එකක්. මට මතකයි ඉස්සර ආච්චි ගෙදර බලල්ලුන්ට බල්ලන්ට බඩේ අමාරු හැදුනම මෝල් ගහ පිහියෙන් කුරුටුගාල දෙහි ටිකක් දාල එව්වා ටික බත් එක්ක අනල කන්න දුන්නම සනීප වෙනව.. එකට තියෙන්න ඕන කළුවර මෝලක්.

    ReplyDelete
    Replies
    1. කළුවර් ලීයෙන් හදපු මෝල් ගහ කුරුටු ගාල බත් එක්ක අනල බලලුන්ට දෙන එක අපේ අම්ම තාමත් කරනව , හැබැයි දෙහි දාන්නෙ නෑ. ගල් වංගෙඩියෙ හාල් කොටන්න ගන්නෙ පිත්තල විල්ලුවක් ගහපු කළුවර මෝල් ගහක්. ලී වංගෙඩියට යකඩ විල්ලුවක් ගහපු කිතුල් මෝල් ගහක්.
      ඉස්සර මෝල් ගහෙන් පිටි කොටල කුල්ලෙන් පොලල තමයි වී ටික අයින් කරන්නෙ , බෙලි ගැට තම්බල කුල්ලෙ ගාල වේලල හාල් අතුලට නොයන්න තමයි කුල්ල හදල තියෙන්නෙ. කුල්ලෙන් පොලන්න උගන්නන පොඩි කාලෙ ' දොයිය බබා ,දොයිය බබා ' අන්න ඒ තාලෙට තමයි පොලන්නෙ.

      Delete
    2. මෝල කුරුටු ගාල බෙහෙතක් විදිහට දෙන සීන් එක ඇහුවමයි...

      Delete
    3. කම්මල කිව්වහම මතක් උනා අපේ අම්ම ඒ කාලෙ හාල් පොළන සද්දෙ...

      /තවත් සීන් එකක් තියනවා "බිම් මෝල" කියල. බිමට ගල් ලෑල්ලක් අල්ලල හදපු තැනක් තියනවා පරණ ගෙවල් වල. වී කොටන්න තමයි භාවිතා කරන්නෙ. ගෑනු කට්ටියක් වටවෙලා මෝල් ගස් හතර පහකින් බිමට වී ගොඩක් දාල කොටනවා. අහකට යන වී කකුලෙන් ඇතුලට කරනව ගොඩක් වෙන්න කොටනගමන්ම./

      මේ වැඩේ හරි දක්ෂකමකින් කරනව මං දැකල තියෙනව, කාන්තාවො හතර දෙනෙක් කොටන ගමං, කකුලෙං වී ඇට තල්ලු කර කර වී ගොඩ වටේට කැරකෙනව. ඒක හරියට නැටුමක් වගේ...

      Delete
    4. අපේ ‘ටිකිරී සඳමාලි‘ට බඩේ අමාරු හැදුනම දෙන්නෙ කුප්පමේනියා. කලුවර කුඩු දෙන්නෙ ගුල්ම පනුවා මෝරපුහාම

      Delete
    5. "ටිකිරි සදමාලි"... මරු නම. අපේ නැන්දෙක්ගෙ ගෙදර (අර බැංකුවෙ සල්ලි දාල තියෙද්දි වෙන මිනිස්සු ඊට උඩිං සල්ලි දාල කිව්වෙ, ඒ නැන්දම තමා) බළලෙක් උන්නා, උගෙ නම "බාතිය සන්තුස්". තව අපේ ගේ ගාව ගෙදරක බල්ලො දෙන්නෙක් උන්න, එකෙක් "පගිරිස්" අනික "ජල්ටොං"

      Delete
    6. හුටා..ටිකිරි සඳමාලි කියන්නෙ බැළලියක්ය? දෙයියම්ප මම හිතාවුන්නෙ ඒ චූටි මැණිකෙගෙ නමය කියල. මම ඒත් දෙකක් දාගන්න ගමනුත් කම්පනා කොලා අඩේ ගුල්ම පනුවො එතකොට කුප්පමේනියා..මෙව්ව කොහොමද සම්බන්ද වෙන්නෙ කියල. ආයම මම උපකම්පනේ කොලා හරි හරි බජුල්ල පැත්තෙ බබලත්තු එහෙම වෙන්ටැ කියල..හෙහ්,හෙහ්..ඔන්න ඉතිං බලාපල්ලකො ඒකෙත් හැටි...:)

      Delete
    7. ඩැකී
      මේ අපේ ටිකිරි ගැන ලීයැහැකි කතා ගෝනියක්. ඒ උනත් බෑ. කවද හරි මේකි මළ දාට මට එව්ව පේනවා කියන්නේ දුකක්. චුටි මැණිකේ ගාවට මං වැඩියෙන්ම ආදරේ අපේ ටිකිරිට.

      රවී මහත්මා
      කට කට මේ මුන්නැහේ පස්දුන්රට කාංතාවකගෙන් අමතවාගන්නයි හදන්නේ.

      Delete
    8. ටිකිරි සඳමාලි ව අපේ බාතිය සන්තුස් ට කරකාර බන්දමුද? අපේ එකා බින්න බහින්ඩ කැමතියි...

      Delete
  23. තාමත් වැඩි හරියක් ගම් වල ඔහොම තමයි වෙන්නේ... ටවුම්වල කොහොමද කියලා මං දන්නෑ,හැබැයි මචෝ සුපිරි විස්තරයක්.
    සුබ නත්තලක්...

    ReplyDelete
    Replies
    1. දැං ගංවලත් වෙනස් ටිකක් විතර.
      මං ක්‍රිස්මස් නෙමෙයි මචෝ. මේ බලාං බෙල්ලේ චර්ච් එකකුත් නෑ (දන්නවනෙ කතාව)

      Delete
  24. කැවුම් කදක් දොර මුල්ලේ
    කොකිස් කදක් අර මුල්ලේ
    කෙහෙල් කැනක් උඩ එල්ලේ
    ඇයි අම්මේ ඒ

    නැවුම් කළෙන් දිය නාවන
    අළුත් ඇදුම් තෑගි ලැබෙන
    මලක් වගේ දූ සරසන
    නැකත ඇව්ල්ලා

    මං තනියම කාමරේක සෙල්ලං බෑ පෙර වාගේ
    යහළු ළමයි කල්ලි ගැහෙන සද්දෙ ඇහෙනවා
    යන්න හිතයි අම්මේ මට පාළු හිතෙනවා

    පුංචි කමට නුඹ හිතුවට
    පුංචි නොවෙයි දැන් දූ මට
    ඉස්සර වගෙ කට්ටි පැනලි දැන් නම් හොද නෑ
    හිතන්න දැන් පුංචි බබෙක් නොවේය කියලා

    ඇස්වහ නෑ මයෙ දෝනිට
    සිරියාවයි දූ හරියට
    හැම දෙවියෝ මගෙ දෝනිගෙ පිහිටට එනවා
    බුදු සරණින් හැම උවදුරු නැතිවී යනවා

    හිතට බරයි ඔය කතාව
    පුංචිනෙ මං අම්මෙ තාම
    හැමදාමත් පොඩි දෝනී කියා අහන්න
    මං ආසයි පොඩි ළමයෙක් වෙලාම ඉන්න

    ගායනය: දිලිනි හපුතන්ත්‍රි සමග නීලා වික්‍රමසිංහ
    පද රචනය: ආනන්ද හේවා රංහිඳගේ

    ReplyDelete
    Replies
    1. පට්ට සිංදුවක්නෙ. එම්පීත්‍රී එකක් හෙව්ව හෙව්ව නෑ. පොඩ්ඩක් ලිංක් එකක් දාන්න පුළුවං නං පිං... (බිංදු ගාන හරි නේ?)

      තව මේ වගේ සිංදුවක් තියෙනව ලයනල් රංවල කියන... "කෙළි පොඩ්ඩි ගෙට වීලා ව‍ාගෙයි නැන්දේ" කියල...

      Delete
    2. ටැංකිව් සිංදු... ටැංකිව්...!!!

      Delete
    3. ලස්සනම ලස්සන සිංදුවක්. අහලා තිබුනේ නෑ තැන්ක්‍යු වේවා..

      Delete
    4. අනේ සිංදු මචං ඔය සිංදු එකතු කරල මොහොක හරි දාල තියන්න. නැතිඋනොත් අපරාදෙ

      Delete
  25. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  26. වෙනද වගේම සුපිරි මචන්.. ඉස්සර කාලේ උත්සව ඔක්කොම සිද්ද උනේ ඔය ආකාරයටම තමයි කියල මතක් උනා බන්. දැන් කාලේ වගේ දවල් දොළහට ඇවිත් කාල හවස් වෙද්දී මාරුවෙන බිසී මිනිස්සු ඒ කාලේ හිටියේ නැහැනේ බන්. පොදි බැඳගෙන පවුල් පිටින් ඇවිත් සතියක් විතර නැවතිලා හිටපු කාලේ අදට වඩා හුඟක් සරලයි බන්. ගෙවල් ගානේ ගිහින් පුටු මේස එකතුකරන සිද්දිය උඹ ලියල නැහැනේ මේකේ. බිත්ති පාටකිරිලි, වතු සුද්ද කිරිලි , පුටු මේස ඇදිලි වගේ හතර හන්දි කඩෙන කොටහත් ලියහන් ඉතින්.

    ReplyDelete
    Replies
    1. යාං හෑල්ලට නෙලුම් යායෙන් සම්මානයක් ලැබුන කියල දැක්ක.. හදවතින්ම සන්තෝසයි සුරංග..උඹට තව තවත් රසබර අර්ථවත් දේවල් ලියන්න ශක්තිය දහිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා සුරංග..

      Delete
    2. ඒ එක්කොමත් ලියන්න ඕනැ. සුභාසිංසනයට පිං. අනේ අම්බලං මචෝ මට බොගෙ ටැලිපෝන් නොම්බරේ මේලක් දාපං

      Delete
  27. අපූරුයි සුරංග. ඉතාමත් රසවත් ලියවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගනිමු. ආයිත් එන්ට

      Delete
  28. කෝ මේ ශ්‍රංගය, කොටහලු වෙලාද?

    ReplyDelete
    Replies
    1. පැරණි සිද්දියක් නොවැ අහල තියෙන්නෙ

      Delete
  29. /රෑට නිදාගන්නත් පැදුරු, මාගල් ආදිය එක්කහු කරල සාලෙ බිම එලල දෙනව. එක පවුලෙ අය හිංදා සාලෙ එක පෝලිමට නිදාගන්න එක ගැටලුවක් නෑ./

    ඒ ගැන සෝයි කතන්දර ඔය ගමේ ගොඩේ කියවෙනවා මං අහල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී අයියගෙ ලේ තැන්පතුවත් ඉවරවීගෙන ගිහින්. ගජබින්නත් ඉවරයි. දැන් ඔය අහලා තියෙන කතා ටිකවත් ලියලා දාන්න. ඒවා මාරම රහ ඇති අප්පා.අලුත් අවුරුද්දෙ ඉඳලා ලියන්නකො.

      Delete
    2. කොයි. එව්ව ලියන්න කම්බිලියිලුනෙ. නැත්තං හෙනද මං අහන්නෙ එව්ව පහ හයක් ලීවාම

      Delete
    3. එපා එපා ලියන්නෙපා. (මෙව්ව ලියන්න කිව්වොත් ලියන්නෙම නෑ)

      Delete
    4. ඉඳපිය ඉඳපිය සතියෙං ලියනව...!!!

      Delete
  30. නියමෙට ලියල තියෙනවා, අපේ ගමේ නම් තාමත් කෙසෙල් ඉඩවනවා මේ ක්‍රමේට...
    ඊට අමතරව එක ගෙදරක තියෙනවා කෙසෙල් ඉඩවන්නම හදපු ලොකු ලී පෙට්ටියක්...
    ඒකට කෙසෙල් කැන් දාලා හඳුන්කුරු එකක් දෙකක් පත්තු කරලා දැම්මම වැඩේ හරි...

    ReplyDelete
    Replies
    1. හඳුංකූරු දෙකක් ඇද්ද? අපි නං වළට රතිඤ්ඤත් දානව...

      Delete
    2. යාපනේ පැත්තෙනං තාමත් කෙහෙල් ඉදවන්නෙ බිංබෝම්බ දාලලු

      Delete
    3. කෙහෙල් කොටුව පැත්තට හරෝල ක්ලේමෝ එකක් ඇටෙව්වනං කෙහෙල් කැන් තොගයක්ම ඉදවන්න තිබ්බා...

      Delete
  31. /පිටි කෙටීමට ගන්න මෝල් ගහ හදන්නෙ කිතුල් ලීයෙං. පොල් ලීයෙනුත් හදනවද මංද./
    ඩුවල් පර්පස් මෝල් ගහක් හදනව කළුවර ලීයෙං. ඒකෙං පිටි කොටනවට අමතරව, බලු පැටවුංගෙ බඩේ ගායට කළුවර මෝල් ගහ පිහියෙං හූරල ගන්න කුඩු, කිරිවලට කළවං කරල දෙනව.

    ReplyDelete
    Replies
    1. ඕක දෙන්නෙ ඒ සත්තුංගෙ බඩේ හැදෙන ගුල්ම පනුවව මර්දනය කරන්න

      Delete
  32. අර කවුද ගහකට නැගපු කතාවකුත් සුරන්ගම්ල්ර් බාගෙට කිව්ව නේද? බාගෙට කිව්වට සීයට පහක් විතර

    ReplyDelete
    Replies
    1. පන්සල් යාම... මං නිතරම මතක් කරනව මේ ‍යෝදයට.

      Delete
    2. ඒක ලියල ඉවර නැද්ද? ඉවරයි නේද?

      Delete
  33. /සමහර වෙලාවට ගෙවල් කීපෙකිං එකම මෝස්තරේ පිඟං බඩු ගෙනාවහං මාරුවෙන හිංද ලැකර් ටිං එකක් අරං ඒවයෙ යටි පැත්තෙ අයිතිකාරයගෙ නමේ අකුරු ලියනව./

    අපේ බාප්පගෙ (ඔව් ඔව් අර පුරසිද්ද වඳ බාප්ප තමා) මගුල් ගෙදෙට්ට අපේ තාත්තයි, මායි තව කොල්ලො දෙතුං දෙනෙකුයි ගියා ඔය වගේ පිඟං, පුටු එහෙම එකතු කරන්න. පිඟං වල අකුරු ගැහිල්ලට අමතරව, වෙනම සීආර් පොතක ලිස්ට් එක විදිහට ලියාගත්තත් එක්ක. "මාස්ටර් පුංචි - චොකලට් පාට පිඟං හයයි, බන්දේසියයි, ලී පුටු හතරයි (එකක කකුල කැඩිලා අණ්ඩ දමා ඇත.) හංදියෙ රාජා - කිරිතේ පාට පිඟං හයයි, තසිං හයයි" ඔය විදිහට. අපේ තාත්ත‍ගෙ එයාටම විශේෂ පාටවල් තිබුණා. කුණු ලේ පාට, චොකලට් පාට, කිරි තේ පාට, කෝපිකුඩු පාට වගේ පාටවල්...

    ReplyDelete
    Replies
    1. ගොමකොල පාට, සම්බෝල පාට(මේ පාට බලල්ලු ඉන්නව), පැණි පාට,

      Delete
    2. ඇයි. බොර පාට. කිරි පාට. එතනින් ගියහම වල් පාට. කරුණාවන්ත පාට.අහිංසක පාට. ඒවා මොන කලර් බෑන්ක් එකෙන් එනවද දන්නෑ නේද.

      Delete
    3. අපේ දිහෑ ඉන්නව සම්බෝල පාට බළලෙක්. පැණි පාට නං ඉතිං සුරංගගෙ ජාතික පාටනෙ.

      ළඟදි යාළුවෙක්ගෙ අම්මෙක් කිව්ව ඇඹුල් පාට බල්ලෙක් ගැන.

      සුජී කියපු පාට වලට නං මාව තාම කැරකෙනව... (බොන පාට ද දන්නෑ?)

      Delete
  34. /එහෙම පුච්චපු වලේ අඩියට කැප්පෙට්ටිය අතු දාල එයිට උඩිං කෙහෙල් කැංපිටිං හෝ ඇවරි විදිහට අහුරන්න ඕනැ./
    කෙහෙල් කැං පිටිං ඉදවලා, කෑම මේසෙ ගාව එල්ලන එක සකසුරුවම්. නැත්තං ඔය සමහර නැන්දල ඉන්නවා, කෙහෛල් ඇවරිය පිටිං හෑන්ඩ් බෑග් එකේ ඔබාගන්නව කිසි හිරිකියක් නැතුව...

    ReplyDelete
    Replies
    1. එහෙවු වැඩක් මං කෙරෙව්ව අපේ මාමගෙ පොඩි එකී ලව්ව. ඒක වෙනම කියන්නං

      Delete
    2. ඒකත් අද කියන්නං හෙට කියන්නං කිය කියා ඇදහං අර හංසිකාගෙ කතාව වගේ...

      Delete
  35. මං හිතං හිටියෙ කොටහළු මගුලට කියන්නෙ ඉංග්‍රීසියෙං "short ash wedding" කියල.

    ReplyDelete
    Replies
    1. ෂෝට් ඈස් වෙඩිං? ඒ කියන්නෙ මගුල වගේ කොටයි කියන එකනෙ/

      Delete
    2. නෑ. “කොට පුක මගුල“

      Delete
  36. කොටහළූ වෙනවට කියන පරියාය පද-

    1. ජම්බු ගහෙං වැටීම
    2. මල්වර වීම
    3. දැනමුතු වීම
    4. ලොකු වීම
    5. ගෙටවීම
    6. පුකමල පීදීම
    7. පියුස් යාම
    තව තව තියෙනවනං එකතු කරමු...

    ReplyDelete
    Replies
    1. ඔය ටිකත් වැඩියි වගේ. කීපයක් අඩු කරමු 6 7 වගේ

      Delete
    2. ඉංගිරිසියෙන් උපුටාඝෙහනසාදාගත් පද.
      බිග් ගර්ල් වීම (මේ ලිපියේ සඳහන්ය)
      ඇටේන් වීම
      කමින් ඔෆ් ඒජ් වීම

      Delete
  37. අඩේ... දැං තමා කියෙව්වෙ.. ගස්ලබ්බගෙ අක්කට මක්කද උන වෙලාවෙ ගස්ලබ්බ පැත්තකට වෙලා බලං උන්න වෙන දේවල් දිහා... ආපු එකෙක්ටවත් මෙහෙම එකෙක් උන්නද කියලා මතක තිබුනෙ නෑ නෙව.. ඒ උනාට කස්ටිය ගොඩක් ඇවිලා.. සද්ද බද්ද... හෙහ් හෙහ්..
    අදටත් ඔය දකුණු පළාතෙ ටිකක් සැරට කාඩ් ප්‍රින්ට් කරලා එහෙම ඔය උස්සවේ ගන්නව නේ?
    දික්වැල්ලෙ ගස්ලබ්බ වැඩකරපු සයිටෙක කිට්ටුව මාළු මුදලාලි කෙනෙකුගෙ දුවගෙ උස්සවේට දවල් ඕල් රයිට්,රෑ ෆ්ලෑශ් බෑක් එක්ක ආටිස්ලා 40ක් ගෙන්නුවා.මේ 2015දි. (සිරාවට කෙල්ල උස්සන්න හිතුනා කියපංකො.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //දවල් ඕල් රයිට්,රෑ ෆ්ලෑශ් බෑක් එක්ක ආටිස්ලා 40ක් ගෙන්නුවා.//
      රෑ දවල් දෙකේම ගැහුවද? අප්පද බොල මුහුදෙ මාලුන්ටත් පාටි දෙන්නැති.

      Delete
    2. කියපංකො කියලත් සුරංගෙය කියල නෑනෙ. ඕං මංවත් කියන්නං...

      "සිරාවට කෙල්ල උස්සන්න හිතුනා"

      තව මොක මොකවත් කියන්න ඕන්නං කියහල්ලා

      Delete
  38. නියම රචනාව සුරංග මලේ. මුල් පොස්ට් එකේ ඉඳන්ම කියෙව්වා. ඉතුරු කොටසත් ඉක්මනට දාමු.

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ලියනව අනිවාර්යයෙන්. ආවාට ඉස්තූතිවෙවා

      Delete
  39. මචන් උබේ බ්ලොග් එක මුල ඉදන් කියවන්න පටන් ගත්ත.
    ප්‍රශ්න ටිකක් අහන්නද?
    උබ කලවානේ ද?

    //ඒ එක්කම මාත් වාදනේ පටංගනිද්දි එයා සිංදුව කියනව. අංතිමට මාත් වටිනා කියන කෙනෙක් බවට පත්වෙනව. ආච්චම්මටවත්, පුංචම්මටවත් ඕනැ විදිහට හසුරුවන්න බැරිවෙන විදිහට නඩේ අය මාව අයිති කරගන්නව. එදා මට ඒ වගේ වටිනාකමක් දීපු ඒ මනුස්සය පහුගිය කාලෙ අපේ ගම්පලාතෙ අයගෙ ‘අසිපත‘ බවට පත්වෙච්චි දේසපාලඅක්ඥයෙක් අතිං පොලු පාරක් කාල නිරපරාදෙ මැරිල ගියේත් බස්සෙකක් ඇතුලෙදිමයි.//

    "අසිපත" කිව්වේ සර්පයද ?

    RTS එකට අපේ අයත් දළු විකුනනවා. මගේ ත්තගේ ගම රත්ගග.
    උබ ලියන ඒවා මට ගොඩක් සමීපයි. මගෙත් බාගයක් සබරගමුවේ.

    ලංකාවේ ගෙවල් ඇතුලේ මුළු ලෝකෙටම හොරෙන් ළමයින්ට වෙන වෙනස් කම් ගෙන දිගටම් ලියපන් මචන් ඕවට හේතුව දුප්පත්කමනම් නෙමයි මචන්

    උබට වගේම මටත් ඔයදෙවල් වෙලා තියෙනවා අපේ ගෙදර දෙන්නම රජයේ සේවකයෝ අපි නම් පුංචි කලේ ඉදලම අත්වින්දේ ඥාති සංග්‍රහය නිසා තමන්ගේ දරුවන්ට නොසලකපු මවකගේ අත්දෙකිම්. මගේ ත්තනම් රත්තරන් මගේ අම්ම තාම මට පුතේ කියල කතා කරලා නේ මගේ වයස 33ක් දැන්.

    අපි වගේ මිනිස්සු මේ ලෝකේ තව තිබන් නිකිව්වට.
    HK

    * රත්නපුරේ මිනිස්සුන්ගේ තේ සංස්කෘතිය ගෙනත් ලියපන්


    ReplyDelete
    Replies
    1. ඔක්කෝටම උත්තරේ ඔව්. දිග උත්තරයක් පස්සෙං පහු දෙන්නං . අනිවාර්යයෙන් මං ලියන්නං

      Delete
  40. එතකොට පිටරටවල ඉන්න ගෑනු ලමයි වැටෙන්නේ මොන ගස්වලින්ද? :P

    ReplyDelete
  41. විශ්ව විද්‍යාලයේ අප සමග එකට ඉගෙන ගත් කොල්ලෙකුට ඒ දිනවල ආවා ටෙලිග්‍රෑම් එකක්.

    "නංගී ලොකු වුණා, ගෙදර එන්න එපා."

    ;-)

    ReplyDelete
    Replies
    1. ඒ මොකෑ බොලේ. ඌ වහ කෑවද නැත්තං ගිනිතියාගෙන ගඟේ පැන්නද?

      Delete
  42. /* සමහරු ඕකට ‘ඇස්ටෝං ගෙදර‘ කියලත් කියනව. */

    මා දන්නා තරමින් ඇස්ටෝං (At Home) උත්සව කොටහළු මගුල්වලට අදාලව පමණක් නොවේ විවාහ උත්සවවලට අදාලවත් පවත්වනවා.

    ReplyDelete
  43. අනේ හත්තිලව්වෙ. ඔහොම තෝරල බොන්න දෙතත් කන්න දෙනවැයි කියල දන්නෙ අද. ඒකනං මහ බලු වැඩක්. අවංකයෙං කියන්නෙ කාටවත් කෑමට අවලාද කීම හෝ කෑමෙං වෙනස්කං කිරීම මහ තිරිසං වැඩක්

    ReplyDelete
  44. ආන්න දැක්කද දැන් කට්ටිය වැට උඩින් පැනගෙන පැනගෙන යනවා. ඉක්මණට මේකෙ ඉතිරි ටිකත් ඉක්මණට දාන්ඩෝ.නැත්නම් සැන්ටා පප්පට කියලා කතන්දර පොතක් ගෙන්න ගන්නවෝ...

    ReplyDelete
  45. "ආරෙ හාරල මිරිස් කරල් දාල පිච්චීම, රත් වෙච්චි යකඩෙකිං ආරෙ හිල්කිරීම," ඔතන ආරේ කියන්නේ මොකක්ද දඩල්ලටද? උබේ ලිවිල්ල නම් සුපිරිම සුපිරි

    ReplyDelete
  46. මම මුලින් නම් හිතුවෙ කොයි බ්ලොග් එක කියෙවුවත්, යාං හෑල්ල නම් කියවන්නෙ නෑ කියල, ඒ වුනාට නිකමට වගේ තමයි මේ ලිපිය කියවන්න ගත්තෙ. ඔයා නම් මාරයි. මම හරිම ආසාවෙන් කියෙවුවා. හරිම ලස්සනට ලියල තියනවා. මේ ලිපියෙ ඉතිරි කොටස කියවනකල් ඉවසුමක් නෑ.

    ReplyDelete
  47. මම මුලින් නම් හිතුවෙ කොයි බ්ලොග් එක කියෙවුවත්, යාං හෑල්ල නම් කියවන්නෙ නෑ කියල, ඒ වුනාට නිකමට වගේ තමයි මේ ලිපිය කියවන්න ගත්තෙ. ඔයා නම් මාරයි. මම හරිම ආසාවෙන් කියෙවුවා. හරිම ලස්සනට ලියල තියනවා. මේ ලිපියෙ ඉතිරි කොටස කියවනකල් ඉවසුමක් නෑ.

    ReplyDelete
  48. මටත් ඔය ඉස්කෝලේ ඉඳන් ඔහොම ගාඩ් පිට යන්න මාර ආසාවක් තිබ්බේ. කෝ කොහෙද ඒක එහෙම උනේ නැහැ නොවැ. ආයේ ඉතින් ආර්යාව වැඩම කරවනවා වගේ ( මිනිමරුවෙක් ගෙනියනවා කියන එක වෙනස්ද මන්ද???? ) වෑන් එකේ ගියාම කොහොමද, නැද්ද?

    අපේ පංතිවල ගුරුවරියෝ නම් කිව්වේ 'කැවුම් කනවා' කියල.

    ඔය කෙසෙල්කන් ඉදෝන විස්තරේ නම් ආයේ නැහැ අකුරක් ගානේ ඇත්ත. අපේ අත්තම්ම ඔය විදියට ඇරෙන්න කෙසෙල්කන් ඉදවන්නේ නැහැනේ අප්පා. අපේ අය්යව තමයි වලවල් කපන්න අහු වෙන්නේ. නැත්තම් වෙන කොහෙන්හරි එකෙක් හොයාගන්නවා. ඉඩමේ අඟලක්ම එයාගේ අණසකට තමයි තිබ්බේ ඉතින්. ඒ හින්දා එයාටම ඇරිච්ච 'කෙසෙල් වලක්' තිබ්බා. උත්සවයක් නැතුව උනත් එය ඉදවන්නේ එහෙම තමයි. කොච්චර කිව්වත් අහන්නේ නැහැ.

    පිටි කෙටිල්ලත් එමමයි. අපේ ගෙදර නම් තිබ්බේ ලී වංගෙඩියක්. මහා ගෙදර නම් තිබ්බ ගල් වංගෙඩි. ඒවායේ මම නම් පිටි කොටලා තියෙනවා පොඩිම පොඩි කාලෙත්. අම්මෝ, එක මෝල්ගහක් තිබ්බ, එකේ කළුවර ලීයේ පොඩි පළුද්දක් තිබ්බ. මගේ උසට සෙට් වෙන්නෙම එතැන ! දියපට්ට වලින් මෙහා නතර වෙන්නේ නැහැ. ඔය පිටි කෙටිල්ල සහ හැලිල්ල කියන්නේ කලාවක්. මම පිටි කොටන වැඩේට අහු වෙනවාමයි. අපේ සුමුදු අක්කා තමයි පිටි හලන්නේ. අමාරුම වැඩේ 'හින්දන එක'. ඒ කියන්නේ අවසාන හාල් ටික ඉවරයක් කරන එක.

    ආ බන් සුරංගයෝ , මුං කැවුම් හදන්නේ නැද්ද? අම්මේ මගේ නම් අත්වල දියපට්ට ඇවිත් ඒවත් පුපුරනකල් මුංඇට අඹරලා තියෙනවා ඇඹරුම් ගලේ. ( අපෝ බ්ලෙන්ඩර් තිබ්බත් එව්වයේ කොටන්න දෙන්නේ නැහැ අත්තම්ම!) බිම ඉඳගෙන දෑත බදලා තමයි කරකවන්නේ. පොඩි කාලේ නම් දෙන්නෙක් සෙට් වෙන්න ඕනේ, නැත්තම් බෑ. අපේ අත්තම්මට කැවුම් හදන්න ඕනේ වෙලාවට එයා හදනවා අඩි තුනක් විතර භාජනයකින් පුරවලා එකක්. හැම කවිල්ලක්ම එතරම් හදන්න ඕනේ. බුදු අම්මෝ අවුරුදු කාලෙට තමයි අපේ කොන්ද කැඩෙන්නේ. ඒ වගේම එයාට කැවුම් උයනකොට බිම ලිපක් ඕනෙමයි.

    මේ කෝලම් වලට එයාට වෙනම කුස්සියක් එළියෙන් හදල දීල තිබ්බ, මැටි ගාල. අපෝ තව විගඩම් තිබ්බ. අපේ 'කොටහළු' උත්සව නම් අපේ අම්ම කොහොම හරි යන්තමට කළා අත්තම්ම කියන කෝලම් කරන්නේ නැතුව. වැඩි කෝලම් කලේ නැහැ. චාරිත්‍ර ටිකක් කළා මතකයි. නෑව්වේ අම්මමයි. නෑයන් දුසිමකට විතර කිව්වා. රත්තරන් බඩු තමයි ලැබුනේ. චෙහ්... මම ඒ කාලෙත් ආස නැහැ... මම මට ලැබුණු ඔක්කොම අපේ අක්කට දුන්න මතකයි.

    අපේ පැත්තේ හිටියා ජේමිස් කියල ගස් කපන, ගස් ගෙඩි කඩන හයේ හතරේ මනුස්සයෙක්. එයාගේ දුවත් මගේ වයසේ. ඒ මනුස්සයාගේ දුවගේ 'කොටහළු' එක නම් ආයේ නැහැ මේ විදියමයි. මම හිතන්නේ ණය වෙලාද මන්ද කලේ. මහා ඉහලින් තිබ්බ.

    හිටින්කෝ ඉතිරි ටිකත් කියවන්න,

    ReplyDelete