දැං ඉන්නා
ලමයින් දැක්කාම පුදුමත් හිතෙනව. ඒ අය පන්සල් යන්නට, දහම් පාසල් යන්නට හරිම ආසයිනෙ.
ඉස්සර මාවනං (අපේ අහල පහල එවුනුත් එහෙම තමා) දහම් පාසල් ගෙනියන්න ලේසිවට බෑ. අම්මා
තියා ලොකු අම්මාගෙං ගුටි කෑවත් දහම් පාසල යනු මටනං යන්න බැරිම තැනක්. සතියේ දවස්
පහක් ඉස්කෝලෙ ගියාම නිවාඩු දී ඇති දවස් දෙකෙනුත් එකකට කෙලින්න දහම් පාසල් ඇතිකල
එකාට හොඳවෑං දෙකක් කියයුතු බව මගේ හිතේ තිවුන.
ඔය කොයිහැටි
වෙතත් පන්සල් යාමට අපේ ගමේ තැනක් ලැබෙන්නේ වෙසක්, පොසොන් , ඇසල ආදී ප්‍රධාන පෝයවල්
හා කටින කාලෙට විතරයි. කටින පිංකං පැවැත්වෙන කාලෙට හැමදාම හැන්දෑවට සොපිංකවරෙකට
මල් කඩාගෙන කුස්සියෙ තියෙන පොල්තෙල් බෝතලෙං ටිකක් කුප්පියකට දාගෙන (ඒකෙංම ටිකක්
ඔලුවෙත් ගාගෙන) පරණ රෙද්දකිං පාංතිර දෙහෙකුත් අඹරගෙන සල්ලි තිවුනොත් රුපියල්
පහේ බොබී හඳුංකූරු පැකැට්ටෙකකුත් කඩෙං අරං
නංගිවත් කිහිල්ලෙ ගහගෙන පන්සල් යාම අම්මාගේත් මගේත් දිනචරියාවෙ කොටහක්. ආපහු එන්න
රෑවෙන හිංදා ටෝච්චෙකක් නැත්තං ඉටිපන්දමකුයි පොල්කට්ටකුයි හරි ඇරං යන්න ඕනෑ. ඒ යන
ගමනේ අරමුණ අපේ ඉඩමේ කොටහක් බලෙං අල්ලං ඉන්න සූරියසේනගෙ ගෑනි එලවාගෙන ඒ කොටසත්
ආපහු ගැනීමත්, තාත්තාගේ බීම නැවැත්වීමත් යන දෙකයි.
අපි වගේම අහල
පහල අයටත් ටීවී බැලිමේ පහසුකමක් නොතිබූ ඒ කාලේ කටින බෝදිපූජාවට පන්සලේ බණසාලාව
පිරෙන්න සෙනග (වැඩියක්ම ගෑනු අය සහ ළමයි)
වරදින්නේ නෑ. රේඩිවේකේ ‘මුවං පැලැස්ස‘ හෝ ‘සිපෙක්කෝ
මහත්තෙයා‘ කතාව තියෙන දාට විතරක් එයිං කොටසක් අඩුවෙනව.
පන්සල් යාම
සඳහා ඉස්කෝලෙ ඇරිල ආපු ගමං ලැහැත්ති වෙන්න ඕනි. අම්මා උයනකං නංගිව බලාගන්න ඕන.
නැත්තං දරපොලු පාරක් හෝ කොහුපාරක් ලැබීමේ භාග්‍ය උදාවෙනව. උයාල ඉවර වෙනකොට
ලාම්පුතෙල් සහ සිනි ගේන්න ‘ගුණසේකර මාමගෙ
බාර්රෙකට‘ යන්න ඕන. අපේ ගෙදරට දවසට
සීනි දෙසිය පනහක් හා ලාම්පුතෙල් බෝතලයක් ඕන. ඒ ටික ගෙනත් තියන කොටම
“විජහට
ගිහිං මල් ටිකක් කඩං වර“
කියා අණක් ලැබෙනව.
එවිට සොපිං කවරයක් තියේනම් අරගෙන මල් හොයන්න යන්න ඕන.
‘සිරිපාල මාමගෙ තේ කෑල්ලේ‘ පිච්චමල්, අපේ ගෙදර හෙලපල්ලමේ රතු අරලිය (මේ
ගහ උස අඩු නිසා කෙක්කෙන් මල් කඩන්න පුලුවං), සුනිල් මාමලගෙ ගෙදර සුදු අරලිය
(මෙව්වා කඩන්න මට ගහේ යන්න බැරි හංදා හංසනීට කියා කඩවා ගන්න ඕන), වේල්ල අද්දර
කහමල් ආදිය සොපිං කවරෙ නැත්තං පරකොල ගොට්ටක නැගල ගෙදර එනව. එතකොට
“විජහට
ලැහැත්තිවැනිං“
කියා අනක් ලැබෙනව.
අමුතු ලැහැත්තියක් නෑ. ගෙදෙට්ට අඳින අනික් කොට කලිසමයි කමිසෙයි ඇඳගෙන මල්,
පොල්තෙල් ආදිය අරං ගෙයි දොර වසා කුස්සිය පැත්තෙ ලෑලි පලු දොරෙං එලියට බැස එයට
ඉබ්බා දමා යතුර දෙහිගහ යට ගලක් යටින් තැබීමෙන් වැඩේ අවසන්.
“උඹ
ඉටිපංදමක් ගත්තද“
“නෑ“
“එහෙනං
ගං. හනේ තොගෙත්තෙක්ක ගමනක් යන්න ගිහාං එයිට ලේසියි අලියෙක් බලනව“
ආයි ගල යටිං
යතුර අරං දොර ඇරල ඉටිපංදං කොටෙයක්
ගුරුලේත්තුව අස්සෙං අරගෙන, ලිප මුල්ලෙං පොල්කට්ටකුත් ගන්නව. ආපහු දොර වහල දෙහිගහයට
ගලක් යටිං යතුර තියනව.
නංගිව
කිහිල්ලෙ ගහගෙන යන අම්මා පෙරටුව පිටිපස්සෙං මල් කවරෙත් පොල්කට්ටත්, පොල්තෙල්
කුප්පියත් අරං මං යනව. ඉටිපංදං කොටේ සාක්කුවෙ. පන්සලට අඩි දහයක් පාලොවක් මෙහායිං
කානුවෙ මුනිං අතට පොල්කට්ට නමල තියල අපි පන්සලට යනව. එතකොට දෙතුන් දෙනෙක්ට වඩා
ඇවිල්ල නෑ. මල් වට්ටිවලට මල් අහුරන්න අරක්ගත්තු කොන්ඩෙය විතරක් බණසාලාවෙ ඉන්නව. මං
එතන්ට යනකොටම මගෙ මල් කවරෙ එයා උදුරල ගන්නව.
“මල්
වට්ටිය ගන්න කියනකං මේ පැත්ත පලාතෙ එන්නෑ තේරුනා ද?“
“හා“
මං පන්සලේ
මිදුල කෙරෝලකට යනව. එතන ඉඳං බලා හිටියාම නාරගල්පිටියට යන අඩිපාරෙ යන මිනිස්සු හොඳට
පේනව. ටිකකිං අපේ තාත්තත් සරම දෙකට නමල ඇඳගෙන ඒ පාර දිගේ යනව.
“ආං
අදත් ගියා බොන්න“
මූණ බිමට
පාත්කරගෙන ආපහු විහාරගේ පැත්තට එනගමං මං අම්මට කියනව.
“
අනෙ අම්ප මේ මිනිහට මේ හු** නොබී ඉන්න බැරි හැටි“
අම්ම දෙස්
දෙවොල් තියනව.
ඔය අතරෙ සෙනග
එකා දෙන්න පිරෙනව පන්සලට. සමහර වෙලාවට කලිසං පවා අඳින සිසිර බාප්පගෙ පවුල එයාගෙ
බෝනික්කො වගේ එකම විදිහෙ ළමයි දෙන්නවත් අත් දෙකෙං අල්ලගෙන පන්සලට එනව. ගමේ කසිප්පු
පාරිභෝගිකයින් නොවූ අතලොස්ස අතරින් කීප දෙනෙකුත් සිය අඹු දරුවන් එක්ක එනව. ඒ අතරෙ
අපේ පුංචම්මලගෙ වයසෙ තරුණ අයත් එකා දෙන්න එනව. ඒ තරුණ පිරිමි අය කලුවර තියෙන
හරියෙං ඉඳං තමුංගෙ මඩ්ගාඩ් ගලෝපු පුබ්බයිසිකල් උඩ නැගගෙන, නැත්තං ඒවට හේත්තුවෙලා
වටවෙලා කතා වෙනව. කසාද බැඳපු නැති තරුණ
ගෑනු අයත් හත් අට වතාවක් රෙක්සෝන සබං ගාල නාගෙන පොලට යන්න තරං සුදුසු හොඳ දිගම දිග
ඇඳුං ඇඳල පැරිස් පවුඩර් ගාගෙන හැඩවෙලා ඇහිල්ල කට්ටියත් එක්ක පහන් එලිය තියෙන
හරියෙං වටවෙලා රහසිං මොන මොනවාද කතා කරකර ඉඳල එක පාරටම සද්දෙට
“ඉහිහ්හීහී
ඉහිහ්හීහී ඉහි ඉහි ඉහි ඉහි“
කියල හිනාවෙලා
කටිං අත වහගෙන දෙකට නැමිල අමුතු ඇඹරීමක් ඇඹරෙනව. මේ හිනාවෙ සද්දෙ වැඩි උනොත් සමහර
වෙලාවට ආච්චම්මලගෙං බැනුං අහන්නත් වෙනව.
“කච
කච කච. මී පන්සලට ඇහිල්ල තියෙන්නෙ. නිස්සද්දව හිටාල්ල“
හැබැයි
කවදාවත් අඳුරෙ බයිසිකල්වල නැගල ඉන්න අය පාං එළිය ගාවටවත්, පාං එලිය ගාව ඉන්න අය
අඳුරටවත් යන්නෙ නෑ.
ඒ අතරෙ පන්සල්
මිදුලෙ කෙලවරේ ඉන්න මට අපේ තාත්තා කලිං ගිය පාර දිගේම ආපහු එනව පේනව. ගමනෙ හැටියට
අදනං හොඳටම බීල නෑ. අද කනක් ඇහිල නිදාගන්න පුලුවං වෙයි. බණ සාලාව පැත්තෙ එකම
ගාලගෝට්ට්යියි. ළමයිංගෙං මල්වට්ටි බේරගන්න කොන්ඩය කෑගහනව.
“මෙතන
වටවෙලා කෑගහන්නෙපා. මල්වලට කෙල වීසිවෙනව.“
කටෙං කෙළ බෝල පිම්බෙන කොණ්ඩෙය කියනව. ළමයි ටිකක්
එහාට වෙලා ඉඳල ආයි කිට්ටු වෙනව. ඒ අහලකම එක්කෙනෙක් බිම ඉඳගෙන “චුහු චුහු චුහු චුහු“ කියන සද්දෙට ලැයිට්ටෙකට
හුලං ගහනව. ඒවගෙ ලැයිට් තුනක් හතරක් පන්සලේ තියෙනව. ලාම්පුතෙල් දාල හුලං ගහල
පත්තුකරල එව්වයිං එකක් බණමඩුවෙත්, එකක් බෝධිය ගාවත්, එකක් මිදුලෙත් එල්ලනව. ඒ
එලියෙං ලමයි මිදුලෙ ඔට්ටු තියනව. ලොකු අයගෙං බැනුං ඇහුවට, ගුටිකෑවට ඒ සෙල්ලම
නවතින්නෑ.
ඔය අතරෙ තව
තැනක කට්ටිය එක්කෙනෙක් වටේ පොරකනව. මාත් කිට්ටු කරනව. මද්දුම්මහත්තෙ ආතලගෙ ගෙදර
පොඩි මාම අරුම පුදුම හතු ජාතියක් ගෙනැහ්ල. ඒව කලුවරට දිලිසෙනව. මාත් පොරකාල එයිං
කෑල්ලක් කඩාගන්නව. ඉං පස්සෙ හැමෝම තිත්තපල් කලුවරට ගිහිල්ල ඒ හතුකෑලි දිහා බලනව.
ඒව රෑ බදුල්ලො වගේ දිලිසෙනව.
දැං මල්වට්ටි
හදල පහං වලට තෙල් දාල, ඔක්කොම ඉවරයි. මේ වෙලාවෙ කොණ්ඩෙයව පෙරලන්න තරං ලමයි මල්
වට්ටි ටික වටේට කිට්ටු වෙලා.
“හැමෝම
පෝලිං හැදෙන්න. බණසාලාවෙ ඉදං විහාරගෙට යනකං“
හීං ආතගෙ
දැනුං දීමෙං හැමෝම පේලියට හිටගද්දි අපි කොණ්ඩයව පෙරලගෙන මල්වට්ටිටික ගන්නව.
ගිලංපස, දැහැත් ආදී වට්ටි ගත්ත අය ඉස්සරහිංම, ඊළඟට පහං ගත්ත අය. එයිට පස්සෙ අන්ඩ
කැඩිච්චි පීරිසි කෝප්පෙකට වැලි පුරෝල ඒක වටේට හඳුංකූරු පත්තු කරල හිටෝල අරං යන කෙනා.
එයිට පස්සෙ මල්වට්ටිය අරං පෝලිමේ ඉස්සරහිංම ඉන්න පොරකන අපි. පේලි හැදිල ඉවරවෙනකොටම
එක්කෙනෙක් පංසලේ මිදුලෙ මහෝගනී ගස් දෙකක් අතරෙ ගැටගහපු ලීයක එල්ලපු ගන්ටාරෙ ගහනව.
ටාං
ටාං ටාං ටාං
අපි හැමෝම හීං
ආතගෙ නායකත්වය යටතෙ
සාදු
සාදු සාදු සාදු සා...ආ...දු
සාදු
සාදු සාදු සාදු සා...ආ...දු
සාදු
සාදු සාදු සාදු සා...ආ...දු
සාදු
සාදු සාදු සාදු සා...ආ...දු
කියන ගමං පෝලිමට ඉන්න අයට අපේ අතේ තියෙන ඒව
අතගස්සමින් විහාරගෙට යනව. මම මගෙ මල් වට්ටිය හයියෙං අල්ලගෙන සෙනග දිහා ඕනැකමිං
බලනව. ගල්කොටුවෙ ආනංදෙය හරි මගෙ වෙනිං තරහ කාරයෙක් හරි හිටියොත් උං මගෙ මල්
වට්ටියට අතිං ගහල බිම දාන්න පුළුවං. දැහැත් ගිලංපස වට්ටි වලට පොරකකා අතගහන අය
හඳුංකූරු බාජනේ අරං එනකොට පස්සට වෙනව. හැමෝම ඒකට ඉත්තෑවෙක්ට වගේ බයයි. කොහෙං
ගැවුනත් පිච්චෙනවනෙ. කවුරුත් ඒක අරං යන්නත් බයයි. හැමදාම ඒක ගිනිච්චෙ ලොකු
එක්කෙනෙක්.
අන්තිම මල්
වට්ටියට අතගහපු ගමංම හැමෝම ගමට කොටිය පැන්න වගේ බණ සාලාවට දුවනව. තමුංගෙ පැදුර
අල්ලගන්න. බිත්තියට හේත්තුවෙලා ඉඳගන්න තියෙන තැන් අල්ලගන්න. සමහර වෙලාවට වලිත්
ඇතිවෙනව.
ඉං පස්සෙ
හාමුදුරුවො පංසිල් දීල එහෙම බෝධි පූජාව කරගෙන යනව. මේ වෙලාවට පිරිමි කිසි කෙනෙක්
බණසාලාවෙ නෑ. හැමෝම ටෝච් අතේ තියාගෙන කලුවරට වෙලා කයිවාරු ගගහ ඉන්නව. සමහර ගෑනු අය
නිදිකිරා වැටෙනව. එක දවසක් හාමුදුරුවො ගාතා කියන අතරෙ කරුනෙ මාමගෙ පවුල හීනෙං
බයවෙලා ගිරියටිං කෑගහපු හැටි මතක්වෙලා මට හිනා යන්න එනව. ඒ අතරෙ මට කකුල් නමං ඉන්න
බැරුව එක කකුලක් දිගෑරියහම ඒක ගිහිං කලුමාමගෙ පවුලගෙ තුනටියෙ වදිනව.
“හුත්“
කියල ඒ නැංද
මට ප්‍රසංසාව පල කරනව. එයාට ඩිංග ඇහ්නං කිචි. නිංදෙං ඇහැරිච්ච පොඩි එකෙක් මරහඩ දීල
අඬනව. උගෙ අම්ම උට හැට්ටෙ අස්සෙං කිරි පොවල නලවගන්න හැදුවට උට ගෙදර යන්න ඕනෑම
කියනව. ඒ හිංද ඒ ගෑනුකෙනා තමුංගෙ අම්මත් එක්ක යන්න යනව. හාමුදුරුවො මං නොදන්න
ගාතාවක් කියනව.
“සුපටිට්ටිත
රට්ටනුරාදපුරේ“
මට ඒ ගාතාව
කියාදෙන්න කෙනෙක් නෑ. මට කේංති යනව. මං ඒ ගාතාව කියන්නෑ. නවග්‍රහ සාන්තිය විතරක්
හයියෙං කියනව. අම්ම කියන විදිහට අපිට අපල හිංදලු තාත්ත බොන්නෙ. ඒ අපලෙ ගෙවාගන්න
ගාතාව හරියට කියන්න ඕන.
ඊළඟට තියෙන්නෙ
භාවනා කිරීම. මාගල් පනහක් හැටක් සිමෙන්තියෙ ඇදගෙන යනව වගේ
“සීඊඊඊඊස් සාආආආස්“ සද්දෙකිං හැමෝම තම තමංගෙ කකුල් පැදුර දිගේ අද්දල
එහාට මෙහාට නමල බාවනා කරන්න හදාගන්නව. හාමුදුරුවො බාවනාව කියනව. අපිත් ඒකම කියනව.
වාර ගානක් කියල ඉං පස්සෙ නිස්සද්දව බාවනාව කරන්න කියනව. අපි නිස්සද්ද වෙනව. අපිට
පිටිපස්සෙං බිත්තියට හේත්තුවෙලා ඉන්න කෙනෙක් “ග්‍රාආආ
ගර්ර්ර්ර්ර“ කියල ගොරෝනව. හිනාව
තදකරං ඉන්න බැරි පාර මට “චිහුම්ප්“ කියල හිනා යනව. අම්ම මට හිල්වෙන්න ටොක්කක් අයිනව. ඒ
එක්කම වටේ ඉන්න කීප දෙනෙක්ටම හිනා යනව. හිනාව පැතිරෙන්න කලිං හාමුදුරුවො
“හා
හොඳයි සාදු කියන්න“
කියල බාවනාව
අවසං කරනව. ඉං පස්සෙ පොඩ්ඩ වෙලාවකිං බෝධිපූජාව ඉවරයි. හැමෝම ගෙදර යන්න කලබලේ
නැකිටිනව.
“ආ..
බෝධිපූජාව ඉවරයිද“
කියල අහගෙන
නිදං හිටි අයත් නැකිටිනව.
“ඔය
තම තමං ඉඳං හිටි පැදුරු අකුලල අර මේස පෙට්ටියට දාන්න. අපිට ඉතුරු කරන්නෙහෙම එපා“
හීං ආත හයියෙං
කියනව. අපි හිටපු පැදුර මං අකුලනව. ඒ ගමන මිනිස්සු පෝලිමට හාමුදුරුවන්ට වඳිනව.
හාමුදුරුවන්ටත් හැමෝටම ‘සුවපත් වේවා‘ කියන්න
බැරි හිංද ඔහේ හිටගෙන ඉඳං සුගත් ආතත් එක්ක කතා කරනව. සමහර අය විතරක් වැංදම
“ආ
මෙයත් ආවද? හොඳා හොඳා“
කියල කියනව.
අපිත් නිදිමතේ
ගෙදර එන්න පංසලෙන් දොට්ට බහිනව. කරුවලේ අතගාල කානුවෙං පොල්කට්ට හොයා ගන්නව. ඊළඟට කාගෙං
හරි ගින්දර ටිකක් ඉල්ලගෙන ඉටිපංදං කොටේ පත්තු කරගෙන පාරට බහිනව. සමහර වෙලාවට
පිරිමි අය පොල්කට්ට ටිකකට ඉල්ලගෙන ඒකෙං සිකරැට්ටෙකක් පත්තුකරගන්නව.
අපේ ගෙවල්
පැත්තට එන අය සෑහෙන පිරිසක් ඉන්නව. අපි සේරම චරෝ බරෝ ගගා කියෝ කියෝ එනව. ඒ අතරෙ
බයිසිකල්කාරයො ටික ‘ටිං ටිං ටිං ටිං‘ ගාල බෙල්ලෙක ගහගෙන කරුවලේම මහ හයියෙං බයිසිකලේ
පැදගෙන අපිව පහුකරං යනව. අපි පාරෙං පිටට පැනල පන බේරගන්නව.
“මොන
වේ** පුත්තුද මංද ඇහැකන පේන වෙලාවකද මේ රේස් පදින්නෙ“
ආදී වසයෙං පිං
අනුමෝදං කරන හඩත් ඒ අතරෙ ඇහෙනව.
චන්දරෙ මාමගෙ
පුතත්, මාත්, නෝනක්කත් ඇතුලු තව කීප දෙනෙක් කලාමැදිරියො අල්ලගෙන පන්සල් යද්දි මල්
ගෙනියපු සොපිං එකට දාල ඒකෙ කට ගැටගහල අතේ තියාගෙන වනනව. ඒක දැකල වැඩැහිටියො අපිට
ආශිර්වාද කරනව.
“හනේ
තොපි පංසල් ගිහිං එනගමං කරන වැඩද ඔය. අතෑරපියව් ඔය අහිංසකයො ටික උංට යන තැනක යන්න.
තොපි දන්නවද ඕකුං කෑවොත් හොඳ කරන්න අහසෙ තරුයි, මුහුදෙ මඩයි ඕනැලු“
අතර මග තියෙන
අතුරු පාරවල් වලිං එකා දෙන්න වෙං වෙලා ගිහිං අංතිමට අපි හතර පස්දෙනෙක් විතරක්
ඉතුරු වෙනව.
“සෝංපාලයියේ
සෝංපාලයියේ“
කියල මහ
හයියෙං කෑගහල අපේ පියානංව ඇහැරෝල අපිට ගෙට යන්න අවස්ථාව හදල දීල චන්දරෙ මාමලගෙ
ගෙදර අය තනියම එයාලගෙ ගෙදෙට්ට යනව. මං ඉටිපන්දං කොටේ නිමල ගුරුලේත්තුව ඇතුලට දානව.
අඩි කීයක් දිගද බං ඔය ඉටිපංදං කොටේ
ReplyDeleteපොල්කට්ටෙන් වහගෙන ඇඟිලි වලින් අල්ලන් ටෝච්චෙක වගේ එල්ල කරන් යනකොට අඟල් තුනේ කොටෙන් පන්සලේ ඉඳන් ගෙදර ගියෑකි බං...
Deleteපන්සල ඒ තරම් දුරක නෙමෙයි තියෙන්නේ කියල තොට හිතෙන්නේ නැද්ද අටමෝ...
Deleteමු කරපු විස්තෙරෙේ හැටියට හැතැම්ම පහ හයක් නැතැ
Deleteඋඹ ඉස්සෙල්ල පොල්කට්ටක ඉටිපංදං බාගයක් ගහල නිරීක්ෂනේ කරල බලහංකො කොච්චර දුර යන්න පුලුවංද කියල. මහත ඇතුව සෙලාන් ඉටිපංදමක්ම ගනිං.
Deleteඉටිපංදම ඕනි වෙන්නෙ අපේ ගේ ගාව පල්ලම බැහැගන්න විතරනෙ. මහපාරෙ එන්න අනික් අයගෙ පංදං එලිය තියෙනවනෙ.
Deleteසුරන්ගේ...උඹ මලේ මාව වෙරලුප පන්සලට අරන් ගියා ගෙඩි පිටින්..ඒ මදිවට විලිසොන්ගේ බාරෙකෙන් ගෝනි ලනුවෙන් එල්ලෙන ලාම්පුතෙල් කාලයි තේ කොල අරික්කාලයි අරන් ආ තැනට ගියා....
ReplyDeleteඔහේගේ දෑතට සමන් දෙයියන්නාසෙගේම පිහිටයි සත්තරනේ....
පන්සලේ මල් සල්පිලත් මතක් උනා ඕන්...!
ඔය කාලෙ බොහෝ ගෙවල්වල (විදුලිය තිබුණ ඒවයෙ පවා) ඔය වගේ ගෝනි ලනුවකින් එල්ලගෙන යන්න පුලුවන් ලාම්පුතෙල් බෝතලයක් තිබුණ. බොහෝ විට ඒකෙ මූඩියක් පාවිච්චි උනෙත් නෑ. මොකද පුරෝල ගෙනියිල්ලක් නැති නිසා. ඒ කාලෙ ෂෙඩ් වලට අමතරව ගොඩක් කඩවල (අපේ කඩෙත් ඇතුලුව) ලාංපුතෙල් විකුණන්න තිබ්බ.
Deleteඔය ලංපුතෙලේ පාටත් කලිං කලට වෙනස් වෙනවනෙ. ඉස්සරම තිවුනෙ කොලපාටට. ඉං පස්සෙ නිල් පාටට. පස්සෙ රෝස පාටට. දැං රතුම රතුපාටයි.
Deleteපහත සඳහන් සිද්ධීන් ගැන වැඩි විස්තර අවශ්‍ය කර තිබේ.
ReplyDeleteලාම්පුතෙල් සහ සිනි ගේන්න ‘ගුණසේකර මාමගෙ බාර්රෙකට‘ යන්න ඕන: බාර් එකකින් ලාම්පුතෙල් සහ සීනි ගැනීම
මෙව්වා කඩන්න මට ගහේ යන්න බැරි හංදා හංසනීට කියා කඩවා ගන්න ඕන: හංසනී ගහට නැග්ග විට උඹ ගහ යට සිට කරන විස්තර ප්‍රචාරය
ඩූඩ්..සත්නපුරේ පැත්තේ පොඩි පෙට්ටි කඩ වලට කියන්නේ බාර්රෙක කියලා....හංසනීගේ කේස් එක නං කේස්....
Deleteතෑන්ක්ස් ෂෙෆාකි. හරි එහෙනං බාර් කතාව අල්ලලා දාමු. හංසනීගේ කේස් එක ෂෙෆාකිටත් අවුල් නම් අපි ශ්‍රංගයට බලකරමු. අපි උද්ඝෝෂණය කරමු. අපි පෙලපාලි යමු. අපි කමෙන්ට් නොදා ඉමු මූ මේක ගැන පණ පිහිටුවලා විස්තරයක් කරන කල්. තව කවුද මේ පෙත්සම අත්සං කරන්නේ?
Deleteහංසනී ගැන ලියන්න ගිහින් සුරංගයාටත් හැලපයා බබාඇතින්න ගැන ලියල රෙද්ද ලිහා ගත්තා වගේ වෙයිද ඩූඩ්...?
Deleteසේරටම කලින් හන්සනී ගැන පැහැදිලිකිරීමක් කරොත් හොදයි වගේ...
Deleteඒ කාලේ ගමේ ගොඩේ ගෙදරක පරිභෝජනයට දවසට සීනි ග්රෑම් 250 ක් හොඳටම වැඩි නැද්ද බන්...
Deleteඉස්සර අපේ ගෙදර 7 දෙනෙක් ඉඳලත් ඔච්චර ගියේ නැහැනේ...
පිස්සුද ඔව් මං ෙතෙේ එකකට පුරවල හැදි පහක් දානව, ෙලෙොකු මග් එකකට
Deleteමූං සීනිත්තෙක්ක මොනව හරි මල් ජාතියකුත් පාවිච්චි කරනවද දන්නෑ.
Deleteඔය බාර් කතාවනං කියන්නෙ ලෑලි වලින් හදල තියෙන පොඩි පෙට්ටි කඩවලට. ගොඩක් වෙලාවට ඕව තියෙන්නෙ ඇල කාණුවක් උඩ හරි පල්ලමක හිටෝපු කොට උඩ හරි.
සීනි 250 දව්සට?
Deleteබොලා දවසට කී පාරක් තේ බොනවද ශ්‍රන්ග?
අපේ ගෙදරත් හත් අට දෙනාටම ගෙනාවේ සීනි 100ක් වගේ තමයි.. දෙසිය පනහක් පන්සියක් ගෙනවානම් ඉතින් මොකක් හරි වැදගත් කටයුත්තකට.. තේ එහෙකට සීනි දාල බොනවයි කියන්නේ මහා ලස්සරි බීම එකක් ඒ කලේ අපිට.. අල්ලට ටිකක් ගත්තම වැඩිත් එක්ක..
Deleteඅපේ ගෙදර ඉඳං පල්ලට බැහැල කුඹුරෙං එගොඩවෙලා තාත්තගෙ මහගෙදර මිදුල උඩිං ඩිංගක් උඩට ගොඩඋනහම ගෙදර සුනිල් මාමගෙ ලොකු දෝනි තමයි හංසනී. මට වඩා මාසයක් විතර වැඩිමල්. අපි දෙන්න පහ වසරට වෙනකං ඉස්කෝලෙ ගියෙ එකට.
Deleteඒකි ඉස්කෝලෙ එකොලහ වසරෙ හිටිද්දි සන්නවාහිනියෙං තියාපු අවුරුදු උස්සවේ අවුරුදු කුමාරිත් උනා ඔන්න. පස්සෙං පහු අපි දන්න අයිය කෙනෙක් එක්ක සෙට්වෙලා ******************************** වල එහෙම ගිහිල්ල අංතිමට ඌ ඒකිව අතෑරිය. දැංනං උංගෙ නැංදගෙ පුතාද කොහෙද බැඳල කඩෙයක් එහෙමත් දාගෙන ඉන්නව.
අනේ මට ගස් නගින්න බෑ බොලල්ල. අඩි දෙකෙං දෙකට අතු තියේනං නැග්ගැහැකි.
අපේ ගෙදර මායි අම්මයි නිකනුත් කුස්සියට ගිහිං සීනි කන හිංද දවසට සීනි දෙසියපනහ මදිත් වෙනව. දර ලිප පත්තු කරන්න ලිපට දාන හිංද දවසට ලාම්පුතෙලුත් බෝතලෙයක් ඕනි.
හංසනී ගැන ශ්‍රංගයා කොලේ වහලා ගහලා කරපු විස්තරේ ගැන උඹලට සෑහීමට පත්වෙන්න පුලුවංද බංස්ලා. මට නම් බෑ.
Deleteසෑහීමට පත් වීමට නොහැක.
Deleteඅනිත් එක මේකට ගස් නගින්ට බැරි කතාව. ඕව ගිහින් කියපන් අනන්තයෙන් ආ තරු කුමාරයට :P
බෑ... බෑ..... කොහෙත්ම බෑ... වහල ගැහිල්ලෙන්ම පේනව මොකක් හරි හුට්ටප්පරයක් තියේ කියල...අපි ඕන දැනගන්න හංසනීයි මූ ගැනයි මිසක්ක දන්න අයිය ගැන නෙමෙයිනෙ ...... පහ වසර වෙනකං එකට ඉස්කෝලෙත් ගියා කියන්නෙ....
Deleteඅපිට ඕනෙ හංසනී... අපිට ඕනෙ හංසනී... අපිට ඕනෙ හංසනී... අපිට ඕනෙ හංසනී... අපිට ඕනෙ හංසනී... අපිට ඕනෙ හංසනී... අපිට ඕනෙ හංසනී... අපිට ඕනෙ හංසනී... අපිට ඕනෙ හංසනී... අපිට ඕනෙ හංසනී... අපිට ඕනෙ හංසනී... අපිට ඕනෙ හංසනී...
Deleteමේ ලියන ඉස්ටයිල් එක නියමයි.... අයෙත් එනවා....
ReplyDeleteප. ලි. වට වන්දනාව මග හිට්ටේ මොකෝ.........
Deleteඑක එක ගස්පියෝ ඒකට ආඩපාලි කිව්ව නිසාද කොහෙද...
Deleteබස්සෙකේ හුලං බැස්සනෙ. තාම ටෑර් මාරු කරනව.
Deleteආයි ඒක ලියන්න බෑ වගේ. මටම ඒකඑපා උනා.
Deleteමම අතිං වියදං කරගෙන බදුලු ඇවිත් තෝව මරාදානවා වන්දනාගමන හෙම නැවැත්තුවොත්. මම තෝව කී දෙනෙකුට රෙකමෙන්ඩ් කලා කියලද හිතේ.
Deleteඩූඩයිය මතක ඇතුව කෝච්චියෙම යන්න හොඳේ
Deleteඅඩේ ඒක ලියපන් කොල්ලෝ.....නැත්නම් අපි අයෙත් පැත්ත පළාතේ එන්නේ නෑ.....
Deleteඋඹත් එක්ක පන්සල් ගියපු බවක් තමයි මටත් දැනුනේ...
ReplyDeleteලෙසටම ලියල තියෙනවා...
මමත් දහම් පාසල් ගිහින් තියෙන්නේ අතේ ඇඟිලි ගානට වඩා අඩුවෙන් බං...
දවස් කීපයක් ගෙවල් කිට්ටුව තිබ්බ පොඩි දහම් පාසලකට ගියා, ඊට පස්සේ අක්කල එක්ක ලොකු දහම් පාසලකට ගියා තව දවස් දෙකක්...
ඒකට ගියපු පලවෙනි දවසෙම මගේ ඉස්කෝලේ යාලුවෙක් වෙච්චි ඉඳුනිල් බුද්ධ පුජාව හොරකම් කරගෙන ඇවිත් මාත් එක්ක බෙදාගෙන කෑවා...
ඊට පස්සේ තව එක දවසයි මම ඒ දහම් පාසල් ගියේ,
අන්තිමට මම කොළඹ හිටපු අවුරුද්දේ කෝට්ටේ නාග විහාරේ දහම් පාසලටත් එක දවසක් හෝ දෙකක් ගියා. ඒ 6 වසරේදී,
පලවෙනි දවසෙම කෙල්ලෙක් පයින් යද්දී ආපහු හැරිලා "hey boy, what's your name" කියලා මගෙන් ඇහුවම මම බොග් බොග් ගෑවුනා, හැබැයි පස්සේ නම කියා ගත්තා.
එතනින්ම ඒ ගමනත් හබක්...
අනික ඉරිදට දහම් පාසල් ගිහින් කොහොමද, එදාට මට ලෑලිවලහේන ඉඩමේ දළු ටික අදින්නයි පොළේ යන්නයි තියෙන දවසනේ...
ආං ඒකනෙ. ඒ දවස්සල ලමයි පංසල් පැත්ත පලාතෙ යන්න හොරයි. ඔවූහ්.
Deleteඒක නෙමෙයි ලොකකයියෙ අර මෝල්කාව පාරෙ රා පොට්ටෙකේ තියෙන්නෙ හොඳ රාද. මේගමනවත් ගියහම රා ඩිංගක් බොන්න
මටත් ආපු ප්‍රශ්නේ හංසනී ගස් නැග්ගේ ඇයි කියන ඒක. ඇයි සුරංගට ගස් නගින්ට බෑද? ලජ්ජාවේ බෑ. :P
ReplyDeleteබෑ නෙමෙයි මෙතන මොකක්හරි කුමන්ත්‍රණයක් තියෙනව කියල තේරෙන්නෙ නැද්ද?
Deleteඅනේ මොකටෙයි බං මං යටිං බලන්නෙ. මං ගමේ ඉඳිද්දි කෙල්ලෙක්ගෙ කපල දාපු නියපොතු කෑල්ලක් තරම අල්ලන්නෑ. අම්ප. අපේ ගමේ ඕන අම්මෙක් අප්පෙක් තමුංගෙ කෙල්ලව මං එක්ක ඕන දිහාක යවන්න කිසි බයක් නෑ. ඒවගත් එසේමයි
Deleteඅපරාදෙ,
Deleteඑහෙනම් ඒ ගැන ලියන්න දෙයක් නෑනේ?
බෝධි පුඡාවට අත ගස්සන බිම එකක් ගත්ත ගමන් ඇරලා දැම්මා මම දවසක් පන්සලේදි..
ReplyDeleteඇයි බං මම හිතුවේ හැම එකාම ට්‍රේ එකට අත තියලා එපා කියනවා කියලා.
ඒක තමයි තාර්කික බුද්ධිය. ඕක හැම එකාටම නෑ,
Deleteදැන් එතකොට බොට බෑ ගස් නගින්න. අර කෙල්ලෙක් නග්ගලා මල් ටික කඩවා ගන්නවා. අනේ අම්මපා මේ වගේ එකෙක්.
ReplyDeleteඅපිට නම් ඉතින් පන්සලේ බණ අහන්න යනවා කිවුවාම මතක් වෙන්නෙ හුළුඅතු ටික.
කොහොමද බණ ඉවරවෙලා කට්ටිය එලියට එන ටයිම් එකට පුපුරන්න පොල්කටු අස්සට රතිඤ්ඤ සෙට් කරල තිබ්බනං.
Deleteආං බලමු කැමරා අයියගෙයි, පෙසන්නෙයගෙයි තියෙන ගතිය. චික්කිතරක්
Deleteමේ කොමෙන්ට් කියවනකොට මට පරන කතාවක් මතක් වුනා.
Deleteඅපි සැරයක් ට්‍රිප් එකකදි කෑම ගන්න ගියපු තැන බනකුත් කිව්වා. බන ඉවරවෙලා හාමුදුරුවන්ට පූජා කරන පිරිකර අතගස්සවගෙන අක්කා කෙනෙක් ආවා. මා ලඟ හිටපු එකා හොඳටම නිදාගෙන ඉඳලා තියෙන්නෙ. මූට පිරිකර අතගස්සනකොටම හා තැංක්යූ කියල පිරිකර ගන්න ගියා. අර අක්කා හෝව් හෝව් මල්ලි තවම කෑම නෑ. මේ පිරිකර කිව්වා. ඉතින් ඊලඟට කෑම කන වාරයක් ගානෙ අපි අරූට කියනවා ඔන්න ඔයනම් පිරිකර නෙවෙයි. ඔය කෑම එක කාපං කියලා.
එදානම් හිනා කාලා මැරුනා.
සුරංගයා මේක නියමෙටම ලියලා. මටත් පොඩිම පොඩි කාලෙ මතක් වුනා.
මනුස්ස ජීවන රටාව
ReplyDeleteඑදා හරිම සරලයි.. හරිම සුන්දරයි..
අද හරිම ඇඩ්වාන්ස් .. එත් කිසිම හැඩයක් තාලයක් නැහැ..
අද හරිම ඇඩ්වාන්ස්. ඒකාකාරියි.
Deleteඅපිනං කාලයක් දහම් පාසල් ගියා. ඒත් ඉතිං ගිහිල්ල වැඩි හරියක් කලේ හාමුදුරුවංගෙන් වේවැල් පාර කාපු එක තමයි.
ReplyDeleteඇත්තටම සුරං උඹ මේ කතාව මසුරං විදියට ලියල තියෙනව. කියෝන එකත් පංසල් ඇදගෙන යන විදියටම.
ඔය සිපෙට්කෝ මහත්තයගෙ කතාව මටත් මතකයි ඒ කාලෙ රේඩියෝවේකෙ යනව.
ඔව් ඒකට අනුග්‍රහය දැක්කුවෙත් සිපෙට්කෝ එකෙන්නෙ
Deleteහම්මෝ දහම් පාසල් යනවා තරම් වදයක් අපායෙවත් නැතුව ඇති. ඉස්සර ගුටි නොකා යන්නෙ නෑලු.
ReplyDeleteඔය දහං පාසල් යාමට එරෙහි වෙන්න හොඳ සාදකයක් තමයි සරොං අඳින්න සිද්දවීම.
Deleteඅපි යන කාලෙනං ඔය සරං සෙල්ලම තිබුනෙ නෑ.
Deleteඅපොයි ඔව්! සරම ඇදන්යනවා කියන්නෙම මහා එපා කරපු වැඩක්..
Delete“ අනෙ අම්ප මේ මිනිහට මේ හු** නොබී ඉන්න බැරි හැටි“ මේ තරු දෙකේ අදහස මට හරියටම හිත ගන්න බෑ.. ඒත් අපේ පැත්තේ වගේ උනා නම් ඕක 'හුජ්ජ වතුර/ හුලිජ්ජ' වගේ වචනයක් වෙයි කියල හිතනවා.. කොච්චර වටිනා බිමක් උනත් ඉතින් අකමැති එකා එහෙම තමයි නිග්ගරහා කරන්නේ.. ඔය තරු දෙකේ තේරුම හැමෝම දන්න/ හිතන එක නම් පුතෝ.. අම්මගේ කේන්තිය බෝම සැරයි ඒ වගේම ඒක පිට කරන විදියත් බෝම සැරයි.. :/
ReplyDeleteඔතන වචනෙ අර මූත්තරා වලට කියන පාලි වචනෙ තමයි. ආයිත් අහල අපේ ගමේ ගෑනු අය කවුරුත් බනින්න ගියහම ලෝස් නෑ,
Deleteඅපේ පප්ප බීළ ඇහිල්ල ගුටිගහන හිංද තමයි අපිට මිනිහ එක්ක කේන්ති ගියෙ.
වට වන්දනාවට මොකැයි වුනේ..මේකත් එල
ReplyDeleteඒක ආයි නොලියං කියල ඉන්නෙ.
Deleteයකෝ ඒක නැවැත්තුවහම උඹේ ආච්චිගෙ විස්තර බලා ගන්නෙ මොකෙන්ද?
Deleteපේනෙයක්වත් බලෝගමු. හිහ් හිහ් හිටින්කො තව දවස් ගානකිං ලියන්නං.
Deleteමේකනං නියමයි....... කිසි මෙව්ව එකක් නැතුව එකදිගට කියවං ගියෑකි.......... ලස්සනයි..........
ReplyDeleteස්තුතියි. පිං
Deleteමරුමයි අදත් කතාව. අනේ ඒත් දුකයි අප්පා. පුංචි ලමයෙකුට කතා කල සලකපු විදිහ ගැන හිතුනම. මෙතන අඳුරට දිලිසෙන හතු වර්ගයක් ගැන කියලා තියෙන්නේ. එවාට කියන්නේ කණාමැදිරි හතු කියලා නේද. විෂ සහිත හතු වර්ගයක්. එදත් කොණ්ඩයෙක් ඉඳලා තියෙන්නෙ.
ReplyDeleteකෙල්ලන්ව ගස් යවල මල් කඩාගන්න පුංචි ලමය... මු අණ්ඩපාල හින්ද තමයි මුට සද්දෙ දානව ඇත්තෙ.
Deleteසුජී
Deleteමොකක් හරි විකිරණයක් ඇති කියලයි මට හිතෙන්නෙ.
ඇනේ
අනේ නිකා හිටු. මට ඔයි කෙල්ලො ගස් ඇරල මොකබ්බලන්නද. හුහ් ඒ දවස්වල මං ප්‍රියාදරී එහෙමත් බලන එකා.
https://en.wikipedia.org/wiki/List_of_bioluminescent_fungi
Deleteමේකෙ මට අල්ලලම ගිය කෑල්ල තමයි ශ්‍රංග හිතලමතම (බොලා ගල් ආඳ කියල අපි දන්නවනෙ) වැඳගෙන ඉන්න කලුමාමගෙ පවුලගෙ තුනටියට ඇන්නම රතු පාටිං "හුත්" ගාන එක. බඩ අල්ලං හිනා යකූ.... බොලා මහ අවලමෙක් ඒ මනුස්සයගෙ සුද්දාව කඩන්නෙ.....
ReplyDelete"හැබැයි කවදාවත් අඳුරෙ බයිසිකල්වල නැගල ඉන්න අය පාං එළිය ගාවටවත්, පාං එලිය ගාව ඉන්න අය අඳුරටවත් යන්නෙ නෑ."
බොලාට හොඳටම සුවර් ද පාං එලිය ගාව හිටි එකෙක් වත් අඳුරට ගියේ නෑ කියල... ම්හු... වෙන්ට බෑ...
එක දවසක් හාමුදුරුවො ගාතා කියන අතරෙ කරුනෙ මාමගෙ පවුල හීනෙං බයවෙලා ගිරියටිං කෑගහපු හැටි මතක්වෙලා මට හිනා යන්න එනව. ++++++++++++++++++
ReplyDeleteYako suranga. Mewwa thamayi post ban. Matath dirawannema nethi place ekak pansala daham paasala. Mamath liwwada koheda post ekak mama dahampaasal giya heti akka ekka. Puka dige roos paan adath ube liwillata. Jaya wewaaa....!!!
ReplyDeleteහොද හොද සීන් කෝන් ඔක්කම තියේනෙ හැක්
ReplyDeleteමං මේ බැලුවෙ මක්ක හරි අඩුමාවක් හොයන්න
සුරංගයගෙ මෙමරිය නං ටෙරා බයිට් 1023 ක් වත් වෙන්න ඕන
මරු අඈ
මරේ මරැ
ReplyDeleteඒත් සෙරෙප්පු හොරැ නැති උන්ගෙන් බේර ගන්න සෙරෙප්පු හංගලා ගිය නැති පංසලක් ගැන ඇහුවමයි
මටත් හිතුනෙ. ශ්‍රංගයට අමතක වෙන්නැති, නැත්තං ඔයවගේ පංසල් කොහෙද තියෙන්නෙ?
Deleteඒ කාලෙ අපේ ගමේ අතලොස්සක් ඇරෙන්නට අනික් අය සෙරෙප්පු දැම්මෙ නෑ. පංසල් යද්දි සෙරෙප්පු දාගෙන ගිය අයත් යන යන තැන ඒවා අතේ අරං ගියේ
Deleteවිස්වාස කරන්න මාත් ඉස්කෝලෙ යනකොට විතරයි සෙරෙප්පු දෙකක්වත් දැම්මෙ. ඒ දවස්වල කට්ට අව්වෙ තාර පාරෙ සෙරෙප්පු නැතුව පයින් යනඑක ගේමක් නෑ.
සිරාවට. ඔය කිව්වහමයි මතක් උනේ. අදටත් මම ගමේ ඇවිදින්නෙ සෙරෙප්පු නැතුව.
Deleteඅපේ අයිය දවසක් පන්සල් ගිහිං, ආවෙ වෙන අලුත් සෙරෙප්පු දෙකක් දාගෙන. තාත්ත ඇහුව “කෝ පරණ සෙරෙප්පු දෙක?“ කියලා. පොර දුන්න උත්තරේ අහල තාත්තට හිතෙන්න ඇති අපරාදෙ ඇහුවෙ කියලා.
/ සල්ලි තිවුනොත් රුපියල් පහේ බොබී හඳුංකූරු පැකැට්ටෙකකුත් කඩෙං අරං /
ReplyDeleteබොබී වගේම හොඳ සුවඳ හඳුන් කූරු ජාතියක් තිබ්බ පූජා කියල.ඒත් අපි පොඩි කාලෙ ආව ඒ ඔක්කෝටම වැඩිය අහල ගම් හතකට සුවඳ ගහන්ට ඉන්දියන් හඳුන් කූරු ජාතියක්. අඟල් ඔන්නම් ඇති පහක් වගෙ දිග. ඒ වුනාට ෂුහ්..ඒකෙ සුවඳ තමයි සුවඳ...
ඔබේ කතන්දර මම බොහොම ආසාවෙන් කියවනවා.. පුලුවන්නම් දිග කතා කොටස් 3 වගේ කෑලි ලියන්න.. එතකොට ලියන එකත් කියවන එකත් වඩා සතුටක් වෙයි.
ReplyDeleteදිගටම ලියන්න. පුදුම ආසාවකින් කියවන්නේ....
මොන වේ** පුතෙක්ද මේ අපේ ශ්‍රංගට උපදෙස් දෙන්න එන්නෙ. සතුට ඔනනම් මෙන්න මේකෙන් ගනින්.
Deletehttp://safesex.tharunaya.co.uk/products.php?product=Sathuta-condoms
බොබී හඳංකූරු සමග අපි පොඩි කාලෙ පංසල් ගියහැටි ආයෙම මතක් උනා.
ReplyDeleteඅර ඇඟිල්ලෙං ඇන්නහම ඇත්ත කියන එකෙක් අපේ ඔපිස්සෙකෙත් හිටියා. පොර ගෙං අපි අහනවා,
“උදේට කෑවෙ මොනවද?“
“ගෙදර ඉද්දි මොකද කරන්නෙ?“
“ඔය අතේ තියෙන පාර්සලේ මොනවද?“
“දෑවැද්දට ගෑණී මොකද්ද දුන්නෙ?“ ආදී තොරතුරු. අරුත් ඉතිං ලෙසටම උත්තර දෙනවා.
තව සමහරු ඉන්නවා, පෝන් එකෙං කතා කරලා “ඕං ඇන්නා“ කිව්වත් නියම උත්තර දෙන උදවිය...
ඔන්න අදයි කොමන්ටුව දාන්නේ.බිලොග් එකේ නම නෙමයි උඹේ නමනේ බං මතක තියාගන්නේ.ඒකෙන් මිස් වුනා.
ReplyDelete..///“මොන වේ** පුත්තුද මංද ඇහැකන පේන වෙලාවකද මේ රේස් පදින්නෙ“//..
අපේ ආච්චි අම්මත් සිල් අරගෙන පන්සලේ ඉදලා ගෙදරට එනකම්ම පින් අනුමෝදන් කර කර එන්නේ සෙරෙප්පු දෙක හොරකමි කරපු එකාට.දානානිශංසමයි කියන්නේ.හෙන ගහන්න,අතකැඩෙන්න ඕනැ ඔය කඩප්පුලි වේ... පුතාගේ කියලා අනුමෝදන් කරලා ගෙදර ඇවිත් ආයෙත් මෛත්‍රිභාවනවා කරනවා.
ශ්‍රංගආච්චිත්තේක්කගියට්‍රිප්එකදිගටමලියමු ඈ.............
ReplyDeletegood. ..
ReplyDelete