ටෙලි නාට්‍ය. මේ වචනෙ දකින කොටත් සමහරුන්ට “ඔවෑක්“ කියා වමනෙ යන්න එනවා ඇත.
තවත් සමහර අය “අලුත්තෙකක් දැ“ යි සිතෙන්නට පුළුවන. ඒ කෙසේ උවත් ටෙලිනාට්‍ය අපේ ජන
ජීවිතයට මිරිස් තුනපහ තරම්ම සමිපයි.
එකදාස් නවසිය අනූ එක වසරේ දිනක හැන්දෑවක මහගෙදර මිදුලේ තිබූ හොඳ රඹුටං ගහේ
මුදුනට වෙන්නට ගැටගැසූ උණ ගහක කරටියේ රැඳවූ දෙපැත්තටම උල් තියෙන රේක්කයක් වගේ එකක්
සහ ගේ ඇතුලේ තැබූ සුදුපාට බුබුලු පේන පෙට්ටියක් අතර රෙදි වැලක් වගේ පටියකිං
සම්බන්ධයක් ඇති කිරීමෙන් අපේ පවුලට ‘තෙල්නාට්ටි‘ කියන වර්ගය කඩාපාත් වුනා. එවකට
කරන්ටෙක කියා දෙයක් නොතිබූ අපේ ගමේ මේ අරුම පුදුම පෙට්ටියෙං රූප (වැඩිහරියක්ම
බුබුලු) බලන්ට බැට්ටියක් තිබුනා. ඒ බැට්ටියේ සාරය උරාගන්ට වෑර් දෙකකිං ටීවියෙකට
සම්බන්ධ කිඹුල් කටවල් දෙකක් සිය දත්වලිං බැට්ටියේ දෙකොන තනපුඩු දෙක විකාගෙන හිටියා.
ඒ කාලෙ එතැනට පෙනුනෙ ජාතික රූපවාහිනිය විතරයි. ඒකත් යාන්තමට. සතියකට වතාවක්
අලුත් උණ ගහක් කපාගෙන ඇවිත් ඇන්ටනාව වඩා උස තැනක බැඳල අලුතිං චැනල් ඇල්ලීමේ නාඩගම
නැටීමට මාමත්, පුංචම්මත්, අප පියානෝත් ක්‍රියා කලා.
“ආං හරි සෝම්පාලයියෙ තව ඩිංගක් එහාට ගිනියන්න“
“නෑ නෑ. අනික් අතට“
“ආ...ආං යංතං මොකද්ද පේනව. අයිටියෙන්නෙක වගේ.. තව
පෝඩ්ඩක් කරකවන්න. ආං නැති උනා“
ඔය ආදී වසයෙං එපා වෙනකං ඇවිදල ඇවිදල අන්තිමට එක තැනක ඇන්ටනාව හිටවනව. ඒ
කොහොම කරත් කඳුවලිං වටවෙච්චි එතැනට හැමදාම අහුවෙන්නෙ ජාතිකේ විතරයි. ඒකත් සුදුරුදු
පරිදි සුළඟේ ලෙලදෙන කොඩි වාගේ නැත්තං පසෙං උඩට ආපු ගැඩවිල්ලු වගේ සර්වාංගෙම ලෙලදෙන
පින්තූර, පෝලිමට උඩයන පිංතූර එක්ක. ඒවත් පේන්නෙ බුබුලු ගොඩක් මැද යාංතං
ඉස්මතුවෙලා. ඉතිං සමහර වෙලාවට ගෙදර කට්ටිය වාද විවාද පවා කරගන්නව කවුද ඒ චරිතෙ
කියල හොයාගන්න.
“ඒ දීප්ති නෙ අම්මෙ“
“මොන ජීප්පියද්ද. අර නාකි ගෑනිනෙ. සරුවාලෙයක් වගෙ ගවුමක්
ඇඳං ඉන්නෙ“
“ඒ අම්මට පේන හැටි“
“බොල කටවහගෙන බලහල්ලකො. කියන එකක්වත් ඇහෙන්නෑ“
බොහෝ වෙලාවට කටහඬිං ඒ කවුද කියල අඳුරගන්න පුළුවං හිංද වැඩේ ගොඩිං බේරෙනව. ඒ
වුනාට මනුස්සයෙක් අඳුරගන්නවත්, වාහනේ කාර්රෙකද්ද බස්සෙකද්ද කියල හිතාගන්නවත්.
අමාරුයි. වාහනේක සද්දෙත් එක්ක හතරැස් හෝ වලාකුලක් වගේ පැල්ලමක් තිරේ හරහ යනවනං ඒක
වාහනයක්. ඒ පැල්ලම නැවතිල තවත් උස ඉටිපන්දමක් වගේ පැල්ලමක් ඒකෙං වෙංවෙලා ඒත් එක්කම
“ටිං ටිං“ කියල බෙල් සද්දෙයක් හෝ “හරියං හරි“ කිව්වොත් ආන්න ඒ පෙරකී පැල්ලම
බස්සෙකක්. අර ඉටිපංදම වගේ එක මිනිහෙක්. එහෙම නැතුව “එහෙනං මං ගිහිං එන්නං“ කියල
“දොක්“ කියල දොරක් වහන සද්දෙයක් ආවොත් ඒක කාර්රෙකක්. “දොක්“ සද්දෙ වෙනුවට “රාආආස්
දොක්“ කියල සද්දෙයක් ආවොත් ඒක වෑන්එකක්. ආං එහෙමයි නිරීක්ෂණයෙං නිගමනයට එළබෙන්නෙ.
ඒ දවස්වල හැමදාම ටෙලිනාට්ටි නෑ. දවසගානෙ පත්තරේ අග පිටුවට පිටු දෙකක් මෙහා
පිටුවක රූපවාහිනියෙ වැඩසටහන් විස්තරේ තියෙනවනෙ. එක නාට්ටියක් සතියට එක පාරයි
තියෙන්නෙ. දවසට එක ටෙලිනාට්ටියක් විතරයි තියෙන්නෙත්. ඒ හිංද හැමෝටම අනිවාර්යෙංම
ටෙලිනාට්ටිය තියෙන වෙලාවට ඒක බලන්න පුළුවං. හැබැයි වෙළඳ දැන්නීම් දාන වෙලාවට
ඇරෙන්න අනික් වෙලාවට ‘මීක්‘ සද්දෙයක් කරන්න තහනං. ආතා පිටකරන වායු නාදෙට පිළිතුරු
වායු නාදය පිට කරන්න ආච්චම්මට ඒක බාදාවක් වුනේ නැ.
ඒ කාලෙ තිවුන ටෙලි නාට්ටි වලිං මට මතක ‘දූ දරුවො‘ නාට්ටිය. ඊළඟට
‘දඬුබස්නාමානය‘. දූ දරුවො එකේනං මොනව තිවුනද මතක නැතත් දඬුබස්නාමානය නම් මතකයි.
ඒකෙ තියෙන අංගම්පොර සටං කලාවට මං හරිම ආසාවෙං හිටියෙ. ඒ වගේ උඩිං පිනුමක් ගහල
ගිහිං අනික් එකාට පයිං පාරක් දෙන්න.
පස්සෙං පහු කාලෙක ගමට ලැයිට් ආවත් එක්කම අපේ ආච්චම්මත් ‘කලර් ටීවී‘ එකක්
ගෙනාව. ඒ වෙනකොට චැනල් දෙක තුනක් දක්වා බලන්න පුලුවං තරමට වටේ පිටේ කලඑලි වෙලා
තිවුන. ඒ කාලෙත් රෑට ටීවී බලද්දි අපේ ආත ටීවීයෙක කෙලිංම අඩි තුනක් විතර දුරිං
පුටුවක් තියල ඉඳගන්නව. ඉං පස්සෙ තව ටිකක් ඉස්සරහට නැමිල ටීවියෙක දිහා බලනව. හරියට
දැන්වීමක් දිහා බලනව වගේ. එතකොට අනික් අයට ඒක බලන්න වෙන්නෙ එබිකං කරල. ඔය ප්‍රශ්ණෙට
විසඳුමක් විදිහට දෙයියෙක් වගේ දොස්තර කෙනෙක් දවසක් ටීවි එකේ වැඩසටහනකදි කිව්ව
ටීවියෙකේ තිරේ වගේ හත් ගුණයක් දුරිං ඉඳ මිසක ඒක බලන්න එපාය කියල. මං ඒක ආතට පෙන්නල
අනුමැතිය අරං අඟල් එකසිය හතලිස් හතක් ටීවී
එකේ ඉඳං දුර මැනල බිම සිමෙංතිය යකඩ ඇනේකිං හූරල ලකුණු කරල දුන්න. එයිං පස්සෙ ආත
ටීවී බලන්න එනකොට ප්ලාස්ටික් පුටුව පස්සට තියල අල්ලගෙන බිම බලාගෙන එනව අර ලකුණ
හොයාගන්න හරියට බිම වැට්චි කරාබුවක පස්ස බෝලෙ හොයන්න වගේ. හරියටම අර ලකුණ
හොයාගත්තට පස්සෙ පුටුව එතනිං තියල ඉඳගන්නව. ඒ ප්‍රශ්ණෙ විසඳුව කියමුකො. තව ප්‍රශ්ණයක්
නිකම්ම ඇතිවෙනව. හරියටම අඟල් එකසිය හතලිස් හත එන්නෙ සාලෙට ඇතුල්වෙන දොරකොඩට. ආත
දොරකොඩිං පුටුව තියාගත්තම එතනිං යන අයට යන්න වෙන්නෙ හරහට.
ඔය කාලෙදි තමයි ටෙලි නාට්ටි වැහිවහින්න පටං ගත්තෙ. “ආදර වැස්ස, සෙනේ වැස්ස,
මුරුගසං වැස්ස“ ආදී වැසි, යායවල්, පිනි සංයෝගයෙන් ඇතිවුනු සල්ලි ඇති හා එදාවේල
හොයං කන පවුල්වල ගාලගෝට්ටිවලිං පිරීගිය ඒ නාට්ටි දිරවාගන්න අපේ ආතගෙත් ආච්චිගෙත්
මොළකැටි සිත්වලට බැරිවුනා. එකම නලුවා, නිලිය එකවර ටෙලිනාට්ටි දෙකතුනක රඟපාද්දි ඒ
දෙන්න මංඥං වෙලා ගියා. එක දවසක් චතුරිකා පීරිස් ඉන්න මොකද්දෝ ටෙලිනාට්ටියක් බලන
ගමං ආච්චම්ම චතුරිකාට පලුවිසිවෙන්න බයිනව.
“නිද්දකිං විතරක් මේ දැං හැදෙන පට්ට වේ* ගෑනුංගෙ හැටි.
මේ ගෑනි ඊයෙ අර ටීවිලියක් එලෝන එකා එක්ක පවුල්කෑව. අද බලහංකො තට්ටං දෙක හිරවෙන්න
කලිසමකුං ගහං මේ කාරකාරයෙකුත් එක්ක රෝංදෙ යනව. ඕං අදකාලෙ ගෑනු.“
එකම නිලිය හිටියට ඒ ටෙලිනාට්ටි දෙකක් කියල කියා දෙන්න කතාවෙ කොටස් දෙකක්ම
කැප කරන්න ගෙදර අයට සිද්දවුනා.
ඔය කාලෙදි හුඟක්ම ටෙලිනාට්ටිවල දුප්පත්, පෝසත් පවුල් අතර ආදර අන්දර මගිං
නාලන් මෙන්ඩිස් ඇතුළු තවත් පිරිසක් සෑහෙන හම්බකෙරුමක් කරගන්න ඇති. ඒ අතරෙම මට මතක
තවත් එක් පරන නිලියක් ටෙලිනාට්ටි කරන්න පටං ගත්තා. එයාගෙ ටෙලිනාට්ටි පිටරට රූගත
කරපු ඒව. එහෙමයි දැන්වීමෙ දාන්නෙ. “අසුවල් නිලිය විසින් සීතල ඉතියෝපියාවේ දී රූගත
කළ නවතම ටෙලි අන්දරය“ කියල. බොහෝ වෙලාවට කාමර අස්සෙ, ගෙවල් අස්සෙ කතා කරන එව්ව
විතරයි ඒවගෙ තියෙන්නෙ. සමහර වෙලාවට ඒ ලංකාවෙම වෙන්නත් පුලුවං කියල මට හිතෙනව.
කලාතුරකිං පිටරටක ගෙයක් වගේ පේන ගෙයක් ඉස්සරහ තියෙන වාහනයක් පිටත්වෙලා යනව වගේ
දර්ශනයක් පෙන්නල ඒ නාට්ටිය ‘පිටරටක කරපු එකක්ම තමා‘ කියල පෙන්වන්න උත්සාහ කරනව.
කොහොම කලත් ලංකාවෙ ටෙලිනාට්ටිවලට ආවේනික ලක්ෂණ කීපයක් තියෙනව. මටනං එව්ව
අස්වාභාවිකයි. මුල්ම දේ තමයි බොහෝ වෙලාවට දෙන්නෙක් කතාකරනව නං ඒ දෙන්නම කතා කරන්නෙ
ඉස්සරහ කැමරාව දිහා බලාගෙන. මූනට මූන බලාගෙන කතා කරනව අඩුයි. හරියට නිකං වේදිකා
නාට්ටිවල වගෙයි. ගොඩක් වෙලාවට එහෙම කතා කරන්නෙ ගෙදර සාලෙ, නැත්තං ඉස්තෝප්පුවෙ.
තවත් වැදගත්ම ලක්ෂණයක් තමයි වචනෙං වචනෙ බොහොම හෙමීට කියන්නෙ. සාමාන්‍ය මිනිස්සු
කතා කරන තරං වේගෙං කතා කරන්නෙම නෑ. ඒ වගේම තමයි ඒ කියන දේවල් හරියටම ගලපල කියනව,
ප්‍රශ්ණ පත්තරේකට උත්තර ලියනව වගේ හරියටම. පොඩ්ඩක්කත් වරදින්නෑ. ඒකත් හෙනම
අස්වාභාවිකයි. අනික් අස්වාභාවිකම දේ වලියකදි උනත් එකෙක් කියල ඉවරවෙනකං අනික්
එක්කෙනා කටවහගෙන බොහොම ඉවසීමෙන් අහගෙන ඉන්න එක. ඒ ඔක්කොමත් අතරෙ අස්වාභාවිකම ලකුණ
හෙවත් හලානොගත් වල්ගය තමයි කාන්තාවො ගෙදරට ඔසරි ඇඳීම. මගෙ ජීවිතේට හැබැහිං දැකල නෑ
ලංකාවෙ කාන්තාවො කවුරුවත් ගෙදර ඉන්නකොට සාරි අඳිනව. ඒ නැට්ටනං හලන්නම ඕන.
මේ සේරටම වඩා එපාවෙන දේ තමයි ඉංදියාවෙන් ගෙනාපු වහුකුනු නාට්ටි. එව්වයෙ
ඉන්න එවුන්ට වචනයක් කියාගන්න සෑහෙන වෙලාවක් යනව. එව්වයෙ දෙබස් කියන්නෙ මේං මේ
ආකාරයට. අතරමැදි කාලය තත්පර වලිං දක්වන්නං
“ඔයා..(තත්පර 2).. මගේ ..(තත්පර 2).. දරුවෙක් කියල ..(තත්පර
4).. කියන්නත් ලැජ්ජයි ..(තත්පර 4)..
සායිල් ..(තත්පර 2).. ගොයිං කා.“
මේක කියන ගමං වචනයක් ගානෙ ඒ සීන් එකේ ඉන්න හැමෝගෙම මූනු පෙන්නනව. එකෙක්
හැරුනොත් ඒකටත් තප්පර තුනක් විතර ගන්නව. කතාවෙ මොකක්හරි තීරනාත්මක දෙයක් ගැන කියනවනං
එහෙම “චාල් චාල් චාල් චාල්“ කියල මහා විනාසකාරී සංගීතයක් එක්ක වටේපිටේ ඉන්න සේරගෙම
මූනු, අතපය, ඇඳුං පැළඳුං ආදී සේරම පෙන්නනව. අන්තිමට කියන්න තියෙන දේ ඊළඟ දවසෙ තමයි
කියන්නෙ.
ඒව කොපි කරල හදන ලංකාවෙ ටෙලිනාට්ටි ඔක්කොටම එහා. එව්වයෙත් ඔය ඉහතකී අංග
ලක්ෂණ සේරම තියෙනව. ඒ අතරෙ කතාව ඇදගෙන යන්න ඕනෑවට චරිත සේරම වටේ යනව. එව්වයෙ තියෙන
සිංදුත් ඒවගේ මට හොඳටම මතක සිංදුවක් තියෙනව. ඒකෙ එක පදයක් මට ඇහෙන්නෙ “සුළැඟිලි
පවා හැ**ය හැකී“ කියලයි. බලන්නකො බොරුද කියල.
දැං ඔය සූරියවාහිනියෙ තියෙනව එක ගම්බද මන්තර ගුරුකං තියෙන කතාවක් ඒකෙ
තියෙන්නෙ තනිකර හැංගිමුත්තං සෙල්ලමක්. ඕං ඒකෙ එකෙක් බෝම අමාරුවෙං හොයල ගෙනත්
තියාගෙන අනික් පැත්ත බලනකොට අනික් එකී කැලේ පැනල. ඉතිං ඒ කැලේ පැනපු එකී හොයන්න
යනකොට මේ ගෙනාපු එකාව වෙනිං එකෙක් උස්සල. ඔය අතරෙ සමහර චරිත ඉන්නව උං මහ මෝඩ මැටි
හරක් විදිහට හැසිරෙන. සමහර ප්‍රශ්ණ විසඳන්න තමුං දන්න දේ එක වචන දහයෙං කියල ඉවර
කරන්න පුලුවංකම තියෙද්දි උං පැය ගනං වෙන වැල්වටාරං කියෝනව. සමහර ටෙලිනාට්ටි තවත්
ඇදගෙන යන්න බැරුව අවසං කරන්නම ඕන තැනට වැඩ යෙදෙනව. ඒ කියන්නෙ මෙතෙක් කල් හොයපු
තමුංට හොයාගන්න බැරිව නැතිවෙලා හිටපු ආදරවන්ති දැං මේ මූනට හම්බු වෙන්නයි යන්නෙ.
එතකොට තව එක කොටසිං දෙන්න බැන්ද වැඩේ ඉවරයි. ආං ඒ වගේ වෙලාවට උං දෙන්න අඳ, ගොලු,
බීරො වගේ හැසිරිල දෙන්නට දෙන්න නොපෙනෙන්න ඇඟේ හැප්පෙන නොහැප්පෙන ගානට පත්තරේකටවත්
මුවාවෙලා දෙපැත්තට මාරුවෙලා ආයිත් හම්බ නොවෙන්නම දුරස් වෙනව. තව කොටස් ගානකට වැඩේ
ඇදෙන්න.
මේ කොයික උනත් මේ නාට්ටි බලන්න කොටසක් හැදිල ඉවරයි. ඒ අය මෙව්ව බලනවමයි.
එහෙව් අයට ගානක් අතට දීල “අහුවල් එක බැලුවත් සල්ලි තමයි“ කියල කියෝල තවත් ටිකක්
ගොඩ වැඩිකරගන්න හරිම ලේසියි.
ඒ වගේ අය චැනල් තුනක විතර ටෙලිනාට්ටි නවයක් විතර දවසකට බලනව. එකක වෙළඳ
දැන්වීම් යද්දි අනිකට ආදී වසයෙං දුරස්ථ පාලකයට දැඩි දඬුවං දෙමින් කොහොමහරි එක
කොටසක්වත් අතනෑරි බලන්න ඒ අය තනි අතිං බත්පංගුව අල්ලගෙන හෙන ගේමක් දෙනව. එක කොටසක්
හරි මගහැරුනොත් පහුවදාට ඔෆීසියට ගිහිං ඒ කොටස අන්තර්ජාලෙං බලාගන්නත් පුළුවං.
ඇත්තටම මිනිස්සුංගෙ කේන්ති අවුස්සන එක ඇරෙන්න වෙනිං වැඩක් නොකරන මේ
ටෙලිනාට්ටි වලට වඩා බලන්න හොඳ දේවල් නැද්ද? මට එහෙම හිතිල තියෙනව. ආං ඒකට මං හොඳ
දෙයක් හොයාගත්තා බලන්ඩ. මොනවද? මොනවත් නෙමෙයි වෙළඳ දැන්නීම්? ආං බලන්නකො
නිර්මාණශීලීත්වය උපරිමයි. නංගිට ක්‍රීම් කැකර් ගන්න බස්සෙක ආපහු ගාල්ලට ගෙනියන
සී.ටී.බී කොන්දොස්තර, සුපර් ක්‍රීම්කැකර්
ගැන කියන සුපර් මෑන් ආදී නිර්මාණශීලී දැන්වීම්
එයිං කීපයක් විතරයි. ඔය අතර ඩෙල්මා හැපිබෝයි කැටේ දැං තිස්පායි කියල තුං පාරක්
කියෝල කටපාඩං කරවන එක ආදී එපාකරපු ඒවත් තියෙනව. ඒ කොයිහැටි වෙතත් බත්කන වෙලාවට
හාපික් ඇඩ්ඩෙක නොපෙන්නා ඉන්නවනං හොඳයි කියල විතරයි මට කියන්න තියෙන්නෙ.
හැක් හැක්.. නොබලනව කිවුවට ශ්‍රංග ඔක්කොම බලනව වගෙයි.
ReplyDeleteමමනං දැන් කාලෙක ඉඳල ටෙලි නාට්‍ය බලක එක අතෑරල තියෙන්නෙ. මේ ළඟදි අර නාටක මාරයි නමය හමාරයි බලන්න පං ගත්ත. ඒ ගමන ඒක හතහමාරටද කොහෙද මාරු කරල. ඒකත් එතනං ඉවරයි.
දැන් පියෝ ටීවී තියෙනවනං කොටසක් මිස් උනොත් පැය කීපයක් ඇතුලත ආයෙ බලන්න පුලුවන්නෙ.
ශ්‍රංගගෙ අලුත් විනෝදාංසෙට සුබ පැතුම්.
අනේ මටනං මේ තියෙන විහිළු වලට හිනා යන්නෙ නෑ. මොන අහේතුවද මංද.
Delete//ඒ ඔක්කොමත් අතරෙ අස්වාභාවිකම ලකුණ හෙවත් හලානොගත් වල්ගය තමයි කාන්තාවො ගෙදරට ඔසරි ඇඳීම. මගෙ ජීවිතේට හැබැහිං දැකල නෑ ලංකාවෙ කාන්තාවො කවුරුවත් ගෙදර ඉන්නකොට සාරි අඳිනව//
ReplyDeleteඅපේ අත්තම්මා ගෙදරට අඳින්නේ ඔසරිය... :O
ආං බලමුකෝ ඔයාගෙ ආච්චි තමයි මේ වැඩේ ටෙලිනාට්‍ය වලට බෝ කරලා තියෙන්නේ . වයසක දෙමළ ආච්චිලාත් සාරිය අඳිනවා.
Deleteවචන පහමාරක් විතර කතාකරනකොට ඉඳන් ඉන්න තැනින් නැගිට සක්මන් කරන්න ඕනවෙන එක ටෙලිනාට්ය වගේම සිංහල ෆිල්ම්වලත් තියනවනේ
ReplyDeleteඑහෙනං. සරම පස්සහ පැත්තෙං උඩහට කරල අල්ලගෙන බිම බලාගෙන තමයි සක්මනේ යෙදෙන්නෙ.
Deleteසම්පූර්ණ ඇත්ත සුරංග. ඔය ලංකාවේ පළමුවෙනි ටෙලියෙ කට්ටිය දාලා ඒ දවස් වලම තවත් ටෙලියක් හැදුවා "සුළග" කියලා. ඒක නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "වාතයක්" ම තමයි.
ReplyDeleteපලවැනි ටෙලිනාට්ටිය ‘පළිඟු මැණිකෙ‘ නේද?
Deleteපළවෙනි ටෙලි නාට්‍ය 'දිමුතු මුතු' වෙන්න ඕන.
Deleteදිමුතු මුතු
Deleteඅඩෝ තෝ එන්න එපා දන්නවද ටෙලිනාට්ටි වලට ඒක මේක කියන්න...ආච්චම්මට උණ ගැනෙන්ට මම බොට දෙන්නෙ...මම දිනපතා ටෙලි නාට්ටි 12 කුයි සති අන්ත එව්ව 4 කුයි බලනව. තව 10 විතර තියනව එව්වයෙ කොටස් 30-40 වගෙ ගිහිල්ල. ඒ හින්ද මේ දවස්වල හදිස්සි වැඩක් කරනව. ඒක විජහට ඉවරයක් කරල දවසක් නිවාඩු දාල මුල ඉඳලම ඒ ටික බලල ඉවරයක් කරල දාන්ට එන. එතකොට ඒ 10ත් එකතු උනාම දිනපතා එව්ව 22 ක් වෙනව. අන්න එහෙමයි අපි වගෙ කලා බූසන ලා කටයුතු කොරන්නෙ. තේරුණෙයි?
ReplyDeleteඅඩේ වස්සානේ පේමේ නියම නාට්ටිය නෙව. මට ඒක බැලුවෙ නැත්තන් නින්ද යන්නෙත් නෑ ඔන්න කොටිම්ම. ඔය සින්දුව නම් මම අහල නෑ ඇත්තම කිව්වොත්. මම බලන්නෙ නෙට්ටෙකේ හින්ද ඔය තේමා ගී, නාමාවලි එව්ව මොකවත් නෑ. කෙලිම්ම හොම්බට ඇන්නැහෙ කතන්දරේ තමයි..අර මන්තර කතාවත් නියමයිනෙ බන්. සික්..බොට නම් කිසිම කලාත්මක දුරුස්ටි කෝනයක් බැරිවෙලාවත් පිහිටල නෑ. එහෙම බෑ බන්, කලාත්මක ඇහැකින් ලෝකය දකින්ට ඉගෙන ගන්ට ඕන. අන්න ඒකට අපි..දැන් ඔය උඹ කියන සින්දුව තියන ටෙලි නාට්ටිය..ඒකෙ ඇදල පැදල නලවල එහෙම " ව..ස්..සා..නේ..ඒ..ඒ...ඒ.ඒ පේ..ඒ..ඒ.ඒ..ඒ..ඒ..ම...ය..යි " කියල කියනකොට ,මගෙ ඇඟේ මයිල් කෙලින් වෙනව බොල...අන්න කලාව..අන්න කලා රිට....
//..මම දිනපතා ටෙලි නාට්ටි 12 කුයි සති අන්ත එව්ව 4 කුයි බලනව. //
Deleteබ්ලොග් පෝස්ට් දාන්නයි , කමෙන්ට් වලට උත්තර දෙන්නයි රවී කියන්නෙ රොබෝ කෙනෙක්ද ?
This comment has been removed by the author.
Deleteදෙයි හාන්දුරුවනේ..... මේ මනුස්සෙය වැඩක් පලක් කරන්නෙවත්, කෑමක් බිමක් ගන්නෙවත්, නැතුවද අප්පා. අන්තර්ජාලෙ බිහිදොරෙං ලෝකෙට සර්වාංගෙම ඔබාගෙන ඉන්න තමුන්නැහැල වගේ අයත් මේ ‘ජලමරාවල්‘ බලනවද ඈ?
Deleteකමහ්නෑ ඉතිං එක අතකිං බැලුවහම ලංකාවෙ වෙන බහුබූත ටිකක් හරි බලාගන්න පුලුවංනෙවනෙ.
මම අකමැතිම දේ ටෙලිනාට්‍ය බැලීම.දැන් විතරක් නෙවෙයි පටන්ගත්ත මුල්කාලේදිත් ඒතරමි කැමැත්තක් තිබුනේ නැ.මම සබද පබිලිස් කියන කතාව නමි බැලුවා.හාස්‍ය ඒවට නමි කැමතියි.දැන් තියන ඒවා බලලම නැති නිසා ඒ ගැන මොනවත් කියන්න දන්නේ නැ.
ReplyDeleteදැං තියෙන හාස්‍යෙයා්ත්පාදක ටෙලිනාට්‍ය වලිං කරන්නෙ රචකයා කෙරෙහි අනුකම්පාව උත්පාදනය කරන එක. හරිහමං විහිලුවක් කරල අපිව හිනස්සන්න කෙනෙක් නැතිහැටි. ඒක හිංද වෙන්ටැ ඒවයෙ විහිලුව තියෙන තැන ලකුණු කරන්න හිනාවෙන සද්දෙයකුත් දාන්නෙ. ඒත් මටනං හිනා යන්නෑ.
Deleteටෙලි නාට්ටි කියල ජාතියක්නැතියි කියල මං ඉතතං උන්නෙ. බැලින්නං ඒම ජාතියක් තියෙනව නෙ. මං ඉතං උන්නෙ වෙළද දැන් නීං අස්සෙං මොනා මොනා හර් පෙන්නනව කියල
ReplyDeleteමතකද අපි නොදන්න ලයිව්. ඕකෙ එක පාරක් හොද ආතල එකක දුන්න
අ.ල ටෙලියක් හදල. ඒකෙ නම සෙව්වන්දියකට පෙං බංදා ද කොහෙද
කොල්ල නාකියි. කෙල්ල බතලයි
තාත්තල නැනදල හද්ද තරුණයි හිහි
එක සීන් එකක් තිබ්බ ඒකෙ තියෙන්නෙ නැනද ඇවිත් කේන්තියෙන වගේ කාර්එකේ දොර වහන සීන් එකක්. හෙක පැය කාලම දොර වැහුව කියහංකො
අන්න විහිලුවක් කරන්න පුළුවං ඩබල. උංගෙ විහිළු මරු
Deleteටෙලි නාට්‍ය බලන්නෙ නැති නිසා යන්තම් ලේ කෝප කරගන්නෙ නැතුව ජීවත් වෙනවා බං. ඔය කුණුහරප බලන වෙලාවෙ නිදාගන්න එක සැපයි. අනික අද කාලෙ පැය බාගෙ නාට්‍ය පෙන්නන්නෙ විනාඩි දහයයි. ඉතුරු විනාඩි විස්සම පෙන්නන්නෙ ඇඩ්. ඉතින් කොහොමද බව් ඕවා බලන්නෙ. මං දන්න විදිහට වැදගත් කියන ටෙලිනාට්‍යක් ඉඳලා හිටලා හරි ගියේ ජාතික එකේ විතරයි. ඉස්සර අර පබාද මොකක්ද එක පෙන්නනෙක පැය බාගෙට අයිටීඑන් එක ලක්ෂ දහයක් හෙවුවයි කියනවා ඇඩ් වලින්.
ReplyDeleteඇත්තටම අර අළුත් ක්‍රීම් ක්‍රැකර් ඇඩ් එක නම් පට්ට් ක්‍රියේටිව් තමයි. සිරා ඇඩ් එක. ඒ වගේම අර අළුත් ලිප්ටන් තේ ඇඩ් එක. ඒකත් මරු.
තාමත් ගෙදරට ඔසරි අඳින ගෑණු අය ඉන්නවා සුරංග.
මෑතක ගිය රියල් ඩබල් බිස්කට් එකේ ඔෆිස් කෙල්ලො දෙන්නා මතකද උඹට? එක කෙල්ලෙක්ගෙ දෙබසුයි ඇක්ෂනුයි මූණයි තුනම සුපිරි.
Deleteපබාද
Deleteහුහ්. ඒකිට ඉස්සර අගේට සිංහල පුලුවං. දැං ඒකට සිංහලත් බෑ. මට ඔය තප්පදෝරුව පේන්න බෑ.
හ්ම්ම්ම්.. ස්රංග මහත්තෙයට අමතක වුණැයි ඔය ටෙලි නාට්ටිඔල කෑම කන සීන්වල කවදාවත් අත් සෝදන්නැතිව කන්නෙ. ආයෙ කෑම මේසයක ඉඳගෙන කෙනෙක් කෑම කොට තව කෙනෙක් කෑම පි ඟානට උඩින් ඉඳන් කතා කරනවා. ඊඊඊයා. පිඟානට කෙලත් වැටෙනවා ඇති. ඔය බලි නාට්ටි බලන්න වෙලාවක් නෑ කාටූන් එකක් බලනවා විතරයි.කොමර්ෂල් ක්‍රෙඩිට් ඇඩ්ස් නුත් මරු.
ReplyDeleteකාටුන්?
Deleteතමුන්නැහැත් කාටුං බලනවැයි? එල. මාත් කාටුුං ලෝලියෙක්. වැඩියක්ම සිරසෙ ගිය කාටුං තමා.
මිනිස්සු 16 ක හමුදාවක් යොදාගෙන, අඩි 13 GI පයිප්ප පහක් එකට සම්බන්ධ කරලා, stay wires දාලා, යන්තම් ITN එක විතරක් බලන්න හදලා දුන්නා, රත්නපුරේ මැණික් මුදලාලි කෙනෙකුට 1979 දි. ගාස්තුව වශයෙන් රු 500ක් ගත්තා.
ReplyDeleteහපොයි ඔය 'ටෙලි නැටි' කියන එව්වා බැලීම අතහැර හුඟක් කල් ය. නමුත් අද බොහොම කලාතුරකින් මගේ ලොකුදුව නිර්දේශ කරන එව්වා ටිකක් වෙලා බලමි.
කුණු ඉන්දියන් 'ටෙලි නැටි' වැල දෙබස් අරවගේ 'හුනුකරුප' වගේ කියන්නේ මුල් නාට්ටියේ තොල් සොලවන ආකාරයට සමපාතවීමට දෙබස් ලියන නිසාය.
අප්පද බොල. ඒ කාලෙ ඉඳං ටීවී තිවිල එහෙනං. මං එ් කාලෙ හොඳටම වයසයි.
Deleteඅනේ මංද. මටනං ඒ ඉංදියාවෙ ටෙලිනාට්ටි එහෙං පිටිංම එපාවෙලා.
යකෝ මේවාට බනින්න හරි මේ තරම් දැනගත්තේ කොහොමෙයි....????? ඒ කියන්නේ උඹ බලනවානේ.................????
ReplyDeleteබලනව නොවෙයි බැලෙනව.
Deleteචූටි මැණිකෙ බලනවනෙ. ඒ වෙලාවට මාත් ඔය අහලක ඉන්න එපායැ. ඉතිං බැලෙනව.
චතුරිකා පීරිස් එක එකා එක්ක රෝන්දෙ ගහන බව ඒ කාලෙම අත්තම්මට තේරුණාට ගෙදර උන්ට තේරිලා නෑ. උන් පණ්ඩිතකමට අත්තම්මව හරිගස්සන්න ගියා....
ReplyDeleteඋංදැ මේ පහුගිය කාලෙත් අර දරු දෙන්නෙක්ගෙ අප්පෙක් එක්ක නැටුව නෙ නාඩගමක්
Deleteටෙලිනාට්‍ය බැලිල්ල නවත්තලා සෑහෙන්න කල්.. දැන් ඉදලා හිටලා බලන්නේ නාටක මරයි එක විතරයි.. අනික් මෙගා නම් ඕනම නෑ..
ReplyDeleteකොහොමත් පෙර සැකසූ පිටපතක් නැතුව ඇදෙන කිසිම ටෙලියක් මෙලෝ රාක් නෑ
Deleteහඬ කවපුවයෙ දෙබස් කියන්නෙ කට හසුරුවන විදිහ බලලා. ඒකයි පරක්කු.
ReplyDeleteමූණ බලාගෙන කතාකරන්නැති අහක බලාගෙන කතාකරන මිනිස්සු පෙන්නන්නෙ ඇයි දන්නවද? උන් කරන්නෙ රඟපෑමක් නිසා.
උඹ කීව සමහර පිටරට රූ ගත කරපු නාට්‍යවල නං මෙලො රහක් නෑ තමා. ඒවා නිකං සරල ප්ලොට් එකකට තමන්ගෙ හීන බලෙන් රිංගවන්න දරපු උත්සාහයන් විතරයි.
හොඳ විවරණයක්!
කට හසුරුවන විදිහ උනත් ලස්සනට ලියන්න පුලුවං. බලන්නකො සිරසෙ ලමා චිත්‍රපටිවල හඩකැවීම.
Deleteඒ උනාට ජාතික රූපවාහිනියෙ ‘අසුවල් දියනි‘ එකේ එහෙම වාක්‍ය කියන්නෙ අග ඉඳං මුලට.
මං සුරංග එක්ක ඉන්තේරුවෙම්ම එකඟයි. කාලෙකට කලිං තිබ්බා ටෙලි නාට්‍ය, කඩුල්ල, ඇල්ල ළඟ වළව්ව, ධවල රාත්‍රිය, සුභ අනාගතයක්, පළිඟු මැණිකෙ, කන්දෙ ගෙදර, අසල්වැසියෝ, එතනිං ගියාම තව එකක් තිබ්බා ලංකාවෙ වාමාංශික ව්‍යාපාරය ගැන හදපු...
ReplyDeleteසුභ අනාගතයක් කියන්නෙ ටෙලියක් ද බං. ඉලව්වයි.
Deleteඑහෙනං ඒක අවුරුදු ගානක් තිස්සෙ ඇදිච්ච මෙගා නෙමෙයි ගිගා ටෙලියක්. පසුගියදා අවසං උනේ දුකාණ්තයකිං.
Delete//තව එකක් තිබ්බා ලංකාවෙ වාමාංශික ව්‍යාපාරය ගැන හදපු...//එහෙනං ඒක අවුරුදු ගානක් තිස්සෙ ඇදිච්ච මෙගා නෙමෙයි ගිගා ටෙලියක්. පසුගියදා අවසං උනේ දුකාණ්තයකිං./// මුළු පෝස්ට් එකටම වැඩිය මේ කොමෙන්ට් එක පට්ට.. හැක හැක හැක..
Deleteඩ්‍රැකී,
Deleteලංකාවෙ වාමාංශික ව්‍යාපාරයෙ ආරම්භය සහ විකාශය ගැන තිලක් ජයරත්න මහත්මය අපූරු ටෙලි චිත්‍රපට දෙකක් කලා, " නාඳුනන පුත්තු " සහ " දණ්ඩේ ලූ ගිනි "
//ඒ නාට්ටි දිරවාගන්න අපේ ආතගෙත් ආච්චිගෙත් මොළකැටි සිත්වලට බැරිවුනා. එකම නලුවා, නිලිය එකවර ටෙලිනාට්ටි දෙකතුනක රඟපාද්දි ඒ දෙන්න මංඥං වෙලා ගියා.//
ReplyDeleteඅම්මපා බං ආතලා ආච්චිලා විතරක් නෙමේ අපිත් මංඥං වෙනවා... මම නම් අපේ ගෙදර ඕවා සහ අර මළකුණු විකුණන් කන ප්‍රවෘත්ති බලන එක තහනම් කරලා තියෙන්නේ....
මලකුණු විකුණන ප්‍රවෘත්ති? ආ අර සෝමාවාහිනියෙ නේද? ඔව් දැංකාලෙ දේසපාලකයො නොගියත් සෝමවාහිනියෙ එවුං යනව මළගෙවල්වල.
Deleteමම මේක තියාගත්තා අසතුටෙන්ම ඉන්න වෙලාවක කියවන්න. උඹේ විග්‍රහය සුපිරියි. ඒ වගේම වන්දනා ගමනත් අතෑරලා දාන්න එපා ශ්‍රංග.
ReplyDeleteඅපිත් ගෙදර ගියාම ඕවා දකිනවා. මුල්ම සතිදෙකේ විතර බැණ බැණ ඉන්නවා මොන බොළඳ මෝඩ ගොං බහුබූතද මේ පෙන්නන්නේ කියලා. නිවාඩුවෙ අන්තිම සතිය එනකොට අර හැඟීම අඩුවෙලා අපිත් ඒවට ටිකක් ලාවට ඇබ්බැහි වෙලා ඉන්නේ. ඒ කියන්නේ ඕවයේ තියෙනවා ඇබ්බැහි කරවන ගතියක් හරියට නිකටීන් වගේ.
මටනං පේන්න බැරි ඒවගෙ තියෙන ලේ කුපිත කරවන ස්වභාවය. සමහර චරිත තියෙනව හොම්බට හැටක් ඉල්ලන. එවුංට දෙන්න විදිහක් නැතුව මගෙ ඇඟේ ලේ පොපියන චමත්කාරයෙන් නලියනව
Deleteලගකදි බලලා නෑ..අපේ ගෙදර ටෙලිවිසෝං නැති නිසා..
ReplyDeleteනෝනාවරුනි මහත්තරුනි මෙන්න පිලිගන්න වසරේ වාසනාවංතයා. ටීවියෙකක් නැති සාමකාමී නිවසක් හිමි මෙන්ඩයියා මහතා.
Deleteඇත්තටම මචං..
Deleteමගේ ගෙදර රෝඩියෝ ලැප්ටොප් ඉන්ටර්නෙට් සෝෆා මුකුත් නෑ
මමයි සදුයි පොඩි මෙන්ඩයි 7.30ට කනවා 8.30 ට නිදි..
ඒ කොයිහැටි වෙතත් බත්කන වෙලාවට හාපික් ඇඩ්ඩෙක නොපෙන්නා ඉන්නවනං හොඳයි කියල විතරයි මට කියන්න තියෙන්නෙ.එකෙන්ම එකඟ යි.
ReplyDeleteඅර මෝටිං කැරපොතු ඇඩ්ඩෙකත් එසේමයි
Deleteසුපිරි....... පට්ට.......... ඔව්වා බලන්න වෙලාවක් නැතුව මිසක් වෙලාවක් තිබ්බනං මාත් සමහරක් විට බලයි......... හඩ කව කවා ඉන්දියන් එව්වයි කොරියන් එව්වයි පෙන්නන එකටනං ලෙසටම විරුද්ධයි...........
ReplyDeleteමමනං ඉඩ දෙන්නෙ සිරසෙ කාටුන් හඬකැවීමට විතරයි. ඒකනං පට්ට ඈ.
Deleteසිරා කතාව අයියේ..අර ගෙදරටත් සාරි ඇදන් ඉන්න එක මටත් ඒ කාලෙ ඉදන්ම තියෙන ?ක්...අර ඉන්දියන් කතාවට විනාඩි 5 සීන් එක පැය බාගයක් විතර අදින එකත් එමමයි...මං නිර්දශ කරනවා මේ පෝස්ට් එක ටෙලි කලාවෙ අත්පොත විදියට හදුන්වා දෙන්න කියලාඅ.
ReplyDeleteඒකනං එහෙම තමා. කවුරුත් ගනීද මලේ මේ පොත.
Deleteකොරියන් ඒවට නම් මාත් මනාපයි.. අහු වෙච්චි වෙලාවට බලනවා.. මොකෝ මම මාර ආසයි ජේ ඒ වී පෝන් වලට...
ReplyDeleteචික් විතරක් කියන කැචකචා. ඔව්ව ගැන කියල පහල කොමෙන්ට් දාන අය නරක් වෙන්ට පුලුවං
Deleteටීවී එකට කරන්න වැඩක් තියෙනව.. ඇන්ටනාව ගලෝල දාන්න.... අපේ ගෙදර එහෙමයි... අවුරුදු දෙකකින් ටීවී බලල නෑ අපි දෙන්න... හි හි.. බලපු කාලෙත් ඔය එක නාට්ටියක්වත් බැලුවෙ නෑ.... ඒවා සාමාන්‍යයෙන් මාස තුනකට සැරයක් විතර කාගෙන් හරි අහල බලනව දැන් මොකද වෙලා තියෙන්නෙ අර කතාවෙ කියල... ඒ හොඳටම ඇති.. වාක්‍ය දෙකකින් විතර උත්තරෙත් හම්බුවෙනවනෙ...
ReplyDeleteමං ටීවී එක අපෙ කඩේට ගිහිං දැම්ම.... එතනට එන මිනිස්සුන්ට ඩිසයින් ටිකක් පෙන්නල කීයක් හරි හොයාගන්නවත් පුළුවන් අඩුගානෙ....
ඔය ටීවීවල ටියුබ් එකෙං බංකු පුටු ආදිය හදන ඩයල් එකකුත් මං දැක්ක පත්තරේ ඇඩ්ඩෙකක් දාල තියෙනව.
Deleteඅපේ ගෙදරටත් මුලින්ම කළුසුදු නැෂනල් ටීවී එකක් ගෙනාවේ අසු එකේ.. බාගයක් සල්ලි දීල ඉතුරු එක ෆිනෑන්ස් කරලා එක ගෙදරට ගේනකම් අයිය සතියක් ඉස්කෝලේ ගියේ නෑ.. ගෙනාපු මුල්ම දවසේ දවල් දාල බලනකොට තිත් තිත් විතරයි.. හොඳ වෙලාවට ෆිනෑන්ස් එකේ එකෙක් තාත්තට කියල තිබ්බ හවසට තමයි වැඩ සටහන් පටන් ගන්නේ කියල.. හවස හතර හමාර වෙනකොට අපි පුටු වෙන්කරගෙන බෝතල් වලට වතුර පුරෝගෙන බෙඩ් ෂිට් පෙරවාගෙන ටීවී බලන්න ලෑස්ති උනේ.
ReplyDeleteඔය උනන්දුව තිබුනේ උපරිම සතියයි ඊට පස්සේ මාසෙකට සැරයක් පෙන්නපු සිංහල ෆිල්ම් එක බලන්න උනන්දු උනා.. එත් ගොඩක් වෙලාවට ෆිල්ම් එක පටන් ගන්නකොට අපි නිදි..
දැන් තත්වේ ටිකක් වෙනස්. අපේ නෝනා ටීවී බලන්නෙම නෑ.. ළමයි හවසට කාටුන් වගේ ඒවා බලනවා.. මම නම් කොළබ ඉන්න දවස් වලට මොකක් හරි එක චැනල් එහෙක යන ඩ්‍රාමා පෝලිමම බලනවා.. මේ දවස් වල බලන්නේ ITN එකේ යන පෝලිම.. ඇත්තටම කියුවොත් බලනවා නෙවෙයි. ටීවී එක on එකේ දුවනවා.. මට ඇහෙනවා නැත්නම් බැලෙනවා.. මොකද කරන්න වැඩි වැඩකුත් නෑනේ.. සීරියස් ගන්නේ නැති නිසා ලොකු හානියක් නම් නෑ..
ඒ වගේද අප්පා ගෙදර දොරකඩට ඇහිල්ල මයික්කෙක දික් කරල කැමරාව මූනට අල්ලල ඇහුවම.
Delete“තෝ මොකද්ද බලන චැනල්ලෙක. අපේ එක නේද? කියපිය“
කියල. ඔව් කියපු ගමං සල්ලි. අන්තිමට ‘කුඩුනං මල්ලි තමයි“ ආ නෑ වැරදුනා “හිරුනං සල්ලි තමයි“ කියන්න තියෙන්නෙ
රවිට ගොඩක් ඉස්තූතියි. නාඳනන පුත්තු එකේ තමයි රොජර් හොඳ චරිතයක් කළේ.
ReplyDeleteඅපේ මල්ලි සාරංග දිසාසේකරට කියන්නෙ “ගුටි මූණා“ කියලා. පොර කියනවා, ඌට තියෙන්නෙම ගුටි කන මූණක් කියලා...
ඇත්ත ඇත්ත. උට තියෙන්නෙ ගුටිකන මූනක් තමා.
Deleteමුල්ම ටෙලි නාට්‍යය වූ දිමුතු මුතුට පස්සෙ ලා හිරු දහසක්, හිරු පලිඟු මැණිකේ,කඩුල්ල ආදී විශිෂ්ට ටෙලි නාට්‍ය විකාශය වුනා.
ReplyDeletea good post. ....
ReplyDeleteඇයි බන් රජ කතාවක රොඩියෙකුට ඇඳල හිටියත් කිරි කිරි ඇන්දුම් ඇඳල ඉන්න එක, කිහිල්ලෙ මයිල් බාල තියෙන එක?
ReplyDelete