මෙන්ඩයියා පහුගිය කාලෙ ලියාගෙන ආපු පාසල් කාලේ ප්‍රේම කතාව කියවාගෙන යද්දි මට මං ගැනම “ඉදකිං” කියල හිතුනා. අනික් අය කියන දේවල් එක්ක බැලුවත් ඉස්කෝලේ දහය එකොලහ විතරක් නෙමෙයි ඉස්කෝලෙං එළියට බැහැලා ටික කාලයක් යනකං උනත් මට තිබිලා තියෙන්නෙ “ඉදකිං” වර්ගෙ ජීවිතයක්.
අපේ පලවැලේ ඉස්කෝලෙ දහයෙ එකොලහෙ අනික් පන්තිවල හිටපු චන්ඩි මෙන්ඩයියල වගේ ජෙනුයින් අයියලා. එයිනුත් උඩම හිටපු චන්ඩි දෙතුන් දෙනා හෙනම සාමකාමී එවුං. වලියට නොයා ෂේප් එකේ ඉන්න ගමං “හෑන් පයිට්” කියන සෙල්ලමෙන් තමයි තමුංගෙ හයිය පෙන්නගෙන හිටියෙ. උං යටතේ හිටපු පුහුණුවන ශ්රේපණියෙ චන්ඩි උනත් වලියක් නැතුව වලි ඇදගන්න ගියෙ නෑ. උං තමුංගෙ පන්තියෙ ඉන්න නෝංජල්ම එකා වෙනුවෙං උනත් පෙනී හිටියා. ඒ හංදා උංගෙ පන්තිවල හැමෝටම එක හා සමාන හයියක් තිබුණා. කොටිම්ම කෙල්ලො උනත් උංට මාර එකතුයි.
අපේ පන්තියෙ හිටියෙ චන්ඩි දෙන්නයි. එකෙක් රංග අනිකා චමිල. උං දෙන්නට තිවුණු ලොකුම හයිය තමයි මහ හයියෙං කෑ ගහන්න පුළුවං කට. පන්තියෙ ඉන්න එවුං අතරින් තමුන් චන්ඩි කියලා ඉහළට එන්න උං දෙන්නා යොදාගත්තෙ ඒ හයිය. පන්තියෙ ඉන්න කොල්ලංගෙ ගෙවල්වල අය උන්ට කතා කරන නම හොයාගෙන ඒක පන්තිය පුරා ප්ර සිද්ධ කරන බව කියලා කොල්ලංගෙ රුපියල් පහ දහය කඩා ගැනිම උංගෙ එක චන්ඩි කමක්. තවත් සමහර එවුංගෙ ජීවිතේ අප්ර කට සිද්ධි පන්තියෙ කෙල්ලො ඉස්සරහ කියලා කෙල්ලංගෙ හිනාවට ලක්කිරීමත් උංගෙ එක චන්ඩිකමක්. පන්තියෙ කොල්ලො විතරක් දන්න රහස් විදිහට තිබුණු ‘බණ්ඩා අඳින්නෙ මල් ඇඳපු ජංගි බව’ වගේ සේරම රහස් ප්රොසිද්ධියෙ කියලා චාටර් කෙරුවාව හිංදා අපි සේරම චමිලයගෙයි රංගයගෙයි වචනෙට බයවෙලයි හිටියෙ. ඒ වුනත් සමහර දවස්වලට කෙල්ලො ඉස්සරහ බණ්ඩගෙ කලිසම ගැලවීම, බට්ටව කෙල්ලංගෙ ඇඟට තල්ලු කරලා උට ගුටි ඇන්නවීම, දවල් කෑමෙන් පස්සෙ ඉතුරුවෙන මොකක් හරි ඉඳුල් ජාතියක් කොල්ලංගෙ පුටුවල ගාලා ඒකෙං කලිසමේ හැදෙන කහපාට පැල්ලමට ඈඳලා කතන්දර හැදීම වගේ චන්ඩිකං කරන්න උං දෙන්නා පෙළඹුනා. මේ හැම එකකම අවසානෙ ඇහෙන කෙල්ලංගෙ හිනාව උං දෙන්න පිළිගත්තෙ ලොකු ආඩම්බරයක් හැටියට. ඒ හංදා අපි වගේ හුඟක් එවුං ඉස්කෝලෙ ගිහිං පන්සිල් ගනිද්දි දෙයියන්ට පිංදීලා ඉල්ලුවෙ උංගෙං එදා දවසෙ අපේ නම්බුව බේරලා දෙන්න කියලා.
අපේ සම මට්ටමේ අනික් පන්තිවල හිටිය ඕන කෙල්ලෙක් සායයි හැට්ටෙයි අන්දලා පාරෙ ගෙනියන්න පුළුවං මට්ටමේ හිටියා. ඒ වුනාට අපේ පන්තියෙ හිටිය කෙල්ලංගෙං කොල්ලෙක්ගෙ බැල්මට අහුවෙන්න හිටියෙ ‘**හාරි’ විතරයි. හමේ පාටත්, ඉගෙනීමේ හැකියාවත්, එක්ක දිග පළල හරියාකාරව පිහිටපු ඒකිගෙ කොණ්ඩෙ විතරක් නයිජීරියාවෙ මුරූගෙ වගේ උනේ කොහොමද කියලා මං කල්පනා කෙරුවා. ඒ වෙනකොටත් ගුරුවරු හැමෝම වගේ ඒකිව දොස්තර නෝනෙක්ට අන්දලා ඉවරයි. ඒ හංදම දහතුන වසරේ ‘වන්නියගෙ’ අවංක, අකලංක ප්රේෙම ආයාචනේට ඒකිගෙ හිත නැමුනෙ නෑ. හැබැයි වන්නියා තමුංගෙ සේනාව එක්ක අපේ පන්තිය පැත්තෙ එන විසිට් එකත් නතර උනේ නෑ.
**හාරි ඇරුණම අපේ පන්තියෙ හිටිය අනික් කෙල්ලො ගැන කියතොත් මෙහෙම වට්ටෝරුවක් හැදියැකි
ගාමිණී දිසානායක මහත්තයා මැරිච්චි තොටළඟ බෝම්බෙ පිපිරවීමේ සිද්ධියෙ බෝම්බකාරිගෙ මූණ වගේ මූණ තියෙන කෙල්ලො එකයි
ආණ්ඩුවෙන් පාසල් ළමයින්ට දෙන නිල ඇඳුං රෙද්දෙන් ගවුං දෙකක්ම මහන්න පුළුවං තරමෙ කොහුමිටි තරං අතපය හතර ඇති කේලං මලු හතරයි (සැ.යු:- එකෙක් ඇරෙන්න අනික්වා සම්පූර්ණ මැටි)
දෑල ලී මෝලෙ තියෙන ලොකුම දැති කියතටවත් අහුවෙන්නැති තරං මහත, හයමස් වයසැති නිවුං දරු උපතකට සූදානං ගැබිනි මාතාවක් තරං බඩ මහත තඩිස්සියො එකයි.
ඉස්සරහ පස්ස මාරුවෙලා ඔලුව හයිකරා යැයි සඳහන් වෙන මහසෝන් අවතාරෙගෙ එක්කුසේ උපං නංගි යැයි සැක හිතන්න පුළුවං ඉස්සරහ පස්ස මාරුවෙලා, කකුල් බකල් වෙච්ච “සුරූපී ලලනාවො” වසයෙං ස්වයං වින්දනේ යෙදෙන කෙකර කිකිලියො තුන්දෙනයි.
හැමදාම ඇඳුංවල කහට පැල්ලං තියෙන, විවිධ වර්ණයේ ත්රිබකෝණ රටේ තියෙන බව තමුන්ට පිටිපස්සෙං ඉන්න කොල්ලන්ට මතක් කර දෙන, අන්ඩසොකට් එකේ රේන්දෙ ඉරිලා ගවුම යටිං එල්ලෙන්න ඇඳුං අඳින, ‘ශීලාචාරකමක් නැති එවුං’ කියලා ගුරුවරුංගෙ ඇගයීමට ලක්වෙන පිස්සු මරගාත දෙකයි (හැබැයි මුංගෙ හිත හොඳයි).
මේ කිසිම එකකට නැති Walking dead වගේ වට්ටෝරුවට ජීවත්වෙන කෙලි පරාණ දහ පහලොවක්.
කොල්ලො අතරිං බහුතරය හිටියෙ රැල්ලට ගහගෙන යන සෙට් එකක්. හැබැයි මට ඇරෙන්න අනික් හැමෝටම අඩු නැතුව ක්‍රිකට් පිස්සුව තිබුණා. පන්තියෙ සිරිමත්ගෙ ඉඳං යටම එකාට වෙනකං ඒ පිස්සුව පොදුයි. අනික් එවුං රංචුව පිටිං පිට්ටනියට බහිද්දි මං පොත් දඩයමේ ගියා. කාගෙ හරි ළඟ පොතක් පත්තරයක් තිවුනොත් වැඳල හරි ඉල්ලගෙන ඒක අරං ඇවිත් පන්තියෙ තියාගෙන කියවන මං ක්‍රිකට් ගහන එවුංගෙං බැනුං අහන්නෙ
“තෝ තමයි පීරියඩ් කට් කලා කියල අපිව අල්ලා දුන්නෙ”
කියල.
ඔය වගේ ආතබූත පන්තියක් වෙච්චි අපේ පන්තියෙ එවුං හීනෙංවත් නොහිතන විදිහට මුලිම්ම කෙල්ලෙක් සෙට් වෙන්නෙ බට්ටට. පහ වසරෙ ළමයෙක් තරං පෙනුම ඇති බට්ටට කොට කලිසමට ලැබෙන රෙද්දෙංම දිග කලිසමක් මහන්න පුළුවං කියලයි අනික් එවුං කිව්වෙ. බට්ටට සෙට් උනේ හත වසරෙ නංගියෙක්. උප්පත්තියෙම්ම පිහිටල තිවුණු සිඟිති උඩු රැවුල් පොඩිත්තත්, නංගිගෙ තාත්තා රජයේ මරණ පරීක්ෂසක සහ පලාතෙම ගෙවල් ප්ලෑන් අඳින්නා වීමත් ඇරෙන්න වෙනිං අවුලක් ඒ නංගිට තිවුනෙ නෑ. බට්ටගෙ ඉල්ලීම පරිදි බට්ටෑ අයියගෙ පන්තියෙ එකෙග්ගෙ නංගිට කියලා මේ නංගිගෙං කැමැත්ත ඉල්ලලා යැව්වා. දවස් ගානක් ගියාට පස්සෙ කැමැත්ත ලැබුණ බවට ඒ පාරෙංම ආපස්සට ආරංචිය ලැබුණා. ඒකෙං අපේ බට්ටගෙ ජීවන කොපි පොතේ අලුත් පිටුවක් පෙරලුනා. කෙල්ලට රැව්ල ටිකක් තිවුණට ඒක ආදරේට කිසිම බාදාවක් නොවෙන බවත්, දැං ඌ තමුංගෙ අනාගත මාමණ්ඩියා වන කොරනේල් රාලහාමිටවත් බය නැති බවත් අපිත් එක්ක කියා හිටපු බට්ටා ඊළඟ වතාවෙ තමුංගෙ කලිසම ගලවන්න ආපු රංගයගෙ අත නහරයක් ඉලිප්පෙන්නම විකුවා.
තවත් පියවරක් ඉස්සරහට තියලා තමුංගෙ ආදරවන්තිට මොකක් හරි තෑග්ගක් දෙන්න බට්ටට ඕනැ උනා. ඒ වුනාට බට්ටගෙ ගෙදරිං රුපියලක් දෙකක් ඉල්ලගන්න එක වුනත් මාව සාක්කියට කැඳවන තරං බරපතල කටයුත්තක්. ඒ වුනාට බට්ටා සැලුනෙ නෑ. තමුංගෙ ආදරවන්තිය වෙනුවෙං මිනියක් මරන්න උනත් බට්ටට හිතේ හයිය තිබුණා. කාටවත් ණය නොවී සුපිරිසිදු විදිහට ඒ තෑග්ග අරං දෙන්න බට්ටට ඕනැ වුනා. අන්තිමට බට්ටා රුපියල් දහයක විතර විශාල මුදලක් ගෙදර අල්මාරියෙං ඉස්සුවා. ගෙදර ජූරිය ඉදිරියේ නඩු ඇහුවට බට්ටගෙ කට හොල්ලන්න බැරි වුනා. ගෙදරිං ලැබෙන වේවැල් පාර කාගෙන බට්ටා ඉවසං හිටියා. බට්ටගෙ පැත්තට සාක්කි දීපු මාවත් “දැං දැං ඒ තරං විස්සාස කරන්න බැරි” බව බට්ටගෙ දෙමව්පියො කියා හිටියා.
බට්ටා ලෙයින්, කඳුලිං උපයා ගත්තු රුපියල් දහයෙං කෙල්ලට තෑග්ගක් ගන්න විදිහ අපිත් එක්ක කතා කෙරුවා. බට්ටගෙ අතේ තියෙන ගානට ගන්න පුළුවං රුපියල් පහේ අයිස් පැකට් දෙකක්, දහයෙ චොකලට් එකක්, වගේ දේවල් අපි යෝජනා කලත් බට්ටගෙ හිතට මදි.
“කාලයක් තියාගන්න පුළුවං දෙයක් දෙන්න ඕනි බං. නිතරම මාව මතක්වෙන දෙයක්”
දවස් ගානක් කල්පනා කරලා එක දවසක බට්ටා තමුංගෙ තෑග්ග ගෙනාවා. එදා උදේ ඉඳං පන්තියෙං එලියට නොගිය බට්ටා තමුංගෙ තෑග්ග තියෙන බෑග් එක පරිස්සං කලා. කෙල්ලෙක්ට තෑග්ගක් දෙන එක ජීවිත කාලෙට කිසිම ඉස්කෝලෙකට යන්න නොලැබෙන තරං අසික්කිත විදිහට ලියාපු අස්වීමේ සහතිකයක් එක්ක ඉස්කෝලෙන් දොට්ට වැටෙන වැරැද්දක් වෙච්චි ඒ කාලෙ පෙරුම්පුරාගෙන ගෙනා තෑග්ග කෙල්ලගෙ අතට දෙන එක බට්ටට ප්ර ශ්නයක් උනා. අපිටත් ඒකට මැදිහත්වෙන්න පුළුවංකමක් තිබුනෙ නෑ. බට්ටගෙ පෙම්වතිය බට්ටා එක්ක මූනට මුනගැහිලා කතා කරන්න බැරි තරං ලැජ්ජාවෙන් පිරිච්ච බෝලෙයක්. ඒකි බට්ටාට තමුන්ට කිට්ටු කරන්න දුන්නේ ඉස්කෝලෙ ගොඩනැගිල්ලක දෙකොන අතර තරං දුරකට විතරයි. බට්ටා බිල්ඩිමේ මෙහා කොනේ ඉඳිද්දි බට්ටගෙ කෙල්ල බිල්ඩිමේ අනික් කොනේ මොහොතකට පෙනී හිටලා ආපහු පන්තියට දුවන එකෙං උං දෙන්නගෙ පෙම් හමුව ඉවරයි.
අන්තිමට අපේ පන්තියෙ චන්ඩි දෙන්නා තෑග්ග ගෙනියන වැඩේ බාරගත්තා. ගාස්තුව දෙකේ අයිස් දෙකකට සල්ලි. බට්ටා කාගෙන්ද ඒකටත් ඕනෑ ගාන නයට ගත්තා. තෑග්ග දාපු බ්රසවුං පේපර් කවරෙ උඩිං රුපියල් හතර තියලා බට්ටගෙ ඩීල් එක චන්ඩි දෙන්නට බාර දුන්නා. උං දෙන්නා පන්තියෙන් පිටවුනාට පස්සේ ඒ පිටිපස්සෙං හොරෙංම ගිහිං තෑග්ග බාරදීමේ අවස්ථාව දෑහිං දැකගෙන බට්ටට ඒ ගැන විස්තර කිරීමේ වැඩේ මට පැවරුනා.
රංගයයි, චමිලයයි අපේ පන්තිය තියෙන බිල්ඩිමේ එහා කොනට ගිහිං ආපහු හැරිල බැලුවා. මං කනුවක් පිටිපස්සෙ හැංගුණා. උං දෙන්නා එතනිං හරස් අතට ගිහිං මුදුන් බිත්තියට මුවාවුනා. මාත් අයිනකිං ඔලුව දැම්මා. එතකොටත් උං දෙන්නා බට්ටගෙ තෑග්ග කවරෙං එලියට ඇදලා අරං. බට්ටගෙ තෑග්ග ලේන්සුවක්. අරුං දෙන්නා ඒක දිගෑරියා. කලු ලෑල්ල මකන කොට්ටෙ ගැසුව වගේ සුදුපාට කුඩු ගොඩක් ලේන්සුවෙං බිමට වැටුනා. රංගයා ඒක තවපාරක් ගැසුවා. ඉං පස්සෙ උං දෙන්නා ලේන්සුව දිහා බලාගෙන නරි හූවක් එක්ක ටෙනිසන් කුරෙයි බන්දු සමරසිංහයි හිනාවෙනව වගේ හිනාවක් පටං ගනිද්දි මං එතෙන්ට කඩා වැදුනා.
“ඒයි. ඕක අදින්නෙපා බං.”
“අනෙප්පල යන්න.”
උං දෙන්නා බ්රගවුම්පේපර් කවරෙ උඩ විසික් කරා. මං ඒක අහුලන්න පාත් වෙලා නැකිටිද්දි රංගය ලේන්සුව ඇඟිලි දෙකකිං අල්ලගෙන උඩට උස්සගෙන පන්තියට දුවනව. මං උංගෙ පස්සෙං එලෙව්වා. උං දෙන්නා පන්තියට ඇතුල්වෙද්දි බට්ටගෙ මූනට වෙච්චි දේ දකින්න මට එතන ඉන්න බැරිවුනා. ඔව්, මං ටිකක් පහුවෙලා ආවේ. කලුලැල්ලටත් වැඩිය උස රංගයා හැමෝටම අර ලේන්සුව පෙන්නනව. බට්ටට එතනට එන්න බැරිවෙන්න චමිලය ඌට පොලිස් ගැටේ දාල අල්ලගෙන. බට්ටා උඩ පැන පැන සාප කරනව.
“තොපි වල් බල්ලො. හැඳිගෑවියව්”
“තොපිට හෙන ගහනව බොලව්”
අපේ එවුං වටවෙලා ලේන්සුව බලනව. බලන බලන එකාට බන්දු සමරසිංහගෙ හිනාව බෝ වෙනව. මාත් ඔලුව දැම්මා.
ඒ ලේන්සුව මහපු කෙනාටවත් ඒක අඳුරගන්න බෑ. බට්ටා ඒකට කාබන් පෑනෙං වැඩ දාලා. ලේංසුවෙ හතර කොනේ නැට්ට නැති බෝකොල හතරක් ඇඳලා. ලේංසුවෙ මැද පෙති තිහකට වැඩිය තියෙන මලක් ඇඳලා. මලේ මැද රේණු පවා ඇඳලා. ඒක අපේ එවුං දැනටමත් ‘අරකිගෙ අහවල් එක’ හැටියට නම් කරල ඉවරයි. කලිං සතියෙ චිත්රඑ මිස් කියල දුන්නු පලාපෙති මෝස්තර වලිං එකක් ලේන්සුවෙ බෝඩරේට ඇතුලෙං කොළ පාට පෑනකිං ඇඳලා. ඉතුරු ටික සමරු පොතක් වගේ. බට්ටට කෙල්ලත් එක්ක කියන්න තිබුණු සේරම ටික ඌ ඒ ලේන්සුව පුරා එක එක අතට ලියලා. උගෙ ආදරේ තරම ලියන්න ‘උත්කෘෂ්ඨ’ වගේ අමාරු වචන පවා ඌ පාවිච්චි කරලා.
කොරනේල් රාලහාමිට බය නැතිකම රතුපාටිම්ම ලියලා තිබුණා.
“මං චන්ඩියෙක් වුනේ ඔයා නිසයි”
වගේ වීර කියුම් ඇරුණම අනික් හැම ආදරණීය කරුණකම මුලට ඊතලයක උලගහපු බෝකොල දෙක දෙක ඇඳලා. ඒ විතරක් නෙවෙයි ලේන්සුව පුරාම බට්ටා පොඩි කාලෙ ඉඳං අහපු සේරම සින්දු ලියලා. ප්රි.න්ස්, නාමල්, අජිත්, වගේම ජෝතිපාල, ප්රිබයා, එඩ්වඩ් ජයකොඩි පවා බට්ටා අමතකර කරල නෑ. ලේන්සුවෙ අනික් පැත්තෙ මල් පත්තරේකින් කොපි කරල අඳින්න හදපු පාසල් පෙම් යුවලක පින්තූරෙ බාගෙට ඇඳල නවත්තල තිවුනෙ ඒ පින්තූරෙ ඉන්න ජෝඩුවටම “කෙහෙතගෙ අපලෙ” දරුණුවටම තියෙන බව පේන හින්දයි.
අපේ එවුං සේරම ඒක බැලුවට පස්සෙ රංගයයි, චමිලයයි ඒ ලේන්සුව අනික් පන්තිවලටත් පෙන්නන්න අරං ගියා. පන්තියක් ගානෙ බට්ටගෙ ලේන්සුව පෙන්නලා බට්ටව පීචං කරන්න උං දෙන්නට පීරියඩ් දෙක තුනකට වඩා ගියා. ඉස්කෝලෙං බාගයක් පුරාම බට්ටගෙ ලේන්සුවෙ තිවුණු අකුරක් ගානෙ පැතිරුණා. හයේ පන්තියෙ පොඩි එවුං පවා බට්ටට විහිලු කරා. ඔය විදිහට මාස ගානක් ඉස්කෝලෙට යන එන තුරාවට බස්එකෙත් ඉස්කෝලෙ ඉන්න වෙලාවෙත් විහිළුවට ලක්වුනාට ඒ සේරටම “උඹෙ අම්මගෙ..............” කියල සරල කුණුහරුපෙන් උත්තර දෙන්නත් ඒ එක්කම කිසිම දුකක් නැතුව ‘රැවුල් නංගි’ අතාරින්නත් බට්ටට පුළුවං උනා. බට්ටා සාමාන්යඑ පෙල පේල් වුනා. දෙවෙනි පාර සාමාන්ය පෙල පාස් වෙලා උසස් පෙළ සයන්ස් කරන්න ගිහිං ඇනගත්තා. දැං බට්ටා උසයි, ලොකුයි. මෑතකදි බොහොම හුරුබුහුටි කෙල්ලෙක්වත් බැඳගත්තා. ලක්ස බාගෙක තරම පඩියක් ගන්න රස්සාවකුත් ලැබුණා.
චන්ඩි දෙන්නගෙං රංගයා පහුකාලීනව අපට දෙමළ උගන්වපු මිස් එක්ක වලියක් දාගෙන ඉස්කෝලෙං අස්වීමෙ සහතිකේ ලියාගත්තා. පස්සෙ කාලෙක අපේ පන්තියෙම හිටපු කෙල්ලෙක්ගෙ කැමැත්ත ඉල්ලලා නොලැබුණ තැන ගංජා ලෝලියෙක් වෙලා නන්නත්තාර වෙලා ගිහිං තිබුණා. චමිලයත් සාමාන්යන පෙළ පාස් වුනා කියල දන්නවා. එතනිං පස්සෙ උං දෙන්නට වෙච්ච දෙයක්වත් දන්නෙ නෑ.
අදටත් දවල් එකට දෙකට පාරට බැස්සම රංගයයි, චමිලයයි වගේ අනුං තලාපෙලා සතුටු වෙන ජාතියෙ ඉස්කෝලෙ ළමයින්ව මං දකිනවා. සමහරු අනික් අයගෙ තොප්පි ඇදගෙන දුවනවා. තවත් අය කනට ගහලා දුවනවා. ඒ වගේ දෙයක් කරලා කෙනෙක්ව අසරණ කරලා මහ හයියෙං හිනාවෙලා සතුටුවෙන බව පෙන්වන ළමයින්ට මොකක් නමුත් හීනමානයක් තියෙන බවත්, රංගයට වගේම ඒ ළමයින්ටත් දරාගැනීමේ ශක්තිය අඩු බවත් මට හිතෙනවා. මගේ පැට්ටේරි රස්සාවෙදි හමුවෙච්චි ඒ වගේ තලාපෙලන්නෝ බොහොමයක් හිතේ හයිය අඩු මිනිස්සු. ඒ වගේ අය ඉස්කෝලෙ කාලෙදිම අඳුරගෙන සුදුසු පිලියමක් කලානම් සමාජයට යහපතක් වෙන්න පුළුවං.
මමනේ අද පළවෙනියා. කියවල එන්න ඕනේ ආයෙත්.
ReplyDeleteප්‍රසන්නයියා තරහ වෙයිද?
Deleteඅනේ නෑ බොල. හැක්..
Delete//මට ඇරෙන්න අනික් හැමෝටම අඩු නැතුව ක්‍රිකට් පිස්සුව තිබුණා.// මටත් ඒ පිස්සුව නම් නෑ. ඇයි දන්නේ නැ?!
ReplyDeleteඅපි මන්දගාමී හින්ද වෙන්නැති. වැඩිය කලබලයට හුරු නැති අය එහෙම තමයි
Deleteමගේ හය-නමය පන්තිවල හිටපු චණ්ඩි දෙන්නාගෙන් තරමක් නයහට නාහන එකා උසස් පෙළ නොකර ඩ්‍රැයිවින් ඉගෙන ගන්න ගියා. දැන් ටුවරිස්ට් බස් එකක් එළවනවා කියා මට කෝල් කර කීවා මීට වසර හතකට පෙර තාත්තාගේ අවමංගල දැන්වීම පත්තරෙන් දැකලා.
ReplyDeleteඅනිත් චණ්ඩියා නම්, හිත හොඳ චණ්ඩියෙක්. හොඳට ස්පෝර්ට්ස් හෙම කළා. ප්‍රධාන ශිෂ්‍ය නායකයත් වුණා. පස්සේ ස්පෝර්ට්ස් ගුරුවරයෙකු වුණා කියා ආරංචි වුනා.
මේ කියන තරම් වනචරයින් නම් හමුවෙලා නෑ!
මේ ආකාරයේ වනචරයින් ඇතිවීමට හේතුව නිවසේ සහ වටපිටාවෙ පරිසරය. ඔබගේ පාසලේ හිටපු අයට එවැනි අයහප.් පවුල් පරිසරයක් හෝ සමාජ පරිසරයක් තියෙන්නට නැතුව ඇති.
Delete//කාගෙ හරි ළඟ පොතක් පත්තරයක් තිවුනොත් වැඳල හරි ඉල්ලගෙන ඒක අරං ඇවිත් පන්තියෙ තියාගෙන කියවන මං ක්‍රිකට් ගහන එවුංගෙං බැනුං අහන්නෙ
ReplyDelete“තෝ තමයි පීරියඩ් කට් කලා කියල අපිව අල්ලා දුන්නෙ”//
මගේ ළඟම තියෙන පොත්වත් කියවන්නේ නැති මං බැනුම් අහන්නේ අපේ අම්මගෙන්.. @^%#$%$^^@^&$^#&^@^%^%# කියලා.
අර්ථ විවරණය කලොත් “බොට පොත් ගෙනැත් දෙනවට වඩා හොඳයි ඒ සල්ලි වලිං ඩේට කාඩ් දානව“
Deleteආයේ දවස් දෙකකින් විතර ඇවිත් කමෙන්ට් එක්කම කියවන්න ඕනි. රහයි ඈ.
ReplyDeleteඑන්ඩ මල්ලි
Deleteහැමදාමත් එනවා අයියා.
Deleteඉස්සෙල්ලම කියහං ඔය උඹ කියන මෙන්ඩයියගෙ කතාව කොහෙ තියෙන එකක්ද කියලා. මටත් ඒක දැනගන්න ඕනෙ.
ReplyDeleteඅරෙ කෙල්ලෝ වට්ටෝරුව නම් සුපිරි. උන් එකෙකුටවත් උඹව මුලිච්චි නොවේවා. ඒ මොකද අපිට තව දුරටත් යාං හෑල්ල කියවන්න ඕනෙ නිසා.
http://kalahitha.blogspot.com/2017/05/3-2-request-permission-to-carry-on-sir.html?m=1
Deleteහෙහ් හෙහ් ඩූඩ් ඔව් උන් දැක්කොත් බෝම්බෙට අහු වෙච්ච මූන මූටත් ලැබෙනව.
Deleteඩුඩ් අයියන්ඩි ඒක කියව්වේ නැද්ද ...ඔයාගේ කෙමෙන්ට් එක බලාපොරොතු වෙමි
Deleteඅර 'මගේ ඩෙනිම' කියල බ්ලොග් එකක් ලියපු බුවා ඉන්නතැනකින් හොයාගන්න පුලුවං එකෙක් ඉන්නවද?
Deleteලින්ක් එකට ස්තුතියි.
Deleteඅනේ ලියන්න වගේම කියවන්නවත් විවේකයක් තිබ්බේ නෑ බං. කොටින්ම මම දන්නෙත් නෑ මෙන්ඩ කතාවක් ලියපු බව. මේ දැන් ගිහින් කියවනවා කොච්චර වැඩ තිබ්බත්. කමෙන්ට් එක පස්සෙ දාන්නම්.
මෙන්ඩයියගෙ කතාව යෞවන සමීන්ද්‍ර රත්නායකගේ කතාවක් වගෙයි. සුජීවයා වගේ අටුකොස්, කිරිකොස් මාලු හදන්නෙත් නෑ. නිතරම ඇතුලතින් දැවී යන්නෙත් නෑ.
Deleteමෙන්ඩ , සදූගෙන් ගුටි කාගෙන හරි ලියපන් , මට ඕකෙ එක තැනකදි දාන්න කමෙන්ට් එකක් තියනව , ඇයි කෙල්ලෙක් කොල්ලෙක්ට ට්‍රයි කරන්නෙ කියල අහපු එකට කෙල්ලෙක් දීපු උත්තරයක් ලියන්න ඕනෙ. ඒක හැරවුම් ලක්ෂයක්
Deleteඑතන මැද තිතක් තියපං. ඒකට කවකට්ට තියල හරවන්ට
Deleteමේ ලියනවා ඉතුරු ටික ..
Deleteගුටි කෑවොත් බලන්න වරෙන්
මරු ඈ.....පුල් කොමිටල් ආදර පුරාණයක්....
ReplyDeleteමේක ඒ තරං සාර්ථක නෑ
Deleteපංතියෙ හිටපු කෙල්ලො ගැන මේ තරම් වර්ණනාත්මක විස්තරයක් කියෙව්වමයි :) උන් එකෙක්වත් බ්ලොග් කියවන්නෙ නැතිව ඇතිනේ වැරදිලවත්.
ReplyDeleteඅන්තිමට දීල තියන පණිවිඩය නම් ගොඩක් වටින එකක් !
අල්ලපු පන්තිවල කෙල්ලො නං බලනවා. අනික බට්ටත් බුකියෙ ඉන්නව නෙවැ.
Deleteමෙන්ඩ ගේ කතාව වගේම මේකත් මරු. ඔය වගේ චන්ඩියෙක් අපේ පන්තිවල හිටියා. ගහගත්තේ තේරුමක් නැති දේවලට. පස්සේ කාලෙක හම්බ වුණා බොහොම අහිංසක විධිහට හැසිරුනේ. යුනි එකේ ඇනගෙන ගෙදර ගිහින් දැන් කොහෙද දන්නෙත් නැහැ. පාසැල් කාලේ චන්ඩි විධිහට හැසිරෙන්නේ ගෙවල් වල ප්‍රශ්න තිබුන ළමයින්ට කියල මට හිතෙනවා.
ReplyDeleteමට මුගේ සටහන නිසා තව කතා දෙකක් ලියන්න සම්මානයක් ලැබුනා වගේ
Deleteහරියටම ඒක තමයි, සමාජයෙන් සහ ගෙදරිං කොන්වෙච්චි අය අවධානය හොයාගන්නෙ ඔහොම තමයි. ඔවුන් අනාගතේ දි බලු නොවටින අපරාද කරන්නෙත් ඒ හංදයි.
Deleteමෙන්ඩයියා ලියන කතාව දිගටම ලියං යන්න ඕමනයි. මොකද කියතොත් ඒක අවසානයක් වෙච්චි ගමං කෙලිම්ම හතරැස් පොතක් විදිහට අච්චු ගැහුවැකි. අච්චු ගහපු ගමං සුරුස් ගාලා විකිණිලත් ඉවර වෙයි.
//අච්චු ගහපු ගමං සුරුස් ගාලා විකිණිලත් ඉවර වෙයි.// එහෙම සද්දෙකුත් එක්ක
Deleteඒ කියන්නෙ ගිනිකූරෙ සද්දෙනෙ
Deleteඉතුරු ටික ලියනවමයි තෝ නිසා ..
ReplyDeleteමට මේක නෙලුම්යයේ සම්මනෙකට වැඩිය වටිනවා
මට අඩු නිකොටිං සිකෑට් පෑට්ටෙයක් තෑග්ගට දියං අයියෙ.
Deleteඒවා ඉයන් ලග ඌ මට දුනෙත් එකයි
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteඉතිං දැනුම් දියංකො, මෙතන කැලෑ පත්තර ගහන්නැතුව...
Deleteලියුං ලියල දැනුං දෙන්නෙ ආදි කාලෙනෙ.
Deleteඅපි ඔහුගෙන් දත් පුරවාගන්නට නොයමු. එසේම අපි තරුණ කාන්තාවන්ද නොවෙමු.
Deleteසුරංග ඔයාගේ බ්ලොග් එක නිසා මට මුකුත් කියනන් බහ. ඔබේ නිදහස. නමුත් මේ ප්‍රතිචාරය ඉවත් කලොත් හොඳ යයි සිතෙනවා. මගේ බ්ලොගයේත් දාල තිබුන. කාට වුනත් පෞද්ගලික කාරණා අලලා මඩ ගැසීම නොමනා දෙයක් කියලයි මට හිතෙන්නේ. දේශපාලන වාද විවාද යන එක වෙනම දෙයක්.
DeleteDid
Deleteමෙනවා ද සුරංග අයියේ කෙලමි කියන්නේ...
ReplyDeleteමල්ලි ඒව දන්නෑ. කෙටියෙං කියතොත් ප්‍රවෘත්ති විසුරුවා හැරීම
Deleteදේශිය වශයෙන් ද ? ජාත්‍යන්තර වශයෙන් ද ?
Deleteදෙකෙම්ම
Deleteහම්මා.....
ReplyDeleteඒකත් එහෙමද? හි හි හි.. මම ස්කොලශිප් කරනකල් හිටියේ මිශ්‍ර පාසලක. ඒකෙ පහේ පන්තියට ආපු ගමන්ම 'ආදර කතාවක්' පටන් ගත්තෙත් ඔය වගේම පන්තියේ බට්ටා කොල්ලා. කෙල්ලත් අපේ පන්තියෙමයි. ඌට අපි කිව්වේ 'දොඩන්' කියල...
ලියන්න ඕනේ ඒ විස්තරේ... මොකද දැන් හිතනකොට මාර අමුතු හැඟීමක් එන්නේ
සුරංගගේ අර පන්තියේ ගෑනු ළමයි විස්තර කිරිල්ලට ඇඟේ හීගඩු පිපුන. අම්මප අපිට මොනවා කිව්වද දන්නේ නැහැ කොල්ලෝ.. හය්යු.... මට නම් හිතාගන්න පුළුවන් !!! හි හි හි ඒ උනාට අපේ පන්තිවල හිටියා ලස්සන කෙල්ලෝ...
අපේ නැන්දම්මා කියන විදිහට ලස්සන ගෑනු කියන්නේ පස්ස නිකං ලැල්ල වගේ තියෙන, ලොකු එයා බෑග් දෙකක් තියෙන, බෙල්ල කොට, කොන්ඩෙ පුරාම දිග, දත් දිග නැති, උකුල පළල් නැති, කකුලෙ ඇඟිලි නොපිට නොගිය අමු.ුම ජීවී කොට්ඨාශයක්.
Deleteලොකු එයා බෑග් මොකටද හප්පේ... ඇක්සිඩන්ට් වලක්වන්නද?
Deleteඒ විස්තරේ එක්ක මට ගැලපුනේ ලෑන්ඩ් මාස්ටර් එකක්..... වැරදිද මන්ද
පයෝදර වෙනුවටයි එයාබෑග් කියලා දැම්මෙ
Deleteහුම්ප්!!!
Deleteසුන්දර පාසල් සමය මතකයට නන්වන ලස්සන පොස්ටුවක්....
ReplyDeleteහරියට ලියාගන්න බැරි වෙච්චි එකයි ඩුක
Deleteඅපේ පංතියෙත් හිටිය ඔය වගේ නහරයෙක්. ඇබැයි ඌනං ඔය වගේ කැත වැඩ කළේ නෑ. හිත හොඳ එකා. දැන් ගොවිතැංබතක් කරගෙන ජීවත් වෙනව.
ReplyDeleteහරිම වචනෙ “ගොයිතැංබච් කර්නවා“.
Delete//ඒක අපේ එවුං දැනටමත් ‘අරකිගෙ අහවල් එක’ හැටියට නම් කරල ඉවරයි.// යකෝ උඹල ඒ කාලෙ හරි දියුණුයිනෙ බලාගෙන යනකොට.
ReplyDeleteඔව් ඉතිං ගොරකතු දෙකක් එකිනෙකට මුහුණලා ඇන්දත් අපේ එවුන්ට අරකම තමයි.
Deleteඅද උඹ මේක හදිස්සියෙ ලියල වගේ පේන්නෙ. ස්පෙලිං මිස්ටේක්ස් ගොඩක් තියෙනව.
ReplyDeleteගෘහස්ථ බලපෑඹක් ආවනෙ “අදවත් ඕක ලියන්නැද්ද?“ කියලා. ඒ ගමන කලබලේ වැඩි උනා.
Deleteදැං එහෙම ඔයවගේ සීං එකක් උනොත් එක්කො බට්ට කෝච්චියට බෙල්ල තියනව නැත්තං අරුං දෙන්නව සෙත්තපෝච්චි කරනව.
ReplyDeleteහොඳ වෙලාවට දෑලට තිවුණ කෝච්චි පාරත් වැහුනනෙ. අරුං දෙන්නව පරලෝ අරින්න වෙලාව තිබ්බනං අපි සේරම එකතුවෙලා වැඩේ දෙන්නෙ.
DeleteYour coined up term 'තලාපෙලන්නෝ' for 'Bullies' is superb!
ReplyDeleteදැටීස් ඇන් අන් එක්ස්පෙක්ටඩ් වන්. අයි හැවන්ට් ඊවන් තින්ක් එබවුට් දැට් වර්ඩ්.
Deleteඉස්කෝලේ බුලින් ගැන ඩූඩ් අයිය ලියල තිබුණ ලිපියක් ඒකත් පට්ටයි.
Deleteපව් බං බට්ටා....
ReplyDeleteඒ වගේ %රි වැඩ කරන්ඩ හොඳ නෑ බං .....
ඒකට මූන දෙන්න උට හෙන හයියක් තිබ්බා. වෙනිං එකෙට්ට නං දිවිනහගන්නත් ඒකම ඇති.
Deleteමිශ්‍ර පාසල් වල තියෙන එකම සතුට ඕක තමා. අපි නම් 11 වසර වෙනකල් හිටියෙ පංතියෙ කොල්ලො රෑණ බයකරගෙන. අනේ බට්ටා පවු.
ReplyDeleteපෙනේද? ඒ දවස්වොල ඉන්නැති අපේ පන්තියෙ තඩියා වගේ.
Delete7 වසරෙ ඉදන් 13 වසරට යනකම්ම මිශ්‍ර පාසැලකට යන්න මටත් වාසනාව තිබ්බ. මිශ්‍ර උනත් අපිට අවුරුදු දෙකකට කලින් උන්ගෙ පන්ති පිරිමි ගැහැණු කියල වෙනම තිබිල තියෙන්නෙ. හැම පන්තියකම වගේ අපෙත් හිටිය බට්ටෙකුයි , බට්ටියෙකුයි පොඩිකාලෙම අනික් උන් උන්දෙන්නව බන්දල දීල තිබ්බෙ. මොකක් හරි කරුමෙකට අපේ පන්තියේ ඇහැට පේන එක කෙල්ලයි හිටියෙ අනික් ඔක්කොම ගොරොක් අඩු ,නැත්නම් අපිට වඩා හෙන සයිස් උන් . 7 වසරෙදි අපේ පන්තියෙත් චන්ඩියෙක් හිටිය ඌ කොල්ලො ඔක්කොම බයකරගෙන හිටියෙ , ඒත් එක් අවාසනාවන්ත දවසක ඌට කෙල්ලෙක් ගැහුව උගෙ අතේ තිබ්බ ඉන්නෙක් කැඩෙන්න ඒකෙන් ගිය ලේ දැකල ඌ කලන්තෙ දැම්ම එදයින් පස්සෙ චන්ඩියෙක් හිටියෙ නෑ.
ReplyDeleteඒකටත් එක්ක A/L පන්තිය වරක මදුළු , රෝස පොහොට්ටු , ඔක්කොම . ඒකෙ අපේ ගැන්සිය කොල්ලො තුනයි කෙල්ලො පහයි. ට්‍රිප් යන්නෙ , කන්නෙ , දානෙ ගෙවල් , මල ගෙවල් ඔක්කොටම යන්නෙ එකට .
මම නං කාන්තා පාර්ශවේට උප්පත්තියෙන්ම බයයි. ඒ කියන්නෙ නොදන්න කෙල්ලො එක්ක වචනයක් කතා කරන්නෙත් බයෙං.
Deleteඅම්මපා මමත් එහෙමමයි..... නොදන්න කෙල්ලො එක්ක වචනයක් කතා කොරන්ඩ යන්නේ නෑ ..
Deleteමට හිතෙන්නෙම "ඇයි හොකද?" කියල ඇඟට කඩං පනියි කියලා. මං ඔය අනන්තවත් උසාවි යන වෙලාවට ගිහිං බිම බලාගෙනම ඉන්නෙ ඒකයි. සමහර පෙකරදෝරු ගැටිස්සියංගෙං කරදර වෙන්න පුළුවං හිංදා.
Deleteමරු කෙල්ලො ටිකක් ඉඳලා තියෙන්නෙ....
ReplyDeleteමං මිශ්‍ර පාසලක ඉගෙනගෙන නැහැ නොවැ.. ඉතින් මට ඕවා මොනාද වගේ...
තමුන්නැහැ අර බ්ලොග් එක නොලියා ඇරීම ගැන මගේ බලවත් අප්‍රසාදය. ඒක කියවගෙන යද්දිම ගලෙං ගැහුව වගේ නවත්තලා අපිට කරපු අසාධාරනේට නඩු දාන්න තැනක් නෑ. ඒක හංදා කට පියං හිටියෙ.
Deleteඅරූගේ අඩවිය ආයි පටංගනු!
අරූට මූට ඕන හැටියට වැඩ නොකරනු!
දිගටම ලියනු!
මේ වෙන බ්ලොග් එකක් සුරංග.ගෑල්ලමයෙක්ගේ
Deletehttps://worldofaru.blogspot.co.uk/2017/06/blog-post_19.html
I have standed on my tail. This isn't Aruna perera's blog. I thought that the person who has commented here is Aruna. Oh, please say sorry for this.
Deleteඔය රංග වගේකෙක්හිටියඅපිට නම උපාලි මං ඒක ගැනත් ලියල තියේ අද නේවි එකේ ඉන්නෙ හෙහ්
ReplyDeleteඑස් ඒ කෙනෙක්
කී පාරක් ටැංජන් හිටියද ඌවත් දන්නෙ නැතිව ඇති හෙහ්
ඕකෙ වරද ඉස්කෝලෙ ලමයින්ටත් වැඩිහිටින්ට විදිහටම නොසලකන එක. උං කරපු සමහර වැඩ නිසා මිිනියක් මැරෙන්නත් තිබ්බා.
Deleteඔය තලාපෙළන්නෝ කියන අවජාතක හැතිකරේ මටත් පේන්නම බැහැ...
ReplyDeleteඅපේ ඔය තරම් චා එවුන් හිටියේ නැති උනත්, අළුතෙන් සපත්තු කුට්ටමක් දාගෙන ගියොත් ඒක පාගන ගොබ්බයො කීප දෙනෙකුත් හිටියා...
අනේ මන්ද බං, උන් ඒවයෙන් මොනවා බලාපොරොත්තු උනාද කියලා...
මමත් දෙයියනේ කියල එක අවුරුද්දක් ඇරෙන්න ගියේ මිශ්‍ර පාසල් වලට නොවැ...
05 වසර වෙනකල් ගිය ඉස්කෝලේ කෙල්ලෝ ගැන වැඩි මතකයක් නැහැ, හැබැයි පට්ටම ලස්සන බෝනික්කෝ වගේ කෙල්ලෝ දෙන්නෙක් එහා පන්තියේ හිටිය කියල මතකයි...
ඒ එක කෙල්ලෙක් නම් බොහොම අඩු වයසෙන් රත්නපුරේ මැණික් කාරයෙක් බැන්ද කියල මට පසු කාලීනව ආරංචි උනා...
ඊට පස්සේ ආපහු 07 වසරෙ ඉඳල ඒ ලෙවල් දක්වා ගියපු ඉස්කෝලේ තමයි වැඩිපුරම මතක සටහන් තියෙන ඉස්කෝලේ...
අපේ පන්තියේ හිටපු කෙල්ලෝ අතරේ ඒ දවස්වල මහලොකු ලස්සනක් නොතිබ්බ උන් සමහරක් දැන් දැක්කම පපුව හෝස් ගාල යනවා...
ඉස්කෝලේ යන කාලේ ලස්සනම කෙල්ලෝ හිටියේ අපිට අවුරුද්දක් බාල පන්ති තුනේ...
ඒවා තනිකර මල් පාත්ති වගේ...
උඹ ඔය මතක තියාගෙන හිටියට අපි නැහැනේ ඔය කැත දේවල් මතක තියාගෙන ඉන්නේ, මට වැඩිපුර මතක ලස්සන කොටහ විතරයි... ;)
ඉස්කෝලේ කාලේ ගැනනම් කොච්චර මතක තියෙනවද, සමහර ඒවානම් මතක් වෙනකොටත් පිස්සු වගේ...
මල් පාත්ති වගේ තිවුණු තැංවල අපිට ඉන්ට පින තිබ්බෙ නෑ ලොක්කයියෙ. අර වගේ ගල් නරින්ට අද නම් දෙන්න තිවුනා බඩ කට පුරා.
Deletehttp://www.economist.com/news/asia/21720643-evacuees-fukushima-are-latest-suffer-torment-class-why-bullying-japanese-schools
ReplyDeleteදැං නං හරියන්නෑ පොට ඉංගිරිස් ඉගෙන ගන්නම වෙනවා.
Deleteහිනාවෙවී බලන්න හිතුවට මේක මහා නසරාණි කතාවක්.. අම්මප.. අපේ ඉස්කෝලේ.. අපේ පන්තියේ උනානං.. අරුන්දෙන්නගේ ඇට තලනවා.. අපේ චණ්ඩි හිටියේ (අපි තමා ඉතිං) වෙන පංතිවල උන්, වෙන ඉස්කෝල වල උන් එක්ක, ටීචර් ල සර්ලා එක්ක ගේමට මිසක් පංතිය ඇතුලේ රඟන්න නෙවෙයි..
ReplyDeleteමේවා කියවද්දී නලියනවා ඕයි ඒවා ලියපිය ලියපිය කියල.. රෙදි ලෙහාගන්න බැරි නිසා ඉවසනවා හිටං.. :))
වැදගත්ම කාරනේ. ඒ කාලෙ කරපු වැඩ රෙක්දක් ඇඳං ලියන්න බැරි එක නං, අන්න එතන ගතයුක්තක් තියෙනවා. ලිව්වනං පුංචි කලනේ කියවලා ආදර්ශයක් ගනියි.
Deleteලේන්සුවේ විස්තරේ නම් සුරන්ගයෝ මසුරන්.. ඒ උනාට ඔව්ව ප්‍රසිද්ද කරන එක යුතු නෑ .. බට්ට සමාජයට මුහුණ දෙන්න එපැයි
ReplyDeleteබට්ටා කවුද කියල හොයාගන්න දැං කාටවත් බෑ. බට්ටා දැං තඩියෙක්නෙ. ඒකයි නං ගං වහල ලිව්වෙ.
Deleteඒ උනාට මම කැමති අමු අමුවේ ලියන්න
Deleteකොහොමත් ඒ කාලේ හොටු කෑලි වගේ හිටිය කෙල්ලෝ අද දකිනකොට , චීස්බ්කෑලි වගේ හිටපු එකියන්ව අද දකිනකොට ඇඬෙනවා බං. කොහොමත් මට ඒවා අදාල උනේම නෑ. ඉස්කෝලේ යනකාලේ අහපු එක කෙල්ලෙක්වත් මට කැමතිවුනේ නැතිනිසා.
ReplyDeleteඋඹ අර අන්තිමට කියලාතියන දේ හරි බං. අදකාලේ ඉස්කෝලේ යන එවුන් හරි දරුණුයි. ඉස්කෝලයක් ඇරෙනවෙලාවට පාරේ වාහනයක් ගෙනියනවා කියන්නේ සංගීතෙක නටන එකෙක් ඇඟේ හැප්පුනහම ඇයි හැප්පුනේ කියලා අහනවා තරමට දරුණු සීන් එකක්
හැබැයි කවදහරි දවසක මගේ මූනට පේන්න ඔය වගේ එකෙක කාගෙ හරි ළමයෙක්ට ඔයවගේ නොසන්ඩාල වැඩක් කරල අහුවුනොත් කන පුපුරන්න දෙනව.
Deletehttps://www.youtube.com/watch?v=g3Rf5qDuq7M
ReplyDeleteමෙන්න මේක අහල බලන්න... නියම කතාව
ජයවේවා..!!
//මෙන්ඩයියා පහුගිය කාලෙ ලියාගෙන ආපු පාසල් කාලේ ප්‍රේම කතාව කියවාගෙන යද්දි මට මං ගැනම “ඉදකිං” කියල හිතුනා. අනික් අය කියන දේවල් එක්ක බැලුවත් ඉස්කෝලේ දහය එකොලහ විතරක් නෙමෙයි ඉස්කෝලෙං එළියට බැහැලා ටික කාලයක් යනකං උනත් මට තිබිලා තියෙන්නෙ “ඉදකිං” වර්ගෙ ජීවිතයක්.//
ReplyDeleteඋඹ මේ මගුලක් කතා කරනවා, යකෝ කැම්පස් එකෙන් එළියට බැහැල කාලයක් ගිහිල්ලත් මම තාම "ඉදකිං"
ඒ උනාට පිනයි වයිස් පිනයි ඔපිස් එකේ දොර වහලා බිම දාගෙන උබට ගහලා නැහනේ මට වගේ ..
Deleteඅපිත් එක හිටපු චණ්ඩි කියා ගත්තු එවුන් අතර වලේ වැටිච්ච එවුනුත් හිටියට බොහොමයක් එවුන් පස්සේ කාලේ වෙනකොට සාමකාමී පොරවල් උනා ... සමහරක් එවුන්ගේ මොළේ පහු වෙලා හරි පෑදෙනවා :-)
ReplyDeleteඅනික උන් කොහොම චන්ඩිකම් දැම්මත් අනුන්ගේ පවුල් කඩන්න නම් ගියේ නැහැ ... ඒ වගේ වැඩ වලට පැනල සපෝට් කළා මිස.
අපේ චන්ඩි දෙන්නගෙං උස එකාට කෙලවුනා. ඌ බැස්සෙ අපේ පන්තියෙ හිටපු මගේ මොන්ටිසෝරි යාළුවියෙක්ට. ඒකිත් ඉතිං ඉටිකිරිස් කෑල්ල. දතක් විතරයි අවුල. අන්තිමට මූ ගංජා ගහල මේකිට මාට්ටු. ඒකි මේකව අතෑරියා. උස එකා නන්නත්තාරවෙලා. කොටිම්ම ඌව බුකියෙ දැක්කෙත් නෑ.
Delete