Follow by Email

Sunday, July 2, 2017

කෙල්ලො පස්සෙං යාම හෙවත් following girls

"අපි ඉතිං ජීවිත කාලෙම මාන්සිවෙන්නෙ ළමයින්ගෙ දෑස පාදන්න තමයි."

ළමයිංගෙ දෑස් පාදන එක මෝය කට මැද්දෙ පොල්වලක් කපනව තරං අමාරු බවක් පෙන්නන ගමං හුඟක් ගුරුවරු ගුරුවරියො එහෙම කියනව මට ඇහිල තියෙනව. ඒ වුනාට ඒක අමූලික අසත්තක ටොං පචයක් බවට තේරුං ගන්න අපට මහ කාලයක් ගියෙ නෑ. කක්කුස්සි වලකට උඩිං කොන්ක්‍රීට්ටෙක දැම්ම වගේ අපේ දෑස් වහල තිවුණු අන්ධකාරෙං අපිව මුදෝලා අපේ දෑස් පෑදුවෙ අපේ බට්ටා. මාසයක්වත් නොතිබිච්චි බ්‍රොයිලර් වර්ගයෙ ලව් එහෙකිං පස්සෙ ලව්වෙකක් කරලා නවත්තපු අයියෙක් තත්වෙට ආපු බට්ටව දැක්කම අපේ ඇසුත් ඇරුණා. පහේ පන්තියෙ එකෙක් තරං පෙනුම ඇති බට්ටටත් කෙල්ලෙක් කැමති උණානං අපි තවදුරටත් පරක්කු වැඩි නැද්ද කියලා අපිට හිතුනා. ඒ හංදා අපි දෙකට නැමිලා බෙල්ල හරෝලා අපේ දිහාම බලලා "ඇයි අපි කලුද" කියලා හිතුවා. අන්න එතකොට අපේ ඇස් ඇරුණා.


"නෙදකිං"


අපේ ඔලුගෙඩි සේරම එක වල්ලෙ පොල් වගේ. සේරම කපුටු කූඩු. හැබැයි බුතලයගෙ කොන්ඩෙ වෙනම විදිහක්. උගෙ කොණ්ඩෙ විතරක් පැත්තෙං බැලුවහම සින්බෑඩ්ගෙ වගේ. අපේ කොණ්ඩෙ ඔලුව වටේට ගොයං කොලයක් වගේ තියෙද්දි බුතලයගෙ කොණ්ඩෙ ඉස්සරහිං උඩට නමල ආපස්සට අරං කොන්ක්‍රීට් දැම්ම වගේ ගල්ගැහිල හිටින්න හදල. අපි වලහැඩි වගේ ඉඳිද්දි ඌ විතරක් අපිට ද්‍රෝහි වෙලා කියල අපිට තේරුණා. අපි වහාම ඒ වරද හරිගස්සගන්න හිතුවා.

මෙතන ගොයං කොල දෙකක්ම තියෙනවා


අපි වෙනදට කොණ්ඩෙ කපනව කියන එකෙන් අදහස කලේ ගමේ තියෙන බාබර සාප්පුවෙ හංකඩ කතුරෙං කොණ්ඩෙ අල්ලලා උගුල්ලවගන්න එක. පන්සල ගාව බාබර සාප්පුවෙ සිරිල් කොණ්ඩෙ කපන ක්‍රමේට දැං කාලෙ කොණ්ඩෙ කපනවනං ඊට කලිං ඔලුව හිරිවැටෙන්න බෙහෙත් විදින්න ඕනැ. පනාවෙ ඝනකමට කොණ්ඩෙ මට්ටං කපන ගමං

"මේ ළමයෑ කොණ්ඩෙ ඝනකං වැඩියි. ඇට්ටර ඇති හරී.............යට ඒකයි. කතුරත් හංවෙනව මේ වැඩෙං."

කියල කතුරෙ මැද දෙමං හන්දියෙ පැටලිච්චි කෙස් වල්ලක් අමු අමුවෙ ඇදල දානව. එයිට පස්සෙ කන දෙපැත්තෙයි බෙල්ලෙයි කෙස් ටික දැලිපිහියෙං ගාන්න ගිහිං

"ඔය ඉතිං හෙල්ලුවනෙ"

කියලා කන දෙපැත්තයි, බෙල්ලයි ප්ලාස්ටර් ගහන්න වෙන තරමට කපා දානව. දෙමව්පියන්ව සන්තෝස කරන්නයි ගුරුවරුංට අල්ලගන්න ලේසිවෙන්නයි ගෙදර පොල්තෙල් බෝතලේ ඉක්මනට ඉවර කරන්නත් ඕන හංදා කොන්ඩෙ ඉස්සරහිං අවිච්චි පෙඳෙයක් වගේ කොටසක් පීරන්න කියලා ඉතුරු කරනව. මගෙ කොණ්ඩෙ අගිස්ස එහෙම ඉතුරු කරහම කෙස්ගස් ටික ඉදලක් වගෙ විහිදිලා ගිහිං මගෙ ඔලුවෙ පැත්තක් පැලවෙලා වගේ පේනව. ඒ ටික පැත්තට පීරලා හදාගන්න තට්ටෙ ගෑවත් බෑ කියලයි සිරිල් කියන්නෙ. ඔය විදිහට කපන කොන්ඩෙ තව මාසයක් විතර යනකොට ආයිමත් වැවිලා ඔලුව වටේ සමානව බෙදිල ගිහිං අපේ ඔලුගෙඩි පැහිච්ච පොල්ගෙඩි වගේ වෙනව. ආයිමත් ඉතිං පනපිටිං කෙස් ඉගිල්ලීමේ කටයුත්තට යනව.


ඒ කොණ්ඩෙ කැපිල්ල කොලුකමට ගැලපෙන්නැති තැන අපි බාබර් සාප්පු අතෑරලා ටවුමෙ තියෙන සැලුන්එකට ඇදුනා. සැලුන්නෙකේ පෝලිම ඉඩ මදිවුනහම පාර දිගෙත් පෝලිමේ හිටියා. පොල්ගෙඩි වගේ ඔලුගෙඩි එක්ක සැලුන්නෙකට ගිය අපි උඩිං ඉතුරුකරලා වටෙං කොට කරපු කූඤ්ඤ වගේ ඔලුගෙඩි එක්ක එලියට ආවා. අපේ අමුතුම කොණ්ඩ කැපිල්ල දැකපු මව් දෙමව්පිය නෑදෑ සනුහර අහල පහල ගුරු දෙගුරු කියන අටවනක් පිරිස අපේ ඉහටිය කන්න පැන්නා.


"ඉලන්දාරිකම ඉහට ගහල. මුං හිපියො වෙන්නද කොහෙද යන්නෙ"


"ඉවරයි. මුංව කීකරුකමට හදාගන්න බැරියුනානෙ. දැං ඉතිං ගමේ කෙල්ලෙක් තියා නාකි ගෑනියෙක්කත් පාරෙ ගිහිං වියරයි. මුන්ට විසේ ගහලනෙ ඉහට"


ඒවට කීකරු වෙනවට වඩා අපේ කොණ්ඩෙ කීකරු කරගන්න එක අපිට ගැටළුවක් වෙලා තිබුනෙ. ඒකට පිලියමක් විදිහට බුතලයා ගාන කොන්ක්‍රීට් ආලේපෙ තියෙන කඩවල් හොයාගන්න අපිට පුළුවං උනා. දොදොලක් වගේ ලෙලදෙන පුදුමාකාර පුසුඹක් තියෙන ජෙල් කියන ජාතිය ගන්න මාලුපාං දහයක් කැප කරන්න අපිට සිද්දවුනා. ඒ කැපකිරීම අපතෙ ගියෙ නෑ. ජෙල් තලියක් ගෑවම උණ පඳුරක් උනත් ඕන හැඩේකට නමලා තියන්න පුළුවං කියල අපිට තේරුණා. වරුනා උගෙ කොන්ඩෙ දෙකට මැදින් බෙදලා දුවනකොට උඩ විසිවෙන කොණ්ඩ පලු දෙකක් හදාගත්තා. මාත් මගෙ කොණ්ඩෙ වමට හරෝල පීරුවා. වෙනදට කලාමැදිරිය කාපු ගොක් අත්ත ඉහිරුණා වගේ දිගෑරෙන මගෙ සුලිය වටේ කෙස් ටිකත් යහමින් ජෙල් ගාලා දෙකට නමලා අඹරලා වම්පැත්ත බලා යන කෙස් ගංගාව අස්සට රිංගවලා තලලා මට්ටං කරහම මගෙ කොණ්ඩෙට ටිංටිංගෙ තිවුනු නෑකම නැතිවෙලා ගියා.

ටිං ටිං


ඔලුවෙං පහලට බහිද්දිම තව අඩුපාඩුයි. ඇඳුං මහන තැනිං කමිසෙ මහල දෙනකොට කමිසෙ පිටේ ඉතුරු කරල දෙන ඉරි දෙක හොයාගන්නවත් බැරි විදිහට ඉස්තිරික්කෙ විසින් මකා දමලා කියල අපිට තේරුණා. ඒ නැතිවෙච්චි අයිතිය දිනාගන්න අපි ආපහු ඒ ඉරි දෙක තිවුණු විදිහටම නමල මැදලා හන ගැහුවා. සමහරු පරණ ඒවට හරියන්න කමිසෙ අටට නමලා පිට මැද්දෙ අටපට්ටං මකුලු දැලක් හැදෙන්න මැද්දා. 


කලිසමෙං තුනටියට බහින්න ලැබුනෙ නෑ. කලිසම එහෙම පිටිම්ම සරමක් වගේ වෙලා කියල අපිට පෙනුනා. ඉස්කෝලෙ මහත්තුරු අඳින ජාතියෙ මහත්තය කලිසං අඳින එක නාකි පාටට අපිට පෙනුනා. අපි ඇඳුං මහන තැන වෙනස් කලා. තැන වෙනස්වුනත් එක්කම අපේ යටිකයට අලුත් හැඩයක් ලැබුනා. වෙනදට කලිසමේ රෙද්දත් ඇඟත් අතරිං තව කෙනෙක්ට හිටගන්න තරමට ඉඩ තිවුන කලිසමේ උඩ කොටස අපි පොඩිකාලෙ ඇඳපු කලිසමක් තරං පොඩියට මැහුනා. ඒ කලිසමේ ඉන තුනටිය ගාවට ගන්න දරුණු කිරිපනු රෝගියෙක් දඟලනව වගේ දඟලන්න අපිට සිද්දවුනා. කාසියකට උඩිං කඩදාසියක් තියලා කාසිය අච්චු ගහගන්නව වගේ ඕන නං කාටහරි කෙනෙකුට අපේ කලිසමට උඩිං බලලා ශරීරාංග තිතටම ලකුණු කරන්නත් පුළුවංකම තිබුනා.


කලිසමේ දනිස්සට පහලිං කොටහ එයිට උඩ කොටහෙ හතුරෙක් වගෙයි හිටියෙ. උඩ ටිකටත් හරියන්න පහල ටික බුරුලට තිබුණා. කලිසමේ අඩියම හරිය සපත්තුව වහගෙනම යන තරං ලොකුවට තිබුණා. ඔලුවෙං හිටගෙන අත්දෙකෙං ඇවිදින කෙනෙක් හිටියනං. ඒ කලිසමේම යටි පැත්තෙං කකුල්දෙක දාලා අඳින්න පුළුවංකම තිබුණා. මේ අරුම පුදුම කලිසමත් ගුරුවරුංගෙං, ගෙවල්වල අයගෙං, අහල පහල අයගෙං සෑහෙන අවලාද ඇහුවා.


"මුංගෙ තට්ටං මැස්සො බීලා. කකුල්ඔලට බරව හැදිලා"


"මිනිහට කලිං කලිසමේ අඩිය යනවා"


වෙනදට සපත්තු දෙක රතු ලැටරයිට් පස, කලු පැහැති ලෝම පස ආදී පස් වර්ග වලිං ඕනෑම එකක නියැඳියක් ගන්න තරං උඩ යට දෙකම පෝසත්ව තියාගත්තත් කොල්ලෙක් වසයෙං සපත්තුව හාප්සීට් එකක් තරං සුදට තියාගන්න ඕන වෙනව. ඒ හංදා අපි වැරදිලා හරි අපේ සපත්තුවක් යන්තමට හරි පාගන එවුන්ට දෑත බදලා කොන්ද හරහා යන්න සැලකුවා.


පොත් බෑග් එකේ පොත් දාගෙන පිටේ එල්ලගෙන යාම බාලාංස පන්තියෙ වැඩක් තත්වෙට පත්වුනා. අපි කොල්ලො වසයෙං පොත් ටික අතේ තියාගෙන යන්න පුලුවංකම හදාගත්තා. වෙනදට පිටු එකසිය හැටේ පොත්වල ලියපු අපි පිටු අසූවෙ පොත් වලට තැන දීලා අල්ලට ගැලපෙන පොත් කට්ටලයක් හදාගත්තා. පන්තියෙ ඉඳගනිද්දි වුනත් පුටුවට ලේන්සුවක් එලලා ඉඳගැනීමෙං කලිසමේ පස්ස පැත්තේ සාක්කුවල කුණු ගැවීම නවත්තගත්තා. පුටුවල ඇන්දට හේත්තු නොවී බංගුවෙ ඉඳගත්තා වගේ ඉඳගත්තම කමිසෙ පොඩිවෙන එකත් වලක්වගන්න පුලුවං වුනා.


වෙනදට බස් එකේ අැතුලෙ සීට් එකක් ඉඳගන්න පොරකාපු අපි බස් එක අද්දනකොට දුවලා ගිහිං පුට්බෝඩ් එකේ එල්ලෙන්න පුරුදු වුනා. තනි අතිං පුට්බෝඩ් එකේ එල්ලිලා අනික් අතෙං පොත් ටිකත් අතේ තියාගෙන පුට්බෝඩ් එක පිසගෙන හමායන හුළඟට ඔලුව ඇල්ලුවහම තරුණ ජවය අපේ කෙස්ගස් අස්සෙං ගලාගෙන යද්දි බස් එකේ කොන්දොස්තර වෙලා හිටිය පියසේන මාමා බලියන්න පටංගත්තා.


"තමුසෙලා පුට්බෝට්ටෙක පල්ලෙ වැටිලා මැරුණහං පස්සෙ අපිට තමයි පොලිසි යන්න වෙන්නෙ"


"අනේ ලමයිනෙ පිංසිද්ද වෙයි දොරෙං උඩට වෙනවලකො"


ඉස්සරහ දොරෙත් පිටිපස්සෙ දොරෙත් අපි වගේ තරුණයො දුසිං දොලහක් විතර එල්ලගත්තු බස්සෙක මූනෙ පැත්තක් ඉදිමිච්ච මිනිහෙක් වගේ වමට ඇලවෙලා පාරෙ යද්දි අපිට ඉහළ පන්තිවල අයියලා අපිට ඉඩදීලා බස්සෙක ඇතුලට ගිය කාරණාව හොයාගන්න අපේ ටිකිරි මොළ ටිකට තව සති ගානක් ගියා. ඔව්, ඒ අයියලා අපේ පන්තිවල හිටපු ගෑනු ළමයි බස්සෙක ඇතුලෙ ඇදගෙන වැටෙයි කියලා ඒ අයට පිටිපස්සෙං හිටගෙන ආධාරක සපයාගෙන හිටියා. සමහර වෙලාවට ඉස්සරහ පැත්තට වැලමිටෙං ආධාරයක් දීගෙන හිටපු අයත් හිටියා.


අපි අපේ අඩුපාඩු සම්පූර්ණ කරගෙන තම තමන්ට ගැලපෙන අන්දමේ ගෑල්ලමයි හොයන්න පටං ගත්තා. වැඩි කලක් නොගිහිං අපේ වරුනාට කොණ්ඩෙ බොක්කට් කපාපු නංගියෙක්ගෙ ආස්සරේ ලැබුණා. උං දෙන්නට වැඩිය මුණගැහිලා කතා කරන්න තැනක් තිබුණෙ නෑ. ඒ හංදා දෙන්නා අතර පණිවිඩ හුවමාරුව කෙරුණෙ තවත් කීප දෙනෙක් හරහායි.

උගේ කෙල්ල මුලිම්ම කලේ වරුනගේ ඇඟිලිවල ගාගෙන හිටිය කියුටස් ටික මකන්න අණ දීම. ඒකට ඕනැකරන තිනර් වගේ ජාතියකුත් ඒ නංගිම අපිට එවලා තිවුනා. වරුනගේ අමු තිත්ත කුණුහබ්බ වරුසාවක් මැද්දෙ අපි ඌව හතර මුල්ලෙං අල්ලගෙන උගේ නියපොතු ටික සුද්ද කෙරුවා. ඊළඟට වරුනගේ කරේ තිබුණු සුදු යකඩ මිනී ඔලුව තියෙන චේන්නෙක ඇතුළු අනික් නූල් කෑලි, පෙන්ඩන් එක්කොමත්, අතේ බැඳලා තිවුණ පටි, නූල් ආදී එක්කොමත් අපි ලව්වා ගලෝලා ඒ නංගිගෙ බාරෙට ගත්තා. කෙල්ලො කවුරුවත් ඒ වගේ එව්වට කැමති නැතුව ඇති කියලා හිතලා අපිත් අපේ ගාව තිවුණු ඒ වගේ සුකුරුත්තං සේරමත් ගලෝලා අහක් කරගත්තා. ඊළඟට වරුනගෙ කොණ්ඩෙ මැදිං නොබෙදා පැත්තට පීරන්නත් නියෝගෙ ලැබුණා.


"ඒ අහවල් එක ඇත්තිට ප්‍රජනනය කරගන්න කියපං. මට බෑ"

වරුනා එකහෙලාම විරුද්ධ වුනා. අපි වරුනාව බලෙම්ම අල්ලගෙන කෙල්ලංගෙ වතුර බෝතල්වලිං උගේ කොණ්ඩෙ හෝදලා අපේ ලේංසුවලිං පිහදාලා අපේ පුද්ගලික ජෙල් ටිං වලිං ජෙල් ගාලා වමට නමලා පීරුවා. එදා අපේ දෙමව්පියො අනුමෝදං කරගත්තු පිං බලෙං උන්දැලා ආයිමත් මේ මනුස්ස ලෝකෙට පය තියන එකක් නෑ කියලා අපිට තේරුණා.


මේ සුදුසුකං සේරම සම්පූර්ණ කරලා අවසන් උනාට පස්සේ වරුනාට හිර නැති කලිසමක් මහගන්න මාස ගානක සහන කාලෙකුත් ලැබුණා. ඒ විතරක් නෙවෙයි ඉස්කෝලෙ ගේට්ටුව පහුවුනාට පස්සෙ ඒ නගාගෙ ළඟිම්ම පස්සෙං එන්නත් කතා බහ කරන්නත්, බස් එකේදි ළඟ හිටගෙන යන්නත් වරුනාට අවසරේ ලැබුණා.


සුභ මොහොතිං වරුනගේ ලව්වෙකේ මංගල කතා බහ පටං ගන්න හිතාගෙන අපේ පන්තියේ කොල්ලො සේනාවම පිලිවෙතිං පෙලගැහුනා. වෙනදට ගාල කඩාගත්තා වගේ දුවන අපි පිලිවෙතින් පෙලගැහුනා.


"කෙල්ලො ඉතිං වනවනා හිමිංනෙ යන්නෙ බං. අපිත් වෙනදට වඩා පහුවෙලා යමල්ලා. නැත්තං අපිට පාරෙ බලා ඉන්න වෙනව."


අපි එහෙම හිතාගෙන බෙල්ලෙක ගැහුවට පස්සෙ ගාථා සේරමත් කියලා හීංසැරේ ඒ නගාගෙ පන්තිය ගාවට ආවෙ එයිට පිටිපස්සෙං ගමන පිටත්වෙන්න බලාගෙන. නගා නෑ. මං වහාම උංගෙ පන්තියට පැනලා


"කෝ බං **** නංගි"


කියල කෙල්ලෙක්ගෙං ඇහුවා.

"ගියා"


කියල උත්තරේ ලැබුණා.


"වර යන්න ඒකි ගිහිල්ල"

මං වරුනවත් ඇදගෙන ඉස්සර උනා. අපිට පස්සෙං බට්ටයි කලුවයි, ඊට පස්සෙං බලියන්නො ජෝඩුව, ඊට පස්සෙං තව දෙන්නෙක්, ඊට පස්සෙං තවත් දෙන්නෙක් වසයෙං අපේ පන්තියෙ රැලම අපේ පස්සෙං වැටුනා.  අපි ගේට්ටුව පහුකරද්දි **** ගෙ දුම් පාරවත් නෑ. දහපාලොස් දෙනෙක් ඉන්න අපේ පන්තියෙ සෙට්ටෙකම ටෙන්වීලර් එකක් වමෙං දාලා කෝච්චියක් ඉස්සර කරනව වගේ අනික් එවුං ඉස්සර කරගෙන වේගෙං ඉදිරියට ඇදුනා. අපි සෙට්ටෙක විදුලි වේගෙං ඇදෙනව දැකලා හතේ අටේ එවුං අපෙං මෙහෙම ඇහුවා.


"අයියෙ වලියක්ද"


"දහතුනේ එවුං එක්කද, ගාමිනියෙ එවුං එක්කද?"


"ඔය බට්ටවත් වලියට ගෙනියනවද"


ජීවිතේට වලියක් තියෙන අහලකවත් ඉන්නෙ නැති අපිට ගිනිග්තත රැවුලෙං බඹර චක්කර පත්තු කරන්න එන පොඩිවුන්ට උත්තර දෙන්න වෙලාවක් තිබුනෙ නෑ. අපි වෙනුවට උන්ට "වචන ස්වල්පයකින් ආමන්ත්‍රණය කරන්න" බට්ටා බාරගත්තෙ ඌ වෙනදටත් මීටර් සීය දුවලා පලවෙනියා වෙන හිංදයි.


මිනී පෙට්ටි සාප්පුව පහු කරලා ග්‍රාම සේවක කාර්යාලෙ ගාවට එද්දි වරුණගේ දිව එලියට ඇදිලා හති දානවා.

"මේකි බටකොළ ආච්චිගෙ ඉදලෙන්ද බං ගමං යන්නෙ"


බලියන්නො දෙන්නා මහ හයියෙං කෑ ගහනව.


"හැහ්...හැහ්.... හිමිං ....හැහ්.... යමං ...... ඉදිච්ච ගෙඩියෝ"


වරුනා අපිට මාලයාලං බාසාවෙං අමතද්දි මං උගෙ බෙල්ල වටේ ඔතන මකරා ඇඳපු ලේංසුව ඇදගෙන දිව්වේ ඒ ලේංසුව ඌ සෑහෙන පරිස්සං කරන එකක් බව දන්න හිංදයි. වරුනා ඩිංගක් වේගෙ අඩු කරන්න හදත්දි උගේ ලේංසුවෙං මගේ මූණ පිහින්න යන බව පෙන්නුවහම කවුද බෝයි දැකපු ජුන්ඩයියා වගේ වරුනා මරු විකල්ලෙං මාව අල්ලන්න දුවනවා. ලේන්සුවෙ පිහිටෙං වරුනව තැපැල් කන්තෝරුව ගාවට වෙනකං කන්ද හැල්මේ දුවවන්න මට පුළුවං උනා. අපේ අනික් කණ්ඩායමත් පාරෙ යන වාහනවලට වෙට්ටු දාගෙන අපේ පස්සෙං දිව්වා.

එතන ඉඳං බැලුවහම මීටර් සීයකට වඩා දුරිං බස් ඉස්ටෑන්ඩෙක පේනවා. රත්නපුරේ ඉඳං තව බස්සෙකක් එක්ක රේස් එකක් තියලා දිනපු බස්සෙක ඉස්ටෑන්ඩෙකට දානව වගේ වේගෙකිං වරුනගේ කෙල්ල හමුදා ඇඳුමෙ ඩිසයින්නෙක තියෙන බෑග්ගෙකත් කරේ එල්ලගෙන වමට කපලා බස් ඉස්ටෑන්ඩෙකට ගොඩවෙනවා දකින්න අපි දෙන්නටම පුළුවං උනා.


මගදි වචනයක් කතා කරන්න කුළුඳුලේ ලැබිච්ච චාන්සෙක ගහල ගිය වේදනාවට වඩා මෙච්චර දුරක් හති හලාගෙන දුවපු දිවිල්ලෙ අමාරුවට දාඩිය පෙරාගෙන දනිස් දෙකට අත තියාගෙන ඩිංගක් වෙලා හති ඇරපු වරුනා උගෙ කුළුඳුල් කෑල්ල වෙනුවෙං හිතේ උපං හැඟිම මුලු ලෝකෙටම ඇහෙන්න අපේ ඉස්සරහ මුදාහැරියා.


"මං ඔය *ස **තිගෙ අඬු දෙක කඩනව"

96 comments:

  1. මේවා මහ සංකීර්ණ දේවල් ඕයි... මං මේ මොකක් කියාගන්නද කියලා හිතාගන්න බැරුව තෝන්තුවා වෙලා ඉන්නේ...

    ReplyDelete
  2. නිකං හරයක් නෑ වගේද?

    ReplyDelete
    Replies
    1. නෑ ඇත්තටම නියමයි. මම ලින්ක් එක ක්ලික් කරනකොට බලාපොරොත්තු වුණේ මෙහෙම කතාවක් නෙමෙයි. ඒකයි තෝන්තු වුණා කිව්වේ. කතාව පිටින් පේනවට වඩා සංකීර්ණයි කියලා මට හිතුණා.

      Delete
  3. මට හැමදාම උඹේ බ්ලොග් පෝස්ට් කියවලා පට්ටයි, නියමයි කියන්න හිත දෙන්නෙ නෑ. නමුත් එහෙම නොකියා වෙන මොනවා හරි කිව්වත් ඒත් ඒකෙන් අදහස් වෙන්නෙ ඒකම තමයි.

    ReplyDelete
    Replies
    1. එහෙම නොකිව්වත් ඒකෙං අදහස් වෙන්නෙත් ඒකම තමයි

      Delete
  4. ඇත්තටම මෙව්වා, සිද්ද වෙච්චි දේවල්ද අයියේ??? Hee heee. Mruuu

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මේ වෙන්ඩ තියන දේ නංගියේ ....ඇයි අවුල් ද නැනේ !.....හූ ..හූ .. මරේ මරු

      Delete
    2. නෑ නෑ මෙව්වා අමර කෙබර

      Delete
  5. "ඒ අහවල් එක ඇත්තිට ප්‍රජනනය කරගන්න කියපං. මට බෑ"
    ඉල ඇදෙනවා බං....

    ReplyDelete
    Replies
    1. සබර් බෑන් පැකැට්ටෙයක් හරි ඔට්ටපාලු බෝලෙයක් හරි එවන්නද?

      Delete
  6. හැක්.. බලාගෙන යනකොට කෙල්ලෙක් මුංගෙ පන්තියම පොස් කරල අරගෙනනෙ.
    එච්චර හරියක් කරපු කෙල්ලව මුං ටික අන්ඩ ඇස්ටිමේට් කරපු නිසා තමයි අර අන්තිම ටික වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අදිරජ්ජවාදී කුමන්ත්‍රණයක් ...

      Delete
    2. අද මතක් වෙද්දි තට්ටම විකාගෙන මැරෙන්න හිතෙනව.

      Delete
  7. හපොයි. කිවුවත් වගේ ඒ ළමයා ඉදලෙන්ද ගමන් ගිහින් තියෙන්නෙ?

    "කෙල්ලෝ හෙමින් නේ යන්නෙ" කියල හිතල ඔයාලා පරක්කු වෙලා ගියා වගේ, "කොල්ලෝ වේගෙන් යනවනේ" කියල හිතල ඒ ළමයා කලින් එන්න ඇති. ඉතින් පිරිමි ළමයි ටික පේන්න නැතුව ඒ ළමයත් දුකින් ඉන්න ඇත්තෙ. එහෙම එකේ ඒ මනුසයට අසැබි වචනයෙන් බැන්නම හරිද?

    පාසල් ප්‍රේමය සුන්දරයි කිවුවට, මේක කියෙව්වම නම් "අනේ අපොයි" කියවුණ. :) සුරංග හැමදාමත් වගේ හරි අපූරුවට ලියල තියනව.

    ReplyDelete
    Replies
    1. අපි හිතුවෙ එහෙම තමයි. පස්සෙ තමයි අවබෝද උනේ ඒ නංගිගෙ ගාත්‍රා දෙක ජොයින්ට් වෙන තැන වයිපර් මෝටරයක් තියෙනව කියන එක. එහෙම පිකප් එකක් තියෙන හයිබ්‍රිඩ් එකක්වත් මං දැකල නෑ.

      Delete
    2. එතන වෙන මොකවත් තිබුන් නැත?

      Delete
    3. බස් එකේ සෙනගනෙ. හරියාකාරව බලන්න උනේ නෑ.

      Delete
  8. කියවගෙන කියවගෙන ඇවිත් අගටම එනකොටම හුටස් ගාලා ලයිට් ගියා..............😒😕

    ReplyDelete
  9. කියවගෙන කියවගෙන අගටම එනකොට හුටස් ගාලා ලයිට් ගියා......................

    ReplyDelete
    Replies
    1. අවිච්ඡින්න බල සැපයුමක් දාගන්න. ඔහොම ලයිට් එන එක මැසිමට හොඳ නෑ. හැක්..

      Delete
    2. එතකොට කොමෙන්ටුව කෙටුවේ? :)

      Delete
    3. පෝන් එකෙං වෙන්ටැ

      Delete
    4. Praසන්ன,
      ඒ කිව්වෙ UPS එකටද? , එකපාරක් ලයිට් ගිහිං බූට් අප් වෙන්නෙ නැතුව හෙන කට්ටක් කෑව.
      තිසර,
      ලයිට් අවහම දැම්මෙ, අපරාදෙ මට අදත් පලවෙනි කමෙන්ට් එක දාන්න තිබුන චාන්ස් එක නැතිවුන එක
      විතරයි උනේ.
      surangamlr,
      ඔයාගේ ෆෝන් එක එහෙම එකක් වෙන්ටැ මයෙහිතේ.....

      Delete
    5. පස්සෙනෙ තේරැනේ. surangamlr තිසරට රිප්ලයි කරල කියලා. 😂😂😂😂😁😜😜 ගනං ගන්නෙපා අද ටිකක් පිස්සු දවසක්.😜

      Delete
    6. ඔවු ඒ UPS එකක් තමයි.
      මගේ තියෙන්නෙ වෙන ලෙඩක්. එකපාරක් මැසිමට හෙන ගැහුවට පස්සෙ මොනිටරේ කෙලින්ම ඔන් කරන්න බැරි ලෙඩක් තියෙනව. ඒ හින්ද ඒකට කෙලින්ම කරන්ට්එක දීල තියෙන්නෙ. ලයිට් ගිහිල්ල ආවට පස්සෙ මැසිම වැඩ කළත් මොනිටරේ ඔන් කරගන්න පැය බාගයක් විතර දඟලන්න ඕන.

      Delete
    7. මගේ නම් මැසිමයි මොනිටරෙයි දෙකම එකට තියෙන්නෙ.All In One එකක්.එකක් මෙනාහරි උනොත් මුකුත් කරගන්න බෑ.

      Delete
    8. Praසන්னයෝ තියන මගුලක් හොඳ කරගෙන, අර වේලෙන බොගට වතුර බාල්ලියක්වත් ගහල ආවොත් මොකද ?

      Delete
  10. ඕවට අපි කිව්වේ '‍යං කලිසං - මං එන්නං' කියලා... අපි ඕලෙවල් කරන කාලේ ආවේ... මට නං ඇල්ලුවේ නෑ... තෙල් අප්පිරිය මට, පිහිටට ආවේ ජෙල් තමා...

    ReplyDelete
    Replies
    1. මාත් තෙල් ගාන්නෙ ලෙඩ උනහම විතරයි. අර කලිසං ජාතිය හැත්තෑව අසූව දසකෙ චිත්තරපටි නලුවොත් අඳිනවනෙ.

      Delete
    2. මට නං තෙල් ඹ්නත් නෑ ජෙල් ඹ්නත් නෑ , මගේ කොන්ඩෙ අතින් අල්ලලා හිටු කියන හැටියකට ඉන්නව.

      Delete
  11. වරුණය කතාව නෙවෙයි... සුරංගගේ කතාව කියුව නම් මොකද... එහෙම නැත්නම් මේ නම් මාරු කරලා ලියුවෙ ඔයාගෙ කතාවද???
    කෙල්ලෙක් දාගන්න විදල තියන දුඛ....
    ඔක්කොමත් හරි අර අන්තිම පේලියත් හරි:d
    මරු පෝස්ටුව...

    ReplyDelete
    Replies
    1. නගා මේකට පස්සෙ මට වෙච්චි හරිය ලියන්න ගිහිං තුංවේල යමක් බඩට වැටෙන එකත් නවතීද කියන එකයි හිතට බය.

      Delete
  12. සුරංග ස්පෙෂල්, මේවා අපි කවුරුත් ඉස්කෝලෙදි කරපුවා , ඒත් මේ විදියට ලියන්ඩ හැමෝටම බෑ , සුපිරියි මචෝ...

    ReplyDelete
    Replies
    1. අර මෙන්ඩයියා ඉන්නෙ. මිනිහා ලියන්නෑනෙ. ඒකයි මේ අපි බැබලෙන්නෙ.

      Delete
    2. ඇයි උබ දැක්කේ නැද්ද වලව්වේ හම්දුරු ඇනෝ කෙනෙක් ඇවිත් මට අඩු කුලේ පද්දා අනුන්ගේ බ්ලොග් වල පොස්ට් දානවා කියලා බැනලා ගිහින් තිබුනා

      Delete
    3. මෙන්ඩයියාට ලියන්න නොදී මට බැබලෙන්න ඉඩ දෙනවාට ඒ ඇනෝට මගේ ඉස්තූතිය.

      Delete
    4. ඒවා හරියන්නේ නැහැ හිටපිය මම අද ලියනවා ඉතුරු ටික

      Delete
  13. " *ස **තිතියෝ කියලා තමා අපේ පංතියේ සහෝදරවරු අපිට ආමන්ත්‍රණය කලේ ඒ කාලේ. .ඇයි අපි උන්ට පාට් දදා ගුරුවරුන්ට උන්ගේ වැරදි කේලම් ආකාරයට කියමින් උන්ගේ ආධිපත්‍යය නැත්තටම නැතිකලා නෙව. අතීතයට ගෙන ගියා. රසයි ආ..

    ReplyDelete
    Replies
    1. ඔය මූණ බලාගෙන එහෙම එකක් කිව්වද? අනික අක්කා ඔය හිස් තැං දෙක හරියට පුරෝලත්ත කියල ෂුවර්ද?

      Delete
  14. වැරදියි වැරදියි....
    කෙල්ලන් පස්සෙන් 'Girls After going' යාම ලෙස නිවැරදි විය යුතුය

    ReplyDelete
    Replies
    1. හරියටම කිව්වොත් Girls going by back

      Delete
    2. ඔය වගෙ තව එකක් තමයි, big father rat yellow yellow donkey bed on sleep

      Delete
    3. ලොකු තාත්තා කැහැ කැහැ බූරු ඇඳ උඩ නිදි... :D

      Delete
    4. @ඩ්‍රැකී... මෙහෙමත් එකක් තියෙනවා... Today bus coming no colour.... :D

      Delete
    5. ඩබල් ටින් ගහ උඩ පයිටින් වන් ටින් වැටින්
      ලේන්නු දෙන්නෙක් ගහ උඩ පයිට් එක ලේනෙක් බිමට වැටුනා ..
      පොඩි මෙන්ඩ කියන්නේ

      Delete
    6. ලොකු තාත්තා මියා කහ කහ බූරු ඇඳ උඩ.

      Delete
  15. රටකජු පැකැට්ටෙකක්, බූන්දි උරයක් හෙම දුන්නෙ නැතෙයි

    ReplyDelete
    Replies
    1. ෂික්. ඒ අපේ සීයලෑ කාලෙ. අපේ කාලෙ අරං දුන්නෙ රුපියල් පහේ අයිස් පැකට් දෙකක්.

      Delete
  16. දැන් ඔය ළාමක ටිං ටිං පාට් එක ඇට් කොලාට ඔය කතන්දරේ තනිකරම සුරංචිය ගැනම තමයි !

    අම්මප ගෑල්ලමෙක්ට පාරක යන්න පුලුවන්ද මුන් එක්ක ... :)

    ReplyDelete
    Replies
    1. මං කරපු එව්වා කිව්වනං බොලා මයෙ රෙදි ගලෝනව "මූ වගේ හං ගොරකෙක්" කියලා.

      ඒක නෙමෙයි. පහුගිය කාලෙ ඇවිද්ද ගමං ටික ලියහං. අකුරු අඩුවෙං පොටෝ වැඩියෙං.

      Delete
    2. අනේ මලේ පින්තූර දාන්න ඉඩ නැහැ බං, එක එකා නාහෙන් අඬනවා පේජ් ලෝඩ් වෙන්නේ නැහැ කියල... වෙනම ගැලරියක් හදන්න වෙලා නැහැ, මම දාන්නං මූණූ පොතේ, ගෙහුං බලහං පරණ එව්වා එහෙමත් ඇති.

      Delete
  17. //ඒ අහවල් එක ඇත්තිට ප්‍රජනනය කරගන්න කියපං. මට බෑ// හිනා ගිහිං පන යනවා බන්. කුණුහරුප සංවරව කියන්න පංතියක් දාපන්.

    ReplyDelete
  18. http://www.independent.co.uk/arts-entertainment/books/reviews/the-following-girls-by-louise-levene-book-review-the-naughty-schoolgirls-guide-to-feminism-9150249.html

    ReplyDelete
    Replies
    1. අදම යනව ඉංගිරිස් පන්තියකට.

      Delete
    2. බිලා පන්ති පලයන් එතකොට අඩියක් ගහපු වෙලාවක සෝ ගාලා ඉංගිරිසි කතා කරන්න පලුවන්

      Delete
  19. "මිනිහට කලිං කලිසමේ අඩිය යනවා" = යං කලිසම මං එන්නං

    වරුනගෙ සෙනෙහෙ වාංදාල අන්තිමේ..

    ඒ කාලේ සුවඳ හමන සෙනෙහෙ කොලවල ලියුං ලියපුව මතක් උනා බං..

    වෙරළු ගෙඩි පැහෙන කාලේ ...(වෙරළු මල් පිපෙන කාලේ)
    නුඹ බැන්ද ආලේ පුන් සඳ වගේ බැබලුනා
    රට දෙල් වැටෙන කාලේ දුක දීලා ආයේ
    මගෙලෝකෙ කරුවල උනා

    ReplyDelete
    Replies
    1. රට දෙල් ගෙඩියක් ලැයිට් වයර් එක උඩට වැටුනද කොහෙද.

      Delete
  20. ඒ කාලේ කරපු මරිමෝඩ වැඩ girl after going එහෙම මතක් වෙලා උඹ කිව්වත් වගේ පුක විකාගෙන නෙමෙයි මැරෙන්න වෙන්නේ පුක පොළවේ ගහගෙන...
    හයියෝ සංසාරේ, උඹ කිව්වත් වගේ ඒවා කියන්න යනවා කියන්න සියදිවි නසා ගැනීමක් නිසා සද්ද වහගෙන ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. අන්න වචනෙ. දීනහ ගැනිල්ලක්.

      Delete
  21. අර, “මල් වගෙ ලස්සන ගැහැණු ළමයි“ කියන නවකතාවෙ තියෙනව, “ආෆ්ටර් යනව“ කියල ව්‍යවහාරයක්. තියෙන්නෙ බාලිකා ඉස්කෝල වල. හිතාගන්ඩ පුලුවන්ද ඒ මොකද්ද කියල?

    ReplyDelete
    Replies
    1. හිතාගන්නනං බැරියැ. ඒක මෙතන ලියන්නනෙ බැරි.

      Delete
    2. හිතාගන්න බැහැ අපිටත් කියලා දියන්කෝ

      Delete
  22. වෙලා තියන දෙවල්,කරලා තියන දෙවල් කිවිවලු .මරැ කථාව..

    ReplyDelete
    Replies
    1. මම තවම එයින් තාම ලිව්වෙ බාගයයි

      Delete
  23. මගේ ඔලුව වැදුනා වගේ මහ ගලක... මෙහෙම දේවල් වෙනවද ...

    ReplyDelete
  24. මාර වෙනස්කම්තොගයක් වෙලානෙ ැෆ්පා

    ReplyDelete
  25. ඉතිං අර තරු දෙකේ එකීගෙ අඬු කැඩුවැයි වරුනය?

    ReplyDelete
    Replies
    1. නෑ. ඌත් මෝටරයක් හයිකරගත්ත

      Delete
  26. මලයාලි ප්‍රංශ අරාබි බාසා වලින් කතාකරපු එකෙං අපිට ඒ කාලේ සෑහෙන්න කෑලි මිස් උනා.. එකාතකින් ඒක හොඳයි නැහ්නං දැන් මෙලහකට සීයල වෙලා.. :))))

    ReplyDelete
    Replies
    1. සුවර් එකට ඒ කෑලි දැං බෑලි වෙලා ඇති.

      Delete
  27. මගේ කතාව ඉකමනට ලියන්න ආස හිතෙනවා උබගේ කතාව දැක්කම

    ReplyDelete
    Replies
    1. ඉතිං ලියහංකො. අපිට පාංයැ.

      Delete
    2. ලියලා තියෙන්නේ බන් ගෙදරින් එලෙවොත් උබ මට බෝඩිමක් හොයලා දෙනවද

      Delete
    3. උඹේ සඳුව නැතිකරගන්නෙපා අයියෙ. කතාව ප්‍රයිවට්ටෙකේ අපිට එවහං

      Delete
    4. මාත් ඕකාට ඕකමයි කිව්වෙ ශ්‍රංග.

      Delete
    5. හ්ය්යු... මෙතැන ඒ පාර වෙනම සංගමයක් ගහගෙන කතාව අහගන්න නේද හදන්නේ??
      ඒත් ඉතින් කෙනෙකුට දුකක් දීලා කතාවක් අහනවා කියන්නේ එතරම් හොඳ නැහැනේ.. මොකද පරණ දේවල් ආයේ අද්දනද? ඒ උනාට ලියලා තියන්න , කවදා හරි දවසක බලන්න පුළුවන් වෙන්න. (පබ්ලිෂ් නොකලත්)

      Delete
  28. අපෝ චපෝටර්ගෙ වැඩේ කොරන්ඩ ගිහි කාපු කුනවල් ඔක්කොම මතක් උනා ...

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ හිටං. පහුකාලෙක ලමෙක් ලපටියෙක් දැනගත්තොත් අනේ ඉතිං වියරයි

      Delete
  29. සුරංග මලයෝ
    කියන්න ලැජ්ජයි ,
    මමත් සැහෙන කාලයක් ඔය ගැනු ළමයි බස් එකේ ඇදන් වැටෙනවට බයේ අඩ ගහපු එකෙක්
    සමහර දවස්වලට ඒ ආකාරයටම ගැලපෙන බස් රථයක් එනතුරු , සැහෙන වෙලාවක් කට්ට කාලා
    තියෙනවා .
    දැන් මතක් වෙනකොට ලැජ්ජාව දරා ගන්න බැහැ , මොන වන ...... වැඩක්ද කියල

    ReplyDelete
    Replies
    1. අපි හැමෝටම ඒ වගේ කියාගන්න බැරි අතීත තිබේ.

      Delete
  30. එකදිගට කියවගෙන ගියා... කතාව නියමයි ඈ...

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි. බොට ලඟදි විබාගෙ නෙවද?

      Delete
  31. "ඒ හංදා අපි දෙකට නැමිලා බෙල්ල හරෝලා අපේ දිහාම බලලා "ඇයි අපි කලුද" කියලා හිතුවා"

    මේ ඉරියව්ව ට්‍රයි කොල්ල එන අතුරු අබාධ ඔලට වග කියනවද ඔබ තුමා.

    ReplyDelete
    Replies
    1. ඒකට තියෙනව තෙලක්. අන්න අර දැතියා ගාව තියෙනව. උගෙං ගන්ට පුළුවං.

      Delete
  32. පොස්ට් එක කියවලා කමෙන්ට් ටිකත් කියෙව්වට පස්සේ කියන්ඩ හිතාගෙන හිටපු කතාව අමතක උනානේ :) :)

    ReplyDelete
    Replies
    1. අනේ වඳින්නං මෙතන කියන්න එපා. මං දන්නව ඕක.

      Delete
    2. :) :) :) නැත නැත නොකියමි

      Delete
  33. එල කතාව, මටත් මතක් උනා වෙච්ච දේවල්, මම10 විතර ඉද්දි අපේ ඉස්කෝලෙ හදිස්සෙයේම මතු උනා කෙල්ලෙක් පහල පන්ති වලින් හරියට ජම්බෝලේ වගේ, මුළු ඉස්කෝලෙම කොල්ලෝ එකට ටිරයි කලා. පස්සේ ආරංච් උනා කොල්ලෙක් දාගෙන කියල.

    ReplyDelete
    Replies
    1. ඔය ගැන නියම ලිපියක් තිවුනා සඳරුවගේ හිස් අහසෙ (hisahasa.blogspot.com) හොයල කියවල බලන්නකො.

      Delete
  34. හෙහ් හෙහ් හැබෑටම කොයි කොල්ලත් එකයි. මම හැබැයි ජෙල් ගෑවේ නෑ..අනිත් ටික නම් ඔය ලෙසම තමා. මරු කාලේ නේද?

    ReplyDelete