Follow by Email

Tuesday, April 4, 2017

ගුවන්විදුලිය හෙවත් Air Electricity - 1

ඊයේ පෙරේදා හදිස්සියේම අර කොනකිං පටංගෙන ලියාගෙන ලියාගෙන යන දොස්තර නෝනා රේඩියෝ වැඩසටහනකට යන්න බ්ලොග් ලියන දෙන්නෙක්ට අවස්ථාවක් හොයලා දුන්නා. ඒක දැක්කයින් පස්සෙ මටත් හිතුනා රේඩියෝ ගැන ලියලා දාන්න.


පහ වසරේ සිස්සත්ව පෙරහුරු ප්‍රශ්ණ පත්තරේ ප්‍රශ්ණවලට "රේඩියෝව හොයාගත්තේ කවුද?" කියලා ඇහුවම අපි ලිව්වේ "ගුග්ලි එල්මෝ මාර්කෝනි" කියලයි. ඒ මාර්කෝනි කියන කෙනා කොයි දීපංකරේක ඉන්න කෙනෙක්දැයි දන්නේ නැතත් රේඩියෝ නැතිබංගස්ථාන කරන මකබාස්ල නං අපේ ගමේ මං දන්න කීප දෙනෙක්ම හිටියා. එයිං එක්කෙනෙක් අපේ පවුලේ කෙනෙක් විදිහටත් බොහොම ආඩම්බරෙං කියන්න පුළුවං.


මං පොඩි කාලේ අපේ ගමේ ගෙවල්වල "ගෑනි" ඇරුණහම තොරතුරු දැන ගැනීමේ අනික් ක්‍රමය උනේ රේඩිවේක. ඉංග්‍රීසියෙං Radio කියලා ලිව්වත් සිංහලෙං "ගුවන්විදුලි යන්ත්‍රය", "රේඩියෝව" කියලා ලිව්වත් අපි ඒකට කිව්වේ "රේඩිවේක", "රේඩියේක" නැත්තං "රේඩීක". ඉස්සර මිනිස්සු රේඩිවේකට "කතා පෙට්ටිය" කියලා කිව්ව බව ඉස්සර කාලෙ කතා ලියන අය පත්තරේ ලිව්වත් එකදාස් නමසිය තිස් ගනංවලවත් එහෙම කියාපු කෙනෙක් නොහිටිය බව අපේ ආතා මට කිව්වා. ඒ විතරක් නෙමෙයි රේඩිවේකට "වෑර්ලස් එක" කියල කියන කෙනෙක්වත් අපෙ ආතගෙ මතකෙ හිටියෙ නෑ. ටෝච්චෙකට "බැටලිය" කියන අපේ තාත්තගෙ අම්මත් කිව්වෙ "රේඩිවේක" කියලා.


අපේ ගෙවල්වල තිවුණ බැට්ටිකෑලි වලිං වැඩකරන බඩු තුනෙං වටිනාම එක උනේ රේඩිවේක. අනික් දෙක ටෝච්චෙකයි බිත්තියෙ එල්ලන ඔරලෝසුවයි. ගෙට හොරු පැන්නොත් ගෙනියන්නෙත් රේඩිවේකයි, ඔර්ලෝසුවයි ටෝච්චෙකයි. ඒ හංදා හුඟක් අය දුර ගමනක් යද්දි ඔරලෝසුව රෙදි දාන කාට්බෝට් පෙට්ටියෙ අඩියෙං හංගලා, ටෝච්චෙක ඉනේ ගහගෙන රේඩිවේකත් අතේ එල්ලගෙන අරං යනවා. ජෑංහාමි මාමයි, නන්දසේන බාප්පයි අපේ ගෙවල්ඔල එද්දිත් ගෙදර තියෙන රේඩිවේක ගේනව. ඒ කාලෙ හුඟක් බස්වල රේඩිවේකක් නැති හංදා සමහරු එහෙම ගමං යද්දි තමුංගෙ අතේ තියෙන රේඩිවේකෙ ඒරිල් කූරත් පුළුවං තරං දිගට ඇදලා බස්සෙකේ හැමෝටම ඇහෙන්න සිංදු දාගෙන යනව.

අපේ ගෙදර තිවුණ රේඩිවේක වගේ එකක්


අපේ ගෙදර තිබුනෙ UNIC කියන වර්ගෙ රේඩිවේකක්. ඒකෙ පැත්තක දැල් රෙද්දකිං වහපු ලොකු පොඩි හිල් විසි අටක් තියෙන රවුමකිං තමයි සද්දෙ එන්නෙ. ලයිං අල්ලන්න ලොකු රවුමයි, ලයිං කඩන්න පොඩි රවුමයි, සද්දෙ වැඩිකරන්න රවුමයි බීල ආවහම තවත් ටිකක් අඬ වැඩි කරන්න Tone කියල ලියපු තව රවුමයි තිබුණා. ඒකට බැට්ටි කෑලි තුනක් දාන්න පුළුවං. පිටිපස්සෙ තියෙන බොත්තං දෙක ඇරලා පිටිපස්සෙ පියන අයිස්කිරිං වෑන්නෙකේ පිටිපස්සෙ දොර වගේ උඩට අරින්න පුළුවං. ඊළඟට බැට්ටි කෑලි දාන ඉටි බටේ ඉස්ප්‍රීන්නෙක පැත්තට තද කරලා පන්නල ගන්න ඕනි. බැට්ටිකෑලිවල වල ගැහිච්ච පස්ස පැත්ත උඩට තියෙන්නත් අග මොට්ටුව පහලට එන්නත් විදිහට බටේ එලියට ගත්තොත් බැට්ටි කෑලි තුනම පෝලිමට කකුල උඩට දාගන්නත් පුළුවං. ආං එතකොට අපේ තාත්ත නං උඩ පනිනව.


“හත්තිලව්වයියාවයි මේ මොලකැටි ටික සේරම වැහ්නනෙ කකුලඋට්ට“


බැට්ටි කෑලි චුරුපැනල ඉස්ම වැක්කෙරිල තිවුනොත් ඒවා අතේ ගාගන්නෙ නැතුව කැන්ද කොලයකිං හරි පින්න කොලයකිං හරි අල්ලලා පරිස්සමට අරගෙන පුළුවං තරං උඩිං හෙලපල්ලට විසි කරන්න ඕනි. අපේ ගෙදරිං විසිකරන සමහර බැට්ටි කෑලි රත්නෙ බාප්පගෙ කුඹුර පුරං කොටද්දි හම්බුවෙනව. ඊළඟට පරණ  පාංකඩයක් අරං බටේ හොඳට පිහදාලා ගන්න ඕනි. ඒත් මලකඩ ගඳ වගේ තියෙනවනං තෙත රෙදි කෑල්ලකිං පිහදාන්න ඕනි. ඉං පස්සෙ ටෝච්චෙකේ තියෙන බැට්ටි කෑලි ටිකයි මේසෙ උඩ තියෙන පරණ බැට්ටි කෑලි ටිකයි අරගෙන බිස්ටල් පැකැට්ටෙකේ ඊයං කොලේ දික් අතට තීරුවක් වෙන්න නමල අරං ඒකට ටෝච් බලුප්පෙක තියල හරි එහෙම නැත්තං කම්බි කෑල්ලක ටෝච්චෙකේ බලුප්පෙක අමුනගෙන හරි එක එක බැට්ටි කෑල්ලෙ එලිය බලන්න ඕනි. එයිං එළිය වැඩිම බැට්ටි කෑලි තුන ටෝච්චෙකට දාලා ඊළඟට එලිය වැඩිම බැට්ටි කෑලි ටිකෙං තුනක් අරං රේඩිවේකෙ බටේට දාන්න ඕනි. ටෝච්චෙකට දාන්න තරං එළිය හොඳ බැට්ටි කෑලි නැත්තං අපේ තාත්ත  අම්මට මෙහෙම කියනව.


"මේ ඒයි... තමිසෙ හවසට මැණිකෙලෑ කඩෙං බෙලෙත්තහඩුව තියෙන ලස්සපාන කෑලි තුනක් ඇරං එනව. අර නිල්පාට කඩදහි ඔතපු එක එහෙම ගේන්නෙපා. ඒක ඉහ්මන්ට බහිනව."


අපේ අම්ම ඒකට උත්තර දෙන්නෙ මෙහෙම.


"මැණිකෙලෑ කඩේ තියෙන්නෙ අර මොනොවදෙව්ව ජාතිය ඉතරයිනෙ"


"මොන ජාතියද?"


"අර මොකාදෙකා ඉන්න ජාතිය. මොකද්ද යස නමක් කියනව ඒකට. මට මතක නෑනෙ"


“අර නමේ ඉලක්කම මැද්දෙං කොලදීයෙක් පයින රූපෙ තියෙන එකද“


“ආන්නේක තමා“


"එහෙනං ඒකවග් ගේනොවකො. හැබැයි එව්වෑ එයාකාර එළියක්නං නෑ."


බැට්ටි දාපු බටේ රේඩිවේකට දාල පියන වහල අඬ වැඩිකරන රවුම කරකැව්වම 'ටික්' කියල සද්දෙකුත් එක්ක වෙනදට වඩා හොඳට සද්දෙ එනව. රේඩිවෙකේ මැද තියෙන බුරිය වගේ එකත් මනුස්සයෙක් කතා කරද්දි දිව පේනව වගේ රේඩිවේකෙ සද්දෙ විදිහටම රතු පාටට නිමි නිමී පත්තු වෙනව.


රේඩිවේකෙ SW ලයින් අල්ලන එක ඉඳිකට්ටට නූල දානවටත් වැඩියෙං අමාරුයි. ලයින් අල්ලන රවුම කලු කූඹියෙක්ගෙ අණ්ඩක පළල විතර දුරක් කරකවද්දි “ජෘෘක්..බෘෘක්“ කියලා ලයින් රොත්තක්ම මාරු වෙනව. අඩි බාගයක් විතර දුරකට ඕන හැටියෙ ඉඩකඩ ඇතුව ඉන්න පුළුවංකම තිවුණත් සේවා ඔක්කොම ඉන්නෙ තැංතැංඔල රංචු ගැහිලා බුරුතු පිටිං. රේඩිවේකෙ ඒරියල්ලෙක දිගෑරල තිවුණත් අකුලල තිවුණත් අහුවෙන සේවාවල වෙනසකුත් නෑ. ඉංග්‍රීසි, සිංහල, දෙමළ, හින්දි තවත් මොනවද නොදන්නා බාසාවල් කියන සේවා ඒ විදිහට මීටරේ දිගේ එක එක මණ්ඩි අල්ලගෙන කියෝ කියෝ ඉන්නකොට ඒ මැදට මීටරේ කට්ට ගෙනිච්චහම ඉස්කෝලෙ ඉන්ටෝල්ලෙක වගේ සේවා දෙක තුනක් එකපාර කියෝනව. ඇහැට ගිය රොඩ්ඩක් ගන්නවවගේ බොහොම පරිස්සමිං ඉවසීමෙං ලොකු රෝදෙ කරකෝල එක සේවයක් තනියෙං අල්ලගත්තයිං පස්සෙ ඒක බඩිං ඉන්න ගෑණු කෙනෙක් වගේ පරිස්සං කරගන්න ඕනි. ඒ වගෙ වෙලාවට අපෙ අම්මා


“ආ බොලේ තමිසෙට කහඩ්ඩිංගබ්බොනොව“


කියල අපේ තාත්තට බොන්න කහට බෙලෙක්කෝප්පෙ මේසෙ උඩිං ගෙනත් තියපු ගමං


“විදුලි බල මණ්ඩලයේ සමන්තගේද, ඕසට්‍රේලියාවේ සාමාගේද, නැන්දනියමූද මැටිල්ඩා ඇලිස් තිසේලා මැතිණිය කලුරියකෙලින්.....“


කිය කියා හිටපු රේඩිවේක එක පාරටම


“සන්තෝසවෙන්න පීතිමෙන්න එන්න මිට්ටයෝ... හැන්ද කාලා කාල දිපං මීමට කුරු කොස්“


කියලා සිංදුවක් කියන්න පටංගන්නවා. නැත්තං දුම්මැස්ස උඩ බලල්ලු දුසිමක් පොරකනව වගේ වලං පිඟං කෝප්ප පොඩිවෙන සද්දෙං දෙමළ සිංදුවක් කියනව.


එහෙම ගැස්සිල්ලක් වෙන්නෙ නැතුව පරිස්සං කරගෙන සේවයක් අල්ලගත්තත් ටික වෙලාවක් යද්දි “චුහූඌඌඋඌඌඌ ක්“ කියලා සද්දයක් පිටිපස්සෙං කෑ ගහනව. එහෙම නැත්තං කියන දේවල් පැහැදිලි නැතිවෙනව. එතකොට


“මෙන්න සන්දෙයා ප්‍රවුත්තික් ප්‍රකාශය රම්‍යාවලිගසේකර ඉතින්.“

කියලා පටං ගන්න ප්‍රවුත්ති කිවිල්ල

“චාචාචාචකචාචාචාචා චාචාච චාචාචාච චාචා චෑචීච“

කියල කාටවත් නොතේරෙන බාසාවකට හැරෙනව. ඒ හංදා චන්දරෙ මාමා හැමදාම කියන්නේ


“හමුදාවෙං පයින එවුං අල්ලනවට වැඩියෙං අමාරුයි රේඩියේකෙං හරිහමං සේවෙයක් අල්ලගන්න“

කියලයි.


MW පැත්තෙ සේවා අල්ලන්න ඒ තරං අමාරු නෑ. ඒවා ඉන්නෙ ටිකක් ඉඩ ඇතුව. ලංකාවෙ සේවා විතරයි අහුවෙන්නෙත්. ඒකෙත් සේවා එක උඩ යන ලෙඩේ ටිකක් තියෙනව. ඒ හංදා රේඩිවේක හැන්දෑවට පන්සිල් කියද්දි ඒත් එක්කම බැරල් පලුවකට තඩිගගහ කියන දෙමළ සිංදුවකුත් අහන්න අපිට පුළුවං.


රේඩිවේකෙ SW පැත්තෙං තියෙන තවත් උදව්වක් තමයි අකුණු ගහනවද කියල දැනගන්න පුළුවං එක. රේඩිවේකෙ සද්දෙ අතරිං රත්වෙච්චි තෙල් තාච්චියට වතුර බිංදුවක් වැටුන වගේ යංතං “චරස්“ ගාල සද්දයක් ආවොත් ඒකෙ තේරුම දිස්ත්‍රික්කෙ කොහෙට හරි වහිනව කියන එකයි. නිවිතිගල, කොලොන්න, ඇලපාත දිහාවෙ වැස්සත් අපේ ගමේ රේඩිඔලට ඒක දැනෙනවා.


හැබැයි පත්තර පිටුවක් දික් අතට ඉරනව වගේ නැත්තං පොලියෙස්ටර් යාරයක් ඉරනව වගේ දිගට “චරාාාාස් රස්“ ගාලා සද්දයක් ආවොත් ඒකෙ තේරුම කිට්ටුව පාතම හෙන ගහන බවයි. මේ වෙලාවට රේඩිවේක නොවැහුවොත් අර කෙහෙල්මුවේ වගේ හෙන ගහන යකඩෙ කඩා පත්වෙන්නෙ රේඩිවේකටම තමයි.


හැමදාම හවස තුන වෙද්දි රේඩිවේකෙ හිංදි සිංදු වැඩසටහනක් තියෙනව. ඒකෙ නිවේදකය කතා කරන්නෙ බත් කන්නැති පොඩි ළමයි බය කරන්න “ඔන්න බබෝ හග්ගුඩු බිල්ලා“ කියල බය කරනව වගේ ගාම්බීර සද්දෙකිං. එයා සිංදුවක් දාන්න කලිං ඒ සිංදුව ලියන්න කඩදාසිය හදපු තැන ඉඳං විස්තරේ සේරම කියනව.


“එදා ඉංදි තිරය වර්නවත් ගල උරංගථෝලා චිත්‍රපටයෙනුයි මේ ම්යුරු ගීදය. මෙම ගීදයට රංගනයෙන් ධායකබූවේ අසුවල් කපූර් සමග නර්ගීස්. ගායනා කලේ ලදා මංගේස්කාර් සමග මණ්නාඩේ. සංගීතවත් කලේ අසුවල් සාමි.“

ඉං පස්සෙ ලංකාවෙ කඩවල්, ඉස්කෝල, ගෙවල් සේරගෙම තියෙන සර්පිනා සේරම එකපාර අලි ලව්වා පාගවනව වගේ බයානක සද්දෙකිං සංගීතෙ පටං ගන්නවා. ඒ වගේ සද්දයක් සිංහල චිත්‍රපටිවල දාන්නෙ කොල්ලට කඩුවෙං කොටන්න හරි වෙඩි තියන්න හරි කිට්ටුවෙනකොටයි. ඒ සද්දෙ සෑහෙන වෙලාවක් තිවුණට පස්සෙ අපේ නැන්දා වලං ටික දොලට ගිනිහිං හෝදන්න කලිං ඇලමිනියං වලඳෙ අඩියෙ තියෙන දංකුඩ ටික හැංදෙං හූරන සද්දෙං, එහෙම නැත්තං පොඩි චූටියා ඇඟිල්ල කපාගත්තං කෑගහන සද්දෙං ගායිකාවක් සිංදුවට මුල පුරනව.


“ආාාාා........................................................................................................... දිලි බරිඊඊඊඊඊඊ ඒ........... සා............ආාාාඅ“


ඒ ඇදිල්ල ඉවර උනාට පස්සෙ වඩිග පටුනට බෙරගහනව වගේ බෙර පහලොවක් විතර ගහල තමයි සිංදුව තාලෙකට යන්න පටං ගන්නෙ.

හිංදි සිංදු වැඩසටහන ඉවර උනාට පස්සෙ සදේසීය සේවෙට කරකවන්න ඕනි. ඒකෙ තියෙන්නෙ ළමා පිටිය. එදා දවසෙ උපන්දිනේ තියෙන ළමයින්ගෙ නං ටික කියල ඉවර උනාට පස්සෙ හැමදාම දාන උපන්දින සිංදුව දානව. ඊළඟට චිත්‍ර එවපු අයගෙ චිත්‍ර පෙන්නනව. පෙන්නනව කියන්නෙ “අහවල් විද්‍යාලෙ අහවල් ශ්‍රේණියෙ ඉගෙනගන්න අහවල් නංගි අපිට මේ චිත්‍රය එවල තියෙනව. ඒ චිත්‍රෙ ගොඩාක් ලස්සනයි. එතකොට අහවල් විද්‍යාලෙ අහවල් ශ්‍රේණියෙ ඉගෙනගන්න අහවල් අක්කා මේ චිත්‍රය එවල තියෙනව. ඒ චිත්‍රෙ ගොඩාක් ලස්සනයි“ කියාගෙන යන එකයි. ඒව අමාරුවෙං අහං හිටියට පස්සෙ තමයි මං අහන්න බලං ඉන්න “කොටස් වසයෙන් විකාසය වන ගුවංවිදුලි ලමා මාලා නාටකය........... තක බොං තක බොං තක බොං..... ජාපනේට.... පාලමක්“ පටංගන්නෙ. ඒ නාට්ටිය වගේම “ඔබේ දැනුමට“ කියල එක එක්කෙනා ලියල එවපු රුවන් වැකි, ලෝකෙ ලොකුම, පොඩිම, දිගම, කොටම, පරණම ආදී එක එක ජාති කියවෙන ඒවත් මං පාඩං කරගන්නව. පහුවදාට ඉස්කෝලෙ ගිහිං අනික් අයගෙං අහනව.


“ලෝකෙ පොඩිම හෙලිකොප්ටරේ මොකද්ද“


 එතකොට උචිතයි ලස්මයි දෙන්නා කම්පා වෙනව එයාල එව්ව දන්නැති එක ගැන. එතකොට මං උජාරුවට උත්තරේ කියනව.

“රොබින්සන් කියන හෙලිකොට්ටරේ“

ඒ උනාට ගල්කොටුවෙ ආනංදය, දිනුකය එහෙම මට බයිනව.


“තොගෙ පණ්ඩිතකං කියෝල මෙතන අපිට කියල හොක්ක තලෝගන්නෙපා“


රේඩිවේකෙං කෙරෙන ලොකුම වැඩේ තමයි පවුත්ති කියන එක. පවුත්ති කියන්න කලිං වෙනම වාදනයක් ඇහෙනව. මට මතක විදිහට ඉස්සරම තිවුනෙ

"ටංටංට ටංටංට ටංටංට ටංටංට තකට බිම කටක දොහ්"

කියලා එකක්. අපේ ආතා කියන විදිහට ඒ තාලෙං කියන්නෙ "ඇන්නැන්ට පුළුවංද තුංහවුල පරදන්ට" කියන එකලු. පස්සෙ කාලෙක චන්දිරිකා මැතිනි දිනුවට පස්සෙ ඒ වාදනේ වෙනස් උනා.


"ඩක්ක ඩක්ක ඩක්ක ඩකර ඩක්ක ඩක්ක ඩක්ක ඩකර ඩකර ඩකර ඩා ඩා ඩක්ක ඩක්ක ඩක් ඩා ඩහ්"


ඒ වාදනෙං පස්සෙ බිංදුවා අපි කන දෙයක් ඉල්ලනකොට කෙඳිරිගානව වගෙ


"කූහ්.......... කූහ්......... කූහ්........ කූඌඌක්"

කියලා සද්දෙකුත් දාල තමයි පවුත්ති කියන්න පටංගත්තෙ. හවසට නං පටං ගන්නෙ "මෙන්න සන්දයා ප්‍රවුත්තික් ප්‍ර්කාසය" කියලයි. උදේට නං කතා කරන්නෙ "උදා" කියල කෙනෙක්ට. දවල්ට නං "දිවා" කියල කෙනෙක්ට.

ඒ කාලෙනං ප්‍රවුත්තිවල කියවෙන්නෙ යුද්දෙ ගැනම තමයි.

“ඊයේ සන්ද්යා කාලයේදී ඉරට්ටකුලම් ප්‍රදේසයේදී එල්ටීඩී ත්‍රස්තවාදීන් සහ යුද හමුදාවේ සොල්ලාදුවන් අතර ගැටුමකින්............“


කියලා පටං ගන්න කතාවෙ අගට මැච් එකේ ලකුණු ගාන වගේ හමුදාවෙ මැරිච්ච, අතුරුදහන්, තුවාලවෙච්ච ගනං එක්ක කොටින්ට වෙච්ච ආපදා ගැනත් කියනවා. ප්‍රවුත්තිවල අගට සතියක් හමාරක් පරණ පිටරටවල්වල ප්‍රවුත්තියකුත් කියනව. ඊළඟට කන බොන බඩුමුට්ටුවල ගනං කියලා මරණ දැන්වීං කියද්දි අපේ අම්මා රේඩිවේක වහන්නෙ “මූසලයි“ කියලා.


ඒ දවස්වල “ධීවර නවෝදය“ කියලා එකකුත් තිබුණා. වී අහුලල ඉවර වෙලා ඇතුල්පතේ තියෙන හාල් ටික නෑඹිලියට හලනව වගේ සද්දෙකුත් සැරිං සැරේ එන සිංදුවක කොටහක් දාල තමයි ඒක පටං ගන්නෙ

“ඔබ තනිනෑ ඔබත්තෙක්ක අපිච්චින්නවා“


ඒකෙදි කියන්නේ “අහවල් වරායෙන් අසුවල්දා මුහුදු ගිය අසුවල් පුතා ධීවර යාත්‍රාව මේ වනතෙක් ගොඩබිමට පැමිණ නැත. තොරතුරක් දන්නේ නං කියන්න“ එහෙමත් නැත්තං “අසුවල් පුතා ධීවර යාත්‍රාවේ සිටින අසුවලාටයි පණිවිඩය. ලොකු අම්මා ආන්තරා උනා වහාම ගොඩබිමට පැමිණෙන්න“ වගේ පණිවිඩ. ඒකෙදි අපි ජීවිතේට දැකල නැති “ඇට නගුල් පරවු“ වගේ මාලුංගෙ හිට මිල ගනංනුත් කියවෙනවා.


කවුරු හරි ඒ වෙලාවට රේඩිවේක වහල දාන්නෙ “නිකං බැට්ටි පිච්චෙනව“ කියලයි.





115 comments:

  1. Replies
    1. පළවෙනි කමෙන්ට් එක දාලම කියවනවා කියලා හිතාගෙන ආවම කොහේ ද දෙමළ "න" යන්න එක්ක බැ නේ :) :)

      Delete
    2. ඔබේ පළමු 'රස්නෙ ආසනේ' අවස්ථාව ගිලිහී යනවා. නැවත උස්සාහ කර බලන්න.

      Delete
    3. ඔවව් ඔව්. මේක කොමෙන්ට් එකක් දාන්නෙත් නෑ. ඒ මදිවට ඉඩනම් වෙං කරනව. හිටිංකො දවසක දෙන්න වැඩේ. මහ කොකා කියල බලන්නෑ ඔන්න.

      Delete
    4. ඇත්ත කසුන් :) :)
      වැඩක් නැ කොච්චර උත්සහ කලත්

      Delete
    5. ඕක තමයි අපි කිව්වේ.. අපිත් එක්ක බෑ කිව්වේ!!

      Delete
    6. කෝ දෙල්ගහයට ගැන්සිය දෙන්න බලන්න හුරේ එකාක්

      Delete
    7. මු දාමු දෙමළ සේවේ අල්ලන්න

      Delete
  2. අපිත් ඉස්සර ඉස්කෝලෙ යන්න නැගිටින්නේ ඔය ප්‍රවෘත්ති පටන් ගන්න තේමා වාදනේට. ඇයි තිස්ස ජයවර්ධන මහත්මයා කරපු පරිසර සිරිසර?

    ඒ කාලෙ පහු වුණාට පස්සෙ දැන් නම් රේඩියෝ අහන්නෙම නැති තරම්.

    ReplyDelete
    Replies
    1. රේඩියෝ නාහන අයට රේඩියෝ කනේ ගහන්නෙ ඒකනෙ

      Delete
  3. අපේ අහත් තිබ්බා ඔයින් වෑර්ලස් එකක්...
    ඉරිදා හවස පහයි ගානට අම්බිගා ගීතයෙන් ගීතය හෙම ඇහුවේ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
  4. දැං තීන රේඩියෝව ඕප් වෙන්නේ නිදාගන්නකොට ඉතරයි

    ReplyDelete
    Replies
    1. බොට ප්ලාස්ටර් රෝලක්, ඩක්ටේප් රෝලක් එහෙම ඕනනං කියහං.

      Delete
    2. ඔගොල්ලංගෙ ගෙදර තියෙන්නෙ තොරතුරු දැනගන්නා අනික් මාධ්‍යද?

      Delete
    3. අප්පේ අපේ ගෙදරත් තියනවා ඔය ඔප් වෙන්නේ නැති මගුලක් මල කරදරේ නිදා ගන්න ගියත් ඇහ්ර්වල හරි දවසේ ප්රෝර්ති ටික කියනවා ...දෙන්න හිතෙනවා බෙල්ල ගැලවෙන්න එත් බත් කන්න තියන දත් ටික නැති කරගන්නේ මොකටද කියලා නිකා ඉන්නවා

      Delete
  5. හැක්.. අම්මප ඒ කාලෙ තමයි රේඩියෝ වල අහන්න දේවල් තිබුණෙ. දැං ස්ටීරියෝ එෆ් එම් සවුන්ඩ් තිබ්බට අහන්න කියල තියෙන්නෙ අර උඹ කියල තියෙන හින්දි සින්දුවලටත් වැඩිය මල අඬවැඩියාවක් තියෙන ඉලව්වල්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. ඒ උණාට හොඳ සින්දුත් තියෙනව. එව්වා ගායනා කරනන්න බුවාලා නෑ.

      Delete
  6. යකෝ මොනවද මේ ලියන මෝඩ ජෝක්. ලී කෙලි සම්මානයෙ නම්බුව තියපන්.

    ReplyDelete
  7. //මැච් එකේ ලකුණු ගාන වගේ හමුදාවෙ මැරිච්ච, අතුරුදහන්, තුවාලවෙච්ච ගනං එක්ක කොටින්ට වෙච්ච ආපදා ගැනත් කියනවා.// අැයි ඊට පස්සෙ ස්කෝර් එක හරියටම දැනගන්න පිලිපීනයේ මැනිලා නුවර ඉඳං කියන වෙරිටාස් එක අහුවෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඥෑ.. වෙනිං එකක් තිවුනෙ

      Delete
  8. රස ආකරයක්නේ.. :)

    ReplyDelete
    Replies
    1. තෑගි සාගරයක්...!

      Delete
    2. කන්නෙහෙම එපා

      Delete
  9. //සන්තෝසවෙන්න පීතිමෙන්න එන්න මිට්ටයෝ... හැන්ද කාලා කාල දිපං මීමට කුරු කොස්// සමං අයිය මේක දැක්කනං එහෙම පු* විකාගෙන මැරෙන්නෙ සෙනිකවම.

    ReplyDelete
    Replies
    1. කවුද බොලේ ඒ සමං අයියා?

      Delete
  10. // “සන්තෝසවෙන්න පීතිමෙන්න එන්න මිට්ටයෝ... හැන්ද කාලා කාල දිපං මීමට කුරු කොස්“"// අඩෝ එක මරු සින්දුව බං ,හිනාවෙලා පණ ගියා

    ReplyDelete
    Replies
    1. // “සන්තෝසවෙන්න පීතිමෙන්න එන්න මිට්ටයෝ... හැන්ද කාලා කාල දිපං මීමට කුරු කොස්“"// අඩෝ එක මරු සින්දුව බං ,හිනාවෙලා පණ ගියා

      Delete
    2. අනිච්චා වත සංඡාරා

      Delete
  11. මොනව උනත් අර මුලිංම තිබුණ වගේ ඇඟට දැනෙන මියුසික් එකක් පෙවුත්ති වලට ඊට පස්සෙ ආවෙ නෑ.

    ReplyDelete
    Replies
    1. රේඩියෝ එකේ තාම ප්‍රවෘත්ති තියනවද?

      Delete
    2. දැං පව්‍රත්ති බලන්නෙ බුකියෙං

      Delete
  12. මෙහේ යුනික් ඒජන්සිය කළේ අපි අඳුනන කෙනෙක් හින්ද ඔය තනි ස්පීකරේ, දෙකේ, ඩිස්කො ලයිට් තියෙන වගේ තුන හතරක් ඒව ගෙනල්ල හරි ‍නොගිය තැන කහවත්තට ගිහිල්ල නැසැනල් එකක් ගෙනාව.

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර එක ගෙනාවෙ මයියොක්ක විකුල්ල ගත්ත සල්ලි ඔලිංලු

      Delete
  13. සුමනා නෙල්ලම්පිටිය මතකද?

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ මං ඉපදිල නෑ මා හිතේ. මං අසූ හයේලුනෙ උපන්නෙ.

      Delete
  14. ඇයි බං හැමදාම රෑට යන ලංකා බැංකුවෙ සින්දුව. (ලංකා බැංකුවයි මේ ඔබේ. වාසනා නිධානයයි ජීවිතේ. ලක් දනන්ගෙ පින් බෙලෙන් පහල වූ) ඔන්න ඔය ආකාරයට යන සින්දුවෙන් පස්සෙ තව තව ඇඩ් දෙක තුනකට පස්සෙ සිපෙට්කෝ මහත්තය එහෙම පටන්ගත්තෙ. අට ට යන ගුවන් විදුලි රඟමඩල, බ්‍රහස්පතින්ද ට යන හොල්මං කතාව එහෙම අපි හැමදාම ඇහුව. ගොපලු කන්දේ විලාපය, යකා බැඳි ඇල්ලේ මායාව වගේ කතා තමයි අපි අහන කාලෙ ගියෙ. ඔය කාලෙ අපේ ගෙදර තිබුනෙ ලොකු බැට්ටි කෑලි තුනක් දාන පිලිප් රේඩියෝ එකක්. ඊට පස්සෙ කැසට් පීස් එහෙම දාන්න පුලුවන් නැශනල් කැසට් එකක් අපේ බාප්ප ගෙනාව. විනෝදෙට බොහොම බර බාප්පට කැසට් පීස් එහෙමත් බොහොම තිබ්බ. මේ යෝදය දවසක් මේ කැසට් එක ගලවල මොකක්දෝ නාටකයක් නැටුව. එදා තාත්තගෙන් බැනුම් අහල ගෙදරිනුත් යන්න ගිය. ඊට පස්සෙ තමා සිංගර් ඩබල් කැසට් එක අපේ ගෙදරට ආවෙ.

    මෙහෙම ගියොත් මගෙත් පටි රෝල් වෙනව. ඒ නිසා දැනට මේ ඇති.

    ReplyDelete
    Replies
    1. රත්තරංගෙ ටිං බෙලෙක් පහලවූ...............?

      Delete
  15. ධීවර නවෝදය මියුසික් එක මගේ පුංචි කාලෙත් එක්ක පුදුම විදිහට බැඳුණු මියුසික් එකක්. තාත්තා වැඩ ඇරිලා ඇවිත් හැන්දෑ එළියෙන් පත්තරයක් බලන අතරේ පසුබිමින් මේ සංගීතය මතුවෙනවා මට අද වගේ මතකයි. ඒ ගෙදර ලයිට් තිබුණේ නැහැ. ධීවර නවෝදය යන වෙලාවට ලාම්පු පත්තු වෙලා තිබ්බෙත් නෑ මම හිතන්නේ. අමුතු අඳුරක් එක්ක හිත රිද්දන චිත්‍රපටි දර්ශනයක් වගේ මගේ හිතේ සමහර වෙලාවට ඒ දර්ශනය මැවෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ මටත් දෙසිය පනහෙ කන්ද උඩිං වැටෙන අවසන් අවුරැල්ලට ඔය සිංදුව ගලපගන්න පුළුවං

      Delete
  16. උඹල මුගෙ පෝස්ට් කියවන්න එපා. මූත් නෙළුම් ලී කෙලි සම්මාන යටින් ඩොලර් කුට්ටි කන කාක්කෙක්. බලපල්ලා මුගෙ ඊළඟ පෝස්ට්වලට මූ ලස්සනට UNP දේශපාලනය කලවම් කරන හැටි.

    ReplyDelete
    Replies
    1. මෙතනත් කලවං නේද?

      Delete
    2. අම්මට හුඩු කාලා වරෙන් දැන් උබ ගත්ත ඔය කුට්ටිය කොහෙද තියලා තියෙන්නේ ...

      Delete
  17. කොච්චර හිතන් හිටියත් ඔෆිස් එකේ ඉඳන් සුරන් මල්ලිගේ පොස්ට් බලන්නේ නැ කියලා දැක්ක හැටියේ කියවනවා... ඇත්තමයි වෙලාවක මැරෙන්නේ හිනාව හිරවෙලා...
    ජය වේවා

    ReplyDelete
    Replies
    1. අනේ කියවන්නෙපා. අර "මං එයාගෙ මහත්තය" මගෙ අඬු හතර කරේ එල්ලයි.

      Delete
  18. ලෙසටම අතීතෙට අරන් ගියා.. අර එවරෙඩි පූසා ගැන නේද කියල තියෙන්නේ නමේ මැද්දෙන් පනින එකා. ඔය නම තියන එකෙක් අපේ පන්තියෙත් හිටියා මට ඌව මතක් වු්ණා.

    ReplyDelete
    Replies
    1. ඔය නම තියෙන ‍එකෙක් තමා අපේ කඩේ ඉස්සර හ‍ෝල්ට් එකේ ටය්ම් කීපර් වැඩේ කොරන්නෙ. මේ ඊයෙ පෙරේදත් පැනඩෝල් කාඩ් ගානක් බීල ඉස්පිරිතාලෙ නවත්තල තිබ්බ. මම හිතන්නෙ ඔය පස්වෙනි නැත්තං හයවෙනි වතාව.

      Delete
    2. Praසන්ன:
      මොකද්ද අය්යෝ... ඌට කියල දෙනවකො හරියටම හරියන මාත්‍රාව එකපාරින් වැඩේ කෙරෙන්න. ඔහොමද යාලුවොන්ට සලකන්නේ?

      Delete
    3. @ ලිබිතා...
      එක පාරට හරි ගාන දුන්නොත් මූ ජීවත් වෙන්නේ කොහොමෙයි.. තව දහ දොලාස් පාරක් ගත්තත් මුගේ කඩෙන්ම තමයි.. එව්වට කියන්නේ මාකටිංටිං කියලා

      Delete
    4. මං හිතන්නෙ මිනිහට දැං පැනඩෝල් පත්තියං වෙලා. බිව්වට වැඩ කරන්නෙ නෑ.

      Delete
    5. පැන හරියන්නැත්තං පොලි තමයි ඉතිං

      Delete
    6. ඌ ඔය මැරෙන්න හිතාගෙන බොනවා නෙමයි බන් අනිත් උන් බය කරන්න

      Delete
  19. ඇයිමේ කාලෙ මුවන්පැලැස්ස ඇහුවෙ නැද්ද... ඒ ගැනත් වචනයක් කියන්න එපායැ...

    චැනල්එකක් අල්ලගන්න කරපනු යුදධ මරු ඈ...
    මරු පෝස්ටුව...

    ReplyDelete
    Replies
    1. //කරපනු යුදධ// මොකක්ද බොල ඒ..

      Delete
    2. සමාවන්න.. එය 'කිරිපණු යුද්ධය' ලෙසින් සෝදු විය යුතුයැ

      Delete
    3. ඒකට පිලියම මොකද්ද මුත්තේ?

      Delete
  20. කෘමිනාශක වෙළඳ දැන්වීමකුයි මරණ දන්වීමකුයි පැටලිලා හරි කෙලියක් උනා ඒ කලෙ......
    .
    සදාහරිත....මැතිණියගේ.... කුඹුරුයායේ ...ස්වාමිපුරුශයා වූද.....මැස්සන් මදුරුවන් කැරපොත්තන් ආදී....සහෝදර සහෝදරියන්ගේ පියාණන් වූද හරමානිස් මහතා...කෘමිනාශක බෙහෙත්.....වළඳා කාලක්‍රියා කලෙන්.........

    ReplyDelete
    Replies
    1. ඒ පිලිබදක් අවසානක් කුත්ය බොරැල්ල කනත්තේදී සිදුකෙරේ. මේයට සෝකයට පත් අඹු දරු කැළ

      Delete
  21. චන්ද්‍රිකා මැතිණිය බලයට ආවට පස්සෙ ගියෙ "ඩඩ්ලි පප්ප පැරදි පැරදි ඩඩ්ලි පප්ප පැරදි පැරදි" වගේ එකක් නේද ?

    ඇයි විරුදු පන්තියක් ගියෙ " ලොකු පුටු රත් කරකර...ඉන්නා මහතුනි සෝලි නොවන්නේ..." කියල

    ReplyDelete
    Replies
    1. ඒක මට මතක නෑනෙ?

      Delete
  22. වෑර්ලස් කියන උන් මේ මෑතක් වෙනකම් හිටියා.. එක්කෝ මං බොලා සීයට වඩා වයසද දන්නේ නෑ.. :)

    ReplyDelete
    Replies
    1. අර සම්මාන ස්ටේජ් එකට අරගෙන ආපු රෝසිලාගෙන් තමයි අහන්න ඕනෙ

      Delete
    2. එයාලගෙන් ඇහුවනම් කියයි.. "අයියාහ්.. එයා හරිම සුවීට් මෙයාහ්.." කියල.. හැක්.

      Delete
    3. ඒ ගෑනු අය ඒ තරං ලස්සන නෑ බවත් මේකප් දැම්මහං "මේ මං" ඊට ලස්සන බවත් අපේ ගෙදර ඉන්න අනික්කෙනා ප්‍රකාස කර සිටියාය.

      Delete
  23. ළමා වැඩසටහන්වල තියෙන තොදොලෙ නම් මටත් එපාවෙනව බං. ළමයිට බටර් ගාන මහ එවුනුත් ඒවයෙ රිංගගෙන කරන විකාර දැක්කම බන්දුවයි ටෙනියයි දැක්ක වගේ ඔක්කාරෙට එනව.

    ReplyDelete
    Replies
    1. ඇනෝ නම් වහන්න එපා මචෝ උබ්ගේ පොස්ට් වලට වඩා ඇනෝ දෙන ආතල් එල ද බ්‍රා

      Delete
  24. අපේ සීය කිව්වෙත් වෑර්ලස් එක කියල තමා ...පවුත්ති පටන් ගන්නකොට දාන වාදනෙට කොල්ලෝ හොද කවි හදල තිබුණ . එව්වා ලියන්ට බෑ අසබ්බයි ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. අර යං නංගි, ජල්ලි ජල්ලි ගෙදර ගෙදර වගේ එව්ව නේහ්.

      Delete
    2. අනේ ප්‍රසිද්දියෙ ලියල්ලකෝ....

      Delete
  25. අවලන් ප්‍රස්නයක් තියනවා
    බොලගේ රට පනින වැඩේට මොකද උනේ කේන්දර බලලා කාරිය බ්ලොග කාරයොත් කොටෝලා රන් කහවනු හොයන්න යන්න ගිය වැඩේ? මෙ පාරත් ලෝටස් අජියා හරියමන් වචනයක් දුන්නේ නැතා එහෙට ගෙන්න ගන්න විදිහ ගැන

    ReplyDelete
    Replies
    1. යනවනං රටවල් තුනකටම යන්න පොට පෑදුනා. ඒකට බ්ලොග් කාරයෝ කොටවන්න ඕනි උනේ නෑ. ඒ වුනාට මේ ජීවිතේ තියෙන නිදහස ඒ යාමෙන් නෑ. ඒ හංදා මෙහෙම නැවතුනා. ලෝටස් අජිත් ඒකට සම්බන්ධ නෑ.

      Delete
    2. ඇනෝ මචෝ උබගේ කෙමෙන්ට් එක කෙනකුට හිතෙන්න පුලුවන් මඩ ගහනවා කියලා..සුරන්ගය්ගෙන් උබට හිත රිදෙන දෙයක් උනානම් ඌට මේලක් දාපන් මේ බ්ලොග් එක උගේ හිතවත් අය ගෙදර අය බලනවා අපි පොඩි ළමයි වගේ රණ්ඩු වෙනකොට රට්ට්ටු හිනා වෙනවා. උබ දැන් මේක කිව්වට මාත් එක්ක එල්ලෙන්න එපා. මිනිහෙක් රට යන්න හදන්නේ තමන් දුක් විදලා අනිත් අයගේ ජිවිත ජිවත් කරන්න ඒකට හිනා වෙන්න එපා. උබ මාත් එක්ක එකග වෙනවා නේද?

      Delete
    3. මට දරා ගන්න බැරි විදහට බැන්ලද බන් ඇනෝ...උබ මේක මැකුවේ

      Delete
    4. යනවනං රටවල් තුනකටම යන්න පොට පෑදුනා.....
      කොයි ඒ රටවල් ස්වාසලන්තයයි ලාලාලන්තයයි ඩිස්නි ලන්තය්ද ලොකු එකෝ

      ඒකට බ්ලොග් කාරයෝ කොටවන්න ඕනි උනේ නෑ..... ඇයි බෝටෑ අමතකැයි මාතලන් ලොක්කා උඹට රට යන්න ඕනනම් කේන්දරේ බලලා හිටින් කියලා කියාපු වෙලලේ ඇවිලිච්ච ලෑව්ගින්න ඇයියි... තව කැන්ගරු ඩොකා කියපු විදිහට කැන්ගරු සුරපුරේ ජොබ්ගැන කියාපු ෆෙරිටෙල් ස්ටෝරි එහෙම

      මේ ජීවිතේ තියෙන නිදහස ඒ යාමෙන් නෑ/////. ඒ හංදා මෙහෙම නැවතුනා !!!!!!!
      අපරාදේ බොලා ගිහිල්ලාම කලාම බරුං තමයි වටින්නේ.......

      Delete
  26. ඉස්සර අපි පාන්දරට ඇහැරෙන්නෙ හතරට ගිය හිංදි සින්දු අහගෙන.. ඔය සාජන් එහෙම නැගල ගිය කාලෙ බොහොම හයියෙන් ඕක දාල තියනවා.ෆ්‍රෙශ් එකේ ඇහැරෙන්නෙ.අපේ තිබුනෙ නැශනල් රේඩියෝවක්.තාම වැඩ.හිස් පීස් ගෙනල්ලා ඕකට අපේ හඬ පටිගත කරන එකත් පට්ට ආතල් ඒ කාලෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එව්වා රේඩි නෙමෙයි. කැසට්

      Delete
  27. //තක බොං තක බොං තක බොං.....//
    සද්ද ටික නම් මරු සුරං අයියා...!

    ReplyDelete
  28. එක පාරක් රම්‍යාවලිගසේකරද කොහේදෝ කොහේදෝ පොවුර්ති වලට කියල තිබ්බ "කුඩා තේවතුර ජයපාල නයට ගනී" කියල. උපංදින කියෝනකොට යන ලමා උපන්දින තේමා ගීතය. චන්ද්‍රානී ගුනවර්ධන ගෙ.

    ආයුබෝවන්... ආ... වාසනාවන්...
    වාසනාවන්.. ආ.ආයුබෝවන් ..
    ප්‍රීතිමත් සුබ උපන් දිනයක් බිහි වේවා...

    ඒවගේම දිවාගී දැහැන.. හොඳ බයිල සෙට් එකකුත් යනව ඒ වෙලාවට.දවල්ට කෑවට පස්සෙ එන නිදිමත නැතිකරල කස්ටිය පෝම් කරල ගන්න

    ReplyDelete
    Replies
    1. දැං ලමා පිටිය නෑ නේද? අපේ ඉස්සරහ ගෙදර කොල්ලා කරන්නෙත් පහල ගෙදර උන්දැගෙ ළමයි බලන එක ඒ හංදා අපි ඒකට කියන්නෙත් ළමා පිටිය කියල.

      Delete
  29. අපේ ගෙදර තිබුනේ නැෂනල් පැනසොනික් එකක්...එකට බැටරි කෑලි හතරක් දාන එකක්.තවමත් තියෙනවා අවුරුදු 29 පරනලු ..ඉස්සර වෙළඳ සේවයට කිව්වේ දෙවෙනි සේවය කියලා ..ස්වදේශී එකට කිව්වේ පලවෙනි ඒක කියලා ..තව ලක්හඩ ද කොහෙදත් තිබුනා ..මම නම් ආස ඔකේ රෑ 8-9 වෙනකන් යන කතා සෙට් ඒක ..ආයි රුහුණු සේවය දවල් දවසේ තිබුනා ..cpp සිංහ මුණ ගෙනාපු ගිතෙන් ගීතයද කොහෙද තිබුනා ..එකේ තේමා ගිතෙට ගියෙත් බලල ඒ ශ්‍රියාව කදපතකට එබී ...

    මටත් තියෙනවා රේඩියෝ ඉතිහාසයක්

    ReplyDelete
    Replies
    1. ඒ සන්බීම් කැඩපත කියන එක නේද?

      Delete
    2. නම මතක නෑ හරියටම

      Delete
    3. සීපීපී ගීත මංජරි කලින් තිබුණේ ඉරිදා දවස්වල දහවල් එකට. ඊට පස්සේ ඊඑච්(කුරේ) ගීත ධාරා.
      පස්සේ ඒ එකේ ස්ලොට් එක ජිප්සීස්ලා අල්ලා ගත්තා.
      හවස පහට විතර තමයි අම්බිගා ගීතයෙන් ගීතය.

      Delete
    4. මේ තියෙන්නෙ ලැයිස්තුවම

      Delete
  30. යට ප්ලාස්ටික් කැල්ල කැඩුනු ඕඩියෝ කැසට් වල සිදුරට කඩදාසි ගුලි ඔබලා රේඩියෝ එකේ කැමති සිංදුවක් ප්‍රෝග්‍රෑම් එකක් යනකොට ඒවා රෙකෝඩ් කරන්න ඇඩ් යනකොට නවත්තලා ආයෙ ජිංගල් එක ඇහෙනකොට ටයිමින් තියාගෙන රෙකෝඩ් බටන් එක ඔබන්න තරම් ඒ දවස්වල තිබුණු ඉවසීම ගැන දැන් පුදුම හිතෙනවා .
    ලෙසටම ලියලා සංතෝෂ වෙන්න ප්‍රීති මෙන්න ජයවේවා :D

    ReplyDelete
    Replies
    1. ප්ලාස්ටික් කෑල්ලක් නෙමෙයි එතන තියෙන්නෙ. තඹ පටි කෑල්ලකට හයි කරපු තද ස්පොන්ජ් වගේ කෑල්ලක්.

      Delete
    2. සභාපති තුමා ඔය කියන්නෙ ධාවකය ගැන මෙතන අදහස් කරල තියෙන්නෙ සිංහලෙන් අපි කියන කැසට් පීස් එක ගැන :)

      Delete
    3. සභාපතිතුමා කියන්නෙ පටියට යටිං තියෙන පරිප්පු ඇටයක් විතර ස්පොන්ජ් කොටුව ගැන. මූනු තුනේ කියල තියෙන්නෙ කැසට් පීස්සෙකේ අනික් කොනේ තියෙන ඉටි කට්ට දෙක. ඒ දෙක කැඩුවහම රෙකෝඩ් කරන්න බෑ. ඒකට කඩදහි පුරෝලා තමයි ආයි රෙකෝඩ් කරන්නෙ .ගොඩ වෙදකමක්.

      Delete
    4. හුටා, ඒක මතක නැතිඋනා කියහංකො. ඒකටනං අපි කරල තිබ්බෙ ඔය හිල අස්සට වැටෙන්න ප්ලේයර් එකේ තියෙන ලීවර් කෑල්ල ස්තිරවම ටේප් එකකින් අලෝල තිබ්බ එක. එතකොට ඔය හිල් තිබ්බයි කියල ප්‍රශ්නයක් නෑ.

      Delete
  31. Ceylon Rediffusion කියල තිබුන කේබල් රේඩියෝ අහල තියනවද?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ ඒ කාලෙ මං ඉපදිල නෑ.

      Delete
  32. "හැන්ද කාලා කාල දිපං මීමට කුරු කොස්“
    අන්න සමන් ද සිල්වා බෝව උල තියන්න හොයනවලු..

    රේඩියෝව අදටත් මට රූප පෙට්ටියට වඩා සමීපයි බන්. ඒත් මෙහෙ අහන්න සිංහල රේඩියෝ නැහැනේ. ලංකාවේ දැන් රේඩියෝ කියන මාද්‍යය වල් වැදීල බන්. එව්වා අද ඇහෙනකොටත් අප්පිරියයි..

    ඉස්සර අපි පුංචි කාලේ දිවා දැහැන යද්දී ඊට සමගාමීව දැනුන කෑම සුවඳවල් අද වෙද්දී ලංකාවෙන් තුරන් වෙලා බන්. ඒ කාලේ මිනිස්සුන්ගේ ජීවිත හරිම සරලයි. අද වෙද්දී තාක්ෂනය මිනිස් ජීවිත යට කරගෙන උඩට ඇවිල්ල. ඒ කාලේ වගේ දැන් කාලේ මිනිස්සුන්ට සනීපෙට නින්ද යන්නේ නැහැ බන්. ඉස්සර මරණයක් දැනගන්නේ රේඩියෝවේ අවමංගල්‍ය දැන්වීම් වලින්, එහෙමත් නැත්තම් ටෙලිග්‍රෑම් එකකින්. අවේලාවේ ලියුම් කාරයා ඇවිත් බෙල් එක ගැහුවා කියන්නේ එක්කෝ එකෙක් මැරිලා, එහෙම නැත්තම් රැකියාවකට තේරිලා.... අද වෙද්දී මිනිස්සුන්ට ඊට වඩා ලක්ස කෝටි ගුණයකින් තාක්ෂනය මිනිස් ජීවිත වලට උදව් කරනවා උනත් එව්වට හිලව්වට මිනිස්සුන්ට සැනසීම කියන දේ කැප කරන්න සිද්දවෙලා..

    ReplyDelete
    Replies
    1. මාත් ඔපිස් එකේ ඉද්දි මාසෙ අන්තිම ඩේට බේස්සෙක පුරෝන ගමං අහනව එක එක රටවල් ඔල රේඩියෝ ලයින්. ඒ ඇරෙන්න කවුදප්පා රේඩියෝ අහන්නෙ දැං.

      Delete
  33. අපිත් ඉස්සර මුවන්පැලැස්ස එහෙම අහලා තියනවා... අම්බිගා ගීතයෙන් ගීතය, ඔව් නෑ බෑ, අසන්නන්ගේ ඉල්ලීම්...

    ඔය හැමදාම ගීත ඉල්ලන සෙට් එකක් හිටියනෙ.... කුරුළු හදවත පොතේ තියනවා නම් සෙට් එක...

    ReplyDelete
    Replies
    1. වාන් ඇලේ කොළඹ ගෙදර විමලා රාජපස්ස
      හැමදාම සිංදු ඉල්ලපු නමක්

      Delete
    2. වැල්ලම්පිටිය බෙහෙත් කඩේ අමිත අබේසේකර
      කාලයක් සිරසෙ හැමදාම කියපු නමක්.

      Delete
    3. ඒ කාලෙ දැං වගේ ලයිව් කතාකරල සින්දු ඉල්ලන්න පුලුවං කමක් තිබුණෙ නෑ. පෝස්ට් කාඩ් තමයි ඉතිං.

      Delete
    4. කුරුළු හදවත පොතේ එක නමක තිබුණු අවුලක් ඒ පොතේ සමස්ත අන්තර්ගතයටම බලපෑවා!

      https://rasikalogy.blogspot.com.au/2015/09/hole-in-heart.html

      !

      Delete
    5. ඒ පෝස්ට් එක සම්පූර්ණයෙන්ම කියෙව්ව.

      Delete
    6. මගුලගම මල්ලිකා දිසානායක මතකද

      Delete
  34. වසනා නිදනයි ජාතියේ රත් ගන්න නිදනේයෙන් පහල වූ ...

    සව් සිරියෙන් පිරි සව් පාපපා ...
    විවිද රුපවාහිනී රේඩියෝ විදිලි පංකා අත් ඔරලෝසු

    ReplyDelete
    Replies
    1. ඕකෙ වොයිස් කරපු පුද්ගලයා තාම ඉන්නව අපේ ඔපිස්සෙකේ

      Delete
    2. මම හිතුවේ උබ උල තියලා කියලා ..තෝ ලියන්නේ නැද්ද

      Delete
  35. ඉස්සර අපි කලවානේ ආච්චිලා ගේ ගෙදර ගියාම රේඩියෝ අහන එක මහ වනයක් වෙනවා. එහෙට මීඩියම් වේව් ඇහෙන්නේ නෑ. ෂෝට් වේව් අහන්න ඒරියල් එකක් ඕනෑ ඒ දවස්වල. ගොරවන කොට ඒරියල් එක ඩිස්කනෙක්ට් කරනවා. ඒ නැතතත් මේ ලිපියේ තියෙන විදියට විවිධාකාර සද්ද!

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ හැත්තෑ ගනංවල වෙන්ට ඕනෑ. අනූ ගනං වෙද්දි අපේ ගංවලටත් ඔය දෙකොට්ටහම ඇහුණා.

      Delete
  36. අනූව දසකේ ඉවර වෙන්න ඔන්න මෙන්න තිබිලා ඉපදිච්ච මටත් ඕවායිං සැලකිය යුතු කොටහක් මතකයි. විසේසෙංම සන්ධ්‍යාටයි, දිවාටයි, උදාටයි ප්‍රෝර්ති කියපු හැටියි ප්‍රෝර්ති පටංගද්දි ගියපු ඩිස්ටි ඩිඩිං සද්දෙයි. ඒ කාලේ ඇහුවා ඇහුවාමයි කාලෙකින් රේඩිවෙකක් කනේ තිබ්බ කාලයක් මතක නෑ. දැන් ඉතින් ගමනක් ගියත් ඉයර් පෝං දෙක කනේ ගහගෙන සිංදු අහනව මිසක් රේඩිවෙකක් අහනවයැ

    ReplyDelete
    Replies
    1. එතකොට මලේ තාම ඉස්කෝලෙ යනවද?
      දැං අහන්න සිංදු තියෙනවද මල්ලියේ,

      Delete
  37. එල එල.
    අර සින්දුව අපේ වාද්දුවෙ මාමා කිව්ව විදියට "ඇන් ඇම්ට පුලුවන්ද හත් හවුලෙ කැඳ බොන්න..."
    ඒ එක්කම "ඇන් ඇම්ට පුලුවන්ද හත් හවුල පෙරලන්න..." කියල සමහරුන්ට ඇහෙනවා. ඒවා තම තමන්ගෙ දේශපාලන මති මතාන්තර අනුව තමයි මම හිතන්නෙ.

    මම නම් රේඩියෝ එකක් අහපු කාලයක් මතක නෑ.

    එතකොට ඉස්සර තිබ්බා පැරණි රසාංග කියලා පරණ සිංදු යන යන වැඩ සටහනක්.

    "දැන් මෙන්න ජික්කිගේ පහත් තැනින් යයි ගලා ජලේ..."

    " දැන් මෙන්න ඒ. ජේ. ක්ලැරිනට්ගෙන් කරීම් වාදනයක්..."

    ReplyDelete
  38. ඒ කාලෙ තිබ්බ පරණ ජෝක් එකක්

    "ඉන්දියාවෙ රේඩියෝ සිලෝන් එකේ නම දන්නවද උඹ?"

    (උත්තරේ: ඕල් ඉන්ඩියා රේඩියෝ)

    ReplyDelete
  39. UNIC රේඩියෝ එහෙමෙ ඇසෙම්බල් කරල බෙදා හැරියේ උපාලි සමාගමෙන්, හෝමාගමට ඩිංගක් එහායින් එයාලගේ පුවත්පත් අච්චු ගහන ලොකු ප්‍රෙස් එකකුත් තියනවා. දිවයින, විදුසර, Island පත්තර රටටම බෙදා හරින්නේ මේකෙන්, ඉතින් ඔතනට නිතර තඩි අකුරෙන් UNIC කියල ඇඳපු ලොරි යනවා එනව දකිනව.

    ලක්ෂපාන බැටරි ෆැක්ටරිය තිබුණේ අපේ ඉස්කෝලෙට ටික දුරකින්, ඒ කියන්නේ හෝමාගම කාර්මික විද්‍යාලය හෙවත් ටෙක් එකයි පනාගොඩ යුධහමුදා කඳවුරයි අතර.

    වැඩිපුර අධ්‍යාපනයෙන් ඉහළට නොගිය ඒ අහල පහළ උදවිය බොහොමයක් දෙනාට මේ ආයතනයෙන් රැකියා හමුවුණා, බස් වලින් බහිනකොට එතන තිබුණු බස් හෝල්ට් එකට කිව්වෙත් ලක්ෂපාන හන්දිය හරි බැටරි පැට්ටේරිය හෝල්ට් එක කියල.

    එවරෙඩි පූසා නම් හිටියේ අපිත් එක්කම පහේ පන්තියේ, නොම්මර එකේ ඇම්බැට්ටය :-D

    ඌට එවරෙඩි පූසා කිව්වම ඌ නම් කිව්වේ පූසෝ ඉන්නේ වෙන දිහාකය .... කවුරු හරි කැමති ගෑල්ලමෙක් ඉන්නව නම් පෙන්නන්න පුළුවන්ය කියල, නමුත් ස්වේච්ඡාවෙන් කවුරුවත් ඉදිරිපත් උනේ නැහැ නොවැ අවාසනාවකට ... :(

    ReplyDelete