Follow by Email

Saturday, March 11, 2017

පොජෙට්ටෙක - අන්තිම කොටහ

මිනිහෙක්ගෙ ජීවිතේ හරියාකාරව හැදෙන්නෙ ගහෙං ගෙඩි එන්නා වගේ පිළිවෙලකට හීංසීරුවෙ ඉහළට ආවොත් විතරයි.  ගහ පීදිලා, මල් හැදිලා, එව්වයෙං සූටි ගැටයක් හැදිලා, ඒ ගැටේ ඩිංග ඩිංග තරුවක් වෙලා, ඒ තරුව ඩිංග ඩිංග ලොකු වෙලා මහ ගෙඩියක් වෙලා පැහිලා කන්න පුළුවං ගානට ඉදෙන්න සෑහෙන කාලයක් යනවා. මනුස්සයෙක්ට යමක් ලැබෙන්න ඕනැත් ඒ විදිහට කාලයක් ගතවෙලා හීංසැරේ ඩිංගෙං ඩිංග. එතකොට තමයි තමුන්ට ලැබෙන දේක අගයක් තියෙන්නේ. නැත්තං ඉස්පෙක්ටර් ලකී අහසට වෙඩි තිබ්බම පොල් වැටෙනව වගේ එක පාරිං ලැබෙන දේ දරාගන්න අමාරුයි. ඒකෙ අගෙත් ටික දවසකිං නැතිවෙලා යනව.


අපේ ගමෙං පෙජෙට්ටෙකේ වැඩට ගිය අයට කිව්වෙ පෙජෙට්කාරයො කියලා. කවුරුහරි එක දෙයක් දිගටම කරගෙන යනවනං එයා ඒ වැඩේට අදාල "-කාරයෙක්" බවට පත්වෙනවා. පෙජෙට්කාරයො වැඩ ඇරිලා ආපහු එන්නෙ ඇඳිරිවැටීගෙන එනකොට. පෙජෙට්කාරයෙක් බහින තැන ලංවුනාම එයා ඉන්නෙ දොරේ යටම පඩියෙ. බස්සෙක යාංතං වේගෙ අඩුකරනකොටම බිමට පැනලා ටිකදුරක් දුවගෙන ගිහිං නොවැටී බේරෙන්න පුළුවං. පෙජෙට්කාරයා බිමට පැන්නගමං පුට්බෝඩ්ඩෙකේ ඉන්න රංචුවම එකපාර කෑගහනව.

"හරෙයං හරේ"

ඔය විදිහටම ලොරියෙං එන අයත් එක අතක ගමං මල්ලත් එල්ලගෙන ලොරිය පල්ලෙ "තග්" ගාලා පනිද්දි ලොරි තට්ටුවෙ ඉන්න අනික් අයත් කෑ ගහනව. කාලයක් සරම ඇඳලා සරමෙ පළලට අඩිය තියන්න පුරුදුවෙලා හිටපු අය පෙජෙට්ටෙකේ වැඩට යද්දි කලිසං ඇන්ද හිංදා සරමෙන් නිදහස් වෙච්චි කකුල් දෙක හුඟක් දුරිං තියල නුහුරට ඇවිදින්න පුරුදු වුනා. ඒ විදිහට දුරිං අඩිය තියල ගියත් ඒ හැමෝම ගෙවල්වලට යද්දි ඉර මිටියකුලං කන්දෙ වැරනිය ගස්, දංගස් පල්ලෙං කැකිල්ල ගාල අස්සට වැටිල ඉවරයි. ගෙදරට ගිහිං වතුර ඩිංගක් නාගෙන බඩ්ඩිංගක් කනගමං පෙවුත්ති ඩිංගක් බලලා පිඟාන හෝදනකොට රෑ අට නමය වෙලා ඉවරයි. පහුවදා පාංදරිං වැඩට යන්න තියෙන හංදා ඇඳට වැටිලා බුදියනව ඇරෙන්න වෙන කොහෙටවත් යන්න වෙන්නනෙ නෑ.


මේ හිංදා ලොකුම පාඩුව උනේ පෙරන අයට. අපේ තාත්තා ඇතුළු කීප දෙනෙක් ඇරෙන්න අනික් හැමෝම පෙජෙට්ටෙකේ වැඩට ගිහිං මහ රෑ වෙද්දි ආපහු එන හිංදා ගනුදෙනු කරන්න යන්න ඒ අයට බැරිවුනා. වැඩට යන අයගෙ කටිං බීපු සුවඳ ආවොත් ආපහු එවන හිංදා වෙලාව තිවුනත් බොන්න නොයන්න ඒ අය පුරුදු උනා. පෙරන තරමට විකිනෙන්නෙ නැති හංදා නිෂ්පාදකයො වැඩේ අතෑරියා. කරුණාවතී ආච්චිටයි, කලු මාමටයි, සූරියසේනටයි හතලිස් නමේ වැදුනා. අපේ තාත්තා ඇතුළු සෙසු පාරිභෝගික නඩේට සිද්ද වුනේ වැඩිමිලට කලු මාමලෑ කඩේ පිටිපස්සෙ විකුණන අරක්කු ඩිංගක් බීලා හිත හදාගන්නයි. ඒකටත් කලු මාමලෑ නැංදා අනුපානෙට කහට කලවං කරලා සැන්ඩි කරන හංදා අපේ ගමේ බහුතරයක් කාන්තාවන්ගෙ දත් ඇඳි, කකුල් අතපය ආදිය තව ටිකක් කල් රුකුනා.


කුලී වැඩට ගියහම වගේ දවසෙ ආදායමක් නොලැබෙන හිංදා බොහොම අසීරුවෙන් මාසයක් ගෙවුනට පස්සෙ පෙජෙට්කාරයින්ට පඩි ලැබුනා.


පළවෙනි පඩිය අරගත්තු දවසෙ විමලසේන මාමා පුංචම්මලෑ කඩේ ගාවිං ලොරියෙං බිමට පැන්නෙ සිකරැට්ටෙහෙකුත් කටේ ගහගෙනමයි. කහපාට ඉටි තොප්පියත් ඔලුවෙ දාගෙනම බෑක් මල්ලත් වනාගෙනම පුංචම්මගෙ කඩේ එලිපත්තට අඩි දෙකට ගොඩවෙලා වටේ හිටපු කීප දෙනාවම උඩ යන තරං සද්දෙට කෑ ගැහුවා.


"බලන්න මැණිකෙයක්කෙ අපේ ණය. අර පර්නෙව්වත්තෙක්කම බාන්න. එක්කොම දැං ගෙවනොව."


"දැංනං වෙලාවක්නෑ විමලෙයයියෙ. හෙට බලා තියන්නං."


"නෑ...න්නෑ නෑ  නෑ දැම් බ..ල.. න්න දැං බලන්න.. මේ.....ද්දැං ගෙවල වියරෙයක් කොන්නොව"


නොලැබෙන ගොඩට වැටෙන්න තිවිච්චි ණය ගොඩ ලැබෙන්න යන බව ඉවෙං වගේ දැනිච්චි හංදා පුංචම්ම කඩේ මේසෙ කොලේ යට තියෙන ණය පොතේ ගානත්, කරඳමුංගු, නිල්, කුකුලුසායං, ආදිය එල්ලපු කාඩ්වල පිටිපස්සෙ "දෙහි ගෙදර නැංදා", "විමලෙගෙ ගෑනි" කියන නං යටතේ තිවුනු ගණනුත් එක්කහු කරල අන්තිමට ආච්චම්මට මතක තිවුන පොතේ නොලියපු ගණනුත් එක්කහු කරල ගාන කිව්වා.


"*දාස් ** සිය ****පහයි"


"ආං එච්චරයි."


විමලසේන මාමා සාක්කුවෙං ගත්තු සුදුපාට කොලේ ඔතපු සල්ලි මිටිය කඩේ ලැල්ල උඩ හැමෝටම පේන්න දිගෑරියා. දාහෙ කොල පන්සීයෙ කොල දෙසීයෙ කොල ඇරෙන්න සීයෙං පාත කොලයක් ඒකෙ තිබුණෙ නෑ.


"මට දෙන්න මැණිකෙ තව සිකෑට් පෑට්ටෙයයි කුකූමස් කිලෝඑහෙක්ට වැඩියෙං තියෙනෙහෙකුයි. පොඩියෙවුන්ට හොඳට්ට කන්න දෙන්න."


ඒ බඩු සේරමත් අරගෙන අන්තිමට විමලසේන මාමා කඩේ ගාව ඉන්න ළමයින්ටත් අයිස් ඇරං දීල සිකරැට්ටෙහෙකුත් පත්තු කරගෙන ගෙදර ගියෙ උදාන වාක්‍යකුත් කියලා ඒකෙ තිත හැටියට කඩේ ලැල්ලට අල්ලෙං පාරකුත් ගහලයි.


"ආයි මේ සම්මජ්ජාතියෙ මංවක් මයෙ ගෑනිවක් මයෙ පැටියෙක්කක් කාටවක්ම ණය වෙන් නෑ නෑ නෑමයි ඩං"


පහුවදා ඉඳං අපේ ගම වෙනස් උනා. වෙනදට රුපියලේ අයිස්සෙක අරං මැදිං අඹරලා දෙකට කඩාගෙන කාපු ළමයි හැමෝම දෙකේ අයිස් දෙක දෙක අරං ගියා. වෙනදට අලි මාමත්, ඩීසල් උපසේනත් විතරක් ගනිපු "යෝගට්" හැමෝම ගත්තා. පාං ගෙනියන්න ආපු ළමයි ජෑම් බෝතලෙයි, මාගිරිං පැකැට්ටෙකයිත් ගෙනිච්චා. වෙනදට මාසෙට දෙපාරක් ආපු කුකුලුමස් ලොරියට දවස් තුනකට පාරක්වත් එන්න කියලා කියන්න පුංචම්මට සිද්දවුනා. සමහර ගෙවල්වල අයට ගමේ කඩවල්වල "ගන්න හරිහමං බඩුවක් මුට්ටුවක් නැති"වුනා. ඒ වගේ අය ටවුමට ගිහිං ආපහු ආවෙ බඩු පුරවපු තීවිල්ලෙහෙක බිම දාපු හාල් මිටිය උඩ කකුල් තියාගෙන.


සමහර පෙජෙට්කාරයො පලවෙනි පඩියෙං පස්සෙ දවසක් දෙකක් ගෙදර නැවතුනා. විමලසේන මාමා "හැමෝටම සලකන්න ඕනි" කියලා ටවුමට ගිහිං අරක්කු බෝතල් දෙකතුනක්ම අරං ඇවිත් දන්න අඳුරන හැමෝටම බොන්න දුන්න බව ඒ බෝතලේකිංම දෙකක් දාගෙන ඇවිත් අම්මත් එක්ක වලියක් ඇදගත්තු තාත්ත කිව්වා.


පළවෙනි පඩියෙං වියදම ටිකක් සැරවෙච්චි හංදා මහ දවසක් යන්න කලිං ඒ තරම්ම සුද්දෙට වියදං කරන්න නරක බව සමහර අයට තේරුනා. ඒ හිංදා දෙවෙනි පඩිය ඒ තරමටම සමරන්නෙ නැතුව ඉන්න පෙජෙට්කාරයො ඉගෙනගත්තා. ඒත් ගෙවල්වල ගෑනු අයවත් ළමයිවත් ආපසුසට අඩිය තියන්න කැමති උනේ නෑ. ඒ හංදා ඊළඟ පඩි ටිකටත් පරණ පාරෙම යන්න උනා.


ගමේ පිරිමි කරපු රස්සාවලුත් ගොඩක් ගෑණු අයටම කරන්න වූනා. කුඹුරු ගොවිතැනට ඉතුරු උනේ අපේ තාත්තා ඇතුළු කීප දෙනෙක් විතරයි. ඒ හංදා දළු කැඩිල්ල, උදුලුගෑම, ගොයං කැපිල්ල, ගොයං කොල ගැහිල්ල, සේරම කෙරුනේ ගෑනු අය අතිං. කිතුල් මල් කැපිල්ල, තේ ගස් කප්පාදුව, ගෙවල් බැඳිල්ල, ගස් කැපිල්ල, වඩුවැඩ වගේ පිරිමිං විතරක්ම කරපු රස්සාවල් කරන්න කෙනෙක් නැත්තටම නැතිවෙලා ගියා. කුඹුරු පුරං වෙද්දි සමහර තේ ඉඩං කැලේට අත්තැරුණා. සමහර පෙජෙට්කාරයින්ගෙ ගෑණු තේ ඉඩං කුණුකොල්ලෙට විකුණල රත්තරං බඩු හදාගත්තා.


"අපේ මිනිහ ඇත්තරං හම්බු කොන්නොවනෙ. මං මොටද නිකං නහින්නෙ. මේ පොඩියෙවුංගෙ වැට්ටික කරගෙන ඉන්නොව මිසක්"


පෙජෙට්ටෙකේ රෑ වැඩ කරන්න යන කීප දෙනෙකුත් හිටියා. එයිං එක්කෙනෙක් අහල පහල හිටිය ගෑනු අය ගැන සෑහෙන්න විස්තර හොයන්න ගත්තා. කඩේ ගාවට ඇවිත් මගෙත් එක්ක කයිවාරුවක් පිට ඉන්න ගමං කඩේට එන ගෑනු අයගෙ වග විස්තර හීන් නූලෙං මගෙම්ම අහගත්තා. 

"ඒ කවුද දැං අර බිස්කට්ටෙකක් අරං ගියෙ?"


"ඒ අර *** මාමගෙ නැංදනෙ. ඒ මාම වැඩට යන්නෙ රද්දැල්ලෙ බාසුන්නැහැගෙ පුතා එලෝන බස්සෙකේනෙ"


"ගෙදර කවුද ඉන්නෙ?"


"මල්ලියි නංගියි ඉන්නව තව"


"ඉස්කෝලෙ යනවද?"


"ඔව් ඌ සමහර දාස්සොලටනං යන්නෑ. මහ ඇට්ටරයෙක්. නංගි නං මොන්ටිසෝරියෙනෙ"


ඉං පස්සේ දවල් දවසෙ ගමේ සමහර පාරවල්වල ඒ මනුස්සය යන එනව කීප දෙනෙක් දැකලා තිබුනා. ටික දවසකට පස්සෙ එයා අනික් පාරවල්වල නොගිහිං එක පාරක් දිගේ විතරක් යන්න පටං ගත්තා. ඒ පාර කෙළවරේ ගෙදර තිබුණු *නිල් මාමලගෙ ගෙදර නැංදා ඇරෙන්න අනික් හැමෝම කිව්වෙ ඒ මනුස්සයට දවල් දවසෙ ඇවිදින්න පිස්සුවක් තියෙනව කියලයි.


*** මාමලගෙ ගෙදර නැන්දත් "පෙජෙට්කාරයෙක්" එක්ක ඉඳල අහුවුනා කියල හදිසි ප්‍රවුත්තියක් ගම හරහා යද්දි *** මාමලගෙ නැංදගෙ දත් දෙකකුත් අඩුවෙලා *** මාමාට බෝඩිං කාරයෙකුත් අඩුවුනා. තවදුරටත් නිහඬව ඉන්න එකේ තේරුමක් නෑ කියල ගමේ ගෑනු ලමයි තේරුං ගත්තා. නියමිත දිග පළලට හැදී වැඩුණු සෑහෙන්න ඉල්ලුමක් තියෙන ගෑනු ළමයි තමුන්ට දැනට ඉන්න "හමුදාවෙ අයියා", "ත්‍රීවිල්ලෙකේ අයියා", "කොළඹ වැඩ කරන අයියා" අතෑරලා ඩෝසරේක වැඩ තරන අයියා කෙනෙක් එක්ක එක්කහු වුනා. ඩෝසරේක පැයක කුලිය රුපියල් දහක් බව දැනගත්තු ගමං ගෙවල්වල අයගෙනුත් තිවුනු අකමැත්ත නැතිවුනා. දත් ඇන්දෙ පරහක් තියෙන, හමේ පාට ටිකක් අඩු, කොණ්ඩෙ දිග අඩු, නැටුං කරලා කකුල් දෙක ඇදවෙච්චි, කකුල්වල කඩි කකුල් වගේ ලොං තියෙන, කෙල්ලන්ට ලැබුනෙ දෙවෙනි තැන. වෙනිං අඩුවක් නැති හංදා ඒ වගේ කෙල්ලන්ට ලොරියක්, කැබ්බෙකක් එහෙම එළවන කෙනෙක් අල්ලගන්න පුළුවං උනා. ඉතුරුවෙලා හිටිය තුංවෙනි මට්ටමේ අයත් අහුවෙච්චි පළවෙනි පොජෙට්කාරයටම හා කිව්වා. 


බැම්ම බැඳල ඉවර උනහං වතුර යහමිං පිරෙන්න කියලා ඩෝසර් වලිං ජාතුවංගොඩ යායෙ වලවල් හෑරුවා. සමහර ඒවයෙ ඉල්ලං මතුවුනා. ඉස්කෝලෙ යන කොල්ලො ඒවා පිටවේල්ලට දාලා ගරාගෙන ගානක් හොයාගත්තා. සමහර ඩෝසර් කාරයොත් එයිං අමතර ගානක් හෙව්වා. ගොයිතැං කරපු කුඹුරු ටිකත් ඉවරයි කියලා අපි හීල්ලුවා. ගඟට වැටෙන දොලපාරවල්වල තැනිං තැන අඩි ගාන ලකුණු කරපු කණු හිටවුනා. එව්වායෙ මුදුනටම පිරුණත් ගමම යටවෙන්නැති බව පෙනිච්ච හිංදා මොකද්දෝ පරහක් තියෙන බව අපිට පේන්න තිබුණා. ඒ වුනාට කාටවත් ඒ ගැන කතා කරන්න ගානක් තිවුනෙ නෑ. 


පෙජෙට්ටෙකේ වැඩ අහවර උනා. සුද්දො පෙජෙට්ටෙක වහනකොට සේරම බඩුමුට්ටු ගිනි තිබ්බලු.


"කොම්පිවුටර් පෙට්ටි, කොම්පිවුටර් ටීවී එහෙම දෝයි ගාල පොලේ ගහල තැලුව"

"මේස, පුටු ගිනිතිබ්බ"


"ගිනිතියපු කඩදහි ගොඩවල්ලොලටම දැම්ම කැලිකිවුලේටර්රෙහෙම"


"කිසිම කෙනෙට්ට ගන්න දුන්නෑ කිසි දෙයක්"


පෙජෙට්ටෙකේ වැඩ කරපු අය කිව්වා.


"ඔය ඇස්සහ කටවා දෝස යන්න වෙන්නැති. ඒකනෙ ඔය කොටහලු ගෙවල්ලොල කලේ බිඳින්නෙත්"

ගුනවද්දන මාමා ඒකට හේතුව කිව්වා.


පෙජෙට්ටෙක විවුර්ත කරන්න ආවෙ "රනිම්මහත්තයා". ඔව් ඒ කියන්නෙ ඔය ඉන්න අගමැත්තුමා තමා.  මිනිස්සුන්ට පෙජෙට්ටෙක බලන්න යන්න අවට හැම ඩිපෝ එහෙකිම්ම ඇති පදං බස් ගෙනැත්දාලා තිවුනා. වෙනදට පැයකට හමාරකට සැරයක් බස් යන පාරෙ විනාඩි පහෙං පහට බස් යන්න පටං ගත්තා. පහලවත්තෙ පෙදීපයයි, මංජුලෙයයි, ගල්කොටුවෙ ආනංදෙයයි, මහෙන්දරයයි මායි පස්දෙනත් පෙජෙට්ටෙක බලන්න යන්න එක්කහු උනා. අපේ ගම යටවෙලා යන මේ වගේ සෝක දිනයක ඒ උස්සවේට මෙහෙම්මම යන්න බැරි බව අපිට කල්පනා උනා. ඒ හංදා අපි අපේ තැම්පතු ධනය එකට එක්කහු කෙරුවා. ඒ එක්කොමත් එක්ක ඝනකම ටියුලිප් කවරෙයක් දීලා මංජුලෙයව ටවුමට ඇරියා. මංජුලෙයා සෑහෙන අරපරිස්සමිං තෝරලා ගනං අඩුම එව්වයෙං පුළුවං තරං ගෙනැත් තිබුනා. මදි පාඩුවට උම්බලකඩ කෑල්ලක්, පොල් බෑයක්, රතුළූණු ගෙඩ්ඩක් එහෙම පෙදීප්ලෑ කුස්සියෙං හොයාගෙන අපි අපේ පිපාසෙ නිමාගත්තා.


මට කෙලිං යන්න පුරුදුවෙන්න කියලා ආනංදෙයා ප්‍රදීපෙයලෑ මිදුලෙ දෑකැත්තක හැඩේ ඉරක් ඇංදා. ඒක දිගේ යන්න ගිහිං මට කකුල් පැටලුනා. අපි හතර දෙනා පාරෙ තියෙන ගස්ගල් වලට පවා හිනාවෙවී මහපාරට ආවා. කොහෙන්දෝ දුර පලාතකිං ආපු බස්සෙහෙක දොරේ එල්ලුනා. පෙජෙට්පාරෙ ඉගිල්ලෙන බස්සෙකේ දොරේ හිටපු අපිට ටයිටැනික් නැවේ හොම්බෙ ඉන්න ජෝඩුවට වඩා පාවෙන ගතියක් දැනුනා. ටිකට් දෙන්න ආපු කොන්දොස්තරට අපෙං සල්ලි ඉල්ලන්න හිත හදාගන්න බැරිවුනා. එයා අපිට කිව්වෙ එක දෙයයි.


"මල්ලිලා ටිකට් නොගත්තට කමහ්නෑ. බස්සෙක පල්ලෙ වැටෙන්නනං එපා"


අපි පෙජෙට්ටෙක බලන්න ගිහිං වැස්සෙ තෙමුණලු. හමුදාවෙ අයට සැලියුට් ගැහුවලු. ආනංදෙයයි මායි ඉවුරක් පල්ලෙත් පැන්නලු. අපේ ගම ගැන ග්‍රාමාභිමානී සිංදුවක් හදලා එතනදිම ගායනා කෙරුවලු. මං පෙජෙට්ටෙක හදපු සුද්දන්ට විරුද්දව ඉංග්‍රීසියෙං කතාවකුත් පැවැත්තුවලු. දහඅට පිරිච්ච ගමං හමුදාවට ගිහිං පුළුවං තරං බෝම්බ ටිකක් ඇරගෙන පනින්න ප්ලෑන් එහෙකුත් ගැහුවලු. ගම යටවෙන්න නොදී බේරගන්න බැම්ම පුපුරුවන්න පුළුවං වෙන්න බෝම්බ තියන්න හොඳ තැනුත් ලකුණු කෙරුවලු.  එදා දවසෙ වෙන මොනව උනාද කියලා කියන්න මං දන්නැති හිංදා අදටත් මට මතක පෙජෙට්ටෙක බලන්න යන්න අපි හතර දෙනා බස්සෙකේ පුට්බෝඩ්ඩෙකට නැගපු හැටි විතරයි.


********************************************************************

අපි බලං හිටියට අපේ ගම යටවුනේ නෑ. ගඟේ වතුර මට්ටම වැඩිවුනා විතරයි. වෙනදට ලා කහ ලාටට ගලන ගඟ දැං අළු පාටයි. සමහර වෙලාවට ගඟේ වතුර ගලනවද කියලා පේන්නෙත් නෑ. ගඟේ වතුර වැඩිවුන හිංදා වැලි ගොඩදාන අයට ටිකක් වැඩ අමාරු උනා. ඒ හිංදා ඒගොල්ලෝ දිග යකඩ බටේකට පනිට්ටුවක් හයි කරලා බෝට්ටුවෙ ඉඳංම වැලි ගොඩදාන ක්‍රමයක් හදාගත්තා. හැබැයි වතුර වැඩිවෙච්ච හිංදා ගඟ දෙපැත්තෙ තියෙන තේ ඉඩං වලට නරක කාලයක් ලැබුවා. වෙනදට වඩා තේ ගස්වල දළු අඩුවුනා. සති ගානක් බලං හිටියට පස්සෙ අපේ ගම යටවෙන්න තරං විසාලෙට පෙජෙට්ටෙක හැදුනෙ නැති බව අපිට තේරුණා. 


පෙජෙට්ටෙකේ වැඩකරපු පිටගංකාරයො යන්න ගියා. *** මාමලගෙ නැංදත් එයිං එක්කෙනෙක් එක්ක පැනල ගියා. **න්ති අක්කා ගුනොවද්දන මාමවයි, හීම්මැණිකෙ නැංදවයි ආපහු මහ ගෙදරටම එලෙව්වා. මහතුං මාමත් ලැලිගේ අතෑරලා තමුංගෙ ගෙදරට ආවා. ඩෝසර්කාරයො, ලොරිකාරයො, අනික් පෙජෙට්කාරයොත් යන්න ගියා. ඒගොල්ලො එක්ක රවුං ගහපු, චිත්තර පටි බලන්න ගියපු, ගෑනු ලමයි ටිකට යන එනමං නැතිවුනා. ඒ ගොල්ලොංගෙං සමහර අය පරණ "හමුදාවෙ අයියා", "කොළඹ වැඩ කරන අයියා" එක්කම ලැහැත්ති වුනා. 


අපේ ගමෙං බිහිවෙච්චි පෙජෙට්කාරයො ටික අතරමං උනා. ගමෙං තුනෙං පංගුවකට වඩා මේසන් බාස්ලා, වඩු බාස්ලා, වෑරිං බාස්ලා, ඩැයිබරලා වෙලා තිබුණා. පෙජෙට්ටෙකෙං හම්බුවෙච්චි දෙයක් ඉතුරුකරගත්තෙ නැති හංදා ආපහු කුලී වැඩට යන්න ඒ අයට සිද්දවුනා. වෙනද තරං පඩියක් හම්බුවෙන්නෙ නැති හංදා ඒකත් මදිවෙච්චි සමහරු පෙජෙට්ටෙකේදි දැනහැඳුනුංකං හදාගත්ත විදියට කොළඹ රස්සාවල් වලට ගියා. මහතුං මාමගෙ බෑන විතරක් තමුන්ට කියල ගෙයක් හදාගෙන තිබුනා. **පාල මාමගෙ බෑනා ඩැයිබර රස්සාවෙං හොයපු සල්ලිවලිං චයිනීස් ලොරියක් ගෙනාවා. 


පුංචම්මගෙ කඩේ වෙළඳාම ආපහු ණය පොතට බැස්සා. වැඩි කලක් නොගිහිං "රොටි කුමාරි" බස්සෙකත් බඩ මැද්දෙං කරකැවෙන පොල්ලත් ඒකට අමුණපු අනික් අවයව ටිකත් කඩාගෙන මහපාර මැද්දෙ හිරවුනා. ඊළඟ සැරේ ඉඳං හමුදාවට බැඳෙන්න ඉන්න පෝලිම හැතැම්මකට වඩා දිගට තිබුණා. "හමුදාකරයින්ට" ආයිමත් ගමේ තැනක් ලැබුනා. 


සුද්දන්ට ඉන්න හදපු ගෙවල්ටික kukuleganga holiday resort බවට පත්වුනා. අපේ ගමේ තිවුනු සුද්දංගෙ ගෙවල්ටික විදුලිබල මණ්ඩලේට ගත්තා. එතනත් විදුලිබල මණ්ඩලේ සංචාරක නිවාසයක් හැදුනා.



කුකුලේගග හොලිඩේ රිසෝට්


අපේ ගමට ප්‍රජට් හන්දිය කියලා අලුතිං හන්දියක් එකතු වුනා. ඒ එක්කම පෙජෙට්ටෙකට යන පාර දිගේ ගම්මානයක් බිහිවුනා.

පෙජෙට් හංදිය



පෙජෙට්පාරෙ අග හරිය දැනටත් පාලුයි. ඒ හංදා අපේ ගමේ අය ටීවිල් පදින්න, වාහන පදින්න පුරුදු වෙන්නෙ ඒ පාරෙ. ගමෙං වහංවෙලා අඩියක් ගහන්න ඕනි උනාමත් අවශ්‍ය අඩුම කුඩුම ටීවිල්ලෙහෙක පටවං යන්නෙ පෙජෙට්පාරෙ ඉංදොල හරියට. චිත්තරපටි හෝල් එහෙකට, කාමරේකට යන්න බැරි පෙම්වතුන් ජෝඩු හදිසි කටයුතුවලට යන්නෙත් ඒ හරියට. ගමේ වෙන කොතනකවත් නැති නිදහසක් එතන තියෙනවා.


පෙජෙට්ටෙකේ නෂ්ටාවසේස විදිහට ඉතුරුවෙලා තිබුණු කහපාට ඉටි තොප්පියක් කාලයක් අපේ ආතා තියාගෙන හිටියෙ කැරෑ මණ්ඩියෙ පුවක් ගාලෙ පුවක් එක්කහු කරන්න. දැං ඒ තොප්පියවත්, ආතවත් නෑ. ප්‍රෙජෙට්ටෙක හැදෙන කාලෙ ඉපදිච්චි කිරිදරුවො දැං ඉස්කෝලෙ ඉහල පංතිවල.


තව කාලයක් ගියත් පෙජෙට් හංදිය තියෙයි. මහපාලම හදපු විදිහ ගැන ගුණවර්ධන මාමා කයිවාරු කියනව වගේ අපිත් වයසට ගිය කාලෙක පෙජෙට්ටෙක ගැන කයිවාරු ගහයි.

76 comments:

  1. //තව කාලයක් ගියත් පෙජෙට් හංදිය තියෙයි. මහපාලම හදපු විදිහ ගැන ගුණවර්ධන මාමා කයිවාරු කියනව වගේ අපිත් වයසට ගිය කාලෙක පෙජෙට්ටෙක ගැන කයිවාරු ගහයි// උඹේ මුළු කතාවම මෙතන තියනවා කියලයි මට හිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. අතීතේ හැඳිගානකොට විසිවෙන පෙනකැටි වලට අපි කවුරුත් ආසයි.

      Delete
  2. ගම් පෙරලිය,කලි යුගය,යුගාන්තය තුනම එකපාර කියෙව්ව වගේ

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නෙ ඔයිරෙරරරරරරරරරරරරරරරරරරරරරර
      දැක්කද අපේ තල් සූකිරියා කොමෙන්ටෙකක් දැම්මා බලල් අණ්ඩ කෆඍ කී බෝඩ්ඩෙක උඩ තියල.

      Delete
  3. //මනුස්සයෙක්ට යමක් ලැබෙන්න ඕනැත් ඒ විදිහට කාලයක් ගතවෙලා හීංසැරේ ඩිංගෙං ඩිංග. එතකොට තමයි තමුන්ට ලැබෙන දේක අගයක් තියෙන්නේ. නැත්තං ඉස්පෙක්ටර් ලකී අහසට වෙඩි තිබ්බම පොල් වැටෙනව වගේ එක පාරිං ලැබෙන දේ දරාගන්න අමාරුයි. ඒකෙ අගෙත් ටික දවසකිං නැතිවෙලා යනව.//නියම කතාව. අද කාලේ ගොඩ දෙනෙක් දවසින් දෙකෙන් දියුණු වෙන්න බලන අයනේ. ඔය පොජෙට් කාරයෝ වගේම එක පාර උඩ ගිහිං ඩෝං ගාලා බිම වැටෙන අය බිහිවෙන හැටි අපිත් දැකලා තියෙනවා. විශේෂ යෙන් ඔය වැට් වංචා වාරාන් මගඩි, කුඩු වතුර වෙලඳාම් වගේ දෙවල් වලින් ගොඩ ගන ගිය අය එහෙම

    ReplyDelete
    Replies
    1. ටෙබයව
      ඒකත් අපේ තලේගෙ කොමෙන්ටෙකක්

      Delete
  4. //මනුස්සයෙක්ට යමක් ලැබෙන්න ඕනැත් ඒ විදිහට කාලයක් ගතවෙලා හීංසැරේ ඩිංගෙං ඩිංග. එතකොට තමයි තමුන්ට ලැබෙන දේක අගයක් තියෙන්නේ. නැත්තං ඉස්පෙක්ටර් ලකී අහසට වෙඩි තිබ්බම පොල් වැටෙනව වගේ එක පාරිං ලැබෙන දේ දරාගන්න අමාරුයි. ඒකෙ අගෙත් ටික දවසකිං නැතිවෙලා යනව.//නියම කතාව. අද කාලේ ගොඩ දෙනෙක් දවසින් දෙකෙන් දියුණු වෙන්න බලන අයනේ. ඔය පොජෙට් කාරයෝ වගේම එක පාර උඩ ගිහිං ඩෝං ගාලා බිම වැටෙන අය බිහිවෙන හැටි අපිත් දැකලා තියෙනවා. විශේෂ යෙන් ඔය වැට් වංචා වගෙ මගඩි වැඩ , කුඩු ගිනි වතුර වෙලඳාම් වගේ දේවල් වලින් ගොඩ යන්න ගිය අය එහෙම

    ReplyDelete
    Replies
    1. ඒකයි මං කිව්වෙ මිනිස්සුන්ට යමක් ලැබෙන්න ඕනි ගහෙං ගෙඩි එන්නා වගෙයි කියලා.

      Delete
  5. මතුවෙච්ච ඉල්ලංවලින් කවුරුත් ගොඩ ගියේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඉල්ලං ගොඩ ආවා. සමහරු ටිකක් ගැරුවා. යන්තර සූත්තර එක්ක හැප්පිලා දිනන්න මිනිස්සුන්ට බැරි උනා.

      Delete
  6. //මහපාලම හදපු විදිහ ගැන ගුණවර්ධන මාමා කයිවාරු කියනව වගේ අපිත් වයසට ගිය කාලෙක පෙජෙට්ටෙක ගැන කයිවාරු ගහයි//
    ඕකනන් ඉතිං දැනුත් කරන එකනේ බං ...

    ReplyDelete
    Replies
    1. හැබෑට ඇත්ත නේන්නං

      Delete
  7. අඩෝ..... කෝ සබාපතියා ?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මූ මේ මගුල පෝය දවසෙ දාලනෙ. පෝය දවස පොළ දවසක් නොවුනොත් අපි නිවාඩු.

      Delete
    3. උබ නෙලුම් යයට එනවෙයි

      Delete
    4. ටෙක් සයුරා ඇවිල්ල කතා කළා. බලමු ට්‍රයි එකක් දීල.

      Delete
    5. වරෙං අයියා. එතකොට ටෙත් මලයගෙ අම්මට පුළුවං උඹේ අතේ උගෙ සූප්පු බෝතලේ, මල් කුඩේ, නැපි, සාලු ආදිය එවලා ගෙදෙට්ට වෙලා ඉන්න.

      Delete
  8. අඩේ සුරංගයෝ. මේ ප්‍රොජෙක්ට් සීරිස් එකනම් පට්ටම රහයි. ෆුල් ආතල්.

    තව සීරිස් එකක් පටන්ගනීන් වෙලාව තිබ්බහම.(ලියන මිනිස්සුනේ දන්නෙ බ්ලොග් ලියන්න ගියහම වෙලාව හොයාගන්න තියෙන අමාරුව)

    👊🏽👊🏽👊🏽👍🏽👍🏽👍🏽

    ReplyDelete
    Replies
    1. එහෙමයි ටික්කා. බොගෙ බ්ලොග් එකේ පාර කියංකො. මෙතන ගෙනැත් එල්ලන්න කිව්වා.

      Delete
    2. මෙන්න මගේ බොගට යන පාර සුරංග යෝ..!!

      https://tikikatha.blogspot.co.uk

      ස්තූතියි ..!!

      👊🏽👊🏽

      Delete
    3. මම උබට කිව්වේ ටික්කගේ බ්ලොග් එක එල්ල ගන්න කියලා

      Delete
    4. ස්තුතියි මෙන්ඩෝ.. රොම්බ තෑන්ක්ස්. ඕකට කියන්නේ අපි වෙනුවෙන් අපි කියලාය හිටං 👊🏽

      Delete
  9. අපූරුයි ශ්‍රංග... හාස්‍යයට එහා ගිහිපු අපූරු සමාජ දැක්මක් උඹේ ලිවිල්ලේ තියනවා... ජයවේවා මචං

    ReplyDelete
    Replies
    1. එව්වා හැවෝටම පේන්නෑ.

      Delete
  10. සුරං අයියේ කතාව නම් අති විශිෂ්ඨයි.. ආයෙ කතන්දර නෑ සුපිරියි! ෂර්/ලොක් හෝම්ස් ගෙ නව කතා කියෝනකොට වගේ මේ කතා කියන කොට ඒ දේවල් හරි අපූරුවට හිතේ ඇ‍ඳෙනවා. තමං විඳපු අත්දැකීම් ඒ විදියටම අනිත් අයට දැන්නෙන ලියන්න හැකියාවක් උබට තියෙනවා අයියේ. ජය වේවා!
    (මතක ඇතුව, කටවහ ඇස්වහ යන්න කොම්පීටරේ පෙට්ටිය පොලොවෙ ගහන්න!! ;) )

    ReplyDelete
    Replies
    1. පරණ එකක් තියෙනව. ගහන්ඩෝනැ පොලොවෙ

      Delete
  11. මරු බං උඹේ ප්‍රො‍ජෙට්ටෙක. මොනව උනත් එක පාරම හිටගන්න එවුවො ඇදගෙන වැටෙන්නත් ඒ තරං කාලයක් යන්නෑ කියන එක පැහැදිලි කාරණයක් තමයි.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ කතාවක් තියෙයි. පැමිලි සෙන්සර් සිප්පෙක බලල ලියන්න ඕනැ.

      Delete
  12. //ඒකෙ තිත හැටියට කඩේ ලැල්ලට අල්ලෙං පාරකුත් ගහලයි.// හැක්... ඒක මරු කතාව.

    ReplyDelete
    Replies
    1. ඒක ඇවිල්ල දේසපාලන රැස්සීං බලල අපේ අයයබව පුරුදු වෙච්චි එකක්.

      Delete
  13. //මහපාලම හදපු විදිහ ගැන ගුණවර්ධන මාමා කයිවාරු කියනව වගේ අපිත් වයසට ගිය කාලෙක පෙජෙට්ටෙක ගැන කයිවාරු ගහයි.// ගුණොවර්ධන මාමගෙ කාලෙ බ්ලොග් කියල ජාතියක් තිබුණෙ නැති උනාට සුරංගයගෙ කාලෙ එහෙම ජාතියක් තියෙන හින්ද මිනිහට වයසට යන්න කලින්ම පොජෙට්ටෙක ගැන කයිවාරුව ජාත්‍යන්තරේටම ගහල දාන්න පුලුවං උනාලු.

    ReplyDelete
    Replies
    1. ජාතියන්තරේ මොනව හිතයිද දන්නෑ නේද?

      Delete
  14. අනික උඹල සෙට්ටෙක පො‍ජෙට්ටෙක බලන්න යන්න කලින් මොනවද පාවිච්චි කළේ.

    ReplyDelete
    Replies
    1. ඕන්න මූට තියෙන ප්‍රශ්ණෙ... සුරං අයියා දෙන්නකෝ උත්තර..
      හැක්!

      Delete
    2. මතක විදිහට නං හිඟුරාන.තඤඤඤඤඤඤඤඤඤඤ/
      මේ තලෙයත් එක්ක බෑ මේ වැඩේ. අද මහෙන්ද්‍රයට ඒ ගැන තවත් විස්තරයක් මතක තිවිල බුකියෙ දාලා තිවුන මෙන්න මෙහෙම.
      Matat matakai macho botale hanganna mudiya wahala dolata demma eka pawevi tibuna gamatama penna.

      ආං එහෙමයි අපි යමක් හැංගුවොත් ඒක නොපෙනෙන්නෙ අපිට විතරයි.

      Delete
    3. යකෝ හිඟුරාන ගහනවට වැඩිය හොඳයි උඹල ගමේ බඩුම ගැහුවනං.

      Delete
  15. මට මේක කියෙව්වම මතක් වෙන්නේ අලුතින් වතුර පුරවන මොරගහකන්ද ජලාශය.හප්පේ ඉතින් අර කළු ටියුලිප් එකේ ගෙනාව බීම....? ඒකත් ඔය පෙජෙට් එකේ අතුරු ඵලයක්ද මලේ.

    ReplyDelete
    Replies
    1. එව්වා ඇවිල්ලා මගේ සිස්සත්වෙ සල්ලි, අනික් එවුංගෙ පන්ති සල්ලි එහෙම වියදං කරලා ගෙනා ජාතියක්. ඒකාලෙ ඉතිං දන්නැද්ද?

      Delete
  16. දුකයි මචෝ...හිස් අහසට පස්සේ දැකපු උබටම අවේනික උන ලියවිල්ලක්

    ReplyDelete
    Replies
    1. සඳරුවට වෙච්චි දේ හොයන්නම වෙනවා. ඌ නැති පාඩුව මකන්න කාටවත් බෑ. වැදගත්ම දේ ඌ ලියන වචනෙක එක අකුරක්වත් අඩු නෑ. අක්ෂර වින්‍යාසෙ තිතටම තියෙනවා. ඒ හංදා සඳරුවෙක් ආයි හදන්න බෑ, ඌ ම එන්න ඕනි.

      Delete
    2. අක්ෂර වින්‍යාසෙ /////////
      අල්ලලා දාපන් ....උබගේ මේ හැඩය ක්‍රමය එල ද බ්‍රා

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. බොට තන වෙනුවට තණ වලටම මහන්න ලැබේවා

      Delete
  17. කතාවට වඩා උබේ ලිවිල්ල මාරු...මේ පාරත් සම්මානයක් ලැබෙයි නේ..

    ReplyDelete
    Replies
    1. සම්මානයක් කෙසේ වෙතත් නෑගං කීපයක් යන්නත් එක්ක එන්න තමයි අදහස. බලමුකෝ. සම්මාන ලබන්න නං සුදුස්සො තවත් එමටම ඉන්නවනෙ.

      Delete
  18. Replies
    1. ඒ දුක සෙනග ගොඩක් ඉඳලා එක පාරටම නැති වුනාම දැනෙන පාළුව නේද?

      Delete
  19. හිතට පාළුවක් කාන්සියක් දුකක් මේ හැම එකක්ම දැනුනා බං මේක කියවලා...
    ඒ දවස්වල උඹලගේ විතරක් නෙමෙයි අපේ ගං පවා පිරිලා තිබ්බ ඒ "පිරිච්ච හිස්කම" අද හිතට ගේන්නේ අමුතු හැඟීමක්...
    මොනවා උනත් උඹේ ලිවිල්ල නම් පට්ට...

    ReplyDelete
    Replies
    1. අද පොජෙට්පාර දිහා බලපුවම ඒ හැඟීම නිකම්ම දැනෙනවා. වෙනද පාරෙං බාගයයි. පාර වහගෙන කැලේ.

      Delete
  20. විමලසේන මාමලගෙ දෑතෙ වීරියෙන් හැදුන පෙජෙට්ටෙක...ගමේ මිනිස්සුන්ගෙ ගුණ යහපත්කම්..කුඩුකේඩුකම්..ගඟ පතුලෙ හන්ගගෙන ඉන්න කුකුලෙගඟ පෙජෙට්ටෙක....අපූරු කතාව සුර0ග...

    ReplyDelete
  21. kukuleganga resort එකට හැරෙන හරියෙද සුරංගගෙ ගම තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. නෑ. ඒයිටත් ඒහා. සබරගමුවට අයිති ෙකාටෙස.

      Delete
  22. Replies
    1. ග්ලිසරිං දාල වෙන්නැති.

      Delete
    2. සබාවෙන් අවසරයි... පොඩි ඇඩ් එකක් දාන්ටයි කියල හිටං ආවෙ... මේන්න මේ බ්ලොග් එක ඉංග්‍රීසි සාහිත්‍යය ඉගෙන ගන්න එවුං වෙනුවෙන්මයි...
      https://sinhalenlit.blogspot.com/
      ස්දූදියි... ජයින් ජයම වීවා

      Delete
  23. සබාවෙන් අවසරයි... පොඩි ඇඩ් එකක් දාන්ටයි කියල හිටං ආවෙ... මේන්න මේ බ්ලොග් එක ඉංග්‍රීසි සාහිත්‍යය ඉගෙන ගන්න එවුං වෙනුවෙන්මයි...
    https://sinhalenlit.blogspot.com/
    ස්දූදියි... ජයින් ජයම වීවා

    ReplyDelete
  24. Mamath mee project handiya pahukaragena nitharama yanawa...eeth mechchara lassana kathawak thiyenabawa danne naa,,, elama ela

    ReplyDelete
  25. "වගේ අය ටවුමට ගිහිං ආපහු ආවෙ බඩු පුරවපු තීවිල්ලෙහෙක බිම දාපු හාල් මිටිය උඩ කකුල් තියාගෙන."
    සල්ලි ලැබුනහම මිනිස්සු කොච්චර වෙනස් වෙනවද බං. ඉස්සර අපේ ගම වල මිනිස්සු හාල් ඇටයක්වත් පෑගෙන්න දුන්නෙ නෑ.

    කතාව කියවල ඉවරවෙද්දි හීං දුකකුත් දැනුන. ඇයි කියල කියන්න තේරෙන්නෙ නෑ බං.

    ReplyDelete
  26. https://www.google.lk/maps/@6.5328057,80.3485678,3a,17.1y,143.69h,85.49t/data=!3m6!1e1!3m4!1s_DhJdewmmd53fDoDiceJkw!2e0!7i13312!8i6656?hl=en

    ReplyDelete
    Replies
    1. ඔය සුරංගයගෙ පුංචම්මගෙ කඩේ තමයි. එතන නවත්තල තියෙන සනිය සුරංගයගෙ වෙන්න ඇති.

      Delete
  27. ඒ පොරෙට්ටෙක ඉවරනං දැං තවේකක් පටං ගනිං.

    ReplyDelete
  28. අද ආවෙ මෙ පැත්තෙ. කදිමයි.සුබ පතමි. මේ යතාර්ථය නෙ?

    ReplyDelete
  29. උඹ බොහොම සැහැල්ලුවට විහිළුවෙන් තහළුවෙන් දෙසා බාන කතන්දර අස්සේ ගම ගැන වගේම ඒ වෙනස්වීම් අපූරුවට හැංගිලා තියනව. මං දකින අනික් කාරණය තමා පරම්පරා ගැටුම සහ අදහස් වල තියන පරතරය උඹ වැඩිදුර නොහිතාම මතු කරන එක.

    ReplyDelete
  30. ක්‍රෙඩිට් කාර්ඩ් වලට බඩු ගන්න ත්‍රීවීල් එකේ හැතැප්ම 10ක් ගිය පවුලක් දැන් 49 වැදිලා ඉන්නවා දන්නවා. වියදම් කරන එක නෙවේ හපන්කම ඉතුරු කරන එකයි. ඔය කොටි ගනන් හොයන රේගු මහත්වරු යන්නේ කෝච්චියේ. ඉන්නේ දුකසේ....හුකෑස්

    ReplyDelete
  31. ඉඩත් තිවුන්නැති නිසා අදයි කියෙව්වේ... මරු ...

    ReplyDelete
  32. අඩේ සුරන්ගයා මරු බන් සීන් එක ලස්සනටම ලියල ඔය ප්‍රොජෙට් හන්දියෙන් ඇතුලට යද්දි තමයි අපේ නෑදෑකට්ටිය ඉන්නෙත් මමත් ලිවුව කුකුලෙ ගැන කතාවක් කියෝපන් වෙලාවක ආපහු ඔය පැත්තෙ එනකොට සම්බන්ද කරගන්නම් උබව

    ReplyDelete