එක්තරා ගහක්
ගැනයි අද කියන්න හදන්නෙ. මේ ගහට පුළුවන් ඕනෑම තරාතිරමක ලොක්කෙක්, සල්ලිකාරයෙක්
තමුංගෙ පාමුලට, වන ලැහැබකට, කටුමැටි පැළකට ගෙන්නන්න. එහෙනං දන්න අය කියමු බලන්න
මොකද්ද මේ ගහා....ආ..
ආ. දන්නෑ නේද.
මේ තමයි කිතුල් ගහ. මේක තාල වර්ගයට අයිති ගහක්. තාල වර්ගයට කියන්නෙ ‘තාල ඇල්ලීමට‘
උදව් උපකාර කරන ද්‍රව්‍ය ලබාදෙන ගස්. කිතුල්, තල්, පොල් ආදී කොයි ගහෙනුත් ඔය
විදිහට තාල විතරක් නෙවෙයි අඩව් කස්තිරං උනත් අල්ලන්න වරං දෙන ජාති දෙනව කියල
දන්නවනෙ. ආ. ඔව් තාල වර්ගයෙ ගහක් උනාට පුවක් ගහෙං එහෙම එව්ව එන්නෑ තමා. ඒකට කමක් නෑ.
ඒකත් තාල වර්ගෙ තමයි.
අපේ ගමෙත්
කිතුල් කර්මාන්තෙ කරන්න දන්න කීප දෙනාගෙං කෙනෙක් තමයි මගෙ පියා කියල සාඩම්බරයෙං
කියන්න පුළුවං. කිතුල් මලක් දැකල නැති අයට කිතුල් මලක් පෙන්නන්න නං හැටියක් නෑ
තමයි. ඒ උනාට හිතාගන්නකො පොල්මලේ එක්ස්ට්‍රා ලාජ් එක කියල. හොඳා, දැං මං විස්තර
කරන්නෙ කිතුල් ගහේ මලක් පීදීමෙ ඉඳල එයිං අග්‍ර ඵලය ලබාගන්නා තෙක් ක්‍රියාවලිය මං
දැකල තියෙන ආකාරයට.
තමුන්ට අයිති
කිතුල් ගහක මලක් පීදිල තිවුනොත් මුලිංම කරන්න ඕනි ඒක ඇස්වහකාරයන්ගෙන වහං කරන එක. ඒ
පැත්තට කාටවත් යන්න ඕනැ නොවෙන විදිහට වැඩ සිද්ද කරන්න ඕන. ඉං පස්සෙ ගෙදර ඇවිත්
තමුංගෙ ඇඹේනියට විතරක් මේ ගැන කියන්න ඕන.
“තමිසෙ
දැක්කද අර දොලෙං එගොඩහ පිල්ලෑවෙ ගහේ මලක් පීදිල තියෙනව“
“ඥෑ
මං දැක්කෙ නෑ“
“ආ
එහෙනං කමහ්නෑ. තමිසෙ ඔය ගෑනු එක්ක කයිවාරුගහනකොට කියවනව එහෙම නෙමෙයි ඒ ගැන“
“අනෙ
මං කියන එකහ්නෑ. තමුසෙට ඕනි බම්බුවක් ගහගන්නව“
“බම්බුවක්
නෙමෙයි. තමිසෙ දොලෙං නාල ඒ පැත්ත බලං කොණ්ඩෙ එහෙම ගසනව නෙමෙයි තේරුනාද“
ආං ඒ ආදී වසයෙං
සුහද කතා බහක යෙදුනයිං පස්සෙ, කම්මලේ වැඩිය පිරිසක් නැති වෙලාවක් බලල කම්මලට යන්න
ඕන. ඒ ගිහිං කම්මලේ බාස්ව පැත්තකට අඬගහල රහසිං මෙන්න මෙහෙම කියන්න ඕනා.
“පොඩි
වැඩක් තියෙනව. එකක් හරිගිහිල්ල තියෙන්නෙ. මල් පිහියා පොඩ්ඩක් හදල දෙනවකො.“
“හා..රි
හරි හරි හරි. මං වැඩේ කල්ල තියන්නං. තමුසෙ අනිද්ද හවස ඇඳිරි වැටෙනකොට එනවකො“
ආන්න එහෙමයි
කම්මලෙං රහසිගත ආවුද වන මල්පිහි, උල්පිහි, කඩු, තුවක්කු ආදිය හදවගන්නෙ සහ ගනුදෙනු
කරන්නෙ. ඔය විදිහට පලවෙනි ගැනුං කාරය විදිහට කම්මල් බාස් එකතුවෙනව. අදාල දවසෙ
හැන්දෑවෙ කම්මලට ගියහම මල්පිහිය නොමිලෙ ලැබෙනව. මල හරිගියහම කම්මල් බාස්ට රා
නොමිලෙ ලැබෙනව.
ඒ එක්කම හැර
බඳින්න ඕනි. හැර බඳින ක්‍රම දෙකක් තියෙනව. එකක් තමයි උණ ගහක් අරගෙන ඒකෙ පුරුක්
වෙන්වෙන තැන්වලින් ලියලලා තියෙන අතුවල අඟල දෙකක විතර කොටසක් ඉතුරුවෙන්න කපල
හදාගන්න උණ ලීයක් භාවිත කිරීම. සමහර වෙලාවට ඔය විදිහෙ උණගහක් කර තියාගෙන එනව
දැක්කොත් ඉව තියෙන කෙනෙක් කෙලිංම අහනව
“මලක්කත්
හදන්නද?“
කියල. ඒ වෙලාවට
“නැහ්
මේ ගෙයි පිලිකන්නෙං මඩුවක් හදන්න“
වගේ බොරුවක්
කියල අර පුද්ගලයට නොපෙනෙන්න තුහ් තුහ් තුහ් කියල කෙල ගහන්න ඕන.
ඔය කියන උණගහ
කිතුල් ගහට හේත්තුවෙන්න තියල අඩි දෙකෙං දෙකට විතර පරතරේකිං වැල් වලිං ගහට තියල
බඳිනව. එතෙනදි ඒ උනගහ දිග මදිනං ඒකටම තියල තව උනගහක් ගැටගහනව. ඒ උණගහේ ඉතුරු කරපු
අතු රිකිලි කෑලි වලට අඩිය තියල තමයි ගහට නගින්නෙ. ඒ විදිහටම වෙනත් ලීයක් වුනත් ගහට
තියල බැඳල හැර හදාගන්න පුලුවං. එතෙනදි අඩිය තියන්නෙ ගහට ලීය තියල බඳින වැල්පටට.
සමහර අය හොරෙං රා මුට්ටිය බෑම වැලැක්වීමට තමුං ගහෙං බැස්සට පස්සෙ හැරේ පහලට තියෙන
උණලීය ගලවල හංගනව.
ආ. ඔව්
මුට්ටියකුත් ඕනි. ඒ මුට්ටියෙ ගැට්ට වටේටත්, ගැට්ටෙ එක කොනක ඉඳල මුට්ටියෙ යටි පැත්ත
ඔස්සේ අනෙක් කොනටත් ආදී වසයෙනුත් වැල් වලිං වැර ගන්වල ඒ වැල් වලින්ම මුට්ටිය
එල්ලන්න අණ්ඩකුත් හදනව. ඔය විදිහට මුට්ටි දෙකක් නැත්තං තුනක් හදාගන්න ඕන.
ඉං පස්සෙ
එළඹෙන්නෙ මල හදන කාලෙ. ඒ කාලෙටත් අර වගේමයි. රහසිගතව තමයි හැමදේම කරන්නෙ. කිතුල
ගාවට යන පාරවත් පාදන්නෙ නෑ. කැලේටම තියෙන්න අරිනව. මල හදනව කියන්නෙ මල වටේට තියෙන
කොලපත අයිං කරල,මල තලල ඒකට බෙහෙත් තියල අව්ව වැටෙන්න තියන එකටයි. අවාසනාවකට ඔය
කෙරුවාව මට දකින්නවත්, දැනගන්නවත් විදිහක් උනේ නෑ. ඒ හිංදා වැඩි විස්තර කියන්න
හැටියක් නෑ. කිතුල් මලක් ඇරවන්න කෙම්ක්‍රම ගණනාවක් තියෙනව. ඒ උනාට එව්ව කරන්න
නාකයිලු. එහෙම කරල මලක් ඇරෙව්වොත් මතු ආත්මෙක දෙයියෙක් උනත් පැණිරහ කන්න වාසනාව
නැතිවෙනවලු.
කොහොමිං හරි මල
හදල ඉවර වෙලා මල කපන්න දවස් කීපයක් යනව. ඒ කාලෙ ඇතුලත දර ටිකක් පලල දාගන්න එක,
ලොකු තාච්චියක් හොයාගන්න එක, පොල්කටු ටිකක් සුද්ද කරගන්න එක ආදිය වටිනව.
ඔය විදිහට මල
කපන්න පටං ගන්නව කියමුකො. ඒත් එක පාරටම මලෙං මොකුත් ලැබෙන්නෑ. දවස් කීපයක් මල
කපනකොට තමයි යංතං කඳුල වැටෙන්න පටං ගන්නෙ. සමහර මල් හරියට හදාගන්න බැරි උනොත් මල
ඇරෙනව. එහෙම උනොත් වැඩේ අහවරයි. අපරාදෙ මහන්සිය. මල හරිගියොත් දවස් කීපෙකිං බෝතලේ
දෙක වැඩිවෙලා මුට්ටිය පිරෙන්න බඩු හම්බෙනව. සමහර මල් දවසට තුංවේල කපනව. තවත් සමහර
එව්ව දෙවේල කපනව. ඒක මලේ හැටි හැටියට තමයි. හැබැයි මේක කොටි වලිගෙ වගේ තමයි. වේලක්
දෙවේලක් වැඩේ අමතක වුනොත් ආයි කඳුල අඩුවෙනව සුරුස් ගාල. ඒ හිංද මල කපන කෙනාට දවස්
ගනං ගමෙං පිට ගිහිං ඉන්න, හුඟක් දුර ගමං බිමං යන්න එහෙම බැරි වෙනව. සමහර වෙලාවටනං
වෙනිං කෙනෙක්ට වැඩේ බාර දීල යනව. ඒක සමහර විට මල ඇරීයාමට අතවැනීමක් වෙන්න පුලුවං.
මලෙං පැණි
හකුරු හදනවනං ගන්නෙ ‘තෙල්දිය‘ විතරයි. ඒකට තමයි තාච්චි, පොල්කටු, හැඳි ආදිය ඕන
වෙන්නෙ. මුලිංම රාහුකාලෙ පන්නල හොඳ වෙලාවක් බලල තමයි තාච්චිය ලිප තියන්නෙ. තෙල්දිය
උණු කරල එයිං පැණි හැදෙන්න පැය හය හතක් යනව. ඒකට ලොකු දර කොටං එහෙමත් ඕනැ වෙනව. ඔය
හිංද තමයි කලින්ම කිව්වෙ මල හරියනකං දර ටිකක් එහෙම පලාගන්න කියල. තෙල්දිය උණු
කිරීම සහ හකුරු හැඳිගෑම ආදී කටයුතු ගෙදර වනිතාවට තමයි අයිති. තෙල්දිය හැලිය විසාල
තාච්චියකට වක්කරල ලිපේ තියල තදින් ගින්දර දාල හැඳිගාන්න ඕන. පැයගානක් තිස්සේ ඒක හැඳිගාල
පන යන්න කිට්ටු වෙනකොට පැණි ටික හැදෙනව. ඒ පැණි බෝතල් වල දාල තියාගන්නව. හැබැයි
ගොඩක් කල් තියාගත්තොත් බෝතලේ පතුලෙ ‘වැලි හකුරු‘ හැදෙනව. ඒක සූකිරි කැට වගේ දෙයක්.
පැණි හරියි
කියමුකො. එතකොට හකුරු? හකුරු හදන්නෙ පැණි උණුකරල. අර තෙල්දිය උනු කරාපු හැටියටම තව
ටිකක් ඝණකම් වෙනකං උණුකරල ඒක දියර තත්වයෙන් උණුවෙන්ම කලිං සුද්ද කරල තියා ගත්තු
පොල්කටු වලට වක්කරනව. ඒ ද්‍රාවණය නිවුනම හකුරු ඇස්සක් හැදෙනව. එහෙම හදාගත්තු හකුරු
ඇසි දෙක ගානෙ මූනට මූනලා තියල කෙහෙල් කොළ හෝ කැන්දකොල වල එතුවහම ඇසුරුම් කිරීම
සම්පූර්ණයි.
හැබැයි, මෙහෙම
කොහෙවත් හකුරු හැදීමක් දැං කාලෙ කෙරෙන්නෙ නෑ. මං දන්න හැම එකාම කරන්නෙ සීනි
පැණිවලට අනුපානෙට වගේ පැණි බෝතලා දෙක තුනක් කලවං කරල ‘කිතුල් හකුරු‘ කියන නාමය ඒවට
ගාගන්න එක විතරයි. අනික නියම කිතුල් හකුරු ටිකක් තිත්ත රහයි. මට හිතෙන හැටියට නං
නියම කිතුල් හකුරු මුලක් රුපියල් දාහටවත් දෙන්න වෙනව ලාබෙයක් ගන්නනං.
ඔය කොයික කලත්
‘මල් පැං පොදක්‘ හදා ගන්න එක අමතක කරන්න නාකයි. ඒකට ගෙදර උන්දැගෙං අවසර ගන්නෙ
මෙහෙමයි.
“කම්මල්කාරෙයට
සා ටිකක් දෙන්න හදාගන්න ඕන. ඒ යකා පිහියත් නිකංනෙ හදා දුන්නෙ.“
“ආ.
ඒක පටං ගත්තොත් නං කෙරිල තියෙයි.“
“තමිසෙ
කෑ නොගහ ඉන්නව. මං ඒක බලාගන්නං“
“මොකබ්බලාගන්නද?
මෙතන හැතිකරේ පිරුනහං හවසට“
ඒ මොනව උනත්
‘සා‘ හදනවමයි. ඒකට ඕනැ මණ්ඩි ටිකක්. ඒක ඉල්ලගන්නෙ තවත් හිතවත් ‘මල් කපන්නෙක්ගෙං‘ ඒ
මණ්ඩි ටික මුට්ටියට දාල උදේට මල කපල ගහෙං එල්ලුවනං හවස් වෙනකං බිංදුවෙං බිංදුව
පැහෙනව. හැන්දෑවට නියම ගාන. හවසට එල්ලන මුට්ටියෙ මණ්ඩි දාන්නෑ. ඒකෙං පැණි හදන්න
විතරයි ගන්නෙ. අනික උදේට රා බොන්නෙ මොකාද?
පළවෙනි දවසෙ
එන්නෙ කම්මලේ බාස් විතරක් උනාට කම්මලට එන අයත්, ඒ අයගෙ අඳුරන අයත්, ආරංචිය අහපු
අයත්, සුවඳ දැනිච්චි අයත්, සෙනග මේ තරං හවහට මෙහෙට ඇදෙන්නෙ මොකටදැයි හොයාගෙන ආපු
රහස් පරීක්ෂකයොත් ආදී වසයෙං දිනෙං දින ‘තනි අකුරට‘ ඇදෙන්නො වැඩි වෙනව. ඒ අතරෙ
සමහරු වෙනදට මගදි දැක්කත් කතා නොකරන අය. තවත් සමහරු පරණ දැන ඇඳුනුංකං හිටං කියාගෙන
එනව. අන්තිමට හැන්දෑවට ගේ ගාව වාහන පෝලිං හැදෙනව. ගෙදර ළමයින්ට ටොපි චොකලට් වැහි
වහිනව. විස්කෝතු පෙට්ටි, කේක් පෙට්ටි ගෙදර අට්ටි ගැහෙනව. ‘සා‘ සල්ලිවලට නොදීම
සිරිතක් වුනත් සමහරු සල්ලි දීලත් යනව.
‘සා‘ බීමේ
සිරිතක් තියෙනව. ඒ තමයි කිතුල් මලේ අයිතිකාරය මුලිංම ඩිංගක් බීම. ඒකට හේතුව තමයි
තරහකාරයන්ට ‘සා‘ වලට දමා වහ දීමේ ඇති අවදානම. ඒ විදිහට ‘සා‘ වලට නයි පෙන හෝ කබර
තෙල් දාලා දීලා මැරිච්ච මිනිස්සු ගැන කතන්දර ගංගොඩවල තවමත් තියෙනව. ඉතිං අයිතිකාරය
‘සා‘ පොල්කට්ටක් බීල “තුක්“ කියල අනික් අයටත් බොන්න දෙනව. බල්ලන්ට ගහන එව්ව වගේ
නෙමෙයි එක හුස්මට බීගන්න පුලුවං හිංද ‘සා‘ බොන්නෙ ලොකු වතුර වීදුරු හරි පොල්කටු වල
හරි විතරයි. සමහරු නං උම්බලකඩ හෝ ලුණු කැටයක් අනුපානෙට ගන්නව. ‘සා‘ බිව්වට පස්සෙ
එතන ‘ටැග්ගැහිගැහි‘ කයිවාරු ගහන්න තහනං. ඒ පොලිසිය පැනීමේ අවදානම හිංදයි. එහෙම
පිටත්වෙලා යන අය සුළඟට වැනෙන සුළු තාල වර්ගයේ මිනිසුන් බවට පත්වෙන්නෙ ටික දුරක්
ගියාට පස්සෙයි. ඒ අතරිං කලාතුරකිං කෙනෙක් නිවසේදී සිය අතුපතර වැනීම නිසා ඒ අයගේ
නිවෙස්වල බඩුමුට්ටු කැඩියාමක්, කාන්තාවන්ගේ කම්මුල් ඉදිමීමක් වාර්තා වෙනව.
උගුඩුවො රා
බොන්න කෑදර සත්තු ජාතියක්. උංට අහුවුනොත් මුට්ටිය විතරයි ඉතුරු වෙන්නෙ. සමහර
වෙලාවට සූටික්කො වගේ කුරුල්ලොත් මලෙං ‘සා‘ බීල පදං වෙලා ගහ පල්ලෙ වැටිල ඉන්නව. ඒත්
ලොකුම හතුරුකම කරන්නෙ ලේන්නු. සමහර ලේන්නු මලේ දණ්ඩ කපල මල ඉවර කරනව. මල් රස්සාවෙ
අවදානම තමයි ගහ පල්ලෙ වැටිල එකතැංවීම. හැර බැඳල තියෙන වැල්පොටවල් ලේනෙක් හරි
හතුරෙක් හරි කපලදාල තිවුනොත් ගහ පල්ලෙ වැටෙන එක සිකුරුයි. එහෙම වැටිල අතපය
කඩාගත්තු අය, එකතැං වෙච්චි අය වගේම යටිගම්පිටි ගිය අයත් අනංතයි.
අපේ ගෙදරත් මල්
කපන කාලෙට ‘සා‘ මිත්‍රයො බොහොමයි. නංගිටත් මටත් ‘සටකජු‘, ‘බුංදි‘ එපා වෙනව ඒ
කාලෙට. ‘සා‘ බොන්න කවුරු ආවත් මිදුලෙ ගල්වැටිය උඩට වෙලා ඉන්න ඕනි. ඒ වගේම තමයි
අම්මටත් දුරිං නෑදෑ වෙන අය හිටං එනව. ගොඩක්ම ගෑනු අය තමයි.
“උඹලව
කාලෙකිං බලන්න එන්නත් බැරි උනා“
කියාගෙන දහයෙ මාරි
පැකැට්ටෙකක් අරං එන අය යන්නෙ
“මට
පැණි බෝතලෙයක් දියංකො. සල්ලි හම්බෙච්ච ගමං සල්ලියි බෝතලෙයි දෙකම ගෙනැත් දෙන්නං“
කියල පැණි
බෝතලේකුත් කිහිල්ලෙ ගහගෙනයි. අංතිමට අපිට යන්න වෙනව සල්ලි කෙසේ වෙතත් හිස් බෝතලේ
ගේන්නත්.
මාව ගෙදරිං
එලෝල අවුරුදු තුනේ සංවත්සරේ යෙදෙන කොට විතර අපේ පියානෝ ඔය විදිහෙං මලක් හැදුව. ඒ
කාලෙ මං ගෙදරිං පිට හිටියත් ගෙදර යන එන එක කලා. මං හරියටම හවස හතර වෙද්දි ගෙදෙට්ට
යනව. එතකොට පලවෙනි මල කපල ‘සා‘ මුට්ටිය කුස්සිය මුල්ලෙං ගෙනත් තියල කොලපතෙං වහල
ඉවරයි. පියානෝ යනව දෙවෙනි මල කපන්න. ඕං ඔය අනගි මොහොතෙදි අම්ම කොහෙට හරි යනකං මං
රැකගෙන ඉන්නව. නංගි කුස්සියෙ හිටියොත්
“මගෙ
සාක්කුවෙ තිවිච්චි රුපියල් පහ හැලිල. බලහංකො පාරෙ වැහ්ලද කියල. තිවුනොත් බොට
රුපියල් දෙකක් දෙනව“
කියල ඒකිවත්
පිටමං කරනව.
ඉං පස්සෙ ගන්නව
කලේ වහල තියෙන බෙලෙක් කෝප්පෙ. ඉස්සුව කොලපත. එබුව මුට්ටියට. ගත්ත පුරෝල එකක්.
“ගෘග්..
ගෘග්.. ගෘග්.. ගෘග්.. ගෘග්..“
ඉවරයි. ගත්ත තව
එකක් පුරෝල. පෙරසේමයි.
ඊළඟට ගන්නව
කෝප්පෙට කලෙං වතුර එකක් පුරෝල. දැම්ම මුට්ටියට. නැවත වරක් ගන්නව කෝප්පෙට කලෙං වතුර
එකක් පුරෝල. දැම්ම මුට්ටියට. දැං කාටවත් හොයන්න බෑ. පරිමාව සමානයි. මං කනව බුලත්
විටක්. රුපියල් පහ හොයන්න ගිය එකා ආපිට එනව.
“ඒක
නෑ බං. ලොකු චූටිය කඩේ යනගමං අහුලං යන්නැති. ඕකිට මං හොඳවෑං දෙකක් කියන්නංකො“
“හා
හා උඹ ඕකුං එක් පටලැවෙන්නැතුව හිටාං. ඉඳා... මේක තියා ගං“
‘සා‘ භාවිතයෙං
තාල වර්ගයේ ළමයෙක් බවට පත්වූ මම සාක්කුවෙං රුපියල් දෙකක් අරං උට දෙනව.
මේ විදිහට දවස්
ගාන වැඩිවත්ම මගේ ‘සා‘ රුචිය වැඩි වෙනව කෝප්ප ගාන තුන, හතර, පහ වෙනව. මුට්ටියෙ
සාන්ද්‍රණයත් එන්න එන්නම තනුක වෙනව. එක දවසක් මං ගෙදර යනකොටම පියානෝ ‘සා‘ මුට්ටිය
ගෙනත් කුස්සියෙං තියනව. මාවත් නිකංම කුස්සියට ඇදෙනව. මං බොරුවට වතුර කෝප්පෙයක් ඇරං
බොනව. එදා ‘සා‘ මුට්ටිය කොළපතෙං වහන්නෑ. එයා මගෙ දිහා බලල මෙහෙම කියනව.
“ළමෙයො.
උඹ ‘සා‘ බිව්වට කමහ්නෑ. වතුර කලවං කොරන්නෙපා. මට මිනිස්සුගෙං කතන්දර අහන්න බෑ.
අබේසේකර මල්ලිත් කිව්ව ‘සා‘ නිකං වතුර වගේ කියල.“
එවකට මගේ වයස
අවුරුදු දාසයයි.
https://www.youtube.com/watch?v=m4nf2i_dwlc
ReplyDeleteKithul Tapping - කිතුල් මල් කැපීම මේ ලින්ක් එකෙන් බලන්න හැකියි නොදන්නා කෙනෙකුට.
Deleteමේං මේ විදිහට මුට්ටිය මල්ලකිං වහල තමයි ගෙනියන්නෙ. එතකොට කාටවත් පේන්නෑනෙ.
Deleteඔන්න ඔහොම එන්නකෝ සු රා ආආආංග.....
ReplyDeleteඕං මට තවත් නමක් පටබඳිනව ඒගමන.
Deleteමචං සුරා මගේ බිලොග් එකට මුලින්ම ආවෙ උඹ.මුල්ම අදහසක් දුන්නෙත් උඹ.ඒක නෙවෙයි ඇත්ත කියහං උඹ පොඩි එකා සන්දියේ ඉදලම වැඩෙ පටන් ගත්ත නේද.මම නමි අපේ සීයගේ ෙඖෂධ වලින් සීයා ටිකක් එහෙ මෙහේ වෙනකමි ඉදලා පොඩි ටෙස්ටි එකක් දැමිමා.ඉන් පස්සේ වෙචිච දේවල් නමි එචිචර මතකයක් නැ බං
ReplyDeleteමං සාමාන්‍ය පෙල විෂයං බරගානක් ලිව්වෙ මද පමණට සුරා මතිං තමයි.
Deleteඅපේ සීයා බාලයියට කියල නාන ලිඳ ළඟ මලක් කප්පෝනකොට මම අවුරුදු හතේ අටේ චුටි එකා.ඒ හින්ද ගෙදරම හදපු සා කට්ටක රහ බලන්න බැරුව ගියා.හැබෑටම සුරංගව ගෙදරින් එලෙව්වෙ ඇයි?
ReplyDeleteමාව ගෙදරිං එලෙව්ව කියන්නෙ මෙහෙමයි. පියාණං කසිය ගහල ඇවිල්ල අම්මට නෙලද්දි මං එතෙන්ට පැනල දෑත බදල උන්නැහැට දුන්න පිට මැද්දට. එයත් හැරෙන තැපෑලෙං මාව ඇන්න බිත්තියෙ. මං සිහිය නැතුව වගේ වැටිල ඉඳල එයා එහෙට මෙහෙට මාරුවෙනකං ඉඳල පැන්න. එදායිං පස්සෙ මං ගෙදරිං පිට. එවකට මට වයස 14 යි. කොහොමටත් මං ගෙදර ඉන්න එක එයාට දිරවන්නෙ නෑ.
Deleteහපොයි මේකා මදාවියාටත් වඩා මදාවියෙක්නේ......ඔහොමත් තාත්තලාට නෙලනවද මලේ....
Deleteවිස්තරේ කියන්න කිසිම අඩුවක් නෑ. ගහෙන් බාපුවා වගේමයි! ඔය වැලි හකුරු වලට ඉස්සර මං හරි ආසයි. තව තියෙනවා උණු උණු හකුරු බෝල. උකු වෙච්ච පැණි ටික පොල්කටු වලට දාල අන්තිමට ඉතුරු වෙන ඩිංග තමයි පොඩ්ඩක් නිවෙන්න ඇරලා අතිං බෝල කරන්නේ. වෙලාවකට කිතුල් ගස් වලට සර්පයොත් නගිනවා නේද?
ReplyDeleteසර්පයො, පත්තෑයො ආදී සත්තු අතුවල මුල කොලරොඩු අස්සෙ ඉන්න පුලුවනි. ආයි ඉතිං දඟලන්න නාකයි. දැඟලුවොත් බිම.
Deleteඅඩේ ඉතින් අපි මේවා දැකලා නැති එකේ කියවලා තමයි දැන කියා ගන්න වෙන්නේ.. මරු මරු විස්තරේ මරු..
ReplyDeleteඅර උඩහිං තියෙන ‘ඔබ නලේ‘ වීඩියෝවත් බලන්න. ඒක නියමෙට තියෙනව
Deleteඑක දවසක් පමණක් සා බී ඇත!
ReplyDeleteඇයි රසික ඉන්න කාලෙ ටොඩි මැච් තිබුණේ නැද්ද? අපිනම් වෙල්කම් වෙනුවට දුන්නේ ටොඩි මැච් එකක්. (ගහෙන් බාපුවනම් නෙමෙයි!)
Deleteරසිකලාගේ ෆැකල්ටියේ ටොඩිය තිබුණේ නැද්ද හැබෑට ඒ කාලේ?
Deleteදැං කඩේ තියෙනව රුපියල් අසූවෙ රා බෝතල්. තව සූරපප්පලගෙ ගමේ තියෙන පීප්ප වගේ විසාල පීප්පවල දාල රා විකුණන තැංවලත් බෝතලේ අසූවයි.
Deleteසා.... නේද... කෝ මේ සා ගුඩ්ඩෝ ටික... අපෙ ගමේ සා පෙරිල්ලත් ඔහොමම තමයි. ඉස්සර අපෙ ගෙදරත් ගහක් මැද්දා. දැන් එකෙක්වත් මදින්නෙ නෑ බං අර ලයිසො මගුලෙන් පස්සෙ.
ReplyDeleteමේ ඉන්නෙ තවත් රා පෙරන්නෙක්.
Deleteසා කොතනද කැමා එතන ඇත.තව සුලු මොහොතකින් මධුවාද මෙහි පැමිනෙනු ඇත.කල්‍යාණමිත්‍රයන්ගේ සුමිහිරි පානය සා
Deleteහලාවත දිහාවෙ තියෙනව නේද ‘පම්බල පොල් රා‘ කියල ජාතියක්. ආං එයිං ටිකක් ගේන්ට ඌමනායි. නාග සලං නයි කරනං වෙන්ට ගහන්න.
Deleteපත්තරයා මට ගිය සැරේ පම්බල රා බෝතලයක ගෙනත් දුන්නා..නාග සලං....අන්න සා....
Deleteඅර කෝපි බීල බීල කියන
ReplyDelete'සවදාද සායෙ සෙන්නේ...'
සින්දුව මතක් වුනා.
තමිසෙ කියලා තමුසෙටෙ ස්ත්‍රී ලිංගික පදේකුත් තියෙනවද?
ඔය ‘තමුසෙ‘ කියන තැන මුයන්න කියනකොට කට ටිකක් වැඩිපුර කරන්න වෙනව. ඒකට හරියන්න ලේසියට ‘තවුසෙ‘ හෝ ‘තමුසෙ‘ කියන්න ලේසියි.
Deleteයකෝ බලන් ගියහම මටනෙ ඉස්සල්ලම සා ටික දීල තියෙන්නෙ. අපේ වත්තෙ කොල්ලෙක් පොල් ගහක් මැද්ද , රා මදින පිහිය අල්ලන්ඩවත් දුන්නෙ නෑ. A/L වලට පාඩම් කරද්දි සා බෝතලෙයි , ඉබිමසුයි ඒක නොවැරදීම මට සප්ලයි කරා.
ReplyDeleteසුරංග තාත්තගෙ ක්‍රමයට කොච්චර විතර තෙලිජ්ජ ගන්න පුළුවන් උනාද දවසකට.
දවසට බෝතල් දොලාක් විතර. ටුවෙල් බොටල්ස්.
Deleteඅපේ මාම කෙනෙකුත් ඔය කර්මාන්තෙම විනෝදෙට කරා. හැබැයි කවදාවත් පැණි/හකුරු හැදුවේ නෑ.... අපිනම් සා එක පෙරල ගන්නේ.. හිටපු ගමන් චූටි සත්තු ඉන්න නිසා.
ReplyDelete//ළමෙයො. උඹ ‘සා‘ බිව්වට කමහ්නෑ. වතුර කලවං කොරන්නෙපා//
අම්මපා මමත් ඒ කාලේ ඔය වැඩ්ම කරලා තියනවා අපේ පියාණෝ ගෙදර හංගලා තියන කොට වලට.... මම ඒ විදියට ඉස්සල්ලාම 'ගල්' සූට්ටක් කටේ තියනකොට වයස 15ක් විතර වෙන්න ඇති.
ගල් වලට විකල්පෙ නියමිත වර්ණයෙං යුත් ‘තේ කහට‘. ආයි බෝතලේකිං අරික්කාලක් උස්සන්න පුලුවං සුවර් එකට
Deleteඋගුඩුවො වගේ සා බොන්නේ සාලහාමිළා..
ReplyDeleteඔය අන්තිම ටික කොමෙන්ටෙකක දාපු දවසේ නේද මේ පොස්ට් එක ලියන්න පොරොන්දු උනේ..
අඩේ සු රා.. ඔය එක මුට්ටියෙන් ඔය කියන තරඟ මහා සෙනගකට 'තාල වර්ගයේ' ගහක් වෙන ගානට ගහන්න පුලුවන්ද බං.. එක්කෝ මං හරි හමන් සා බිල නෑ වෙන්ටෑ මොකෝ මට නම් බොන තරමට හුජ්ජ යනවා මිසක් 'නංගිට සුපියල් දෙකක් දෙන' තරමටවත් 'තාලයක්' වෙන්නෑ බං..
හැබැයි ආතල් එකේ නම් කිසි අඩුවක් නෑ.. සා කට්ටක් මයියොක්ක තම්බපු හට්ටියක්, ඌරා, ගෝනා, හරකා ඔය මොකෙක්වත් කමක් නෑ සැරට උයපු එකක බොර ටිකක් තියෙනවනම් 'තාල මවන්න නම්' පුළුවන් එළි රෑ වෙනකම්..
අදනම් පොස්ට් එක පස්ටයි ඈ!
මගුලක් කියෝනව. දැං ඔය කඩේ තියෙන අසුවෙ බෝතලේ මං දෙදොහක් භාවිතා කරනව පිරිජ්ජියෙ තියල. බට්ටික කන්න මරු බේත.
Deleteඔය මන්ඩි වල තියෙන්නේ යීස්ට් නෙව. එක එක මණ්ඩියට අනුව සා වල රස වෙනස් වෙන්ට ඕනෑ පොතේ හැටියට. එහෙම වෙනවද ශ්‍රංග ?
ReplyDeleteනෑනෙ මෝසං කුමාර. කොයිකත් එකම වර්ගෙනෙ. ලාවට ඇඹුල් වගේ රහ විතරයි. මං කියනවට ඩිංගක් බීල බලන්නකො .
Deleteඅදනං සුරා.......................ග තමයි.
ReplyDeleteඔය වැලි හකුරු හැදෙන්නෙ ඔරිමජිනල් පැණි වල විතරයි කියලයි මම අහල තියෙන්නෙ.
ඉස්සරනං මේ පැත්තට පොතුපිටිය පැත්තෙං ඔරිජිනල් කිතුල් හකුරු ආව. දැන්නං ඒව නෑ.
//අනික උදේට රා බොන්නෙ මොකාද?// මොකාද කියල බලාගන්න තිබ්බ මෙතනට ඇවිල්ල ටිකක් වෙලා ඉස්සරහ බලා හිටියනං. හැබැයි ඉතිං බෝතල් රා තමයි.
ඔව් අප්ප. දැං කාලෙ මොන ඔරිජිනල් හකුරුද? වෙලෙංදො සමාර වෙලාවට මට හකුරු ගැන කියාදෙනව අහල මගෙ කලිසමේ පස්ස සාක්කුවත් හිකි හිකි ගානව. දැං ඉතිං බෝතල් රා විතරයි. හොදෙව්ව නෑ.
Delete//උගුඩුවො රා බොන්න කෑදර සත්තු ජාතියක්. උංට අහුවුනොත් මුට්ටිය විතරයි ඉතුරු වෙන්නෙ. සමහර වෙලාවට සූටික්කො වගේ කුරුල්ලොත් මලෙං ‘සා‘ බීල පදං වෙලා ගහ පල්ලෙ වැටිල ඉන්නව. //
ReplyDeleteමේ මොනවා කියනවද ........ මම දන්නා අපේ පැත්තේ කම්මල් පොරකුත් කිතුල් සා වලින් අනුමත වෙලා වෙල පල්ලහ බන්ටෙක ගාව උගුඩුවා වගේ ඇස් කරකරකව හිටියා ..... බොරුනම් අහල බලන්ට.......
//මාව ගෙදරිං එලෝල අවුරුදු තුනේ සංවත්සරේ යෙදෙන කොට විතර අපේ පියානෝ ඔය විදිහෙං මලක් හැදුව. ඒ කාලෙ මං ගෙදරිං පිට හිටියත් ගෙදර යන එන එක කලා//
ශ්‍රංග..... උඹටත් මාර පල්ලම නේද ? හරියට නිකං "දුවන බල්ලට පොල් බෑයෙන් ගැහුවා වගේ "
එලට ලියල තියෙනව ........
හැක්... අනේ බොල ගහ පල්ලෙ වැටිල නෙමේ , උඹ එදා නේද කිරි කොරහ නැටුවෙ ?
Deleteෂක් මතක් වෙනකොටත් සැපයි බං කැන්ද ගහේ සා බෝතල් ටික ගහල වෙල් හුලග වැදි වැදි සා බීපු දවස.
මචං සූටික්කෝ... මේ කම්මලයා බෝ පැලේ වෙන්න හදනවා අන්න අරහේ. පොඩ්ඩක් කියහංකො මුගෙ පඩත්තල වැඩ ගැන රෙදි ගලවන්න. අන්න උඹටත් බැනලා සාටර් සූටික්කා කියලා...
Deleteකම්මලා කැන්ද ගහෙන් වැටුනනන් ඕකගේ කෑලි තමයි ගේන්ඩ වෙන්නේ..... හැක හැක් ....
Deleteඕකා (කම්මලා) මගේ අයිය වගේ එකානේ.... ඒ හින්ද වෙන මුකුත් දැන් කියන්නේ නෑ ..... පස්සේ කියමු ඈ ......
ප.ලි.
ඕකා මේ දවස් වල හේ බාල ඉන්නේ.... මොකද දන්නේ නෑ ....
ඇත්ත කතාව සූටික්කා. 'ඕකා රා බොන්න ගියාම උගුඩුවා වගේ' කියන කියමනෙන්ම පේනවා උගුඩුවා රා වලට අපිට වඩා පෙරේත බව. උගුඩුවා ගෑණිගෙන් කොච්චර බැණුං අහනවා ඇද්ද!
Deleteඋගුඩුවාගෙ බිරිඳගෙ නම ඉගිඩිය. ආයි කියන්න බලන්න. ඉගිඩිය. ආයිත් වලියක කියන්න. ඉගිඩිය.
Deleteමල්බේත් හැදීම ඇතුලු කිතුල් කෙරුවාවේ සියලු විස්තර ඉතා අගනා ලෙස පියසේන කහඳගමගේ මහතා ලියා ඇත. සුරංගත් නියමයි.
ReplyDeleteආං මං කැමති ලේඛකයෙක්. එතුමා හරි ම සිරියාවට ඔව්ව ලියනව.
Deleteහප්පෙයි.... පොලේ ගොහින් කොලෑ වෙලා උන්නද මෙතෙක් දවස්? මම හිතුවේ ආච්චම්ම හක්ක පටස් එකක් දාල කියල..
ReplyDeleteඔය ඇවිත් තියෙන්නේ 'සා' මුට්ටියක් අරගෙන. ඒ මදිවට ඔය ඉන්නේ කොමෙන්ටු පෙරහැරේ සා ගුඩ්ඩෝ ටිකත්.... මොකට කියනවද? %#%$%$#%^
මම උන්න නම් හොඳ වැඩක් කරනවා උන්දලට හුහ්
මේ කියන්නෙ මයියොක්ක කෑල්ලක් තම්බා දීම, උම්බලකඩ කෑල්ලක් කපාදීම, ආදී හොඳ වැඩ වෙන්ටැ. එළ. ආං එහෙමයි නියම කුල කාංතාවො.
Deleteඇත්තට නාකද අර සිසිරගෙ පප්පට සා ඩිංගක් පෙව්වොත්. ඉං පස්සෙ ‘සිසිරගේ පියාගේ බලවත් ඉල්ලීම පරිදි මවිසින් සුරංගගෙන් ඉල්ලාගත් සා බෝතලය සිසිරගේ පියාට රැගෙනවිත් දුනිමි. එයට දමා තිබූ කබරතෙල් විසවීමෙන් ඔහු එතැනම ජීවිතක්ෂයට පත්විය. ඒ දැක අම්මාද “හාග්“ ගා ඇදවැටී මලේය. උඩ තට්ටුවේ සිට ඇය අල්ලාගැනීමට බිමට පැන්න සිසිරද හොස්ස බිම ඇනී මලේය. මං උණ්තුන්දෙනාම වලදමා සතුටින් විසුවෙමි‘ කියල ලියල වැඩේ ඉවර කරනව.
එලස්.....සා ටිකක් ප්ලීස්......උපේ ඇද්ද උඹට....?
Deleteමුන් වගේ උන්ට මම කරන හොඳ වැඩ දෙක තුනක් කියන්නම්කො එහෙනම්
Deleteඉඟුරු දමා තම්බන ලද මය්යොක්කා කන්න දීම
පොල්කටු එක්ක උම්බලකඩ තලා දීම
වගේ දේවල් කරන්ට හැකියි.
සිසිරගේ අප්පොච්චි උඹ හිතුවද සා බීලා නැතිය කියල? හුහ්... සා නාල ඉඳල තියෙන්නේ උන්ද, දැන් දෙකට ගනින්න බැරුව වගේ අංචි ඇද ඇද හිටියට. අම්ම එහෙම 'අඃ' ගාල වැටෙනවා නම් මොකක් කොරන්න බැරිද. අඃ නෙවෙයි දෙකේ දෙකේ පොල්ලකින්වත් මේච්චල් කොරන්ට හැකි කෙනෙක් නෙවෙයි. ඉස්සරහට බලමුකෝ ඒ විස්තර
චෙෆාකි : දීකිරට බළල්ලු මොකද්දෝ ලු. නෙහ් ?
හකුරු ගුලිත් හදනවනේද? අග්ගල හෝ ඊට පොඩ්ඩක් කුඩා සයිස්?
ReplyDeleteමං දැක්කෙ අයගම පැත්තෙ.
ලා දුඹුරු/කහ පාට, ඉක්මනට දියවෙනව. සීනි දාල නැති නිසා කියල කිව්වෙ
පුවක් මලක් වුනත් මදින්න පුලුවන් ඇතිනේ?
(වසද දන්නෙ නෑ. පුවක්වල සමහර කෙමිකල් ඒතරම් හොඳ නැති නිසා)
සීනි නැතුව නෙමෙයි සීනි වැඩිව. පුවක් මලක්නං එතරං වැඩක් නැති වෙයි. මල පුංචියිනෙ.
Delete@Pra Jay,
Deleteපුවක් මලක් මැද්දට වැඩක් වෙන එකක් නෑ.. මොකද ඔය මදින වැඩේට හරියන්නෙ sugar palm වර්ගයට අයිති ගස් විතරයි.. ඒ කියන්නෙ පොල්, තල් හා කිතුල් (තව එක වර්ගයක් තියෙනවා ඒ ජාතිය ලංකාවෙ නෑ මම දන්න තරමින්.) පුවක් කියන්නෙ sugar palm එකක් නෙවෙයි..
අද නම් සුපිරියි මචෝ සා ටික .....
ReplyDelete(අපේ එකෙක් ඉන්නවා ඌ මල කපලා උණ ගහ බාගෙට ලෙහලා එන්නේ .හොරෙන් නැග්ගොත් බඩුම තමයි ...)
කළුවන් කළු රුවයි අප ගම මදින්නා
මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා
එන එන කැකුළු මල් නෑරම තලන්නා
දෙවියෝ රැක දෙන්න අප ගම මදින්නා
මගෙ සුදු මාමේ මගෙ සුදු මාමේ
නෑ බෑ නොකියා
රා පොඩියක් දී මා සනසන්නේ
රා පොඩියක් දී මා සනසන්නේ
ගහින් ගහට අතුර දිගේ නගින්නා
ළපටි කැකුළු මල් බල බල තලන්නා
මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා
අනේ වාසනාවන් මේ මදින්නා
ළපටි රා තරුණ අපටයි බෙදන්නේ
පැහුණු රා මහළු අයටයි ඔබින්නේ
විනාකිරට ඉතුරු කොටස තබන්නේ
අවුරුදු අච්චාරුව ඉන් සදන්නේ
කිතුල් මල් තපා තෙල් දිය බාන්නා
රුහුණේ මී කිරට පැණි නිපදවන්නා
රසැති කිතුල් පොල් හකුරුද හදන්නා
ගමට කප්රුකක් මේ රා මදින්නා
ගායනය, සංගීතය - සී.ටී. ප්‍රනාන්දු
ගී පද - සුසිල් සේනාධීර
සින්දු ඇනෝ,
Deleteමට ඔය සින්දුවේ link එකක් දාපන්කෝ..... අහන්ඩ හරි ආසයි.... හොයාගන්ඩ නෑනේ....
මගෙ සුදු මාමේ............
Deleteමල් කපන්නාට ජයවේවා.
Deleteහම්මෝ 'සා' බොන්ට ඇවිත් ඉන්න පෝලිම... :O
ReplyDeleteමම හිතන්නේ විකටර් රත්නායකගේ සා ප්‍රසංගයටවත් මෙචිචර සා පෝලිමක් හිටියේ නැ.
Deleteසා වල ඇති ගුණයත්
Deleteඑහි ඇති නැවුම් සුවඳත්
බොන උතුමෝ මිසක්
නොබොන ස්තිරියාවො නොදනිත්. හැක්...
ඔයි කුමාරිහාමිල උනත් සා ඩිංගක් කාරිය බීවනං ඔයිට වඩා ඔපවත් වෙලා එනව
Deleteඋඹ කොහොමත් පට්ට ලියැවිලි නේ ලියන්නේ... ජයවේවා
ReplyDeleteපට්ට ලියැවිල්ලක්නේ බං. පණ පිහිටෝල වගේ ලියල තියනවා. ඔන්න ඔය ඔයා කියන වර්ගයේ සුපිරිම රා ටිකක් ගැහුවා මී මුරේ ගිය වෙලාවේ. එහේ කපු හේනේ මාමා තමා අපිට දුන්නේ ඒවා..... සුපිරිම තමා.
ReplyDeleteමං ඉන්න ඉසව්වෙ තාමත් කිතුල් කෙරුවාව සිදුවෙනවා. මං පුංචි සන්දියේදි තෙලිජ්ජ බීලා තියෙනවා .ඒ නිසා මල් කැපිල්ල ගැන ඩිංගක් දන්නවා. ඔය මල් කපන කොට මලේ මුහුණතේ ගාන්න ගන්නේ දෙහි වර්ගයක්. අපි කියන්නේ නස්නාරං කියලා. ඒ කරන්නේ මල කපන කොට එන කහට නැති වෙන්නලු. ආයෙ මල කපන කොට විසි වෙන කොටස් බිමට වැටෙන්න දෙන්නේ නෑ. ඉටි කොලයක් හරි. ගෝණි පඩංගුවක් හරි වියනක් වගේ කිතුල් මලට පහලින් බඳිනවා. රා ගැන නොදන්නේ ස්තිරියාවන්ට ඕවා අකැපයි නිසාවෙනි. හරි අපුරු කවියක් ජාලෙ පෙරලලා ගත්තා. මෙන්න
ReplyDeleteකවට කමට සහ හාශයොත්පාදක කවියට ප්‍රශිද්ධ අන්දරෙත් හොඳ වස් කවි කීමෙහි සමතෙක් වීලු.දවසක් අන්දරේ රා ටිකක් බොන්න රා පොලට ගිය වෙලාවේ අන්දරේට නිකං රා දෙන්න වෙයි කියලා හිතලා රා අයිතිකරු කිව්වළු රා නැහැ ඉවරයි කියලා මිනිහා කිව්වේ බොරුවක් කියලා දැනගත්ත අන්දරේ මෙන්න මේ වස් කවිය කිව්වලු.
“තියන තියන අඩි ලිස්‌සා වැටීයන්
බඳින බඳින වැල හැරපොට කැඩීයන්
කපන කොටන මන්නේ ලේ ගැවීයන්
මට රා නොදුන් තෝ ගස මුල වැටීයන්“
මළ මූත්‍ර පහවෙන තරමට බය වෙච්ච රා මදින්නා ඉක්මනටම හංගලා තිබුන තැනින් රා ගෙනත් අන්දරේට බොන්න දුන්නාලු රා බීමෙන් පස්සේ අන්දරේ විසින්ම තමන් කියූ වස් කවියට මෙහෙම සෙත් කවියක් කියලා වස් දුරු කලාලු.
“කළුවන් කළු රුවයි අපෙ ගම මදින්නා
එන එන කැකුළු මල නෑරම තලන්නා
මන්ඩි නැතුව රා සැමටම බෙදන්නා
දෙයියෝ රැක දෙන්ට අපෙ ගම මදින්නා“.
මම කිතුල් පැණි මෙවෙලේත් යෝගට් එකක් එක්ක කනවා. ඒත් ඒවා හදන්නේ කොහොමද කියලා දැනන් හිටියේ නෑ වෙන්න ඇති.
ReplyDeleteඑක පාරක් නම් රාස්සගල කියලා බලන්ගොඩින් ඇතුලට වෙන්න තියෙන පෙට්ටිගල වගේ අමුතු නමක් තියෙන ගමකට ගියා. හරියට සිංහල අවුරුද්ද දවසක.
හකුරු නම් ඉස්සර අපේ ගම් වලත් හදනවා වෙන්න ඇති. කොහොමත් හකුරු එක්ක ප්ලේන් ටී මයි බෙස්ට් චොයිස් නෙව.
මේ ළඟ කාලෙක මට ගහෙන් පෙරපු පොල් රා නම් හම්බ වුනා වාද්දුවේදි. මඤ්ඤොක්කා එක්ක. අනේ මන්දා මට ඒක සෙට් වුනේ නෑ නේ. සමහරවිට කවදාවත් ඩිස්ටිල් නොකල ඒවා බීල නැති හින්දා වෙන්න ඇති.
අඩේ රාස්සගල රා තියෙනවද. අපේ මස්සිනාගෙ ගමනෙ. වහාම සොයා බැලිය යුතුය.
Delete@BB,
ReplyDeletewine &beer - not distilled. :-)
pra jay
ආ..............ඔය ඉන්නේ සා ගුඩ්ඩො ගැන් එකක්ම.අපේ ගෙදරත් ඉස්සර සා කැපුව.මං අම්මලට හොරෙන් කිතුල් පැණි බෝතල් බාගයක්ම බීල වෙරි වුවා නොවැ.හීං එකී කාලෙනං තෙලිජ්ජ බීලා තියෙයි.ගුණයි කියල බොන්ට දුන්න.මට තෙලිජ්ජ බොන්ට ගෙයි මිදුලෙ කුන්දිරා මලකුත් අපේ අප්පොච්ච තලල දුන්න.ඒත් ඒකෙ වැඩි කල් බාන්ට බැරි වුනා.හැමදාම මී මැස්සො දෙබරු ඒකට බීල වෙරිවෙලා ඒකටම වැටිල ඉන්නව මං යනකොට.අපේ ගමේ (දැරණියගල) තාම හකුරු තියනව.ඉස්කොලෙ ලමයිගෙ තාත්තලත් සා මැදල හකුරු හදනව.යන්තමින් හරි උක් සා ත් එක්කලාට අනිත් තැන් වලට වඩා කිතුල් කියතෑකි.අඩු ගානෙ කිතුල් ගහක් යට ඉඳන් හැදුව කියල කියතෑකි
ReplyDeleteඇයි ශ්රුන්ගා උඹ අනික් එව්වන්ගේ බොගවල් වල කොමෙන්ට් දාන්නැත්තෙ
ReplyDeleteමම එකම සැරයක් පොඩ්ඩක් බීල තියෙනවා. මට නම් අල්ලලා ගියේ නෑ හෙහ් හෙහ්...
ReplyDeleteවිස්තර කිරිල්ල නම් මරේ මරු..
ෂා!! බොහොම රසවත් සුරංගගේ යාං හෑලි . කලින් දවසක් දෙකක් ගොඩවෙලා දිව්වට අද තමයි යහමින් වෙලාවක් හම්බුනේ මේකේ සැරිසරන්ට . ඔහොම යං ඔහොම යං!
ReplyDeleteමට පරණ කතාවක් මතක් උනා , කාටත් හොරෙන් තාත්තගේ සිගරට් පැකට් එකෙන් එකක් අරන් ගිනි පෙට්ටියකුත් එක්ක , කාටවත් නොපෙනේන්න දුම් බොන්න ගෙදර වහලේ උඩට නැග්ග කොල්ලෙක් ගැන :)
ReplyDeleteඅනික ඔය රා විකුනන්න තියෙන තැන් වල තියෙන්නේ හරිම සුන්දර දැන්වීම් කලාවක් නේද .. දරුණු ඇඩ්වටයිසින් නෑ නිකන් ලාවට , අහිංසක විදියට එක්කෝ "රා තිබේ " කියනවා නැත්නම් "රා බොමු " කියලා සුහද යෝජනාවක් කරනවා
DeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteIssara mama vank eke anith ewun ekka defo negombo hari chilaw e awata giyoth ape driver thumata kiyala api set ekama beath ekak langa raa post ekakata allanawama thama. Ammo pork ekka ala pethi samaga raa... Shoooi ban. Den koheda ra.. Awurudu gaanakin gal bothalayak wath gahanta beri una hitan..!! :(
ReplyDeleteපොල් "සා"නම් එක වංගියක් බිව්වා.හරියට නිකන් "විනාකිරි" වගේ එව්වා නම්.
ReplyDeleteරා මැදිල්ල ගැන අභීත ලියල තිබ්බා කාලෙකට කලිං. සමහර විට ඒකෙ තාක්ෂණික කාරණා ඇති. ප්‍රසන්නට කිව්වනං පෝස්ට් ටික හොයාගන්නැහැකි.
ReplyDeleteපෝස්ට් එක බලලා ගොඩ දවසක් වෙනවා. කමෙන්ට් කරන්න වෙලාවක් උනේ නැහැ.
ReplyDeleteපෝස්ට් එක එල මචෝ...
රා ගැන තව ලියන්න දේ බොහොමයි මචං.
සා මදින්න පාවිච්චි කරන කෝටු කෑල්ලේ හිට හැම දේටම වෙන භාවිතා වෙන වෙනස් නම් තියෙනවා නේද.
මට ඕවා දැන් මතක නැහැ, වෙලාවක ඒ ගැන හොයල ලියන්න ඕනේ...
ඒ කියන්නේ උඹට දාසයක් වෙද්දිත් සා බද්දෙක්.....
ReplyDeleteබුදු අම්මෝ "සා" .. බීපු කාලයක් මතක නැහැ බන්.. මේක කියවල පුදුම රා පෙරේතකමක් දැනෙනවා.. පොල් රා නම් ඉතින් සතපහකට වැඩක් නැහැ. පොස්ට් එකනම් මරේ මාරු.. දැන් ගහෙන් බෑවා වගේ..
ReplyDeleteelaraa....
ReplyDeleteමම පොඩි කාලෙ අපේ ගෙදරත් මලක් බෙහෙත් තිබ්බා. හැමදාම හකුරු ඇහි දෙකක් හදනවා, ඒ වගේම හැමදාම හකුරු ඇහි දෙකක් පරිබෝජනය කරනවා. ඒකාලෙ මාටත් චාන්ස් එකක් හම්බ උනා දවසක් තෙලිජ්ජ තිකක් බොන්ට ඕං. ඒ මතක ඔක්කොම අවදි උනා සුරංගගෙ කථාවට. මරු කථාව ඈ.
ReplyDelete