Follow by Email

Thursday, April 26, 2018

දානෙ 2 හෙවත් දර හෙවිල්ල

දිගංචියා අපිට ලොකු කං පෙන්නපු බව ඇත්ත. උගෙ ලොකු කං අපිට දිරෝපු නැති එකත් ඇත්ත. ඒ උනාට මිනිහෙක්ට තමුංගෙ ජීවිතේ හීනවලට කිට්ටු වෙන්න බැරි උනහම සෑහෙන දුක ඇති. ටිකෙං ටික මෝරලා ලොකුවෙලා මල් පූදින්න යන ගහක් එක පාරම කඩා වැටුනා වගේ ජීවිතේ බිඳවැටිලා කවදාවත් නොහිතපු රස්සාවක් හිතේ අකමැත්තෙන් කරන්න වෙනකොට ඒක කාල ඉන්න අමාරු තත්වයක්. ඒ හංදා දිගංචියා ගැන මට තියෙන්නෙ දුකක්. අනේ පස්සෙ කාලෙක හරි දිගංචියාට කොම්පියුටරේ සම්බන්ධ රස්සාවක් ලැබෙනවනං හොඳා.

අත්වැල්තොට සමන් දේවාලෙ ගාව නැවතිලා දෙයියන්ට පිං දීලා ඊළඟට තව කඩේකිං බනිස් ජෝඩුවකුත් අරගෙන අපි ගේ ගාවට කිට්ටු උනා. දලු ලොරි කාරයන්ට පිං සිද්ද වෙන්න චූටිමැණිකෙලගෙ ගෙදරට යන පාර සෑහෙන හොඳයි. ඒ හංදා අපි ගෙනාපු බඩුමුට්ටු ටික අරං යන්න ගෙදර තෙසක් රිය මගට ගෙන්නා ගත්තා. (ලංකාවෙ පාවිච්චි වෙන තෙසක් රිය කියන්නෙ off road (පිට පාරෙ) වාහනයක්).

එතන ඉඳං අපිව ගෙදරට එක්කං යාමෙ වගකීම ගත්තෙ ලකියා. අපි ගෙදරට ගොඩවෙනකොට මලෙයා තෙසක් රියෙ තිවුණු සේරම බඩු ටික බිමට බාලා ඉවරයි.

"අනේ ළමයිනෙ හැබෑට මෙයාකාර බාස්කැට්, පයිට්ටු මොකට ගෙනාවද? අර ගෙයි ඕන තරං බාජන තියෙන්නෙ"


"මෙයාකාර බඩු මුට්ටු මොකටද? අර ගෙයි ගොඩගහල තියෙන්නෙ"

"මේ පිහිය හිට ගෙනැත් තියෙන්නෙ. මොනව ලියාලන්නද සුදු පුතේ ඔයාකාර. අර ඕනහැටියෙ පිහි තියෙන්නෙ ගෙයි."

“මේ ඉටි තහඩුවක් මොකද්ද?“

ආදී වශයෙන් අපි ගෙනත් තියෙන බඩු මුට්ටු ජාති කිසිම එකක් නැතුවට දානෙ වැඩ ටික කරන්න පුළුවන් බවට දිවුරමින් අපේ නැන්දම්මා අපිව පිළිගත්තා.


"අක්ක කිව්වට හොයන්න ගිය තැන්දි තමා කිසිම දෙයක් නැත්තෙ"

දිගං නැන්දා වචන ස්වල්පයකින් උත්තර දුන්නා. මේ අතරේ තමුන්ගෙ හයර් එක ගෙවන්න මෙච්චර පරක්කු මොකදැයි දිව දොට්ට දාගෙන නගුට වන වනා බලං හිටපු ලකියාට තමුන්ට හිමි බනිස් ඩබලත් ලැබුණා.

එදා හැන්දෑවෙ සතොසෙන් ගෙනා සලාක මල්ලත් අරගෙන, පාරෙ පඳුරක් ගානෙ දිය තුවක්කුවෙන් වතුර විදින ලකියවත් පෙරටු කරගෙන අපි දෙන්නා කුඹුරෙන් එගොඩහ ගොඩේ තියෙන මූකලාන මැද ගෙදර බලා පිටත්වුනා.

"මේ ගොම්මං වෙලාවෙ ඔය නියරවල් පල්ලෙ නයි පොලොංගුත් ඇති. ඇහැ කන පේන වෙලාවක ගියං මොකද"

“ඔය නියර දිගේ කුණකටු විමානෙ“

අපේ නැන්දම්මාත් මාමණ්ඩිත් අපේ ගමනට ආශිර්වාද කළා. නියරවල්වල හාරපු අනවසර කක්කුටු බෙන සේරම පරීක්ෂා කරමින් ලකියා කමුන්ගෙ රාජකාරියට ඉස්සර වුනා. ඒ පිටි පස්සෙන් යන්තම් තියෙන අඩිපාර දිගේ අපි දෙන්නත් අඩිය ඉක්මන් කලා.

ඒ මූකලාන මැද ගෙදර ඉන්නෙ 'සෝම්පාල' මාමා. දැං අවුරුදු හැත්තෑවත් පහු කරලා. කසාදයක් කරගෙනත් නෑ. ජීවත්වෙන්නෙ තනියම. ආණ්ඩුවෙ ඉඩමෙං අක්කර දෙකක විතර කොටහක් අල්ලගෙන ඒකෙ පදිංචි වෙලා රබර් ගස් ටිකකුත් වවාගෙන තියෙනව. දැං රබර් රොටි තලාගන්න හයිය ගාය නැති හංදා රබර් කිරි පොල්කටුවලම මිදෙන්න ඇරල පොල්කටු පාලු ටිකක් හදල වේලල විකුණගන්නව. එයිං හාල් කිලෝ දෙක තුනක් ගෙනත් බතක් උයාගෙන වටේ පිටෙං හොයාගන්න මොනව හරි ජාති ටිකකට පොල්කිරි ටිකක් දාලා වේලලා හොද්දක් හදාගෙන ගිල දානව. හුඟක් වෙලාවට ඒ හොද්ද හැදෙන්නෙ කොහිල අල, කොහිල දලු කියන ජාති දෙකෙං. වැහි කාලෙට රබර් කැපිල්ල බැරි වුනහම මනුස්සයා දවස් ගානක් බඩගින්නෙ ඉන්නව.  අපි දැනගත්තු විදිහට ඒ වෙනකොටත් සෝම්පාල මාමට ලබල තිබුණෙ ඒ වගේ සාගත කාලයක්.


අපි යත්දි උන්දැ ගෙයි ඉස්සරහ කොටසෙ ලිපේ ලොකු වතුර මුට්ටියක් උණු කරනවා. ඉස්සර වෙලාම ගිය ලකියා ආගිය කතා බහ පටං ගත්තා.


"ව් රැව් රැව් බැහ්.. බව්වව්වව්ව් වහ්"


"අපොයි ඔන්න ඔය බල්ලා. අල්ලගන්න. හරි විසයි. ඕකා. කනව. මිනිස්සුංව"

සෝම්පාල මාමා උඩ පැන්නා. මං ලකියගෙ බෙල්ලෙං අල්ලලා ඉස්සරහ අඬු දෙක උස්සලා වට බාගයක් කරකවලා බිමිං තියලා තරවටු කෙරුවා.

"යන්න කිව්වෙ ගෙදර. තැනකට ගියං හැසිරෙන්න දන්නැද්ද"

"කූහ්... කූ..... (මුංට හොඳක් කොරන්න ගිහිං බැනුං අහන්න වෙච්චි හැටි. මං යනව)"

කියල ලකියා ආපහු හැරුණා.

අපි ගෙනිච්ච සලාක මල්ල සෝම්පාල මාමාට දුන්නා.




 සෝම්පාල මාමා මල්ල අතට අරං අපි දිහා සැකෙන් බැලුවා. 

"මේ මොනවටද මේ?"

"අපි මේ කාලෙකිං ගෙදර ආ හංදා මාමව බලන්න ආවෙ"

අපි බොරුවක් කිව්වා. සෝම්පාල මාමා මල්ල දිගෑරල බැලුවා. 

"ආ... මේකෙ පුරාම ජාති තියෙනවනෙ. මේ සෝයාමිට් මෙහෙ සීය ................ යි. ......"

සෝම්පාල මාමා රටේ තොටේ ආහාර ජාතිවල ගනං හිලව් කියද්දි මං වටපිට විස්තරේ බලාගත්තා. ලිපේ වතුර මුට්ටියක් රත්වෙනව. ලිප වටේට පොල්කටු, පොල් ලෙලි, පොල් පිති, කොළපත්, ටිං බෙලෙක්ක. කාලයක් තිස්සෙ ඒ විදිහට ගොඩගහපු සුංබුං එතනම දිරල පස් වෙලා ලිප වටේට උසට ගොඩගැහිලා. ඒ උඩත් ආපහු පරණ ලැයිස්තුවම ගොඩගහල. ලොකු පොල් ඉති, ලී කෑලි, ලී කඳං, පරණ ජනෙල් රාමුවකුයි පියනකුයි ආදී සුං බුං බිත්තියට හේත්තු කරල. ගේ වටකරගෙන කැලේ වහලෙට නගින්න හදනව.



 පොල් කටු තුනක් උඩ නග්ගපු ඇතිලියක වතුර පුරෝල මිදුලෙන් තියල. මොකටද මන්දා. 



මනුස්සයා නිදාගන්නෙ මේක ඇතුලෙලු. මේ ගේ ඇතුලෙ අලියෙක් තරං උසට පොල් ලෙලි ගොඩක් තියෙනව. එව්වා දිරල පස් වෙද්දි ඒ උඩ තවත් පොල් ලෙලි ගොඩ ගැහෙනව. දැනට පරිනාමය නොවිච්ච සමහර සර්පයො පවා ඒක ඇතුලෙ ඉන්න පුළුවං. ගෙදරට එන අයට ඉඳගන්න දෙන්නෙ මේ පේන්න තියෙන පෝර කවරෙ එලාපු ගල් ගෙඩිය උඩ. ඒ වෙලේ ඒ ගල් ගෙඩිය උඩ තිබුණෙ කොරහක්.

"ඉතිං ඇයි මට මේව ගෙනාවෙ?"

"මොනවද මගෙං ඕනැ?"

සෝම්පාල මාමා කීප සැරයක්ම ඇහුවා.

"අපි මාමව බලල යන්න ආවෙ. අපිට මොනවත් එපා. අපි යන්නං වහින්නත් එනවනෙ"

කියාගෙන අපි දෙන්නා එතනිං පිටවෙලා ආවා. අපි එනකං ලකියා පොල් ගහක් යට පිදුරු ගොඩක ලැගගෙන හිටියා. අපි කුඹුරෙන් එගොඩ වෙනකං සෝම්පාල මාමා මිදුලට වෙලා බලාගෙන හිටියා.

එදා හවස උන්දැ ගැන තවත් කතා බොහොමයක් අපේ කනට වැටුනා.

"ඉඳුනිලා එහෙම එක්කහු වෙලා ඔය මිනිහට ඉඩම සුද්ද කරල තේ පැල ටිකක් හිටෝ දෙන්න ඇහුවම බැනල එලෙව්වනෙ"

"ඔය දෙන්නා එනකං බලා හිටියෙ මොකවත් නෙමෙයි. ඔය ගහක තියෙන ගෙඩියක්වත් කඩාගනියි කියල සැකේට."

"මිනිහට හරි සැකයි ගමේ මිනිස්සු මිනිහව ඔය ඉඩමෙං එලවන්න හදනව කියල."


මේ ගමන සිංහල අවුරුද්දට ගමේ ගිය වෙලාවෙ ඒ ගමේ තව ගෙදරකිං සෝම්පාල මාමා ගැන අපිට තව ආරංචියක් ලැබුණා.

"මේ ළමයි ගෙනත් දුන්න බඩු මුට්ටු සේරම ඒ මනුස්සයා වංගුවෙ කඩේට දීලා වෙනිං ජාතිවලට මාරු කරගෙන තිබුණා."


ඒ අරුම පුදුම මාරුවට හේතුවත් එයාම අපිට කිව්වා.

"මිනිහ හිතන්නෙ මේ ළමයි ගුරුකමක් කරපු දෙයක් මිනිහට ගෙනැත් දීල ඒක මනුස්සයට ගිල්ලෝලා ඔය ඉඩමෙං මිනිහව පන්නයි කියල. මයෙනුත් ඇහුවා මේ ළමයා මිනිංදෝරුවෙ වැඩ කොරන හාදයෙක් නේද කියල. ඒකෙං තවත් සැක ඇති."


"දෙන එක අපේ වැඩක්. ඒක ඕන හැටියකට පිළිගන්නා එක එයාගෙ වැඩක්. ඕන එකක් කරගත්තාවෙ."

අපි දෙන්නා අපේ අවසන් නිගමනය දුන්නා. 


අසරණ වෙච්චි කාගෙවත් පින්තූර ප්‍රසිද්ධ කරන එක හොඳ මදි වුනත් මේ වගේ ජීවිතත් මේ රටේ තියෙන බව තහවුරු කරන්න මේ පොටෝ ටික මෙතන දාන්න සිද්ද වෙනව. ඒ වගේම කාට හරි උදව් කරන්න කලින් ඒ මනුස්සයගෙ චරිත සොබාව දැනගන ඉන්න එක තමන්ට යහපතක් වගේම නැති කරදරවලින් බේරෙන්න උදව්වකුත් වෙන බවත් කියන්නම ඕන.


*******************************************************************************

ආපහු දානෙට කලින් දා හවසට එමු. 

රටේ ආර්ථිකේ, බඩු මිල, පවුලේ ළමයින්ගෙ අධ්‍යාපනය, අලුතිං දාපු ප්ලාස්ටික් බඩු කඩවල්, අහවල් ගෙදර අහවල් අයගෙ කෙරුවාව, දිගං නැන්දගෙ කකුලෙ දෙහි කට්ටක් ඇනීම, දෙහි කටු ඇනිලා හැදෙන්න පුළුවං ලෙඩ, දෙහි කටු ඇනිලා මැරිච්ච අය, මැරිච්ච අය ගැන කතා, කතා කරපු අය මැරිච්ච හැටි, මැරිච්ච අයට දෙහි ගෙඩ්ඩෙං කරන වෙදකං. අපි එන පාරෙ වෙන්න ගිය අනතුරු, දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට රතුළූණු මිලේ උච්චාවචනය, වගේ කියන්න තියෙන සේරම ජාති කුස්සියෙ බිමට හලා දැම්මට පස්සෙ තවදුරටත් කාටවත්ම කතා කරන්න දෙයක් නැති වෙනකොට මං කට ඇරියා.


"දැං මේ දානෙට දර එහෙම."

මගෙ කටිං වචනෙ එළියට පනින්න කලින්ම අපේ නැන්දම්ම ඉස්සර වුනා.


"දර නැතෑ ළමෙයො ඕන තරං. ඕගොල්ලං බයවෙන්නෙපා දර ගැන. දර තීනව ඕං තරං."

උන්දෑ කියන හැටියට ලිඳේ වතුර වගේම ගෙදර දර ෂුවර්ය. ඒ ගැන ඇහීමෙන් මං කර ඇත්තේ මහත් මදි කමක්. ඒ වුනාට කාගෙවත් සූදානමක් නැති කම මට මහා බයක්.

"එතකොට හැලි වලං හෙම"

මාමණ්ඩී මගේ කෘන්තක දතේ ගෑවෙන්නම ඉස්සරහට පැන්නා.

"අර අටුවෙ තියෙන්නෙ ඕං තරං හැලි වළං. බත්තුයන්න වෙනම ලොකු රහත්පානකුත් ඇති."

"මේ එතකොට.... පොල්"


"අනෙඅම්මාපල් සුදු පුතේ මේ ළමයෑ බය. ඔය ඔක්කොම තියෙනව ළමයෝ.... ඔය කවුරුවත් නැතුවට මට තනියම උනත් ඔය ටික හැදියැකි පැයෙං. ඉස්සර මං ඉස්කෝලෙ ළමයි එක්කෝටම කෑම හදන්නෙ තනියෙං. අර පිනක් දහමක් කරද්දි කාගෙත් සම්මාදමෙං කලාමනෙ කාටත් පිං. ඒකවෑං එන්න කිව්ව මිසක් ඔය එක්කොම මට කෙරියැකි."


නැන්දම්මා කියන හැටියට හෙට උදේ වෙනකං ගෙදර කිසියම්ම කිසි කෙනෙක් දානෙ ගැන හිතන්නවත් ඕනි නෑ. අපි හෙට උදේ ට ඇහැරෙන විට හිරු කුමරා බිත්තියෙ හුලං කවුලුවලිං කාමරේට එලිය පොලු රිංගවනවා ෂුවර් වගේම, මිදුලෙ තිබුණු සෙරෙප්පු ජෝඩුවලිං එකකවත් පටි ලකියාගේ දත් වහල්ලෙං හප ගැහී තිබීම ෂුවර් වගේම හෙට උදේට කුස්සියේ මේසෙ උඩ එක පෙළට නොයෙක් හට්ටිවල, සාස්පාංවල දැමූ දානේ පිළියෙල වී තියෙද්දී ඒ මැද අපේ නැන්දම්මා එක කිරි පැකැට්ටෙකෙං කිරි බීදුරු අසූවක් හැදූ මිසිස් පෙරේරා මෙන් විරාජමානව හිටගෙන ඉන්නවා බලන්න පුළුවං.

"කෝ අක්කෙ දර කොහෙද තියෙන්නෙ? මේ ගැටපොලොස් මුට්ටිය තම්බන්න දර ටිකද්දෙන්නකො"

රෑට උයන්න පෙරමුණ ගත්තු දිගං නැන්දා අපේ නැන්දම්මව ඇමතුවා.

"ඔය කොංකීට් ලැල්ල යට බිම ඇති ඕන්තරං නංගියෙ"

"ඒ ටික මදි. එතන තියෙන්නෙ දර කෑලි හතරයි පහයි"

"ඔය එළියෙත් තියෙන්නෙ බිත්තිය අයිනෙ හේත්තු කරල තව ඕන්නං"

"එළියෙ නං බිත්තියට හේත්තු කොරල තියෙන්නෙ කැත්ත ඉතරයි. කැති මිට තමා ගන්න වෙන්නෙ"

"ඇයි බොලේ ඔතන තීච්ච දර ගොඩ මොකක් උනාද"

"රහත් වෙන්නැති. මෙතනනං ඇති එකක් නෑ"

මේ සංවාදෙං සිව් පදයක් විතර යත්දි මාත් කුස්සියට ගියා. ලිපේ තියලා නෑඹිලියෙං වහපු මුට්ටියක් තුං කාංසියෙං වතුර බේරි බේරි ලිපට ගින්දර වැටෙන කං බලං ඉන්නව. දිගං නැන්ද අතේ පැන්සලක් තරං මහත දර කෑලි දෙක තුනක් තියාගෙන තනියෙං කියවනව.

“වෙන්න බෑනෙ. මං පෙරේද හවස මහා දර ගොඩක් වේලුවනෙ. ඒ ටික කොහෙට උනාද...“

නැන්දම්මා අහස දිහා බලාගෙන කල්පනා කරනව. බලා ඉඳීම රුස්සන්නෙ නැති දිගං නැංදා කැති කොටයක් අරං මිදුලට බැහැල දිගං මාමාට කතා කෙරුවා.

“වරෙං මල්ලියො යන්න දර ඩිංගක් හොයං එන්න.“

“පොඩින්න තව ඩිංගයි“

දිගං මාමා ටීවී එකෙං ඇස් දෙක ගලෝගන්න අමාරු කමට සාලෙ ඉඳං කෑගැහුවා.

“ඔය ගුටි කෙලි බල බලා ඉන්න වෙලා වරෙං යන්න දර කෑල්ලක් හොයං එන්න.“

දිගං නැංදා කැති කොටේ උරුක් කරගෙන සාලෙට කඩා පැන්නා. දිගං මාමා නැගිට්ටුනා. ටීවී එකේ රෙස්ලිං කාරයෙක් අනික් එකාව උස්සලා පොලවෙ ගැහුවා.

“දර නෑ“ කියන පණිවිඩේ ගෙදර හැමෝගෙම ඔලුවලට ඇතුල්වෙලා යකා නටද්දි අපි හැමෝම අතට අහුවෙන ආවුදේ අරගෙන දර හොයන්න එළියට බැස්සා. දිගං මාමා ලොකු සබර කොටයක් උස්සං ඇවිත් පැලුවා. ඒකෙ හිටපු වේයො සීසීකඩ ගියා, දිගං නැන්දයි චූටි මැණීකෙයි සබර ගස් යට වැටිල තිබුණු දර කෝටු ඇහින්දා. මල්ලියි මායි පොල්ගස්වල තියෙන වේලිච්ච අතු කෙක්කෙං ඇදලා බිම දැම්මා. එ්වගෙ හිටපු කිඹුල් හූනො පස්සෙං ලකියා එලෙව්වා.

“ඒයි, මේ අපි දෙන්න යංද අර ළිඳ ගාව තියෙන අංකෙංද ගහ කපං එන්න.“

නැන්දම්මත් මාමණ්ඩිට අඬගැහුවා.

ළඟ ඉන්න කෙනා නොපේන ගානට ඇඳිරි වැටෙද්දි දානෙට ඇතිවෙන තරමට දර ගොඩක් කුස්සිය ඇතුලෙ ගොඩ ගැහුනා.

“ඒකනෙ මං කිව්වෙ ඕං තරං දර තියෙනව කියල“

වප්පිහියෙං පිට කහන ගමං නැන්දම්මා කිව්වා. 

55 comments:

  1. Replies
    1. කවුද යකෝ මේ ආතක් පාතක් නැති කොමෙන්ට් දාන එකා.

      Delete
  2. උඹේ ස්ටයිල් එක වෙනස් වෙලා කියලා මට හිතෙන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ඒ මූ අලුත් හෙයාර් ජෙල් වර්ගයක් පාවිච්චි කරල. හැක්..

      Delete
    2. අද වරුවක් හාෆ්ඩේ දාල ඇවිල්ල මේක අවසන් කලේ

      Delete
  3. ඒකනෙ කිවුවෙ බං දර ඕන තරං තියෙනවය කියල. උඹල නිකං බොරුවට කලබල වෙලානෙ. අනික දැං බලහංකො වළනුත් ඔය ඕනතරං වටේ පිටේ ගෙවල්වල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. /// අනික දැං බලහංකො වළනුත් ඔය ඕනතරං වටේ පිටේ ගෙවල්වල තියෙන්නෙ. ///

      අනිවා...

      Delete
  4. බොලා කොහොමැහරි අර මනුසැන්ගේ ඉඩම ලියා ගන්ට නේද හැදුවෙ.....

    ReplyDelete
    Replies
    1. ඒක ලියාගන්න එකාට සරුප වෙදෙක් කුලියට ගන්ට වෙනව

      Delete
  5. දිගංචිය උඹලට දුන්න පොර ටෝල්ක්ස් වල හැටියට ඌට උඹලට මූන දෙන්න බැරි වෙන්න ඇති. මොනව උනත් පෞ වැඩේ තමයි ඒක.
    පන්සල් වලට දෙන කිරි පැකට් එක සබන් කෑල්ල උනත් කඩේට යන එකේ අර මනුස්සයට උඹල බඩු ටික දුන්නට පස්සෙ ඒ පස්සෙන් පන්නන එක තේරුමක් නෑ.

    ReplyDelete
    Replies
    1. මාත් කාටවත් දෙන දෙයක් පස්සෙ පන්නන්නෑ. ඒ වුනාට මේ වගේ අරුම පුදුම ඩයල් ගැන විස්තර කරන්න ගියාම එව්වත් ලියවෙනව.

      Delete
    2. ඒ උනාට හේතුව වෙනස් නෙ.

      පන්සල්වල ගොඩක් වෙලාවට වෙන්නෙ වැඩිපුර හම්බෙන දේවල් ටික විකුණලා මුදල් ලබාගෙන, වැඩිය ලැබෙන්නේ නැති දේවල් ගන්න එකයි, මුදල් අවශ්‍යතා (බෙහෙත්, බිල්) ඉටු කරගන්න එකයි. අපි දැන් අපේ දානේ පිරිකරට දෙන්නේ මුදල්. ලියුම් කවරයක දාල. ෂොපින්/රැපින් වලට යන වෙලාවත් ඉතුරුයි.

      මේක මේ අමුතු හේතුවක් නෙ. කොහොම උනත් සුරංග කලේ යහපත් දෙයක්. මටත් ඒ පින්තූර දැක්කම "අනේ මෙහෙමත් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා නේද" කියල හිතුණා.

      Delete
  6. මතක්කොරනකල් ඉන්නෙ නැතුව ඉතුරු කෑල්ලත් ඉක්කනිං දාහං සුදු පුතේ.

    ReplyDelete
    Replies
    1. සුදු පුතේ යනු අපේ ගෙදර අනික් එක්කෙනාට උන්දැගෙ අම්මා විතරක් කියන නමයි.

      Delete
  7. බ්ලොග් එකට මක් කලාද මේ

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ යස අ‍ගේට. උඹත් මම වගේ පලවෙනි පාර බුකියෙන් මෙතනට එන්න ඇත්තෙ. එතකොටනං වැඩේ ෆුල් අඤ්ඤකොරොස් තමයි.

      Delete
    2. එහෙමත් එකක් වෙනවද?

      Delete
    3. /// ඔය තියෙන්නෙ යස අ‍ගේට. උඹත් මම වගේ පලවෙනි පාර බුකියෙන් මෙතනට එන්න ඇත්තෙ. එතකොටනං වැඩේ ෆුල් අඤ්ඤකොරොස් තමයි. ///

      මටත් ඕක උනා. මම මුට බැනල කමෙන්ට් එකක් දාන්නත් හදල නිකං හිටියා...
      ආයේ දෙවෙනි වතාවට බ්ලොග් එක හරහා ඇවිත් බලද්දී අවුලක් නැහැ...

      Delete
    4. යන්තං ඇති බේරුණා.

      Delete
  8. ඒකනේ.. බෝ කලබල උනාට ඔය තින්නේ ඕන්තරන් දර.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. දර නං තීනව තමා.

      Delete
  9. ඔය, ගෙදර හැම එකක්ම තියෙන උන්දැලගෙං තමයි පරිස්සං වෙන්ඩ ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ගෙදර னයෙක් ඉන්නවනං බයවෙන්න ඕන නෑ බං.

      Delete
    2. ලාම්පුතෙල් තියෙනව.

      Delete
  10. අර මනුස්සය සිරාවටම පව් බං.

    ReplyDelete
    Replies
    1. මිනිහගෙ මෝඩකමට පව් කියල හිතෙනව තමා.

      Delete
  11. ඔය වයසක මිනිස්සු ඔහොම වැඩක් කරන්න ගියාම හරිම සැහැල්ලුවෙන් ඉන්නෙ. ජීවිත කාලෙම ගොඩක් දේවල් කරලා පුරුදු නිසාද මන්ද, අනේ මේවා මොකටද, මේවා මොකටද, අර ඕන තරම් තියෙන්නේ, මොකට ඔච්චර මහන්සි වෙනවද වගේ කතා ගොඩයි. අපේ ගෙදරත් ඔහොමයි.

    එකම දේ, එයාල දැන් ටිකක් වයසින් වැඩිමල් නිසා ඉස්සර වගේ හදිසියට දේවල් කරන්න අමාරුයි කියල තේරුම් ගන්නේ නැහැ. නමුත් ඕවා කියන්න ගිහින් එයාලගෙ ආත්ම ගරුත්වයට අඩුවක් උනොත් හිත රිදෙන නිසා, අපිට හරිම සීරුවෙන් ඉන්න සිදු වෙනව.

    මමත් සුරංග වගේ, ටිකක් වේලාසනින් අවශ්‍ය දේවල් ඔක්කොම සූදානම් කරන්න කැමති කෙනෙක්. ඉතින් මටත් ඔය වගේ කතා ඇහිල තියනව නිතරම.

    ReplyDelete
    Replies
    1. අපේ නැන්දම්මට තාම පනස් පහක් වගේ වෙන්නෙ. උන්දැගෙ ඔය සිරිත පිය පාර්ශවයෙ ජානවලින් එන එකක්ලු.

      Delete
  12. අතේ ඇගිලි 5 වගේ තමා මිනිස්සු...

    ReplyDelete
  13. තදේට වැස්සකුත් වැහැලා උදේටම දර හෙව්ව නම් කොහොමද

    ReplyDelete
    Replies
    1. එහෙනං වසල හමාරයි.

      Delete
  14. ලිවීම් ස්ටයිල් එකේ පොඩි වෙනසක් තියනව. ඒකත් හොඳයි. මේ පෝස්ට් එකේ ඉන්න චරිතවලට ඉස්සර ලියපු ඒවගෙ ඉන්න චරිතවලට වඩා ඇල්මකින් ලියල තියන නිසාද වෙනස?

    ReplyDelete
    Replies
    1. මෙතන සම්බාදක තියෙනව.

      Delete
  15. ලියන විදිය වෙනස් වෙලාද වෙනස් කරලද

    ReplyDelete
    Replies
    1. ඉබේ වෙනස් වෙලා

      Delete
  16. ම්ම්ම් .... හිනාවුණා . දේවල් ගැන හිතුවා . තවත් සමහර දේවල් ඉගෙන ගත්තා . ස්තුතියි .

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ආයිමත්.

      Delete
  17. අාතල් කතාවක්. අනිත් ටිකත් ඉක්මනට ලියහං

    ReplyDelete
    Replies
    1. කොයි අප්පා අපට වෙලාවක්

      Delete
    2. මංගල්ලයක් කතා කරන්නේ නැතිව අර පාළුවට ඇරලා තියන හේන සුද්ද බද්ද කරල අපහු අස්වද්දපන්.

      Delete
  18. +++++++++++++++
    අනිත් ටිකත් !!

    ReplyDelete
  19. ලකියා.. බිංදු. අමතක නොවන චරිත.

    ReplyDelete
  20. යාංහෑල්ලට වෙච්ච දේ

    යාංහෑල්ලේ විපරිණාමය ගැන විද්වතුන් පළ කල අදහස් කීපයක් මා වෙත ලැබී ඇත.

    1. අපේ හාන්දුරුනේ අපේ කාලේ මෙහෙම දෙයක් උනේ නෑ. එහෙම උනා නං අපි වෙනම අමාත්‍යාංශයක් පිහිටුවලා යාංහෑල්ල හරි මාර්ගයට ගන්ඩ කටයුතු කරනවා.- මරා

    2. මේක පැහැදිලිවම බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. මෙහෙම ශ්‍රී ලාංකික මාතෘභූමියට අයිති සම්පත් විනාශ කරන්ඩ ඔය සුරංග කියන සී.අයි.ඒ නියෝජිතයාට ඉඩ දෙන්නේ මේ නිවට ආණ්ඩුව. ඒ හිංදා අපි වහාම මේ ආණ්ඩුව ගෙදර යැවීමට මැතිවරණයක් ඉල්ලා සිටිනවා. - විවී

    3. මෙහෙම වෙනස්කම් ඇති වන්නේ බදුලු ප්‍රදේශය රකින දෙවියන් හා මිනුම්දෝරු දෙපාර්තමේන්තුව රකින දෙවියන් අතර සිද්ද වෙච්ච අමනාපයක් නිසා බව මම ඊයේ ඒ දෙවියන් සමග කල අධ්‍යාත්මික සංවාදයේදී දැන ගැනීමට ලැබුනා. ළඟදීම බලගතු දෙවියෙක් සුරංග මහතා ජීවත් වන නිවසට පත්කොට ප්‍රශ්නය සමතයකට පත් කරන්ඩත් මම කටයුතු කළා. - මහාචාර්ය දඅ

    4.අත් දුටුවයි සත්‍යයි! මහා මලයාලි ගුරුකම්. මුලින් සතයක් වත් එපා. හරිගිය පසු රුපියල් දහ දාහක පඬුරක් තබන්න. මෙන්න මා කල ගුරුකම් වල අත් දුටු ප්‍රතිපල. දානය කඩා කප්පල් කල සුරංග මහතාට අප විසින් කල ගුරුකමේ ප්‍රතිපල ලෙස ලියන විදිහ පවා වෙනස් වී ඇත. ඔබේ ගැටළුවත් මා වෙත බාර දෙන්න. - ඩින්ගිරිස් ගුරුන්නාන්සේ

    5. සුරංග පුතා එහෙට්ට මෙහෙට්ට වෙනකල් ඉඳලා මමයි මේ පාර පෝස්ට් එක ලිව්වේ - දිගං මාමා

    ReplyDelete
    Replies
    1. හා හා :) , මාර කොමෙන්ට් එක

      Delete
  21. අපි පෑදිලිව කියන්ටෝනෙ. මේ රට දියුණු කරන්ට යාංඈල්ල වෙනස් කරන්ටෝනෙ. දළ ජාතික නිෂ්පාදනේ වැඩි කරන්ටෝනෙ. රුපියල හායනය අඩුකරන්ටෝනෙ. ඒක්කරන්ට පුළුවන්නෙ අපේයාණ්ඩුවකට විතරයි. ඒ හංදා දෙදාස්විස්සෙ මැටිවර්නෙං අපේ පක්ෂෙ දිනවා යාංඈල්ල නව මාවතකට ගෙනියන්න. ස්තූතියි. ටෑංකූ..
    - සදා නායක.

    ReplyDelete
  22. අදයි කියෙව්වේ බාං...

    ReplyDelete
  23. සමාජයේ දකින්න ලැබෙන එක එක චරිත . අර සෝමපාල මාමා නම් ඇත්තටම පවු. හ්ම්ම්. අවසාන කොටසේදී නම් හිනා ගියා හොදටම. ජය වේවා !

    ReplyDelete
  24. “ඒකනෙ මං කිව්වෙ ඕං තරං දර තියෙනව කියල“ - ක්ලැසික්

    ReplyDelete
  25. බැලුව වැරදිලා වෙන බොගකටවත් රිංගලද කියල, අර වෙනද කාව උනත් දෙපාරක් නොබලා රෙදි අන්තරහ්දාන වෙන්නම පතුරු අරින එකා හොයා ගන්ට නැහැ.

    මට තේරෙනවා ගෘහස්ත වාරනයත් එක්ක දන් දෙන්න වගේම බොග ලියන්නත් උඹ විඳින දුක මලේ.... ඇහැක් විදිහට දිගටම කොටාන පලයන් :-D

    ReplyDelete