සිංහලුන් ගාවට අපේ රටේ වැඩිම ජනවර්ගය දෙමළුය. මේක ඕනිනං ‘සිංහල ජනවර්ගය හැර අපගේ රටෙහි මීළඟට වැඩිම ජන වර්ගය ද්‍රවිඩ ජනතාවයි‘ කියා ලියන්නත් පුළුවන. ඒ වුනාට අපි ඇත්තටම භාවිතා කරන්නේ දෙමළු කියා නොවේද? මං අද ලියන්නේ තේ ගහට ආත්මය බද්ධ කරගත් දෙමළු ගැනයි.
ලංකාවේ දෙමළ ජනතාව කොටස් කීපයකට බෙදේ. උතුරු නැගෙනහිර පලාත්වල ඉන්නේ ගොවිතැනක් බතක් කරගෙන, රස්සාවක් කරගෙන, සමාජයේ ඔලුව කෙලින් තියාගෙන ඉන්නා නම්බුකාර දෙමළ මිනිස්සුය. කොළඹ සහ තදාසන්න නගරවල ජීවත්වන දෙමළ මිනිස්සුද බහුතරයක් ව්‍යාපාර හිමි පෝසතුන්ය. ඊළඟට සමාජ තත්වය මදක් අඩු කොටස ජීවත්වන්නේ උඩරට වතුකරයේය. ඔවුන්ගේ බහුතරය තේ වතුවල ජීවත් වුවද, වත්තේ වැඩ කරන්නේ පවුලේ දෙමව්පියන් පමණි. දරුවන් වෙනත් රැකියා කරති. ඒ අතරින් උගත් අය රජයේ රැකියාද, පෞද්ගලික අංශයේ මධ්‍යම මට්ටමේ රැකියාද, ව්‍යාපාරද කරති. ඔවුන්ගේ පවුල්වලට වත්තේම ඉඩම් කොටසක සාදාගත් ගෙයක්ද හිමිය. ඔවුන්ට ඒ නිවසට හිමිකාරීත්වය ඇත. ඒ සියල්ලටම වඩා වටිනා ඡන්ද බලය ඇත.
මේ කොටස් එකකටවත් අසු නොවුනු දෙමළ ප්‍රජාවක් ලංකාවේ වෙසෙන බව ඔබ සමහර විට අසා නැතිවන්නට පුළුවන. ලන්ඩනයේ තේ වෙන්දේසිවල විකිණෙන තේ වර්ගවලින් අඩක් පමණ නිපදවීමට අවශ්‍ය දළු නෙලන්නේ ඔවුන් බව ඒ අවට උද්‍යානවල ‘ලාංකීය ද්‍රවිඩයින්ගේ විමුක්තිය වෙනුවෙන් උද්ඝෝෂණය කරන උගත් ද්‍රවිඩයින්‘ දන්නේද නැත. නමුත් පහතරට තෙත් කලාපයේ එවැනි දෙමළ ජනතාවක් වෙසෙති. ඔවුන් අපේ ගමේ හැඳින්වෙන්නේ දෙමළු නමිනි. සිංහල මිනිස්සු 'සිංහලුන්' ලෙස හඳුන්වන ලෙසම මෙතැන් පටන් මොවුන්ව හැඳින්වීමට මං 'දෙමළු' යන වදන යොදාගන්නේ ඔවුන්ව හැඳින්වුනේ එලෙස බැවිනි.
දෙමළු ඉන්නේ ලැයිං වලය. ලැයිං යනු අපේ රටේ ඉස්කෝල හෝල් එකක් තරං දිග එයිං බාගයක පමණ පළලින් යුත් ටකරං සෙවිලි කල ගොඩනැගිලිය. මේවා අඩි දොලහක පමණ පළලැතිව කාමරවලට බෙදා ඇත. එවැනි කාමරයක පවුලේ අට දෙනෙක් පමණ සිටීම සුළභය. ගොම මැටි ගෑ පොලවේ එක පැත්තක බිම බැඳි ලිපක උයාගෙන කෑමත් එම කාමරයේම බිම එලූ පෝරකවර කීපයක් මත එක පොදියට නිදාගැනීමත් ඔවුන්ට උරුමය. සිය එකම සේසත වන ඇඳුං කඩමාලු ටික කාඩ්බෝඩ් පෙට්ටියකත්, හැලිවලං ටික ගෙබිම මතත්, තබාගන්නා ඔවුන්ගෙන් කලාතුරකින් අයෙක් සතුව ඉඳහිට රේඩියෝ කැසට් යන්ත්‍රයක් තිබෙනු මා දැක ඇත. රාත්‍රී කාලයේ එක කුප්පි ලාම්පුවෙන් මුළු ලැයිං කාමරයම එළිය කෙරේ. බොහෝවිට ඔවුන්ගේ පොඩි ළමයි රෑ නින්දෙන් ඇහැරී ගොස් කුප්පි ලාම්පුව පෙරලාගෙන ගිනි ඇවිලී අබ්බගාත වූවෝය. නැත්නම් මිය ගියෝය.
ඔවුන්ගේ එකම ජීවනෝපාය තමුන් සිටිනා වත්තේ වැඩ කිරීමය. සමහරුන් සුළුවෙන් කුකුළන්, එළුවන් ඇති කළහ. නමුත් දෙමලුන්ගේ කුකුල් බිත්තරද අපට හිරිකිත විය. ඉඳහිට ගමේ අය ඔවුන්ගෙන් කුකුලෙක් මරවා ගත්හ. සිංහල අවුරුද්දට ඔවුන්ගෙන් එළුමස් මිලදී ගත්හ. ඔවුහු ඉඳහිට වත්තේ වැඩ නැති විට ගමේ සිංහළුන්ගේ කුලීවැඩද කළහ. සමහරු වත්තේ වැඩ මගහැර පිටස්තර තැන්වල වැඩට ගොස් හවසට වත්තෙ මහත්තයාගෙන් පිටපුරා ලාඩප්පා පොළු පාර කෑවෝය. උදේට 'මහ ජෝඩුව' වැඩට යාමත් අවුරුදු අටේ දහයේ ලොකු ළමයි සහ වැඩ කළ නොහැකි මහළු අය ගෙදරට වී අත දරුවන් බලාගැනීමත් කළහ. ඔවුන්ගේ නිසි වයස සපිරූ ළමයි පාසල් නොගියහ. සමහරු යන්තම් එක දෙක වසරවල් වලට පමණක් ගියහ. ඔවුන්ට දෙමළ භාෂාවෙන් පාසල් අපේ අහල ගං හතකවත් නොතිබිණි. මට මතක ඇති පරිදි මා පාසල් යන විට 1 වසරේ සිිටයේ එක දෙමළ කෙල්ලක පමණි. කරුණාවතී මිස් විමසූ විට සිය නම 'මාරි කූරි' යැයි ඇය කීවාය.
"මේ ලමයගෙ නම මාලු කූරිලු"
කියා ඇයත් අනෙක් ගුරුවරියෝත් අපිත් සිනාසුනෙමු. මාරි වැඩිකලක් පාසල් නොආවාය. නමුත් 'කරුපයියා නන්දකුමාර්' නම් තවත් සිසුවෙක් නම් හතර වසර වනතෙක් පාසල් පැමිණියේය. අපි සැමවිටම දෙමළුන් සමග එක ඩෙස් එකේ වාඩිවීමට නොකැමති වීමු. බස් එකේදිවත් අප සමග එක අසුනේ ඉඳ ගැනීමට දෙමළුන්ට ඉඩ නැත. එනිසා 'කරුපයියා' පිටුපස මේසයක තනිවම සිටියේය. කුණුහරුප ගැන හසල දැනුමැත්තෝ ඔහුගේ නමෙහි ඇති 'කරුව' ඉවත් කලෝය. අනෙක් දෙමළ ළමයි මෙන්ම කරුපයියාද අවුරුදු දොලහෙන් පමණ ඉස්කෝලේ අතහැර කුලී වැඩට යන්නට පටන්ගෙන, කසිප්පු බීමටද හුරුවී රැවුල වැඩෙන විටම ලැයිමේ කෙල්ලෙක් සමග වෙනත් වත්තකට පැන යන්නට ඇත.
මේ අතරින් සමහර දෙමළු ජංගම ජීවිතයක් ගතකළහ. තේ අක්කර තුන හතරක් පමණ ඇති ගම්වැසි සිංහලයෝ සිය ඉඩමේ කොනක පෙට්ටියක් වැනි කුඩා ගෙවල් ඉදිකර එහි දෙමල පවුල් නවත්තා ගත්හ. එවැනි දෙමල පවුල් ඉඩම් හිමියාගේ තේ ඉඩමේ වැඩද, ගෙදර වැඩද කරමින් ජීවත් වූහ. මෙවැනි දෙමළ පවුලක් වැඩට තියාගන්නා තැනැත්තා කලක් යාමේදී ඔවුන්ව එළවා දමා වෙනත් පවුලක් ගෙන්වා ගනී. බොහෝවිට එල්ල වන චෝදනා වන්නේ 'තේ ගස් නාස්ති කිරීම', 'හොරකම් කිරීම', බීගෙන කුණුහරුප කියාගෙන ගෑනියි මිනිහයි මරාගැනීම ආදියයි. නමුත් බොහෝවිට එසේ එළවන්නේ ඔවුන්ගෙන් වැඩ කරවාගෙන මාසයක් එකහමාරක පමණ පඩිය නොදී තබාගෙන එය ඉල්ලූවිට බව තතු දත්තෝ දනිති. ඒ සියල්ලේ පාඩුව විඳගන්නට වන්නේ ඒ පවුලට ණයට බඩු දුන් කඩේ මුදලාලිටය. හිටිගමන් පළවාහැරෙන මෙවැනි දෙමළ පවුල් නවතින්නේ වෙනත් ගමක එවැනිම ඉඩම් හිමියෙක් ළඟය. මෙම දෙමළ පවුල්වල කාන්තාවන්ට ඉඩම් හිමියාගෙන් අතවර නොවන්නේ දෙමළු යනු හිරිකිත ජාතියක් බව කුඩාකළ පටන් කාවද්දා ඇති නිසාය. නමුත් මා දන්නා එක්තරා ඉඩම්හිමියකු සිය ඉඩමේ වැඩ කරන දෙමළ කාන්තාවකට සිය හැඩ රුවේම දරු සම්පතක් ලබාදී ඇත. එය තමුන්ට වූ අසාධාරණයක් බව ඒ දෙමළ කාන්තාව නොසිතීමම ඔවුන්ගේ ජීවිත කතාවේ එක් පාර්ශවයක් පෙන්නුම් කරයි.
ඉහත දැක්වූ පරිදිම 'දෙමළු' උපතින්ම ණය වන්නෝය. ඔවුන් කෑමට අවශ්‍ය පිටි, සීනි, හාල් ආදිය මිලදී ගන්නේ අවට ඇති කඩවලින්ය. ණය පොතක ලියවෙන ඒ ණය ගෙවෙන්නේ වත්තේ පඩි දෙන දවසටය. මුලින්ම මුදලටත් ඉන්පසු රුපියල් දාහක ණය සීමාවකට යටත්වත්, ඉන් පසුව ඊට වැඩි ණය සීමාවකටත් කඩෙන් ණයට ගන්නා ඔවුන් සමහර විටෙක ලැබෙන පඩියෙන් ණය නොගෙවා වෙනත් කඩයකින් බඩු ගනිති. මේ ආකාරයට වංචා කිරීම ඔවුන්ගේ සිරිතකි.
ඔවුන්ගේ ප්‍රධාන ආහාරය රොටීය. දෙමළුන් කළු වන්නේ රොටි කෑම නිසා යැයි අපේ ආච්චම්මා කියයි. අපේ ගෙවල්වලට පාං පිටි ගෙනියන්නේ එහෙමත් වෙලාවක වුවත් දෙමළු එකවර පිටි කිලෝ දෙකක් තුනක් ගෙනියති.
අපේ ගමේ සිටින කවුරුත් එකිනෙකාට අමතන්නේ අයියෙ, අක්කේ, නංගියෙ, මල්ලියෙ, මාමෙ නැන්දේ, ආතෙ ආච්චම්මේ වශයෙනි. සමහර විට නම සමගම ඉහත ඇමතුම යෙදේ. නමුත් ගොවිගම කුලයට වඩා පහත් කුළවල අයටත්, දෙමළුන්ටත් නෑකම කීමක් නැත. රත්නෙ බාප්පාට 'රත්නෙ බාප්පේ' කියතත් ඒ වයසේම සිටින දෙමළ මිනිහෙක් වන 'සංකර'ට අපි 'සංකරයෝ' කියා අමතමු. වැඩිහිටියෝද අප වැනි පොඩි අයට 'පුතේ' කියතත් අපේ වයසේම සිටින සංකරගේ පුත්‍රයාට 'රාමුවෝ' කියා අමතති. අපව හැඳින්වීමේදී 'පංසල ගාවා සොම්පාලගෙ ලමයා' ආදී වශයෙන් කියතත් දෙමළ ළමයෙක් දුටුවිට 'කාගෙද මංද දෙමළ පැටියෙක්' කියා කියති. වයසක දෙමළ මිනිසුන් 'කංකානම' නමින්ද, දෙමළ ගෑනු කවුරුත් 'ආච්චි' නමින්ද හැඳින්වේ. එබැවින් අපේ ආච්චම්මා තමුන්ට 'ආච්චි' යනුවෙන් අමතනු ලැබීමට නොකැමතිය. අපි කෙසේ ඇමතුවත් දෙමළුන් වැඩිහිටි සිංහල අයට 'මාතියා', 'නෝනා' යනුවෙන්ද, අපේ ආච්චම්මාට 'ලොකු මෙනිකේ' ලෙසද, කුඩා ළමුන්ට 'චූටි මාතියා', 'චූටි මැණිකේ' යනුවෙන්ද ඇමතිය යුතුය. අපි පාරේ යනවිට දෙමළුන් ඉඩ දිය යුතුය.
ලැයිං කාමරවල ඉන්නා පවුල් හිටි ගමන් රණ්ඩු වී කපා කොටා ගනිති. ඒවා බේරන්නේ වත්තේ මහත්තයාය. බොහෝවිට අඩුවෙන් තුවාල ලැබූ එකාට කොන්ද හරහට ලාඩප්පා පොල්ලකින් තැලීමෙන් දඬුවම් දෙනු ලැබේ. වරක් අපේ පුංචම්මාගේ කඩෙන් ණයට ගෙන ණය නොගෙවූ දෙමළෙක්ව පුංචම්මා විසින් රඹුටං ගහේ බැඳ ලාඩප්පා පොල්ලෙන් තලන ලදී. කඩේ ළඟ වටවූ සෑහෙන පිරිසක් ඉදිරියේ තැලුම් කෑ ඔහුව හදිසියේ කඩාවැදුනු අපේ මාමා විසින් නිදහස් කර යවන ලද්දේ පුංචම්මාව පොලීසි ගෙනියන බවට තර්ජනය කිරීමෙන් පසුවය. නිදහස ලැබූ මිනිහා තමුන් ලැබූ පොලු පාරවල්වල වාඩුව ගත්තේ තමුන් ගුටිකන තෙක් පැත්තකට වී බලාසිටි සිය බිරිඳ සහ ළමයින්ට තැලීමෙනි. නමුත් මේ කිසිවිටකත් දෙමළුන් පොලීසියට ගොස් 'ඇන්ටරියක්' දැමීමට තරම් නිර්භය නොවීය.
ඔවුන්ගේ ආගමික උත්සවයක් කියා ඇත්තේ එකකි. ඒ කුඩා දේව රූපයක් ඔවුන් විසින් සාදාගත් කුඩා දෝලාවක තබා ගෙනයන උත්සවයයි. එය දෙමළ පෙරහැර නම් වේ. මහ රෑ නවයට පමණ වත්ත පාරදිගේ ප්‍රධාන පාරට පැමිණ මහපාරේත් ටික දුරක් යන මේ පෙරහැරේ කාවඩි නටන්නෝ කීප දෙනෙක් සිටිති. දේව පිලිමයට ඉහලින් වත්තේ සිටින එකම ධනවතා වන 'රාජා'ගේ ගෙදර තිබෙන ඩියුබ් ලයිට් එක එල්ලා ඇත. එයට කරන්ටෙක දෙන බැට්ටිය ඔහු විසින් සිය පාපැදියේ තබාගෙන තල්ලු කරගෙන යයි. ඔවුන්ගේ පෙරහැරේ ගෙනයන ටිං බෙලෙක් කැටයට අපි කවුරුත් සත පනහක් රුපියලක් දමමු. එයට වැඩි ගානක් නොදමන්නේ 'දෙමළ දෙයියන්ට' පඬුරු දැම්මාට පිං නොලැබෙන නිසාය.
පසුගිය යුද්ධ කාලයේදී දෙමළුන්ට නිතර ගුටි කන්නට සිදුවිය. සමහර ප්‍රදේශවල ග්‍රාමීය දේශප්‍රේමියෝ සිය ගමට හමුදාවේ කෙනෙකුගේ මෘත දේහයක් ගෙනෙන සැම විටම අසල පිහිටි වතුවලට කඩාපැන දෙමළුන්ගේ හට්ටි මුට්ටි පොලවේ ගසා දෙමළුන්ට ගුටි ඇන්නෝය. ඔවුන්ගේ කුකුළු කූඩුවල සිටි කුකුළන් මරාගෙන කෑවෝය.
දෙමළ පවුල්වල වැඩියෙන් දුක් විඳින්නේ ගැහැණුය. යන්තම් අවුරුදු දොළහ දහතුන වනවිටම කුවුරන් හෝ 'දෙමල' මිනිහෙක් සමග පැනගොස් වෙනත් වත්තක ලැයිමක නවතින ඔවුන් වැඩි කල් නොයාම ළමයින් පෝලිමක් හදාගන්නේ උපත් පාලන ක්‍රම ගැන නොදන්නා නිසා විය යුතුය. මෙයින් ළමයින් කීප දෙනෙක්ම කුප්පි ලාම්පුවට පිලිස්සීම, ඇලක දොලක වැටීම, ලෙඩ හැදීම ආදිය නිසා අඩු වයසින්ම මියයති. ඉතුරු ළමයින්ද අතපය හතර හයිවනවිටම කුලීවැඩට ගොස් ඇටෙං පොත්තෙන් එලියට එන කාලයේදීම කා සමග හෝ පැනයති. ඔවුන්ගේ කසාද ජීවිතද මාස දෙකතුනක්, අවුරුද්දක් දෙකකට වඩා වැඩි කාලයක් රඳන්නේ නැත. එවැනි විටක ළමයින්ද සැමියාද දමා අලුත් 'මිනිහා' සමග පැනයාම 'දෙමළ' ගෑහැණුන්ට අරුමයක් නොවේ.
'ඉංගනේසන්ගේ ගෑනි' වන 'රානි' හැමදාම වත්තේ හෝ ගමේ අයගේ කුලී වැඩ කරද්දී ඉංගනේසන් කිසි වැඩක් නොකර සිය බිරිඳගේ අතේ ඇති මුදල පැහැර ගනිමින් එයින් කසිප්පු බී ඇයටම තඩිගැසුවේය. මේ නිසා 'රානි' අලුත් සැමියෙක් හොයාගෙන ඔහුත් සමග පැන ගියාය. 'ඉංගනේසන්' තවත් ගෑනියෙක් ගෙනාවේය. දවල් දවසේ වැඩ කිරීමත්, නොකඩවා ළමයින් වැදීමත්, රාත්‍රියට ගුටිකෑමත් නිසා මට මතක ඇති කිසිඳු 'දෙමළ' ගැහැනියක් මෝල් ගහක් තරංවත් මහත නැත.
දෙමළුන්ගේ ගෙවල්වල කොටහළුවක්, මගුලක් හෝ අවමගුලක් වූ විට උත්සවයක් ගත් බවක් මා දැක නැත. සමහර අවස්ථාවල කලක් තිස්සේ අපි දන්නා දෙමළ මිනිහෙක් දකින්නට නොමැති විට කවුරුන් හෝ ඔහු ගැන විමසයි.
"කෝ රාජො අර උඹලෑ ලැයිමෙ හිටිය බීඩි බොන වයසක කංකානම?"
"යේ එපේ මමානේ මෙනෙිකේ. ගිය ෂුමානෙ මෙරුනා. වත්තෙම් වල්දැම්ම"
වයසට ගොස් මැරුණද, කුඩා කාලයේදී මැරුණද, ළමයි හම්බුවෙන්නට ගොස් මැරුණද, ඔවුන්ව රෙදි කඩමාල්ලක ඔතා වත්තේ පහල කොටසේ තේ ගස් නැති මූකලානක වල දමනු ලැබේ. ඒ තේ ගස් ඇති තැනක හෝ වතු ඉඩමේ ඉහලක වල දැමුවහොත් මළ මිනිය දිරායන සාරය තේ ගහට උරාගැනීමට ඉඩ ඇති නිසාදැයි මම නොදනිමි.
ඔවුන් ගැන යන්තම් හෝ කියවෙන සිංදුවක් ඇත්තේ මෙපමණය. අවාසනාවකට ඒ සිංදුවටද දෙමළුන්ගේ ජීවිතවලට වුනු දේම සිදුවී ඇත.
ඔවුන්ගේ ප්‍රධාන ආහාරය රොටීය. දෙමළුන් කළු වන්නේ රොටි කෑම නිසා යැයි අපේ ආච්චම්මා කියයි. අපේ ගෙවල්වලට පාං පිටි ගෙනියන්නේ එහෙමත් වෙලාවක වුවත් දෙමළු එකවර පිටි කිලෝ දෙකක් තුනක් ගෙනියති.
අපේ ගමේ සිටින කවුරුත් එකිනෙකාට අමතන්නේ අයියෙ, අක්කේ, නංගියෙ, මල්ලියෙ, මාමෙ නැන්දේ, ආතෙ ආච්චම්මේ වශයෙනි. සමහර විට නම සමගම ඉහත ඇමතුම යෙදේ. නමුත් ගොවිගම කුලයට වඩා පහත් කුළවල අයටත්, දෙමළුන්ටත් නෑකම කීමක් නැත. රත්නෙ බාප්පාට 'රත්නෙ බාප්පේ' කියතත් ඒ වයසේම සිටින දෙමළ මිනිහෙක් වන 'සංකර'ට අපි 'සංකරයෝ' කියා අමතමු. වැඩිහිටියෝද අප වැනි පොඩි අයට 'පුතේ' කියතත් අපේ වයසේම සිටින සංකරගේ පුත්‍රයාට 'රාමුවෝ' කියා අමතති. අපව හැඳින්වීමේදී 'පංසල ගාවා සොම්පාලගෙ ලමයා' ආදී වශයෙන් කියතත් දෙමළ ළමයෙක් දුටුවිට 'කාගෙද මංද දෙමළ පැටියෙක්' කියා කියති. වයසක දෙමළ මිනිසුන් 'කංකානම' නමින්ද, දෙමළ ගෑනු කවුරුත් 'ආච්චි' නමින්ද හැඳින්වේ. එබැවින් අපේ ආච්චම්මා තමුන්ට 'ආච්චි' යනුවෙන් අමතනු ලැබීමට නොකැමතිය. අපි කෙසේ ඇමතුවත් දෙමළුන් වැඩිහිටි සිංහල අයට 'මාතියා', 'නෝනා' යනුවෙන්ද, අපේ ආච්චම්මාට 'ලොකු මෙනිකේ' ලෙසද, කුඩා ළමුන්ට 'චූටි මාතියා', 'චූටි මැණිකේ' යනුවෙන්ද ඇමතිය යුතුය. අපි පාරේ යනවිට දෙමළුන් ඉඩ දිය යුතුය.
ලැයිං කාමරවල ඉන්නා පවුල් හිටි ගමන් රණ්ඩු වී කපා කොටා ගනිති. ඒවා බේරන්නේ වත්තේ මහත්තයාය. බොහෝවිට අඩුවෙන් තුවාල ලැබූ එකාට කොන්ද හරහට ලාඩප්පා පොල්ලකින් තැලීමෙන් දඬුවම් දෙනු ලැබේ. වරක් අපේ පුංචම්මාගේ කඩෙන් ණයට ගෙන ණය නොගෙවූ දෙමළෙක්ව පුංචම්මා විසින් රඹුටං ගහේ බැඳ ලාඩප්පා පොල්ලෙන් තලන ලදී. කඩේ ළඟ වටවූ සෑහෙන පිරිසක් ඉදිරියේ තැලුම් කෑ ඔහුව හදිසියේ කඩාවැදුනු අපේ මාමා විසින් නිදහස් කර යවන ලද්දේ පුංචම්මාව පොලීසි ගෙනියන බවට තර්ජනය කිරීමෙන් පසුවය. නිදහස ලැබූ මිනිහා තමුන් ලැබූ පොලු පාරවල්වල වාඩුව ගත්තේ තමුන් ගුටිකන තෙක් පැත්තකට වී බලාසිටි සිය බිරිඳ සහ ළමයින්ට තැලීමෙනි. නමුත් මේ කිසිවිටකත් දෙමළුන් පොලීසියට ගොස් 'ඇන්ටරියක්' දැමීමට තරම් නිර්භය නොවීය.
ඔවුන්ගේ ආගමික උත්සවයක් කියා ඇත්තේ එකකි. ඒ කුඩා දේව රූපයක් ඔවුන් විසින් සාදාගත් කුඩා දෝලාවක තබා ගෙනයන උත්සවයයි. එය දෙමළ පෙරහැර නම් වේ. මහ රෑ නවයට පමණ වත්ත පාරදිගේ ප්‍රධාන පාරට පැමිණ මහපාරේත් ටික දුරක් යන මේ පෙරහැරේ කාවඩි නටන්නෝ කීප දෙනෙක් සිටිති. දේව පිලිමයට ඉහලින් වත්තේ සිටින එකම ධනවතා වන 'රාජා'ගේ ගෙදර තිබෙන ඩියුබ් ලයිට් එක එල්ලා ඇත. එයට කරන්ටෙක දෙන බැට්ටිය ඔහු විසින් සිය පාපැදියේ තබාගෙන තල්ලු කරගෙන යයි. ඔවුන්ගේ පෙරහැරේ ගෙනයන ටිං බෙලෙක් කැටයට අපි කවුරුත් සත පනහක් රුපියලක් දමමු. එයට වැඩි ගානක් නොදමන්නේ 'දෙමළ දෙයියන්ට' පඬුරු දැම්මාට පිං නොලැබෙන නිසාය.
පසුගිය යුද්ධ කාලයේදී දෙමළුන්ට නිතර ගුටි කන්නට සිදුවිය. සමහර ප්‍රදේශවල ග්‍රාමීය දේශප්‍රේමියෝ සිය ගමට හමුදාවේ කෙනෙකුගේ මෘත දේහයක් ගෙනෙන සැම විටම අසල පිහිටි වතුවලට කඩාපැන දෙමළුන්ගේ හට්ටි මුට්ටි පොලවේ ගසා දෙමළුන්ට ගුටි ඇන්නෝය. ඔවුන්ගේ කුකුළු කූඩුවල සිටි කුකුළන් මරාගෙන කෑවෝය.
දෙමළ පවුල්වල වැඩියෙන් දුක් විඳින්නේ ගැහැණුය. යන්තම් අවුරුදු දොළහ දහතුන වනවිටම කුවුරන් හෝ 'දෙමල' මිනිහෙක් සමග පැනගොස් වෙනත් වත්තක ලැයිමක නවතින ඔවුන් වැඩි කල් නොයාම ළමයින් පෝලිමක් හදාගන්නේ උපත් පාලන ක්‍රම ගැන නොදන්නා නිසා විය යුතුය. මෙයින් ළමයින් කීප දෙනෙක්ම කුප්පි ලාම්පුවට පිලිස්සීම, ඇලක දොලක වැටීම, ලෙඩ හැදීම ආදිය නිසා අඩු වයසින්ම මියයති. ඉතුරු ළමයින්ද අතපය හතර හයිවනවිටම කුලීවැඩට ගොස් ඇටෙං පොත්තෙන් එලියට එන කාලයේදීම කා සමග හෝ පැනයති. ඔවුන්ගේ කසාද ජීවිතද මාස දෙකතුනක්, අවුරුද්දක් දෙකකට වඩා වැඩි කාලයක් රඳන්නේ නැත. එවැනි විටක ළමයින්ද සැමියාද දමා අලුත් 'මිනිහා' සමග පැනයාම 'දෙමළ' ගෑහැණුන්ට අරුමයක් නොවේ.
'ඉංගනේසන්ගේ ගෑනි' වන 'රානි' හැමදාම වත්තේ හෝ ගමේ අයගේ කුලී වැඩ කරද්දී ඉංගනේසන් කිසි වැඩක් නොකර සිය බිරිඳගේ අතේ ඇති මුදල පැහැර ගනිමින් එයින් කසිප්පු බී ඇයටම තඩිගැසුවේය. මේ නිසා 'රානි' අලුත් සැමියෙක් හොයාගෙන ඔහුත් සමග පැන ගියාය. 'ඉංගනේසන්' තවත් ගෑනියෙක් ගෙනාවේය. දවල් දවසේ වැඩ කිරීමත්, නොකඩවා ළමයින් වැදීමත්, රාත්‍රියට ගුටිකෑමත් නිසා මට මතක ඇති කිසිඳු 'දෙමළ' ගැහැනියක් මෝල් ගහක් තරංවත් මහත නැත.
දෙමළුන්ගේ ගෙවල්වල කොටහළුවක්, මගුලක් හෝ අවමගුලක් වූ විට උත්සවයක් ගත් බවක් මා දැක නැත. සමහර අවස්ථාවල කලක් තිස්සේ අපි දන්නා දෙමළ මිනිහෙක් දකින්නට නොමැති විට කවුරුන් හෝ ඔහු ගැන විමසයි.
"කෝ රාජො අර උඹලෑ ලැයිමෙ හිටිය බීඩි බොන වයසක කංකානම?"
"යේ එපේ මමානේ මෙනෙිකේ. ගිය ෂුමානෙ මෙරුනා. වත්තෙම් වල්දැම්ම"
වයසට ගොස් මැරුණද, කුඩා කාලයේදී මැරුණද, ළමයි හම්බුවෙන්නට ගොස් මැරුණද, ඔවුන්ව රෙදි කඩමාල්ලක ඔතා වත්තේ පහල කොටසේ තේ ගස් නැති මූකලානක වල දමනු ලැබේ. ඒ තේ ගස් ඇති තැනක හෝ වතු ඉඩමේ ඉහලක වල දැමුවහොත් මළ මිනිය දිරායන සාරය තේ ගහට උරාගැනීමට ඉඩ ඇති නිසාදැයි මම නොදනිමි.
මනුස්ස ජිවිතේ ගැන කලකිරීමක් දැනුනා...බලන් ගියාම ඒ මිනිස්සු ගත කරන්නෙත් එක්තරා විදියක අපා ගත ජීවිතයක්...
ReplyDeleteඉස්සර අපිව පවට බය කරද්දි අපේ වැඩිහිටියො කියනවා "තොපි ඊළඟ ආත්මෙ දෙමලු වෙලා උපදියි කියලා.
Deleteඔබගේ එඩිතර ලිවීමට මගේ ප්‍රනාමය...!
ReplyDeleteමේක ලියලා සති ගානක් තිබුණා ප්‍රසිද්ධ නොකර. අන්තිමට අපේ පැරණි ලේඛකයෙක්ට පෙන්නලා ඇහුවා මේක අවුල්ද කියලා. ඔහු තමයි මාව දිරිමත් කලේ මේ ලිවිල්ල අවුලක් නැති බවට.
Deleteහරිම ශෝචනීය තත්වයක්. බෞද්ධකම මනුස්සකම ඉහලින්ම තියෙනවා යයි කියන රටක තවත් ඒ වගේම මනුශ්‍ය වර්ගයක් මෙහෙම අසරණ වෙන එක ගැන කවුරුත් හඩක් නඟන්නෙ නැත්තේ ඇයි කියලා හිතා ගන්න බෑ.
ReplyDeleteඅපේ කංකානම මතක් වුනා. කංකානම වැඩ කලේ රයි වත්තේ. සතොසේ බඩු උර කරගහපු එකට අමතරව කංකානම වත්තෙත් වැඩ කලා වෙන්න ඕනේ. ඊට අමතරව අපේ මාමගේ අපේ හා තව බොහෝ ගෙවල් වල වතු වලත් කංකානම වඩ කලා. කවදාවත් කිසිම වැඩක් බෑ කියන පුරුද්ධක් තිබුනේ නෑ. ඒ වගේ මිනිස්සු හරිම විරලයි.
කොටින්ම අපේ වත්තේ ගහක් ගලක් ගානේ කංකානමගේ ආදරය මනුස්සකම අදටත් දකින්න තියෙනවා.
එව්වා ඒ කාලෙ ඉඳලම ඒ මිනිස්සුංගෙ ජීවිතවලට බද්ධ වෙලා තියෙන අසරණකං. කාලයක් තිස්සේ තැලිලා පොඩිවෙලා යද්දි ඒ මිනිස්සුන්ටම ඒවයෙ දුකක් නැති වෙනවා. මං දන්න හුඟක් දෙමල මිනිස්සුන්ට ආත්මයක් කියල එකක් තිබුනෙ නෑ.
Deleteඔය මිනිස්සුන්ගෙ කටයුතු වලට අදාල ඇමතිකම් මෙතුවක් කල් කලේ දෙමල ඇමතිලනෙ.. උන් මේ මිනිසුන්ගේ ජීවන තත්වය උසස් කරන්න කටයුතු නොකිරීම මේ කියවන අපේ වරදක්වත්ද
Deleteමේ ත් මිනිස්සු නේද.. ඊට වඩා යහපත් විදියට අපි බල්ලො බළල්ලුන් ට ජීවත් වෙන්නට දෙනවා ඇති සමහරවිට. හරිම සංවේදීයි.
ReplyDeleteමේක ලිවුවට බොහොම ස්තුතියි සුරංග. අපි නොදකින පැත්තක්.
ලංකාවේ දමිළ පිරිස අතර උසස්ම යයි සැලකෙන්නේ උතුරේ පිරිස. ඊළඟට තමයි නැගෙනහිර. අවසානයේ තමයි කඳුකරයේ වතු ආශ්‍රිත පිරිස ඉන්නේ. මම දන්නා යාපනේ කොලුවෙක්, මාතලේ කෙල්ලෙක් එක්ක යාලු වෙලා, කොල්ලගේ ගෙදරින් අකමැති නිසා විවාහ නොවී හිටියා, ඔය පන්ති පරතරය නිසා. (ඒ දෙන්නටම වයස 40ට වැඩී. එච්චර වයසට යනකම් අවිවාහකව ඉඳලත්, විවාහ අන්තිමට කෙනෙක් හොයාගත්තම, ඇති යන්තම් මූ කෙල්ලෙක් හොයාගත්ත කියල නොහිත, කුල හොයන එකෙන්ම තේරෙනව නේ කොයි තරම් බලවත් පන්ති පරතරයක් තියනවද කියල)
යාපනේ එවුන්ට රස්සාව අනුව දෑවැද්දට නියමිත සල්ලි, රත්තරන් ප්‍රමාණ හිට තියෙනවා. වතුකරේ ජනතාවට යම් නීත්‍යානුකූල අයිතිවාසිකම් රැසක් තියෙනවා. නමුත් මේ කියන දෙමලුන්ට එහෙම එකක්වත් නෑ.
Deleteඇත්තම කතාව ගත්තොත් උතුරේ දෙමල අය උසස් අනිත් අය පහත් කියල කියනවට වඩා හරිම වෙන්නෙ දෙමල අයගෙ කුලය අනුව උසස් පහත් කියල වෙන්කරනවය කියන කතාව.. ඉන්නෙ කොයි පලාතෙද කියන එකට වඩා අයත් වෙන්නෙ මොන කුලයටද කියන එක මත මේ වෙනස්කම දරුණු විදියට දෙමළ සමාජයේ ඇතුලේ සිද්ධවෙනවා..මේක සිංහල සමාජයේ තියෙන කුලවාදයට වඩා දරුණු ආකාරයේ කුලවාදයක්.. උතුර හා නැගෙනහිර පැතිවල රාජකාරි කල නිසා මම මේක හොදටම අත්දැක්කා..
Deleteසාමාන්‍යයෙන් ඔවුන්ගේ උසස්ම කුලය විදියට බ්‍රාහ්මීන් එහෙම නැත්තං අයියර් කියන කුලය සැලකෙනවා.. නමුත් මේ පිරිස සීමිතයි.. වැඩිපුරම ඉන්නෙ සිංහල ගොවිගම කුලය හා සමපාතවන වෙල්ලාලර් කියන කුලයේ අය. මොවුන් අනෙත් කුලවලට සාපේක්ෂව උසස් කුලයක් ලෙස සම්මතවෙලා තියෙනවා සමාජය ඇතුලේ. සිංහල කුල දූරාවලිය වගේම දෙමළ අයගෙත් කුල දූරාවලියක් තියෙනවා.. ධීවර කර්මාන්තය කරන කරායර් කුලයෙ අය එම දූරාවලියෙ වෙල්ලාලර් අයට පස්සෙ ස්ථානයට පත්වෙලා තියෙනවා..
හැබැයි මඩකලපුව පැත්තට එද්දී එහෙ දෙමළ අය ගොඩක්ම ආව කියල කියන්නෙ මලබාර් පැත්තෙන්.. ඒ ධීවර කටයුතුවලට.. ඒ පැතිවල වෙල්ලාල කුලයෙ ඉන්න පිරිස සීමිතයි. ඒකයි අපට පේන්නෙ යාපනේ අයට වඩා මඩකලපුවෙ දෙමල අය පහත් කියල දෙමළ සමාජය පිලිගන්නව කියලා..
ඊලගට වතු ආශ්‍රිතව ඉන්න දෙමල පිරිස තමිල්නාඩුවෙන් කෙලින්ම මේ වැඩේටම එක්කං ආව නිසා ඔවුන් අතර තියෙන්නෙ තමිල්නාඩුවෙ ඒ කාලෙ තිබ්බ කුලක්‍රමය.. මොවුන් අතරත් උසස් පහත් බේදයන් පවතින බවත්, උසස්කියලා කියන කුලවල අයට ලයින් පේලියේ මුල් ගෙවල් දුන්නා කියලත්, කංකානි වගේ සුපවයිසර් පෝස්ට් දුන්නා කියලත් ගූගල් දෙයියො කියනවා...
ආ මේ ලියල තියෙන්නේ.. බොහොම ස්තුතියි චූලෝදරට, මේ කොටස එකතු කළාට. වැඩිපුර දේවල් ඉගෙන්න ගත්තා කිසි කමකට නැති කුල ක්‍රමය ගැන :)
Deleteසුරංග ගේ කොමෙන්ටුව ගැන මම දන්නා දේත් මෙහිම ලියන්නම්. ඔය දෑවැදි ක්‍රමය හරිම පීඩාවක් ඒ මිනිස්සුන්ට, නමුත් ඊට විරුද්ධ වෙන්න හයියක් නැහැ ඔවුනුත් ඒ සිස්ටම් එකේම කොටසක් නිසා. මගේ යාලුවෙක් ගේ ප්‍රේම සම්බන්ධයට එයාගේ අම්මා කැමති නැහැ, මොකද ගෑනු ළමයාගෙන් ලැබෙන්න තියෙන දෑවැද්ද ප්‍රමාණවත් නැති නිසා. නමුත් ඒ අම්මා ලොකු දෑවැද්දක් බලාපොරොත්තු වෙන්නෙත්, ඒ මුදලින් තමන්ගේ දුවණියව හොඳ කෙනෙකුට විවාහ කරලා දෙන්න ඕන නිසා. තමන්ගේ විවාහය තමන්ට පමණක් නොවේ තමන්ගේ සහෝදරියටත් බලපාන නිසා, මගේ යාළුවා ගොඩක් සිත් තැවුලෙන් කල් ගත කළා.
අපේ කාර්යාල කාර්ය සහයක ගොඩක් උත්සාහ කළා ලක්ෂ 25ක් එකතු කරගන්න. මොකද ක්ලාක් මනමාලයෙක් සඳහා පැකේජ් එක ලක්ෂ 25යි. ඔහු ඔය වගේ ගොඩක් රැකියා සඳහා පැකේජ් අපට කිවුව, මම ඒවා මෙතන ලියන්නේ නැහැ, මොකද එව දැකල අපේ අයත් එහෙම කරන්න ගනීවි එතකොට :D
නියමයි සුරං මේව තමයි ලියවිය යුත්තේ.
ReplyDeleteඇත්තටම ඒ මිනිස්සු ගත කරන්නෙ පුදුමාකාර අසරණ ජීවිතයක්. හැම වෙලාවෙම කාගේ හෝ අතපල්ලෙන් වැටෙන එක තමයි වෙන්නෙ. දෙමළුන්ගෙ විමුක්තිය වෙනුවෙන් කියල කෑ ගහන එක මනුස්සයෙකුටවත් ඒ මිනිස්සුන්ගෙ, ළමයින්ගෙ දුක නොපෙනන එක අපරාදයක්.
මෙව්වා අපි දෙන්නම හොඳාකාරවම දන්න දේවල්. දැං දෙමලුන්ගේ ඉදිරි පරම්පරාව ටිකක් පය ගහල කෙලිං ඉන්නවා කියල පේනවා. නමුත් උන්ට අත දෙන්න එක දෙමලෙක්කත් නෑ.
Deleteසුරං මේ අය ලංකාවට පැමිණි හැටි සහ ඒ හේතු ගැනත් ලියන්න !
ReplyDeleteඅනික ඇත්ත ඇති සැටියෙන් ලිවීම අගය කරනවා !
අපේ ආච්චි අම්මලත් "ආච්චි" කියා අමතනවාට කැමැති නැත, අම්මලා අප කුඩා කළ නිතර මේ ගැන තරවටු කළා මතකයි !
මේවත් මනුස්ස ජීවිත ! ��
මට උවමනා උනේ මේක ඉංගිරිසියෙනුත් ලියන්න. වැඩියක්ම නෝර්වේ, කැනඩා, එංගලන්තයේ ඉන්න දෙමල විමුක්තිවාදීන්ට උංගේ කෑල්ලක් හැලිලා ඇති බව පෙන්වන්න. නමුත් මගෙ ඉංග්‍රීසිවලට කලු සුද්දන්ගේ ඇඟිල්ල දික්වෙන්න පුලුවං හංදා නිකා හිටියා.
Deleteඇඟිලි දික් කරපුවාවේ බන් , අපි ලියමු :D සිරා ලිපිය , අපෙත් ආච්චි අම්මාගේ ගම යටියන්තොට , එහෙත් දෙමල අය ඉන්නවා ඔය වගේ , එහෙ මතක් වුනා
Deleteඉංග්‍රීසියෙන් ලියන්න . අපි දාල බලමු මොකද කියන්නේ කියල. උන් සද්ද නැතිව ඉන්නව. මොකද අර විමුක්තිය ඉල්ලපු අයත් වතුකරේ ජනතාව එතනට ගත්තේ නැහැනේ මුලින්. සෙබළු අඩුවෙනකොට තමයි වතුකරේ ඕන වුනේ.
DeleteFelt ashamed as a Sinhalese. Thank you for writing Suranga.
ReplyDeleteWe have nothing to worry about. As my grandmother says this is their 'Karma'. They have to spend this.
DeleteThat is BS. We are humans not animals. We need to do something about this. I thought every plantation Tamils got the right to citizenship. No matter what these people are part of our society now. We need to help them. Karma can go to hell.
Delete'Karma can go to hell'.+++++++
DeleteV.true. I think we sinhalese buddhists are very good at practising sympathy (mostly at the bad karma of others) but not EMPATHY for fellow human beings.
ලැයිං කාමරයක ඇතුළ දවල්ටත් අඳුරුය. එය විවිධාකාර 'සුවඳින්' පිරී තිබේ. සමහරවිට මේ මිනිසුන් විසින් ඇතිකරන එළුවෝද ඒ කාමරයේම රෑට ලගිති. ලැයිං කාමර පේලි අවට තිබෙන කාණු පොඩි එවුන්ගේ වැසිකිලි බව කවුරුත් දනිති. ඒවායේ ගලායන්නේ වතුර නොවේ.
ReplyDeleteමේ මිනිස්සු කිසිදු දුක්ගැනවිල්ලක්, උද්ඝෝෂණයක් නැතිව, මේ දීන තත්වයට අනුගතවී සිටින්නේ, යථාර්ථය මෙය යයි තේරුම්ගෙන ද, නැතහොත් වෙන්නට තවත් දෙයක් නැතිනිසාද යන්න තේරුම් ගැනීම අපහසුය.
අපි ආණ්ඩුකොරම විවස්තාවේ මානව හිමිකම්, සු/වෛරීත්වය, සං/හිඳියාව, අසං/හිඳියාව, පර/මාධිපත්තිය, තව අහවල් එක එහෙම ටොප් එකට තිබේය.
විචාරක මහතා, එකම දේ රටේ අනෙක් අය මෙහෙම කොටසක් ඉන්න බව නොදැනීමත් දන්නා උන් ඒ ගැන හංගාගෙන සිටීමත්ය. මේ මිනිස්සු දකුණු ඉන්දියාවේ හදන චිත්‍රපටිවල ඉන්නා සුපිරි වීරයෙක් එනතෙක් ලැයිංකාමරවල බලා ඉන්නවා.
Delete/අවාසනාවකට ඒ සිංදුවටද දෙමළුන්ගේ ජීවිතවලට වුනු දේම සිදුවී ඇත/
ReplyDeleteසිංදුවට මොකවත් වෙලා නෑනෙ බං..ඔය යස අගේට තියෙන්නෙ. මමත් ඇහුව.
තමිල්නාඩුවෙ ඉඳල අටසිය අනූගණං වල ඔය දෙමළ මිනිස්සු ලංකාවෙ වතු වැඩට ගෙනාවයි කියන්නෙ ලංකාවෙ තේ පඳුරු යට උම්බලකඩ ඉබේ හැදෙනව කියල බොරු කියලලු. ඒ කාලෙ දෙමළ මිනිස්සු උම්බලකඩ වලට බොහොම කැමතියිලු.ඉන්දියාවෙ රාමේශ්වරමෙ ඉඳල පාලම් පාරුවෙන් තලෙයි මන්නාරමට ගෙනල්ල එතන ඉඳල පයින් තමයි කැලේ මැදිං මඩු, මැදවච්චිය, අනුරාදපුරේ, කැකිරාව දඹුල්ල හරහා උඩරටට ගෙනිහිල්ල තියෙන්නෙ.
ඒ ගමනෙදි ලෙඩ වලින් ගමන් මහන්සියෙන් සෑහෙන කොටසක් මැරුනයි කියනව. ඒ මැරිච්ච මිනිස්සු ගෑණු ළමයි එහෙම්මම මහ කැලේ මැද දාල අනික් අය ගිහිල්ල වෙන කරන්න දෙයක් නැති කමට.ඒ මිනී කන්ට පුරුදුවෙලා දිවියො ආවලු ඒ මිනිස්සු පස්සෙං. එතකොට ඒ මිනිස්සු පහුකරගෙන ආපු සිංහල ගම් වලටත් කොළරාව, වසූරිය වගෙ කලින් නොතිබුනු ලෙඩ බෝ වුනාලු.
මම පොඩි කාලෙ කියෙව්ව ඉංග්‍රීසි සිවිල් නිලධාරියෙක් ඒ දෙමාල මිනිස්සුන්ගෙ ශෝචනීය ඉරණම ගැන ලියපු නවකථාවක පරිවර්තනයක්.ඒත් අවාසනාව කියන්නෙ මට ඒ පොතේවත් මුල් ඉංග්‍රීසි පොතේවත් නම් මතක නෑ. ඉන්ටර්නෙට් එකේ බොහොම පාරක් හොයල බැලුවත් විස්තර මොකවත් හොයාගන්ටත් බැරිවුනා.මම ආයෙම කියවන්ට බොහොම ආසාවෙන් ඉන්න පොතක්...
ඇයි රෙද්ද, අර සිංදුව මැද තියෙන
Delete"ඇඟ මැද කනවෝ, ඉඟ සුඟ කනවෝ, දත්තස්සෙ බත් ඇන්ඩ් බස්සස්සෙ ගස්, පිත්තාසෙගල් හෝ වග්ගඩ්ඩෙගල්," කියලා කෑ ගහල වනසන ගොබිලො ටික සිංදුවට කරන අපචාරෙ පේන්නැද්ද?
අර දුයිශෙන් ලොක්කගෙං ඇහුවනං ඔය පොත හොයාගන්න තිබ්බා. ෂුවර් ෂොට් උන්නැහැ ඔය පොත දන්නව.
This comment has been removed by the author.
Deleteමානික්කාවත පොතේ යාන්තං ඒ ගැන ටච් කරල තිබුන වගේ මතකයි රවි අයියෙ. ඔයා කියන පොතෙත් නම දාන්න.
Deleteඔය ගැන විස්තර තිබ්බේ බේකරයගේ පොතක වගේ තමයි මට මතක...
Deleteමුලින් ගෙනාපු මිනිස්සුන්ගෙන් 90% ට වඩා මිය ගිහිං, අතරමගදී මැරෙන්නේ නැතුව නුවරඑළිය පැත්තට ගෙනාපු මිනිස්සු බහුතරයක් හීතලේ මැරිලා...
දෙවෙනි පරම්පරාවේ ඉඳල තමයි ඔවුන් සීතලට ඔරොත්තු දෙන්න පටන් අරගෙන තියෙන්නේ...
ඔය මිනිස්සුන්ව ගෙනත් තියෙන්නේ අද කාලේ ලේබර් සප්ලයි කරන්නේ අන්න ඒ ක්‍රමයට කියල කොහේ හෝ තිබුනා...
දොස්තර ස්පිට්ල් ගෙ දුව, ක්‍රිස්ටීන් විල්සන් ලිව්ව තිත්ත කෝපි පොතෙත් ටිකක් තිබ්බ ඔය ගැන...
Deleteමෙහම් පොතකුත් තියනවා.
Deletehttps://www.amazon.co.uk/Plantation-Tamils-Historical-Perspectives-Migration/dp/0718501543/ref=sr_1_1?s=books&ie=UTF8&qid=1482159993&sr=1-1&keywords=9780718501549
The Plantation Tamils of Ceylon (New Historical Perspectives on Migration)
ඔව් තිත්ත කෝපි පොතේ වගේම අලිපාර කියල කරපු පරිවර්තනයකත් ඔය විස්තර ටිකක් තියෙනවා..
Deleteමම කාලෙකට කලින් දෙමළ හෝ මලයාලම් ෆිල්ම් එකක් බැලුවා.. දකුණු ඉන්දියාවෙ ගම්වල හිටපු දුප්පත් මිනිස්සු, කුල පීඩිත මිනිස්සු රවට්ටලා උන්ට හීන ලෝක පෙන්නලා එක්කගෙන ඇවිත් විකුණන්නේ උන්ගෙම සෙට් එකක්. උන්ට තමා කංකානිලා කියන්නෙ ඒ ෆිල්ම් එකේ හැටියට. ලංකාවට එන ගමනෙදි මහන්සියට කන්නනැතුව භාගයක් විතර මැරෙනවා.. ආපු අයත් මහන්සිය, පරිසරයට ඔරොත්තු නොදීම හා වසංගත නිසා සෑහෙන ප්‍රමානයක් මිය යනවා..
ෆිල්ම් එක හම්බඋනොත් ලින්ක් එකක් දාන්නම්
උතුරෙන් පේරාදෙනි විශ්වවිද්යාලයට ආ සිසුන් වතුකරයෙන් අහම්බෙන් වත් ආපු සිසුවෙක් වෙතොත් ඔහු ව තමන් ගේ නේවාසිකාගාර කාමරයට වැද්දගන්නේ නැත... නැගෙනහිරින් ආ අයවත් වැද්දගැනීම කරන්නේ අඩුවෙනි, පරෙස්සමිනි!
ReplyDeleteහරිනං වෙන්ට ඕනෑ ඒකෙ අනික්පැත්තනෙ. ඔය උතුරෙං ආ එවුං තමයි දොයිත්තකට විස්සාස නැත්තෙ.
Deleteකලක් තිස්සේ ලියවිය යුතුයි කියා හිතුණු මාතෘකාවක්. මේ "මිනිසුන්ගේ" කර්කෂ ජිවිතයේ සත්‍ය තත්තවය ගැන ලිව්වට ස්තුතියි සුරංග. ඒ කාලේ 1970 ගණන් අසු ගණන් වල මුල් හරියේ අපේ පැත්තේ ලැයිම් කාමර වල හිටපු දෙමළ මිනිස්සුත් ඔය වගේම තමයි ජිවත් වුණේ . දැන් නම් සුරන් කිව්වා වගේ අම්මයි තාත්තයි විතරයි වත්තේ වැඩ කරන්නේ දුවලා පුතාලා වෙන වෙන රස්සා කරනවා. ඒ කාලේ අපේ ගම මැදින් දෙමළ මිනිහෙකුට සරම කැහැපට ගහගෙන එහෙම යන්න බෑ.. මට මතකයි ගමේ කොල්ලෝ " දාපිය පර දෙමළා සරම පල්ලැහැට " කියලා එහෙම උන්ට බනිනවා. උතුරේ දෙමළ ගැටුමෙන් මේ පළාත් වල දෙමළ මිනිස්සුන්ට ගම් වල සිටි සිංහලයින් එහෙම හෙලා තලා කතා කරන එක අඩුවුණා. මම හිතන්නේ එහෙම වුනේ බයටමයි. උතුරේ කළබල වලින් පස්සේ අපේ ගම් වල මිනිස්සු එහෙම දෙමළ අය පහත් කරලා කතා කරන එක නැවැත්තුව කියලයි මට හිතෙන්නේ. දැන් දැන් අපේ පැත්තේ දෙමළ ඉස්කෝල වලට ගොඩක් ළමයි එනවා . එයාල ඉගෙන ගෙන තේ වත්තේ නොවෙන "ලොකු " රස්සා කරනවා. ඒ කාලේ දෙමළ ළමයෙක් ඉහලට යන්න නම් සිංහල ඉස්කෝලෙකට යන්න ඕනේ .. මම එහෙම සිංහලෙන් ඉගෙන ගෙන විශ්ව විද්‍යාල උපාධියක් දක්වා ගිය මගේ හොදම යාලුවෙක් (ලයිමේ ඉඳන් ඉස්කෝලේ ගිය ) ගැන ලිව්වා "තුන්වරක් සැම් සන් " කියන පොස්ට් එකේ ...http://helmalu.blogspot.com.au/2016/09/blog-post_14.html සහ http://helmalu.blogspot.com.au/2016/09/blog-post_81.html පොස්ට් දෙක කියවන්න
ReplyDeleteබහුතරයක් ලැයිමෙම ඉන්දැද්දි කීප දෙනෙක් ඒ විදිහෙ ගොඩයාමක් හදාගන්න ඇති. නමුත් උඩරට වතුකරේ අයටත් තවමත් හරිහමං ගොඩයාමක් නෑ. මගෙත් හිතවත්තු කීපදෙනෙක් ඉන්නවා වතුකරේ දෙමළ මිනිස්සු. උන්ගෙන් සමහරු සෑහෙන පෝසත් උදවිය. නමුත් ඒ කීපදෙනා ඇරෙන්න බහුතරයක් තවමත් එදාවේල හම්බුකරං යංතං ජීවත් වෙන්නෙ.
Deleteඔවු සුරංග කීපදෙනෙක් ගොඩ ගිය අතර බහුතරය ඔබේ පොස්ට් එකේ ඉන්න දෙමළ මිනිස්සුන්ගේ තත්වයෙන්ම ජිවත් වෙනවා. ඔය සැම්සන් ටයි එයාගේ නංගිටයි උනත් ඔයිට වඩා යමක් කරන්න තිබුණා ( ලයිමේ හැදෙන ළමයින්ට මග පෙන්වීමක් දීලා , එයලා වෙනුවෙන් යම් වැඩ කොටසක් කරලා ) කියලා තමයි මගේ හැඟීම.
Deleteඉස්සර අපේ ගෙදරටත් (කැගල්ලේ) එනවා ළඟ තියෙනෙ ලැයිමෙන් ආඬිසාමි කියල දෙමල මනුස්සයෙක්.
ReplyDeleteඒ මනුස්සයට දර පලල අරව මේව වැඩ කරල දුන්නම අපේ අම්ම තේ කහට එක දෙන්නෙ පොල් කට්ටෙ.
බත් දෙන්නෙ පොල් කොල වට්ටියේ කෙහෙල්කොලයක් දාල.ඉඳගන්න දෙන්නෙ බිම.
බොහොම ඉස්තූතියි. මං හිතුවෙ අපේ අවට ඉතරයි මෙහෙම වෙන්නෙ කියලා. බැලුවහම මුළු සබරගමුවම එහෙමයි නේද?
Deleteමොනවද යකෝ මේ ආප්ට ඇප්රුවල් .... මෙහෙමයි බං ...උඹගේ බ්ලොග් එකේ කමෙන්ට් උඹට ඕන විදිහට පලකරන්ඩ උඹට පරම අයිතියක් තියනවා ...හැබැයි මචෝ මෙහෙම වෙනකොට අදහස් පලකරන අය අවතේජනයට ලක්වෙනවා .....ඒ අතරේ වාරණයකටත් ලක්වෙනවා නං ..අන්දෝ සංසාරයි..
Deleteටිකක් හිතහං මෙහෙම උනාම සංවාද ගොඩ නැගෙන්නේ නැ , බ්ලොග් රිදම් එක අවුට් ගියහම වැඩක් නැ බං ...මෙලෝ රහක් නැ
ඒක ඇත්ත... අදහස් ඇපෘවු කරන්න යන්නෙ මොකටද?
Deleteවැරදීමෙන් මැකි ගිය අටං අයියාගේ කොමෙන්ටුව
Delete//අටම්පහුර has left a new comment on your post "Tea and Tamils හෙවත් තේ සහ දෙමළු":
තුන්කෝරලේ හතරකෝරලේ රබර් වතුවල , මුලු සපරගමුවෙම අපි අපි පොඩිකාලේ කතන්දරය ඔහොමතමා බං ....හැබැයි දැං දෙයියනේ කියල ටිකක් වෙනස් ...එයාලත් යම්කිසි මට්ටමක නිදහසක් භුක්ති විදිනවා ....ගොඩක් රබර්වතු දැං ලැයිං කාමර කතාවෙන් එලියට ගිහිං , ඒ මිනිස්සුත් වෙඩින් එහෙම කනවා , හැබැයි උඩහ පලාත්වල තරම්ම නැ එයාල නං දැං සැලකිය යුතු මට්ටමකට ඉහලට ඇවිත් ඉන්නවා , අපේ වයසේ අය ගොඩ දෙනෙක් ඉන්නවා මම දන්න වත්තෙං එලියට ඇවිත් සාමාන්‍ය ජීවිත ගතකරන , ....රබර් වතුවල ඉන්න අය තමයි ගොඩක්ම දුක් විදින්නේ
ඔය ගෑණු කෙනෙක් ගිනි කූරක් කනට දාල කරකවලා ..ඒක පත්තුවෙලා වෙච්ච ගිනි විජ්ජුම්බරයක් මට මතකයි
කොළඹ ඉන්න බිස්නස්කාර දෙමල අය සහ සාමාන්‍ය අය පටලවා ගන්න එපා සුරංග , තවමත් ඒ කුලපීඩනය තියන අය කොලඹ ඉන්නවා ...කොළඹ ඉන්න දෙමල අය බහුතරය ....පහත්යැයි සම්මත කුලවල අය ....එයාල සමහරක් ..වතු වැඩ වලට ගෙනාපු අයට පස්සෙ ආපු අය.
පට්ට ලිපිය මචං එලකිරි//
කොමෙන්ට් මොඩරේශන් නොදැම්මනං මෙතනත් හාන්න හරක් රැලක්ම පැනලා මෙලහකට. ඒ හංදයි පළවෙනි හරකා වැට කඩනකොටම වැඩේ පටං ගත්තේ. එහෙමනං තියෙන අනික් විකල්පෙ තමයි ඇනෝ වහන එක. ඒකෙන් අපිට වටිනා ඇනෝ කොමෙන්ට් නැතිවෙනවා. අනික මට කොහොමටත් ඉඩ දෙන්න බෑ මං ලියන බ්ලොග් එකේ යටිං තුප්පහි විදිහට මිනිස්සුන්ට බනින්න දෙන්න. මොකද විචාරක මහත්තයා, මාතලන්, අටං පහුර, යන තුන්දෙනාගෙම ලියවිලි මං බොහොම ආසාවෙන් කියවන එව්වා.
Deleteඅපි දෙමලුත්තෙක්ක එකට බුදියගත්ත මිනිස්සු බෝඩිං කාමරවල
ReplyDeleteදෙමළ ලියෝ ගැන බොට අත්දැකීම් නැත? තියෙනං ලියහංකො. මටත් එහෙම එකක් ලියන්ට තියෙනවා. උඹ කලිං ලියහං.
Deleteමේව තමයි ලියන්න ඕන. මොකද මිනිස්සු දැනගෙනත් නොදන්නව වගේ ඉන්න ඇත්ත ලියල තියෙන එක හොඳයි. හැබැයි මේක ඉන්ග්‍රීසියෙන් තිබිල අර අනික් දෙමළු දැක්කනම් කියන්නෙ, උන්ගෙන් අතහැරිච්ච ටිකක් ඉන්නව අනේ පව් කියල නෙමේ, පේනව නේද සින්හලයගෙ අතරෙ ඉන්න දෙමළුන්ට වෙන අසාධාරන, ඒක තමා අපි වෙනම රටක් ඉල්ලන්නෙ, කියලයි. උනුත් අපිත් වෙනසක් නෑ.
ReplyDelete//වයසක දෙමළ මිනිසුන් 'කංකානම' නමින්ද, දෙමළ ගෑනු කවුරුත් 'ආච්චි' නමින්ද හැඳින්වේ.//
මේක මට අදාල කතාවක්. අපේ තාත්තගෙ වාඅසගම කොඩිතුවක්කු කන්කානම්ගේ, නම අමරදාආස. ඒත් කන්කානම් කියන්නෙ වතුවල ඉන්න නාකි දෙමළු කියන අප්‍රසන්න හැඟීමක් පොඩි කාලෙ මටත් තිබ්බ ඒක ආවෙ අපේ අම්මගෙ ගමෙ, ඒ කියන්නෙ අවිත්තාවෙත් වතුවල හිටපු කන්කානිල දැකල. ඉතින් මම මගේ අයිඩෙන්ටි කාඩ් එක හදනකොට වාසගමේ කන්කානම්ගේ කියන කෑල්ල හලල කොඩිතුවක්කු විතරක් දැම්ම. ඒ කාලෙ කරුණාසේන කොඩිතුවක්කු එහෙමත් ප්‍රසිද්ධ චරිතයක්.
අද මම ඒ කරපු දේට ලැජ්ජ වෙනව සහ සතුටු වෙනව. ලැජ්ජ වෙන්නෙ කන්කානි කියන නම දෙමළ පහත් අයගෙ එකක් කියන සිතුවිල්ල නිසා ඒකට අකමැති වීම.
සතුටු වෙන්නෙ, පස්සෙ දැනගත් විදිහට මම හලල තියෙන්නෙ උඩරට නිළමක්කාර නමක් නිසා. කොඩිතුවක්කු කන්කාණම කියන්නෙ උඩරට රජුගෙ මුල්පෙලේ විශ්වාසවන්ත නිළධාරියෙක්. කොඩි සහ තුවක්කු බාර නිළමෙ කොඩිතුවක්කු නිළමෙ, ඉන් පස්සෙ කන්කානම. අපේ මල්ලිල ඒ කණ්කානම්ගෙ උනාට මම නිකම්ම නිකන් කොඩිතුවක්කු. ඒක හරිම පහසුයි මේ පිටරටක ඉන්න කොට.
සමහරු ඉන්නව නොවෙද දෙමල නංවල කෑලි එහෙම් පිටිං තියෙන අය. අපි නොදන්නව උනාට අපේ මුල් පරම්පරාවල ඒ වගේ දෙමළ මිනිස්සු එක්ක නෑකං ඕන තරං ඇති.
Deleteඇත්ත තමා කතාව මේක ඉංගිරිසියෙං ලිව්වොත් ඒකත් අපිටම හුලහට හිටින්න පුලුවං නේද?
ඉංගිරිසියෙං ලිව්වොත් Flag Guns
Deleteදශක කිහිපයකට කලින්නම් තත්ත්වය ඕක බව හොඳාකාරවම දන්නවා. ඒ කියන්නේ, තවමත් කලවාන වගේ පැති වල ඒ තත්ත්වයේ ලොකු වෙනසක් වෙලා නෑ වගේ.
ReplyDeleteඇත්ත වසයෙන්ම කියතොත් දැං තත්වෙ ටිකක් වෙනස්ලු. ඒ ගැන වෙනමම හොයල ලුයන්නක් දාල ලියන්නං
Deleteකාගෙන් වත් හවුහරනක් නැති මිනිස්සු ..
ReplyDeleteහවුහරනක් ගන්න හැටිවත් නොදන්න මිනිස්සු ..
ඔව්. ඒ මිනිස්සුන්ට ඒ තත්වෙන් ගොඩ එන්න උවමනාවක් තිබුණෙත් නෑ තමයි. ඔවුන්ට ඕනැ උනේ කීයක් හරි හොයං හවහට කසිප්පු බොන්න විතරයි.
Deleteහරිම දුකයි. මේ මිනිස්සුත් ඉන්නේ අපේ රටේ නේද කියලා හිතලා ඔවුන්ට මොනවා හරි කලා නම් හොඳයි කියලා හිතනවා. මුලින්ම කලයුත්තේ තේ වතු අයිතිකාරයන්ට නීති පැනවීම.
ReplyDeleteතව ගොඩක් දේවල් හිතට ආවා. ඒවා පස්සේ ලියන්නම්. මේ හිතට ආපු මුල්ම හැඟීම.
තේ වතුවලින් ඒ මිනිස්සුන්ට ගැලපෙන හොඳ ගෙවල් දීලා. පහසුකම් දීලා. හොඳ පඩියක් දුන්නොත් පාඩුයි. තේ වල ආදායම යනු අඩු ශ්‍රමයයි.
Deleteදැං තේ වතුවල රස්සාවල් වලට යන අය හරිම අඩුයි, විශේෂයෙන්ම තරුණ පරම්පරාව. වතුවල තේ ඉඩම් තුනෙන් එකක් විතර අතහැරලා දාලා වැඩකරන්ට මිනිස්සු නැතුව.
ReplyDeleteලුහුඬු දැන්වීම් වල බැලුවහමත් අක්කර තුන හතරට වැඩි වතු විකුනන්නෙ ඔය හේතුව නිසා වෙන්න ඇති.
Deleteඅපේ තාත්තගේ ගම වෙච්චේ හපුතලේ ඉන්න කාලේ ඔය වගේ අයත් එක්ක ආස්සරයක් තිබුනා. හැබැයි ලයින් කාමර වල නෙවෙයි හිටියේ ඒ මිනිස්සුන්ට වෙනම ගෙවල් තිබුනා මට මතක හැටියට නම්. මම ලඟක් වෙනකම් එහෙ තිබුණු වත්තේ වැඩ කරව ගත්තේ ඔහොම හිටපු දෙමළ පවුලකට කියල. ඒ මනුස්සය නම් සෑහෙන උත්සාහ වන්ත මනුස්සයකේ. පොඩියට උනත් ලස්සනට ගෙයක් හදාගෙන හිටියට. හරි පිරිසිදුයි.
ReplyDeleteමේ වගේ දේවල් තවම තියෙනවා කියල හිතනකොට අපි ගැනම මාර කනගාටුවක් හිතෙන්නේ..
උඩරට වතු ආශ්‍රිතව එහෙම අය ඉන්නවා. නමුත් පහතරට වතුකරයේ මේ තත්වෙ මෙහෙමම තමයි.
Deleteදැනටත් අපේ ගම්පලාතෙ ( දෙණියායෙ) ඔයා ලියලා තියෙන ආකාරයෙන් ජීවිත ගත කරන දෙමළ මිනිස්සුත් මධ්‍යම පාංතික බොහෝ තේ වතු හිමියන්ගේ ඉඩම්වල තැනු ලැයිං කාමරවල තාවකාලික නවාතැන් ගන්නා දෙමළ පවුල්නුත් ඉන්නවා.ඇත්තටම ඒ මිනිස්සුන්ගේ ජීවිත දුකක් තමා.අතරින් පතර පුංචි ලමයි පාසල් යනවා විතරයි පේන්නෙ. ඊට පස්සෙ මං හිතන්නෙ ලියලා තියෙන විදිහටම පැනලා යනවා ඇති. ඇත්ත ලියන්න බය වෙන්න එපා මලේ..
ReplyDeleteමෙව්වා ලිව්වා කියල ඉතිං අපිට ගහන්න එන්නෙ කවුද? මේ මිනිස්සු ගැන එහෙමටවත් තැකීමක් නෑ.
Deleteකන්කානම කියන්නෙ තේ වත්තෙ තරමක් පිලිගානීමක් තියෙන කෙනෙක් අපෙ ගෙට පහල ජේන් අක්කගෙ මහත්තයා තේ වත්තෙ කන්කානි කෙනෙක්
ReplyDeleteඔව්, ඒ සුපවයිසර් වගේ තනතුරක්නෙ. නමුත් අපේ ගමේ අය කංකානම කියන්නෙ වයසක දෙමළ මිනිස්සුන්ට.
Deleteදැන් දැන් අපේ හරියේ නම් බාබර් සාප්පු, රෙකෝඩ් බාර්, හෝටල්, සපත්තු කඩ වගේ දේවල් එහෙම දාල පිළිවෙළකට ඉන්න දෙමළ කොල්ලෝ සෑහෙන ඉන්නවා...
ReplyDeleteඒ වගේම 1990 ගණන් වලදීම ඒ කිට්ටුව තිබ්බ ලයිම් විදිහට තිබ්බ ගෙවල් තව දුරටත් පිළිවෙලක් කරගෙන සුරංග කියන මට්ටමට වඩා ගොඩක් හොඳට ඒ කාලෙත් ඒ මිනිස්සු හිටියා...
ඒ කාලේදී අපේ ගෙදර කංකානම් කෙනෙක් නතරවෙලා අපි එක්කම හිටියා, වයස 60 ක් විතර ඇති...
මාස තුන හතරක් අපි එක්ක ඉඳල වැඩක් නොකර නිකං ඉන්න බැහැ කියල ආපහු වත්තට ගිහින් දළු කඩන්න යන්න පටන් ගත්තා...
ඒ ලයිම් කිට්ටුව එක්කම දෙමළ ඉස්කෝලෙකුත් තිබුනා. ඒ පොඩි ඉස්කෝලෙන් පාස්වෙන උන් අපි එක්කම ටවුමේ ඉස්කෝලෙටත් ගියා...
90 ගණන් වල දෙමළ නිසා පහත් කරන ගතියක් සමාජයේ තිබුනා තමයි, දැන් වෙද්දී ඒවා නැතිම වෙලා ගිහින්...
ඔය කිසිම කොටසකට අයිතිනොවන තවත් දෙමළ කොටසක් ඉන්නවා. ඒ තමයි මට්ටක්කුලිය, දෙමටගොඩ ,ඔරුගොඩවත්ත වගේ තැන්වල ඉන්න පවිත්‍රතා කම්කරුවන්, සපතේරුවන් , සර්විස් ස්ටේෂන් වල මජං හෝදන උදවිය.
ReplyDeleteඑයිනුත් බාගෙට බාගෙයක් උඩරට වතුවලිං ගිය කොල්ලො නෙවෙද?
Deleteඔවුන් මෙතරම අසරණ උන්ගෙම කුළ ක්‍රමය නිසයි... නමුත් තවත් දෙයක් තියෙනවා බොහෝ ගම්වල ඉන්න හින්ගල මිනිස්සුන්ගේ ජීවිත වගේම.. ජාති අගම් කුළ බේදයකින් තිරව කොළඹ මුඩුක්කු හා වතු ආශ්‍රිතව ජීවත් වන මිනිසුන්ගේ තත්වය මීටත් අන්තයි... එහෙම රටක තමයි පාර්ලිමේන්තුවේ ඉන්න වේසිගේ පුතාලා මදි කිය කිය තව වැඩි කර ගන්නේ..
ReplyDeleteහැබයි හෙන ගහන්නෙත් නැති බැරි එකාටමයි...
නැතිබැරි එකාට හැමදාම ගහන වොට් පන්දාහෙ හෙන එක්කොම එකතුවෙලා මහ එකාලට වොට් ලක්ස ගානෙ එව්වා වදිනවා. හැබැයි ටිකක් කල් යනවා. ඒකයි වෙනස.
Deleteමේක මහා අවාසනාවන්ත තත්වයක්. මේ ජීවිතවලට වග කියන්න මොකෙක්වත් නැහැ. මේ මිනිස්සුන්ගේ මාසේ පඩියෙන් කොටහක් අරන් රජවෙලා හිටපු මහ තොන්ඩමන්ගේ ඉඳලා අද වෙනකම්ම මේ මිනිස්සුන්ව කඩේ යවන පාහර යූනියන් කාරයෝත් වග කියන්න ඕන.
ReplyDeleteහංවැල්ල, තුන්නාන පැත්තේ රබර් වතුවල ඔය ලයින් කාමර තිබුනා. තේ වතු වගේ නෙමේ රබර් ඇසිඩ් ගඳයි, පල් රබර් ගඳයි, දුම් ගඳයි වගේම මේ මිනිස්සුන්ගේ ජීවිතත් එහාට මෙහාට ඇදී ඇදී තිබුනේ. තුන්නාන පහුකරන බස්වල ඉන්න මිනිස්සුත් නහය වහගන්නවා. හිතන්න ඒ ලයිමේ මිනිස්සු කොහොම ජීවත් වෙන්න ඇතිද කියලා. අපේ තාත්තට ඔය ලයිමේ යාලිවෝ හිටියා. සීයා අපේ තාතව මරන්න හදනවා තුන්නානේ ලයිං කාරයෝ එක්ක බොන්න සෙට් වෙනවා කියලා. මම හිතන්නේ දැන් තුන්නාන ඊට වඩා වෙනස් ඇති.
නියම ලිපියක්!!!
ඔය තොන්ඩමන්ල කියන්නේ ඉන්දියන් දෙමළ මිනිස්සු ලංකාවට ගෙනාපු එක ලේබර් සප්ලයර් කෙනෙක් වශයෙන් මම අහල තියෙනවා...
Deleteඒකනේ උන් අදටත් ලොකුකම් තියාගෙන දෙමළ මිනිස්සුන්ගේ නායකයෝ වගේ ඉන්නේ...
සාමාන්‍යයෙන් ලේබර් සප්ලයර් කෙනෙකුට තමන් යටතේ වැඩ කරන මිනිහෙක්ගේ පඩිය වගේ 10% ක කොටසක් සේවය ලබා ගන්න කෙනා ගෙවනවා, මෙතනදීත් උන් ඒකමද කරන්නේ එහෙම නැත්තං අර මිනිස්සුන්ගේ පදියෙක් කොටහක් හුරගෙන කනවද...
ඒ කියන්නේ තාමත් මේ මිනිස්සු ඉන්නේ ලේබර් සප්ලයර් ක්‍රමය යටතේද, එහෙමත් නැත්තන් හාම්පුතාට ගෙවනවා වගේ වහල් භාවය උදෙසා ගෙවන කොටසක්ද ගෙවන්නේ...
අපේ මිනිස්සු ආසයි දුප්පත් එවුංගෙං ගුරුසරු ලබන්න. ඒ හංදා උන්ට කිට්ටු වෙන්ට අකමැතියි. ඒකෙ අනික්පැත්ත තමයි පෑගිලා හිටිය අය ළඟට ගත්තම අලු ගසා දාලා ඇවිත් කරෙත් යනවා කියන එක.
Delete///////පෑගිලා හිටිය අය ළඟට ගත්තම අලු ගසා දාලා ඇවිත් කරෙත් යනවා කියන එක./////////
Deleteඅපි මොකටද බං ඕවට වොරි වෙන්නේ. කරෙන් තියා පුකෙන් ගියත්. අපි අපි ගැන දන්නවා නම්. බොටම්ලයින් එක තමන් තමන් ගැන දන්නවන් ඕවා සිම්ප්ල් කියලා මට හිතෙන්නේ.
සුරංග .. ඔබේ ලිපි මම මුලක ඉඳල හැම එකක්ම නිහඬව කියවලා තියනවා.. කමෙන්නෙට් නොකර... අද මේ ලිපිය කියවද්දී මම පුංචි කාලේ ඉඳලා දකින දෙමළ ජිවිත කීපයක් සිංහලුන් නිසා විඳපු දුක් මතක් වෙලා මගේ ඇස් කඳුලින් පිරුනා.. ඒ සිංහලුන් නැති බැරි අය නෙමේ.. මගේ හිත වඩාත් සසල උනු සිදුවීම උනේ මහ රෑක.. පාන්දර 2-3 ට විතර..
ReplyDeleteමට තාමත් ඇහෙනවා ඒ දෙමළ තරුණ කෙනා කෑ ගහපු හැටි බේරෙන්න.. එයාට සිංහල කතා කරන්න බැ වැඩිය.. හිටියේ නම් හොඳටම බීලා වගේම කරලා තිබ්බ වැඩෙත් හරිම භයානකයි.. ඒත් මට හිතුනේ සිංහල අපි ගොඩක් මැද්දෙ ඒ දෙමළ කෙනා තනි උනා කියලා...
ඔය වතු වලින් කොලඹ ගෙවල් වල සහ ආයතන වල වැඩට ගේන අය ගැනත් ලියන්න සුර්ංග.. එයාලගේ ශ්‍රමය සූරල කන හැටි...
///ඔය වතු වලින් කොලඹ ගෙවල් වල සහ ආයතන වල වැඩට ගේන අය ගැනත් ලියන්න සුර්ංග.. එයාලගේ ශ්‍රමය සූරල කන හැටි...///
Deleteගෙවල් වල වැඩ කරද්දී ගෙවීම් කොහොමද දන්නේ නැහැ, සයිට් වලනම් සිංහල දෙමළ කියල වෙනසක් නැහැ හැමෝටම ගෙවන්නේ එකම රේට්...
මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් නම් කාට උනත් හොඳ පඩියක් ගන්න ඇහැකි, බොහෝ වෙලාවට අපේ සුපර්වයිසර්, ෆෝමන් කෙනෙකුට වඩා පඩි ගන්න වෙලාවලුත් තියෙනවා...
නමුත් මුල්‍ය කළමනාකරණයේ ගැටළු නිසා ඔවුන් ඉන්න තැන ලොකු වෙනසක් වෙන්නේ නැහැ...
අපේ ඉන්නවා සෙට් එකක් යක්කු වගේ, ඕනේ අමාරු වැඩක් ගේමක් නැතුව කරනවා...
සිංහල මිනිස්සුන්ට වැඩිය පඩිත් ගන්නවා, හැබැයි පඩි අරගෙන ගෙවල් ගියාම බීල වලි දාගෙන දවසක් දෙකක් පොලිස් කුඩුවෙත් ඉඳල තමයි එන්නේ...
හැබැයි ඒ හැමෝටම වගේ තමන්ට කියල පොඩියට හරි වෙන වෙනම ගෙවල් තියෙනවා...
ලොකු පුතා, මම කතා කරන්නේ මුදල් ගැනම නෙමේ... මම මේ දැකලා තියන කීපදෙනාට කතා කරන විදිහ, වැඩ කරවගන්න විදිහ, ඒ අයගේ පුද්ගලික නිදහස සීමා වෙන හැටි ... කට්ට කාගෙන වැඩ කලාට ඒ මිනිස්සු හරි බයයි කියලත් හිතෙනවා තමන්ගේ මතේ කියන්න.. එක ගෙදරක වැඩට හිටිය ගෑනු ළමයට කතා කරද්දි ඒ ළමය බයේ ගැහෙනවා.. පුලුවන් ඉක්මනින් කියපු වැඩේ කරනවා.. ඒත් ආපහු වත්තට නොයන්නේ ඒ ජීවිතේ මීට වඩා අපායක් නිසා වෙන්න ඇති..
Deleteමිනිස්සු එකිනෙකාට බයයි හීන දකින්නියේ. වැඩකාරයට ගෙහිමියාත් බයයි. තමුන්ගෙ වචනෙට උඩින්යයි කියලා. වැඩකාරයා බයයි තමුන්ට දොසක් අහන්න වෙයි කියලා. අපේ මිනිස්සු බය තමයි කේන්තියක් හැටියට එළියට දාන්නෙ.
Deleteලොක්කයියා කියන දේවල් හැබෑව. තේ ගහ අසබඩ ඉපදිච්ච අපිට දෙමල මිනිස්සුංගෙ ජීවිත ගැන හොඳට තේරුංගන්න පුලුවං.
Delete///මම මේ දැකලා තියන කීපදෙනාට කතා කරන විදිහ, වැඩ කරවගන්න විදිහ, ඒ අයගේ පුද්ගලික නිදහස සීමා වෙන හැටි ... කට්ට කාගෙන වැඩ කලාට ඒ මිනිස්සු හරි බයයි කියලත් හිතෙනවා තමන්ගේ මතේ කියන්න..///
Deleteනිම්න ළමයා, ඔය වගේ සිද්ධි ගෙවල් වල වැඩ කරන්න එන අයට වෙනවා ඇති, එහෙම සළකන්නේ පහත් මානසිකත්වයක් ඇති මිනිස්සු...
අපේ සයිට් වල ඉන්න බහුතරයක් දෙමළ පිරිමි. සමහර කාල වල කොල්ලෝ දෙතුන් සීයක් විතර වැඩ...
අපි එක්ක විහිලු තහළු කරන, හදිස්සියකදී අපිටත් උදව් කරන, අපෙනුත් උදව් ඉල්ලන කොල්ලො ඉන්නවා...
ඒ වගේම ඒ මිනිස්සු නතරවෙලා ඉන්නේ සිංහල මිනිස්සු එක්ක එකම බිල්ඩිමක, කවදාවත් ජාති සම්බන්ධ ගැටළු ඇතිවෙලා නැහැ...
සිංහල දෙමළ කියල කිසිම වෙනස් කොට සැළකීමක් මේවයේ නැහැ...
හැමෝටම තියෙන්නේ ආරක්ෂිතව තමන්ගේ රාජකාරිය නිවැරදිව ඉටු කරන්න පමණයි...
ඔය ගෙවල් වල වැඩ කරන බොහොම සුළුතරයකට වෙන සිද්ධි සාමාන්‍යය දෙයක් නෙමෙයි...
අද සමාජය අපි පොඩි කාලේ තිබ්බට වඩා ගොඩක් ඉදිරියට ගිහිං...
ඉතාමත් අගනා ලිපියකි.
ReplyDeleteඑක් පැහැදිලි කිරීමක් අවශ්‍යයි.
දෙමළ සහ ද්‍රවිඩ යනු එකක් නොවේ. මේ ලිපියේ කියවෙන මිනිසුන් කොට්ඨාශය සඳහා නිවැරදි හැඳින්වීම දෙමළ වේ.
ද්‍රවිඩ යැයි කියන්නේ තමිල්නාඩුවේ දෙමළ, කර්නාටකයේ ඉන්නා කර්නාටක සහ ටුලු ජනයා, ආන්ද්‍ර ප්‍රදේශ් සහ අලුත් තෙලංගානාවේ ඉන්නා තෙලිඟු ජනයා සහ කේරලයේ ඉන්නො මලයාලම් ජනතා යන පිරිස් සියල්ල සඳහාම ඇති පොදු පදයකි.
සුනිල් ආරියරත්න මේ ජනකොටස්වල ජනකතා රැගත් පොත් හතරක් ලියා/පරිවර්තනය කර ඇත.
මේ විස්තරය නං මමත් දන්නෙ නෑ. අපේ රටේ ප්‍රසිද්ධ මාධ්‍ය වලත් යොදාගන්නේ මේ වචන දෙක එකක් හැටියට. ඉස්කෝලවල උගන්වන්නෙත් සමාන වචන හැටියට. කොටිම්ම 5 වසරෙ ශිෂ්‍යත්වෙටත් එහෙමම තමයි. මේ විස්තරේ මෙතැනට දැම්මාට බොහොම ඉස්තූතියි.
Deleteදුර බැහැර තේ වතුවල දෙමල කම්කරුවන්නට පඩි දෙන දා කෙරෙන පඩි පොල නම් කළුකඩ ක්‍රමය ගැනත් ලියන්න. දැන් සමහර විට නැතුව ඇති?
ReplyDeleteඑහෙම එකක් නම් මම දන්නෙ නෑ. නමුත් කවිඳු මහත්තයා දන්න බව පේන්න තියෙනවා.
Deleteමම පඩි පොළ ගැන විස්තරාත්ම පොස්ට් එකක් ලියන්නම් මගේ ඒ කාලේ මෙතෙක් විස්තර නොකළ වෙළඳ ව්‍යාපාරත් ඇතුලත් කරලා
Deleteඅපේ පැත්තේ පඩි පොලේ කරපු වෙළදාමක් ගැන මේ පොස්ට් එකේ පොඩ්ඩක් ලිව්වා ...http://helmalu.blogspot.com.au/2015/04/blog-post_13.html
ReplyDelete
ReplyDelete"...මිනිස්සු එකිනෙකාට බයයි. වැඩකාරයට ගෙහිමියාත් බයයි. තමුන්ගෙ වචනෙට උඩින්යයි කියලා. වැඩකාරයා බයයි තමුන්ට දොසක් අහන්න වෙයි කියලා. අපේ මිනිස්සු බය තමයි කේන්තියක් හැටියට එළියට දාන්නෙ."
මේක නම් සම්පූර්ණ ඇත්ත. විශේෂයෙන්ම ලංකාව, ඉන්දියාව වගේ රට වල අයට අදාලව. සුරංග, ඔයාගේ නිරීක්ෂණ වගේම, දර්ශනයත් සුවිශේෂයි. ඔයා ලියන දේවල් මිනිස්සු අවධානයෙන් කියවයි කියල මම ප්‍රාර්ථනා කරනවා.
.....අපේ මිනිස්සු බය තමයි කේන්තියක් හැටියට එළියට දාන්නෙ....
අපි පොඩිකාලේ අපේ ගෙදර වැඩට උදව් වෙන්න කියල දෙනියායේ වත්තකින් ගෑනු ළමයෙක් එක්ක ආව. අවුරුදු දොළහක විතර ළමයෙක්. එයාගේ තාත්ත තමයි ගෙනල්ල නවත්තල ගියේ. එතකොට අවුරුදු හයක් , හතක් උන අපි හය හතර නොතේරෙන උන් හැටියටත්, අපේ වැඩිහිටියෝ දැනුම් තේරුම් ඇති අය හැටියටත් ඒ ළමයට සලකපු හැටි මතක් වෙන කොට මහා ලැජ්ජාවක් ඇතිවෙනවා. වඩාත්ම පීඩාකාරී දෙය නම්, දෙමළ වීම නිසා ඒ දැරියට විඳින්නට සිදුවූ උසුළු විසුළු සහ අඩන්තේට්ටම් අප ඇසුරු කල සියල්ලක්ම පාහේ විසින්, සාමාන්‍ය දෙයක් මෙන් සැලකීමයි.
ReplyDeleteඅසාධාරණ ලෙස බැනවදීමකට ලක්වීමක්දී, හෝ කණ්ඩායමක් වශයෙන් එක්වී ඇගේ සිංහල භාෂා හැසිරවීම ගැන අවඥා කරමින් විනොදවීමෙදී හෝ, ඇගේ දෙඇසේ නැගුන බැල්ම, මට ඔබේ ලිපිය කියවද්දී නැවත මතකයට නැගුනා. මෙවැනි දේ නිසා ඈ හැඬු බවක් නම් මට මතක් නොවේ. එහෙත් මගේ ළමා සිතතුළ 'මේ සිදු වන්නේ සිදු නොවිය යුතු දෙයකැයි ' යන විපිලසර භාවය පැනනැගුන බව නම් යාන්තමින් මතකයි. දැනට මැදි විය පසු කරමින් සිටින මට සම්පූර්ණයෙන්ම අමතකවී තිබූ මේ අතීත සිදුවීම්, මෙතෙක් නොබැලූ කෝණයකින් නැවත බලන්නට ඔබේ ලිපිය හේතු වූ බව කිව යුතුයි.
දැනට වසර හතළිහකට පමණ පෙර වූ ඒ තත්වය මේ වන විට හොඳ අතට වෙනස් වී ඇතැයි මම විස්වාශ කරනව. එහෙත්, සිංහල හෝ දෙමල වීම නොසලකා, කුමන හෝ ආකාරයකින් ඉලක්කයක් ලෙස ගත හැකි අයෙකු අසු වූ විට , එවැන්නෙකු බිම හෙලා, පාගා වින්දනයක් ගැනීමේ අපේ ආසියානු/අප්‍රිකානු ගති ලක්ෂණය නම් එතරම් ඉක්මනින් වෙනස් වේ යයි නොසිතමි.
පොස්ට් එකට කෙමෙන්ට් ටික ලොකු වටිනාකමක් එකතු කරලා ...
ReplyDeleteඑල ද බ්‍රා
ඇත්තෙන්ම ඇත්ත වසයෙන්ම ඇත්තටම එහෙම තමයි.
Deleteඇත්තටම දුක හිතෙනවා මේ මිනිස්සු ගැන. නූගත්කම, දුප්පත්කම මේ දේවල්වලට මුල. පස්සේ මේ දේවල් තමයි ගිනිකදු වගේ පුපුරලා විශාල ප්‍රශ්න වෙන්නේ.
ReplyDeleteමල් මලේ, මිනිස්සු වෙනස් වෙන්න අකමැති වීමත් මේකට හේතුවක් නෙමෙයිද? මේ විදිහෙ මිනිස්සුන්ට අතපය හතර තියේ නම් කොළඹට ආවොත් දවසට රුපියල් දෙදහක් පන්නල හම්බ කරන්න පුලුවන්. නමුත් එහෙම වෙනස් තැනකට ගිහිං වෙනස් දේකට අත ගහන්න යනවට වඩා ඉන්න තැනම, කරන වැඩේම කරගෙන ඉන්න මිනිස්සු කැමතියි. හේතුවක් දන්නෑ. නමුත් ඒ හංදා හුඟක් ජීවිත වලේම තමයි.
DeleteSampoornayenma kiyewwa sahodaraya. Vachana neha kiyanna.
ReplyDeletehttps://books.google.lk/books?id=VY7GJJBRn5EC&pg=PP7&lpg=PP7&dq=golden+tips+Caves&source=bl&ots=2jrc-uqnfb&sig=vHZYKWHCDgBfQbzSwIIEcG6aO2k&hl=en&sa=X&ved=0ahUKEwjspJX5p-TQAhWBNY8KHZ07BisQ6AEIGDAA#v=onepage&q=golden%20tips%20Caves&f=false
ReplyDeleteපෝස්ට් එකයි කමෙන්ට් ටිකයි ඔක්කොම කියෙව්වා. ඉතාම හොඳ ලිපියක්. කමෙන්ට් වලින් ලිපියේ වටිනාකම තවත් වැඩිවෙනවා.
ReplyDeleteතාර බර ඇරල මේ කතා අරගන්න. වතු ආශ්‍රිතව ජීවත්වෙන සිංහල පවුල් වල තත්ත්වය මීටත් අන් තයි. වත්තට පාසලක් සහ රෝහලක් තියෙනව. සිංහල ගම වලට එහෙමවත් නෑ.
ReplyDeleteඋඩරට වතු වල නම් ඔය කියන පහසුකම් තියෙනවා තමයි. නමුත් මං මෙතන ලියලා තියෙන්නේ පහතරට තේ වතුවල ඉන්න මිනිස්සු ගැන. ඔවුන්ට ඒ පහසුකම් නෑ .
Deleteසුරංග පහත රට කියල නැහැ, ඒක වෙනස් වුනා වතු වල ස්වභාවය අනුව, අපේ හරියේ තියෙන වතු විශාල නිසා ඒ දවස් වලම දෙමළ ඉස්කෝල, පොඩි පහේ ඉස්පිරිතාලයක් වගේ එකක් එහෙමත් තිබුනා. අපිත් පොඩි කාලේ බෙහෙත් ගන්න එහෙම ගිහින් තියෙනවා වත්තේ දොස්තර මහත්තයා ගාවට...
Deleteපසුකාලීනව ඒක නැතුව ගියා. හැමෝම ඉස්පිරිතාල වලට යන්න හුරු උනා. පොඩි දුරයිනෙ...
වතු දොස්තරල නැතිවෙන්න වතු පෞද්ගලික කිරීමත් බලපාන්න ඇති. පෞද්ගලික උනාට පස්සේ වතු වල තේජස බැහැල ගියා...
අපි පොඩි කාලේ වත්තේ මුර කාරය පවා හෙණ ගෙම්බර් පිට හිටියේ...
අපේ හරියේ ලැයිම් එක්ක හොඳ කෝවිල් එහෙමත් තියෙනවා, උඹ දන්නවනේ...
++++++++
ReplyDelete/කියා ඇයත් අනෙක් ගුරුවරියෝත් අපිත් සිනාසුනෙමු. මාරි වැඩිකලක් පාසල් නොආවාය. නමුත් 'කරුපයියා නන්දකුමාර්' නම් තවත් සිසුවෙක් නම් හතර වසර වනතෙක් පාසල් පැමිණියේය. අපි සැමවිටම දෙමළුන් සමග එක ඩෙස් එකේ වාඩිවීමට නොකැමති වීමු. බස් එකේදිවත් අප සමග එක අසුනේ ඉඳ ගැනීමට දෙමළුන්ට ඉඩ නැත. එනිසා 'කරුපයියා' පිටුපස මේසයක තනිවම සිටියේය. // දකුණු අප්‍රිකාවේ තිබ්බ වගේනේ බං. සුරංග කියන්නේ තවමත් මෙහෙම තියෙන ලයින් කාමර තියනවා කියලද? අර නෙලුම් යායෙන් කමියල හෙම ගිය දවසේ පොත් බෙදන්න ළමයින්ට ගෙවල් වල හිටියේ කියල තමා මම දැනම් හිටියේ.
ReplyDeleteතියෙනවා තියෙනවා. එයාලාගේ ගෑණු අය දැන් ටික ටික ගෙවල් වල වැඩට ගිහින් එහෙම වැඩිපුර කීයක් හරි හම්බකරගෙන දරුවන්ට උගන්වලා තැනකට ගන්න උත්සහ කරනවා. පුතා පොඩි කාලේ අපේ ගෙදර හිටපු ගෑණු කෙනාට වයස 57යි. එයාගේ පුතාත් කොළඹ ආසන්න පෙදෙසක ගෙයක් කුළියට අරගෙන වයිෆ් හා බබා එක්ක ජීවත් වුණා. පුතා ස්ටීල් බඩු කොම්පැනියක වැඩ කළා. එයා ගත්ත ත්‍රි විලර් එකේ ලීසින් ගෙවන්න තමයි අම්මා රස්සාව කළේ. පඩි දුන්නහම පුතා ඇවිත් ගෙනිච්චා. තවත් දරුවෙක් හිටියොත් හොඳා යන මගේ උපදෙස ක්‍රියාත්මක කරපු ලේලිට පහුගිය අවුරුද්දේ බබෙක් ලැබුණා. නැන්දම්මා ගියා ඒ පාර එහේ. ඔන්න අපට වෙන වැඩ. (හැබැයි ඒ වෙනකොට ලීස් කාලෙත් ඉවර වෙලා වගේ තිබුණේ) :D
Deleteලැයිං වල දිවා සුරැකුම් ස්ථාන තියෙනවා නේද? අඩි 10x10 වගේ කොටුවක ළමයි ටික ගාල් කරලා බලාගන්න කෙනෙක් ඉන්නවා කියලා තමයි දැන ගන්න ලැබුණේ
ReplyDeleteකන්කානම්ගේ කියන වාසගම අඩු කුලේද ?
ReplyDelete