ඔබත් පන්සල් යාමට කැමතිද? වයසට ගොස් හැරමිට්ටෙං ඇන ඇන පන්සල් යනවාට වඩා, ‘මාව පන්සල් ඇරං පලෙයාං‘ කියා ළමයින්ට කරදර කරනවාට වඩා පුළුවං කාලේ පන්සල් යාම හොඳය. එබැවින් තරුණ වයසේ ඉන්න පන්සල් යන්ට කැමති ඔබට පරිශීලක අත්පොතයි මේ.
පන්සල් යාමට හොඳ ඉරිදාය. සෙනසුරාදාට පන්සල පැත්ත පලාතේවත් යාම නොකළ යුතුය. එදාට පන්සලේ බෝධිපූජා බහුලය. එබැවින් මල් ගනං වැඩිය. රුපියල් සීයකට ලැබෙන්නේ මල් හයක් හෝ හතකි. එබැවින් පන්සල් යාමට ගැලපෙන දවස ඉරිදාය. ඉරිදාට පොලේ යාම නිසා ඉතුරුවන මාරු සල්ලි පන්සල් යාමට යොදාගත හැකිය. මල් කඩේ අය සෙනසුරාදාට මල්වලින් අධික ලාභ ලබා ඇති නිසා සේල් මිලට මල් ලබාගත හැකිය, අනෙක් හේතු පසුවට වැටහෙනවා ඇත.
ඉරිදා දවල් පොලේ ගොස් ආපසු කහට ඩිංගක් බී ඔබගේ ප්‍රියතම යකඩ කෑලී කැඩෑලීම, නව නිර්මාණ නිපදවීම, පොත් කියවීම, පත්තරේ බැලීම, ආදී ඕනෑ දෙයක් කළ හැකිය.
“බත් කන්නැද්ද? මටනං හොඳටෝම බඩගිනියි. ඔන්න මං නං කනවා. බත්තෙක බෙදලා මේසෙ උඩ. මේ සූකිරිය මේසෙ උට්ට පයින්න කලිං කන්න. මට බෑ මේක පරිස්සං කරන්න.“
කියා කැඳවීමක් ලැබෙනු ඇත. එවිට ඔබ ලියූ දේ පබ්ලිස් කර දමා ඇවිත් බත් ටික කෑ යුතුය. ඒ අතර ස්වප්නාගේ ගෙදර අය පසුගිය සඳුදා සිට සිකුරාදා වෙනතෙක් කළ කීදේ, පුස්කර් පොලීසියේ අයගේ විස්තර සහ හනුමන්තා පාරේ ඕපාදූපද බැලිය හැක. බත් කෑ විගසම ඔබේ බිරිඳ
“උදේ හිටං වැඩකල්ල හරිම්මහංසියි“
කියා ඇඳ උඩට වැටී මොහොතින් ග්‍රිස්ලි හිම වලසා මෙන් නිදන්නට වෙයි. එවිට ඔබද ඒ අසලට වී සිටිය යුතුය. ඔබේ ඇස පියවී තප්පර දහයක් යන්නට මත්තෙන් ඔබ උඩ විසික් වී ඇහැරී ටෙලිපෝනය ගෙන වෙලාව බැලූ විට හවස හතරට වී ඇත. අපට නින්ද යනතෙක් බලාසිට වේගයෙන් සිය කටු කරකැවීමට මෙලොව පවතින සියළු ඉරිසියාකාර ඔරලෝසු ක්‍රියාකරති. දැන් පන්සල් යන්නට හොඳටෝම පරක්කු වී ඇත. ඉතින් ඔබ පෙම්වතෙක්ව සිටි අවදියට සිතින් සහ වචනයෙන් යා යුතුය.
“සුදූඌඌඌඌඋ... නැයිටින්න... පන්සල් යමු නේද?“
“ඤ්හ්ක්“
“මැණිකේ.... නැයිටින්න..... පන්සල් යන්න ඕනි නේද දැං“
“හල්වල් ලිංඤ්හ්“
“යං අනේ යං අදවත් නැත්තං හෙට යන්න වෙන්නෑ“
“ඥිඩාගල්ඩෙල්කොවනෙ. තාං හත්රුනෙහ් නැහ්ං“
“හතර පහුවෙලා දැං. හතරයි දහයයි.“
“බොර්නොක්යං“
“මේ.“
ඔබ දුරකථනයේ තිරය ඇගේ එක ඇහැක ඇහිපිහාට්ට අස්සෙං රිංගවා ඇයට වෙලාව පෙන්විය යුතුය. ඇය ලාම්පුතෙල් වැදුනු ශිවන්‍යා මෙන් උඩ විසිවී අවදි වනු ඇත.
“ඇයියනේ මට ඇහැරෙව්වෙ නැත්තෙ.“
“මං කොච්චෙල්ල කතා කෙරුවද? ඔයානෙ සංඥක දයන්න වගේ වකුටු ගැහිල නිදාගත්තෙ“
“අනෙප් කටවහං ඉන්න. මට ඇහෙන්නෙපෑ කතා කෙරුවනං. ඔන්න එහාට වෙන්න මට මගෙ කොණ්ඩ බූල හොයාගන්න“
දැං ඇය දුම්මල වරම අතට ගෙන හැසිරෙනු ඇත. ටැංකියට වතුර පිරෙන වෑල්එක ඇරීම, නාන්නට නාන කාමරයට යාම, ආපහු දිය රෙද්ද පිටිං ඇවිත් වලං හේදීම. පන්සල් ගෙනියන මල්ල හොයාගෙන පොල්තෙල් ගන්න බෝතලයක්, ගිනි පෙට්ටියක්, කඩදාසියක්, කුඩයක් ආදිය එයට දමාගැනීම, හොරෙං ගෙට පනින්න හදන චියනාට කෝටුවක් උරුක්කර එලවීම, ටිකිරිව ගෙදර ගෙන්වීමට
“ටිකි සේසේසේසේසේසේසේසේ..ඒඒඒඒඒඑ“
කියා කෑ ගැසීම. ඒ අතර නිංදෙං ඇහැරී කෑ ගසනා සූකිරියාට නිල්පාට හාල්මැස්සන් කැවීම ආදී දහසකුත් එකක් වැඩ කරන අතර ඔබට ඇත්තේ ඇය කියනා දේකට කීකරු වීම පමණි.
"මගෙ රෙදිටික වැලේ ඇති ඇරං එන්නකො"
"මේ මගෙ හැට්ටෙ මැද දෙන්නකො මං සූකිරිට කේපී එකක් තියන කං"
"මතකැතුව ලයිසන්නිංසුවරන්ස් ටික ගන්න"
අන්තිමට ඔබ දෙදෙනා ගෙදර තිබෙනා හද්දාම කබල් සෙරෙප්පු කුට්ටම දාගෙන බයිසිකලයට නැගී ගේට්ටුවෙන් පිටවනු ඇත. ඔබේ පළමු නැවතුම වන්නේ පහළ වීදියේ පොල්තෙල් කඩේය. එතැන
රන් රිදී ආලේ-
ප කරනු ලැබේ
කියා ලියා ඇති තැනින් බයිසිකලය නවතා ගත්විට ඔබට දඩ වදින්නේ නැත. එතැනදී ඔබ පාර අවහිර වන පරිදි නැවැත්තුවා කියතොත් එයිට වඩා උදය රජ්ජුරුවන්ගේ සිංහාසනය මහපාරට පැන තිබෙන බව පොලිසියට පෙන්වාදීමට ඔබට පුළුවන. එවිට ඔබට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දඩ ගැසිය යුතුය. ඔබ සියළු පූජා බඩු ගත යුත්තේ පොල්තෙල් කඩයෙනි. නැතිනම් පන්සලේ ගේට්ටුව ළඟ පොල්තෙල් විකුණන්නා පොල්තෙල් කාලකට වැඩිපුර රුපියල් පහලොවක් ඔබෙන් විදගන්නවා ඇත. පොල්තෙල් කඩේ රුපියල් විස්සක් වන හඳුන්කූරු පැකැට්ටුව වෙනුවට පන්සලේ ගේට්ටුව ගාව වෙලෙන්දා රුපියල් පනහට විකුණන්නේ කොලය ලිහද්දීම කුඩු හැලෙන අංගවිකල හඳුන්කූරු ජාතියකි. පොල්තෙල් කඩේ ඇති කඹයක් තරම් විසාල පහන්තිර වෙනුවට ඔහු ළඟ ඇත්තේ පැරණි යට සායවල්, ජංගි රෙදි, බැනියං, ආදිය ඉරා රෝල්කර සැකසූ නූල් ඇදෙන සුරුණ්ඩං විශේෂයකි.
එතැනින් නික්ම කෙලින්ම පන්සලේ ගේට්ටුව ගාවටය. එතැනදී ඔබ බිරිඳව බිමට බස්වා තව ටිකක් එහායින් ඉඩ ඇති තැනක් බයිසිකලය නැවැත්විය යුතුය. බොහෝවිට රටකජුකාරයාට පිටුපසින් බෝඩ් ලෑල්ල ගාව බයිසිකලය නැවැත්වීමෙන් පොලිසියෙන් දඩ කොලයක් ලැබීමේ අවදානම මගහැරේ. එතෙක් රුපියල් සීයක් දී ඔබේ බිරිඳව දකුණු පස පිහිටි මල් කඩේට යැවිය යුතුය. එවිට අප හිතවත් ‘මල් මල්ලී‘ බලෙන් පුප්පන ලද මල් විස්සකට වැඩි පොදියක් වතුර බේසමේ ඔබා ඇය අතට දෙනු ඇත. වැව් වතුරටත්, ඉර එළියටත් පැය ගානක් ගතවන මල් පුබුදන වැඩය මල් මල්ලීට තත්පර ගානක වැඩකි. බේසමක ඔබා තිබෙන මල් පොහොට්ටුවක් නටුවෙන් අල්ලා කරකවමින් තත්පර දෙකක් අතගෑමෙන් පෙති හයක් සහ මැදින් කෙහෙල්මුවක් වැනි එකක් ඇති දර්ශීය මලක් ලැබේ. මේ බලහත්කාරකමට නිල් මානෙල් මල අකමැති නිසා එහි හොම්බ ටිකක් තැලීමට මල් මල්ලීට සිදුවේ. ඔබේ බිරිඳට නිදහස පිණිස මල් මිටිය ඇගේ අතට දී හෙල්මට් දෙක සහ අඩුම කුඩුම මල්ල ඔබේ අතට ගන්න. දැන් පන්සල වෙත ඇදෙන සෙනගට එකතුවන්න. මුර කුටියට පෙර ඇති මල් පඳුරු යටින් ඔබේ සෙරෙප්පු දෙක දමා යන්න. ඒවා හොරකම් කරතොත් පිටසක්වලින් පැමිණෙන්නෝ පමණි.
ඔබ කිසිවිටකත් වන්දනා නඩ පිටුපස නොයා යුතුය. වන්දනා නඩවල සිටින අයට බොහෝ අවම පහසුකමක් නම් වැසිකිලිය. එබැවින් ඔවුන් සැමවිටම මෙවැනි නිදහස් ස්ථාන ආහාර මාර්ගික වායු නිදහස් කර ආන්ත්‍රික ඉඩ නිදහස් කරගැනීමට අවස්ථාවක් කර ගනී. එය ඔබේ නාසයට අහිතකරය. එමෙන්ම කිසිවිටකත් සුදු පැහැ සායවල් ඇඳි කාන්තාවන්ගේ ඇඳුම්වල පිටුපසින් ලාපැහැතිවට පෙනෙන දේදුනු වර්ණ බැලීම, හිර ඩෙනිම් ඇඳි ළඳුන්ගේ කලිසම්වල පිටුපස ලාංඡනය දෙස බැලීම, ඔවුන්ගේ කොණ්ඩාවල දිග පළල බැලීම, ආදිය නොකළ යුතුය.
ඔබේ බිරිඳ මල් දෝවකයෙන් නැවතත් මල්වලට පැන් ගසාගනු ඇත. එතෙක් ඔබට අවශ්‍ය නම් පන්සලේ උඩමලුවට යන තොරණ ගාව පඩිපෙළ උඩ පොටෝ ගසන සෙනග නැරඹිය හැකිය. එවැනි රංචුවක සිටිනා ගැටිස්සියන් දෙසත් ඔවුන්ගේ අඟර දඟර දෙසත් කිසිවිටකත් නොබැලිය යුතුය. එක දුරකථනයක කැමරාවකින් ගන්නා ඡායාරූපය 'නිල් දත්' හෝ වෙනයම් ආකාරයකින් බෙදාගැනීමට හැකියාව තිබියදීත් එක එකා වෙන වෙනම ගොස් තම තමන්ගේ දුරකථනයෙන් පොටෝ ගහගන්නා ආකාරය දැක ඔබට 'සැනෙළි සංවේග' උපදවා ගත හැකිය. එවිට ඔබගේ බිරිඳ ඔබේ ඉළඇට කූඩුවට ඇඟිල්ලෙන් ඇන
"තාම කෙල්ලො දිහා බැලිල්ලෙ අඩුවක් නෑ නේද? පුදුම පැණියෙක් ඔආනං"
කියනු ඇත. එවිට
"මොන කෙල්ලොද අනේ. අර පෙනේද අර රොත්ත පිටිං පඩිපෙළ වහගෙන මිනිහෙක්ට උට්ට යන්නවත් පල්ලෙහට යන්නවත් ඉඩක් නෑ"
කියා ජාමය බේරාගෙන
"යං අනේ අපි පරණ පඩිපෙලෙං."
කියා ඇගේ අතින් අල්ලාගෙන සුජීව ප්‍රසන්න ආරච්චිගේ ආත්මීය නවකතාවේ ඉන්නා අයියයි නංගියි යනුවෙන් අමතා ගන්නා පෙම්යුවල මෙන් උඩ මළුවට ගොඩවන්න. දැන් ඔබ පිවිසෙන්නේ ජෛව විවිධත්වයෙන් ඉහළ, නිකාය බේදයෙන් ඉහළ කළාපයකටයි. එය කෙසේද යන්න ඉදිරියේදී අවබෝධ වනු ඇත. එලෙසම ඔබ මෙතැන් පටන් දුර දක්නා නුවනින් සීල් භටයකු මෙන් ක්‍රියාකල යුතුය. ඔබට යාර සියයක් පමණ දුර සිට ඔබ දෙසට මුහුණලා චීත්තයක් සහ හැට්ටයක් හෝ සිල් ඇඳුමකින් වෙස්වලාගෙන කුඩා පොතක් අත දරාගෙන එන්නේ ඔබගේ සාක්කුවට විදිනා ස්නයිපර්කාරිය විය හැකිය. එවැනි අවස්ථාවක ඔබගේ බිරිඳවද රැගෙන සෙනග අතරේ සැඟවීම සුදුසුය. නොඑසේනම් ස්නයිපර්කාරිය ඔබ ළඟට පැමිණ.
"පිංවත් දරුවෝ, කැමතිනම් මේ අසරණ වෙලා ඉන්න මට සුළු ආධාරයක් දෙන්න"
කියා ඔබට අර පොත් පිංච දිගුකරනු ඇත. එහි මුදුනේම
ආර්.ඇම්. කුසුමාවතී උපාසිකා මාතාවට දඹදිව වන්දනාව සඳහා ආධාර
කියා ලියා තිබෙන අතර එයට පහලින් ඇගේ ගොදුරු බවට පත්වූ අයගේ නම් ඉදිරියෙන් රුපියල් 500, 1000 වැනි ඉලක්කම් ලියවී තිබෙනු ඔබට දකින්නට ලැබෙනු ඇත.
පළමුව ඔබ ඇතුල්වන්නේ බුදුමැදුරටය. ඔබගේ් බිරිඳ දැනටමත් මල් පොකුරේ ඇති මල් ගණන ගණන් කර එයින් එක් ස්ථානයකට පූජා කළ හැකි මල් ගණන කීයක්දැයි තීරණය කර ඇත. එබැවින් ඇය විසින් බුදු මැදුරේ දොරකඩදීම බුදු මැදුර සඳහා නිර්දේශීත මල් ගණන ඒවායේ කර මුලින් අඹරා නැටි කඩා නැටි පෙට්ටියට විසිකර ඔබට හිමි මල් ගණන ඔබේ අතට දෙනු ඇත. ඒ අතරේ ඔබට අවශ්‍ය නම් "වීඩියෝ කිරීම සහ ඡායාරූප ගත කිරීම තහනම්" යැයි ලියා ඇති බෝඩ් එකට යටින් ඇති "අද ආලෝක පූජාවට දායකත්වය දක්වන පිංවතුන්" ගේ නම් කියවිය හැකිය. මේ නම් කිසිවිටකත් කටින් කියවීමට උත්සාහ නොකළ යුතුය. අහුබුදුවානෝ මේ නම් දමා ඇත්තේ එනම් හිමි දරුවන්නේ මතු ආරක්ෂාව පතා පන්ති භාර ටීචර්ට අමතක වන ආකාරයෙන්ය. එවිට එම දරුවන්ට ඕනෑම අලුගුත්තේරු වැඩක් කර ගැලවීයාමට හැකිය. එම නම් කෙතරම් බලසම්පන්නදැයි කිවහොත් ඒවා කියවන ජනයාගේ දිව දත් කුට්ටම වටේ පටලැවී රදනක දතෙන් හිල්වන්නේය.
වම් අත් දණ්ඩේ එල්ලාගත් හෙල්මට් දෙක සහ බෑග් මල්ලද, දකුණතින් ගත් බලහත්කාරකමට ලක්වූ මලද සහිතව හොඳ සිහියෙන් යුතුව බුදු මැදුරට ඇතුල් වන්න. බුදු මැදුරේ බිම සිය කෙලිබිම කොටගත් බිළිඳු දරුවෝ තලගොයින් මෙන් බිම බඩගාති, කාන්තාවෝ දරුවන් බිම තබා නළලද බිම තබා කඩින්ගේ මෙන් වටකුරු සිය පශ්චාත් භාග උඩ තබා වඳිති. ඔබගේ අත්වැරදීමකින් කුඩා දරුවන්ට අනතුරක් විය හැකිය. නැතහොත් ඉහළ නැගුණු හට්ටියක් වැනි පශ්චාත්භාගයක වැදී ඔබ ඇද වැටිය හැකිය. ඔබ පින් කරගැනීමට ආ ගමනක් බැවින් දෙකට නැවී වඳින අයගේ පහත ගිය යටිකය ඇඳුම්ද, ඉහල ගිය උඩුකය ඇඳුම්ද අතර ඇත්තේ කුමක්දැයි නොබැලිය යුතුය. ඔබ ගෙනගිය මල දෝතින් අල්ලා මල් අසුන මත තබන්න. වම් අත දකුණතේ වැලමිටේ ස්පර්ශ වීම මෙහිදී ප්‍රමාණවත්ය. නැතිනම් හෙල්මට් දෙක සමග මල්ලද අත් දණ්ඩ දිගේ රූටාගෙන විත් මල් අසුන මතට කඩා පනිනු ඇත.
ඊළඟට ඔබ යායුත්තේ චෛත්‍ය මළුව වෙතය. ගල් ඇතිරූ චෛත්‍ය මළුවේ සමහර තැන්වල ගල් එක මට්ටමකට නොමැති බැවින් ප්‍රවේශම් වන්න. හැම විටම චෛත්‍යයට ආසන්නව ගමන් කර ඉඩ ඇති මලසුන්ගෙයක් තුළ ඔබ ගෙනගිය මල තබන්න. මුදුනෙහි පටන් අඩිය දක්වාම ගමන් කරන අකුණු සන්නායක පටියකින්ද, මුදුනෙහි පටන් පාදම දක්වා අඩි බාගයෙන් බාගය ලණු පැදුරක් මෙන් ඇදි එල් ඊ ඩී බල්බ් වැල් දැලකින් ද, අටකොන සවිකර ඇති ප්ලෑෂර් ද, පාදමේ සිට අඩියක් පමණ උසින් අන්දවා ඇති බෞද්ධ කොඩි සහිත රෙදි වලින්ද සමන්විත චෛත්‍ය රාජයා වන්දනා කරන ගාථාව කියා වඳින්න. දැන් චෛතය මලුවෙන් පිටවන්න. මෙහිදී ප්‍රවේශම් නොවුනහොත් චෛත්‍යයේ අගසිට මුල දක්වාම එක ඡායාරූපයකට ගැනීමේ අභිලාශයෙන් කැමරා මානාගෙන සිටින පිරිසගෙන් අයෙක්ගේ ඇඟේ වැදීමේ සම්භාවිතාව ඇත.
මීළඟට ඔබ ඇතුල්වන්නේ පිරිනිවන් මංචකය සහිත විහාරයටයි. මෙයට ප්‍රවේශම් සහගතව ඇතුල් නොවුනහොත් මල් ආසනය යට සිය පැටවුන් සමග සිටින සුනඛ ධේනුව "පොත පොත" යනුවෙන් කියමින් ඔබව බෝධි මලුව වෙතම එලවා දමනු ඇත. එබැවින් එම විහාරය වෙත යන්නේ නම් පළමුව යන්නන්ට ඉඩ හැර ඔවුන් පිටුපසින් ඇතුල්වීම නුවනට හුරුය.
එතැනින් පසුව බෝධීන් තුනටත් සස්සති විහාරයටත් මල් තැබිය යුතුය. සස්සති විහාරය තුළ පන්සල්වලට ආවේනික සතුන් විශේෂයක් වන කොබෙයියන් සිටින බැවින් හැකි ඉක්මනින් එයින් පිටට ආ යුතුය. මේ වනවිට ඔබගේ මල් සංචිතය අවසන් බැවින් අතේ ඉතිරිව ඇති මල් නැටි සියල්ල අසල ඇති කුණු බක්කියට දමන්න. බෝධීන් වහන්සේලා වටා ගමන් කිරීමේදී ප්‍රවේශම් විය යුතුය. බෝධි පූජා සඳහා පැමිණි අය මැටි කල, ඉටි කල, හට්ටි, මුට්ටි, වීදුරු බෝතල්, මෙගා බෝතල්, සොපිං කවර ආදියට පුරවා ගත් ජලය සහිතව බෝධීන් වහන්සේලා වටා වට හත සම්පූර්ණ කරන අතර ඔබේ ඇඟේ වැදීමට ඉඩ ඇත. එමෙන්ම විභාග ආදියට ආසන්න දවසක් නම් විශේෂ කණ්ඩායම් බෝධී පූජා ආදිය පැවැත්වෙන කලාපයන් හරහා යාමට ඔබට කිසිසේත් අවසර නැත. පොල් අත්තේ රටාවට වැලි මලුව අතුගානා අයගේ මෛත්‍රියට ඔබව ලක්විය හැකිය.
දැං ඔබ සතුව සෙල්පි රිටක් තිබේ නම් ඔබේ දුරකථනය එහි අමුනා ගන්න. පසුබිමට පන්සලේ කොටසක් පෙනෙන ලෙස සකසා ගන්න. වමතේ දබරැගිල්ලත් මැදගිල්ලත් කරුවක් ආකාරයට දිගහැර පින්තූරයට පෙනෙන පරිදි අල්ලාගෙන අනෙක් ඇඟිලි තුන නවාගෙන ඔබේ බිරිඳ සමග සෙල්පියක් ගන්න. එය එසැනින් 'ෆේස්බුක්' වෙත උඩුගත කර Feeling relaxed කියා දමා ඔබේ බිරිඳද Tag කරන්න.
පහන් දැල්වීම සඳහා අලුතින් තැනූ වීදුරුවලින් ආවරණය කළ පහන් කුටියට යන්න. නැතිනම් පහන් දැල්වීම යනු ඔබගේ ඉවසීම කෙළවර වන තැනකි. පහන් කුටියට ඇතුල්වන තැන පාපිස්ස මත බල්ලන් සිටින බැවින් ඔවුන් නොපෑගෙන පරිදි ඇතුල්වන්න. පොල්තෙල් කාලකින් එහි ඇති පහන් නවයක් පත්තු කළ හැකිය. පහන් තිර දැමීමේදී එහි අන්තිම සෙන්ටිමීටර් භාගයක පමණ කොටස තෙල් නොගෑවෙන පරිදි දැමීමෙන් එක් ගිනිකූරකින් පහන් පහකට වඩා දැල්වීමට හැකිය. මේ අතරේ
"ගිනිපෙට්ටිය චිට්ටකට දෙන්න පුලාන්ද?"
කියා අසන නංගිලාට ස්ව කැමැත්තෙන්ම ගිනිපෙට්ටිය පරිත්‍යාග කරන්න. පිං අතේ වැඩකට බැවින් ඔබට බැනුම් ඇසීමට නොලැබේ.
දැන් මල්ලේ ඇති කඩදාසිය ගෙන ඔබේ අතේ ගැවී ඇති තෙල් සහ දැලි පිසගෙන එය නැවතත් මල්ලට දමා ගන්න. හඳුන්කූරු පැකැට්ටුව ගෙන එහි ඇති හඳුන්කූරු දහය පත්තු කරගෙන එයින් අඩක් ඔබගේ බිරිඳට දෙන්න.
"පන්සිල් ගන්න කොතනටද එන්නේ"
යනුවෙන් විමසන්න.
"අර පොඩි බෝධිය ගාවට යං"
කියා ඇය කියනු ඇත. නැතිනම් චෛත්‍ය මළුවට එන ලෙස ඔබට කියනු ඇත.
"ඔයා යං එහෙනං මං මේ නංගිලාගෙං ගිනි පෙට්ටියත් අරං අනික් පැත්තෙන් එතන්ට එන්නං"
කියා ඇයව පිටත් කරන්න. මද වෙලාවකින් මද සිනහවක් සමග ඔබට ගිනි පෙට්ටිය ලැබෙනු ඇත.
"තෑංකූඌඌඋ"
පළමුවෙනි හඳුන්කූර බෝධිය ළඟද, දෙවැනි හඳුන් කූර එහි අනෙක් කොනේද, තවත් එකක් දේවාලය ඉදිරිපිටද, අනෙක් දෙක චෛත්‍යය ඉදිරිපිටද ඇති හඳුන් කූරු භාජනවල සවි කරන්න. ඔබ විසින් හඳුන්කූරු භාජනවල හඳුන්කූරු හිටවීමේදී ඇතිවන යම් හැලහැප්පීම් නිසා එයට පෙර හිටවා ඇති හඳුන්කූරු පෙරලී ඔබගේ අතපය පිලිස්සීමට ඉඩ ඇත. එබැවින් මෙය ඉත්තෑවාගේ පිටේ කූරු හිටවීම මෙන් ප්‍රවේශමෙන් සිදුකළ යුතුය.
දැන් ඔබ පෙර ගිවිසගත් ස්ථානයට ගොස් සුදුසු තැනක් බලා ඔබේ බිරිඳ සමග හිඳගන්න. පෙර සිහිපත් කළ පරිදි පන්සල ජෛව විවිධත්වය අතින් ඉහළ තැනක් බැවින් ඔබ අඩිය තබන ඕනෑම වැලි සහිත ස්ථානයක් මින් පෙර සුනඛයන් විසින් යමක් නිදන් කළ තැනක් විය හැකිය. ඔබ හිඳගන්නා තැනක් අසබඩ තෙල්කූඹින්ගේ තිප්පොලක් හෝ කඩිගුලක් වීමට ඉඩ ඇත. එසේත් නැතහොත් ගමනක් යාමට සුනඛයෙක් එනතුරු බලා සිටින මැක්කන් සහ කිනිතුල්ලන් රැඳී සිටින හෝල්ට් එකක් විය හැක. එවැනි තැනක හිඳගතහොත් ඔබට නමස්කාරය තෙවරක් කියා ගැනීමටවත් ඉසිඹුවක් නොලැබෙනු ඇත. එසේ නොවන යහපත් තැනක් ලදහොත් ඔබට නෙත් පියාගෙන සැනසිල්ලේ වන්දනා කළ හැකිය. නෙත් විවර කරගෙන වන්දනා කිරීම අසීරු වන්නේ ඔබට ඉදිරියෙන් ඇති විහාරගෙයි පාදම මත හිඳගෙන ඔබ සිටිනා දෙසට හැරී සිටිනා ලලනාවන් නිසාවෙනි.
චෛත්‍ය මලුවේ සිට වන්දනා කිරීම මෙයට වඩා ආරක්ෂිත නමුත් පිරිස වැඩි නිසා අසීරුතාවට පත්විය හැකිය. තැනක බිම හිඳගත් උවැසියක් ඇය ඉදිරිපිට පියන නවාගත්වනම සිටිමින් අලුත්ම කවි වර්ගයක් ගායනා කරනා ලැප්ටොප් පරිගණකයට අනුව ගයමින් වන්දනා කරන්නීය. තවත් තරුණ වයසේ උවැසියක් සිය දුරකථනයට අමුනාගත් කන්බනු දෙකක් කනෙහි ගසාගෙන ඒ අනුව යමින් උස් හඬින් ගායනා කරන්නීය. තවත් උපාසකයෙක් චෛත්‍යරාජයානන් වහන්සේට දානය පිනිස බන්දේසියක තැබූ පෙති පාන් රාත්තලක් සහ මූඩිය විවෘත කර එතුළට හැන්දක්ද දැමූ ජෑම් බෝතලයක් පූජා කරන්නේය. තවත් අයෙක් කුඩා නමුත් කන පැලෙන්න නාදෙ දිය හැකි කැසට් යන්ත්‍රයක් ගෙනවුත් තමා අසල තබාගෙන ඒ අනුව නොනවත්වාම 'නමෝ බුද්ධාය' කියමින් වන්දනා කරයි. සෑම විනාඩි පහකටම වරක් චෛත්‍ය මලුවේ ඇද වැටීමෙන් පොඩි දරුවෙක් බෙරිහන් දෙයි. ඒ අතර ඔබට අනෙක් පසින් කුණු බක්කියට මුවාවී සිටින සරසවි පෙම්වතුන් යුවලක්
"උයා මං නෑ කියල පිස්ෂු කරන්නෙපා අනේ."
"මං ගැන බලන්නෙපා... මට මොනව උණත් ඔයාට ප්‍රශ්ණයක් නෑනෙ. එයා එක්ක සතුටින් ඉන්න"
ආදී වශයෙන් සිය පෙම්මාලිගාවේ ගඩොල් එකින්නෙක ගලවයි. ඒ අතරේ තවත් අයෙක් ස්කයිප් මගින් එතෙර සිටින සිය නෑදෑ හිතවතුන්ට චෛත්‍යය වන්දවයි.
"මේ තියෙන්නෙ චයිත්තිය. වඳින්න පුතේ."
"නෑ නෑ... තව ටිකයි.. බෝධිය වන්දනා කරවන්න පොඩ්ඩක් ඉන්නකො"
"හරි හරී.. ඔයාගෙ එක්සෑම් එකටනෙ මේවත් සේරම කරන්නෙ."
අසපුවාසී හිමිගේ කණ්ඩායමේ අයගේ සිංහල ගාථාද, පාරම්පරික බෞද්ධයින්ගේ පාලි ගාථාද, නිසා ඔබ කිවයුතු ගාථාවද පටලැවෙයි. අන්තිමට මොකක් හෝ ටිකක් කියා අහවර කර භාවනාව පටන්ගත යුතුය. ඔබ ඉදිරියෙන් ගමන් කරනා නංගිලාගේ තොදොල් හඬින්ද, ඔවුන්ගේ පාද සළඹ නටන හඬන්ද, ඔබේ දෑස් විටින් විට අවදි වුවද ගැටළුවක් නැත. මක්නිසාද යත් ඔබේ බිරිඳ දෑස පියාගෙන භාවනාවේ යෙදෙන බැවිනි.
දැන් ඔබේ පන්සල් යාම අවසන්ය. ගෙනගිය අඩුම කුඩුම වලින් ඉතිරියද රැගෙන නැගිට සැහැල්ලු සිතින් චෛත්‍ය මලුවෙන් පහලට බසින්න. පොලිස් මුරපොල අසලින් එනවිට පන්සල් ඉඩම මායිමෙන් එහා පාරෙන් අනෙක් පස ලොතරැයි කූඩුව අසල වඩේ විකුණන්නා සිටීදැයි දුරදක්නා නුවණින් විමසා බලන්න. එසේනම් ඔබේ බිරිඳගේ අතෙහි රුපියල් පනහක් තබන්න. ඇගේ මුහුණේ සිනා මලක් පිපී ගොස් ඔබට මෙසේ කියනු ඇත.
"ඔයා එහෙනං වඩේ කඩේ ගාවට එන්න. මං එතන ඉන්නං. බේකරියෙං පාං ගෙඩියකුත් අරගෙනම එන්න අනේ. අද රෑට උයන්න බෑ"
සැ.යු: මෙහි නම්, ගම්, ස්ථාන ආදිය මන:කල්පිතයි.
අය්යලා පිං කැටේට කීයක්වත් දැම්මේ නැතෙයි.ඇයි තව වැඳලා එලියට ඇවිල්ලා සුවිප් එකක් ගන්නත් එපැයි.
ReplyDeleteපිං කැටේට සල්ලි දාන්න නරකයි. ඒකට දාන්න ඕනෑ පිං. මට ටිකට් ඇදෙන්නෑ මල්ලි. ඒකට වෙනම වාසනාවක් තියෙන්න ඕනෑ.
Deleteපොතක් ලියන්න කාලෙ හරි වගේ මිත්‍රයා.. අතිශය නිර්මානශීලියි.. පිරුනු ජීවමය ගතියක් ඔබ ලියන දේ තුල තියෙනවා.. නිතර කොමෙන්ට් නොකෙරුවත් බ්ලොග් එක පටන් ගත්තු මුල් කාලෙ ඉදල ලිපියක් දාපු ගමන් බලනවා.. සුභ පැතුම්...
Deleteහතලිහක් වෙනකංවත් ඉඳලා ලියන්න ඕනෑ පොතක්. තවම අත්දැකීම් මදිනෙ. බොහොම ඉස්තුතියි.
Deleteහැබහින් ගියා වගේ රසට දැනුණා,,,,, මායියෙක් නැති එකේ මේ පෝයට තනියෙන්වත් යන්න ඕනේ,,,,
ReplyDeleteපන්සල් යතොත් අතරමං වූ මායියෙක් හොයාගන්නත් පුලුවං.
Deleteදළදා හාමුදුරුවනේ ඇසළ පෝය දවසේ
Deleteඅලුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ
තනි නොතනිය යන්ඩ එක්ක මේ දුර සංසාරේ
ආල හිතක් මට ලැබෙන්ඩ පැතුවා එන වාරේ.....
දහස් වරක් පැතුවත් තනිකම මකන්න සසරේ..
Deleteනුවර මැදරටම කුමරියො මදිවෙයි මගෙ මිතුරේ...
මේ දිවිමග හැර යනතෙක් දිග්ගැස්සෙන සසරේ...
තමා හිසට තම අතමයි වෙනකෙක් නැත සරණේ..
තේ කූඩය ඉවරද බං?
ReplyDeleteතව තියෙනවා. මට ඒක ළියන්න කම්මැලියිනෙ.
Deleteඅර නින්දෙන් කියන කතා ටික තමා පට්ට මචං හරිය.............
ReplyDeleteතේරුම් ගන්න අමාරුයි නේද?
Delete//ඔබ හිඳගන්නා තැනක් අසබඩ තෙල්කූඹින්ගේ තිප්පොලක් හෝ කඩිගුලක් වීමට ඉඩ ඇත. //
ReplyDeleteවැඩි ප්‍රවනතාවයක් ඇති සිදුවීමක්...
සමහර දවස්වලට පන්සිල් අතරට අමුතු සිල්පද කියවෙන්නේ ඔය නිසයි.
Deleteඅපිත් පන්සල් ගියා වගේ . හරිම ශෝක් එකට ලියලා තියෙනවා සුරංග. භක්තිය අච්චාරු වෙලා තියෙන්නේ නේද...මරු අප්පා. ආසාවෙන් කියවන බ්ලොග් එකක්.
ReplyDeleteඔව්. පේනව නේද අපේ පන්සල් යාම මෙලෝ වැඩකට නැති වැඩක් බව.
Deleteපන්සල් යන්න හිතෙනවා..අර කිව්ව පශ්චාත් බාග ගැන මතක් උනාම...
ReplyDeleteඑව්වා දිහා බලන්න නරකයි. පිං කරගන්න නේ යන්නෙ.
Deleteඈ බං. දැන් පන්සල් වලටත් කනේ වයර් ගහගෙන ස්කයිප් කථා කර කර සෙල්ෆි ගහන ඇවුනුත් එනවද? යකෝ ඇහුවමයි මෙහෙම පන්සල් අප්ඩේට් එකක්..!! 😳😳😳 ..??
ReplyDeleteඒක නෙමෙයි බං. මම මේ සිරාවටම අහන්නෙ.
ලංකාවේ පන්සලක පහනක් හරි හඳුන් කූරක් හරි ගිනිපෙට්ටියක් වෙනුවට ලයිටරයකිං පත්තු කලොත් මොකක් වෙයිද බං?
🙄
Read me.:
http://tikkatalks.blogspot.co.uk/2012/05/blog-post.html?m=1
බෝධිය එක්ක සෙල්ෆි ගහන එවුං දැං ඉන්නෙ. ලයිටරේ කියන්නේ ලංකාවේ සිකරැට් බොන එව්‍වො යූස් කරන එකක්. ලයිටරෙන් පහන් දැල්වීම බුද්ධාගම සිංහලද්වීපයෙන් අතුගා දැමෙන තරම් වරදක්. සිංහලේ ටීෂට් ඇඳපු අයියලා ඇහිල්ලා හොස්ස තලයි.
Deleteඕක මොකක්ද දැන් හාමුදුරුවොත් හිටු කියලා සෙල්ෆි ගහනවා ., උපාසක අම්මලාගේ එක එක විදිහේ පින්තුර පන්සලේ වෙබ සයිට් / මුහුනුපොත් පිටුවේ දානවා වගේ දේවලුත් කරන එකේ
Deleteඋපාසිකාවොත් එක්ක සෙල්ෆි ගහලා ටැග් කරලා අන්තිමට දානව Feeling hopeful කියල හිටං
Deleteha ha :) එළ කොමෙන්ට් එක.
Deleteපන්සල් යෑමේ ඇත්ත ආදීනව නියමෙටම ලියවිලා තියෙනවා. එළකිරි!!!
ReplyDeleteහරියටම කියතොත් ආදීනව තමයි. පිං කරන්න නං පන්සල් යාම නිර්දේශ කරන්න බැ
Deleteපන්සල් යන්න පොල්තෙල් ගෙනියන්නේ පපඩම් බදින්නද?
ReplyDeleteඔබ මීළඟ නිවාඩුවට ලංකාවට ආවිට පන්සලට රැගෙන්ගොස් පොල්තෙල් වලිං කරන වැඩේ පෙන්වන්නෙමි. එය පපඩම් බැදීම නම් නොවේ.
Deleteඕස්ට්‍රේලියානු හරකෙක් උම්බෑ කියයි..🙈
Delete"සම්භාවනීය ජීවිතයක්ද, අනුකම්පාවට ලක් වූ ජීවිතයක්ද, යන තෝරාගැනීම තම තමන් සතුය"
Delete- ඩ්‍රැකී
ඕං ඊළඟ පාර සිස්සත්වෙට ඔය කියමන කාගේ කියමනක්ද කියා අහනවා ෂුවර්.
Deleteපන්සලත් එතනමයි, අපිත් එතනමයි
ReplyDeleteයකෝ මේකනෙ පංසල් යාම කියන්නෙ. තව පොඩ්ඩෙං හිනා වෙලාම නිවං යන්න තිබුණ.
ReplyDeleteඋඹ ඔය කියල තියෙන හේතු නිසා මමනං පන්සල් යන එක නවත්තල තියෙන්නෙ.
අනුන්ට ඇනයක් නොවී ඉන්න එක තමයි ලොකුම පින. අපිට අපේ හිත එක අරමුණක තියාගන්න බැරි හිංදා පන්සල් යන වැඩෙං පිං කරගන්න අමාරුයි.
Delete//මං සූකිරිට කේපී එකක් තියන කං// මොනවද බං කේපී කියන්නෙ.
ReplyDeleteමමත් මුගෙන් අහන්ට ගිහින් අමතක උනා.. "කේරල ගංජා" ද?
Deleteබළල් වැසිකිළි හෙවත් "කක්කා පෙට්ටි". වැලි පොල්කටු තුනක් විතර පිරවූ ප්ලාස්ටික් තැටියක්.
Deleteඋඹල බදුල්ලෙ හින්ද යන්නෙ මුතියංගනේට වෙන්නැති. ඒකයි ඔය ෆොටෝ ගැහිලි අනං මනං විච්චූරණ තියෙන්නෙ. ඔයවගේ ලොකු පන්සල් ඔලට යන්නැතුව ගමක කොහේ හරි මුල්ලක තියෙන පන්සලකට ගියානං ඔය ඡායාරූප ක්ෂේත්‍රයේ කෙල පැමිණි අයගෙන් ගැලවෙන්න පුලුවං. ඒත් ආධාර පත්තර කාරයින්ගෙන් බේරෙන එකනං කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්.
ReplyDeleteඒ වගේ පොඩි පන්සල් වල හාමුදුරුවෝ ගලෝනවනෙ දත විදුරුමහත් එක්කම.
Deleteදැං උඹල දාගෙන ගිය සෙරෙප්පු කබල් දෙක ආපහු දාගෙන ආවෙ නැතෙයි.
ReplyDeleteඑව්වා අවශේෂ කාරණා නෙවැ.
Deleteඅදනං ටිකිරි සඳමාලිගෙන් බේරෙන්නද කොහෙද කොමෙන්ට් මොඩරේෂන් දාල තියෙන්නෙ. හැක්..
ReplyDeleteසිත රිදෙන කතා බෝමයි.. ඉතින් එහෙම නොකර බෑ උනානෙවැ.
Deleteතවේකක්... උඹට පුුලුවන්නෙ මේක ලිෆ්ලට් එකක් විදියට අච්චු ගහල අහිංසක කොල්ලන් වෙනුවෙන් පිං තකා බෙදා හරින්න.
ReplyDeleteඑහෙම උනොත් දායක සභාව මට විනය තකා කටයුතු කොරයිනෙවැ.
Deleteමට නං ඔච්චර අමාරු නෑ.
ReplyDeleteඕනකරන ටික එයා ගන්නව. පන්සලේ ගේට්ටුව ලඟින් බස්සල පුත්තරය එක්ක බීච් එක පැත්තෙ විනාඩි දහයක් පාලවක් ඇවිදල එද්දි එයා වැඳල ඉවරයි. ඊට පස්සෙ වඩේකාරය ලඟට ගිහිං කෙලිම්ම ගෙදර!
ඉතිං අපේ රටේ බුද්ධ ශාසනේ පවතීද? එහෙම බෑ. ළමය ඇරං පන්සලට ගිහිං කියා දෙන්න ඕනෑ බුද්ධ ශාසනේ චිරස්තිතිය වෙනුවෙං කාකොටා ගන්න හැටි.
Deleteරාජ් පන්සල් යන්නේ නෑ කිව්වා නේද?
Deleteගිය ආත්මේ එකක් ගැන වෙන්නෙ ඇති කියන්නේ?
AnonymousNovember 14, 2016 at 6:25 PM
Deleteසිංහල, කියවද්දි වෙන එකක්ද කියවෙන්නෙ? කොහෙද මම පන්සල් යන කතාවක් මේකෙ?
රාජ්,
Deleteයමක් දන්නා කෙනෙක් ඒක පැහැදිලි කරල දුන්නහම ඒක පිළිනොගෙන අක්ෂර වින්‍යාසය හොයන මේ ඇනෝවා කවුදැයි අපි දන්නවා නොවැ.
මේකෙ පිටපතක් හාමුදුරුවන්ට දුන්නොත් හොඳයි කියලා මට හිතෙනවා
ReplyDeleteහාමුදුරුවො ඒක බලලා කියයි
Delete"මේ ළමයා දාන සාලාව පැත්තෙ ඇවිත් නැති පාටයි"
කියාලා.
Hey you also had to go for comment moderation?
ReplyDeleteWhat to do? Some people who are fear of my ability are laying shit here. I had nothing to do other than doing this. Sorry for the inconvenience occurred.
Deleteකෝමද නිකං කඩුපාර. ගැටපොලහට මන්නෙං ගැහුව වගේ නේද?
හප්පට සිරි, ඩූඩයිය මුහුදට පැනලද දන්නෑ මෙලහකට. වැඩි දුරක් යන්නත් නෑනෙ. හැක්..
Deleteආං නායික හමුදාවෙං අල්ලගෙන නාවර දූපතට යැව්වලු කරෝල වේලන්න.
Deleteයකෝ, වර්චුවල් රියැලිටි යක් වගේනේ..
ReplyDeleteඋඹේ කතාව කියාගෙන යනකොට අපිත් පන්සල් ඉබේම යැවුනා වගේ වුනා...
අතර මගදී පොඩ්ඩක් ඉතින්...(දන්නේ නැද්ද ...)...
ඔය අතර මගදි මොකද වුනේ හැබෑටම? කියන්ටකො අගේ නොකර. හිටං
Deleteකෝ යකෝ මගේ කමෙන්ට් එක .හැක්
ReplyDeleteඒක එර්දිවෙලා වෙන්ට ඕනැ. මගෙ අතිං මැකුනා වත්ද?
DeleteMine too.
Deleteකණ පැලෙන්න ලැයිස්කීපරේ දාගෙන ගොළුවාමුල්ලේ සිට පැමිණි භගලවතී උපාසක මාතාව සුපියල් දහයකින් ආදරේ කොලාය, එතුමියගේ ඉහේ ඉන්න උකුනන්ට පවා නිවන් සැප ලැබේවා කියා පාර්තොනා කොරනවාය, කියන එව්වා තමයි කණ හාරාගෙන යන්නේ.
ReplyDeleteබොහොම අමාරුවෙන් සංවරව ඉඳල පොඩිත්තක් හිත නිවාගන්න පංසල් යනකොට පේන දේවල් වලින් ඇහේ පොට යනවා.මාර දූ වරු පරාදයි.ඒත් ඒක ඒ අයගෙ නිදහස ලු නෙ.අපි අසංවර නිසා නොවේනම් සංවරකමක් පුරුදු කොරගන්න යන්නෙ.
ReplyDeleteහ්ම්ම්..
ජයවේවා..!!
හිත නිවාගන්න නං අර රේරුකාණේ චන්ද්‍රවිමල හාංදුරුවන්ගෙ සරල පොත් දෙකතුනක් කියවන්න. අර අසපුවලිං ප්‍රසිද්ධකරන එව්වා කියවන්න එපා. පන්සල් යන්නැතුව ගෙදර තෙරුවන් වඳින්න. ජයින් ජයිම වීවා!
Deleteෆිල්ම් එකක් බලනවා වගේ මැවිලා පෙන්න ලියල තියෙනවා. පන්සල් යන එකත් බලපුවහම හරි ජොලි වැඩක් නේ.. විවිධ රස තියෙනවා
ReplyDeleteඔතැන තව අඩුයි. පන්සලේ සිද්ධවෙන සමහර දේවල් ලිව්වනං නිකාය බේදය ඇවිස්සෙනවා. සල්ලි පොදි හෙල්ලෙනවා. සේනා සංවිධාන මගෙ පස්සෙං එළවන්නත් පුළුවං.
Deleteදෙය්යො මම පන්සල් යන එක එහෙම් පිටින්ම නැවැත්තුවේ මේං මේක හින්දනේ.....
ReplyDeleteපන්සිල් ගන්න එකයි, පන්සල් යන එකයි දෙකම මම කරන්නේ නැහැ. වෙන අප්සට් එකකට නෙමේ . මට ඔය දෙකම හරියට කරන්න බැරි නිසා. දෙකම ප්‍රැක්ටිකල් නැහැ. බුදුන්ගේ ප්‍රශ්නයක් නෙමේ. මගේ ප්‍රශ්නයක්.
Deleteමම නං පන්සිල් ගනිද්දි රකින්න පුලුවං ඒවා විතරයි කියන්නෙ. හවසට පාටියක් වගේ තියේනං සුරාමේරය මජ්ජ පමා කියන්නෙ නෑ. එහෙමයි අපි සකස් විය යුත්තේ. පන්සිල් පද පහම රැක්කොත් හොඳයි. බැයිනං බෑ කියන එක එයිටත් වඩා හොඳයි. විභාගෙටත් ලකුණු 100% ම ලැබෙන්නෑනේ. උත්සාහයයි වැදගත්.
Deleteජීවිතේටම පන්සිල් එකපාරක් ගත්තම ඇති නැද්ද? ඩේලි පොරොන්දු වෙන්න ඕනෙද?
Deleteනැත්තං අමතක වෙනවනෙ
Deleteමං නං අනික් පද හතරම කියනව බය නැතුව, හතරවෙනි එක ඇර...
Deleteඇයි තමුන්නැහැත් ටීවී රේඩියෝ හැදිල්ල පටං ගත්තැයි.
Deleteනෑ. එතකොට අනික් පද හතරත් බොරු වෙනවනෙ...
Deleteකන්සල් පඩ
ReplyDeleteෆැන්සි පන්සල්
ඔයා දෙහි මිරිකන්න බයද ඇහුවා
අනේ සුරංග මේ ලින්ක්ස් දැම්මට මුකුත් හිතන්න එපා. මේ බොහෝ කාලෙකට පෙර ලියපුවා. ඒත් තාම වලංගුයි කියලා හිතුනා.
තුනම කියෙව්වා... තුංවැනි එකේ ලාවට තියෙනවා පන්සල්වල අයිතිකාරයින්ගේ ස්වභාවය. නියම ලියමන් තුනක්. ජයින් ජයිම වීවා!
DeleteSranga Sir,
ReplyDeleteTrue is bitter.. but you have add all the ingredients and make it taste better..🤓
බෝම ඉස්තූතියි සඳරාජ මල්ලී (නම හරි නේද?). මෙව්වා බලලා කොමෙන්ටෙකක් ලිවීමෙන් මට තවත් ලියන්නට උල්පන්දං ලැබෙනවා. ජයින් ජයිම වීවා!
Deleteකෝ මෙතන ලියාපු එක
ReplyDelete///එමෙන්ම කිසිවිටකත් සුදු පැහැ සායවල් ඇඳි කාන්තාවන්ගේ ඇඳුම්වල පිටුපසින් ලාපැහැතිවට පෙනෙන දේදුනු වර්ණ බැලීම, හිර ඩෙනිම් ඇඳි ළඳුන්ගේ කලිසම්වල පිටුපස ලාංඡනය දෙස බැලීම, ඔවුන්ගේ කොණ්ඩාවල දිග පළල බැලීම, ආදිය නොකළ යුතුය. ///
ReplyDeleteමේවා නොකරන්න නම් ඉතින් රහත් වෙලා ඉන්න ඕනෙනේ...
රහත් වෙලානම් ආයේ අහවල් දේකටද පන්සල් යන්නේ...
///එමෙන්ම කිසිවිටකත් සුදු පැහැ සායවල් ඇඳි කාන්තාවන්ගේ ඇඳුම්වල පිටුපසින් ලාපැහැතිවට පෙනෙන දේදුනු වර්ණ බැලීම, හිර ඩෙනිම් ඇඳි ළඳුන්ගේ කලිසම්වල පිටුපස ලාංඡනය දෙස බැලීම, ඔවුන්ගේ කොණ්ඩාවල දිග පළල බැලීම, ආදිය නොකළ යුතුය. ///
Deleteමෙය ලියා ඇති ලිවිල්ලෙංම පේනව නොවැ ලියන කෙනාත් එව්වා බලන බව. නැත්තං කොයින්ද මෙවැනි වර්ණනාවක් සවිස්තරව කියන්නෙ
අනේ මේ විසූක දස්සන බලලා හිත අවුල් කරගන්නවට වඩා ගොඩාක්ම හොඳයි රේරුකානේ චන්ද්‍රවිමල ස්වාමීන්වහන්සේගේ පොත් කියවන එකනම්. මං කැමත්තෙන් නිතරම කියවනවා එතුමන් වහන්සේගේ බෙෘද්ධයාගේ අත්පොත. ආන් කියවනවනම් පොත්.අපේ ඇත්තියන් පන්සල්වලට දවටගෙන යන ඇඳුම් විලාසිතා දැකලා පන්සල්වල වැඩ ඉන්න උන්නාන්සේලා..... නෑ එක්කො ඕන්නෑ..
Deleteඅනේ අම්මපා. මෙච්චර සුන්දර විදිහට ජෝඩු දාලා පන්සල් යාම ගැන කියද්දි ඒ ගැන ආසාවක් ඇතිවෙලා පවුලක් පන්සලක් වෙන්න නොහිතුන එකනෙ පුදුමෙ.
Deletesarasavi pemwathun ta pem maligawe gadol galawimata pansalata yanna ona natha. :P suranga pansal gihin ena gaman capital city yanne nadda? :P
ReplyDeleteකැපිටල් සිිටයේ ගනං වැඩිය. පඩි දවසට පමණක් දුල්සර සරණං ගච්චාමි.
Deleteහැබැහින්ම පන්සල් ගියාවගේ.... ඉතාම රසවත්.. දිගටම ලියන්න.. comment නොකෙරුවත් සියළු ලිපි කියවීමි.
ReplyDeleteබෝම ඉස්තූතියි
Deleteගෑණු පරාණයක් වුණත් මමත් ඔය ආමිසය කියන දේට වැඩි නැඹුරුවක් නෑ. පන්සලට යනවා හීල් දානෙ අරන් හැම මාසයකම ඒක නිවන් දකින්න කාරණාවක් කරගෙන නෙවි. පෝයට කියලා විශේෂයෙන් නම් යැවෙන්නේ නෑ. අනික පෝලිම් ගැහිලා බුදුන් වඳින්න යන ඇත්තන්ගේ හිත්වල ඔය බුදුන් වහන්සේ දේශනා කළ එක වචනයක් වත් රැඳිලා තියේද? කතාව නම් මල් 7X100 යි. අර මැද්දට ශිවන්‍යයි. සුජීව අප්‍රසන්න ආරච්චියි දැම්මෙ නැත්නම්.
ReplyDeleteඔය සෙනග රැස්වෙන තැංවලට යන බහුතරයකගෙ අරමුණ වෙනිං එකක්. පිනක් තමයි අර ගෙදර බළල් දෙකක් හදාගෙන නඩත්තු කරගෙන ඉන්න එක. කාමරේකුත් වෙනමම දීලා නොවැ තියෙන්නෙ.
Deleteඅතරමං වෙච්ච අලි පැටියෙක් හෙම පංසලේ හොයාගන්න නැතිවේවිද?
ReplyDeleteඅර ඉන්නෙ ගැටගහල දාලා. දවස් දෙක තුනකට සැරයක් නාවන්න ගිනියනව විතරයි. අපරාදෙ උගෙ ජීවිතේ.
Deleteකලිං ලිව්ව පංසල් යාමයි, මේකයි කියවද්දි පේනව බුදු දහමත් පරිණාමය වෙන බව.
ReplyDeleteඇයි අවුලයි වගේද?
Delete
ReplyDelete"උයා මං නෑ කියල පිස්ෂු කරන්නපා අන්."
"මං ගැන බලන්නපා... මට මානව උණත් ඔයාට පශ්ණයක් නෑන. එයා එක්ක සතන් ඉන්න"
ආදී වශයන් සිය පමාලිගා ගඩාල් එකින්නක ගලවයි
මේකෙං පේනව, නූතන සුභාවිත ගීතය තාරුණ්යයේ හදගැස්ම අදුනන බව. බොලා දොස්කිව්වට...
මොකක්ද බං මේ දාල තියෙන්නෙ. උඹේ අකුරු ටික සිවன்යා කෑවද?
Deleteමට පේන්නෙ අකුරුවලිං බ්ලොග්ගල් ගහලා.
Deleteවෙඩිං එකක් ගැනත් ලියන්න
ReplyDeleteපංසල් යනවද? නැද්ද ? අනේ මංද මේව දකිද්දි ගිහිල්ලත් බෑ නොගිහින් ඉන්නත් බෑ.
ReplyDelete(මද්දා නූතන පංසල් හා අම්බානට තරහාය. ආවාසෙ ලොගුයි විහාරෙට වඩා. හැබැයි ඉතින් හාමුදුරුවොත් රහත් වෙලා නෑනෙ නේද?)
දන්නා තරමිං රහතං වහන්සේලා එක නමක් වැඩ සිටී. උන්වහන්සේටද ගුවන් බලය නැත. පන්සල් යනවානං හවස් වෙලා යන්න. දවල්ට ගියොත් ටියුෂන් කපල් විතරයිය.
Deleteමරු! කියවලා ඉවර වෙද්දි නිවන් අවබෝධ වෙනව :D ගෙදර ඉද්දි අම්මා නිශේධ බලය පාවිච්චි කොරොත් ඇරෙන්න මං පන්සල් යන්නෙ නැහැ :)
ReplyDeleteමූනු දෙකයි මැද එකයි මයා/මිය,
Deleteඅම්මා එක්ක යතොත් ඔන්නොහෙ යන්න. නැත්තං හරිනෑ නොවැ. නැත්තං කියයි. "දෑහෙ මූනෙ තියා ළමයි උස්මහත් කොලා. පංසලට යන්න එකෙක් නෑ. ඒකට අර පියානිලෑ ගෙදර දූ. යං කියපු ගමං ඕනැ දිහාවක යනව අම්මත් එක්ක. අපේ එවුං ටැලිපෝන්නෙක බදාගත්ත ගමං මයි. මං කොයි වෙලේක හරි ඔය ටෙලිපෝං කබල විසික්කරනව ලිපට."
පන්සලටම දෙන්න කියලා කියන ධර්ම දේසනාවෙන් කෑල්ලක් දැම්මනම් තවත් හොඳයි.
ReplyDeleteඒක ඇවිල්ලා දීර්ග වටයක් ගහල එන වැඩක්නෙ. ඉස්සෙල්ලාම මොකක් හරි දරුණු විපාකයක් කියලා බය කරවන්න ඕනි. එයිං පස්සෙ ඒ පුරාම බයානක දෙයින් බේරෙන එකම ක්‍රමය පන්සලටම දෙන එක තමයි කියල ඒත්තු ගන්වන්න ඕනි. ඒක තමයි ක්‍රමේ.
Deleteඅපූරුයි. හරියට පාට ගලපපු චිත්‍රයක් වගෙයි.
ReplyDeleteබෝම ඉස්තූතියි
Deleteස්කයිප් එකඟ වන්දනාව ඇහුවෙත් අයි. පන්සල් යන එක මෙච්චර අමාරු වැඩක් කියල හිතුනේ නැහැනේ.ෂුවර් එකටම මුතියන්ගනේ වගේ මහා රජ මහා විහාරයක් වෙන්න ඇති. හුණුපිටියේ ගංගාරාමේත් ටිකක් ඔය වගේ තමා.
ReplyDelete