පහුගිය පෝය දා අපි නාන්න ගියෙමු.
කිලෝමීටර හැට ගානක් මග ගෙවූයෙමු.
ඉං පසු ලැවරියක් කෑවෙමු.
ලොරියක නැගී මහ වන බූටෑවක් මැදිං දොළ ළඟට ගියෙමු.
දොළට බැස නෑවෙමු.
හීතල හැදුනු බැවින් ගොඩ ආයෙමු.
තෑග්ගට පොතක් ද ලැබුණි.
හොදි මාළු පිනි සමග බත් කෑවෙමු.
බැනුං ඇසුවෙමි.
බත් ඉතුරු නොකර ඔක්කොම නොකෑ බැවින් කේන්ති ගත් මේසය නරක කොල්ලෙක්ගේ ඇඟට පැන්නේය.
අපි ආපහු වන බූටෑව මැදිං පාරට ආවෙමු.
ආයෙ නං නෑමට එතරං බයානක ගමන් නොයමු.
තට්ටයාට වූ පොරොන්දුව පරිදි පළ කරමි.
![]() |
නයා ඔන්නොහොම එනකොට සුවාතා ටෝච්චෙක ඇල්ලුව නයාගෙ පෙනේට යටිං මේං මෙහෙම |
![]() |
ගහප්පිය..... පතෑංංංංංංංං |
ආයේ දවසක ඒ හැටි දුර නැති තැනක නාන්න සෙට් කරහංකෝ අපිටත්..
ReplyDeleteකළු ගඟෙන් තමා එහෙනං ඤාඤ්ඤවෙඤ්ඤෙ.
Deleteළඟ නං ඉතිං නාන කාමරේ තමා.
Deleteඒකනං නියම නෑමක් තමයි.
ReplyDeleteමම හිතුවෙ තට්ටය මහත්තැං මේසෙට රිවස් කික් පාරක් දුන්නැයි කියල.
ලයිසන් දීල තියෙන්නෙ ජයරත්න. ඒකයි.
DeleteAyyo ethi yaanthan.
ReplyDeleteYaanhella nethiwa digu kaalayak paaluwen hitiye.
Hemadaama balaasitiya. Mage kawuluwa lagatawela. Kimada naawe.
Aye digatama rasawath yaanheli kiyawiimata lebey kiyala sithami.
Vidyala handiye thattu bildima lagin yana ena hema awasthaawakadiima issara yaan heli mathak wuni.
මේකට නං හද සසල වුනා. මාත් යන්නෝනි දවසක මේක බලං එන්න.
Deleteමීළඟ පාර නමියට දුන් එකේ අනික් එක බොට දෙන්නෙ. ඇයි හත්තිලව්වෙ, ඇපෙන් බේරෙන්ඩ මෙහෙම ලියල හරියනවද?
ReplyDeleteනැත්තං හිරේ යන්ටද කියන්නෙ?
Delete"හිරේ ගියත් සැපයි දිගට රහට ලියලා" කියල විජේවීරත් කියල තියෙන්නෙ.
Deleteහනේද කියන්නෙ? මේවත් පෝස්ට්ද? "හරියට ලියපඃ පූසිගෙ පුතෝ, නැතනං මග් බොගේ ඇට තලනවා" 🤣😂😉
Delete//බත් ඉතුරු නොකර ඔක්කොම නොකෑ බැවින් කේන්ති ගත් මේසය නරක කොල්ලෙක්ගේ ඇඟට පැන්නේය.//
ReplyDeleteමේක මරු.
ආං ඒම කිව්වං තමයි ඒකෙ සාහිත්‍ය රසය ගානට මාළු පිනි එක්ක කලවං වෙලා එන්නෙ.
Deleteමේ තඩි හෑල්ල කොටස්වලට වෙන්කරල ලියන්න බැරිද
ReplyDeleteබණ්ඩි කියතක් නෑනෙ මහත්තයා. තිබ්බත් අපේ ගෙදර එක්කෙනාට හුරු නෑ.
Deleteපොරොන්දුවනම් ඉටු කොරල තමා... ඒත්
ReplyDeleteඑක්කො ඕන්නෑ
අන්නේකයි. පොරොන්දුව වැඩියත් එක්ක කරල තියෙන්නෙ.
Deleteබොට මේ ඩිංගිත්ත ලියන්නද තට්ටයා මහතා තට්ටේ කෙස් පැලවෙනකම් දගලලා ඩැස්කියා අනුන්ගේ වාහන පිනට ඉල්ලං රවි ලොක්කා බත් වෙඩිල්ලෙන් හොදිනාගෙන කොළොම්පුරයා වන මංවහන්සේ නමි කොලුවාගේ අපූරු මගපෙන්නිමෙන් පාරවරද්දාගෙන මේ ගෙට්ටුව තිබ්බේ?
ReplyDeleteනෑ. ඒක නං තිබ්බෙ බොන්නයි දවල් තරු පෙන්නන්නයි නෙ.
Deleteසුරංගයාගේ යාන්තං නෑමෙන් මතුවූ කුණු හත්තට්ටුව හා පරන බැනියම් ලංකට් වලින් අපවිත්‍රවූ දොළ යලි පිරිසිදු කිරීමේ මහා පුන්චකර්මයට පිනට ලැදි පවට බර බ්ලොග් ලියන්නනෝ සහභාගි වෙත්වා...
ReplyDeleteඒක කරයි මාළු
Delete*************
ReplyDeleteආ මේං මේ යකා ඒ ගමන කොකිස් වැටක් ගහලා
Deleteඔබ බොහෝ වසර ගණනාවකට පසුව ලියන්නට පටන් ගෙන! එය; ඔබගේ පාඨකයින් හට සතුටු දනවන ආරංචියක් වනවා සේම අප කණ්ඩායමටද ඉතාමත් සතුටු දායක ආරංචියක් වූවා.
ReplyDeleteමෙම ලිවීම දිගටම පවත්වාගෙන යනු ඇතැයි අප උදක්ම විශ්වාස කරමු!
එසේම ඔබගේ බ්ලොග් අඩවිය අපගේ සින්ඩියේ; "බ්ලොග් සඟරා" කොළමේද "පුනරුප්පත්ති" කොළමේද ප්‍රදර්ශණය කෙරේ.
සඳකඩපහන සින්ඩිය යනු අවකාශයේ යාවත්කාලීන වන විශාලතම සිඬියයි.
ඔබගේ අඩවිය තුල අපගේ සින්ඩිය පිළිබඳව ප්‍රචාරණයක් ලබා දෙන්නේ නම් එයට බෙහෙවින් ස්තූති වන්ත වන්නෙමු!
විස්සාස තියන්න එපා.
Deleteලියවිල්ල මේ හැටි අගේ කරන එක හරි නෑ මලේ.... උඹේ පරණ ලිපි කියවද්දී හිත ගිහින් නවතිනවා උඹ ලිව්ව කලේ මතකවලට... අපිට මෙහෙම අසාධාරණ කරන එක සාධාරණ නෑ... බ්ලොග් ලිව්වා උනාට අපි උඹේ රීඩර්ලා...
ReplyDeleteටිකක් ඉන්ටකෝ.....
Deleteඔය වැට තිබ්බ නං එදා අරම වෙන්නෑ.
ReplyDeleteමේක නම් ජාමේ බේරගන්න ලියපු එකක්,,, අර පොඩි උන් නාගෙන වරෙන් නැත්නම් තෝ කෝටුමස් කරනවා කිව්වම ඇග තෙමාගෙන එනවා වගේ.... හෙහ් හේ.........
ReplyDeleteඅර ළගදි ගත්ත එකෙන් කොටලද මේක ලිව්වේ? mlhd!
ReplyDeleteඋන්න හැටියට මලා මදෑ!" කිව්වා සේ;
ReplyDelete"නිකංම ඉන්න මට අහල ගියත් මදෑ!" කිව්වාසේ; "එසේ විචාළ බමුණාණණට 'හෙම්බා බමුණාණෙනි, මෙතෙක් කල් මුළුල්ලේ තොප ගේ ගෙන් බස් පමණකුත් නො ලදින් ඊයේ දවස් 'අරුණු' යන බස් පමණ ලදුම්හ. ඒ විතරකුත් ලත් නියා වේ දැයි සිතා, 'ලදුම්හ, බමුණාණෙනි, කීම්හ' යි වදාළ සේ
මේ තරමින් හෝ ලිවීම පිළිබඳව අවංක ආදර ස්තූතිය!
අනේ ඉතින් ඊ ළඟට "උම්මග්ග ජාතකෙන්" අහගන්නේ නැතිව ලියපං!
'සුරංගිව" දයාබරත්වයෙන් මතක් කලා කියලත් කියපං!
මම හිතුවේ රවියා තමා ෂෝට් නෝට් එක ලියල තිබ්බේ කියල ... හෙහ් හෙහ්
ReplyDelete