වෑර් පොටවල් හිංදා මං බොහෝ දේවල් කා ඇත්තෙමි. මුලින්ම කෑවේ ගුටි වෙන්න ඕනාය.
“තොගෙ මේ කැවුතු කැටි වෑර් කෑලි ගිහිං ඕන බිබික්කමක් අස්සෙ ගහගනිං. ආයි අතන මෙතන දා තිබ්බොත් කඩනොව තොගෙ අඬු“
අකුරු කියවන්න පටං ගත් දා ඉඳලාම වෑර් කෑලි, බලුප්, බැට්ටි කෑලි මගේ අතට කාන්දං වගේ ඇලුනේය. පාරේ වැටී තියෙන වෑර් පොටක් ගෙදර ගෙනැත් දිප්පිහියෙං පලා ඒක අස්සේ තියෙන කම්බි පොටවල් එකට පුරුද්දා එව්වායින් එක එක සුකුරුත්තං අටවා ටොච්චෙකේ බැට්ටි කෑලිටිකත් බැස්සූ විට තාත්තාට බෙල්ල මුලින් අසුවන මගේ අත පය ආපහු කෙලිං වන්නට සතියකට වඩා ගතවේ.
ඉං පහු කාලෙක කලවං ඉස්කෝලේ යන්න පටං ගත්විට මට වෑර් පොටවල්වල ආඩම්බරේ පෙන්නුවේ අපේ පන්තියේ බණ්ඩාය. එක එක ආකාරයේ බෙහෙත්පෙති, පනුවන්, බැරල් කෑලි එකට අමුණා එව්වායින් බලුප් පත්තු කිරීම, සද්ද ගැනීම ආදිය කරන්නට එක එක ජාතියේ සර්කිට් අමුණත්දී
“මෙතන බලංඤින්නැතුව පලයංකො“
කියා දුං දමන බහුත්තෙක උරුක් කිරීමට බණ්ඩා කටයුතු "කළාය".
ඊටත් පහු කාලෙක පන්සලේ හිටි හීරලුවෙක් වූ චන්දරේ අයියාගේ ඇබිත්තයා විදිහට ගෙවල් වයරිං කරන්නට යත්දී මට පළවෙනි වතාවට වයර් පොටවල්වල සෞන්දර්ය හම්බවිය. වයර් පොටවල් හැට හුටාමාරක් කොන්ඩියුට් බටේ අස්සෙන් රිංගවා ඇදගෙන ගොස් උවමනා තැනකදී බටේ බඩ හිල් කර බඩවැල් එලියට අදින්නා වගේ අමු අමුවේ අපරාධ කරනවාට වඩා අල්ලෙන් පිරිමැද කෙලින් කළ වෑර් මිටිය වෑරින් ක්ලිප් වලින් හික්මවා පරාල යටලී දිගේ පිළිවෙලකට කැන්දාගෙන යාමේ අලංකාරය කියා දුන්නේ චන්දරේ අයියාය. ඒ දැනුමෙන් මේ රට ඇතුලේ එකට එකක් වෙනස් කලාප හතරක ගෙවල් හතරක් වයර් පොටවල් වලින් හැඩ කරන්නට මට පුළුවන් කම ලැබුණි. ඒ වැඩවලින් හම්බුකරගෙන කන්නට මට පුළුවන් විය.
අන්තිමට අවුරුදු තුන හතරකට පස්සේ වොක්ස්වාගන් එකකුත් අමුණාගත් වයර් පොටක් මගේ අතට ආවේ මීට මාස දෙකකටත් උඩදීය.
අතට ඇවිත් පැය හතරක් යන්න කලින් රියදුරු ගලගෙදරත් සමග බදුල්ලට ගිහින් එනවිට වොක්ස්වාගන් පොත කියවා ඒ ගැන අගනා විවරණයකුත් ලබාගන්නට පුළුවන් විය.
“ජරමං වාහන කියන්නෙ මහාත්තයා බොහොම කල්පනා කරල හදපු වාහන. සමහර ඉංග්‍රීස් වාහනවලටත් වඩා ජරමං වාහන කල් අල්ල හිටිනව. ඔය පොක්සගන් එක හදල තියෙන්නෙ කොයි තරං කොන්ඩරි ගානක් පෙරලිල ගියත් අන්තිමට කෙලිං අතට හිටින්න. කාංතාරෙ යන්න හදාපු වාහනනෙ. වතු මහත්තුරු ගාවත් තිවුන ඉස්සර.“
ඒ වුනත් වයර් පොට නැගලා ආ කවරෙටම වී අල්මාරියට රිංගා ගත්තා මිස කාටවත් ඒ ගැන නිනව්වක් උනේ නැත. ළඟදිම දවසක සති අන්තෙට විවේක පාඩුවේ ඉස්තෝප්පුවෙන් පුටුවකුත් තියාගෙන “බාසනේ“ වත් ඔඩොක්කුවේ තියාගෙන ඕක කියෝන ගමං පොටෝ එකකුත් ගහලා බුකියට දාන්න ඕනා කියා හිතාගෙන උන්නත් ඒ දවස බාලගිරියා එක්ක සෙට් වෙලා පහල ගෙදර දොර ලඟට ඇවිත්
“බාල ගිරි අද නෙවේ හෙට“
කියා තියෙනා නෝටිස් එක කියවා ගියා මිසක අපේ ටකරං බිත්තියෙන් ඇතුළට ආවේ නැත.
තවත් කාලෙකට පස්සේ කෝස් කැලැන්ඩර්, කෝස් ෂෑඩුල්, එකොමඩේෂන්, හොට් වෝට නැතුව වොෂ් දාන්න බෑ වීම්, වැස්ස පටංගෙන දොට්ට බහින්න බැරිවීම්, ජනාධිපතිවරනෙත් එක්ක බුකිය මඩවීම්, ආදී හැට හුටාමාරක් අලකලංචි මැද්දේ ගෙවෙන කාලය පූස් ලොනක් නොවටින මුස්පේන්තු දවසකදී මට වෑර් පොට මතක් විය.
“අර තරිඳු එවාපු පොත දෙන්නකො මට බලන්න“
“කොයිකද? අර ඉබ්බ කාර් එකක් තියෙන එකද“
“නෑ අනික“
“ආ අර කෝටුවක කපුටෙක් නැගල ඉන්න එක“
“ඒක තමා“
“ඒක කියෙවුවං ඔලුව විකාර වෙනව අනේ. ඔන්න බලන්නකො කියෝල“
ෆස්ටෙකේ දමාගෙන පලවෙනි පිටු පහ ලොකු RPM එකක ඇත්දත් එතනින් එහාට පහෙන් මෙහාට දාගන්නට වුනේ එහෙමත් වෙලාවකය. පොතේ පිටු පෙරලෙන අතරේ බත් පිඟන් දෙකක්, තේ කෝප්ප දෙකක් අහවර වීම, බළල් හොඹු කීපයක් පොලිෂ් කිරීමක් සිද්ද වන්නට ඇත. මහ රෑ දෙගොඩ හරියේ කියවා ඉවර වුනු පොත ටීවී එක ලඟින් තියා මං නිදාගත්තෙමි.
එදා පටං වයර් පොටෙන් ඔලුව වටේ ගෙතුනු ගෙත්තම ලිහාගන්නට මට තවත් සති එකහමාරක් ගතවිය. අන්තිමට මට අපිට සිංහල සාහිත්‍ය ඉගැන්වූ ගුරුවරු ගැන මහා අනුකම්පාවක් ඇතිවිය.
“ආන්න බලන්න එතනින් මතුවන අනුප්‍රාස රසය“
“ආන්න එතනින් කතුවරයා සංකේතවලින් ඉස්මතු කරන දෙය අපට බොහොම හොඳින් වැටහෙනවා... නේද“
ආදී වසයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නියම කළ ඕනාවට වඩා සිල් ගත් කෙටි කතා, නවකතා කෑලිවලින් එව්වයෙ කොහෙත්ම නැති ගුණාංග කොහොමින් හරි තියෙන බව පෙන්නන්නට හැදූ ඒ ගුරුවරුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අම්බානක පවුය. ඒ වෙච්චි මහන්සියෙං ගඟේ ඉවුර බිඳලා ගැරුවා නං කුඹුරු කෑල්ලක් ගොඩකරගෙන තට්ටු දෙකේ ගෙයක් හදාගන්නට තිබුණි.
ඒ ගුරුවරුන්ට තරිඳුගේ වයර් පොට හම්බවුනානං ජෙසියාගේ කරේ පටිය වගේ පැහැදිලිව තියෙන ඔය කියන්නා වූ සියලුම රසාස්වාද එක මිටට අරං පෙන්වා ළමයින්ගේ කේන්තිය අවුස්සන්නේ නැතිව ඉන්නට තිබුණි. ළමයිනුත් ඒවා අතේ ගෑවුණු ඇඹුල ජාතියක් මෙන් දිවගා බලා
“......................................... යනුවෙන් කතුවරයා වැගන් ආර් වර්ගයේ මෝටර් රථවලට එවකට රට තුළ ලැබී තිබූ තත්වය සංකේතාත්මකව පැහැදිලි කරයි“
යනුවෙන් උත්තර ලියන්නට තිබුණි.
වයර් පොටේ සෞන්දර්යය කියවන අයට පොතේ මැදක් වෙන්නට කියවා නවත්තා දවසක් ඒ ගැන හිතන්නට යැයි කියමි. මේ පොත ලියූ තරිඳුවා කොයි තරම් භයානක මිනිහෙක්ද, මේකා මේ ලියා තියෙන එව්වා කියවා කී දෙනෙක් නං මහ උළු ගෙදර තපීද, 119 ට කතා කරලා කියලා මේකා පොලීසියට අල්ලා දෙන්න ඕනෑ නේද, ඊට කලින් බුකියෙනුත් මේකාව අන්ෆ්‍රෙන්ඩ් කොට චැට් හිස්ට්‍රියත් මැකුවා නං නිරපරාදෙ සාක්කි දෙන්න ඕන්නැතිවෙයි නේද, යනාදී වශයෙන් කතුවරයා ගැන මැවෙන සිතුවිලි විඳින්නට යැයි කියමි. ඒක වෙනමම ආතල් එකකි.
ඉං පස්සේ ඉතුරු කොටස කියවන්නට යැයි කියමි. කියවා අවසන් වනවිට තමුන් ගැනම නොදකින් කියා හිතෙන අවුල් සහගත බව විඳගන්නට යැයි කියමි. ඒ එක්කම ලෝකයෙන් ආදරයක් කරුණාවක් නොලැබ බ්ලැක් ලිස්ට් වෙලා යන “මම“ලා වෙනුවෙනුත්, උන් වෙනුවෙන් හතරගාතෙන් හයියක් වෙන්නට වෙර දරන බව්වලා වෙනුවෙනුත් හිතේ ඇතිවන සෙනෙහස තවත් "මම" කෙනෙක් නූපද්දනු පිනිසත් තව තවත් බවුවලා සුරකිනු පිනිසත් යොදවන ලෙස ඉල්ලමි.
ලයිසන් තියෙන ඕන එකෙකුට වීල් එකේ හයර් දුවන්නට පුළුවන. නමුත් ලෙඩෙක් ඇරන් මරදන්කඩවල යන්න හැම එකාටම බැරිය.
පොත් ලියන්න මටත් පුළුවන. නමුත් වචනවලට පන්නරය දෙන්න නම් තරිඳුලා ඉන්නට ඕනාය.
මේ සටහනත් මික්කාටය.

Kaalekata passe
ReplyDeleteඅපි දැං වයසයි
Deleteබාසනේ කිව්වෙ ?
ReplyDeleteවෑර් කෑල්ලක් පැටලිලාහරි මෙහෙට ආපූ එක ලොකු දෙයක්
ඔය පොටෝ එකේහොම්බ දාං ඉන්න එකාය
Deleteමේ මාසේ කවදා හරි දවසක යෙදෙන සුබෝපන්දිනයට ආශිර්වාද කරමි. අනෙ අප්පා ඉඳහිට හරි මෙහෙම කුරුටු ගාලා යන්න.මුනිච්චාවට කියනවා හෙම නෙවි.කැමතිම ශෛලියේ ලේඛකයා. සුභපැතුම්!!!
ReplyDeleteස්තූතියි සුබ පැතුමට.
Deleteමමත් කැමතිම ලේඛකයෙක් ගැන තමයි මේ ලියමන
බොහොම ස්තූතියි සුරංග. ඔයත් කොහොමත් මම කැමතිම ශෛලියකින් ලියන කෙනෙක්. අනික් බ්ලොග් කියවීම සීමා වුණු කාලවල පවා මම ඔයාගේ බ්ලොග් එක දිගටම කියෙව්වා. මේ අපූරු සටහන මට ලැබුණු ලොකු ගෞරවයක්!
ReplyDeleteආං එහෙම නිහතමානීව ආඩම්බර වෙන්න ඕනා. (Copyright @ Pradeepa tennakoon)
DeleteWrite something interesting about survey dept. please.
ReplyDeleteඉට් ඊස් ටෝටලි නොට් ඉන්ටරෙස්ටිං
Delete++++++++++++++++++++++++++++++++++++++++++
ReplyDeleteඅර තිලකසිරි මහත්තැන්ගෙ කොම්පැණියෙ වැටවල් ගහන්නෙත් තමුන්නැහැද?
Delete:-)))))))))))))))))))))))))))))))))))))))))
Deleteමේක බොහොම ඉහළ අදහස් දැක්වීමක්. ඇත්තටම කසුන් මෙතන සඳහන් කරන හැම කාරණාවක්ම අවංකවම ඇත්ත ය. මේ අදහස් වෙනම බ්ලොග් පෝස්ට් එකක් විදිහට පළ කරන්න වටිනවා ය.
Delete@ ඩ්‍රැකී,
Deleteබොරු කියන්න එපා බං. කසුන කියල තියෙන්නෙ සුරංගයගෙ ලියවිල්ල මෙලෝ රහක් නැතිය හාවෙක් වයර් පොටක් හපන එක මීට වැඩිය කලාත්මකව කරනව කියලනෙ.
ප.ලි. කො.කා.ස.ස. හැටියට මේ වගේ කොමෙන්ට් දාන එවුවො ගැන තීරණයක් ගන්න වෙනව ඉඳගෙන.
කසුනා ලියපු එක නිර්මාණී විසින් කසුනිර්මා දුවට/කසුනිර්මාණ පුතාට සෙල්ලං කරන්නට දී ඇති බව කරුණාවෙන් සලකන්න.
Deleteනිර්කසුන් (ඒ කියන්නෙ "කසුන් නෑ" කියන එකයි) කියල නමක් නැද්ද?
Deleteඒවගෙ නං ඇති උස්බෙකිස්තානය, සාවෝ ටොමේ සහ ප්‍රින්සිපේ වගේ රටවල්වල
Deleteදැන් යන්නෙ ඒ වගේ නම් තමයි. අරීසෙන් අහුබුදුගෙ බැබිලෝනියන් නම් යුගය අවසන්...
Deleteආයෙත් දකින්න ලැබීම සතුටක්...
ReplyDeleteඔය දැක්කමයි
Deleteවයර් පොටන් ගැන මතක් වි හෝ මෙි මෙිවා එකට ගොඩ විම ගැන සතුටට පත් වෙමු...
ReplyDeleteවයර් පොටන් ගැන කතා කිරිමෙි දි අපි තරිදුගේ වයර් පොටන් ගැන අසා හෝ දැක නැත...අප දවසේ පැය 24න් 25ක් ම දකින්නේ සුද්දා හාදාන නානාප්‍රකාර පාට ඇති ඒක ඒක විදියට ඔතා ඇති වයර් පොටන්ය ..
වයර් කැල්ලකට පෙමි බැදිම මොන තරමි සුන්දර ද...
පෙම්බැන්දත් කරන්ටෙක ඇති පොටක් හා ඇලිංගනයේ නොයෙදෙනු
Delete++++++++++++++++++
ReplyDeleteඔබෙත් වැට කොටයිද? ගහන්න ජයතුංග වැටවල්. විමසීම් අද්වකාත් ප්‍රාජේ සහ සමාගම (ඔපිස් එකේ වැඩකරන ගෑල්ලමයගෙන් අහන්න යන්න එපා)
Deleteඔපිස් එකේ වැඩකරන ගෑල්ලමයගෙන් අහන්න.
Deleteකොටයි,
තරිඳුවාගේ වෑර් පොට නිසා හෝ සුරංගයාගේ මොළේ වෑර් මාරු වී බ්ලොග් කට්ටක් තියෙනවායැයි මතක් වීම ගැන තරිඳුවාට ස්තුති වන්නට ඕනෑය.
ReplyDeleteපොත ගැන යමක් කියන්නට වෙන්නේ පොත කියවා බලාය. ඒකට සුදුසු ආර්ථික තත්වයක් මේ දිනවල නොමැත. හැකි විගස පොත කියවා තරිඳුවා අන්ප්‍රෙන්ඩ් කරනවාද කියා සලකා බලනවාය.
ටෝ පරිස්සං වෙලා හිටු ය. එදා මළගෙදර ගිහිං එද්දි මගේ අතේ ටෝච් එක නොතිබුණේ බොගේ වාසනාවට ය. මීළඟ පාර බොට පතබාන්නේ ජෙනරේටරේකිං ය...
Deleteජෙනරේටරේකින් ගහන එක ටෝච් එකකින් ගහනව තරං ආතල් නෑ බං.
Deleteබොට ඒකෙනුත් ආතල් ගන්ඩද ඕනෙ? දෙන්ඩද සෙටප් එකකිං ඔලුව පළල යන්ඩ...?
Deleteසෙටප් හරියන්නෑ, බැයිද ත්‍රීඩී ප්‍රොෙජක්ටර් එකක් වගේ සලකා බලන්න.
Delete3D ප්‍රොජෙක්ටර්? ඉඳපිය නාගෙන...
Deleteඒක කියවා බැලූවිට ඔයිට වඩා ක්‍රමයක් හොයාගත හැකිවනු ඇත.
Deleteඅන්ෆ්රෙන්ඩ් තර්ජනය දැන් දැක්කේ. මේ දවස් වල ප්‍රසන්න අයියා මිසිං වගේ දැනෙන්නේ.
Deleteදැන් ගෙවල් වයරිං කරන ගොඩක් එවුවොනං මෙලෝ රහක් නෑ. උං වයරිං ක්ලිප් ගහල ලස්සනට වයර් අදින්න දන්නැති වගනං ටක්කෙටම කියතහැකි. ඒ මදිවට මුං කොන්ඩියුට් අස්සෙ වයර් මාට්ටු කරල වයරිං ටේප් ගහනවත් එක්ක.
ReplyDeleteපයිප්ප බාස්ලා
Deleteඔහේගෙ පූසන්ට නං දාන්නෙ කවුදෑ ඇත්තටම.
ReplyDeleteඇච්චා හචා වී බාසන වීම එතරං අරුමයක්ද?
Deleteබණ්ඩ ගැන ලියද්දි "කළාය" කියල අවධාරණය කළේ මොකද?
ReplyDeleteමල් චීත්ත
Deleteජල් මංගි
තරිඳුගෙ පොත් එකක්කත් මං කියවලා නැත්තෙ ඒවයෙ තියෙන මෝටර් යාන්ත්‍රික විෂයය ගැන මේ පහුවීගෙන යන කාල සීමාවේ අවධානය යොමුකරන්න බැරි බව හිතිලා තියෙන නිසාය. ඒ උනත් උඹේ මේ විස්තරය ඇහුවාම තරිඳුගෙ පොත් කැටියම ගේනනාගන්නට හිතුණෙමි.
ReplyDeleteඑව්වා කියවා බලා ඔපීසියේ ඉන්නා සංවර්ධන නිලධාරිනියන් සංවර්ධනය කිරීමෙන් වළකින්න.
Deleteහා හා කට! කට!
Deleteකටිං තමා පටං ගන්නෙ.
Deleteඋඹට කවුද කිව්වෙ අර මගෙ මේසෙ යට වැටිච්ච පෑන හොයල දෙන්න ගියපු ගෑල්ලමය ගැන?
Deleteපොත් ගැන උනන්දු වීම ගැන බොහොම ස්තූතියි ඩ්‍රැකී තුමනි!
Deleteදැන් සුරංග සම්භාව්‍ය ලේඛකයෙක් වී ඇති බව පෙනේ. සම්භාව්‍ය ලේඛකයෝ මුලින් මුලින් කිවිසුමක් ගියත් ඒ ගැන ලියනවාය. පහු පහු වී උන් සම්භාව්‍ය මට්ටමට එනකොට උන් ට ලියන්නට මහා ලොකු වේරම්භ වාතයක් ආවත් පෙළඹවීමක් වන්නේ නැත. එක අතකින් එහෙම ලේඛකයෙක් තරිඳු ගැන ලියන්නට තමන්ගේ කීබෝට්ටෙක අවදි කරවාගැනීම ගැන තරිඳු මීට වඩා ආඩම්බර විය යුතු ය.
ReplyDeleteඅනික් අතට, "ලියහං ලියහං..." කිය කියා සුරංගට බලකිරීම මහා නිරර්ථක ක්‍රියාවක් බව ඒත්තු ගත්තෙමිය.
ගරු නොකලොත් සම්බාහාල් ලේඛකයන් ලවා යමක් ලියවීම උක්ගහටය
Deleteකොහොමටත් මම ආයෙ උඹට ලියන්ඩ කියලා කියන්නෙ නෑ... (දැන් ට්‍රයි එක චූටි මැණිකෙව අවුස්සලා උඹේ පිට මැද්දට කොහු පාරක් පතබාවන්ඩ...)
Delete/මට ඔය දැතියා එක්ක බැනගන්නමනෙ හිතෙන්නෙ/
Deleteමෙය කවුරුන් විසින් කුමක් අරබයා කුමන අවස්ථාවක මක්කට කියාපු එකක්ද?
චූටි මැණිකෙ විසින් ෆේස්බුක් එකේ තිත්ත තිබ්බටු ගැන තිබුණු මාතර පෝස්ටුවකට වැටුණු කමෙන්ටාවලියක් අරභයා මං උඹට එරෙහිව චූටි මැණිකෙ උසිගැන්නීමට කියාපු එකකි...
Deleteමාතර තිත්ත තිබ්බටු පවුල් අවුල් කරනෝද හික්ස්
Deleteමාතර තිබ්බටු තියා, මී කුණක් උනත් කමක් නෑ සුරංගයට පිට මැද්දට කොහුපාරක් අරං දෙන්ඩ පුළුවන් දෙයක් නං...
Deleteයකඩෝ යාං හැල්ල සුරංගගෙ පිට උගුරෙ හිරවෙලා කියලා දැන් තමා තේරුණේ. පිට මැද්දෑවට කොස්සකින් පතබෑවම ඒක එළියට පනිනවා.ඉක්කන්ට කොස්සක් ඉන්බොක්ස් කරන්න ඕනි චූටි මැණිකෙට.
Deleteඅපේ දොස්තර (අර බල්ලෙක්ගෙ වයිබ්‍රේට් ඔන් කළේ... අන්න එයා.) මාමව බලන්න ගිය විටක තරිඳුගැන රෙකමන්ඩ් කරන්ඩ හිතුවෙමි. පොරත් ඔය සබ්ජෙක්ට් එක්කොම ගැන මාර උනන්දු ය.
ReplyDeleteනැන්දා පුතාගේ කොන්ද කැඩීමටත් උනන්දු වුනොත් කොරන්නට දෙයක් නැත
Deleteප්‍රශ්නෙ එඩිට් කළා වගේ, උත්තරෙත් මකල දීහං
Deleteනැන්දා කොන්ද කැඩීමට තියා, ගේට්ටුව අරින්ඩ එන්නෙත් බොහොම පරිස්සමිනි...
Deleteඅද ගන්නවා හෙට ගන්නවා කියලා හිතුවට තවම බැරි උනා බන් ඔකා ලියපු පොත් ගන්න....
ReplyDeleteපල පල යන්ඩ... බොට හැට පහක් වියදං කරල සිගරැට් එකක් ගන්ඩැහැකි. ඔය පොත් කබල තමා ගන්ඩ බැරි...!
Deleteසහකාර ඩියාරෝ උන්නාංසේ කේග්ගෙඩ්ඩයි ඇම්බුං ඇවරියයි අරං මේ පැත්තෙ ආවනං පොත කියෙයියැහැකි.
Deleteඇම්බුං ඇවරියයි කේක්ගෙඩ්ඩයි අරං මං අන්තිමටම ගියෙ ඩ්‍රැකියානිව ලබන්ඩයි. ඒ ගිහිං හම්බුණු පොත තාම කියවා ඉවර කර නැත.
Deleteකේග්ගෙඩ්ඩයි ඇම්බුං ඇවරියයි අරං තොපි දෙන්නටම පෙන්නලා යන්න පොඩි මෙන්ඩාවයි පොඩිම මෙන්ඩාවයි අරගෙන දවසක එනවා
Deleteමතකය සුවඳයි හැමදාම
ReplyDeleteවිචාරක දියණිය
ඉස්තූතියි විචාරක ලොකු අක්කේ
Deleteසුරා දැන් ෆොටෝ හෑල්ලේ ලියන්නාගේ ෆොටෝ එක මාරු කරන්ඩ කාලේ හරි කියල හිතෙන්නේ නැද්ද? දැන් හොඳට රැලේ ගිහින් අත්දැකීම් තියන පරිණත පූසෙක් නේ. දැනට තියන ෆොටෝ එක අරන් තියෙන්නේ පැටියා කාලේ වගේ පේන්නේ.
ReplyDeleteසුරංගගේ බ්ලොග් එක මුල ඉඳලම කියවල ඉවර කරලා දැං ගොඩක් කල්. කොමෙන්ට් එකක් දාන්ඩ තමා බැරිඋනේ.ආසාවෙන් කියෙව්ව බ්ලොග් එකක්. ජය වේවා!!!
ReplyDeleteකෙමෙන්ට්කරුවන්ගේ සන්ගමයට බැදෙන්න ගල් බලකායේ සමාජිකත්වය නොමිලේ
Deleteපොත ගැනීම ගැන හිතමින් 🤔
ReplyDelete