Follow by Email

Sunday, December 13, 2015

පිංදෙමි



මෙයිට අවුරුදු තිහකට කලියෙං දවසක රත්නපුර මහ ඉස්පිරිතාලෙ වාට්ටුවක් ඇතුලේදී මිනිස් ජීවියෙක් ලෙස මේ ලෝකෙට ඉපදීමට මට මග සැලැස්වීම සම්බන්ධයෙනුත්, ඒ උපංදා සිට පොලවෙ පයගහගන්න පුලුවං වෙනතෙක් මාව කන්න බොන්න දී ඇතිදැඩි කිරීම සම්බන්ධයෙනුත් මාගේ දෙමාපියන්ට පිංදෙමි. ඒ කලාවූ කුසලේ ආනුභාවයෙන් ඒ දෙදෙනාට මතු සසර වසනා තුරු කන්න, බොන්න, ඉන්න, හිටින්න තැන, යහපත් දෙමාපියන්, යහපත් ඇසුර නොඅඩුව ලැබේවා.


උපං මොහොතේ පටං මට හුස්ම ගන්නට පිරිසිදු ඔක්සිජන් ලබාදුන්, මා විසින් ආපසු දෙන කාබන්ඩයොක්සයිඩ් නැවතත් මට නොමිලේම පිරිසිදුකර දීමට තරම් ඒ ගහකොල කරුණාවන්ත වූ, මට කෑමට ආහාර ද, සෙවන ද, බෙහෙත් ද, දර ද ලබාදීමට තරම් ඒවා පරහිතකාමීවූ ගහකොලට පිංදෙමි. එම ගස්කොලන්වලට ද යහපත් පරිසරයක් ලැබේවා.


මොන්ටිසෝරියේදී මට උගැන්නූ පුස්පා නැංදා, රුපියලකුදු නොගෙන ඉගැන්වීම වෙනුවෙන්ම කැපවී නිවාඩු දවස්වල පවා කැපවීමෙන් සිස්සත්තෙට ඉගැන්නූ නිලංති මිස්, හය වසරේ පටන් එකොලහ වසර දක්වා අපේ පන්තියට වැටෙන සියලු තොප්පි, තොරොට්ටං, මල් බාල්දි සියල්ලට සිය හිස අල්ලා අපගේ ඔලු සහ ශිෂ්‍යභාවය බේරාගත් සංජීව ගුණවර්ධන සර්, වසර ගනනාවක් මගෙන් ගාස්තු නොගෙන සිය ටියුෂන් පන්තියේ මාව තබාගෙන ඉංග්‍රීසි ඉගැන්නූ දයාරත්න සර්, ඇතුලු මාගේ ජීවිතයට යමක් අලුතින් ඉගැන්නූ සියලුම ගුරුවරුන්ට පිං දෙමි. ඒ සියලුදෙනාටම මතු උපදින ආත්මයක් පාසා යහපත් ඉගෙනීමක්, යහපත් ජීවිතයක් ප්‍රාර්ථනා කරමි.


බාල කාලයේ පටං වතුර ඇදීම, බදාම ඇදීම, දලු කැඩීම, බර කරගැසීම, වෙළඳාම, ළමයි බැලීම ආදී කුදුමහත් වෘත්තීන්වල නිපුනයෙක් බවට මා පත්කිරීමට උරදුන් ආච්චම්මා, පුංචම්මා ඇතුලු පවුලේ අනික් සියලු දෙනාටම පිංදෙමි. අද බොහෝවැඩ කරගැනීමට මට තනියම පුලුවන්කම ලැබී තිබේ. ඒ පිනෙන් ඔබ සියලු දෙනාටමත් මතු ආත්මයන්හිදී යහපත් ජීවිතයක්, වෘත්තීය නිපුනත්වයක් ලැබේවා.


පලමු වතාවට මට ඉන්න හිටින්න තැනක් නැතිවූ විට හය වසරේ පටං නවය වසර දක්වා පුරා වසර තුනකට අධික කාලයක් සිය නිවසේ මා නවතාගත් තුසිත ධර්මප්‍රිය නරසිංහ කලන මිතුරානෙනි ඔබටත්,  ඔබේ සහෝදරයන් වන චානක කීර්ති කුමාර, නයන දේශප්‍රිය දෙදෙනාටත්, තමුංගෙ දරුවකුට මෙන් මටත් සැලකූ හින්නිමහත්තයා නරසිංහ සහ මැනිකේ මොලමුරේ යන ඔබේ මවුපිය දෙපලටත් පින්දෙමි. තෙරුවන් වන්දනාවට, දහම් පාසලට, ඉගෙනීමට, පමණක් නොව නිර්මාණකරණයට පවා අත දෙමින් මාගේ ජීවිතය ගොඩගත්තේ ඔබ සියලුදෙනාය. මට නිවහනක් වූයේ ඔබේ නිවසය. අද මට ලැබෙනා රුපියලක් පාසා, කන බත්කටක් පාසා, අඳින ඇඳුමක නූලක් පාසා ඔබ සියලු දෙනාට පිං අයිතිවේ. තවත් ආත්ම ගනන් නොව ඊළඟ ආත්මයේම ලොව්තුරා නිවන් මගට ප්‍රවේශවීමට ඒ පින ඔබ පවුලට හේතුවේවා.


ඉස්කෝලේ අට වසරේ සිට දෙවරක් උසස්පෙල ලියන තෙක් මට ශිෂ්‍යත්ව ආධාර ලබාදුන් ශ්‍රී ලංකා නිපොන් අධ්‍යාපනික සහ සංස්කෘතික කේන්ද්‍රයටත්, එයට මා සම්බන්ධ කල පූජ්‍ය පිඹුරේ ගුණරතන හාමුදුරුවන්ටත්, එමගින් මට ආධාරකල ජපන් ජාතික සියලු දෙනාටමත් පින්දෙමි. මතු අත්බවයේ යහපත් ජීවිතයක් හා උගත්කමක් ලැබීම පිණිස ඔබ සියලු දෙනාට මේ පින් හේතුවේවා.


පොතක් පතක් ගන්නට සල්ලියක් හොයාගන්න නැති කාලයේදී මා සිය වෙළඳාම් වැඩවල යොදවාගනිමින් යමක් උපයාගන්නට උපකාර කල පුංචම්මාට සහ බාප්පාටත්, මාව පලමුවරට කොළඹට ගෙන්වා මේසන් අත්වැඩවල යෙදවූ සෝමසිරි බාප්පාටත්, එයින් මතුව පසුකාලීනව මාහට ස්ටුඩියෝ අත්උදව්කරුවෙක් හැටියට රස්සාව ලබාදුන් ජානක ගුණවර්ධන මහතාටත් පින්දෙමි. අදටත් කලන මිතුරෙක් ලෙස මට උදව් කරන ඔබට උපදින ආත්මයක් පාසා මුදල් හදල්, යානවාහන, යහපත් ඇසුර ලැබේවා.


මාගේ හරිහමං විදිහකට සිදුකෙරුන පලමු රැකියාව වන තේ කම්හලේ රැකියාවේදී මට වැඩ උගැන්වූ, එක බෝතලේ, එක සිකරැට්ටෙක බෙදාගෙන බිව් ඩිලාන් රසන්ත මහතා ඇතුලු අනෙකුත් සියලුම කාර්යමණ්ඩලයේ අයට පින්දෙමි. සමාජයක් ඇසුරේ වැඩකරන හැටි ඉගෙන්වූයේත්, රස්සාවක හැටිසොබාව මට වටහා දුන්නේත් ඔබ සියලු දෙනාය.


ආණ්ඩුවේ රස්සාවක් හැටියට මං දැනට ඉන්නා රස්සාවට ඇවිත් දියතලාවේ මැනුම් හා සිතියම් ගතකිරීමේ ආයතනයේ ඉගෙනගත් කාලයේ පටංගෙන අද දක්වාම මාගේ යාලුවන් හැටියට සිටිනා සියලු දෙනාටමත් පින්දෙමි. එක එක්කෙනා වෙන් වෙන් වශයෙන් නම කියන්න බැරි උණත් මොකක් හෝ විබාගයක්, වැටුප් වර්ධකයක් හෝ වෙනයම් රස්සාවක සම්බන්ධයෙන් ගැටලුවකදී බෑ නොකියා උදව් කරන ඔබ සියලුදෙනාහට ඒ පින් බලයෙන් සසර වසන තෙක් යහපත් රැකියා, යහපත් ඇසුර ලැබේවායි පතමි.


එයිනුත් ඉක්බිති උපං ගමේ සිට කිලෝමීටර දෙසියක් තරම දුර මං දැනට රස්සාව කරන කාර්යාලයට ආ දවසේ බදුල්ල බස් නැවතුමේ මා වෙනුවෙන් පැය ගානක් බලා සිටි, තමුංගේ ගෙදර මා නවත්තාගෙන මට ආගන්තුක සත්කාර කල, අදටත් මගේ ඕනෑම දුකකදී පිහිටට එන වීරරත්න රත්නායක මිතුරාට පිංදෙමි. උඹ වැනිම හිතහොඳ එවුංගේ ඇසුර උඹට ලැබේවා. ඒ වගේම හෝමෝ සේපියන්ලා රැසක් අතරේ මනුස්සයෙක් වසයෙන් කියන්න පුලුවන් ප්‍රදීප් සුමතිපාල මිතුරාටත් පිං දෙමි. හිත හොඳ බොටත් එසේම හරියන්නටත්, මේ ආත්මේ ලැබුනා වගේම දෙමාපිය, නැංද මාමලා අඹු දරුවන් ලබන්නට වාසනාව ලැබේවා.


බදුල්ලට ආ දවසේ පටං මගේ දුකසැප බැලූ, බඩගින්නට කන්න දුන්, නිසි මගපෙන්වීම දුන්, මාවනෙුවෙන් පෙනීහිටි කීර්ති අයියාත් ඒ පවුලේ අයටත්, බදුල්ලේ ‘නාඩිය‘ මට අල්ලා දුන් නාලක අයියා ඇතුලු සියලු දෙනාටමත් අපේ කන්තෝරුවේ දෙපාර්තමේන්තු කම්කරු, මැනුම් සහයක, කලමනාකරණ සහකාරක, සිතියම් තාක්ෂණ නිලධාරීන් ආදීන්ගේ සිට සියලු දෙනාටම පින්දෙමි. අදටත් බදුල්ල මගේ ගෙදර වගේ වෙලා තියෙන්නේ ඔබ සියලුදෙනා නිසාය. ඔබ සියලු දෙනාට තවතවත් යහපත් ජීවිතයක් උදාවේවා. තව එකෙක් අමතක විය. හේමමාලි භාග්‍යා නංගියේ බොටත් එසේම පිංසිදුවේවා. නැත්තං උදේ පාංදර “හාං සුරංගයිය හරිම නාකයි. මාගැන කියල නෑ නේද?“ කියා ඔපීසියෙ දොරකඩදීම නාහෙං අඩනවා ඇත.



ඊළඟට චූටි මැණිකේ ඔයාට. 








මං වගේ සැර පරුස, නොහික්මුනු, නාහෙට නාහන, එකෙක් එක්ක දීගතල එන්න හිත හදාගත්තු එකම මදැයි. එහෙව් මා එක්ක ඇවිදිං අව්වට, වැස්සට තෙමිතෙමි අවුරුදු හයක් මේ බයිසිකලේ ගමං ගියාට, තියෙන වැරහැලි දෙක සතුටු සිතින් ඇන්දාට, ලැබෙන හැටියට කාල හිටියට, ඒ වගේම මං රස්සාවට ඇවිල්ලා පුහුණුවෙන කාලෙ මාස දෙකක් පඩිය අතට නොලැබි තියෙනකොට මගේ බඩගින්න නිවන්න ඔයා කාංදෝ නයට අරං රුපියල් හත්සිය පනහක් එව්වට, ඒ ඔක්කොටමත් වඩා මට ආදරේ, සෙනෙහස දුන්නට ඔයාට පිං සිද්ද වෙනව. අනික් මිනිස්සුං කසාද බැඳල දුක් විඳිද්දි අපි සැපෙං සනීපෙං ඉන්නව. හරියන්න ෝ වරදින්න මං කරන ඕන වැඩකට අත දෙන ඔයා එව්වගෙං විදපු දුක් ගැහැට අඩුවක් නෑ. අපි දෙන්නගෙ වෙඩින් එක ඉවරවෙලා පහුවදා මෝටසයිකලේ නැගල ඇඳුං බෑග්ගෙකත් කරේ එල්ලගෙන හෝම් කමින් ආපු අපි අද මේ තැන ඉන්නෙ ඔයාගෙ වාසනාව හිංදයි. මේ කුසලේ බලයෙන් මේ භවයෙන් මතු ඔයාට සංසාරෙන් එගොඩවෙන්න හැකියාව ලැබේවා.


වසර දාහතරක ඉතිහාසගත මගේ බුලත්විට කෑම එක තප්තරෙං නැවැත්වූ, මගේ ශරීරයට දී තිබූ ඉනාවේ විෂෙන් මරුකටට යන්නට පාර කැපී තියෙද්දී ඒ බව පෙන්වා දී ප්‍රතිකාර කර පරානේ ආරක්ෂාකරඳුන් මහා භද්‍රකාලී මෑණියනි, සිද්ධ සොහොන්කාලී අම්මේ ඔබවහන්සේලාට පිංදෙමි. ඔබ වහන්සේලා නොහිටින්නට මං අද පොලවේ පස්යටය. ඒ මතු නොව ජීවිතයේ හරිවැරදි කියාදී මා සුමගට ගෙන පිංකරන, හරි හමං බෞද්ධයෙක් කල පිනද ඔබවහන්සේලාටමය. ඒ පින් බලෙන් ඔබ වහන්සේලා ප්‍රමුඛව මට ජීවිත කාලයේදී නොයෙක්වර පිහිටවූ සියලු දෙවිදේවතාවුන් වහන්සේලාට මේ පින් අයිතිවේවා. ඒ පින් බලෙං ඔබවහන්සේලා පතන්නාවූ බෝධියකින් බුදුබව ලැබීමට හේතුවාසනා වේවා.


සයිබර්යායේ මිතුරනි. මුහුනු පොතෙංද, බ්ලොග් අවකාශයෙන්ද මට හමුවූ සුන්දර මිනිසුනි. ඔබ සියලු දෙනාගේ නං මට කිව නොහැක. බොහෝ දෙනෙක්ව මං දැකලා නැත. සමහරුංගේ කටහඬවත් අහලා නැත. ඔබගේ ජාති, ආගං, ඉන්න තැං කිසිදෙයක් මං දන්නෙත් නැත. ඒ උනත් ඔබ සියලුදෙනා මට බොහෝ ලෙංගතුය. එක් කලක එයිං එක් මිතුරෙක් මට අවශ්‍යව තිබූ පොත් වගයක් සහ ආම්පන්න තැපෑලෙං එව්වේය. තවත් අය දන්නා සාත්තරේ නොමිලේ කියාදුන්හ. තවත් අය එකතු වී මාව මේ බ්ලොග් අවකාශයට ඇදගෙන ආවෝය. ලියපන් යැයි තර්ජනය කලෝය. ලියන දෙය කියවා අදහස් ලියුවෝය. සමහරු ඊමේල් ලියුවෝය. තවත් සමහරු ටෙලිපෝන් එකෙන් වරුගනං කතා කලෝය. තවත් කෙනෙක් මේවා පොතක් විදිහට අච්චු ගහන්න ප්‍රකාශකයෙක් පවා හොයා දුන්නේය. තවත් කොටසක් තම තමං දන්නා අඳුනන අය මං ලියන දේ කියවන්න පෙළඹෙව්වෝය. ඔබ සියලු දෙනා මේ සියල්ලම මා වෙනුවෙං කලේ තඹ දොයිත්තක්වත් බලාගෙන නොවේය. නමුත් ඔබට ඒ වෙනුවෙං ඔබේ කාලය, ධනය, ශ්‍රමය වැය වූ බව මං සහසුද්දෙංම දනිමි. ඒ නිසා තමුන්ට ලාභයක් නැති බව දැනදැනම අනුන් වෙනුවෙන් වෙහෙසුන සයිබර්යායේ පරාර්ථකාමී ඔබ සැමටයි මේ පිං අනුමෝදනාව. ඔබ සැමට ලබන සෑම ආත්මයකම මෙවන් සොඳුරු සිත් ඇතිවේවා. සොඳුරු ජීවිත ලැබේවා. සසරින් එතෙර සොඳුරු නිවනම සැලසේවා.


අවසන් වශයෙන් ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ සියලු මහජනතාවට පිංදෙමි. මට පඩි දෙන්නේ ඔබ සියලුදෙනාගේම කීයක් හෝ එකතුවෙනි. ඒ මුදලිං මගේත්, චූටිමැණිකෙගේත් පරාණේ පවත්වාගැනේ. එපිං බලෙන් ඔබ සැමටත් යහපත් ජීවිතයක් උදාවේවා.

ඉහත දැක්වෙන්නේ මගේ ජීවිතය යහපත් කල අය පිළිබඳවයි. ඉහත කුලකයට ඔබත් ඇතුලත්ව තිබෙනු ඇත. සතුටු වන්න. ඔබත් ජීවිතයක් ගොඩනැගීමට දායක වී ඇත.


2015 දෙසැම්බර් 14 වැනිදාට මට වයස අවුරුදු තිහක් පිරේ. ඒ වෙනුවෙන් කල අතීතාවර්ජනයයි මේ.

135 comments:

  1. Melo deyak penne naha. As deka bonda welaa...
    Jeewithe nohithapu paththak pennapu umbatath pin...

    Deweni wathawatath veri bassoya...

    ReplyDelete
    Replies
    1. බේබද්දෝ.... ෆැටි ලිවර් තියනව නං බොන එකටත් වඩා බයිට් කෙලින එක අඩුකරපන්... මුද්දා අද උඹ වෙනුවෙන් කිව්ව උපදේශය මගෙ වගේ කියන්නං.. කරපිංචා කැඳ එකදිගට සතියක් බීපන්... ඊට පස්සෙත් සතියකට දවස් දෙකක්වත් බීපං..

      Delete
    2. දැන් කවුද මෙතන බේබද්දා...
      ඔන්න උඹ මටනම් බෙබේ කියල කිව්වේ මෙන්න මගේ උත්තරේ,
      මම බයිට් කන්නේ ගොඩක් අඩුවෙන්ය...
      නමුත් බයිට් එක ඌරා උනොත් කතන්දරේ වෙනස් වෙනවාය...
      කරපිංචා කැඳ බීම ආරම්භ කරන්න හිතා ගත්තා...

      ශ්‍රංගයටත් සුභ උපන් දිනයක් වේවා...!

      Delete
    3. අනේ බලන්න ඒකෙත් හැටි නේ.. ඩොක්ටර් සජ් කිව්වහමයි තේරුනේ. ...ලව්පූස් බයිට් නොකන්නෙ ලිවර් එක ගැන හිතල වෙන්න ඇති.

      Delete
    4. ලොක්කා...සිරාවට කිව්වෙ කරපිංචා කතාව.. ප්‍රා... ලව්පූස්ටත් චැනල් කොරන්න වෙනව මෙහෙම ගියොත්...

      Delete
    5. ඔය ඉතිං. මූල මෙතන බීල. ඒකටත් ඉතිං දොසක් කියන්න බෑ.
      අර සිංදුවකුත් තියෙන්නෙ
      මත්පැන් දින දින වැඩිවැඩියේ...
      බීමෙන් සිරුරට සැප වැඩිවේ...
      කියල.

      Delete
  2. සුභ උපන්දිනයක් වේවා සුරංග මලේ... ලියවිලි වලින් හඳුනාගත් උඹ මඩේ පිපුණු නෙළුමක්... මඩ කියන්නෙ නරක දෙයක් නෙවෙයි... මඩ වලින් උඹට වගෙම මටත් දැනෙන්නෙ සුවඳක්... ඒ සුවඳට ආදරේ කරගෙනම නෙළුම් සුවඳින් ලෝකයම සුවඳවත් කරපන්...

    ReplyDelete
    Replies
    1. අන්න වැඩේ. මට නෙලුමක් කියල කියාපු පලවැනිය. මට නිකං ලැජ්ජයි වගේ සජ්ජෝ.

      Delete
  3. හුටා එහෙමත් එකක්ද? තිහයි එහෙනං ඈ???..

    හෙහ්...උඹ බං මේ ලියන වැඩේට බහින්ට මම අර කුකුළේගඟ ගැන ලියපු මනස්ගාත කතන්දරෙත් යන්තමට හරි හේතු උනාය කියල හිතෙන කොටත් මට ඉහිලුං නැති තන්තෝසයක් එනව.

    එහෙනං සුබ උපං දිනයක්!!!

    ReplyDelete
    Replies
    1. තිහයි කිව්වට මං අද හරියටම ගැනල බැලුවහං තාම විසිනමයයි. බලන්නකො 1986 - 12 -14 ඉඳං ගැනල.

      ඇත්ත කතාවනං තමුන්නැහැගෙ ඒ කතාවෙං තමයි මං මේ යාංහෑල්ල ලියන්න සැට්වුනේ.

      Delete
  4. සුභ උපන් දිනයක්

    ReplyDelete
    Replies
    1. බොහොම්පිං. ආං එහෙමයි අපි කෙටියෙං කියන්නෙ

      Delete
  5. //මගේ ශරීරයට දී තිබූ ඉනාවේ විෂෙන් මරුකටට යන්නට පාර කැපී තියෙද්දී ඒ බව පෙන්වා දී ප්‍රතිකාර කර පරානේ ආරක්ෂාකරඳුන් මහා භද්‍රකාලී මෑණියනි, සිද්ධ සොහොන්කාලී අම්මේ ඔබවහන්සේලාට පිංදෙමි. ඔබ වහන්සේලා නොහිටින්නට මං අද පොලවේ පස්යටය. //

    මොන හුන්නක්ද බොල මේ

    ReplyDelete
    Replies
    1. අටමො උඹට පෙනුනොත් පේන්නෙ මේ වගේ හුන්නක් තමයි. හැක්

      Delete
    2. අටමා කන්දෙ දෙයියො වගේ දිවැස් හෙලාගෙන ඉන්නෙ... අමුත්තක් දැනුනගමන් එතෙන්ට වඩිනව... හැබෑටම මොකද්ද සුරංගයො ඉනා සීන්එක..?

      Delete
    3. ඒක කියන්න ගියොත් මෙතන වාදයක් යයිද දන්නෑ. මේ ඇත්තටම මට මේ අපෙ අම්ම කරාපු හදියක් තමා. මේ චූටිමැනිකෙවයි මාවයි වෙංවෙන්න ඉනාවක් දීල. ඒක මේ පස්සෙංපහු ඇඟට විසවෙලා නවත්තන්න බැරි ඉක්කාවක් හැදිල. පස්සෙං පහු ඔය ඉහතකී දෙවිවරුංගෙ සාත්තරේකිං තමා දැනගත්තෙ. හෙල වෙදකමෙං ඒක අයිංකරගත්තා. නැත්තං මෙලාට මං පිලිකා රෝගියෙක්. මෙව්ව විස්සාසෙට ගන්න අමාරුයි තමා. ඒ උනාට හිටිගමං බඩේ පිලිකා හැදිල මැරෙන තරුන වයසෙ උංට වෙන්නෙ මේක වෙන්න පුලුවං.

      Delete
  6. බයවෙච්ච තරමක්. මම හිතුව සියදිවි හානි කරගන්න ඉස්සර ලියපු ලියුමක් වගේ කියල. හැක්. උඹ විඳපු දුක් මම විඳල නෑ. උඹේ කථාවක් එක්ක මගේ කථාව නිකං ලුණු නැති හොද්දක් වගේ. උඹ ප්‍රශණ නිසා ප්‍රශ්ණ වලින් ජයගත්ත කෙනෙක්. හැමෝටම ඒක බැහැ. ඒක නිසා ප්‍රශ්ණ තියෙන වුන්ට උඹට වඩා ලේසියෙන් ප්‍රශ්ණ වලින් එලියට එන්න උදව් කරන්න ඕන. ඒක මගේ නම් ජීව්ත අරමුණක්. ඒක නිසා සතුටු වෙයන්. ටික දවසකට කලින් මට පාර කිව්වෙ ප්‍රාජේ. උඹටයි උඹ එක්ක ආව ගෑනිටයි ජය.

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙම පේනවද? බයඋනානං සොරි. ඔය ප්‍රාජේ මහත්තය මට ටැලිපෝන්නෙකෙං කතා කරන්නම සෑහෙන වියදමක් කරනව.

      Delete
  7. Mamath hithuwe meka suicide note ekak kiyala. Suranga macho uba patta awanka kollek. Ubata deergaayusha pathanawa. Subha upandinayak ubata..!!

    ReplyDelete
    Replies
    1. තෑංකිව් වේවා. තමුන්නැහැ මේ අකුරුටික කොටාගන්න සෑහෙන්න මහංසි වෙනබව මං දන්නවනෙ.

      Delete
  8. තිහ කියන එක අම්බානක වදිනව නේද... හි හි.... පිං අනුමෝදනාව දැකල ෂුවර් එකට මූට තිහයි හරි, නැත්තං තාත්තෙක් වෙන්න යනව ඇති, ඒත් නැත්තං පුතාට අවුරුද්දයි හරි කියල තේරුනා.. පිරිමින්ට පිං අනුමෝදනා මතක් වෙන්නෙ ඔය වගේ දේවල් වලදි තමයි.... හි හි....

    හැප්පි බර්ත්ඩේ වේවා...

    (අර කෙල්ල හරි අහිංසක පාටයි.... කො‌හොමත් විසෙන් විස නැසේ කිව්වට විසත් එක්ක ප්‍රතික්‍රියා කරන විස නාසක හෙන අහිංසකයි තමයි....)

    ReplyDelete
    Replies
    1. කවුසි
      ආං එහෙම කියන්නෙපා. මං ගිය අවුරුද්දෙත් මගෙ වෝල්ලෙකේ මේකම ලිව්ව.

      අහිංසක පාටයි කියන්නෙ මේ දෙදාස්අටේ ගත්තු එකක්. කට්ට අවුවෙ. ඇත්තම කියන්නෙපායැ. උංදැ හෙන අහිංසකයි තමා. තාම මට කොහුමිටි පාරක් තරම ගහල නෑ.

      Delete
  9. සුබ උපන්දිනයක් සුරංගම්ලර්....30 කියන්නෙ හොඳ කඩ ඉමක්....ජයෙන් ජය වේවා..!

    ReplyDelete
  10. බුදු සංතෝ මම හිතුවේ උඹ මේ වෙනස්ම ආකාරයේ හෑල්ලක් ලියාගෙන යද්දී උඹේ බ්ලොග් ලිවිල්ල නවත්තන්නවත් හදනවද කියල. ඔන්න මචන් සුභම සුභ උපන්දිනයක් වේවා කිව්වා එහෙනම්.

    නිදුක් නිරෝගී වේවා.. දීර්ගායු වේවා..අවුරුදු තිහට එකසිය තිහක් ආවඩා ආයුබෝවේවා..

    ReplyDelete
    Replies
    1. තමුන්නැහැගෙ ගමේ එවුංගෙ වැඩකිඩ කියෝල මගෙ පෙනහැල්ල උගුරට එනව හිනාවට. ඉතිං නිකම්ම ආවුස වැඩිවෙනව.

      Delete
  11. 29 න් ද බැන්දේ? මමත් බැන්දේ 29 දී. ඈ යකෝ උඹැහැ මගේ ලොකු දුවටත් බාලයි නේ.

    හරි හරි ඔහොම යං, මගේ සුබපැතුම්!

    ReplyDelete
    Replies
    1. විචා බදින්න ඇත්තෙ 1929 දි...

      Delete
    2. එච්චර පරක්කු වුනේ නෑ යකෝ. 1818 කැරැල්ලට සම්බන්ධ වෙලා ඉන්න ගමන් තමයි ඒ වැඩෙත් කෙරුණේ.

      Delete
    3. විදානෙ ගෙ නීතය යටතෙ විචාරිකා උඩ විසි කරල බයිනෙත්තුව ඇල්ලුවයි කියලත් ආරංචි උනා...

      Delete
    4. අප්පටසිලි මාමේ ලොකුදුවඑච්චර නාකිද ??? එහෙනම් එක ඉවාන්ටම දෙමු

      Delete
    5. හොඳ වෙලාවට ඔහේ 88 ඉස්සෙල්ලා බැන්දේ නැතිනම් ඉතින් හුලන් තමයි

      Delete
    6. ඒ කියන්නේ බැන්දට පස්සේ ලිවින් අවුට් හදාගෙන ගෙදර ඉදං වැඩට ගියා ???

      Delete
    7. @ AnonymousDecember 14, 2015 at 1:38 AM

      88 ට පස්සෙත් හුලන් බොක බොක ගාලා තිබුණා

      @ AnonymousDecember 14, 2015 at 5:40 AM

      නැහැ නැහැ. ලිවින් අවුට් දෙන්නේ තමන් සේවය කරන කඳවුරේ සිට උපරිම වශයෙන් සැතපුම් (කි.මී. නෙවෙයි සැතපුම්) 25 ක් දුර, ස්ථිර/කුළීනිවසක පදිංචිව සිටින අයට. ඒ සඳහා පදිංචි සහතිකය ග්‍රාමසේවා නිලධාරිගෙන් අරගෙන, ප්‍රා.ලේ. අනු අත්සන් කර, තිබෙන්නේ ඕනේ. නමුත් කඳවුරේ තිබෙන රාජකාරි අවශ්‍යතා අනුව, එම කඳවුරේ අණදෙන නිලධාරිට පුළුවන්, ඕනෙම වෙලාවක් ලිවින් අවුට් අත්හිටවන්න. එය වරප්‍රසාදයක් නොවෙයි. හමුදාවේ වරප්‍රසාද කියා දෙයක් නැති තරම්.

      මම යුද හමුදා මූලස්ථානයේ මාස 6 ක් ද, කුරුණෑගල ප්‍රදේශයේ අවුරුද්දක්ද, සේවය කර තිබෙනවා. දින වකවානුත් මතකයි. අනික් අවුරුදු 29 ම ක්‍රියාන්විත රාජකාරියේ හිටියේ. සේවා වාර්තාවල ඒ බව සඳහන්.

      Delete
    8. @ S. L. මැලේ රාළ

      ප්‍රමාද වැඩියි බෑනෝ. පස්සේ කියන්නම්.

      Delete
    9. විචාරක අංකල්
      හත්තිලව්වයි. තමුන්නැහැට මං උඹ තෝ කියල එහෙම කොමෙන්ට් දාල නෑ නෙවද? මේං ප්‍රොපයිල් පොටෝ එක අල්ලල වැංද. වැඩිහිටියන්ට ගරුකරන්න එපායැ.

      Delete
  12. සුභ උපන් දිනයක් සුරංග!!!!
    සුරංගටත් ,චූටි මැණිකෙටත් වාසනාවන්ත අනාගතයක්... මුල අමතක නොවෙන උඹ වගෙ එවුන්ට වරදින්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. කම්මල්
      ඉස්තූති වේවා.

      Delete
  13. සුභ උපන් දිනයක් වේවා! සුරංග. දීර්ඝායුවේවා, නිදුක් නීරෝගී සුව ලැබේවා!.

    ------------
    ප්‍රියන්ත

    ReplyDelete
  14. බලාගෙන ගියාම මූ එසේ මෙසේ එකෙක් නෙමෙයිනෙ.

    සුබ උපන්දිනයක් සුරංග මලේ..

    ReplyDelete
    Replies
    1. මෙච්චර දවසක් මං ලියන ලියන එකට කොමෙන්ට් දැමූ අයියාටත් පිංසිදුවේවා.

      Delete
  15. සුබ ම සුබ උපන් දිනයක් වේවා! ස්‍රංගයො. මේ විදිහටවත් මේ හැමෝටම පින් දීපු එක උඹ කලගුන දන්න මිනිහෙක් බව අපිට පෙන්නනව. බොටත් බොහොම පින්.

    ReplyDelete
  16. Happy Birthday to you ekak wewa

    ReplyDelete
    Replies
    1. Anonymous
      තෑන්කිවු වේවා.

      ඩ්‍රැකී
      ------

      Delete
  17. / යහපත් දෙමාපියන්/
    ඇත්තට උඹේ තාත්තට නං යහපත් දෙමාපියන් ලැබෙන්නම ඕනෙ ලබන ආත්මෙදිවත්, තමංගෙ ලෙයින් හදාපු දරුවට හරිහමන් විදිහට සළකන්න ඉගෙන ගන්න...

    ReplyDelete
    Replies
    1. ආ.. එයාට යහපත් දෙමාපියො හිටිය. ඒකනෙ පුතාත් මෙහෙම උනේ

      Delete
  18. උඹේ මේ පිං දීම හරි පංකාදුයි සුරංග... ගොඩක් හිත ඇදිල ගියා. (හැබැයි පංසල් යන්න මල්කඩල දුන්න හංසිකා කෙල්ලට පිංදීල නෑ නෙව...)

    ReplyDelete
    Replies
    1. අනේ ඒකිගෙ කසාදෙ කඩාදාන්න බෑ.

      Delete
    2. නං ගං මනඃකල්පිත කොරලවත් දාහං. දානව - දාන්නෑ වගේ එව්වට තමා ඉල්ලුමක් තියෙන්නෙ.

      Delete
  19. චූටි මැණිකෙව ලබන්න උඹත්, උඹ ලබන්න චූටි මැණිකෙත් සසරෙ පතාගෙන එන්න ඇති කියල හිතුණා. ඒ කොටස කියවද්දි, මායි ඩ්‍රැකියානියි ගැන සිහි උනා. අපි දෙන්නත් කාාලයක් තිස්සෙ වැඩට ගියෙ චැලියෙ. ඩ්‍රැකි පැටිය හම්බෙන්න ඉද්දි තමා කාර් එක ගත්තෙ.

    ReplyDelete
    Replies
    1. උඹටත් චැලියක් තිබුනද ? අපි දෙන්නත් යාළු වෙලා ඉන්න කාලෙ ඉදං බැදල අවුරුද්දක් විතර යනකම් චැලියක ගියේ.

      Delete
    2. සිරාවටම කම්මා? දවසින් දවස අපේ සමානකම් මතුවෙනව...

      Delete
    3. //සිරාවටම කම්මා? දවසින් දවස අපේ සමානකම් මතුවෙනව...//
      අප්පට සිරි , මූ මොකාටද එන්ඩ හදන්නෙ ? හරි ..හරි මාත් ගණේමුල්ල හරහා වැලිපිල්ලෑවෙන් වැඩට යන්නෙ උඹත් එහෙද ?

      Delete
    4. වැලිපිල්ලෑවෙං තමා මාත් යන්නෙ. 6.30 - 7.00 අතරෙ. අහුවුන විදිහට ගණේමුල්ලට හරි රාගමට හරි යනවා. මේ දවස් වල බස්සෙකේ...

      Delete
    5. හිටහං මූණු පොතේ මැසේජ් එකක් දාන්න.

      Delete
    6. කම්මලයටත් බඩු හරි. ඔය ලේටික ඩ්‍රැකියට දෙන්න තමයි හදන්නෙ. හැක්..

      Delete
    7. ප්‍රසෝ,
      අපි එකම යායෙ කුරුල්ලො හරිය? උඹ නොදන්නවට ඌත් වැමිපයර් තමා. (ඩබොල් වැම්පයර්)

      Delete
    8. මේ මෙතන පොඩි එවුන්ට ඉන්ට සුදුසු නෑ. ඔය පොඩි ඈයො අහක්ට වෙයල්ල. හාහා දුප් ගෙවල්ලොලට.

      Delete
    9. උඹත් දුවහං. තිහට වැඩි උංට විතරයි ඉන්ට සුදුසු...

      Delete
  20. සුරංගත් රෝද හතරක් ගන්නවැයි කිව්ව නේ? මොකෝ උනේ. රවිය කෙළියද වාහන හීනෙට...?

    ReplyDelete
    Replies
    1. ආ.. නෑ නෑ මේ එයිට කලිං ගත්ත. මේ පරණ එකක් ගත්තෙ. තාම ලැයිසම නෑ. ඒකහිංද තාම ගැරිජ්ජෙකේ.

      Delete
    2. මාත් පරණ එකක් තමා ගත්තෙ. සමහරු ලක්ස ආදහතෙර කරන එක අපි ලක්ස හතරෙං ඊට වඩා ඉඩකඩ ඇතුව කොරනව නැද්ද මචං?

      රවිය කෙලිය නේද ලැයිසොමටත්? දැම්ම ගං. නැත්තං මොනවයිං මොනව වෙයිද දන්නෑ...

      Delete
    3. ශුද්ධී පත්‍රය

      "ලක්ස ආදහතෙර" යන්න "ලක්ස දාහතරෙං" යනුවෙන් වෙනස් විය යුතු බව සළකන්න...

      Delete
    4. මාත් ගත්තේ හතරක් දීල. ඉතුරු ටික කල්බදු.

      ලැයිසම කිව්වේ එලවන ලැයිසම

      Delete
    5. ගොඩක් සන්තෝසයි සුරංග... අර පොඩි කාලෙ කෙණෙහිලිකං කරපු උදවියට පේන්නත් එක්ක හොඳට ජීවත් වෙන්න ලැබුණ එක ගොඩක් හොඳයි. අනික තමා, බිංදුවෙ ඉඳං පටං අරං තමංගෙ ජීවිතේ මේ තත්ත්වෙට ගොඩනගා ගත්ත එක. ආපහු හැරිල බලනකොට මාර තෘප්තියක් දැනෙනවා.

      එලවන ලැයිසම කියන්නෙ කොල්ලෙක්ට දහ අටෙං පස්සෙ එකතු කරගත යුතු අනිවාර්ය සුදුසුකමක්. ඒක ගන්නකොට ඔය ඕනෙ වෙයි කියල හිතෙන හැම දෙයක්ම දාල ගන්න එක හොඳා. මං කිව්වෙ මුලිම්ම බයික් ලයිසම ගද්දි ඒකට ත්‍රී වීල්, වෑන් - කාර්... එහෙම දාගන්න එක හොඳා. පාරට බස්සෙකක් දාන්න හිතං ඉන්නවනං ඒකට බරවාහනත් එකතු කරන එක හොඳා මේ ගමංම.

      Delete
    6. ගුනොවද්දන මාමා පාර හදනවලු සුරංග car එකෙන් ගමට එනවා කියලා.

      Delete
  21. තව පොඩ්ඩෙං අමතක වෙනවා...

    අර්ධයෝ... සුරංගයෝ..., බොටත් චූටි මැණිකෙටත් නිතර බොගෙ කරේ ලැගල ඉන්න බළල් කොටියටත් සුභ උපන්දිනයක් වේවා...!!! (ඩ්‍රැකියත්, ඩ්‍රැකියානිත්, ඩ්‍රැකි පැට්ටත්, චූටි කකූත් හතර දෙනාම බොක්කෙම්ම කිව්වෙ ඕං...)

    ReplyDelete
    Replies
    1. ශ්‍රංගගේ බ්ලොග් එකේ කමෙන්ට් බොක්ස් එක පිසාචයෙක් (ඩ්‍රැකීයෙක්) බදු අරගෙන...

      Delete
    2. උඹ අහල නැද්ද, එක ලිපියක් එක කාරණයකට සීමා විය යුතුයි කියල න්‍යායක් තියෙනව? මං එක කාරනාවකට එකන කමෙන්ට් එකයි දාන්නෙ...

      Delete
    3. ඩ්‍රැකි
      ආ බොහොම්පිං. ඔතැනත් ඉන්නවද බලල්ලු. අපේ ගෙදරනං ඉන්නෙ අපේ ටිකිය විතරයි.

      Delete
    4. මයෙ ඉන්නෙ බලු කුක්කෙක්... අප‍ේ ටිකිය, මරු නම...

      Delete
  22. සුබ උපන්දිනයක් වේවා.අරුත්බර දිවියකට හේතු වාසනා වේවා

    ReplyDelete
    Replies
    1. තැංකිව් තැංකිව්. බොහොම්පිං

      Delete
  23. Nalaka ayya kiyanne Bandaranayakapura Nalaka ayyada?

    ReplyDelete
    Replies
    1. නෑ. මේක මේ මයිලගස්තැන්නෙ හාදයෙක්

      Delete
  24. සුබ උපන් දිනයක් වේවා.....!

    ReplyDelete
    Replies
    1. බොහොම්පිංවේවා

      Delete
  25. සුබ උපන් දිනයක් සුරංගම්ල්ර්

    නිවන් තකා ඔබට මොනවහරි කරන්න අපිටත් ඉතින් ලැබයි කියල ප්‍රාර්තනා කොරනව

    ReplyDelete
    Replies
    1. ආං. හොඳයි. ඔයවගේ මිනිස්සු මහගොඩක් උදව් කරාපු නිසා තමයි මං ගොඩගියේ

      Delete
  26. සුභ උපන් දිනයක් වේවා.. මුණු පොතේ මැසේජ් එක දැකපු නිසා මමනම් පෝස්ට් එකට බය උනේ නෑ.. බදුල්ලේ හිටියනම් ශ්‍රංගයා ගානේ අඩියක් වත් ගහන්න තිබ්බා.. :)
    සර්ගේ නම සංජිව ගුණසේකර වෙන්න ඕනි නේද? චුටි මැණිකේ හරි 'අහිංසක පාටයි' තමයි..

    ReplyDelete
    Replies
    1. අඩියක් තියා ටොපියක් තරම දෙන්න බැරිඋනා කට්ටියට. හා හා මේ ගෙදර ඉන්න උංදැව වැඩිය උඩ අරිනව හෙම නෙමේ.

      Delete
  27. අහිංසක වගේ ඉන්න අය තමයි සැර, හැබැයි ටිකක් සැර වෙන්න ඕන නැතුව මේ සමාජයේ ජීවත් වෙන්න අමාරුයි
    සුභ උපන්දිනක් මචන්....

    ReplyDelete
    Replies
    1. ඔව් සැර වගේ පේන්න ඉන්න ඕනැ. මටනං එහෙම ඉන්න පුලුවනි.

      Delete
  28. සුභම සුභ උපන්දිනයක් අයියා. බොට තිහක් කියල හිතන්නවත් බෑනේ. පනහක් හැටක් වගේ පේන්නේ..... හික්ස්.

    ඔපීසියට ආව දා ඉඳලම හැමදේටම උදව් කොරාට පින් අයියා.....
    ඕං මාත් පිං දුන්නා.

    සුරංග අයියා ගැන නම් අළුතින් පෝස්ට් එකක් ලියන්නත් කරුණු කාරණා බොහොමයි.
    අක්කටත් ඔයාටත් සුභම සුභ අනාගතයක්!!!!!
    මාවත් මතක්කලාට තැන්කිව් වේවා.
    මොනා නැතත් කේක් ඕනි හරිද.. හිහ්..

    ReplyDelete
    Replies
    1. තව ඩිංගෙන් අමතක වෙනවා.... මෙම පුද්ගලයාගේ උපන්දිනය උදේ පාන්දර මුළු මහත් ඔපීසියටම දැන්වීමේ පින ද මට අත් වේවා !!! හිහ්..
      චූටි මැණිකේ අක්කා ඇත්තටම හෙනම අහිංසකයි. අවංකයි. මේ ඇත්තම ඇත්ත.

      Delete
    2. ඇත්තට හුඟක් නෑ පැටියෝ

      Delete
    3. මේ ඇනෝ කියල තියෙන ටික අනික් පැත්ත ගහන්න ඕනැ ඇති නේද?

      Delete
    4. කෑවට හරි නෑ කිව්ව...

      Delete
  29. මේවට උත්තර දීල යන්න එන්ඩෝ........

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියට පස්සෙ මෙන්න ස්‍රංගයගෙ ඔෆීසියෙ කෙල්ලෙක් කොමෙන්ට් රජ්ජුරුවො වෙලා.

      Delete
    2. හිටු එනකං. උදේම ගම කාල එනව මෙතන.

      Delete
  30. සුබ උපන් දිනයක්.... උබ කියන්න තියෙන ඔක්කොම ටික මේ අව්රුද්දේම කියලා දාලනේ

    ReplyDelete
    Replies
    1. නෑ නෑ තව කොච්චර ලියන්න තියෙනවද? හිටුකො ලියන්න

      Delete
  31. ලිපිය කියවන්න පටාං ගන්න කොටම හිතුවෙ ඔහෙත් ලිවිල්ල නවත්තන්නයි යන්නෙ කියලා. ඒ නිසා අග කියවලා හිත හදාගෙන තමයි මැද කියෙව්වෙ.

    කඩ ඉමට සුබ පැතුම්...!

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට බොහොම්පිං. ආයි මං නවත්තයි මේ ලිවිල්ල

      Delete
  32. සුබ උපන්දිනයක් වේවා ..!!!!
    සියලු යහපත් පැතුම් ඉටුවේවා ..!!!
    //වසර දාහතරක ඉතිහාසගත මගේ බුලත්විට කෑම එක තප්තරෙං නැවැත්වූ//
    අනේ මටත් කියල දියංකො කොහොමද එහෙම කලේ කියල ....

    ReplyDelete
    Replies
    1. ඒකත් ඔය දෙයියංගෙ වැඩක් තමා. සාත්තර අහද්දි දෙනෝදාහක් මැද්දෙ බැනල එලෙව්ව “දුප් ගිහිං පඩික්කං කට හෝදං වර.“ කියල. එදා ඉඳං තහනං. කෑවොත් දඬුවං.

      Delete
  33. සුබ උපන් දිනයක් සහෝදරයා, ඔයාට ගොඩක් වටිනා මිනිසුන් රැසක් මේ වසර 30ක කාලයට ඇසුරු කරන්න ලැබිල තියනවා, අනාගතය සුබ වේවා කියා ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. සුභපැතුමට බොහොම්පිං. අර කියාපු මිනිස්සු නිසා තමා මං මෙතන ඉන්නෙ.

      Delete
  34. සුබ උපන් දිනයක්.කාට නැතත් උඹට පඩි ගෙවන මහජනතාවට පිං දෙන එක නම් වටිනවා.මොකද ඔය දොස්තර මහත්තුරු හිතන්නේ ඒ අයට පඩි ගෙවන්නේ මහජනයා නෙමෙයි කියලනෙ.

    ReplyDelete
    Replies
    1. සුභපැතුමට බොහොම්පිං. මහජනයා ගෙවන නිසා නෙවෙන්නං උංදැලා හැමදා දුකේ.

      Delete
  35. සුභම සුභ උපන් දිනයක් යාළු. මමත් හිතුවේ බ්ලොග් එක ඉවරාාායි කියලා.තවත් චිරාත් කාලයක් මේ අවකාශයේ රැඳෙන්න රසවත් නිර්මාණ බිහිකරන්න ඔයාට දිරිය සවිය කාලය ලැබේවා කියා පතනවා. (චුටි මැණිකේ අහිංසකයි. ලස්සනයි.)ඔයාලා දෙදෙනාටම නිදුක් නිරෝගී සුවපත් දිවියක්..!!!

    ReplyDelete
    Replies
    1. සුභපැතුමට බොහොම්පිං. අනේ මේ අපේ ගෙදර උංදැ උඩ නෑර හිටින්න.

      Delete
  36. සුභ උපන්දිනයක් වේවා...
    අර අව්‍යාජ ලියවිල්ල නැතුව මේක පට්ට පාලුයි වගේ.
    දිගටම ලියමු ශ්‍රංග අයියඔබට ජය .... 😂�

    ReplyDelete
    Replies
    1. සුභපැතුමට බොහොම්පිං. ලියන්නං මලේ ලියන්නං

      Delete
  37. සුරංග ගොයියට එන්ට කියාපිය - මෙව්වට උත්තර දෙන්ට කියාපිය
    සුරංග ගොයියට එන්ට කියාපිය - මෙව්වට උත්තර දෙන්ට කියාපිය
    සුරංග ගොයියට එන්ට කියාපිය - මෙව්වට උත්තර දෙන්ට කියාපිය
    සුරංග ගොයියට එන්ට කියාපිය - මෙව්වට උත්තර දෙන්ට කියාපිය
    සුරංග ගොයියට එන්ට කියාපිය - මෙව්වට උත්තර දෙන්ට කියාපිය

    ReplyDelete
    Replies
    1. හුහ්.. අද කොහේ එන්නද සුරංගොයියා.. අද පාර්ටි. කණ සාක්කුවේ දාගෙන ඇති මෙලහකටත්.:D හා නැද්ද බලමු ඩ්‍රැකි අයියා. කොහොම උනත් අර හංසනීව අමතක කරපු එක පවු වැඩේ තමා

      Delete
    2. මල්ලි හරි මල්ලි... මටයි අමතක උනේ. විසිහතර මාසෙයක් ගත වෙලා උදාවෙන සුබ දිනේනෙ...

      Delete
    3. පාටි කොහෙද. රැම්මෙක මලා දෙදාස්ගානක් වියරයි. ලැප්පෙක මලා ඒකත් අබාන්ස් එකේ. උපංදිනේට කිරිබත් ටිකක්වත් හැදුවෙ නෑ. චූටිමැණීකෙත් හෙන දුකෙං ඉන්නෙ “හඥේ මච ඔයාගෙ උපංජිඥේච මොඤවක් හජඤ්ඤ බැලිඋඥා“ කියල. උංදැගෙ හිත හැදුවෙත් බෝම අමාරුවෙං. ඒ හිංද මොන පාටිද.

      Delete
    4. හඥේ...! මචච්ජුකයි...!

      Delete
  38. සැක් බොල පොටෝ එකේ ආලෝකකරණය. චූටි මැණිකෙ දිළීසෙනව තොරණ වගේ...

    ReplyDelete
    Replies
    1. සූරියාලෝකකරණය හෙවත් මුහුදුවෙරලේ කට්ට අව්ව.

      Delete
    2. උඹ චූටිමැණකෙට හෝගාන පොකුණත් පෙන්නුවැයි? බොරු කියන්න එපා. මේ බදුලු ඔය ගාව නේ?

      Delete
    3. මේ කලුවාමෝදර වෙරලේ. දැං බදුල්ලේ උන්නට චූටි මැණිකේ කළුතර දිස්ත්‍රික්කයේ

      Delete
    4. ෂඃ. පංකාදුයි. මං කවදාවත් ගිහිං ඥෑ කලුවමෝදර... යන්ඩ ආසයි.

      Delete
  39. සුභ උපන්දිනයක් ...!!!

    (උඹ ඉපදිලා දවසක් ගියාට පස්සේ තමයි සුභ පැතුම් එකතු කරන්න සිද්ධ වුනේ.උඹ තරහා නෑනේ ඒකට)

    උඹේ හැම ලිපියක්ම බැලුවත් වචනයක්වත් කොමන්ට් එකක්වත් දාන්න නම් බැරිවුනා මචං.ඇත්තම කිව්වොත් කාර්යබුහලත්වය නිසා ඒ වෙලාවත් පාඩුකරගන්න හිතුනේ නෑ මේ දවස් වල.

    ReplyDelete
    Replies
    1. සුභපැතුමට බොහොම්පිං. යමක් උපයාගන්න තියෙන වෙලාවෙ ඒකෙ යෙදෙන්න ඕනැ. බුදුහාමුදුරුවොත් කියල තියෙනව ඒක.

      Delete
  40. Replies
    1. සුභපැතුමට බොහොම්පිං.

      Delete
  41. ශ්‍රංග,

    මට උඹේ email එක දීපන්කො. මටත් ඉන්නවා විට කන එක නවත්ත ගන්න බැරි එකෙක්. උඹෙන් විස්තර අහගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. 0718326433 කෝල් පොජ්ජක්ම ගන්න

      Delete
  42. සුභ පැතුම් ශ්‍රංග, සුබ උපන් දිනයක් වගේම, නොවැම්බර් මස් බ්ලොග් සම්මානය ඔබේ ගංවතුර ලිපියට (හෝ පෙලට) දෙන්නට තීරණය කලා.
    editor@nelumyaya.com එකට මේලක් දමන්න.

    ReplyDelete
    Replies
    1. ඒක ගැන ගොඩක් ම සතුටුයි...! සුභපැතුම් සුරංග...!!

      Delete
  43. සුභ උපන් දිනක් වේවා. ඔය බදුල්ලට් ක්‍රි බදුල්ල කියලත් කියනවා.ඒකෙ තේරුම බදුල්ලට ආපු අය එහෙම පදිංචි වෙනවා කියලයි මම අහල තියෙන්නෙ .
    සමරසේකර

    ReplyDelete
  44. සංජීව මෙන්ඩිස් එල ද බ්‍රා මෙන්ඩා ආගියඅතක් නැත

    බොල්ණයක් ලෙස කපාහැරියානම් අංක 1ද
    නැවතමුදල් පියවාගත්තේනම් අංක 2ද
    ණයට නොදුන්නානම් අංක3ද
    තවමත් මුදල් නොලැබුනානම් අංක 4ද

    e l b හිස්තැනක් අදාල අංකය යොදා 1919 send කර වටිනා ජංගියක් දිනාගන්න

    ReplyDelete
  45. සුභ උපන්දිනයක් සුරංග.

    ඉස්සර වගේ බ්ලොග් කියවන්න තරම් කාලයක් නැති හින්දා පසුගිය සටහන් හැම එකම මිස් වෙලා. හැමොගෙම වගේ)ඒත් ඔබේ සටහන කියෙව්වේ හොඳවෙලාවට.
    මුල අමතක නොවෙන මිණිසෙකුට යන්න පුළුවන් ගමන බොහොම දිගයි. ඒක සුරංග මේ ලියුමෙන් පෙන්නනවා. ඔබට යහපත් අනාගත්යක්ම ලැබෙයි- බහුතරයක් තමන්ට නැගිටින්න උදව් කරපු අය අමතක කරද්දි එහෙම නොවෙන එක්කෙනෙක් හෝ ඉඳීම දැකීමත් හරි සතුටක් සුරංග.
    ආයෙත් ඔබට යහපත් අනාගතයක්....

    ReplyDelete
  46. ශ්‍රංග ,
    දකුණු අත අන්නත්ශ්‍රෝතය දිගේ ඇතුලටම දාලා , මහා බඩ වැලෙන්ම අල්ලලා , බොක්කම එලියට ඇදලා .....වගේ

    ඔබ , ජීවිතයේ සතුට හා දුක දෙකම මැදහත්ව බලන අයුරු අපුරුයි ... අවුරුදු තිහක කොල්ලෙක්නේ ....ජීවිතේ රේස් එක තව ගොඩක් දුරයි .., මුලින්ම හොඳට ෆිට්නස් කරලා තියෙන නිසා ඉතුරු ටික සාර්ථකව දුවන්න ඔබට හැකි වේවි .. සුභ පැතුම්

    ReplyDelete
  47. කාලෙකට පස්සේ මුල අමතක නැති මිනිහෙක්ව දැක්කා...

    ReplyDelete
  48. තමුන්නෙ උපන්දිනයක් වෙනුවෙන්, උපන්දා සිට අද වෙනකං තමුන්ට උදවු උපකාර කල සියල්ලට (එකෙක් නෑර) පිං දුන් කෙනෙක් මට හමුවුනාමයි. රටට වටින කෙනෙක් වගෙයි. සුරංගටත්, චූටි මැණිකෙටත් ලස්සන ආනාගතයක් වේවා!

    ReplyDelete
  49. siyalla hondhin etukara ganeemata haki wewaa...

    ReplyDelete